සිටු කුමාරියේ ටුවින්,.ඔබට
සීතල අගුනයි ටුවින්...වේල්
පටින් මිදුන දාක වැහිපිනි
අපලයි ටුයින් ටුයින් ටුයින්....මේ
එන්නේ ඩෝප් කාරයෙකි..
ඇවිත් පොදු වැසිකිලිය අසල නවතී...සරස් ගා වැසිකිලිය ඇතුලට යෑමට තැනුවත් වැසිකිලි අයකැමි දෙමල මිනිහා එයට ඉඩ නොදිනි..මහත්තය කලින් සල්ලි දෙන්න..දැන් දවස් දෙක තුනක්ම මහත්තය සල්ලි නොදී යන්න හැදුවෙ ...අද නම් ඒව වානා...සල්ලි කලින් වැඩේ පස්සෙ...
ඇවිත් පොදු වැසිකිලිය අසල නවතී...සරස් ගා වැසිකිලිය ඇතුලට යෑමට තැනුවත් වැසිකිලි අයකැමි දෙමල මිනිහා එයට ඉඩ නොදිනි..මහත්තය කලින් සල්ලි දෙන්න..දැන් දවස් දෙක තුනක්ම මහත්තය සල්ලි නොදී යන්න හැදුවෙ ...අද නම් ඒව වානා...සල්ලි කලින් වැඩේ පස්සෙ...
දෙමල මිනිහාගෙන්
ඩෝප් කරුට ගැලවිල්ලක් නොවෙන
බවක් දැනුනි....
රාත්‍රී බස් රියක්
එනතෙක් කොළඹ සිට පැමිණ බැස
සිටි මඟීන්ට වේදිකා නාට්ටියක්
මෙන් විය එම දසුන..වැසිකිලි
අයකැමිගෙත් ඩෝප්කාරයාගේත්
කතාවේ කිසිදු අඩු නාදයක්
නොවීය..දෙදෙනාම
වීදි නාට්ටියක මෙන් මහ හයියෙන්
කෑ ගසා ගනිති..මොකද්ද
මාතියා කලිසමටත් ලැජ්ජයි
නේ..රුපියල්
දායක් නැත්තං නෑ කියන්න..හැමදාම
මාරු නෑ පස්සෙ බලමු කියල යනව..ඒ
මදිවට කට ගොන්නක් බීගෙන කෙලින්
ඉන්නත් බෑ...
ඩෝප්කාරයා අත්
දිග කමිසයකින් සහ මදක් වැහැරුන
අවුරුදු 60ක
පමණ වයසක් පෙන්වන මනුෂ්‍යයෙකි...වෙන
බලන්ට හෝ කරන්ට යමක් නොවූයෙන්
මාද එම දසුන දෙස බලා සිටියෙමි
මුල සිටම..
ඩෝප් කාරයා පැමිණියේ
වීල් එකෙකිනි..වෙරි
මට මොන වෙරිද ෂහ් මට තාම කෙලින්
ඉන්න පුලුවං ඔව් ඔව් ඕව්...කිසී
අවුලක් නෑ...කියමින්
කවරෙකු විසින් හෝ මේ බස් නැවතුමට
ඩෝප් කාරයා ගෙනැවිත් ඇරලුවේය...ආ
වෙලාවේ අවුලක් නැතුව සිටියත්
ස්වලුප වේලාවක් ගිය පසු සෙමෙන්
ඉනෙන්, අඩකටත් වඩා හිස්වුන
අරක්කු බෝතලයක් පැන්නේය..මල්ලට
අතදමා යමක් ගෙන හපයි..මට
පෙනුනේ ඒ ක්‍රීම් ක්‍රැකර්
වගේය..ඉන්පසු
සෙමෙන් වටපිට බලා බෑගය කටේ
දමාගනී..දුර
සිට බලන්නෙකුට මොහු බෑගයේ
ඇති යමක් සොයනවා සේ පෙනේ..නමුත්
ඔහු කරන්නේ ඉනතුල වූ බෝතලය
බෑගයට ගෙනගොස් බෑගය කටතුලට
දමාගෙන සීරුවෙන් බෝතලය හිස්කර
ගැන්මකි...
