ට්‍රැෆික්..
පරංගියා කෝට්ටේ යන්නේ කොළඹ කොටුවේ සිට කෝට්ටේ වෙතය.මෙකල කෝට්ටේ සිට කොටුව දක්වා දුර කිලෝමීටර 15ක පමණ දුරකි ඇත්තේ..සතියේ දිනක උදේ හතට කොට්ටෙන් බසයක නගින අයෙකුට කොළඹ කොටුවට ලඟාවීමට හැකි වන්නේ උදේ 0830ට වෙයි.. එවිට කිලෝමීටර 15ක දුර යෑමට කොළඹ නගරය තුල පැය එකහමාරක් ගතවී ඇත. මෙය අතිශයෝක්තියක් නම් නොවේ..පාසැල් ඇති දිනෙක ජ පුර කෝට්ටේ සිට කොළඹ කොටුවට එතරම් වේලාවක් පුද්ගලික වාහනයක සිටියදී පවා ගතවෙයි. මෙයට හේතුව නම් අධික වාහන තදබදයයි.. මේ වාහන තදබදය නැතිකිරීම සඳහා පාරවල් පුලුල් කිරීම නව පාරවල් ඇතිකිරීම ආදිය වර්ථමානයේද සිදුවෙයි..නමුත් නව පාරවල් ඇතිකිරීම පමණක් මෙම අධිකතර වාහන තදබදය නැති කිරීමට හේතු වන්නේ නැත..
වාහන තදබදයට හේතු..
පාසැල් සහ අධාපනය හදාරන ළමුන්..
බොහෝ රටවල කුඩා ලමුන් පාසැල් යන්නේ පයින් හෝ විශාල බස්රිය දුම්රිය ආදියෙනි.නමුත් ලංකාවේ කාර් වලින්ද, බයික් වලින්ද, පාංගෙඩි වැනි වෑන් වලින්ද ළමයින් විශාල ප්‍රමාණයක් ගමන් පහසුව සලකා ගනිති. පාසැල යනු විශාල අධ්‍යාපනයක් ලබාදෙන සංකීර්ණ අධ්‍යාපන ආයතනයක් නොවුනත් ලංකාවේ පාසැල් වලට ඇත්තේ තරඟයකි..කොළඹ ඉස්කෝල වලට පැමිණෙන බොහෝ ළමෝ කුඩා පාසැල් දහයක් පහලවක් පසුකර අමාරුවෙන් තෙරපීගෙන පාසැල් එති.. එසේම බොහෝ අධ්‍යාපනික ආයතන සහ ටියුෂන් කඩද පිහිටා ඇත්තේ නගරබදවය..ටියුෂන් ලබාගැන්ම යනු විශාල ළමුන් පිරිසක් එකතැන එකතු වී කරන ව්‍යායාමයක් බවට පත් ව ඇති මෙකද ටියුෂන් ළමුන් අධිකව වැඩිවීම මේ නාගරික වාහන තදබදයට හේතුවකි..ඊට අමතරව වෘත්තිය අධ්‍යාපනය නැමැති නමකින් හඳුන්වන අධ්‍යාපනික ආයතන සහ උසස් අධ්‍යාපනික විශ්ව විද්‍යාල ආදියද නගරාශ්‍රිතවම ඇත. ඒ නිසා බොහෝ පිරිසට අධ්‍යාපනය නැමැති හේතුව පිට අගනුවරට අගනුවර තුලම විවිධ ස්ථාන කරා යෑමට ඒමට සිතුව තිබේ..නව පුද්ගලික උසස් අධ්‍යාපන ස්ථාන කිහිපයක් මාලඹේ මූලික කරගෙන පටන් ගෙන ඇති අතර එය යම්තාක් දුර නිවැරදි දෙයකි.. මන්ද අඩුතරමේ කොළඹ නගරයේ බොරැල්ල පසුකරන නුගේගොඩ පසුකරන දෙහිවල පසුකර ළමුන ්පිරිස යම්තාක් දුරකට හෝ ඒ නිසා අඩුවෙන හෙයිනි..
