Tuesday, March 5, 2013

සිරිපා ගමන.Tour of adam's peak

මම සහ යාලුවො පිරිසක් පහුගිය දවසෙ සිරීපාදෙ වඳින්න ගියා.. අලුත් අත්දැකීම් කිහිපයක්ම අපිට ඒ ගමනදි ලබාගන්න පුලුවන් වුනා..

සිරිපා යන්න දවස් දාගන්න හැටි.. 
සිරිපාදෙ වඳින්න යනවානම් පෝයදවසෙවත් දිග නිවාඩු කාලවලවත් යන්න හොඳ නැහැ..ඒ වගේම ජනවාරි සිට මැයි දක්වාවෙන සිරිපා සමයෙන් පිට යන එකත් හොඳ නැහැ...දිග නිවාඩු පෝය නිවාඩුවලට සිරිපාදෙ ඕවලෝඩ් වෙනවා..එතකොට ඉහල හරියෙදි එක පඩියෙ විනාඩි තිහ හතලිහ ඉන්න වෙනවා..මොකද පෝලිම ඉස්සරහට යන්නෙ නැති නිසා.. ඒ වගේම අවාරෙ යන එකහොඳ නැත්තෙ අවාරෙට කවුරුවත්ම නැහැ..අපිට කන බොන දේවල්..බේත් හේත් වැස්සට ආවරණයක් මොකුත්ම නැහැ ඒ කාලෙට..ඒ කාලෙට ගියාම කරදර වැඩියි..ඊට අමතරව ඒ පැත්තෙ ඉන්න සතා සිපාවට හෙම ඒ ටික දවසෙවත් විනෝදෙන් ඉන්න ඉඩ දෙන එක අපේ යුතුකමක් වෙනවා.. 

සතියෙ දවස්වල ගියාම කිසි කරදරයක් නැතුව ගමන කරගන්න පුලුවනි.අපි ගියෙත් සෙට් එකම නිවාඩු දාල..ගිහිපු අය එකම වර්ගයේ රස්සා කරන අය වුනාට වෙනමම අංශ වල නිසා ඒ තරම් අවුලක් වුනෙ නැහැ.. .සතියෙ දවස්වල දුම්රියෙ ආසන වෙන්කරගන්න එක..බස්වල ආසන වෙන්කරගන්න එකත් අපහසු වෙන්නෙ නැහැ.. දුම්රියෙන් හැටන් වලට ආසන වෙන්කරගෙන යන එක ගොඩක් ලේසියි.. 
අපි ගිය දුම්රිය මැදිරිය 

මමනම් සිරිපා යන්න අනුමත කරන්නෙ බස්රිය හෝ දුම්රිය තමයි..මොකද හැටන් වලට ගියත් රත්නපුරේට ගියත් වාරෙට සිරිපා යන බස් තියෙනවා..කෝචිචය හැටන් වලට ගියාම හැටන් වලින් සිරිපා යන බස් එක ස්ටේෂම ඉස්සරහාම තියෙනවා..ඒ නිසා නල්ලතන්නියට,හැටන් වලින්  කෝචිචයෙන් බැහැලා පැයකින් විතර යත හැකි.. ගොඩක් මිනිස්සු ගැවසෙන කාලෙට සිරිපාදෙ යන පාර පාමුල නල්ලතන්නියටම යන්නෙ ලංගම බස් එක විතරයි..අනික් වන්දනා නඩ වලට නල්ලතන්නියෙ ඉදලා කිලෝමීටර තුන හතරක් දුරින් පාක් කරගන්න වෙනවා.. 

