Tuesday, September 27, 2011

the small monk(අපේ පොඩි සාදු)

සිරිසෝම අයියෙ මොකෝ ඔහේ අර පොඩි හාමුදුරුවන් එක්ක නිකංවත් කතා නොකලෙ...
අනේ මේ යන්න නංගි යන්න..ඕක අර දයාපාලගෙ කෙල්ලත් එක්ක යාලුවෙන්න මනමාල කම් කරල පස්සෙන් පහු ඒක හරිගියේ නැතුව ගිහිං සිවුරක් දාගත්ත..ඔහොම නෙමෙයි අහසින් ආවත් මේ සිරි නෙමෙ ඔය මනමාල සාදුට වඳින්නෙ..ඔහෙල දන්නෙ නැති උනාට මේ ලඟදිත් දයාපාලගෙ ගෙදර ගිහිං බණකියන්න අරං..ඒපාර දයාපාල හොඳින්ම කියල හාමුදුරුවනේ අපිට බණ අහන්න හොඳනම් අපි එන්නම් ආයෙ හාමුදුරුවො මෙහෙ නාවට කමක් නෑ කියල....අපේ මහ එක්කෙනා මැරිල තුන්මාසෙ දානෙට එන්න වාහනේට විතරක් ඕක ගත්ත රුපියල් පන්දාහක්..ඒ පන්දාහෙ හිඟන්නොන්ට මොනාහරි අරන් දුන්නනම් අර මනුස්සයට තව ටිකක් පින්...ඒ අපේ නෑකෙනෙකු මේ ස්වාමින් ගැන දැක්වූ අදහසකි..

හාමුදුරුවෝ ඉන්ද්‍රජෝති හාමුදුරුවන් ලෙස ගනිමු..හාමුදුරුවන් මහණ වෙන්ට පෙර නම කවින්ද ලෙස ගමු..කවින්ද සාමාන්‍ය පෙල සමත් වන්නේ සියලුම විශයයනට විශිෂ්ඨ සාමාර්ථ ගනිමිනි..ඒ කවින්ද වාසය කල පරිසරය සහ ඔහු සිටි පලාතේ තිබු අඩු පහසුකම් කිසිවක් තඹ සතයකට මායිම් කොට නොෙව්..කවින්ද ඒ වෙන විටත් ප්‍රදේශයේ ටියුෂන් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ජනප්‍රිය වී සිටියේය.කවින්දගේ මව සිය තරුණ ජිවිතයෙන් බොහෝ කලක් ගතකලේ විදෙශරටවල බැලමෙහෙවර කිරීමටයි..එනිසා කවින්ද කුඩා කල සිටම සිටියේ ඇගේ ආච්චී පදිංචිව සිටි වෙනත් නිවසකය..එම නිවසේ කවින්දගේ පියාගේ පාර්ශවේ සිටි කවින්දගේ බාප්පා සහ නැන්දලා අවිවාහක අයවලුන් ව සිටි සමයේ කවින්දට බොහෝ සැලකිලි ලැබුණි....
කවින්ද හොඳ ප්‍රථිපල රැගෙන උසස් පෙල ගණිත අංශයෙන් හැදෑරීමට නගරයට එයි.එහිදී වෙනත් නෑදැ කෙනෙකුගේ නිවසේ නතරවන කවින්දට සමින්දි නමැති ලක්ෂණ ගැහැණු ලමයා හමුවෙයින. බොහෝ කෙටි කාලයක් ඇතුලත හඳුනාගත් ඔවුන් දෙදෙනා අතර යම් කිසි සම්බන්ධයෙක් ඇතිවන්නට ඇත..කවින්ද සමින්ද් හමුවන්නට ඇගේ නිවසටද ගොස් ඇත..එවිට කවින්ද නැවතී සිටි නිවෙසට සමින්දිගේ නිවස පිහිටියේ ඉතා සමීපයෙනි.මොවුන් අතර කිනම් ආකාරයක සබඳතාවක් තිබුනේදැයි මා ඇත්තෙන්ම් අද පවා නොදනී..එහෙත් කවින්ද සමින්දි ගේ නිවසට යෑම..සමින්දි ඇගේ පියා වූ දයා අංකල්ගෙන් ගුටි කෑම..සමින්දි ඇගේ මවගෙන් දැඩි ලෙස බැනුම් ඇසීම..අධ්‍යාපනය ට බාදා ඇතිවීම ආදි කිසියම් හේතුවක් මත මුලින් තිබුන කුඩා තරමේ සම්බන්ධය නවත්වන්නට සමින්දි තීරණය කරන්නට ඇත..ඇගේ ඇය අයිති ස්ථරය ගැන තරමක් හොඳින් දන්නා මා ඇගේ එම තීරණය හෙලා දකින්නේ නැත..

