Tuesday, May 29, 2012

සිහින නඩත්තුවට ලේසිම ක්‍රම

රථ පිළිබඳ සිහිනය..
පොඩිකාලෙ මං හිතං උන්නෙ තඩි බයික් එකක් ගන්න. ඒත් ගොඩක් කල් යනකං නෙමෙයි මේ මේ දැං වෙනකල්ම මට කිසිම වාහන ලයිසන් එකක් නෑ. සිහ් ලයිසන් එකක්වත් නැද්ද කියල කාරුහරි ඇහැව්වම මං කියන්නෙ වාහන නැතුව වැඩක් නැ ලයිසන් අරං අපරාදෙ කියලා..
මගේ අදහස උනේ තඩි බයික් එකක් නිසා මං හොයන්නෙම තඩි බයික්ම තමයි..ඒ අතර ජනප්‍රිය වෙච්චි ඉන්දියන් බයික් මට නොදිරවන්න හේතු ගානක් තියෙනවා.
  • ඉංදියන් බයික් ලස්සන සහ විසාල මදිවීම
  • ඉංදියන් බයික් වල වයිබ්‍රේෂන් අධික වීම.
  • කිසිදු සුවපහසු ගතියක් නැතිවීම.
  • පුස් බයිසිකල් තරං කොමන් වීම ආදියයි. 
ඒ නිසා මට හිතින් බොහොම ඈතට ඉංදියන් බයික් දාන්න පුලුවං උනා. ඉන් පස්සෙ බීඑම් ඩබ්ලිව්..බුකාති හෝ ඩුකාටි වගේ මං නංවත් දන්නෙ නැති බයික් ඉන්ටනෙට් එකේ දැක්කා ඒත් ඒවාත් නොගැලපෙන්න මට හේතු තිබුනා..
  • ලංකාවේ 250 ට වඩා එංජින් ධාරිතාව සහිත මෝටර් බයික් ලයිෂන් නොකිරීම
  • ලංකාවේ පාරවල් වලට එවන් බයික් නොගැලපීම..
  • ගෙදරින් අකමැති වීම.
  • බයික් එකේ දාං යන්නට කෑල්ලක් නැති වීම.
ආදි කාරණා තිබුනා..ඒත් ඔය එක මගුලක්වත් ගන්න මට රුපියල් දහ දාහක්වත් ඉතිරි කරගන්න බැරිඋන කතාව දන්නෙ මගේ යටිහිත විතරයි..උඩු හිතිං එක එක හේතු දදා ඉන්නවා. එක අතකින් මේ තියෙන විදිය හොදයි කියල හිතෙන වාර ගනන බොහොමයි. ඕං මං කාර් එකක් ගන්න හිතුවා කියමු..
එතකොට කාර් එපා වෙන්න හේතු තියෙනවා
  • මෙහේ ට්‍රැෆික් වැඩි වීම...
  • ලාබෙට ඇති කාර් කම්පටබල් නැති වීම
  • කාර් කෑලි සහ පෙට්‍රල් මිල වැඩිවීම වගේ ඒව තියෙනවා...
කොහොමත් නිදිමතේ ගිහිං කෝච්චියෙ හිටගත්තම මිනිස්සු දඟලන වෙලාවට පොඩ්ඩක් වටපිට බැලුහම ස්ටේසන් එක හරිනං බහින එක ලේසියි මේ වාහන වල යනවට වඩා. ඒක කොච්චර ලේසිද නේද??