ඉස්සර අපේ පැරැන්නො පාවිච්චි කරලා තියෙන්නෙ රත්නපුර පලාබද්දල හරහා තියෙන රජ මාවත..ඒ වගේම තවත් පාරවල් දෙක්ක ඉස්සර කාලෙ සිරිපා කරුනාකරන්න තිබුනා කියලා පොතපතේ සඳහන් වෙනවා.. මේ රජ මාවතේ නගින හෝ බහින අයට අවස්ථා කිහිපයකදී යුග ගනනාවකදී තිබුන පියගැට අත්වාරු හෙම දැකගන්න පුලුවන්.. රත්නපුර පැත්ත දුර වැඩි වෙන්න එක හේතුවක් තමයි මුහුදු මට්ටමින් ගත්තාම පලාබද්දල  හැටන් වලට වඩා පහලින් පිහිටා තිබීම.. සිංහෙලෙන්ම කිව්වෝත අපි හැටන් වලින් නගිනකොට කන්දක් උඩ ඉදගෙන තවත් කන්දකට නගිනවා..නමුත් රත්නපුරේ ඉදන් නගිනකොට තැන්න ඉදගෙන සිරිපාදෙ පේන්නෙවත් නැති අන්තයක ඉඳන් සිරිපාදෙ නගිනවා..මම නම් පුද්ගලිකව ආශා කරන්නෙ රත්නපුර පාරට..රත්නුපුර පාරෙ ගොඩක් තැන් අවුව වැටෙන්න නැති හෙවන තියෙන වනාන්තරය මැදින් වැටිලා තියෙනවා.. ඒ වගේම පැරණි අම්බලම් මංකඩවල් ආදිය ඒ විදියටම තියෙනවා.. 

හොඳම පාර මොකද්ද ? 
කෙටිම පාර තමයි නල්ලතන්නියෙන් පටන් අරගෙන යන හැටන් පාර.. රත්නපුර පාරත් දැන් නවීකරණය කරලා සිමෙන්ති පඩි හොදට හදලා තියෙනවා.. ඒත් රත්නපුර පාර කිලෝමීටර ගනන නල්ලතන්නියෙන් යන කිලෝමීටර ගාන වගේ දෙගුණයක් විතර තියෙනවා.. මීට අමතරව තවත් පාරක් කුරුවිට පැත්තෙන් තියෙනවා..ඒක රත්නපුර පැත්තෙන් යන පලාබද්දල පාරට වඩා කිලෝමීටර තුනක් විතර වැඩියි.. කොහොම වුනත් ලොකු නඩයක්..පොඩි ලමයි ආච්චිලා හෙම යනවා නම් රත්නපුර හෝ හැටන් පාර හොඳයි. ඊට අමතරව තව දැරණියගල ආදි පැතිවලින් පාරවල් තුන හතරක් තිබුනත් ඒවා එතරම් ජනප්‍රිය නැහැ..ඒ වගේ කැලෑ පාරවල් වල යනවානම ඒ සඳහා විශේෂයෙන් සැරසිලා යන්න ඕනි.. කන්න බොන්න දේවල් වගේම පාරවල් හොයාගන්න තාක්ෂණික උපාංග ආදියෙන් සන්නද්ධ වෙලා තමයි කැලෑ පාරවල් වලින් සිරිපා කරුණා කරන්න යන අය යන්න ඕනි..මොකද සමනල අඩවිය කියන්නෙ විශාල කඳුකර කැලෑ බද ප්‍රෙද්ශයක්.. 
රත්නපුර පැත්තෙන් උදේ පාන්දර සිරිපා ඡායාව 

ආදි කාලෙ අනුරාධපුරේ ඉදලා මොණරාගල ගාල්ල පැත්තෙ ඉදලා ජනී ජනයා සිරිපා කරුනාකරේ ගමේ ඉදලාම පයින් තමයි..කරත්ත පාරවල් පවා ඇතිවුනේ පසු කාලෙක..අන්දරේ හිටපු රාජසිංහ වකවානුවෙ පවා පුත්තලමේ සිට නුවරට ලුනු ගෙනියලා තියෙන්නෙ කරත්ත වල නෙමෙයි..බූරුවන්ගේ පිටේ.. ඒ කාලෙ හරක්ගේ පිටේ බඩු ගෙනියන්න ඇති..ඒත් කරත්තයන්න පුලුවන් මට්ටෙමේ පුලුල් මාවත් ඇතිවෙන්න ඇත්තෙ සුද්දො රට ඇල්ලුවාටත් පස්සෙ.. ඒත් සිරිපා ඉතිහාසයේ ලිඛිත සාක්කි අනුරාධපුර යුගේටත් කලිං ඉදලා තියෙනවා.. ඒ නිසා සිරිපා යන අය ගේ දොර ඉඩකඩම් පවා ලියලා තමයි ගිහින් තියෙන්නෙ.. ශ්‍රී පාදස්ථානය පිහිටලා තියෙන්නෙ සමනල කන්ද උඩ ගලක..මේ ගල් කුට්ටියට ගොඩවෙන්න දැන්නම් පඩි තියෙනවා..නමුත් මීට අවුරුදු අසූවකට විතර එපිට ඒ ගල උඩට නගින්න වෙලා තියෙන්නෙ යකඩ දම්වැල් වල එල්ලිලා.. බොහොම අවධානම් ගමනක්...අලි කොටි වලස්සු ඉන්න මහා වනාන්තරේ මැදින් ලංකාවෙ හැටියට උස කන්දක පිහිටලා තියෙන සිරිපාදෙ වඳින්න මිනිස්සු පාර හොයාගෙන ආපු එකම ලොකු පුදුමයක්..දැනටත් රත්නපුර පලාබද්දල ගමට සිරිපාදෙ පේන්නෙවත් නැහැ..ඒත් යසට පාර තියෙනවා.. 

