Saturday, September 29, 2012

සැනසීම ලැබනු කෙලෙසක දෙපසකට ඇදෙද්දී..

   ඉරෝමි සමඟ වූ නව නාටක වැඩි දිනක් යන්නට මත්තෙන් නිර්මලාට ආරංචි විය. මා නිර්මලාට ඒ කතාව කීවෙමි. ඇගේ මුහුන වට අඳුරු රේඛාවන් කීපයක් ඇදෙන්නට විය. මා එවිට යමක් නිශ්චය කර ගත්තේය. එහෙත් ඒ කුමැක්දැයි මට විස්තර කල නොහැක.
දිනක් දුම්රියක අපි කොළඹ සිට කළුතරට යන ගමනකි. සාමාන්‍යයෙන් සති අන්තයේ දිනවල ඇය කාර්යබහුල වුවත් ඇයට සතියට මෙතෙක් ඉපයිය යුතුයැයි නීතියක් තිබුනේ නැත. ඇය කෙසේ හෝ ඇගේ වාසනාවට හොඳ බ්‍රෝකර්වරුන්ට හසු වී තිබුනි. බ්‍රෝකර්වරු විසින් සිය ගණිකාව ආරක්ෂා කරන අතරම ඇයට වැඩ එනවිට විශාල ප්‍රමාණයක මුදල් කොටසක් ඩැහැගැන්මද සිදු කරයි. පොරොන්දුවන මුදල තීරණය කරන්නේ බ්‍රෝකර් වරුය. එයින් අනිවාර්යෙන් සියයට පනහකට ආසන්න මුදලක් හෝටල් වලටත් ත්‍රිවිල් වලටත් බ්‍රෝකර් වරුන්ටත් බෙදී යයි. නිර්මලා හෝ එවන් අයට හිරිහැර වන විට බේරුම් කර දීමට මේ බ්‍රෝකර් වරු සමත්ය. එසේම නිර්මලා නොකී යම් කිසි ආරක්සාවක්ද ඇයට තිබිය හැක. නැත්නම් ඇයට මේ ලෙස නිදහසේ සැරිසැරීම ගැටලුවක් වනු ඇත
 
මට දිනක් බස් රියේ මිතුරකු හමු වුනි. හේ තෙමේ නිකම්ම නිකං නිකමෙක් ලෙසය පෙනුනේ. නිකමට කතා බස්කල මා එවිට යම්කිසි ආයතනය තිබු රක්ෂාවක් ගැන ඔහුට කීවෙමි. ඒ රක්ෂාවට ඔහු ගිය අතර මා හට ස්තූති කොට ඔහු මට දුරකථන ඇමතුම් දුන්නේය. තරමක ගබඩා පාලක තනතුරක් වූ එයට එතරම් ස්තූති වන්ත වූයේ මන්දැයි මා නොදනිමි. නමුත් පසුකලෙක ඒ අහිංසක පෙනුමැති කොල්ලා පොලිසියෙන් සොයන නමගිය අපරාධ කරුවකුගේ ළඟ ඥාති සහෝදරයෙක් වග දැනගන්නට ලැබුනි. ඒ කොල්ලා අපරාධ කරුවෙකු නොවුවත් ඔහුටද විටෙක හිරිහැර වේයැයි බියෙන් හෝ වෙනත් හේතු පිට සැඟවී සිටින්නට පමණි ඔහු රැකියාවක් සොයා සිටියේ..
නිර්මලා එකල ගෙවු ජීවිතය මටද හරියාකාරව සම්පූර්ණයෙන්ම ග්‍රහනය කරගත නොහැකි විය. එහෙත් මා ඉදලා හිටලා බලන පත්තරයක මැද පිටුවක එදිනම ගණිකාවක් හමුවන මාධ්‍යවේදියෙක් ගණිකාව සමාජය හා ඇගේ ජීවිතයම එකවර ග්‍රහණය කර විග්‍රහ කොට ඇති අයුරු මට පෙනේ
 
මා කාර් රථය නිවසේ තිබුන මුත් දුම්රියේ බසයේ යෑමට ප්‍රිය කලෙමි..නිර්මලා සමඟ ගමන් බිමන් යෑම මගේ යට සිතට ගෙන ආවේ ප්‍රීතියෙකි.. කාර් රියේ මා රියදුරු වනවිට නිර්මලා ඔහේ බලාගෙන යයි. නමුත් දුම්රියේදී බසයෙදී දෙදනාම පෙම්වත්හු වෙති..
අපි දැන් යලි්ත් දකුණු මුහුදු වෙරළ අසබඩින් ඇදී යන දුම්රියට නිර්මලා සමඟ ගොඩ වෙමු. දුම්රිය මැදියට ගොඩ වුනු මහලු මිනිසෙකි. ඔහු අතේ බෙරයකි. ඔහු නලවමින් වනමින් බිම වාඩිවීගෙන ගීතයක් ගයයි. මුහුදේ නදත් දුම්රියේ නාදයත් අතර අර සින්දුව අපිට ඇහෙනවා මදිය. නිර්මලා එය පෙන්වා අපි එතන්ට යමුදැයි ඇසුවාය. නමුත් මා ඇයට පිස්සුදැයි අසා නිහඩව සිටියෙමි. ඉන්පසු යලිත් ඇය බොහෝ උනන්දුවෙන් ඒ මිනිසා දෙස බලා සිටී. මා ඇය වෙත හැරී එහෙනං යමු යැයි කීවෙමි.

මා නැගිට ගත් නමුත් ඇය නැගිට්ටේ නැත. මා ඇයට අත දුනිමි. අපි ගොසින් ගීගයන්නා අසල හොඳින් ගීත ඇසෙන තැනක වාඩි වී ගීත ඇසුවෙමු. බොහෝ ජෝතිපාල ගීතවල රිද්මය පසක ලා ඔහු කැතට ගැයුවා මට මතකය. නමුත් නිර්මලා ගිත තුනක් ගායනා කරන ලද අර මනුෂ්‍යයාට රුපියල් සීය්ක දුන්නාය. මා දුන්නේද රුපියල් දහයක් පමණි. පව් නේදැයි අසා ඇය දුම්රියෙන් ඉවත බලා ගති. මා හිඟන්නන්ගේ මරි වැඩ ගැන් මා දන්නා දේ කියන්නට කට ඇරි මුත්..

වයසට ගිහිල්ලා වැහැරිලා....ඒ මනුස්සය ගොඩක් අමාරුවන් සිංදු කිව්වෙ” යැයි නිර්මලාම කී නිසා මා කරබාගෙන සිටියෙමි.. ඇය වැරහැලි අඳින තරමක් අපිරිසිදු හිඟන්නන්ට යාචකයින්ට ගී කියන්නන්ට මුදල් දෙයි. නමුත් කෙතෙක් අලංකාරව ගී විරිදු කිව්වත් හොඳ පෙනුම සහිත අයට එතරම් දීමට ඇය කැමති නැත. ඒ ඇගේ හැටිය. ඒ කුමක් නිසා වීදැයි මා නොදනී. සමහර විට නිතර ඇයව තලන්නට සාරය බොන්නට වැල නොකැඩී එන මහත්වරු ඇයට අප්‍රිය වෙලා වන්නට පුලුවන..

නිර්මලාත් ඉරෝමිත් දෙදෙනා ගත්විට කතාවක් ගෙතීමට වඩා උචිත ඉරෝමිය. ඉරෝමි දෙයක් කියන වාරගානත් ඒ දෙය විස්තර කරන්නට යොදන වචන ගානත් බොහෝ වැඩිය. නමුත් නිර්මලා ඔහේ බලාසිටින ඇස්වලින් කන්වලින් අදහස් කීමට ලැදි යව්වනියකි. කොළඹ මා වැඩකරන කන්තෝරුව අසබඩ දිනක් බෝම්බයක් පුපුරා ගියේ ත්‍රස්ථවාදී කලබල නිසාය. ඉන්පසු පිලිවෙල අනුව අපේ කන්තෝරුවද බෝම්බයක ලක්වෙතැයි බියෙන් බොහෝ දෙනා කාර්යාලය හැර ගියෝය. කිසිවෙක් එයට විරෝ්ධ වුයේ නැත
  මා ඉරෝමිට කතා කලෙමි. ඇය යන එන කිසි තැනකට අදාලව මේ බෝම්බය නොතිබුනත් වැරදිලාවත් සිටියොත් යැයි සිතා ඇයට කතා කලෙමි. ඇයට කිසිදු අනතුරක් නොවූ අතර මාටද අනතුරක් නොවන බව දැන ඇය දරකථනය තබනවාත් සමඟම නිර්මලා කතා කලාය. කො කොහේද ඉන්නෙ? තාම ඔෆිස්ද? එන්නැද්ද? ආදී ප්‍රශ්ණ වැලකි..
කිසිදු ගැටලුවක් නැතිව මා ඉතාම හොඳින් ඉන්නා බව කීවත් නිර්මලාගෙන් බේරුමක් නැති විය. මං තව විනාඩි දහයකින් එනවා ඔතන්ට...ඔයා අනිවාර්යෙන්ම එලියට එන්න ඕනි හරිද? ඔතන ඉදලා ඊලග බෝම්බයක් වත් තිබුනොත්..හෙම...ඉස්පිරිතාල ගානෙ යන්නයි වෙන්නෙ..පන්ඩිතය නොවී ඉක්මනට ඇවිත් ඉන්නවා හොඳේ..
ඇය කියයි.

මා කරමින් සිටි වැඩය යලිත් පටන් ගත්තේ ඔය නිර්මලා කිව්වට එන එකක් නෑ කියන සිතුවිල්ලෙන් හෝ නිර්මලා එන්නට පරක්කු වෙයි යන සිතුවිල්ලෙනි. නුමුත් විනාඩි පහකින් ඇගෙන් ඇමතුමක් ලද මා බ්‍රිෆ් කේසය රැගෙන ගේට්ටුව ළඟට ගොස් ඇය සමඟ ගියාය. ඇය බොහෝ බය වී ඇති බවක් පෙනුනි. අනිත් දවසෙ තමුං ගැන හිතනවා...ලෝකෙ ගැන හිතන්න කලිං...මිනිස්සු ඔක්කොම යනකල් ඔයා ඇතුලෙ,,ඔයා යකඩද? ඇයි ඔයාට බෝම්බ වදින්නෙ නැද්ද
 
ඊළඟ බෝම්බයක් තිබෙන්නට හැකියාව අඩු බව ඇයට වැටෙහෙන්නේ නැත. එය කියලා ඇයට විස්තර කරන්නට බැරිය. මා කරබාගෙන සිටියෙමි.
ේම කිනම් කාරණය තිබුනත් අපි අතර මුදල් ගනුදෙනුව පෙර පරිදිම විය. එනම් මා සෑම ලිංගික එක්වීමකටම පාහේ නියමිත මුදල ඇයට ගෙවුවෙමි.. රැකියාවත් රැකියාව නිසාම මට ලැබෙන සැඟවුන මුදල්ද නිසා මා යම්තාක් ධනවතෙකි.. ආන්ඩුවේ චක්‍රරලේඛවල ඇති වැටුප් තල පමණක් මට ලැබුනි නම් හෝ මේ රැකියාවට අදාලඅනෙක් ආධායම් මාර්ග නොතිබුනේ නම් මට පුස් බයිසිකලයක් මිලදී ගැන්මටද එක් මසක වැටුපක් සරිලන්නේ නැත.. මට දිනක් මිතුරෙකුට මුදල් වගයක් දීමට සිදු වූ නිසා මුදල් අත ගැවසුනේ නැත. මෙතෙක් කාලෙකට නිර්මලා විසින් මුදල් ප්‍රතික්සේප කොට නැත. එසේම නිර්මලාට මා මුදල් නොදී සේවා ලබාගෙනද නැත.