බෝතලය හිස් වන්ට
වන්ට පොරගේ සෛය්‍යාව වෙනස්
වන්නට විය...වරෙක
සකල සතම බොදු බැතියෙන් ඉඳහිට
කරන මහ සද්දෙන් කෙල ගැසීමක්
සමඟ මොහිදීන් බෙග් එයි..පද
තුන හතරක් අදිමින් වේදිකා ගත
කරන බෙග් උඩම කපුගේ පනී..තව
ජෝති මිල්ටන්ද ඩෝප් ඩී ජේ එකේ
විය...වෙනදා
මෙතැන පොලිස් කරුවන් දෙදෙනෙකු
සිටියත් අද දින ඔවුන් දෙදෙනා
පෙනෙන්නට නැත..බාගෙදා
ඔවුන් ද බාර් එකක විය හැක...
“යකෝ සරීරෙන් දාන
මුත්තර ඩිංගටත් මුං දහයක්
ගන්නව නොදකින් පෙරේතය..”
දැං උඹ කියන විදියට සල්ලි
නැත්තං මුත්තර බරක් හැදෙන්න
බෑ...දහයක්
නැති එකෙක්ට මුත්තර බරක්
හැදුනොත් දහය නැති නිසා මුත්තර
දාන්න බෑ..
ඒ වෙරිකරුය...මහත්තය
පව් නොදී ඈතට වෙන්න තව අනික්
අයට වත් යන්න දීල...
යනව තමයි බොල තොගෙ
ලැට් එකේ මකබෑවෙන්න ආවෙ නෑ
මං...කියා
වෙරිකරු ඈතට ගියේය...
යලි ස්වලුප වේලාවකි්න්
ආවත් ඔහුට යන්නට බැරි විය...ඒ
පරුෂ වචනයෙන් සංග්‍රහ ලැබූ
වැසිකිලි අයකැමි තෙමේ මඳක්
කිපී සිටිනිසාය...හරි
මාත්තය දැන් අපිනේ දාය ගන්නෙ
මහත්තය නිකම් තියෙන තැනකටම
යන්න...
ඉන්පසු වෙරිකරු
මඳක් ඈතට ගියේය..ඔන්න
බලපන් තොට දහයක් වටින මගේ චූ
පාරට මොකද්ද වෙන්නෙ කියල
..කියා මොරදුන්
වෙරිකරු සැනින් සිපර් එක ගලවා
වැසිකිලිය දෙසට හැරී මහ පාර
මැද මුත්තරා කරන්ට සැරසුනේ
බස් හෝල්ට් එකේ සිටි සියලු
ගැහුනුන්ගේ සහ ලැජ්ජා සහිත
පිරිමින්්ගේ මුහුනු අනෙක්
පස හරවමිනි..එහෙත්
බස් හෝල්ට් එකේ සිටි පොඩි
එකෙක් මව විසින් කඳ කොටස්
අනික් පස හරවා තැබුවත් ඔලුව
යොමාගෙන සිනමා පටයක් මෙන්
මෙය නරඹමින් සිටී...
ඔහොම හිටපන් වල්
පරය....කියමින්
වෙනදා මෙතැන සිටින කාකි කුට්ටන්
දෙක දඩස් ගා සීණ් එකට පැන්නේය...දඩාස්
ගා කනේ පාරකින් සංග්‍රහ ලැබූ
වෙරිකරු කලිසම අල්ලාගෙනම බිම
ඇදගෙන වැටුනේ ට්‍රෝයි ෆිල්ම්
එකේ කඩුපාර කාගෙන ඇදවැටී මැරෙන
කුමාරයා පරිද්දෙනි..
කවුදෝ කෙනෙක්
ඉදිරිපත් විය..හරි
හරි දැන් ...මෙයා
මම දන්න කෙනෙක් මං ගෙදෙට්ට
ගිහිං දාන්නම්..කියා
ඉදිරිපත් විය..