ලැප් සිහිනය..
මං දන්න කියන උන් බෝමයකට දැන් ලැප්ටප් තියෙනවා. ඒත් නෙට් එකට පිංසිද්ද වෙන්නයි මට තියෙන කොම්පියුටර උනට පිංසිද්ද වෙන්නයි. ඒ උන් ගාව තියෙන හැම ලැප් එකකම වැරදි මං දන්නවා. එකක් රත්වෙනවා. අනිකෙ ඉස්කිරිං එක කොලටි නෑ..අනික චාජිං හිටින්නෙ නැ..ඔය වගේ මොකක් හරි වරදක් තියෙනවා. අපේ ළඟම යාලුවෙක් ගනිපු එක චොස් එකෙ ඩිසයින් එක ලස්සන නෑ. 
ඉතිං මං ලැබුනොත් හිට් ඇඩ් එක හරි නැත්තං පත්තරයක් හරි ඔය ලැප් ටොප් පාං ටොප් සැල්පෝං පේජ් එක බලනවා. බලල විස්තර හොයනවා. කෝල් කරනවා. හෙට ගන්න වගේ ඇඩ් දානවා. ඒත් ගන්නෙ නෑ. මොකද හැමදාම මේ මාසෙ තියන කෑලි වලට සොෆ්ට්වෙයා වලට වඩා හොඳ ඒවා ලබන මාසෙ ඇවිත් තියෙනවා. අනික හැම කම්පියුටරයෙම හොද වගේම නැරකත් තියෙනවා. මෙහෙම ලැප් බල බල ඉන්න එක වාසියි. ගෙවන්න ගත්තත් කොම්පියුටරේ කැඩුනත් අපි ගෙවන්න එපාය..
ඒත් කන්තෝරු මැසිමෙං ගන්න පුලුවං උපරිම පොරෝජන අරං හැමදාම හිට් ඇ්ඩ් එක බලල කෝල් කරන එක වාසියි. අනික තමයි ලැප් උනත් උස්සං යන්න තියෙන වෙහෙස. දවසක් මගේ යාලුවෙක් කියපි උගේ උරිස්සෙ මොකද්ද අමාරුවක් හැදුනලු ලැප අරං යන්න ගිහිං...ඉතිං මට සාමාන්‍යන් කෙනෙක් මලා කිව්වත් මතක නැතිවෙලා ගියාට අර වගේ ලැප් එක උස්සං ගිහිල්ල හැදුන අමාරුව මතකයි. ඉතිං ලැප් ගැන කතාවක් කොහෙ හරි ආවොත් මට ලැප්වල තියෙන අවාසි පෙන්නන්න අර උරිස් අමාරුවත් ගත හැකි වෙනව ලේසියෙංම..


කාර් හීනය..
මං ආසම ගේම් එකක් තමයි නීඩ්ෆෝ ස්පීඩ් හොට් පර්සුයිට් 2 කියනඑක..එකෙ කාර් රේස් එකට ටොයෝටා කාර් නෑ..ටිකක් පරණ ගේම් එකක්. ඒත ඇරෝ කිස් වලිං විතරක් යන නිසා ලේසියි. ඒකෙ තියෙන්නෙ ඉංගිරිසි කාර්. බී එම් ඩබ්,පර්ජෝ,බෙන්ස්.ජගුවර වගේ හෙන ලොකු ගානක් වෙනකාර් තමයි ඒකෙ තියෙන්නෙ.මං ඉතිං හිමීට ඔය කාර්වල තොරතුරු හොයන්න ගත්තා. සිහ් අම්මපා ඒ කාර් වල තියෙන ෆීචර්ස් එක්ක ගත්තම මරුතිය කියන්නෙ කරත්තයක්. ඒ තොරුතුරු දැනගත්ත නිසා මට මරුතියක් අමාරුවෙං සල්ලි ඉතිරි කරල ගන්න එකෙක්ට උනත්... අයියෝ බං ඕකෙ කිසි කම්පටබල් ගතියක් නෑ..මේක නෑ අරකනෑ..කියන්න පුලුවනි. ඉතිං ඕම කියන කොට උනුත් උත්තර දෙනවා එක එක ඒව කියලා. සමහරු කෙලිම්ම කියනවා මට රිම් කට්ටක්වත්නෑ කියලා. ඒත් ඉතිංමං කියන්නෙ ගන්නවනං සුපර් එකක් ගන් ඕනි. ඔය එක එක කරත්ත අරං හරියනවෑ.. ඕංමං දන්න එකෙක් මේ ලගදි උහං ආව පැන්ඩෙක්. පැන්ඩා කාර් එකක්. ඕක ගෙනැල්ල ටික දවසක් යනකං මට ඕකෙ ටිකක් අවුලක් හොයා ගන් බැරිඋනා ඇඟට දැනෙන තරමෙ.. ඒසී එකේ අවුලක් තිබුනත් ඒක ඒතරම් දැනුනෙ නෑ. පස්සෙ මේ ලඟදි අහුවුනා පත වැරැද්දක්.. ඒකෙ ටිකක් බර අය නැගල අතුරු පාරවල් වල හෙම යනකොට කාර් එකේ යට වදිනවා බරාස් ගාලා.. දැං යන්තං ඇති.. පැන්ඩක් ගනිමු හෝ ඒ වගේ කතාවක් ආවොතින් ඉතිං යට වදිනවා වැඩක් නෑ කියන එක කියත හැකි...
 සිහින හෝ ටාගට් වෙනුවෙන් මාන්සි වීමට වඩා ටාගට් වල හෝ සිහින වල වැරැදි එකතුකිරීම නං පස්ට විනෝදාංශයක්...ඒකට සල්ලි වියදං වෙන්නෙත් නෑ..ඒ වගේම ලෝකෙ තියෙන හැම බඩුවම හිතේ තියං දුක් විදින්න වෙන්නෙත් නෑ..

