Thursday, December 15, 2011

පාඩම් කර සමතුන් තෝරමු..

මා දන්නා කියන ගෑනු ලමයෙකි.අපි සතියට දෙතුන් දිනක් ජංගම දුරකථනයෙන් කථා කරයි.ඇයගේ පවුලේ බොහෝ තොරතුරු මාත් මගේ පවුලේ බොහෝ තොරතුරු ඇයත් දනී.ඇය මා දැක ඇත ඒත් මා විසින් ඇය දැක නැත.ඇගේ මව දැන් පිටරට පුහුනුවකය.අවුරුදු 22ක ගැහැනු ලමයකු වෙන ඇය දැන් නැවතී සිටින්නේ ඇගේ අක්කාගේ නිවසේය.ඇය මට අමතරව තවත් පිරිමි ලමයෙක්ට කතා කරයි ඒ ඇගේ අනාගත ස්වාමි පුරුෂයානෝය.එහෙත් වටපිටේ අය සිතන්නේ මාත් ඇගේ පෙම්වතුන් ලැයිස්තුවේ සිටින බවයි.ඇති වූ විෂ්වාශභංග වීම් වැඩි වූ හෙයින් අපට එවැන්නක් ඇති කරගැන්මට නොහැකිවිය.බොහෝ මුදල් ඇති බරසාර පවුල් පසුබිමක් ඇති නිසා ඇය කෙතෙක් ලක්ෂන විය හැකි වුවත් මා ඇයට අකමැති විය.
ඇය නැවතී සිටින දැන් නිවසේ ඇගේ අක්කාට අපූරු සුරතල් කටහඬක් ඇති හතර වසරේ ඉගනුම ලබන දුවනියක් සිටී.
මෑත කල සිට මා කතාකරන සයුරී නම් ගැහැනු ලමයා අර හතර වසරේ දැරියට පාඩම් කියා දෙයි.බෙහෙවින් කරුණාවන්ත ලෙස ඇය පාඩම් කියාදෙනු මා අසා ඇත." දෝනී ...කන කරවගන්න හදන්නෙ නැතුව ඇවිත් මේ ඊලඟ ටික පාඩම් කරනවා..." දෝනී...මේ ගණන් ටික තාම මෙතන..තාත්තට කියල කෝටුපාරක් දෙන්න කලින් මේටික හදල ඉවර කරනවා...යැයි අණ දෙයි.මට මෙය මහත් ගැටලුවකි.බොහෝ වර උපදෙස් දුන්නත් ඇය නම් තැනිය නොහැක.එය නොමේ කාරණය මෑත දිනක් ඒ දැරියගෙන් ඇය දැරිය වඩා කැමති බෝයි ෆෙන්ඩ් මමද නැත්නම් අනෙක් පුද්ගලයාදැයි අසා ඇත.අනෙකා බෝ සෙයින් කලු කෙනෙකි..ආ ඒ අංකල් අපේ පුංචිට කලු වැඩියි..ඒත් මං අනිත් පෝන් එකෙන් කතාකරන අංකල්ට ආසත් නෑ..ඒ අංකල් අපේ අම්මගෙ පාට කියල ඔයා දවසක් කීවනේ..
 මට දැනෙන ආකාරයට ඇගේ අම්මා ඇයට පිලුකුලකි.එයට හේතුවද මා දනී.ඒ දැරියට සෙල්ලම් කරන්නට දුව පනින්නට..කෝලම් කරන්නට කිසිදු අවකාශයක් නොදෙන ඇගේ මව නොයෙක් වෙරවීරිය දමමින් හදන්නේ දුව ශිෂ්‍යත්වය පාස් කරවන්නටය.ඇගේ චූටි දුව දැනට යන්නේද ජනප්‍රිය පාසලකටය.එහෙත් ඇගේ මවට ඇය කොළඹ හෝ නුවර යැවිමට අවැසි වී ඇත.මව්පියන් මෙසේ තම දූදරුවන්ගෙන් විභාග සඳහා පලිගන්නා අවස්ථා මා කොතෙකුත් දැක ඇත.ශිෂ්‍යත්වය යනු ඉන් ප්‍රධානම එකකි.මාද ශිෂ්‍යත්වය සමත්වී වෙනත් පාසැලට ගිය කෙනෙක්මි.මට මතක ඇති පරිදි මා ශිෂ්‍යත්ව පංති ගියේ සති දෙක තුනකි.එය එසේ වූයේ මගේ වූ හිතුවක්කාර කමටය.ශිෂ්‍යත්ව පංතියට එකල රුපියල් පනහක් මාසයට ගනී.රුපියල් පනහක් මාසයට අයකල පන්තිය වෙනත් පොතක් ගන්නට රුපියල් එකසිය විසිපහක් ඉල්ලීය.මටද ඒ මුදල ගෙදරින් ඉල්ලුවානම් නොදී අරින්නේ නැත.එහෙත් මගේ අතිපන්ඩිත කමට පංති ඕනේ නෑ දැං තියෙන ස්කෝලෙ හොදයි කියා සිටීමි.සාමාන්‍යන් සෑම විශයකටම ලකුනු 90 ට වැඩි ලකුනු තිබු මා පසුපස එතරම් නොදුවන මගේ මව්පියෝ ද එතරම් ශිෂ්‍යත්ව පන්තියකට යැවීමට වැරවෑයම් නොකලේය.