ඉන්පසු වීල් එකක්
ගේන්නට අවැසි විය..මෙතෙක්
වේලා වීරසේකර කෙනෙකු මෙන්
ලෝකෙටම ඇහෙන්ට කෑ ගසමින් සිටි
වෙරිකරු ඇදවැටුන ආකාරය ගැන
මටද ඇත්තම කනගාටුවක් පහල
විය...මා
අත්පුඩියක් ගසා වීල් එකකට
කතා කරගෙන එතැනට ගියේ..මේ
මනුෂ්‍යයා සාමාන්‍යයෙන් පාරේ
නිදන කෙනෙක් නොවන්නට ඇති බවට
තිබූ විශ්වාසය නිසාය..
උඹල දැන් ගැහුව
නේ කටු කන බල්ලො...දීපන්
මට යන්න ඕකොන්ගෙ හකු තැලෙන්න
දෙකක් ගහල එන්න..ඒ
වෙරිකරුය..ඒ
ඉදිරිපත් වූ පුද්ගලයාත් මමත්
ඔහු ඔසවා ත්‍රි රෝද රියට
නැංවූයෙමි..ඉන්පසු
වෙලාවට ඉදිරිපත් වූ පුද්ගලයා
මේ මිනිසාගේ නිවෙස දන්නා
කෙනෙකි..මමද
ගොස් වැඩි ඈතක නොවූ රුපියල්
සීයක ත්‍රිවිල් දුරක පිහිටි
ඔහුගේ නිවෙසට ඇරලවා පැමිණියෙමි...තේ
වතුර ටිකක් බී යන්ට කීවත්
රාත්‍රි බසය මිස් විය හැකි
බැවින් මා ද අර කී පුද්ගලයාද
පැමිණියෙමි යලිත් බස් නැවතුම
වෙත...එන අතර
ඒ කවුද කියා ඇසූ පිලිතුරට...අනෙකා
මගේ පරණ සර් කෙනෙක් කීවේය..කතාකරන්ට
කිසිදු උනන්දුවක් පිලිතුරේ
නොවූ බැවින් මා නිහඩව සිටියෙමි...
සතියක් දෙකක්
ගතවිය..යලිත්
දිනෙක මට වෙරිකරු හමුවිය..ඔහු
නමින් සෑම් විය..මා
හඳුනාගෙන පැමිණි ඔහු මහත්තයට
ගොඩක් පින් අර අලුකුත්තේරුවො
දෙන්න මාව රිමන්ඩ් කරනව මහත්තය
නැත්තම්..යැයි
කීය...ඒ සිද්ධියේන
පසුව ඔහුගේ බීම නැවතුනි
නොවේ..එහෙත්
ඉන්පසු සිය සීමාවට පමණක්
ගැනීමට සෑම් මහතා යොමුවිය...
රුපියල් සීයක
ත්‍රිවි්ල් දුර උවත් කි මී
4-5ක දුරක් වූ
බැවින් බස් එකේය සෑම් මහතා
ගෙදර යන්නේ...
ඉන්පසු මගේ මිතුරකු
වූ සෑම් මහතාගේ ජීවිත කතාව ම
නැතත් සුවල්පයක් ඉතා ලක්සන
ඛෙිදවාචකයකි..
මං ඉස්සර දක්සම
කොල්ල පන්තියෙ...අපේ
අප්පගෙ පවුලෙ ඔක්කොම කොල්ලො
8යි ..කෙල්ලො
3යි..මට
තමයි හොඳටම ඉගැන්නුවෙ...පවුලෙන්.
මට ඉංග්‍රිසි කියවන්න
ලියන්න පුලුවන් පුංචිම කාලෙ
ඉඳල..ඒ කාෙල
අද වගේ හැමතැනම කලිසං කාරයො
නෑ..ගමටම
හිටිය තුන්වෙනියට කලිසං ඇඳපු
කෙනා මම..අපේ
අයියල මල්ලිල නංගිල ඔක්කොම
හිතන් හිටියෙ මම ලොකු දිසාපත්
හරි ඉස්කෝලෙ මුල් ගුරු හරි
වෙයි කියල...ඒ
කාලෙ ගෙදර හැමෝටම උගන්නන්න
අපේ අපුච්චට සල්ලි තිබුනෙ
නෑ...