එදින උදේ ඉරෝමිට ක්ලිනික් එකකි. කුලී රථයකින් ඇය රැගෙන රෝහලට ගෙනගිය මුත් තරමක පෝලිමක් එහි විය. ඇඳි රහිත පුටුවේ ඉරෝමි හා වාඩි වී සිටින විට මොහොතකින් ඉරෝමි මගේ පැත්තට වත්තන් විය. ඇගේ ළපටි ශරීරය මගේ ඇඟ දැවටෙන්නට විය. ඇය නිදි මෙන් සිටි මුත් ඇයට එය නොදැනුනා වන්නට නොහැක. මා ඉරෝමිගේ අතකින් අල්වා ගත් අතර ඇගේ පියොවුරු මගේ අතේ වදින්නට විය.. පෙම් කල දවස මා යම්තම් අතපත ගා ඇති ඇගේ පියොවුරු වලට වඩා අද දින යම් වෙනසක් ඇත. සමහර විට ගර්භනී කල පියොවුරු වෙනස් වනවා වැන්නට ඇත. ගැබිනි මාතාවක දෙස බලා ලිංගික සංකල්ප ඇතිකරගැන්ම අශෝබන වුවත් කාටවත් හිංසාවක් නැති සංකල්ප වලට නිදහසේ සැරිසැරීමට බාදා කිරීමට මා උත්සාහ නොකලේය
 
එහි ප්‍රතිපලය වූයේ දහවල් මිතුරකුගේ හදිසියකට මුදල් ටිකක් බැංකු ගත කර පඩි වැෙටන තෙක් රිම් එකෙන් යෑමට සිටි මා හට නිර්මලාගෙන් හෝ ලිංගික පහස දැඩි ලෙස උවමනා කිරීමයි. මුදල් නැති කල කතා කිරීම යුතු නැති වුවත්. බොහෝ කලක් දන්නා අඳුනන ඇය මා අවි්ශ්වාස නොකරනු ඇතැයිද එය විසාල කරුණක් නොවනු ඇතැයිද මා සිතුවෙමි. අනික නිර්මලා දැන් මා හට ප්‍රේම කරතිය්ද මා ද ඇයට පෙරලා ප්‍රේම කරතියිද මා සිතුවෙමි. මෙහි පෙරලා ප්‍රේම කිරීම යනු බොහෝ කලක් තිස්සේ සතියට වරක් දෙකක් ඇය ඇඳක් උඩ පෙරලාගෙන කරන සෙල්ලම නොවේය.

මගේ ළඟ සල්ලි ටිකක් මදි...
මං පඩිගත්තාම නොවැරදීම දෙනවා...
මට පොඩ්ඩක් ඔයාව රූම් එකකදි මීට් වෙන්න ඕනි වගේ..මේ දවස්වල වැස්සකුත් නෑ..හීතලකුත් නෑ..ඒත් අනේමන්දා අදනම් බෑ කියන්න එපා ඈ..
කවදත් මෘදු කෝමල වදන් වලිං යමක් සරසා දීමට අසමර්ථ මා අමුවෙන්ම කියා දැම්මේය..

ආ සල්ලි නැතුව නිකං එන්න නේ කෝකිල මහත්තය හදන්නේ...ඒව බෑ කෝකිල මහත්තය..සල්ලි නැත්තං ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරන්න හරි වෙයි ඈ...

හරි ඔයා මැෂින් එක හදාගෙන ඉන්න ලස්සනට මං කාඩ් එක අරං එන්නං කෝ..දාල ටෙස් කරල බලන්න...මෙච්චර කල් දාලත් මේ කාඩ්එකට මැසිම එපා වුන නැති හැටි නේද?

චික් වනචරයා..එන්න එපා ඕවට...හරි එහෙනං පහට...එන්නං..

වෙනදා පරිදි ඇය හමු වූ මුත් ඇගේ සෝක මුහුන මට නොදිරවන්නේ විය. ඇය කුමක් නිසා සෝක වී දැයි මා දැනගත්තේ පසුවයැ..

මා එදින කම් සැප ලබා ගොස් පසුදිනෙක ඇගේ හිඟ මුදල් දීමට සැරසුන විට ඇගේ ඇසට කඳුලු නැගුනේය. ඇයි නිර්මලා අඩන්නෙ... යැයි මා ඇසු කල..
නෑ නිකං යැයි ඇය කීවාය..

මා සිතා සිටියේ ඇය ඉරෝමි හා මා අතර ඇති රුවිත සම්බන්ධතාවට විරුද්ද වෙලාය කියලාය...
මං ගියෙ එයාට උදව් කරන්න නේ..අනික ප්‍රෙග්නන්ට් ලේඩ් කෙනෙක් එක්ක කවුරුත් ගියා කියල මොකො වැඩක්ය...ඔයා තේරුම් ගන්න නිර්මලා..එයාගෙ මහත්තය බිස්නස් කාරයෙක් සල්ලි මාරයෙක්..එයාත් ආසයි..තමුංගෙ දුක සැප නිතර හොයල බලනවට...
මං ඔ්‍යාට වෙනසක් කරල නෑනෙ...

නැහැ නැහැ කෝකිල එහෙම එකෙකට නෙමෙයි...මට ඔයා සල්ලි දෙනකොට මොකද්ද වෙනවා..ඒත් මෙතෙක් කාලෙකට ඒක දැනුනෙ නෑ. ඒත් අද ඔයා මට ණය සල්ලි දෙනකොට මට නිකං මං විකිනෙනවා කියල තේරනවා...ඔයා ඇයි මාව මිලට ගන්නෙ කියන්න දන්නෙ නෑ..ඒත් හරිනං මාත් ඔයාට සල්ලි ගෙවන්න ඕනිද මන්දා...නිර්මලා කිව්වා..

ඕක එච්චර ගනන් ගන් එපා නිරු...මේ කොල අස්සෙ මුකුත් නැ..ඒව ගැන වාත වෙන්න එපා...දැන් අඩන් නැතුව ඉන්න...මං යන්නම් රෑත් වෙනවා නේ...අම්ම බනිනව රෑ වුනාම..
අපි හෙට පොඩි ටිපක් යංෙකා් පැයක දෙකක විතර...
  

Friday, September 28, 2012

බැරි බර කරේ තියං යෑම


නිර්මලා සහ ඉරෝමි යන දෙන්නගෙන් මං කාටද වැඩියෙන්ම ආස. ඒක හරිම සංකිර්ණයි. ඒත් මේ දවස්වල වැඩිපුරම වාර ගනනක් ගැටෙන්නෙ නිර්මලා ඒ නිසා නිර්මලා ලස්සනයි. හොඳයි,..සුදුයි කියලා හිතෙනවා. දවසක් නිර්මලා ලා නිල්පාට ටී එකක් ඇඳලා ආවා ඩෙනිමට. එයාට ඒක ලස්සනයි. නිර්මලා බ්‍රෙසියර් ගන්නෙකාට හරියට තෝරලා ගැලපෙන එක ගන්නවා ඇති. එයාගෙ කුක්කු දෙක ඉස්සරහට ඇවිල්ල පේනවා ලස්සනට. මේකට පියයුරු කියන්න පුලුවනි. ඒත් ඒ වචනෙ දැම්ම ගමං මට මතක් වෙන්නෙ ඉස්සර ඉස්පිරිතාලෙ පියයුරු පිළිකා ගැන මව් කිරි දෙන එක ගැන අනම් මනම් තිබුන පෝස්ටර්. පියයුරු හොදයි ලෙඩ වුන තන් වලට කියන්න. නැත්තං කුක්කුව හරි තනේ හරි තමයි නියම සෙක්සුවල් ෆීලින් එක එන වචන..

නිර්මලා නිල්පාට ටී එක ඇඳන් ආවම මම කිව්වා මට හිතුනෙ දේ කෙලින්ම...”නිර්මලා ඔය බ්‍රා එක ඔ්‍යාට ලස්සනයි. ඒත් ඉරෝමි මේ වගේ එකක් ඇඳන් ආපු දවසක මං කිව්වෙ “ඔයාගෙ ටී ෂර්ට් එක ලස්සනයි ඉරෝමි “කියලා විතරයි. එයා බලාපොරොත්තු වුනෙත ්එච්චරයි. එතනින් එහාට ගියානං කියන්නෙ වෙන්නෙ ඔයාට අනික් අය ඉරිසියාකරන පපුවක් තිබෙනවා කියලා විතරයි. කෝ බෙසියර් එක හැලිලා එතන... ඒත් නිර්මලා එක්ක හැසිරෙනකොට නිදහස වැඩියි. හරියට ඇමරිකාවෙ ගියා වගේ කියලා හිතෙනවා.
මට ඔය ඔහොම ඉන්නකොට දවසක් ඉරෝමි හමුවෙනවා රෙදි කඩේකදි. ඒක හවුස් ඔෆ් ෆැෂ්න වෙන්න පුලුවන් නෝලිමිට් වෙන්න පුලුවන් කැන්ඩි වෙන්නත් පුලුවන්. ඒත් ඒක ගමේ පොලවත්,...රෙදි මාකට් එකවත් පෙටාවල දෙවනි හරස් වීදියවත් වෙන්න බෑ.මොකද මහත්තයෙක් වෙච්චි මමවත් ලස්සන මහත්තයෙක් කසාද බඳින්න හිතපු ඉරෝමිවත් තුන්වන පන්තියේ සේල් කඩවලින් පේමන්ට් එකෙන් හෝ්ල් සේල් වලිං රෙදි ගන්න රිංගන්නෙ නැති නිසා
 
ඉතිං ඉරෝමි ඇවිත් හිටියෙ ගෙදර වැඩකරන කෙල්ලෙක් එක්ක. මං ඒක දැනගත්තෙ පස්සෙ. මං ඉරෝමිව දැක්කා ෂර්ට් තෝරන තැනක. ඒත් නොදැක්කා වගේ උන්නා. එයා මාව දැකල ආවා. හායි කෝකිල කියාගෙන. ඒ හායි කෝකිල කියන එකේ හආයි කියන කෑල්ල එයාගෙ අලුත් වර්ෂන් එකක්. කියනකොට ලස්සනයි
 
එයා දැනං හිටියලු මට හිතපු නැති විදියට ප්‍රොමෝෂම ලැබුනා කියලා. යාලුවො කිව්වලු, එයා සතුටු වුනාලු. කවුරු හරි ගර්ල් කෙනෙක් එක්ක යනවා එයා දැක්කලු. දැන් ඉතිං මට හරිගිහිල්ල හින්ද එයා අමතක වෙලාද දන් නැහැලු. එයාගේ හස්බෑන් ඉන්නෙ රටලු. මාස දෙකකට තුනකට වතාවක් එනවලු. වෙඩින් එකෙන් පස්සෙ එයා රට ගියාලු. එහෙ ජොබ් කරන එක ලේසි කියලලු හස්බන් කියන්නෙ...