පාසැල් අධ්‍යාපනය ටියුෂන් වලින් තොර, පයින් ඇවිද යාහැකි තැනක පිහිටා ඇති සරල දෙයක් වුවොත් මේ කොළඹ වාහන ප්‍රමාණයෙන් සියයට තිහයකටත් වඩා අඩු කරගත හැකි වෙනු ඇත..පාසැල් වසා ඇති නිවාඩුදවස්වල සහ පෝය දිනවල සැලකිය යුතු ලෙස වාහන තදබද අඩු වන්නේ මේ හේතුව නිසාය..
කොළඹ කන්තෝරුවල වේලාව ..
කොළඹ පිහිටා ඇති ආන්ඩුවේ කන්තෝරු මෙන්ම පුද්ගලික අංශයේ කන්තෝරුද බොහොමයක් තවමත් ඇත්තේ ෆික්ස්ටයිම් හෙවත් 8.30ට පටන් ගෙන 5.00 හෝ ඒ ආසන්නයේ කන්තෝරු රාජකාරි හමාර වෙන ආකාරයටය..මෙය වෙනස් කර රාත්‍රි කාලයේ හෝ උදේ පාන්දර කන්තෝරු වැඩ කල හැකි ලෙස පද්ධති වෙනස් වනවා නම් වාහන අධිකතර තදබද අවස්ථාවේ පාරට එකතු වීමඅඩුවෙනු ඇත. මෙය බැලූ බැල්මට ඉතා අපහසු දෙයක් ලෙස පෙනුනත් දියුනු රටවල් වල මෙසේ අමුතු සේවාමුර ක්‍රම ක්‍රියාත්මක වෙයි..ලංකාවේද ඇඟලුම් කම්හල් ආදියෙහි සහ ණයකාඩ් ආයතන වල පවතින්නේ මේ ආකාරයේ සේවා මුර ක්‍රමවේදයකි.. එවිට ආයතනය මගින්ම ප්‍රවාහනය සේවයකයින්ට සැපයුවත් එතර්ම අවුලක් නොවන්නේ වාහන තදබදය අඩු වේලාවට සේවකයින් ප්‍රවාහන කිරීමට පහසු හෙයිනි.
අන්තර්ජාල කන්තෝරු භාවිතයේ අඩුව..
කොළඹ පුද්ගලික රෝහල් වල චැනල් ටිකට් ගැනීම, කෝච්චි ආසන වෙන්කරගැන්ම ආදී සීමිත සේවාවන් කිහිපයක් හැරුන කොට ලංකාවේ බොහෝ සේවා තවමත් ඇත්තේ කාර්යාලයට ගොස් රාජකාරි කරගැන්මේ ක්‍රමවේදයටය..ආන්ඩුවේ කන්තෝරු සහ පුද්ගලික අංශයේ කන්තෝරු ජාලකරණ ක්‍රමවේද හරහා වෙබ් අඩවි ඔස්සේ ගනුදෙනු ආදිය සිදුකරගන්නේ නම් මහ මග ගතවෙන කාලය අඩුය. උදාහරණ ලෙස ඔබට ලංගම බසයක ටිකට් බුක් කිරීමට නම් පිටකොටුව ප්‍රධාන බස්නැවතුමට ම ආ යුතුය..නමුත් මෙය ජංගම දුරකථන හරහා හෝ අන්තර්ජාල ඔස්සේ කරගත හැකිනම් ගමනට පෙරාතුව පිටකොටු බස් නැවුතුමට මනුෂ්‍යයින් පැමිනෙන්නට හේතුවක් නැත..කොළඹ ඇති කන්තෝරු ආදියද එසේය...ඒ කරන රාජකාරි වලින් බොහොමයක් ජාලගතකොට අන්තර්ජාල හරහා කරගත හැකිනම් ගම් වල සිටනදුප්පත් ජනයාද ඉන්ටනෙට් දන්නා කොල්ලකු ලවා එය කරගන්නා තැනට පත්වී එනු ඇත..එවි කොළඹ එන්නට යන මුදලින් අර කොලුවාට කියක් හෝ දුන්නාටද පාඩුවක් වෙන එක් නැත..