මා හට නෑ කමින් කවින්ද පුතා කෙනෙකු වෙයි..කවින්ද නැවතී සිටින නිවසේ සිටියේ මගේ නැන්දා කෙනකි..මා කුඩාකල නැන්දා ගේ නිවසේ සිට මොන්ටිසෝරි ගිය නිසා සමින්දි කුඩා කල සිටම මා දනී..එහෙත් බොහෝ කලකින් සමින්දි මා දැක තිබුනේ නැත...අපේ නැන්දාගේ නිවසේ හෙවත් එවකට කවින්ද නැවතී සිටි නිවසේ යම් කිසි මංගල අවස්ථාවක් යෙදිනි...එවිට කවින්ද යම් කිසි ආකාරයක සමින්දිගෙන් ස්ථිර වචනයක් බලාපොරොත්තුවෙන් සිටි සමයයි...මා එවිට මේ පෙම් පලහිලව්ව යම් තරමකින් කණ වැකී තිබුනත් කිසිදු ආකාරය ක දැන් පවතින තත්වය අවබෝද කරගෙන තිබුනේ නැත..
සමින්දි මුලින්ම මා දකින විට සිටියේ අපේ ඥාති සොයුරකුගේ කුඩා දුවනියක වඩාගෙනය..චූටි දුවනිය මා දුටු වනම ඉන්දි බාප්පා කියා කෑගසන්ට විය...එවිටම සමින්දි මා දෙස බැලුවාය..මාද ඇය දෙස බැලීය..ඇය සතුව ඇත්තේ දුඹුරු පැහැගත් අලංකාර ඇස් දෙකකි..යොවුන් වයසේ සිටි නැවුම් මලක් මෙන් අලංකාර නෙත් යුවලකින් සහ මුහුනකින් හෙබි ඇය දුටුවන්ගේ නෙත් පිනවන මනා ලක්ෂණ තරුණ කාන්තාවක් විය..චූටි දුව සමින්දි අතින් මගේ අතට පැන්නත් අපි දෙදෙනාගේ නෙත් ඒ කිව්වේ සමි සහ මගේ දෙනෙත් එකට ගැටෙන්ට කිහිප වාරයක් සමත් විය..ඉන්පසු එම මගුල් ගෙදර තුල කිහිප වතාවක්ම මට ඇය හමු විය.අමාරුවෙන් ප්‍රශ්ණ මාලාවක් හදාගෙන ගියත් මට ඒ ප්‍රශ්න ඇගෙන් ඇසිය නොහැකි විය..
නංගි බයෝද?/
ඔව්..අයිය මැත්ස් නේද ?.
හුම්...
ඒලවෙනි දෙබස් කන්ඩයයි...
ඔයා දොස්තර කෙනෙක් වෙන්න ආසයිද??
නෑ එහෙම්ම නෑ..ඒත් මං මැත්ස් වලට ආස නෑ...
ඔයා දොස්තර කෙනෙක් වෙන්න මං එන්නම් පර්මනන්ට් ලෙඩෙක් වෙලා...
ඒ මගේ පලමු ගොන් ජෝක් එකයි...ඇය සිනාසුනි..මාද සිනාසුනි..
එහෙත් අප දෙදෙනා තුල ම ගොඩනැගෙමින් තිබූ අමුතු හැඟීම් සමුදාය මේ කතා වැඩිදුර ගෙනියෑමට අපහසු බවක් ඇතිකලේය..
ඉන්පසු ගුරුවරු පන්ති ස්කෝලෙ ගැන කතාකලේය.එහෙත් ඒ හැමවිටම කතාව දිගට යන්නේ නැත...අතර මග නවතී...
එහෙත් එකක් මට වැටහුනි...මට මෙන්ම ඇයටද මා යම්කිසි විදියකින් බැඳී ඇත..එය අර කුඩා කල කුමාරයාට පෙම්බඳින අහිංසක කුමාරිය ගේ කතා තරම්ම අපිදෙදෙනාට සමීප විය..එතරම් කෙටි කලක්තුල අප දෙදෙනා බොහෝ ඈතට ගිය බවක් දක්නට තිබුනි..අපි දෙදෙනාගේ කතාව බලා සිටි කිහිපදෙනෙක්ම ඒ බැව් අප විසින් කෙතෙක් සඟවාගත්තත් යමක් ඇතිබව සොයාගෙන ඇත..
සමින්දිගේ මව්පියන් මගේ මව්පියන්ද බොහෝ කල් සිට දන්නා අයවලුන් වීම්ත් ඇය හා මා කුඩාකලමිතුරන් වීමත් අප ගැන ඇති සැක මදක් තුනීකරන්නට හේතු වන්නට ඇත..එහෙත් සියල්ල ස්කෑන් කරගෙන සිටි අපේ පුංචි අම්මා කෙනෙක්නම් "බොලා දෙන්න අතර අමුතු හොරයක් තියෙනව..කොතන ගියත් එයා මෙයාට පේන්නම තමා..."යැයි මා සමඟකීවේය..
මෙය මෙසේ සිදු වූ අතර සමින්දි ගැන සොවින් තැවුනු අපේ කතානායක කවින්ද ඒ මගුල් ගෙදර කඩේ යෑමේ කටයුත්තක පූර්ණ කාලින්ව නිරත වූ නිසා අප අතර පෙනෙන්නට සිටියේ නැත..කවින්ද සමින්දිත් මට වඩා බාල අවුරුද්දකිනි..එබැවින් කවින්ද මට නම කියා කථාකරනු මිස කිසිවිටෙක නෑ කම් නොකියයි..
මේ අතර සවස් භාගයේ මට වෙනත් කඩේ යෑේම වැඩක් පැවරුණි...එනම් මගුල් ගෙදරට සෑදු කේක් එකක් බේකරියේ සිට රැගෙන ඒමයි...මා කේක් එක රැගෙන එනවිට සමින්දිත් කවින්දත් සිටියේ එකලග පුටු දෙකක් මත වාඩි වී සෝ බර මූඩ් එකක් දාගෙනය...මා ගොස් වෙනත් මාතෘකාවක් ඇද එම ප්‍රස්තාවේ තිබු සිරා ගතිය නැතිම කර අවුල් කරන ලදී..
එහෙත් රාත්‍රි භාගයේ කර්ටන් සැකසීමේ කටයුතු වලට මා සමඟ එකතු වූ සමින්දි තුල යම්කිසි වෙනසක් වී ඇතිබව මට තේරුණි..එහෙත් අපි දෙදෙනා යලිත් පෙර පරිදිම සිනාසෙමින්..විහිලු කරගනිමින් ඒ කටයුත්ත නිම කලේය..පසුදිනත් අප දෙදෙනා යලිත් හමුවූ මුත් මටතිබු දහසක් රාජකාරි මැද අපිට චැටක් දැමීමට අවකාශ නොවීය..තවත් කරුණක් වූෙය් පැමිණ සිටි නැයින් රෑනයි..ඔවුන් මැද සමින්දි හා කතාකරනවාය කියන්නේ දැන් ඉතින් ඉන්දිට අපි පේන් නෑනේ ආදි කතාන්දර හදා ගැන්මේ මාර්ගයකි...
නමුත් එකක් ස්තිර විය.එනම් මා හා සමින්දි යනු කවින්ද හා සමින්දි වලට වඩා ගැලපෙන යුගලයක් ලෙස සමින්දි විසින් දකින්නට ඇති බවයි...කවින්ද හමු වීම හිතුමතාම හෝ වැරදීමකින් හෝ මගඅරිනු මා කිහිප විටක් සමින්දිගෙන් දුටුමි..

