Sunday, March 3, 2013

දිරන පෙම


දිරායනවා වැනි ඔබේ ඔය කෙසඟ රුව
සරා සඳක් මෙන් මාසිත වසඟ කරන
නුරා කැල්මන් නැතත් ඇස් අග කෝල කරන
සදාදර …............ ඔයා තාමත් මගේ නෙතු අග සිහිනයේ

විලාසිනියක් ලෙසින් තොල්පට සායමින්
පියරු ක්‍රීම් ගවසා විලවුන් සුවඳින් සහ අබරනින්
සැරසී දහසක් නෙතු හරවා සැනින් ගියත්
ඒ කිසිත් නැතත් මට ඔබ ලක්ෂනයි.. …. කුමරිය..

සිහින් නඳින් මගේ දිහා බලා කියූ දේ තවත් නැහැ එන්නේ
ඔබේ ලඟ ඉද්දි සිතේ ඇතිවුන උනුසුම පමනි තවමත් ඇත්තේ
හුදෙක් මනුස්සත්වයට කතා කලත් එදා ඒ විදියට
මගේ සිත දනීද ඒ මනුස්සත්වයේ සීමා මායිම..

ටජ් මහල් හදන්නට මට ලෝන් ගන්නට බැරි මේ අස්තිර රස්සාව
දඩුමොනරේ තබා සයිකලයක් අරං පදින්නටවත් කෙලිලොල් නැති කම්මැලිකම
මොඩ් වී පොස් වෙන්නට තියෙන ආදිකල්පික අකමැත්ත
හෝ වෙනත් දේ හරහට ඉඳීවි මා ඔබට ආලය කරන්නට..

වැටිලා ඉන්නට හැමෝටම වලාකුල් කෑල්ලක් ලැබෙන..
කන්නට බොන්නට අවැසි විට කල්ප වෘක්ෂය අසල පෝලිමට සෙට් වෙන්න ඇහැකි
යන්නට වාහන නැතුව පා‍වී යන්නට හැකි දිවියෙ ලෝකක දි අවිවාහකව ඔබ මට හමුවේවා..
මට හැකිවේවි චාටු කතා වලින් මගේ වලාකුලට ඔබ ඇදලා ගන්න.. එවිට..

ඒත් මට බයයි..ෂක්‍රයා මාතලී හෙම සුවර් නැහැ.. උන්ට ගොඩක් පවර් ඇති..
සුන්දර හුරුබුහිටි ඔයා මගේ ලග ඉන්නකොට උන් ඇවිත් ගහලා අරං යයිද දන් නැහැ..
ඒවා දිවිය ‍ලෝකෙ විස්තර තියෙන පොත්වල ලියවෙන එකක් නැහැ...
දිවිය ලෝකෙ අයිටී එන් එකේ පෙන්නාවි ලක්ෂන කුමරියක් කැමැත්තෙන් සක්‍රයාට ඇවිත් කියලා..

මට නෙතු ගැටනු පිණිස
ලඟ පාත්තියක පිපුන මල
අනුන් සතු වෙන තුරු
කවි ගොත ගොත වැලපෙන වා හැර

ප්‍රතික්ෂේපිත වන්නට දෝ හෝ
මනාපයක් දමා ඇවිත්
සිත තලාගන්නට
නොසිතේ.

3 comments:

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...