නුවර දුම්රිය මගෙහි ලස්සන වස්සන පරිසරය තව කෙතරම් කාලයකටද??
අප ගිය සතියේ සෙනසුරාදා දින චාරිකාවක් ගියෙමු..කඩුගන්නාව නගරයට ගොස් එතැනින් දුම්රිය මග ඔස්සේ අපි ඉහල කෝට්ටේ වෙත ලඟා වුනෙමු...
ආරම්භය..
අප ආරම්භ කලේ කොටුවෙනි කඩුගන්නාවට යන්නට පහයි පනස් පහට යන දුම්රියට නැග්ගෙමු..සිතූ සේ හිටගෙනම ගමන ආරම්භ කලෙමු දැන් අඩුවෙයි අඩුවෙයි කියා සිටියත් දුම්රියේ සෙනඟ නම් අඩුවීමක් නොවීය..නිවාඩු දිනක් වීම සහ පාසැල් නිවාඩුවේ අවසාන භාගය වූනිසා තදබද ය පැවැති බව මගේ මතය වෙයි.මෙවන් මඟීන් වැඩි අවස්ථාවල ක්ෂණිකව දුම්රියේ පෙට්ටි වැඩිකිරීම හෝ නව කාලසටහන් අනුව දුම්රිය ධාවනය කිරීමක් නම් අප රටේ සිදු නොවේ..එහෙත් නවසීලන්තයේ නම් දුම්රිය සේවයම මඟීන් මත පදනම්ව ඇති අතර මඟීන් වැඩි අවස්ථාවල දුම්රිය වල ධාරිතාවය සහ දුම්රිය ගණන ඉබේම වැඩිවෙන ආකාරයට කාලසටහන් සකසා ඇත..මෙහි දි මුහුනපාන විශාලම ගැටලුව නම් මඟීන ්ගණන කලින් නිමානය කර ගැනීමට නොහැකි වීමයි..අර ඊ චැනලින් ක්‍රමයට නවලෝකයේ දොස්තර මහතෙකු චැනල් කරන ආකාරයට අපිට දුම්රියේ ආසන වෙන් කරගැනීමේ හැකියාවක් තිබුනේ නම් අමතර දුම්රිය මැදිරි කලින් එක්කර ගැන්මේ පහසුකම දෙපාර්ථමේන්තුවට ලැබේ..එසේ තිබුනි නම් මඟීන් විශාල ගණනක් සිටීනම් නව දුම්රිය එක් කිරීමටත් අන්තර්ජාලයේ නිරන්තර යාවත්කාලීන වන දුම්රිය කාලසටහනට එම දුම්රිය ඇතුලත් කිරීම්ත් කල පහසුවෙන් කල හැක. එසේම මඟී ජනතාවට පෝලින් වල වරු ගානක් සහ බලු පොරයක් මෙන් වන තදබදයෙන් දුම්රියට නැගීමේ වෙහෙසකර අත්දැකීම් වලින් මිදී දුම්රිය අසුනක් වෙන්කර ගැන්මට හැකි වනු ඇත..අපි සැට් එක විසි හතර පැනපු නවයොවුන් තරුණයන්ගෙන් සමන්විත වූ නිසා දුම්රියේ හිටගෙන යෑමනම් අපට කිසිදු වදයක් නම් වූවේ නැත..
පටන් ගැන්ම....