ඉන්පසු මා හට ක්ලාස් කීපයක්ම අතර ඇති විවේක වල සමින්දි හමු විය..ඒ බොහෝ අවස්ථාවල ඇයත් මාත් දෙස අප දෙදෙනාගේම යහලුවන් බැලුවේ වෙනස්ම නෙතකිනි...එහෙත් අපි දෙදෙනා එවන් ප්‍රේම කතාවක් ගැන කතාකරන්ට මා බියවිය...නැතිනම් කල්දැමීය...මා බොහෝ විට සිතුවේ මා ඇගේ අයියා කෙනෙකු නිසාත් අප පවුල් කුඩා කල සිට දන්නා නිසාත් අප අතර වූ බැඳිමක් බවයි..එහෙත් එයින් එක් දෙයක් නම් සිදුවිය..එනම් කවින්ද කැපී යෑමයි..
මා සමින්දි ගැන එතරම්ම බැසගත් නිගමනවල නොසිටීමට තවත් හේතුවක් වූෙය් ඇගේ පියා සතු දැඩි ගතිගුනයි..පෙර වතාවේ කවින්ද හා කතාවක් සැදුනු වෙලාවේ සමින්දි සිය පියාගෙන් දැඩි ලෙස පහර කෑබවක් මා අසා තිබුනි...