ඒ කාලෙත් ජොබ්
දුන්නෙ පක්ෂෙ බලල...අපි
ශ්‍රි ලංකා එකට වැඩකරපු කට්ටිය
කියල මට රස්සාව ලැබුනෙ නෑ..පස්සෙ
තාත්ත මන්ත්‍රිතුමා හම්බුවෙන්න
ගිහිං යන්තන් පක්ෂෙ මාරු කලා
කියල මට ජොබ් කාඩ් එක ගත්තෙ..මට
පත්වීමෙ ලිපිය එනව මෙහෙ උපතැපැල් කන්තෝරුවට..ඒත්
මට කවදාවත් ඒ ලිපිය හමු උනේ
නෑ..එහෛනම්
මම නිකං ඉංගිරිසි ටියුෂන්
දෙන ලේකම් මහත්තයෙක් නෙමෙ...අද
වෙනකොට ප්‍රින්සිපල් කෙනෙක්..සමහර
විට ඒ ලියුම හංගල..නැත්තං
ගමේම එකෙක් ලියුම අරගෙන මට
දුන්නෙ නෑ..ඉස්සර
අද වගේ කෝල් නෑ.මැසේජ් නෑ ලියුම නැත්තං දැනගන්න හැතැම්ම ගානක් යන්න වෙනව වෙන යාලුවෙක් හොයා ගන්න.පස්සෙ
මට වඩා අඩු ප්‍රථිපල තිබුනෙ
එවුන්ට රස්සා ලැබුන.. මම හොඳම
ප්‍රථිපල අරන් පාරට උනා...
මං මේක කිව්වම අපේ
කොලීජියෙ ලොකු මහත්තය බොහොම
දුක් උනා....ඒත්
මට ඒ රස්සාව නොලැබුනත් ලොකු
තැනකට යන්න තිබුන ඔය කොලිජියෙ
අමරසිරි ලොකු මහත්තය හිටියෙ
නැත්තම්....මං
ඉගෙනගන්න කාලෙ මේ වටේම පොල්
වතු..ඒත්
එහෙමත් තැනක තමයි රා හදන්නෙ..මේ
අමරසිරි ලොක්ක දවසක් බෝම
රහසින් මට කියනව අර කන්දෙ
ලියැද්දෙ සයිමට කියල යාලුවෙකුට
කියල රා මුට්ටි බාගයක් අරන්
එන් බැරිද බොට...මං
මේ හැම එකාටම කියන්නෙ නෑ තෝ
ඉතින් හොඳ එකා නිසා කියන්නෙ...ඉතින්
රා ගේන්නේ ලොකු මල්ලක දාල
නොපෙනෙන්න..රා
ගේන්න කැටයකුත් තිබුන මහත්තය
ලඟ ඔය කැටේට ගේනකොට මට දවසක්
දෙකක් ගියාම මේක බිල බලන්න
ඕනි කියල හිතුන....
එදා බිව්ව බීම
තාමත් එහෙමමයි...හැමදාම
හොරාට සුට්ටක් බිව්ව..පස්සෙ
මම සල්ලි දීලත් බිව්ව...රස්සා
ව මට ලැබුන් නෑ කියල දැනගත්තම
මං රා මුට්ටියකටම වගකියල ගෙදර
ගියා වැනි වැනි..එදා
මාව අපේ අපුච්චා කෝටුමස්කොලා..අනික්
උන්ට කන්න තියෙන සල්ලි වලින්
තොට ඉගැන්නුවම තෝ අපිට පේන්න
මේව තමයි කොරන වීර වැඩ..සයිම
ලඟට යනව කිව්වම මම යන්තං වත්
විශ්වාස කොරේ නෑ..සෙහ්
තොපි හැදුවට වඩා හොඳයි බන්
මී හරක් බානත් ගත්තනම්....ඒ
අපේ තාත්ත...