හරියට කතාකරන බෝනික්කෙක් ගත්ත වගේ..නැත්තං පිස්සියෙක්ට ගලකින් ගැහුවා වගේ..කපුටියක්ට කෑමක් හමුවුනා වගේ මාව ඉරෝමිගේ කෝච්චි කතාවට අහු වුනා. එදත් එහෙමයි. ඉස්සර කෝල් කරනකොට මං කරන්නෙ හුම් කියන එක විතරයි. ටොයිලට් එකේ ස්ටාෆ් එකේ අය ෆැසන් කරන හැටි පාරෙ යනකොට එයා දිහා කොල්ලො බලපු හැටි...අංකල් කෙනෙක් අනවශ්‍ය ලෙස හේත්තුව දාන්න ආහම එයා රවල රවල අංකල්ව දමනය කරපු හැටි...මට අහන් ඉන්න වෙනවා. එයාට බස් එකේ යනකොට හැමදාම කරදර කලේ අංකල්ල විතරයි. එක්කො එයා යන බස්වල යන්නෙ අංකල්ලා විතරයි. නැත්තං අංකල්ලට මෙයාව ෆේවරිට්... ඒක කියලා මං දවසක් බැනුං ඇහුවා ඉරෝමිගෙන්. පාලුව මකාගන්න රේඩි එකක් වෙනුවට ගන්න පුලුවං මහාර්ඝ වස්තුවක්
  අත්වලින් ඇස්වලින් කට ඇල කරලා කියනකොට මාර ලස්සනක් තියෙනවා. ඒකට නිර්මලා කුනුහබ්බයක් කිව්වත් කිසිම එක්ස්ප්‍රෙෂන් එකක් වෙනස් වෙන්නෙ නෑ. ඉරෝමි හරියට ටීවි එකක් වගේ මුහුන අතපය නිතර වෙනස් කරමින ්කතා කරනවා. ටීවි එකෙත් අපිට කියන්න බෑ මේ පැත්තෙ ඊලගට පේන පාට මොකද්ද ප්‍රෝග්‍රැම් එක මොකද්ද කියලා
 
ඇයට බඩක් තිබුනා. සිංහලෙන් කිව්වොත් දැන ්ඇය මාස හතර පහක ගැබිනියක්. මට ඇගේ මුහුන...රඟපෑම සියලු කල කෝලාහල අස්සෙ බඩ පෙනෙන්න ටික වෙලාවක් ගියා. මං ඒත් ඇහුවෙ නෑ ඒ ගැන. කෙල්ලට ලැජ්ජ හිතෙයි කියලා. මං කිව්වා ඔයා මහත් වෙලා කියලා. එතකොට ඔව් අනේ හැමෝම කන්න කන්න කියනවා නේ..මට කන්නත් බෑ මේ දවස්වල කියලා එයා කිව්වා. එයා මට සර්ට් එකක් තෝරලා දුන්නා. ඒක ලස්සන ඇති. ඉතිං ඉතිං කිය කිය එයා මාව එයාගෙ රෙදි තෝරන්නත් එක්කරං ගියා. මේක මැච් වෙනවද. ලස්සනයිද? මොනවද හලො ්බලන්නෙ කියනවකෝ? කියලා ඇය අලුතින් බැන්ද හෝ කලක් පෙම්කල යුවතියක් සේ හැසිරෙන්ට වූවාය. මට්ත් ඒ මනෝරාජික ලෝකයෙන් ගැලවෙන්නට කිසිම හිතක් පහල වුයේ නැත. ඔයා ආස නිල් පාට නේ??
කියා ගැබිනි මව්වරුන් අඳින ජාතියේ එකක් ඇඟට තියා ලස්සනදැයි කියා ඇස්වලින් අසයි..

එදින පැයක් විතර අපි රෙදි කඩයේ ගත කලෙමු. අවසන වෙන්වෙන තත්පරයේ ඇයට වේදනාවක් දැනෙන්නට ඇත. කෝකිල කෝ මිස්ටර් මට කාඩ් එකවත් දෙන්නෙ නැද්ද? ඒ ඉරෝමිය.. මං ගාව කාඩ් නැතිබවක් අැය දන්නවා ඇත. මා කාඩ් එක නොමැති බව කිවු විට..දැන් ඉතින් අපිට කතාකරනවට වඩා තරුණ මැනේජර් මහත්තයට වෙන වැඩ තියෙනවා නේ..අපිටත් ආරංචියි ටික ටික... ඇය කීවාය..පරණ නම්බර් එක වැඩ කෝල් එකක් දෙන්න හිතුනොත් දෙන්න ඈ.. ඇය කීවාය. අපගේ පෙම ්කතාව අවසාන වන විට ඇය නම්බරය වෙනස් කලාය. කෙතෙක් සිත ඈතට ගියත් ඒ නොම්මරය මගේ මතකයෙන් ඈතට ගොස් නැත. මා ගෙදර ගිය විගස ඇයට කෝල් එකක් දුනිමි. පැය බාගයක් ගිය ඉක්මන දැනුනේ අම්මා විත්...අද කන්නත් කලිං කනේ ගහගන තියෙන්නෙ කියලා කෑම කන්නට ආරාධනා කල විටය..
ඉරෝමිගේ කසාද මිනිහා අර්ධ ව්‍යාපාරිකයෙකි..කාර්යබහුල කෙනෙකි දක්ෂයෙකි....නමුත් පෙම් කිරීමට රවුං යෑමට වෙලාවල් වෙන් කරගන්නට තරම් හේ නිදහස් අයෙකු නොවේ. ඉරෝමිෙග් කසාද මිනිහා මා දන්නේ සුවල්ප වශයෙනි. නුමුත් මා එවන් රෝබෝටික්කලා සමාජයේ කෙතෙකුත් දකිති. වසර දෙක තුනකට පෙර මියගිය අපේ ප්‍රේමය එදාටත් වඩා හොඳින් උලුප්පා ගෙන නිරායාසයෙන්ම ඉරෝමි තුල පැනනැංගේ සැමියා නැමැති රොබෝටික්කා නිසාය

 ඔහු පෙනුමට හෝ හැසිරීමෙන් කිසිම වැරැද්දක් නැතුවා වන්නට ඇත. සමහර විට ඔහු පිටරට සිටින සමයේම වෙනත් කතුන් ගැන නොසිතා සිටින්නට ඇත. ස්කයිපිය හරහා නිතර කතා කරනවාද විය හැක. නමුත් මොනිටරය කිස් කිරීමට නොහැක. ආදරයෙන් වැළඳගත නොහැක. පෙම් බැලුම් හුවමාරුව පවා කල හැක්කේ අල්ප වශයෙනි. එසේ හෙයින් මසකට දෙකක වරක් ඉරෝමිගේ සැමියා ලංකාවේ සිටියත් ඇයට විශාල හිදැසක් ඇති යැයි මට සිතුනි.
ගැහැනු ගැහනු කෙතෙක් කතා කලත් හමු වුවත් පිරිමියෙකුගේන ලැබෙන රළු ප්‍රතිචාරවලට ඔහුගේ නොදැමුනු ගති වලට..සමහර ගැහැනු ආශා කරති. ඔවුන් ප්‍රේම කරන්නේ කීකරු සුවච බලුපැටියා මෙන් නිතර කැරකි කැරකි සිටින, අඩන වැලපෙන ටෙලිනාට්‍ය පෙම්වතාට නොව නිතර දඟකිරීමට වෙර දරන හිතුවක්කාර කම් කර සමාව ඉල්ලන සැබෑ ලෝකයේ පිරිමියාටය
 
සමහර විට ඉරෝමිගේ අම්මලාද කෙල්ලට දැන් මොනවද අඩු..වාහනද? අතට පයට වැඩකාරයොද? සල්ලිද ගෙවල්ද, හැමදේම තියෙනව නේ..,කියා සිතනවා ඇතිය.
පොඩ්ඩක් ඉතිං රට ගිහින් හිටියට මොකද මාසකට දෙකකට සැරයක් එනවා නෙව.. ඇගේ පියා එසේ කියනු ඇත
 
නමුත් ඉරෝමි සිතුදෙය ඉරෝමිට නොලැබී ඇති බවකි මට පෙනුනේ.. ඇය සිතාන සිටියේ වස්තු සම්බාර ඇති නිදහසද ඇති විවේක ඇති සැමියෙකුය. නමුත් ඇයට ලැබී ඇත්තේ එය නොවේය. ඇේග පවුලේ උත්සව වලට යාලුවන් ගේ උත්සව වලට ඉරෝමිට යන්නට සිදුව්න්ෙන් තනිවමය. සැමියා සිටියත් නිතර නොදකින නොපෙනෙන ඔහු ඒ සමාජවලට එතරම් නොගැලපේ. ගැලපුනත් එය වෙනත් සමාගමකි..