අපි කැමති අකමැති කෙස් උවත් අවසන බෝ සෙයින් ඛේදජනක විය..එදා මගුල් ගෙදරදී කැමැත්ත ඇසූ කවින්දට සමින්දි කෙලින්ම අකමැති යැයි කියා ඇත..ඉන්පසු කවින්ද ව සමින්දි විසින් තඹ සතේකට ගනන් ගෙන නැත..ඒ අවස්තාවේ මේ කවින්ද සිය පියා හමුවට ගොස් මහණ විම්ට අවසර ඉල්ලා ඇත..ඉන්පසු ඔහු කලක් අරන්‍යගතව සිට ඉන්ද්‍රජෝති ලෙස මහණ විය..

එකල සමින්දිට බෝවෙන රෝගයක් වූ පැපොල සෑදිම නිසා ඇය සති කිහිපයක් නෑවිත් සිටියේය..එහෙත් පසුව ඇය දකින විට මුලින් ඇග් මුහුන සහ සරීරයේ තිබු සිරියාවෙන් බොහෝ දේ ගිලිහී තිබුණි..මඳ සිහින් සිරුරක් වෙනුවට ඇයට තරමක් තරබාරු සරීරයක් සහ ලප කැලල් විසල් ගණනක මුහුනක් එකතු වී තිබුණි..
ඇය සතු මුලින් වූ  පියකරු බව ඉන්පසු මා කිසිදිනෙක යලි ඇගෙන් දුටුවේ නැත...එසේම කවින්දගේ අභිනිෂ්ක්‍රමණය ඇය වෙත දසතින් දෝෂාරෝපන ගෙන එන්නට සමත් වී තිබුණි...
කවින්ද ඔහුට අවැසි බොරු විමුක්තියක් සොයා ගියමුත් අවසන තනි වූ මේ අංගනාවට ගෙන ආවේ ගමෙන්,නෑයින්ගෙන් සහ යාලුවන්ගෙන් බැනුම් පමණි..
මා අයිති වූ පන්ති ගණන වෙනස් වූ නිසාත් කාලයත් සමඟ අපේ ගෙදරින් ලැබුන විභාග පීඩන නිසාත් මට ඇය දකින්ට ලැබුනේ මාස 2කට පසුවය..
එදා ඇය මා හා සිනාසුනේ සිනා නොවී බැරිම කමකට මෙනි..මෙලොව වෙන බොහෝ දේ ගැන කිසිත් ගැන ඔලුවට නොගෙන සිටි මට කවින්ද මහණ වීම හැර ඉතිරි කාරණා මීටරවූයේ පසුවය..