18 comments:

  1. මරු.. හිත හදාගන්න ලංකාවේ ජනතාවට ඇමති මන්ඩලය දෙනව වගේ උපදෙස් ටිකක් මචං.. සිරා..

    උබව ජනපති කරමුද ?

    ReplyDelete
  2. මරු සංකල්පයක්.. මම සිහින පිටු සංතෘප්ත කිරීමට උපන්නෙමි වගේ බෝඩ් එකක් දාගෙන ටියුෂන් පාරක් දුන්නනම් උබට එකෙන්ම ඔය බෑකියපු ඔක්කොම හීන ගොඩ දාගන්න තිබ්බ

    ReplyDelete
  3. ඒක මරු වැඩේ! සිහින සිහිනයක් පමණක්ම කරගන්න ඕන්නං මෙන්න වැඩ! :D (අපි දන්න සිහින නෙමේ!)

    ReplyDelete
  4. මේක නන් සිරා.. නැත්තං හැමදාම හීන බල බල තමා ඉන්න වෙන්නෙ...

    ReplyDelete
  5. දැන් 450cc දක්වා ලංකාවේ ලියාපදිංචි කිරීමට අවසර දෙනු ලැබේ.....

    ReplyDelete
    Replies
    1. හාරසිය පනහ ලගින්වත් තියන්න පුලුවන්ද බන් වෙනරටවල තියෙන ඒවත් එක්ක..සිහ්..

      Delete
  6. අපෝ ඔහොම හැම එකකම වැරැද්ද හොයන්න ගියොත් ඔයාට කවදාවත් කිසිම දෙයක් ගන්න හම්බෙන් නැනේ..කොච්චර හොදක උනත් නරකක් තියෙනවමයිනේ..එවා සාමන්‍යයිනේ..

    ReplyDelete
  7. අනේ යකෝ

    ReplyDelete
  8. මටත් බයික් වලට කියන්න තියෙන්නෙ උඹ කියපුවම තමා... :-)
    අනික්වා නං තියෙන හින්දා අවුලක් නෑ..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න....

    ReplyDelete
  10. මේක තනිකර ඉරිසියාව පදනම් වෙච්චි නිර්මාණයක් බව පෙනී යනවා............... තමන් ගන්නෙත් නැහැ ගන්න කෙනෙකුට ගන්න දෙන්නෙත් නැහැ වගේ හැඟීමකින් පෙළෙන ගතියක් පෙන්නුම් කරනවා...

    මොනවා වුනත් අමිල ඇත්තම කියනවා....... :)

    ReplyDelete
  11. දැක්කම ගන්න හිතෙනවා.මටත් තියනව නම් හොදයි කියල හිතෙනවා,ඒත් ඉතින් හිතුනට විතරක් මදිනේ.ඒ නිසා මේ තියරියට අයි ලයික්

    ReplyDelete
  12. සුවීට් ඩ්‍රීම්ස් කිව්වා එහෙනම්!

    ReplyDelete
  13. දේශපාලනේවත් කළොත් නරකද සහෝ? බන්දු අංකලුයි එස්.බී අංකලුයි වුනත් ආස වෙයි ඔයා එනවනං.
    ආහ් ජනාධිපති උපදේශක කමක් වුනත් කමක් නෑ. :)

    ReplyDelete
  14. බයික් කතාවනම් 100%ක් ඇත්තය මමත් පොඩිකාලෙ ඉඳන්ම හීන මැව්වේ ට්‍රෙලක් ගන්න, ලයිසන් අරගෙනත් අවු 3 වෙනව මෙ මැයි මාසෙට, තාම ජපන් බයික් කට්ටක් ගන්න හම්බුනෙ නැහැ-ඉන්දියන් ජරා බයික්නම් මම ජිවිතෙට ගන්නෙ නැහැ ඊට හොඳයි පයින් යන එක, තාම මම පයින්, ලැප් ටොප් එකත් ඔය වගෙ තමයි මමත් එත් අන්තිමට මම සෝනි වයාඕ ලැප් එකක් ගත්තා එකනම් මට හොඳටම සැටිස්.....නියම ලිපියක්...ඔබට ජය

    ReplyDelete
  15. මම නම් හීන මවන්නේ ලෝකේ හොඳම දේ ගන්න.... කොහෙද මුන් කවදාවත් මගේ හීනේ ඉටු කරගන්න දෙන්නේ නෑ නේ... අද තියන එකට වඩා හොඳ එකක් හෙට එනවා.....:D

    ReplyDelete
  16. මේ වගේම එකෙක් ඉන්නවා අපේ යාලුවෙක්.මූ හොදයි තව,ඒකා ගත් කටටම කියන්නේ...
    ඕක හරියන්නේ නෑ බන්..ඕක හරියන වැඩක් නෙමෙයි කියලා...

    ReplyDelete