මා ඇය හා කතා කලාය...ඇය බොහෝ ලෙන්ගතු වුනාය. ඇය මව සමඟ ඉස්පිරිතාල ගමන නැවැත්වුවේ අනේ අම්මටත් හරි අමාරුයි මාත් එක්ක ගිහිල්ලා කියලාය. මසකට වරක් ඈට කිලිනික් දවස මට නිවාඩු දාන්නට වුනේය. මෙය ඉරෝමිේග මව්පියන් කැමති සංසිද්දියක් නොවේ. නමුත් එය එසේම විය. ඉරෝමිගේ සැමියාගේ නෑයින් තරම්ක ඉහල පැලැන්තියට අයත් පිටරට ජීවත්වෙන හෝ කොළඹ නොපෙනෙන සුපිරි පැලැන්තියේ අයවලුන්යැ. ඔවුන්ට ඉරෝමි ගැන සෙවීමට වගක් නැත. බොහෝ විට මා ඉදිරිපිට අර මහ ගෑනි සහ උලමා හොඳ මූන පෙන්වුවත් ඉරෝමිට බනින්නට ඇත
 
මහ ගෑනි සහ උලමා යැයි වයසක ඒ මිනිස්සුන්ට අපහාස කිරීම වැරදි බව මා දනී. නමුත් ඉරෝමි මට අකමැති වූයේ ඔවුන් නිසායැයි දැන් මට සිතේ. දැන් ඉරෝමි මගේ හොඳ ෆිට් එකකි. ඉරෝමි අකමැති වුයේ ඉරෝමිගේම සිතුවිලි නිසායැයි මා පිළිගන්නට දැන් සූදානම් නැත. මන්ද ඉරෝමි ඉතාම සමීපව මේ දිනවල සිටින නිසාය. එබැවින් ඉරෝමි මට අහිමි වීමේ සියලු බරපැන ඒ වලකජ්ජු එකතුකරමින් කොන්ද කැක්කුම තෙල් ගාමින් දේශපාලනය කියවන අසරණ දෙමාපියන්ට හිමිවිය.. .

කූඹි නොයන රස ගුල 3 කොටස.. නිමි..
 

Thursday, September 27, 2012

ඉරෝමිගෙන් වෙන් වූ සැටි


කූඹි නොයන රසගුල 2 කොටස

චමරි, මේනකා වාගෙම ඉරෝමිත් උඩ ලේයර් එකෙන් නවීන පරණ කේක් ගෙඩියක්. ටික දවසක් අයිසිං ටික ලෙවකන කොට පරණ බටර් කේක් එකට පොඩ්ඩක් සීනි වැටිච්චි පරණ කේක් එක සෙට් වෙනවා.. ගෙවල් කාර් ඕනි වෙනවා එතකොට. මුලින් අම්මලාට තාත්තලාට තමයි ඒවා ඕනි..ඒත් කතා කරගෙන යනකොට තේරෙනවා අ්මමලා කරපිටින් යන්නෙ දූලගෙ සිහින කියලා
 
මීට අවුරුදු තුනකට කලින් මං මේ වගේ තැනකට එයි කියලා හීනෙන් වත් හිතුවෙ නෑ. එතකොට මං මයින්නු අතර නිකම්ම මයිනෙක්. මයින්නු කියන්නෙ මයිනර් ස්ටාෆ් උන්. එකපාර දේශපාලනය මාරු වුනා. පක්ෂයවත් රජයවත් මාරු වුනේ නෑ. ඇමතිතුමා මාරු වුනා. ලොකු සීරියස් කේස් එකක් මනුස්ස ලෝකෙ වෙනකොට ඉස්සර කාලෙ සක්කරයගේ පස්ස රත් වෙනවා. ඉන් පස්සෙ ඉතිං සක්කරයාට හිටගෙන ඉන්න වෙනවා.

මේ ඇමතිතුමා කලින් අැමති තුමාගේ කොක්කක්. ඒකිව්වෙ ඒ දෙන්නා තරහයි. ඉතිං අර මට ඉහලින් හිටපු පුටු කිහිපයක් එකපාර නැතිබංගස්ථාන වෙලා ගියා. කොහෙන් හරි ඒ වෙනකොට එක්සෑම් කරලා පාස්වෙලා ගොඩක් අය හිටියත් උන් ඔක්කොම පන්දම් කාරයො. කවුරු පත්කරනවාද කියලා හිතාගන්න බැරුව ඇමටිතුමාගේ ලේඛම් තුමාත් ජෑ්ම වෙලා ඉන්න ඇත්තෙ. මාත් ඉන්ටව් ගියා.

මට ටිකක් වැඩිපුර ලකුණු තිබුනා.වගේම මං කරපු වැඩගැනත් හොද අයිඩියා එකක් තිබුනා. මං ගිහිං වාඩිවුනේම පුටුවෙ ඇලේට. මොකද මේක වැඩක් වෙන එකක් නෑ කියලා මට හිතිලා තිබුනා. ටයි එකක් අරන් යන්න ඉන්ටවු එකට කියලා අම්ම කිව්ව නිසාම ටයි එක ගත්තට ඒක සාක්කුවෙ තිබුනෙ. ඔයාට මේක ලැබුනොත්....කියලා මොකද්ද ප්‍රශ්ණයක් ඇහුවා ලේඛම් තුමා..
එතකොට මං කිව්වා නෑ සර් මං හිතන් නෑ මට මේක ලැබෙයි කියලා..

ඒ කියන්නෙ තමං මේ රස්සාවකට කැමති නෑ..සර් ඇහුව්වා..

කවුද සර් මැනේජර් කෙනෙක් වෙන්න අකමැති. මං ආසයි. ඒත් මට ලැබෙන එකක් නෑ. මං ඇමතිතුමා දන්නෙත් නෑ..ඔබතුමා දන්නෙත් නෑ. වෙන කාටවත් කඩේ යන්න මං දන්නෙත් නෑ..
ලේඛම් තුමාට ලැජ්ජ හිතෙන්න ඇති. මිනිහ මට ලියුම එව්වා. ඒ වගේම අනික් කඩේ ගිහිපු පකිස් බූරුවන් ගෙන් ටිකක් නල කාරයින්ට වෙන ඔෆිස් ලැබුනා. ලේඛම්තුමා හොඳ මිනිහා. මං කලින් මිනිහට කඩේ ගියෙ නැතිවුනාට දැන් නං කඩේ යනවා. මොකද මේ රස්සාව අයිති මිනිහට කියලා මට හිතෙන නිසා..

පව් ඉරෝමි. ඒ ගොං ගහ හිතං හිටියෙ මං හැමදාම මයිනෙක් වෙලා මෙතන ලොක්කො විසික් කරන ඕ ටී කෑලි...බටා කෑලි තව තව පොඩි ගැහිලි සම්තින් වලට කට ඇරගෙන බලං ඉඳීවි කියලා. එයා දෙතුං වතාවක් නෙමෙ හත් අටවතාවක්ම කියපු විදියට මං හැදෙන පාටක් නෑ..අඩුම තරමෙ හැදෙන්න ඕනි කියන අදහසවත් නෑ
ඇඹිලිපිටියෙ වතුපාලු කෙසෙල් ගසක් වැනි කකුලක්.. 
  මගේ මල්ලි මට ගේ ලියන එකක් නෑ. පොර රට හිටියට මෙහෙ ඇවිල්ල ඉන්න හිතන් ඇති. මට අලුත් ගෙයක් හදන්න ඉඩමකුත් නෑ. ගන්න කියල උනන්දුවකුත් නෑ. යන්තං ඉරෝමි මාව දාල ගියාට පස්සෙ තමයි මං කාර් බෑය ගත්තෙත්. හොඳ රෙස්ටොරන්ට් වලින් කන්නයි...ලස්සන හෝල් වලින් ෆිල්ම් බලන්නයි. සුපර්බ් තැන්වලින් රෙදි ගන්නයි...ඒ වා අස්සෙ තවත් සල්ලි ඉතිරිකරන්නයි පුලුවං කාටද? හරි අපි ඔඩෙල් එකට නොයා ගේ හදන්න ඒ සල්ලි ඉතිරිකරමු...
කියල කිව්වොත් ඒ කෙල්ල වැඩිදවස් ඉන්නෙ නෑ. ඊළග සතියෙ එයාගේ පරණ පෙම්වතා කෝකිල වෙනවා. එහෙම නැති කෙල්ලො ඇති. ඒත් අපි එක්ක යාලු වුනාම උනුත් අපේ ලෙවල් එකෙන් හිතනවා. මගේ යාලුවොන්ට ඉන්න පෙම්වතියො වෙන්න හදනවා. ටෙලි නාට්ටි වල ඉන්න වේස බඩු ටික වගේ වෙන්න යනවා. ඉස්සර ටීවි නෑ. නවකතා තිබුනත් දන්නෙ පංසලේ හාමුදුරුවො විතරයි..රේඩියෝ ත් නෑ. ඒ කාලෙ අකුලක් පල්ලෙ තියාං අපේ මුත්තල තල් අත්තට බොරලු ගහන්න වගේ අනින්ට ඇති..

ඒත් දැන් අපි අනින්ට යන කොට අනින්ට පෙර මොහොතක් කියලා පටන්ගන්න ෂෝ එක බල බලා ඉන්න වෙනවා අනින්න යන කාලෙටත් වැඩිය වෙලාවක්. සමහර විට දවසට පැය දෙක තුන මල් කඩල මාසෙං දවස් දෙක තුනක කාලෙ කැපකරලා තමයි අපිට කෙල්ලෙගෙන් විනාඩි දහයක සැප ඉල්ලගන්න ලැෙබන්නෙ. ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නෙමෙයි. ඒත් ඒක බිස්නස් එකක් නං කොච්චර ලේසිද
 
ඉරෝමි වගේ සරල සුන්දර කාන්තාවකට වඩා නිර්මලා වගේ බඩුවක් ලස්සන සුන්දර පිරුණු සරීරයක් මගේ ආදරයට සුදුසු වෙන්න ඇත්තෙ ඒ නිසා. මේ කතාව කියවන සමහර එකෙක් දැන් කට කොනෙකින් හිනා වෙනවා ඇති. ගොං හරකෙක් බඩුවකට සල්ලි දීල. අපරාදෙ නිකං ටෝක් කලානං ගොඩ නේ කියලා.

ඒත් කොළඹ තුන්වෙනි පංතියේ කෝච්චියෙ යන...උදේ 8.30 -1700 වෙලාවට කන්තෝරුවල වැඩ කරන. නිතර කාර්යාල සමාජය පමණක් ඇසගැටෙන අපිට උරුම වෙන්නෙ මේ ස්ටයිල් එක තමයි. මේසන් බාස් කෙනෙක්, රියදුරෙක්, කොන්දොස්තර මහත්තයෙක් නං අපිට වැඩිය සෙක්ස් ආතල් එක ඉන්කමින් ෆී පදනම යටතෙ ගන්නවා ඇති. නමුත් අපි වගේ කාර්යාල කාරිය රැකියාව කොටගත් අයට එහෙම ෆ්රී කාඩ් ලැබෙනවා අඩුයි. අඩුයි මිස නෑ කිවේ නෑ හරිය..!
ඉරෝමිගේ පෝන් එක බිසි වෙන්න ගත්තා. අයියෝ මට මීට් වෙන්න තියා හැරෙන්නවත් වෙලාවක් නෑ කියලා කියන්න ගත්තා. ඒ්ත අනික් පැත්තෙන් හිටපු එකත් එක්ක පෙරලෙන්නත් වෙලාව තියෙන්න ඇති. මං එක්ක හැරෙන්න වෙලාවක් නැති වුනාට..පස්ට ....සි. මේක මට අලුත් දෙයක් නෙමෙයි. මුලින් හමුවුනාම අපි නම්බර් ගත්තම අපිට හිතෙනවා මේ තමයි අපේ ඉරණංකාරි කියලා. ඒත් කාෙලකින් ඒක වෙනස් වෙලා යනවා..