ගමනේ ආරම්භය සනිටුහන් වූයේ කඩුගන්නාව දුම්රිය ස්ථානයෙනි..සුවිසල් ඩෝසන් කුලුන අපිට දර්ශනය විය..එම අවස්ථාවේ පැවති වැසිබර කාලගුණ තත්වය නිසා අපට ඩෝසන් කුලුන වෙත යෑමට සිතක් පහල නොවීය..ළඟට යෑමට හැකි උවත් එය ඇතුලට යෑමට නොහැකි බව මා පසුව දැනගතිමි..දුම්රිය දෙපාර්ථමේන්තුවට අයිති එයට ස්ථාන පරීක්ෂකවරයෙක් නොමැති කමින් එය වසා ඇතිබව ආරන්චි විය..මුලින් කෑම ගත් පසු ඉන්පසු නෑම ආරම්භ විය..මෙවන් අවස්ථාවක කුඩ දමාගෙන යෑම ලක්ෂන මදි වුවත් වෙන කලහැකි කෙන්ගෙඩියක් නොවූ බැවින් කුඩ දාගෙනම අපි ගමන ආරම්භ කලෙමු..
ත්‍රාසජනක අත්දැකීම...
ගමන යෑමට ප්‍රථම මට වූ එක් ගැටලුවක් වූයේ බිම්ගෙය ඇතුලේදි දුම්රියක් පැමිණියෙහෝත් අපිට ඔන්ලයින් දිව්ය සැප ලැබීමේ පහසුකම හැර වෙනත් විකල්ප තිබේද යන්නයි..කඩුගන්නාව දුම්රිය ස්ථානයේ සේවක මහතකු පැවසුයේ එවන් විටක ඉඳීමට තැන් වෙනමම බිංගෙවල් වල ඇති බවය..එහෙත් මා නම් එවැනි තැන් දැක්කේ නැත..ඔහු කියන්ට ඇත්තේ බිම්ගෙවල ඇති යම් යම් ඉඩ අපිට ඉඳීමට භාවිතා කල හැකිය යන්න විය හැකිය..එක් පසකට දුම්රියක් අපි බිංගෙයකට ලඟා වීමට ප්‍රථමයෙන් ගියේය..ඉදින් තවත් එකක් ඒමට තව වේලායතියි සිතා මා සිහන මිතුරා සහ දීපානි සොයුරිය පින්තූරු ගනිමින් ටෝච් සොයමින් අඩි දෙසිය ගණන් වූ බිංගෙය තුලට ඇතුලු වුනෙමු..එය බිංගෙය තුලම වංගුවක් තිබෙන අවස්ථාවකි..විවිධ දේ බලමින් විකාර තෙපලමින් අප තිදෙනා බිම්ගෙය තුල කලුවරේ යයි..මගේ මුලික ජංගම දුරකථනය සතුව තිබූ සූටි විදුලි පන්දම අපට මහත් පිටුවහලක් විය..පොටෝ ගැනීමට සූර දීපානි සොයුරිය ඉදිරියට ගියේ ඇගේ අතේ තිබූ විදුලි පන්දම ආධාරයෙනි..සිහින මිතුරා සතුව තිබු දුරකථන ලාම්පුවේ එලිය අඩු වූ බැවින් ඔහු මගේ දුරකථන පහනින් බිම්ගෙය ඇතුලෙන් යෑමට පටන් ගති...අපි බිම්ගෙයට ඇතුලු වී විනාඩි 5ක් විතර සහ බිම්ගෙය තුල මීටර පනහක් විතර ගිය පසු නාලාගිරි දමනයේ එන ආකාරයට පොලොව කඩාගෙන අහස ගුගුරුවාගෙන දෙපස දෙදරවාගෙන මහත් ව්‍යසනයක් පංච ඉන්ද්‍රියට දැනෙන්ට විය. ඒ දුම්රියක පැමිණීමයි..අප දැන් සිටියේ බිම්ගෙය තුල අප ඇතුලු වූ කොනත් පිටවිය යුතු කොනත් නොපෙනෙන අදුරු තැනකය..තෙමී තිබූ සිල් පර මතින් සීරුවෙන් පෝන් එලියෙන් ආ නිසා අපට යලි දිවීමක් හෝ දිගටම යෑමක් සිතිය නොහැකි විය..බිත්තියට මගේ දුරකථන පන්දම එල්ලවිය...අහා අරුමයකි දෙවියන් අප දෙස බලා ඇත..බිම්ගෙය තුල ඇති කොන්ක්‍රීට් තට්ටුවක අවසාන ඉම එය විය..වහා මා සිහින මිතුරා හට කතා කෙලෙමි..දීපානි අක්කා අපිට මීටර 8-9ක් ඈත සිටි අතර ඇයද කතා කොට අප ලඟට ගන්නා ලදී...දැන් සිදුවන්නට නියමිත දේ කොක් සුදක් සේ පැහැදිලිය..මේ අපි ඉන්නා ඉඩ දුම්රියට සහ අපට නොවැදෙන්නට ඇතිදැයි බැලීමට වෙලා නැත..එන්ට එන්ටම දුම්රිය ශබ්ධය සහ දෙදරුම වැඩිය..