සිරිපා ගමනේදි..සීතල වැස්ස ආදිය.. 
සිරිපා යන්න තියෙන අනුමත කාලෙදි වැස්ස අඩුවුනාට වහින්නෙම නැහැ කියලා ගැරන්ටියක් දෙන්න බැහැ..අර බයික් වල යනකොට වගේ දාන රේන් කෝට් එකක් අරං යන්න හැකිනම් වැස්සට වගේම සීතලටත් හොඳයි.. අපි රෑ නැගලා උදේ ඉරසේවෙ හෙම බලන්න උඩ නැවතිලා ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන්ම සීතල අඩුවෙන ජැකට් ආදිය ගෙනියන්න වෙනවා..සෞම්‍ය කලාපයෙක අයෙක්ට වුනත් උඩ තියෙන පිනි ගතිය..සහ සීතල ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් රෑට එතන නිදාගන්න ඉන්නකොට.. අපි නැගලා බහින්න යනවානං මොකුත් ඕනි නැහැ ඇඳන් යන ටී ෂර්ට් එක වුන්ත ඇති..මොකද අපි වෙහෙසෙන කොට සීතල දැනෙන්නෙ නැහැ..නමුත් උඩ නවතිනවා කියන්නෙ සීතල අපිව ආක්‍රමණය කරනවා..එතනදි පිහිටට බෙස් සීට් ජැකට් බ්ලැන්කට් ආදිය තියෙන එක හොඳයි..කුඩා දරුවන්..මහලු අය හෙම එක්කරං යනවා නං ඔන්න පෙර සූදානමින් යන එක වැදගත්.. මේ කියන්නෙ මහලු අය කුඩා අය එක්කරං යන එකහොද නැහැ කියලා නෙමෙයි..ඕනි තරං හැට පැනපු ආච්චිලා පොඩි දරුවො සිරිපා කරුනාකරනවා..නමුත් ඔවුන්ට සීතල වැස්ස ආදිය බලපාන විදිය මහ මිනිස්සුන්ට ඒවා බලපාන විදියට වඩා වෙනස්.. 

ගෙනියන ජාති.. 
එකපාරකින් නැගලා අනික් පාරෙන් බහින්න යනවානම් අපිට බෑග් මග තියෙන කඩවලට දීලායන්න බැහැ.අරං යන්නම වෙනවා..ඒ වගේ වෙලාවට මල්ලෙ බර අඩුවෙන එක හොදයි කියලා අමුතුවෙන් කියන් ඕනි නැහ නෙව..අනික නාන්ට අඳින්න හෙම ඩෙනිම් වගේ එවුවා ගත්තම ඩෙනිම් වල බර තෙමුනාම බොහොම වැඩි වෙනවා..කොහොමද තෙමිච්ච ඩෙනිම් කිලෝ තුන හතරක් අරන් උඩට නගින එක.? 