ඉන්පසු සෑම් අංකල්
ගෙදරින් ගොස් වෙනතැනක සුලු
රැකියාවක් කර ඇත..එහෙත්
කට ගොන්නක් බී ගැනීම නිසා
කෙතෙක් මුදල් ලැබුනත් සෑම්
නම් අදත් එතනය..
එල කතාව
ReplyDeleteමිනිස්සුන්ගේ ජීවිත තමා ඔය...
ReplyDeleteසමහරුන්ට මත්පැන් අමෘතය වගේ වෙනව බොන්න ගත්තම
ReplyDeleteකොහොම වුණත් දැන් චූ කරන්න රුපියල් දහයක් ගන්න එකනම් අන්ත අසාධාරණයි. ඒ අසාධාරණේට කතා කරන්නෙ බීපු මිනිහෙක් විතරක් වීම කරුමයක්.
දුකයි....
ReplyDeleteචූ කරන්න රු 10ක් ගන්න එක ගැනත්., මිනිස්සුන්ගෙ ජීවිත දියවෙලා යන හැටි ගැනත් පට්ට දුකයි...
පට්ට දුක කතාවක්...10ක් ගන්න එකත් පට්ට දුකකතාවක්...
ReplyDeleteසික් චූ කරන්න දැං රුපියල් දහයක් ගන්න්වද බං??? පට්ටම වැරදියි...
ReplyDeleteබොන එක ගැන මුකුත් නොකියා ඉන්නම්.............
මම අද හෙටම ඔය කොළඹ මිනිස්සු ගැවසෙන තැනක පොඩි ඉඩම් කෑල්ලක් අරන් ටොයිලට් එකක් හදාගන්නවා.
ReplyDelete"සිටු කුමාරියේ ටුයින් ටුයින් ටුයින්" music එක තමයි ලස්සනම. වැසිකිලි වලට මුදල් ගෙවීම ආරම්භ කිරීමට එක හේතුවක් වුනේ මම හිතන විදියට අපේ අය කලින් ඒවා පාවිච්චි කරල අපායවල් කළ නිසයි. ඒ කාලේ ඔයවගේ පොදු වැසිකිලියකට යනව තියා හිතන්න වත් අමාරුයි. ඒ තරමට අපිරිසිදුයි. පස්සෙ ඒවා පිරිසිදු කරන්න අය යෙදුවා. ඉතින් ඒ පිරිසිදු කිරීම වෙනුවෙන් ඒ අය මුදලක් අය කරන්න පටන් ගත්තා. ඔය කියන දෙමළ මනුස්සය ජීවත්වෙන්නෙ ඒ ආදායමෙන්. එක වාරයක් වෙනුවෙන් අය කරන මුදල වැඩි වුනත් ඒ මුදල ගෙන තමයි ඒ මනුස්සයා දවස පුරා එතන පිරිසිදුව තබාගෙන ඉන්නෙ.
ReplyDeleteමැණික්
රුපියල් 10 නම් වැඩියි. 5 ක් නම් ශේප්.
ReplyDeleteසමාජයේ තවත් එක චරිතයක්.... මොනව කියන්නද මන්ද
නියම ගාන රුපියල් 7-8ත් අතර ගානක් ඒත් ගොඩ්ක් අය 10ම දෙනව..ඉතින් ඉන්න කෙනා ටික දවසකින් හිතනව 10 තමයි ගාන කියල..
ReplyDeleteවැසිකිලි මම දන්න විදියට ටෙන්ඩර් ක්‍රමේකට තමා දෙන්නෙ ..පිරිසිදු කරන්න..
ගොඩක් බස්නැවතුම්වල තියෙන නව වැසිකිලියෙ දොරවල් වත් හරියට නෑ..පුපුරල..
ඒත් සල්ලි ගන්නව..
අපි දෙන 5-10ට සේවය හරියට නොලැබුනොත් කාවද කන්ටැක් කරන්න ඕනි...
සල්ලි ගන්නව සල්ලි ටික සාක්කු වලට යනව එච්චරයි..අපිත් උන් ඉල්ලන පලියට දෙනව..