එකනෙහිම අනෙක් මිතුරන් කොහිදැයි සොයන්ට විය..එහෙත් දුරකථන සංඥා මේ කලුවර බිංගෙය තුලදී පෙන්නුම් නොකලේය..එහෙත් සිහින මිතුරාගේ දුරකථනයට සංඥා තිබූ බැවින් මා චන්දික මිතුරා ට ඇමතීමි..ඒ දුම්රිය එන බව දැන් නීමටය..එහෙත් චන්දිකලාටද එවිට සංඥා නොමැති වන්නට ඇත..නෝ ආන්ස් විය...
සාමාන්‍ය පරිසරයට වඩා දුම්රියේ දෙදරුම සහ ශබ්ධය මහත් ගුප්ත සහ භයංකර ලෙස බිම්ගෙය තුලදී දැනේ මන්ද ඒ ශබ්ධ තරංග පිටවීමට අවකාශ නොමැති නිසාය..කෙසේ හෝ අප තිදෙනා එකිනෙකාට සහ බිංගේ බිත්තියට ඇලී මෙන් සිටියදී ගේ ශරීරයට අඩියක හමාරක දුරින් දුම්රිය සෙමෙන් අප අසලින් ඇදී ගියේයැ..දුම්රිය තුල සිටිවුන් කෑගසති...තවකෙක් මේ ඇතුලේ මොක්කු සිටීදැයි බැලීමට මෙන් අවට බලති..දුම්රියේ එලි අතරින් මා අනෙක් දෙදෙනා දෙස බැලීමි...වැසිබර සිසිල් කාලගුණ තත්වය තුලදීත් ඔවුන්ට දහදිය දමා ඇත..එය එසේමැ මට ද වන්නට ඇත..දීපානි අක්කා සිහින මිතුරා අප එකිනෙකාට විස්මය පලකරගතිමු..කිසිවෙකු දෙවියන්ට ස්තුති කලේවත් නැත..මෙවන් අඳුරු ගුහාවක් තුල මොන දෙයියද රිංගන් එන්නෙ අපව බේරගන්න යැයි සමහර විට අපට සිතෙන්ට විය..වැරදිලාවත් කතරගම දෙයියොවත් පිහිටට ආවනම් වෙහිකල් එක වන මොනරා සහ ඔහුගේ ඔලු අත පය ටික බේරගැනීමට අපිට සටන් කිරීමට සිදුවනු ඇත..එබැවින් අප බේරා ගැනීමට කතරගම දෙයියෝ ආවෙ නැති එක නම් හොඳය..බිම්ගෙයින් එලියට එන විට එකිනෙකාගේ හැඩ බැලීමු..තිදෙනාම අනික් උන්ගේ කමිස ඇඳුම් වල ගෑවුනු කලු පැහැ දුම් මිශ්‍රණ දැක ඒවා පිස දැමීමු..තදින් ගල් බිත්තියට ඇලුනු වෙලේ මේ දේ ඇගේ තැවරෙන්ට ඇත..මොන ජරාව්ක් බිත්තිවල තිබේදැයි බැලීමට වේලාවක් එවිට නොතිබුනි..වැරදිලාවත් පොඩි සරුපෙයෙක් හෝ දුම්රිය යන විට බිත්තියේ සිට සුට්ටක් හෝ අපට කිති කැවීමක්වත් කලානම් අපට වන්නේ අහවල් පෝච්චි මල් පෝච්චි සිද්ධියකි.කෙසේ වෙතත් ඒ සිද්ධිය බයංකාර උනත් දැන්නම් මතක් කරනවිට චමත්කාරය..