එක දෙක තුන බිදිලා ගියෙත් ඒ විදියටමයි. හතර විදියට ඉරෝමි ගියාම මට ඒ විනෝදාංශය තිත්ත වුනා. ඇයි කියන්න බැරි උන්ට එහා පැත්තෙ තමුසෙට වැඩිය ලස්සන බුවෙක් ඉන්නවා මාත් එක්ක සෙට්වෙලා කියලා. ඇයි කියන්න බැරි?? ඕයි මට තමුසෙ වගේ උලමෙක් ඕනි නෑ කියලා කෙලින් කියන්න බැරි ඇයි කෙල්ලන්ට,,? 
 
එහෙම නෑ. හැමදාම නැති දේවල් හොයලා ඒ තැන්වලින් ගහනවා. හරියට ෆයිට් කරනකොට කකුල් දෙක අතරට ගහලා වල්ල කඩන්න හදනවා වගේ. යාලුවෙලා මාස කීපයක් ගියාම කාර් නෑ කියනවා, ගෙවල් නෑ කියනවා, ජොබ් එක ගැන ගෙදරින ්කැමති නෑ කියනවා. ඉතිං මීට මාස ගානකට කලිනුත් එහෙමනේ. අලුතින් වුන එකම වැඩේ මට වඩා ගැම්මක් තියෙන එකෙක් සෙට්වීම විතරයි.. 
 
බ්‍රොයිලර් කුකුලා ඉන්නෙ දවස් හතලිස් පහයි. ඒ ඒ දවසෙදි උන්ට දෙන කෑම අපි තීරණය කරන්න ඕනි..ඉන්ෙජක්ෂන් එක ගහන්න ඕනි.. තටු කපන්න නිය කපන්න ඕනි. එහෙම කලාම දවස් හතලිස් පහෙන් නියම බ්‍රොයිලර් කුකුලෙක් එනවා. කිලෝ එකහමාරක විතර. මගේ ගොඩක් යාලුවො මේ බ්‍රොයිලර්ස්ල වගේ. නිසි කල ඉගෙන ගන්නවා. නිසි පරිදි ඒ කාලෙට එක්සෑම් කරනවා. ෆේස්බුක් කෙල්ලො එක්ක චැට් කරලා හොදට සල්ලි තියෙන කෙල්ලො තෝරනවා. උන් එකෙක් බාගන්න හදනවා. ඉතිං බාගන්නවා.

හැමදේම ප්ලෑනින් ඇන් ඇනලයිසින් විත් සූටබල් මෙතඩ්ස් ඇන් ප්‍රොසීඩියර්ස්.
අර කුකුලාට ඉන්ජෙක්ෂන් ගහනවා වගේ නිසි දවසට නිය කපනවා වගේ, තටු කපනවා වගේම තමයි. ප්ලෑනින් නැතුව උන්ගෙ ජීවිතවල කරන්නෙ හචිමක් යැවීම, පිට කැසීම වගේ දෙයක් විතරයි. කොටින්ම මේ මහේෂාක්‍ය සමාජෙට හයියෙන් අරින පඩය දිරවන්නෙත් නෑ. ඉස්සර අපෙ මුත්ත පඩ අරිනව මහ සද්දෙන්. ඒත් අද මට ඔපිස් එකේ පඩයක් අරින්න නිදහස නැති හැටියක් බලමු. මොකටද මේ එක්සැකටිව් පුටුව.. වෙලාවකට හිතෙනවා.. 
 
සමහරවිට කලින් තිබුනු ප්‍රේමයේ ආලයේ අමිහිරි අත්දැකීම් නිසා මගේ ප්‍රොෆෙෂනල් ගණිකා ලව නොහොත් වෘත්තීය වේස ආදරය නැගලා ගියා. නිර්මලා ළමයිට හරි ආසයි.. ඒ හැර ගෙවල් කාර් ගැන,. ජීවිතේ ඉදිරිය ගැන... කොටින්ම හෙට ගැනවත් අයිඩියා එකක් නෑ. ඒක මාර ෆ්රීඩම් එකක්. යකෝ මේ වගේ නිදහසක් තියෙන ගෑනියෙක් බොලාට ලැබෙයිද? මං නිතර හිතුවෙ එහෙම..ඒක ඉතිං මට වාසි පැත්ත. ඒත් කවදා හරි ගෙදර එනකොට තේවතුර එක හදලා දෙන.. කන්තෝරුවෙ කේලං අහං මගේ දිහා බලං ඉන්න, කුස්සියට වෙලා වැරදි වැරදි දෙන්නා එක්ක උයන සිහින අපිට අයිති නෑ. ඒ දේව්ල නැතිවෙන්න මතක නැතිවෙලා යන්න මං මට ඕනි අයිසින් ටික ඒ කේක් ගෙඩියට දාගත්තා. ඒත් නිර්මලා මොනවා ආතල් එක විදියට මේ ලව් එකෙන් දාගත්තද කියන්න මං දන්නෙ නෑ..

Wednesday, September 26, 2012

ක්‍රිකට් මැච් බලන්න බැරි වීම

මේ දවස්වල ක්‍රිකට් උන්මාදය හැමතැනම පැතිරිලා. ලංකාවෙ ඒක වැඩිද මන්දා. මොකද ලෝක කුසලානයක්(T20 World cup) කඩා පහත් වෙලානෙ. පහුගිය දවසක මං ඔය මාලිගාවත්ත පැත්තෙ හවස 7.00ට විතර යනකොට දැක්කා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ලයිට් දාල තියෙනවා. ඉතිං ඒ හරියෙ වාහන ට්‍රැපික්(Vehicle Traffic) එකකුත් තිබුනා ටිකක් වෙන්න. මං ඒක මාක් කරගෙන බෝඩිමට යනකොට මැච්(match) එක බලනවා අපේ බෝඩිමෙ (Boarding Place) සෙනඟ ටික. ඉතිං මං පැනලා කිව්වා. ඔන්න ඔය මගුල නිසා බලහල්ල පැයක් විතර ට්‍රැෆික් බේස්ලයින් එකේ කියලා...බොලගෙ *කේ(Fucking) ඇටබෝල සෙල්ලම...
             එකෙක් හිනාවෙලා කිව්වා...මචං සූරියවැව(Hambanthota) මැච් එක තියෙනකොට කොහොමද බං කොළඹ ට්‍රැෆික් තියෙන්නෙ...ඉතිං මාත් ඇරියෙ නෑ..

එහෙනං ලයිට් දාල තිබුනෙ බබා වගේ..පැත්තම එලියයි..ඔව් ඉතිං අර පාටලියට ොමකෝ උගේ සල්ලි යනවයි අපේ නේ සල්ලි...නිකං දාගෙන ඇති....ටෙස් (test) කරන්න...

යකෝ නොදන්න මගුල් කියවන්නෙ නැතුව හිටපං ..ඒ ගහනව ඇත්තෙ මොකක් හරි ටෙස්ටිං(Testing) එක්ක වෙන්න ඇති...අනික වර්ල්ඩ් කප් ටුවන්ටි සීරියස් එකට වෙනම ජෙනි වලින්ලු ලයිට් දෙන්නෙ...උන් නැෂනල් සප්ලයි එකෙන් ගන්නෙ නැහැලු... 

දිගින් දිගටම ලද ප්‍රති ප්‍රහාර හමුවේ මං ටිකක් පහු බැහැලා ගියා.. 

ටිකට් ගැටලුව.. (Ticket problem)
මාත් ක්‍රිකට් ගැන දෙයක් වැඩිය නොදන්නව වුනාට නිකං ලැබුන නිසා පසුගිය වර්ල්ඩ් කප් (Odi World Cup) එකේ පකිස්ථාන් ඔසී මැච් එක බලන්න ගියා. මං හිතුවෙ හොදි නැතිවෙන්න ගහයි කියලා...සැහ් වැඩක් වුනේ නෑ...ඔෂි කස්ටිය 187ට ගියා...පකිස් බූරුවො ටික වෙලාවකින් ඒක ගැහුවා. මං ඉතිං ආයෙ මුත්ත පැල් ලගින්න යනවා වගේ එලියෙං බීම ලොකු බෝතලේකුයි...ආනමාලු ඇවරියකුයි...රෝස්පාන් හතරකුයි තව යාලුවකුයි සෙට් කරං ග්‍රවුන්ඩ් එකේ කන්ස්ට්‍රක්ෂන්(construction) වල හිටපු යාලුවෙක්ගෙන් නිකං ගත්තු ටිකට් දෙකක් අරං ගියා බලන්න මැච් එක...

මං අත්දැකීමෙන් දැනගෙන හිටියා ඇතුලෙ පාං කෑල්ලක් වුනත් පස්ට ගනන් කියලා..මේක මහ මලපෙරේත මෙතඩ් එකක් කියලා එකෙක්ට හිතෙන්න පුලුවන්..ඒත් ඉතිං බොන්න කාරිය ඕනි නං ඇතුලෙං බියර් වීදුරුවක් රුපියල් දෙතුං සීයට ගන්නෙ නැතුං වයිට් ලේබල්(white label) හැරි ජින්(lemon gim) හරි බාගයක් අරං ස්ප්‍රයිට් එකකට හරි නැත්තං ක්‍රිම් සෝඩ (Cream Soda) එකකට හරි මික්ස් කරල කූල්(cool) එකේම බීම එක වගේ ඇතුලට ගෙනියන්න පුලුවනි. ඒත් ඉතිං ටිකක් සල්ලි විසික් කරන්න පුලුවං නං ඔය කිසි දෙයක් අවුලක් නෑ..

ටිකට් කිය්නනෙ මාර ගැටලුවක්..තමුං කලිං හිටපු මාලිගාවත්ත පැත්තෙ රවුමක් දාල ආපු අපේ නවාතැන්(Bordin) මිතුරෙක් කිව්වෙ එයාගෙ යාලුවෙක් පනහෙ ටිකට් අටක් අරගෙන ඒ ටිකට් අට රුපියල් අටදාස් ගානකට විකුනලා රුපියල් අටදාහකට වඩා ලාබයක් ගත්තාලු. එහෙම ටිකට් ගන්න ඒ අය උදේ පාන්දර ඉදලා පෝලිමෙ හිටියාලු...ඒත් එක් අයකුට දෙන්නෙ ටිකට් හතරයිලු.. පස්සෙ වෙන කෙනෙක්ගෙ මාර්ගෙන් හරි නැත්තං වෙන මෙතඩ් (Method) එකකින් හරි මිනිහා ටිකට් අටක් අරගෙන.. 