  එහෙත් මා සමත් විය.මහා ඉහලින් සමත් නොවූවත් එවකට මා පෙනීසිටි දිස්ත්‍රික් ලකුනු මට්ටමට වඩා ලකුනු 18ක් මට ලැබී තිබුණි..ඒ අසා තිබූ සමහර ප්‍රශ්ණ මා කියවු පොතපත වල තිබුනු ඒවා විය.එවිට අපේ නෑදැ සහ සමාර හිතවතුන් මගේ මව්පියන්ට දොස් පැවරුවේ මා පංති යැව්වානම් මීට වඩා ලකුනු ප්‍රමාණයක් ලබාගන්නට ඉඩතිබූ බවයි.කෙසේ වෙතත් මට ශිෂ්‍යත්වය අවසානයේ වෙනත් පාසැලකට යන්නට අදහසක් නොතිබුනි.එහෙත් එම පාසැලේ සිටි දක්ෂම මා සමග සිටි බොහෝ දෙනෙක් වෙනත් පාසැල් වලට ශිෂ්‍යත්වය හරහා ගියෝය.එසේම එසේ ශිෂ්‍යත්වය හැර වෙනත් හේතු මතද සමහරෙක් මාරු විය.එකල තිබුනු තත්වය අනුව ඒ පාසැලේ සිටියානම් මට පන්තියේ පලවෙනියා ගැන්ම කජු කනවා වැනි වැඩකි.එක්වරක් එක් විෂයකට වාර විභාගයේ  පෙනී සිටිමට නොහැකිවත් මා පන්තියේ දහ වෙනියාගෙන් පෙර ස්ථානයක් ලබාගති.එහෙත් දුකට කාරණය නම් මා ගිය නව පාසැලේ ශිෂ්‍යත්වය සමත් ලමුන් පනස් ගානක් අතරින් මට ලැබුනේ විසි හතර වෙනි ස්ථානයයි.එහෙත් අපේ ගෙදර අම්මා තාත්තා එතරම් කම්පා වුනු බවක් මට නම් මතක නැත.
 දැන් ශිෂ්‍යත්වය යනු ළමුන්ගේ සෙල්ලමක් නොව අම්මලාගේ තාත්තලාගේ සෙල්ලමකි.අනෙක් විභාගද එසේමය.පන්ති යන්නේ නැත්නම් විභාග සමත්විය නොහැකි යැයි දැඩි මතයක් ළමුන් මෙන්ම දෙමාපියන් අතරද ඇත.මා සාමාන්‍ය පෙල විභාගය මුලින්ම ලිව්වේ මේ දෙදාස් ගනන් වලය.එහිදි ඉංග්‍රීසි වලට හොඳින් පන්ති ගියමුත් ගණිතය සහ විද්‍යාවට පන්ති ගියේ පන්ති යා යුතු යැයි අවට සිටි උන් කී නිසාමය.අවසන මට ගණිතයට සම්මානයක් පමණි ලැබුනේ.ඒ ගණිතයට ලැබුනු සොච්චම් රිසාල්ට් එකෙන් උසස් පෙල ගණිතය කරන්නට දුන්නේ මගේ පාසැලේ ඇති හොඳකම නිසාය.මා පාසැල් ගිය කලද බුද්ධාගමට පවා පන්ති ගිය ලමෝ වූහ.ඒ සමහරක් ගේ රිසාල්ට් මා තරම් වත් හොඳ නැත.සමාර අයට හත වසරේ සිට 11 වසර දක්වාම සතියේ දින හතරක් සවස පන්ති තිබුනි.නමුත් මා නම් කිසිම අවුලක් නැතුව 11 වසර විභාගය කටඋඩ තියාගෙනත් බෝල ගැසීමට සහ නොයෙක් පොත් පත් කියවීමට වාසනාව ලද්දෙක් විය.එවකට කේජී කරුණාතිලක මහතා පරිවර්ථනය කල ටාසන් පොත් සියල්ලත් එතුමාගේම මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා පොත් සියල්ලත්,ඩ්‍රැකියුලා සහ එවක ජනප්‍රිය වූ හෝම්ස් කථාන්දරත් මා බොහොමයක් 11වසර වනවිට කියවා තිබුණි.දැන් බැලුවොත් මා සාර්ථක කෙනෙකැයි නොකියමි.ඒ පසුව සිදුවු අත්වැරැද්දකි.ගණිත අංශයෙන් සම්මාන සාමාර්ථ 3ක් ලැබුවෙක් කෙසේ විය යුතු දැයි සමාජය තීරණය කරනු ලබන අංශ වලට මා අකමැති වීමේ අතිපන්ඩිත ගතිය මෙතෙක් වූ පසුබැස්මට හේතු විය.එහෙත් උසස් පෙල කල පාසැල් ගුරුවරයෙක්ගෙන් කෙමෙස්ටි විශයට සාමාන්‍ය සාමාර්ථයක් ලබාගන්නට වත් බොලාට නොහැකි යයි නියත විවරණ ලැබූ මා ඒ කල ගත් සාමාර්ථ සම්බන්ධයෙන් බොහෝ සෑහිමකට පත්විය.
   මේ අකාරයට බ්ලොග් ලිවිය යුත්තේ පොරවල්ය.එනම් දුක දිනා ණය ගත් මිනිසුන්ය.අපි වැනි දුක දිනා දුකම ගත් මිනිසුන් මේවා ලියන විට ඒවා අගේ නැත.දැන් ඔයා කවුද ඔයා මොනා කරන කෙනෙක්දැයි ඇසුවොතින් මා දෙන පිලිතුර බහුතරය සෑහිමකට පත්වෙන තනතුරක් නොවේය.ඒ මේ සමාජයේ බහුතර දිශානතියයි.සෑම දෙයක්ම මුදල සහ වටිනාකම් මත යැපේ.