පාරේ කසල දැමීම...
මා කුඩා කල දුම්රියේ යනවිට වූ දැන්වීමක් මට මතක් වෙයි..දුම්රිය මාර්ගෙයේ වැඩකරන්නන්ට අනතුරු විය හැකි බැවින් යම් යම් දේ කවුලුවෙන් පිටතට විසි කිරීමෙන් වලකින්න..එහෙත් එසේ එක එක විච්චූරන අසුරණ බෝතල්,ප්ලාස්ටික් යනු දුම්රිය මාර්ගයට කරන කැලලකි..එදා ඩෝසන් මහත්තැන්ලා සහ අපේ මුතුන් මිත්තෝ පරිසරයට ආදරය කර ගල් විනාස නොකොට ගල් අතරින් මේ පාරවල් හැදුවේ තොපිට කෝච්චියේ යනවිට අහවල් ඒවා හල හලා යෑමට නොවන බව බොහෝ කරුනාවෙන් හදිසියේ හෝ දුම්රිය ක ගමන් කරන මගේ දහ දොලොස් දෙනෙක් වන මහා ජනකාන්ත පාඨක කැලට මතක් කර දීමට කැමැත්තෙමු...අසුරණයක බහා අපි යමක් කෑමට බීමට නෑමට හෝ වෙනයම් දෙයකට රැගෙන ආවිට ඒ කෑම හෝ අවශේෂ කාරිය හමාර වූ පසු ඒ අසුරණ විසාල බරක් වීම ශ්‍රී ලාංකික අපේ ගතියයි..කොළඹ දෙසට එනවානම් කොටුව මරදාන දුම්රියෙ පොලවලදී හෝ අනෙක් පසට යනවානම් ඒ අදාල දුම්රිය පොල වලදී හෝ කුනු දමන තැනකට මේ දුම්රිය තුල යනෙන අපගේ කුණු එකතුකල හැකිනම් එය මහත් අස්වැසිල්ලකි දුම්රිය පාරේ යනෙන අයට...මල අපද්‍රව්‍ය කෙලින්ම දුම්රියට මුදාහැරීම එක ල වෙනත් කල හැකි දෙයක් නොමැති නිසා කල දෙයක් වන්නට ඇත..දැන් තාක්ෂණය බෝ දියුනු නිසා කෙලින්ම ගවයන් බෙටි දාන අයුරින් නැතුව කිසියම් ප්‍රතිකාරයක් කිරීමෙන් පසු මල අපද්‍රව්‍ය දුම්රිය මගට මුදාහරින්නට ඇත්නම් එය මැනවි..රේල් පාර හදා ඇත්තේ අපිට රවුං ගැසීමට ටිප් යෑමට නොවන බව අප දනිමු එහෙත් බලන සිට කඩුගන්නාවට පැයක බස් ගමනකින් යන්නට වන ගමන දුම්රිය විනාඩි දහයකින් ඉටු කර දෙන්නට සමත්ය..එසේම එ් අවට සිටින ජනතාව හරකාට තනකොල ඩිංග කපාගන්නට,බෙහෙතක් හේතක් හොයාගන්නට,කෙහෙල් පැලයක් දෙකක් හිටවා තැබීමට සහ ලෙහෙසියෙන් එහා මෙහා යෑමට පාවිච්චි කරන්නේ මේ දුම්රිය මග වෙයි..ඔවුන් බහුතරයට අපට මෙන් තඩි ලොරියක් උනත් කිසි ගේමක් නැතුව හරවාගෙන ගෙදරට ගැනීමට හැකි මාර්ග පහසුකමක් නැත..ඉතින් අප දුම්රියේ යන විටත් මෙවන් චාරිකා වලිනුත් කුනු දමා අපවිත්‍ර කරනු ලබන මාර්ගය යලි ඒ පිරිසිදු කමින්ම තබා ගැන්මට මහත් වෙහෙසක් දැරිය යුතුවෙයි..