.මම හැටන් වලින් නඩ දෙකක් එක්ක නැගලා බැස්සා..ඒ දෙපාරම අපි නාන තැන තියෙන කඩේ ක මලු තියලා ගියා..ප්‍රශ්ණයක් නැහැ..මලු සහ බඩු තිබුනා..ඒත් සුවර් එකක් දෙන්න බැහැ නෙව..හොරා කොතනද උපාසකයා කොතනද කියලා අපි කොහොමද දන්නෙ.. ගෙදර තියෙන අල්මාරියෙන් බාගයක් විතරයි..මේක් අප් සැට් එකයි දාගෙන ගමන් යන එක ලංකාවෙ ගෑනුන්ගේ පුරුද්ද..සිතලටත් එක්ක ඇඳුම් දෙක තුනක් බැලැන්කට් එකක් පොඩි තුවායක් සරමක් ආදිය තිබුනාම ඇති කියලයි මම හිතන්නෙ.. නගින්න යනකොට වැඩිය හොඳ සපත්තුද සෙරෙප්පුද නිරුවත් කකුල්ද කියාල හරියටම කියන්න බැහැ..මම ඔය තුන් විදියටම ගිහින් තියෙනවා...කිසි අවුලක් නැහැ..ඒත් වැසි කාලයකදි නම් අර ස්පොට් සපත්තු තෙමුනාම තියෙන සනීපෙනම් කියලා වැඩක් නැහැ.. 

අවසානෙට හැම පරිසර ගැනතියෙන ලිපිය ගැන වගේම මේකෙදිත් පරණ තැටියම දාන්න වෙනවා..අපේ අයට කෑම කවර වැදගත් වෙන්නෙ කෑම එක කන කල් විතරයි..ඉන් පස්සෙ බිස්කට් කවර කෑම කවර වැදගත් නැහැ..ඒවා හලලා යනවා..උඩ තියෙන කුනු බාල්දිවලට ඒවා දැම්මත් ඒ වැඩකරන අයට ඒවා අරං පහලට බහින එක ලොකු වදයක් නෙව.. ඒනිසා තමුං ගෙනියන කෑම කාලා කුනු ඉතිරිවෙන ඒවා ආයෙම බෑග් එකේ දාගෙන ඇවිත් පහලම තියෙන කුනු බාල්දි වලට දාලා යන්න පුලුවන් නම් ඒක හොද පුරුද්දක්...අපි වගේම අපේ පුතාලට දුවලට මුනුබුරාලට මිනිබිරීටලත් මේ ලක්ෂණ චාරිකාවේ සුන්දර අත්දැකිම් ඉතිරිකරන එක අපේ යුතුකම වෙනවා... නැත්නම් සිරිපා කරුණාව නිකම් තවත් එක  පොතක තියෙන පාඩමක් වගේ එකක් වේවි අනාගත පරපුරට.. 

7 comments:

  1. මේ දේවල් ලියලා තියෙන එක වටිනවා. කවුරු හරි අවබෝධයක් ගනීනේ.

    ReplyDelete
  2. අහම්බෙන් ගොඩ වැදුනේ...වටිනා ලිපියක්...සිරිපා කරුණාව කියන්නේ බොහොම සුන්දර අද්දැකීමක් නේද......? මටත් පාරවල් කීපයකින්ම යන්න ලැබිල තියනවා...වැඩියම හිතට අල්ලලා ගියේ කුරුවිට පාරයි රත්නපුර පාරයි..තවත් පාරක් තියනවා මරේ වත්ත පැත්තෙන්...මට නම් හිතෙන්නේ එක නලලතන්නියට වඩා ලඟයි කියල.හැබැයි එකත් මගදී මහගිරිදඹේට එකතු වෙනවා...දැරණියගල පාරින් නම් යන්න ලැබිල නෑ...-පොලිතින් කතාව නම් ඇත්ත...කොච්චර කිව්වත් මිනිස්සුන්ට නම් ගානක් නැහැ..:(

    ReplyDelete
  3. එක්කෝ ශ්‍රී පාදය කියන්න නැත්තම් ආදම්ගේ පාදය කියන්න.. ශ්‍රී පාදය ඉංග්‍රීසියෙන් කියන්නෙත් Sri pada කියලා. නැතුව Adam's peak නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මගේ බූරු පුතේ. තොගේ ආච්චිට හාල් ගරන්න.මුංට සුද්දො හදපු පාරෙන් සුද්දො හොයාගතපු ඇදුං ඇදගෙන...සුද්දොංගෙම වාහන වලිං ගිහිං සිරිපාදෙ වදින්න පුලුවං සුද්ද දාපු නමින් සිරිපාදෙ හදුන්වන්න යනකොට කහනවද?

      Delete
  4. ලිපියත් ලස්සනයි පිංතූරෙට ඊටත් වඩා හිත ගියා.

    ReplyDelete
  5. නියමයි නලීන් අයියා කියපු එකත් හරි

    ReplyDelete