   මා පාසැල් ගිය කල යාලුවෙක් විය.ඔහු සිරිමත් ලෙස ගමු.සිරිමත් බෝ සෙයින් කීකරුය.බෝම දක්ෂය.ඔහු කීප වතාවක් මොනිටර කම කල අතර ක්‍රීඩා හැර අනෙක් බෝමයක් කුෂලතා ඔහු සතු විය.ඔහු මීට වසර 4-5කට පෙර එනම් අපි උසස්පෙල තෙවනර වර කිරීමට පන්ති යන අතර මියගියේ සියදිවි නසාගැන්මකිනි.එවකට සාමාන්‍ය පෙල පන්තිවල සිටි දක්ෂතම සිසුවා ඔහු විය.අපි නිකම් බාස්ලා වුනෙමු.අපි පාස්වෙති.ලකුනුත් ගනිති නමුත් ඉහලම ලකුනු නොවේ.නමුත් සිරිමත් එසේ නොවේ ඔහු ලියන සෑම පේපරේටම මැක්සිමම් ලකුනු වලට වඩා අඩුවන්නේ ලකුනු කීපයකි..සිරිමත්ගේ පියා නැත.පියා ඔහු කුඩා කලම මව හැර වෙනත් ගෑනියෙකු සමග ගොස්ය.සිරිමත් මරණයට සති කීපයකට පෙර ඔහුම කියූ පරිදි ඔහු සිතාගෙන සිට ඇත්තේ උසස් කෙනෙකු වී උසස් ලෙස සමාජගත වීමටයි.සාමාන්‍ය පෙල සහ ඊට පෙර අත් දක්ෂයෙකු වූ සිරිමත් හට ඒ කුෂලතා උසස් පෙලට පවත්වාගන්නට බැරිවිය.ඔහුගේ සිහින මාලිග සියල්ල කඩා වැටුනි.අවසන ඔහු සිය දිවි නසාගන්නට තීරණය කලේය.මෙසේ තමුන්ට සමාජය,දෙමාපියන්,සහ අනෙක් අය සපයන ඉලක්ක වෙත යන්නට බැරි වූ කල ඒ හැම දෙනාම දුක්වෙති.හැම දෙනාම පසු තැවෙති.ඒවා දරාගන්නට අපාසු අය මෙවන් දරුනු තීරණවලට එලඹෙති.
       මා දන්නා ඥාති සහෝදරයෙක් වේ.ඇයට මේ වර සාමාන්‍ය පෙල ලියන මට්ටමෙ ්දුවණියකි.ඒ දුවණිය හැඩය මෝස්තර ගොඩය.ඇයට පාඩම් කියාදෙන්නට මා කීපවරක් ගියේය.ඇය නිසකයෙන්ම මෙවර ලියන සාමාන්‍යපෙල විභාගයෙන් විෂයයන් කීපයකින්ම අසමත් වෙයි.විභාගය ලංවන්නට ලංවන්නට ඒ ලමයාට ඒ ඥාති සහෝදරයා සහ ඇගේ බිරිඳගෙන් ලැබුනේ අප්‍රමාණ පීඩනයකි.විටෙක රාත්‍රී 10 වනතුරුත් ඇයට පන්ති විය.මා උසස් පෙල කලත් රාත්‍රී 9.30ට නිදාගත් දවස් ගාන වැඩිය.මට එය පුදුම කරුණක් විය.පසුගිය දිනෙක පිංකම් ගෙදරකට පැමිණි ඒ ඥාති සහෝදරයා මත්පැන් පානය කරන අතර ඇඬුවේය.ඉකි ගසමින් මහ හයියෙන් ඇඬුවේය.ඇගේ දුවට වෙනත් ප්‍රේම සම්බන්ධයක් තිබී අැති බවත්..ඔහු කෙතෙක් කීවත් ඇයට දඬුවම් කලත් ඒ නැවතිය නෙහැකි වූ බවත්.අනෙක් බොහො සමාන්තර ලමුන් නෑයින්ගේ ලමුන් ඉගෙන ගනිද්දී ඔවුන්ට උපදෙස් දුන් පන්ඩිතයෙකු වූ තමාගේ දුවනිය තමාට හදාගත නොහැකි වූ බවත් කියා දුක්වීය.ඔහුතු බිරිදත් රාජ්‍ය අංශයේ විශාල තනතුරු දැරුවෝ වෙති.ඔවුන දෙදෙනාට දරුවන් ගැන කලින් හොයාබැල්මට වෙලාවක් නොවීය.දෙදෙනාම එන්නේ හවස 6ත් පහුවීය.එතෙක් වෙනත් වැඩකාරියක හෝ නැත්නම් තනියම අර ගැහැනු ලමයා සහ පිරිමි ලමයා පසුවෙයි.සති අන්තයේත් බොහො රාජකාරි ඇති එම දෙපලට මේ විභාගය කටට ඇවිත් අවසන් මාස 6ක් වනතෙක් දරුවන් මතක් වූයේ නැත.වෙළඳ සැල්වලට ගොස් අත පිරෙන්නට හිත පිරෙන්නට බඩු අරන් දීම ඔවුන් දරුවන්ට සැලකූ ආකාරය වෙයි.ඔවුන් එසේ හැදීම හිතුවක්කාර ලෙස ඔවුන් ඉල්ලන ඉල්ලන දේ අරන් දීම වැරදි බව බොහො ්ෙදනා කීය.එහෙත් ඔවුන් සිතුවේ ඔවුන් දෙදෙනාම ඉගෙන ගත් බැවින් දරුවන්ද ඉබේම ඉගෙනගනු ඇත කියාය.එහෙත් ප්‍රථිපල එනවිටවත් ඔවුන්ට මෝඩකම් තේරුම්යාදැයි මට සැක සහිතය.