මා අත්‍යාවශ්‍ය රාජකාරියකට කඳු ගැටයක් මතට නැග ඒ කිරීමට ප්‍රථම මඳක් වටපිට බැලීමි..කුඩා ප්‍රමානයේ මද්‍යසාර රට බීම බෝතලයක් මට හමුවිය..ඒ සැනින් කූඩැල්ලන් කැලක් ඒරියල් උරුක් කරගෙන සිග්නල් එකක් එනතුරු සිටිනු දුටු හෙයින් මා අකුලාගෙන වහා කාරිය පසෙක තබා ආවෙමි..එවන් කඳු ගැටයක් මතට රටබීම බෝතල යා හැකි එකම ක්‍රමය නම් දුම්රියේ ගිය නැපෝලියන් බොනපාට් ගේ නෑයෙකු එවැන්නක් විසිකර තිබීම වෙයි..දුම්රියේ යන සියල්ලෝ ම මෙසේ බෝතල සොපින් විසි කරන්ට පටන් ගත්තොත් තව ටික කලකින් අපට සිදු වන් නේ දුම්රිය මග දෙපස අපට කුනු නැරඹීමේ මහා චාරිකාවක් දැමීම පමණි..දැනට ඈත පලාත් වලින් කොළඹ නැරඹීමට එන පාසැල් දරුවන් කොළඹ වරාය නැරඹීමට ප්‍රථම කුනු නැරඹීමට යති..ඒ ද වේස්ට් මවුන්ටේන් ඔෆ්ද බ්ලුමැන්ඩල් හෙවත් මහා බ්ලුමැන්ඩල් කුනු කන්ද නැරඹීමටයි...
තව ලියන්න නම් දේවල් ගොඩායි....
ඒත් ඉතින් මේක ගිහිපු මට දැනුන සුලු දෙයක් කීවම ඇති නෙව..
නැත්තං අර පහ වසර සී පන්තියෙදි ලියපු මම ගිය අධ්‍යාපන චාරිකාව රචනෙ වගේ වෙනව නෙව..

අර කෝච්චිය සහ බිම් ගෙය සීන් එක තමා ෆිල්ම් එකේ උපරිම තැන. අනේ මම එක තැනකදී වත් අහුවුනේ නෑනේ :(
ReplyDeleteකුණු කතාව නම් ඇත්ත. අපේ මිනිස්සු කරන මහ ජරා වැඩක් ඒක. ඇයි තව තැන නොතැන බලන්නේ නැතිව කෙල ගහන එක. එකත් හෙන අවුල්.
දුම්රිය චාරිකාවේ තවත් පැත්තක් සටහන් කර තැබුවාට ස්තුතියි!!
අපූරුවට ලියල තියෙනවා. මේ සංගෙදිය වෙන්න හේතුව වුනේනම් මගේ පුංචි අඩුපාඩුවක්. පිරිස වැඩිවුන නිසා කට්ටියක්ව මගඇරුණ එක. බිංගෙයක් ඇතුලෙදි දුම්රියක් මුණගැහෙන එක හරිම අපූරු,ත්‍රාසජනක ඒ වගේම භයංකාර අත්දැකීමක්. බොහොමදෙනෙක් අනතුරට පත්වෙන්නෙ ඒ වගේ වෙලාවක අනවශ්‍ය විදියට කලබල වීමෙන්.