ඉතිං එක යාලුවෙක් කිව්වා මේක අවුලක් නෑ මචං ඔය සල්ලි තියෙන උන්නේ ටිකට් දාස් ගනන් දිල ගන්නේ කියලා..

ඒත් මාලිගාවත්ත කොස්ගස් හන්දිය(Grandpass) පැත්තෙ කාලයක් බෝඩ් වෙලා හිටපු යාලුවෙක් කිව්වෙ..සමහර ලංකාවයි වෙනත් ලොකු රටවල් සෙල්ලං කරන දවස්වලට ඇඹිලිපිටය මොනරාගල බදුල්ල වගේ දුර පැතිවලින් මිනිස්සු එනවලු ලංකාව ගහන නැත්තං වෙන රටවල් ගහන මැච් බලන්න. ඉතිං එ මිනිස්සු ආහම ආයෙත් ටිකට් නැ කියලා හැරිලා යන්නෙ නෑලු..කෝමහරි රුපියල් දාහක් දිල ටිකට් අරං හරි බලනවලු..

ඒ දාහට දෙන පනහෙ ටිකට් සමහර වෙලාවට ආර් ප්‍රේමදාසෙ සෙකන්ඩ් අපර් (second Upper) එකට වගේ සෙට් වෙනවා. ඒත් සමහර වෙලාවට මැච් එකවත් හරියට පේන්නෙ නැති. ස්කුවර් බෝඩ් (scour Board) එක පේන්නෙත් නැති තැන්වලටත් ටිකට් ලැබෙන වෙලාවල් තියෙලු. ඒ වගේ වෙලාවට ඇතුලට ගියත් මැච් එක බලන්න වෙන්නෙ ස්ක්‍රින්(Screen) වලින් තමයිලු.. 

මේක ලොකු පස්නයක්. මාලිගාවත්ත පැත්තෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ටිකට් නිසා කීයක් හරි හම්බකරගන්න ලැබෙනවා. ඒත් ලංකාවෙ තණමල්විල බුත්තල, කහටගස්දිගිලිය, සියඹලාන්ඩුව, තලාව, කැකිරාව, වගේ දුර පැතිවල ඉන්න අයට ලංකාවෙ තියෙන මැච් එකක් බලන්නත් දඹදිව ගිහින් මැච් බලනවා වගේ ලොකු වියදමක් යනවා මේ වැඩ නිසා..

අපේ තව බෝඩින් බුවෙක් කියන්නෙ මේකට ප්‍රාදේශිය ලේඛම් කොට්ටාස (Divisioanl Secratarial Office) මට්ටමින් ක්‍රමයක් ගේන්න ඕනිලු මැච් ටිකට් දෙන්න හරියට ආහාර මුද්දර සමෘද්දිය දෙනවා වගේ සම්පකාරෙන් ටිකට් ගන්න පුලුවන් විදියට.
ඒත් තව යාලුවෙක් ඒකට විරුද්දයි මිනිහා කියනවා ඒකට ක්‍රමයක් ගේන්න ඕනිලු ක්‍රකට් ගැන දන්න අයට ක්‍රකට් වලට උනන්දුව තියෙන අයට චාන්ස් (Chance) ලැබෙන්න..

කොහොම හරි විවාදය අවසාන වුනේ ක්‍රකට් ලෝලින්ට ඕලෙවල්(O/L) ඒලෙවල්(A/L) වගේ පේපර් එකක් තියෙලා..ඒක අපක්ෂපාතීව බලලා ලකුණු දීලා.. ජනගහනය වැඩිවෙන දිස්ත්‍රික් වලට කෝටා එකකුත්...එතකොට නුවරඑලි පැත්තෙ ඉන්න අඩු ලකුනු ගන්නඅයට දිස්ත්‍රික් කුසලතා අනුව සැලකා බැලීමකුත් කරලා ඉසෙඩ් ඉස්කෝරු (Z Score) ක්‍රමයක් ආදේශ කරලා මැච් ටිකට් ලබාෙදන්න තමයි. ඒත් ඉතිං ඕවා ඔක්කොම කරලාත් අවසානෙ ටිකට් ගන්න උන් ආයෙත් ටිකට් විකුනුවොත් මොකද කරන්නෙ?
මේ පින්තූරෙ ඉන්නෙ කොදෙව්(west indies) නායක(captain) ඩැරන් සැමී..එයා නුවර ක්වීන්ස් හෝටලයේ බිලියඩ් සෙල්ලම් කරලා ඉවරවෙලා ත්‍රිවිල් එකක් ගෙනියන්න උත්සාහ කලා කියලයි කියන්නෙ ආතල් එකට..කොදෙව් වල ක්‍රිස් ගේලුත් හරි ආතල් බුවා. සමහර රටවල ක්‍රිඩකයො බොහොම සැහැල්ලුයි..ඒ අයට පරදිනවා දිනිනවා කියන්නෙ පස්ට දෙයක් නෙමෙයි. ඒත් මේ දකුණු ආසියාවෙ සංවේදි ජනතාවට මැච් එකක් දිනිනවා කියන්නෙ කඩේ බඩු මිල පවා අමතක වෙන දරුනු සීන් එකක්..

 සංගා පහුගිය කාලෙ ක්‍රිකට් වල ජීවගුණය ගැන කතාකලා..ඇත්තටම ක්‍රිකට් වල ලස්සන තියෙන්නෙ ඒක සැහැල්ලුවෙන් ගන්න කොට කියලයි මට හිතෙන්නෙ..ක්‍රිකට් වලට මැරෙන්න හදලා මිනිස්සු ගහ මරාගෙන අර ඉන්ඩියන් කාරයො වගේ ගන්න ආතල් නං මට දිරවන්නෙ නෑ..

අද පොඩි වැඩකට කොළඹ එන්න වුනා.. ඉතිං මං දැක්කා තාජ්(Taj) හෝටලේ ඉස්සරහ ඉන්ඩියන් ටීම් එක යන බස් එකයි... හිල්ටන්(Hilton) එක ගාව පකිස්ථානෙ යන බස් එකයි නවත්තලා තියෙනවා.. මං එනකොට දැක්කා ඔසී කාරයොන්ගෙ බස් එක නවත්තල තියෙනවා හිල්ටන් එක ඉස්සරහා... ඔසී උන් සුදු නිසා පේනවා ඇතුලෙ ඉන්නවා... අනික් ටීම් දෙකනං බස් සෙකෙ හිටියෙ නෑ.. ඉන්ඩියන් කාරයො මොන වැඩේට ආවත් ගොඩක් වෙලාවට නවතින්නෙ තාජ් එකේ..ඒක එයාලගේ ගතිය වෙන්න ඇති.. 
 මේ ඉන්නෙ සූරියවැව(Hambantota) හිටපු ලංකාවෙ චියර් ලීඩර්ස්ල නොහොත් ..... සිංහල වචනෙ නං මං දන්නෙ නෑ...කොහොම හරි ඉස්සර කාලෙ වැස්ස නැතිවුනාම තොවිල් නටනවා..එතකොට වහිනවා. ඉතිං මේ චියර් ලීඩර්ස්ල තොවිලයක් නටන්න වගේ තදපාට ඇඳුම් ඇඳගෙන විකාර රූපිව නටපු නිසා වැස්ස ආවා කියලත්...ඒ වැස්ස ආපු නිසා ඩිල්සාන් විසින් චියර් ගර්ල්ස්ලාට කියන තැනකට වඳින්නම් නංගි නටන්න නං..එපා . කිව්වා කියලත් මනුපොත නැමැති ස්ථානයේ පේජ් නැමැති සෙල්ලිපියක සටහන් වෙලා තිබුනා..

කොහොම වුනත් කැත චියර් ලීඩස්ල(Cheer Leaders) දාපු එකට කැමති වුනුත් ඉන්නවා. කස්ටියක් කියන්නෙ මේ මැච් පිටරට උන් දැක්කම හිතන්නෙ ලංකාවෙ කෙල්ලො ඔක්කොම මේ වගේ අජූත ඇති කියලලු..එතකොට සුද්දො හරි වෙන රටවල උන් හරි කවදාවත් මෙහෙ කෙල්ලො බලාගෙන නං එන්නෙ නෑලු...ඒ නිසා අවසාන වශයෙන් අපේ ලස්සන කෙල්ලො ඉතිරිවීම වගේම පිටරට උන්ට සෙට්වෙන කෙල්ලො අඩුවීම සිද්ද වෙනවා..

ඒකත් හොදයි එක අතකින්..මෙහෙ ඉන්න ලස්සනම ඉස්කෝලෙ අවුට්වෙලා වගේ යන ලොකු ගල් සහිත විශාල ඩිකි බපර් ටිකක් තෝරල ඕකට දැම්ම නං ආයෙ උන් අපිට අල්ලල හමාරයි.. දැන් ඒ අවුලත් නෑ. ඒව ටික අපේ අයට ඉතිරි වෙනවා.. 

කෝම උනත් මැච් දිනිනවාට මං නං ආස නෑ සතේකට..මොකද කෝච්චියෙත් කන්තෝරුවෙත් කැන්ටිමෙත් බස් වලත් කනක් ඇහිලා ඉන්න නැති නිසා... ලස්සන සෙල්ලං කාලයක් වේවා හැමෝටම..

කූඹි නොයන රස ගුල

මං ඒ දවස්වල ගොනෙක් ගැහුවෙ නැත්තෙ ඇයි....මට ඒක හිතාගන් බෑ...මචං අර ක්‍රෙඩිට් කාඩ් කම්පැනියෙ ඉන්න කෑලි වගයක් ඉන්නවා...එකක් පන්දාහයි...රූම් එකට දෙදාහයි ඔක්කොම අටක් විතර යන්නෙ..

දැන් බොට ප්‍රොමෝසන් එකකුත් ලැබිල නේ පලයං කෝ සැපක් ගන්න...කෑල්ලකුත් නැහැ...පිංගලයා වගේ වැල බල බල හිටපන්...

ම්ම් උන් හරි...ඒත් මට මහ කම්මැලි කමක් තිබුනා ඔය සමස්ථ ක්‍රියාවලියටම. කාර් එකක් රෙන්ට් කරගෙන අපේ යාලුවො කතා කරල සැට් කරගෙන යන්න ගියාම කරදරයි...

මං බඩුවක් ගහන්න ගියා කියල මුලු ඔෆීසියම දන්නවා නේ එතකොට. අනික මුං දැන් මගේ යාලුවො උනාට මුං ගොඩක් මට ජූනියර්ස්ල...මුං දැන් ඔය කිව්වට මොකද කවද හරි හෙන ලොකු කමට කියයි....