මේ වැනිව දරුවන් අසාර්ථක ලෙස තනා පසුව ඉගෙනුමට යොමු කිරීමට වියදම් කොට බලකොට තෙරපීම වැඩක් නැති වැඩකි.එසේම සෑම දරුවාම විශිෂ්ඨයෙක් කිරීමට තැනීමත් දරුවාට කරන අසාධාරණයකි.එක්තරා දක්ෂ පාසැල් ගුරුවරයෙක් අපට නිතර කිවූ දෙයක් මතක් වේ.උඹල දවසට පැය දෙකක් තනියම ගනන් හදාපල්ල.බොලාට මේ බලුපොරෙන් පාස්වෙල කැම්පස් යන්න බැරිවෙයි.නමුත් අඩුතරමෙ සී තුනක්වත් ගත හැකි වෙයි.එහෙම නැතුව කකුල් වතුරු වල දාගෙන නිදිමරන තරමට මිනිස්සු කැම්පස් යනවනම් බන් මේ මගේ නෙවෙයි බොලාගේ ඔලුවල තියනෙ කෙස් ගානට මං උගන්නපු උන් දැන් කැම්පස් වල ඉඳී.හෙහ් හේ හෙහ් හේ..

3 comments:

  1. ඒක හරි. මේ බලු පොරේ හරියට කුසපත් ඇදීමක් වගේ. අහඹු ලෙස වගේ එකෙක් දෙන්නෙක් තෝරා ගන්නව විතරයි. අනෙක් ඔක්කොම කුණු ගොඩට.

    ReplyDelete
  2. යාලුවා... ඔයා ලියන ලිපි වලටයි ලියන විදිහටයි මම ගොඩක් කැමතියි. අදමයි ඔයාගේ blog එකට ආවේ මේ මම කියෙවුව හතරවෙනි ලිපිය. මේ ලිපිවල තිත්ත ඇත්ත තියන එක ගැන නම් සතුටුයි. දිගටම කරගෙන යන්න සුභ පතනවා .

    මීට,
    ඔයා වගේ මිනිහෙක් (මම හිතන විදිහට හොදේ)

    ReplyDelete