කෙසේ හෝ සමින්දි එසේ මාස 2කට පසුව හමු වූ දින මා සමඟින් පෙර පරිදි සිනා සුනානම් ප්‍රතිපල වෙනස් වන්නට තිබුනි...

එවිට ප්‍රථම ප්‍රේමයක අමිහිරි මතක අතර සිටි මා සිතුවේ සමින්දි පලමුව කවින්ද ඉන්පසු මා සහ එවිට වෙනත් කෙනෙකුන් සොයා ගෙන ඇති බවකි...එහෙත් පසුව ඇයට දෙවැනි වර තුන්වෙනි වර උසස් පෙල පන්ති ගියත් ඇය පසුපස කෙතරම් කොල්ලන් පැමිණියත් ඇය පෙම්වතියක් නොවු බව මා දැනගත්තේ බෝ පසුවය...ඇය මාලග එවක තිබු සෙල්ලක්කාර කම නිසා ඇති අවිශ්වාස කම හැර වෙනත් කිසිම දෙයක් මා ගැන කියන්නට නැති බවද මා ගැන පවසා තිබුණි...

එහෙත් ඒ සියල්ල මට ආරන්චි වනවිට කාලය බෝ ඈතට පියඹා ගොසිනි..එකල ප්‍රථම ප්‍රේමයේ අලුයට ගිනි අතර සිටි මා එකවරක් ගැහැනු ලමයෙකු අහක බැලීම විශාල දෙයක් කොටගන්නට ඇත..ඇයද මා වෙනස් වීයැයි සිතන්ට ඇත..

කවින්ද දැන් ඉන්ද්‍රජෝති ස්වාමින් වහන්සේ ලෙස ජනප්‍රිය ස්වාමින් වහන්සේ කෙනෙකි....
සමින්දි දැන් හෙදියක ලෙස මූලික රෝහලක සේවය කරයි.....
මා නමගිය ආයතනයක නම නොයන පෝස්ට් එකක සිටී...

මට මෙය මතක් වූයේ පසුගියෙ දිනෙක පෝයට අප ආයතනයේ තිබු බණ වැඩසටහනකට ඉන්ද්‍රජෝති හිමි පැමිණ තිබු බැවිනි..වෙනත් කෙනෙක් විසින් ලබාදුන් ඒ ස්වාමින් වහන්සේගේ බණ පොතක තිබූ නම ගම මගිනි මා එය දැනගත්තේ...

මෙහි නම් ගම් පමණක් මනංකල්පිත වන අතර දැනට තරමක් ජනප්‍රිය අඩියක සිටින මේ ස්වාමින් වහන්සේ දැනට දන්නා හඳුනන කිසිවෙකු මෙවන් කතාවක් නොදන්නා නිසා අවුලක් නැති බව සිතමි...


4 comments:

  1. ස්තූතියි ඔබට...

    ReplyDelete
  2. තවත් ජීවිත තුනක්.....
    ලස්සනට කතාව ගලාගෙන ගියා අයියෙ....!!!

    ReplyDelete
  3. අපොයි.... කවුරුහරි නිවං ගියත් කොනක ගෑණියෙක් ඇති...

    ReplyDelete