කෝකිලට බඩු සප්ලයි කරපු එකෙක් යකෝ මම...කියලා. දැනටත් මේකෙ ඉන්න ලොක්කො ඉස්සර රිංගපු තැන් කොරපු දේවල් මේ පරණ පියන්ලා රස දම දම කියවන්නෙ. අනික ඕව මහ පුරුද්දට ගියොත් පිච්චියට හිදෙන්න වෙන වැඩ.. ගෙදරට වෙලා නිකං බත් ගිල ගිල හිටියට සල්ලි නාස්ති කරන්නත් මොකද්ද වගේ..

ඔන්න ඔය කාලෙ තමයි මට නිර්මලා හම්බ වුනේ. නිර්මලා ගොනෙක් කියල තමයි හැමෝම කිව්වෙ...මේක නිකං අර ඇත්තුන්ට නම් දාන්නෙ සයුරි ඇතින්න අනං මනං කියලා. එහෙම නම දාපු ගොනෙක් නෙමෙයි. මේක බඩුවක්ලු.. අේප උන් ආයෙ ගැහුවෙ නැති වුනාට නිකං ඒ බඩුව ස්කෑන් කරලා වගේ ටෝක්ස් දෙන්නෙ.

මට කාර් එකෙක එන්න තිබුනා. ඒත් ට්‍රැෆික් එකේ යන එක අමාරුයි. පස්ට චාටර් ඔය වෙලාවට ට්‍රැෆික් එකෙ ඩ්‍රයිවින්. ඉතිං මං ආවෙ ගියේ වෑන් දෙකක. ටිකක් රෑ වෙනකල් වැඩ තිබුන නිසා මං යන්න ගත්තෙ හයහමාරට හතට විතර තියෙන වාහනේ.

ඔය වෙලාව වෙනකල් ඔෆීස් හැමදාම නෑ. එහෙම දවසට ළඟ බාර් එක්ක තියෙනවා. බාර් එකක් කිව්වට...උගේ ආච්චිට හාල් ගරන්න එතන පෙට්ටි කඩයක් වගේ. ඔය සෙට්වෙන එකෙක් නැති වුනාට එතන උන් හොදයි. අරූ කවුද මූ කවුද කියලා හෙවිල්ලක් නෑ. බිව්ව සල්ලි ගෙව්වා ආවා. ඉතිං හතරහමාරට ඔපිස් ඇරුනම පහ වෙනකල් වැඩ කරලා පනිනවා බාර් එකට...

මේ කවුරුහරි ගනිපු පිංතූරයක් මගෙ නෙමෙයි..
විසිල් ක්ලබ් කියලා නම ලොකුවට තියෙනව..ඒත් කිසිම රහක් නෑ. ඒත් අරක්කු ටිකක් දාගත්තම නිකං කික් එකක් එනවා.

ටික දවසක් නෙමෙ මාස ගානක් සති ගානක් මං ඔතනින් බිව්වා. බීල ටික දුරක් එහෙ මෙහෙ පාෙර ඇවිදිනවා කම්මැලි කමට. මං නගින හෝල්ට් එකට එහා හෝල්ට් එකේ ඉන්නවා බඩු හෙම. මං ඉතිං ගහන්න ගියෙ නැතත් ආ අරං යන උන් මෙහෙම ගහනව ඇති හරම ගහනව ඇති කියලා හිතන්න හරි පුලුවං නිසා එතන්ට ගාටනවා. කෝල් එකක් දීල වෑන් කාරයාට කිව්වම ඌ එන වෙලාවට එතනින් මාව ගන්නවා. නැත්තං උලව් වෑන් එකට යන්න කියලා මං කැබ් සර්විස් එකක හරි බස් එකේ හරි යනවා.

පස්සෙං පහු මං කන්තෝරු ඇරිලා ගෙදර යන්න වාහනයක් ගන්න එක නැවැත්තුවා..කැබ් එකක හරි බස් එකේ හරි තමයි යන්නෙ. ඉස්සර බස් එකේ නැගල හැංගිලා කොන්දට අහු වෙයිද කියලා බයේ යාන්තං කැම්පස් එක ගාවට යනකල් ඉබ්බා ගිහිං..දැං කැබ් සර්විස් එකට යන්න ලැබුනෙ නිදහස් අධ්‍යාපනෙ ්නිසා....නිදහස් අජ්ජාපනේ .....බංගවේවා...එතකොට මට එහෙම හිතෙනවා..

කෑලි බැලිල්ල නැගල ගියා. අපෙ ඔපිස් වල ඉන්න උන් පවුල් කාරයො නැත්තං යාලුවෙලා හෝ යාලුවෙන්න බඩු පස්සෙ යන උන්. උන්ට මාර හදිස්සිය ගෙවල් වල යන්න. හරියට නිකං ගෙදර ගෑනි මු එනකල් ඔක්කොම කරල සෙක්ස් කරන්න බලං ඉන්නවා වගේ. මටනං කිසි හදිස්සියක් නෑ.

මේ වැඩේ නැගලා ගියා. රස්තියාදු කෙලිල්ලත් නරකම නෑ. බාගෙදා ඔය බල්ලොත් එක්ක ඇහැකි වගේ නාට්ටිත් බලන්න යනවා. විට්ටර සුනිල් ලගෙ කෝලං සිංදු බලන්නත් යනවා. ඒ අස්සෙ ඉතිං මොකුත් නැතුව බීච් එකේ කැරකෙන වෙලාවල් තියෙනවා.

අනේ පවුලක් හිටියනං කියලා ඒ වෙලාවට හිතෙනවා. ඒත් බීච් එකේ හිනාවෙවි යන ගෑනු රෑට හරි සැර ඇති. මුං එක්ක යාලු වුනාම කරදර ඇති. හිතිං සිතුවිලි නැමැති බර ආයුධ දාල මං ඒ සැක්සි ඩ්‍රීම්ස් යටපත් කරගන්නවා...ඔය ඔක්කොම සෙක්ස් දෙපිටිං යන්න රෑට අසබ්‍ය දේවලුත් බලනවා. අසභ්‍ය දේවල් වලට නැබුරු වුනාම ඇත්ත ලෝකෙට මිනිස්සු එන්නෙ නෑලු. විකාර..උන්ට පිස්සු..ඔය යසට පවුල් කාරයෝත අසබ්ය දේවල් බලන්නෙ....

කෝ ඉතිං තාම කෙල්ල ගෙනාවෙ නෑනෙ. වටේ පිටේ හඳපලු විස්තර කලා මිසක. කෙල්ල තමයි නිර්මලා. නිර්මලා ඔහේ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොකේක හරි ඇවිත් කතාකරනවා. කතාකලාම මේකිත් කතාකරනවා. පස්සෙ වීල් එකක හරි කාර් එකක හරි නැගලා යනවා. නිර්මලා වැඩිවෙලා ඉන්නකොට මට ආතල්. ඒත් වැඩිවෙලා ඉන්නෙ ත් නෑ. හැමදාම එන්නෙත් නෑ.

දවස් දෙකක් නිර්මලා එක දිගට ආවෙ නෑ.. මට ඒ දවස්වල ටිකක් තද වෙලා තිබුනෙ. ගෙදරින් මගුල් ගේනවා. ඒ ගෑනු කැතයි. නිර්මලා වගේ පිරිලා නෑ. මෙලෝ රහක් නෑ උන්ගෙ මූනවල් නං...සික් දෙයියො ලෝකෙ මැවුවනං ඇයි කැත ගෑනු මැව්වෙ.. දෙයියොන්ට මෝල්.

ඔන්න තුන්වෙනි දවසෙ නිර්මලා ආවා. හැමදාම සෙන්නපෝකර වගේ බලා ඉදලා හරියන් නෑ මාත් දාන් ඕනි ටෝකක්. මං ටිකක් නිර්මලා ගාවට කිස්ටු වුනා.  ඇතින් ඉදන් මං නිර්මලා දිහාව බලං ඉන්නවා කියලා ඒ ගේනි දන්නවා. ඒත් මං කතාකරන්නෙ නෑනෙ. මං අද ගියෙ කතාකරන්න. මං ළඟට එනකොට නිර්මලා ටිකක් බයවුනා.

නිර්මලා මට ඔයාට කතා කරන්න ඕනි...
(කෙල්ල බයවුනා වගේ පෙන්නුවාට..ඒ බොරු වෙන්න ඇති)
ඔව් මහත්තය කියන්න
නිර්මලා ඔයයි බඩුවක් නේද?
කොහොමද ගන්න හෙම?

බඩුවක් නේද කියලා ඇහුවම නිර්මලා ගේ ඇස් උඩගියා. ඒත් එක්කම පුදුමයට පත්වුනා. කොහොමින් හරි එරර් ෆයිල් එකක් රන් වෙලා වගේ නිර්මලා ස්ටක් වුනා..
එතකොටම මට මතක් වුනා..සමහර විට නිර්මලා හිතනවා ඇති මම පොලිසියෙ හරි සී අයි ඩී එකේ හරිකියලා..

නිර්මලා මං පොලිසියෙ නං කවදාවත් බඩුවක්ද කියලා අහන්නෙ නෑනෙ...මං වැඩකරන්නෙ අර ඔපිස් එකේ මේං මගේ අයි ඩී එක...මං මැනේජර් කෙනෙක්...ඒකෙ..

හුම් තුන්දාස් පන්සීයයි කාමරේට දාහයි හාරදාස් පන්සියයි..

හාරදාහට කරන්න බැරිවෙයිද? මං ඇහුවා..

හාරදාහට ද? ම්ම් හරි එහෙනං කැබ් එකක් ගේනවද නැත්තං..විල් එකකද? නිර්මලා ඇහුවා..

එදා ගියාට මොකද මට නිකං මොකද්ද වගේ. මං නිර්මලාගෙන් ගොඩක් දේවල් ඇහුවෙ නෑ. මං පලවෙනි දවසෙ කීපවතාවක්ම ෆේල් වුනා. පස්සෙ පස්සෙ සමත් වුනා. නිර්මලාගෙ නම්බර් එක ඉල්ලගත්තා මම. පස්සෙ පස්සෙ මං එනවනං දවාලියෙං කෝල් කරනවා එයාට. එයා ලෑස්තිවෙලා මං කියන තැන ඉන්නවා..

ඔය අස්සෙ මට නිර්මලා එක්ක ලව් කරන්නත් ඕනි වුනා. දැන් අහවල් වැඩේ නං හරි. ඒත් ලවු කරන්නත් ඕනි වගේ කියලා හිතුනා. මං කිව්වා. නිර්මලා ඔයා ෆ්රී දවස් හෙම මොනවද? කියල අහලා ඒ දවස්වල නිවාඩු දාලා හරි නැත්තං සෙනසුරාද ඉරිදා හරි මං ලව් කරන්නත් ගියා..