ReplyDeleteදුම්රියක් සාමාන්‍යෙයන් බිම්ගෙයකට ඇතුල් වෙන්න කලින් නලාව නාදකරනවා. කවුරුහරි ඇතුලෙ ඉන්නවනම් එයාට අනතුරු අඟවන්න. එහෙම වෙලාවට කරන්න තියෙන්නෙ කල්පනාවෙන් මාර්ගයේ අයිනටම වෙලා පුලුවන්නම් හැකිතරම් පහත් වෙලා හෝ බිත්තිය අයිනටම වෙලා දුම්රිය යනතුරු ඉවසීමෙන් සිටීම.
මේ කොහොම වුනත් බිම්ගෙයක් තුල දුම්රියක් ගමන්කරන විට රැඳී සිටීම කිසිසේත්ම නොකලයුතු දෙයක්. එය ක්‍රම කිහිපයක් නිසා මරණිය වනවා.
1. කෙලින්ම හෝ ඇඳුමක් පැටලීම නිසා ඔබ දුම්රියේ ගැටීමට පුලුවන්
2. ඉන්ධන දහනයෙන් පිටවන කාබන්මොනොක්සයිඩ් විශ වීමෙන් මරණයට පත්වන්න ඉඩක් තිබෙනවා
3. බිම්ගෙවල් තුල වෙසෙන ඇතැම් විසකුරු සතුන්(විශෙෂයෙන් බිම්ගෙවල් වල අඳුරු බිත්ති අතර හෝ අහුමුලුවල) මගින් ඔබට අනතුරු වන්නට පුලුවන්
4. ඇතැම් නොහික්මුණු මගීන්ගේ පාපහරක් ආදියෙන් ඔබ බියවී අනතුරක් වන්නටත් පුලුවන්.
ඒ නිසා මෙවන් ගමන් වලදී අතිශයින් ප්‍රවේශම් සහගත වියයුතුයි. බිංගෙයක් තුලය පිවිසීමට පෙර දුම්රියක් ඒ තුල හමුනොවේයැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්. විශේෂයෙන් දිගින් වැඩි බිම්ගෙවල් තුලදි.
සැබැවින්ම රේල් හයික් යනු ඉතා හොඳ සිහියෙන් සහ අවධානයෙන් සිදුකල යුත්තක්. රේල් හයික් යනු පික්නික් හෝ විනෝද ගමන් නොවේ. පුංචි අතපසුවීමක් මහා ඛේදවාචකයකින් අවසන් වන්නට පුලුවන් නිසා ප්‍රවේශම ඉතා වැදගත්!!!
එලට ලියා ඇත
ReplyDeleteබොරු..බොරු.. බය උන තමා, ඒත් දාඩිය දාගෙන හිටියෙ නෑ.. හුහ්!
ReplyDeleteෂහ් මාර අත්දැකීමක් නේ.. අපෙත් ඇඟේ මයිල් කෙලින් වෙනවා.. ලොල්.
ReplyDeleteko ban ara bebalage wada tika nahane meke (rangaya)
ReplyDeleteඅම්මෝ තව පොඩ්ඩෙන් රොටි වෙනවා නේද ?
ReplyDeleteහප්පේ.... ආප්ප හැන්දෙන් තමයි ගලවන්න වෙන්නේ තව පොඩ්ඩෙන්....
ReplyDeleteසුන්දර අත්දැකීම් තමයි .. ඒත් පරිස්සම ගැන නම් සෑහෙන හිතන්න වෙනවා..ඇඟ හිරි වැටුනා බිම් ගෙයි සිද්ධිය කියවද්දි..
ReplyDeleteඑළ.නියමෙට ලියලා තියෙනවා ..........
ReplyDeleteඅදහස් පලකල ඔබට තුති....
ReplyDeleteඑළ ඈ (මං කිව්වෙ පෝස්ට් එක)
ReplyDeleteNiyamai.. lassanata liyala.. a wagema gamant lassana wenna ati... yanna tiyanawanam ela...5
ReplyDelete