කන්න බොන්න නිකං ලැබෙන නිසා නිර්මලා නිකං ඉන්න ඇති. අම්මලටත් කිව්වා මං මේ දවස්වල රට ඉන්න ගෑනු ලමයෙක් එක්ක කතා කරනවා. එයා රට ඉදලා එන්නෙ තව අවුරුදු දෙකකින් කියලා. බාගෙදා මං නිර්මලා එක්ක රවුං ගහනවා කියලා අම්මලට ආරංචි වෙන්න ඇති. ඒත් නිර්මලා කවුද කියලා එයාල දන්නෙ නෑ..

ලොකුම අවුල තමයි මං එක්ක ඉන්නකොට නිර්මලාට කෝල් එන එක. මං බොහොම හොදින් කිව්වා. මට ඒක අමාරුයි කියලා. පස්සෙ නිර්මලා පෝන් එකේ ඕනිම කෝ්ල් විතරයි ආන්ස් කලේ...

නිර්මලා වෙන කොල්ලො එක්ක නිදාගන්න ඇති. මං ටික දවසක් යනකොට ඒකට පුරුදු වුනා. ඒත් මට කෙල්ලො ඇති කියලා නිර්මලා සැක කලා. එයා මට කෙල්ලෙක් නැ කියන එක සම්පූර්ණයෙන් විස්වාස කලේම නෑ. කොටින්ම අපි බීච් එකේ ඉන්න වෙලාවක සුද්දියෙක් ගල් එලියෙ දාං යනකොට...කෝමද හෙන පස්ට නේ කිව්වත්...
කෝලං...කියලා නිර්මලා අහක බලාගන්නවා.

සාමාන්‍යයෙන් බඩු වල කට සැරලු. ඒත් නිර්මලා ටිකක් සයිලන්ස් හෝ මට විතරක් සයිලන්ස්... නිර්මලා ගන්න සල්ලි වලින් සියයට තිහක් විතර චන්ඩින්ට දෙනවා. කප්පම් දෙනවා. නැත්තං නිකං ඇදං ගිහිල්ලා සල්ලි නොදී මාරුවෙන වසවර්තියොන් ගෙන් ගැලවෙන්න බැරි නිසා.
කොහොම උනත් මගෙත් එක්ක වැඩිය තිබුන ඇයි හොදයිය ගැන නිර්මලාගේ යාලුවොවත් නිර්මලාගෙ බිස්නස් ඩීලර්ලවත් කැමති වුනේ නෑ. ඒත් හැමෝම ගානට මෝරා කරලා නිර්මලා හිටියා..

ඇයි නිර්මලා වෙන මිනිස්සු එක්ක ගියෙ නැත්තෙ? ඇයි මාත් එක්කම ආවෙ?
ඔය කිව්වට වෙන උන් එක්කත් යනව ඇති..

මං ඒ පැත්ත හිතන්න ගියෙම නෑ. අපි කතාකරලා දවසක් වෙලාවක් දාගෙන එදාට සතුටු වෙනවා. ඒක මහ කෘතිම සතුටක් වෙන්න ඇති. කෘතිම උනත් ඒක සතුටක්...

ඒත් හැම සෙක්ස් ඩීල් එකෙකින් පස්සෙම මං නිර්මලාට හරි ගානට සල්ලි බේරුවා. කවදාවත් හෙට දෙන්නං වත් කිව්වෙ නෑ..

හැමදාම සල්ලි කිසි අපහසුවෙකින් තොරව ගන්න නිසා මං හිතුවා මං සල්ලි වලට ලව් කරනවා කියලා. ඒකෙ බෙනිෆිට්ස් වැඩියි කියලත් මං හිතුවා. හරියට නිකං එකම සර්විස් එකේ ෆ්රී හෝ ඉකොනොමික් සර්විස් එකයි බිස්නස් ක්ලාස් එකයි වගේ...මට එතකොට ලැබුනෙ බිස්නස් ක්ලාස් ලව් එකක්..නරකම නෑ වැඩේ..


කූඹි නොයන රසගුල 01 වෙනි කොටස හමාරයි..

Monday, September 24, 2012

අනඳ සිරිපාල හටන (Ananda try to Siri wife)


ආනන්ද සහ ආනන්දගේ පවුල හැන්දා කරේ ඉරබැහැගෙන එන ජාමේ ගෙදර සිටින විට බීගත් සිරිපාල ආනන්දට බැන අඩගසමින් ආනන්දගේ ගේ ඉදරිපිටට එයි..
සිරිපාල...
අඩේ ආනන්ද
තිබේනම් කොන්ද
හැංගිලා මන්ද
වරෙං බොල පෙන්ද
 
ආනන්දගේ පවුල...
අමණ සිරි පාල
මොලේ නැති රාල
ඇවිත් මත් වීල
උස්සලා පොල්ල ගස්සලා දමය්
ගේ ඉදිරිපිට...

ආනන්ද..
උස්සා ගසන පොලු තී හට වදිනවද
ගස්සල දුවන කොට උඹහට පාන්ද
නිකං ඇදෙන නයි රෙද්දට මක්කටද
බැනලා පැනල යන්නට දී ඉන්නවද..
 

සිරිපාල....
මාගෙදර නැති වේල්
කවුද ඇවිදින් රාලේ
මගෙ ගෑනි හා ආලේ
තියෙයනං වර පිරිමි ජාලේ.....
ඒ ඒ එ....
 
තොගෙ කැසට මේ වෙසක් කූඩුව
පණ ඇති ඇට කැසිලි කූඩුව
බැදගත් එකේ වාඩුව
ගන්නෙ පැනලද මගේ කූඩුව......අඅ
 
ආනන්ද පවුල... සාලෙට එයි සිරිපාල දෙස බලයි..
 
ඒ කිට තරම් මට කක්කා බරක් නැත
ඒ නිසා මගේ පුක එහෙමට හැදිල නැත
උඹ නැති වුනත් ඒකිට අඩු පාඩු නැත
උඹෙ මහගේ ගෙ ළිඳ කිසිදා පාලු නැත..

මහ උන් නැති තැනදි පැල වෙත එබීලා..
ආරච්චියා මුල් කළ ඇගෙ ළිඳ බලාලා..
ඒ ලිං වතුර ගම හැමටම බෙදාලා..
දුන් පට්ටිනිය නාවල තියපං වහලා..
 ආනන්ද...
යසයි නොවැ කෙල්ලේ
ගැහුවා වගේ එල්ලේ
දැන් සිරියා ඇසිල්ලේ
දුවනවා ඇති ගෙදර පල්ලේ....

ආනන්ද පවුල...
මං නැති අතර අන් කොටු පනිනට යන්නේ
ගිහිං ඇවිත් ගෙයි මුල්ලේ තැති ගන්නේ
උඹ වගෙ වාහෙ පොල් පිත්තෙනු කපන්නේ
කපලා හිච්චි කල ලෙස මං දක්කන්නේ

මගෙ කටු කෑලි උඹ හට මදි වූ හන්දා
වෙන වෙන මසැති ඌරන් පසුපස රන්දා
ගිය මුත් විරිය මද මේ ආනද පෙන්දා
ඒ කාරියත් බාගෙට කොරලද මන්දා..

ආනන්ද...
මා වෙල යන කලට සිරිගේ වත්ත උඩින්
අයියෝ දෙයියො කියලා හඩ ආව සැරෙන්
බියවී මාත් රිංගා සිරි ගෙදර වැරෙන්
බැලුවා කුමක් වීදැයි විමසලා ඇසෙන්...

සොල්දර උඩ තිබුන හට්ටිය ගන්නට නැගලා
සිරිපාලගේ ගෑනිය පය බුරුලට වැටිලා
තඩි ඊරියක් පත බෑ ලෙස සාලෙට වීලා
මා යනවිට කටින් පිඹිනව සද්දෙට දාලා...

ආනන්ද පවුල....

තෝ ගිහිල්ල ඒ ගෑනිගෙ දෙතොල් ගෙන විසේ
මිරික මිරික මස් හයියෝ කියා දස දෙසේ
අල්ලපු ගෙදර හිච්චං එක දැකලා ඇති ලෙසේ
කොලේ කෝකදෝ කියහං නොදා මුසා බසේ

ආහ් ආහ් ගාමින් කෑගැසුවෙ වැටිලද
මිනිහ එද්දි දිව්වෙ උඹට මරුව වැහිලද
සුදු උනාට මම චීනෙක් වගේ පෙනුනද
කොන්ඩ බැදපු චීන වගේ මාව පෙනුනද?

ආනන්ද...  ( මෙතැන මහගේ යනු පවුල භාර්යාව යන අර්ථයයැ)
 
ඉඳ හිට මදිපාඩු වාසි වෙනව නොවද මහගේ
ඔබ හැර වෙන කිසි සැපතක් ඕනෑ නෑ මහගේ
මාමේ තැනු කුඩා මාලිග සිරිය තියෙන පොඩිගේ
දහක් වටනවා කෙල්ලේ .තුහ් සිරියගෙ මහගේ..

ආල ලීල කෝල වැඩවලා මයෙ ලඟ ඉන්නයි
ඉඳල හිටල කොරන වැඩට සුලු සමාව දෙන්ටයි
ගෝරනාඩුෙ නොකර කෙල්ල මේ හරියට එන්ටයි
මයේ හුසුම පොදට සහනෙ බෙදන්ට සැරසෙන්ටයි..

ආනන්ද පවුල...

ඕන විටදි පාන වගේ වැනි වැනි ලඟ ඉන්නයි
නාන විටදි ගෑනු දිහා හොරට බලං යන්නයි
පේන ඇසිල්ලක් ඇත්තං කොටුවක් පැන ගන්නයි
දාන බස් නුඹේ කට වෙත හෙන ගෙඩියක් එන්නයි...

.එය කියාගෙන ආනන්ද පවුල කුස්සියට පද්දයි.
එකනෙහිම හෙන සද්දයක් එයි...ආනන්ද පවුල බයවෙයි...ආනන්ද කට අල්වා ගෙන පහත් වෙයි...

ආනන්ද පවුල.

කෝ උඹෙ කටට හෙනයක් විත් වැදුනාදෝ පැටියෝ
මා කිව් දෙයක් විසවී ගෙන ආවාදෝ පැටියෝ
තෝ හට විසක් වූවොත් මා ඉන්නෙ කෙලස පැටියෝ
මාදෙස මොහොතක් බලහං මැරෙන්ට පෙර පැටියෝ..

ආනන්ද නැගිටියි නැගිට බිරියගේ කට කයි...ඉන්පසු තිරයේ කොටුයයි කතාව නවතියි..මඳකින් හුම්..යයි සද්දයක් එයි.

ඔන්න යාලුවනේ කුනු කන්ද පෙරලුනා ඈ..

පුංචි පැංචි කියල කිඩ්ස් පෝගැම් එකක් ඉස්සර ගියා..ඒකෙ හැමදේම වගේ කියන්නේ එක ස්ටයිල් එකකට.. ඔන්න යාලුවනේ අපි අද බලමු මාලතී නැන්දා අපිට මොනවද ග...