පයිං බයිසිකල් ජනතාව අඩුවීම..
ජපන් රටේ අගමැතිනිය පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන වගක් මා පුවත්පතක දිටිමි...ජපානය වැනි රටවල මිනිස්සුන්ට සල්ලි තිබුනත් ඔවුන් පා පැදි සහ පාගමන රාජකාරි කටයුතු වලට යොදාගනි..උදෑසනම කන්තෝරු යන පිරිස යලි නිවෙස් කරා එන්නේ ඉර හැරී සැන්දෑ වු පසුය..බස් හොල්ට් දෙක තුනක දුර පවා පයිං යන්නට බොහෝ ලාංකිකයින් මනාප නැත...ලංකාවේ කාටුන් වල පොදු මහජනයා යනු කෙට්ටු කේඩෑරි පාං කියාගන්නට බැරි චරිතයක් වෙයි..නමුත් සැබෑ ජීවිතයේදී අපට හමුවෙන බොහෝ දෙනා කඳ බඩ සහ දෙකලවා විසාල චරිත වෙයි.විෂේෂයෙන් කොළඹ කන්තොරුගත ජනයා කඳ බඩ පමණට වඩා මහත උදවිය වෙති..ගෙදර ගොස් දුවන ඇඳුමක් දාගෙන ගොස් දුවන්නට යනවා සේම දැඩි වාහන තදබද තිබෙන උදෑසන සහ සවස බයිසිකලයෙන් හෝ පයිං හෝල්ට් දෙක තුනක් හෝ යත හැකිනම් එය වැදගත් වන්නේ ට්‍රැෆික් නැතුව වැඩට යෑමට පමණක්ම නොවේය..
ව්‍යායාම සහ සරීර සෞඛ්‍යයටද එය වැදගත්ය.. අලුතින් කොළඹ නගර සංවර්ධන වැඩපිලිවෙලවල් යටතේ මාර්ග අලංකාරව තනා ඇතත් උදෑසන කන්තෝරු රාජකාරි සඳහා යන ජනයා හෝල්ට් දෙක තුනකටවත් ඒ මාර්ග පාවිච්චි කරන්නෙ නැත..කොන්දා මහතාට බැන ගෙන වලිදාගෙන බස් රියේ එල්ලී යනවාට වඩා විනාඩි තිහ හතලිහක් නිදහසේ පයිං ඇවිද යන්නට අපේ උන්දැලැට වෙලාව නැත..නමුත් බාගෙදා ඒ අයම දුවගෙන ගොස් ටැපික් අතිරින් රිංගා ගොස් කොරියන් ගෑනියෙක් රජ පවුලට උයන ආකාරය සුජාත දියනි ලෙස නරඹති..
පොදු ප්‍රවාහන දුර්වලතාවයන්..
වායුසමනය කරන ලද බස් රථ කිහිපයක් ලංගම මගින් ගාලු පාරට එක්කර දැන් මාස කිහිපයක් ගත වී ඇත..ඇමතිතුමා කලුතර ආසනයේ බැවින් ඒ බස්රිය බොහොමයක් ගාලු පාරටම යොමු වී ඇත..අනෙක් පැතිවලට විශේෂයෙන් 138,190,187,177,154 ආදි පාරවල් වලට ඒ සැප වායුසමනිත ලංගම බස් ලැබී ඇත්තේ අඩුවෙනි..මේ ආකාරයෙ සැපපහසු සීට් ලොකු පොතක් පතක් කියවාගෙන පෝන් එකකින් සිංදුවක් බල බල යතහැකි ආකාරයේ බස් ලැබෙනවානම් කාර් වල ක්ලච් එක උඩ අඩිය තියාගෙන දත් විකාගෙන එලවන කන්තෝරු මහත්වරු නෝනලාද බස් ගමනට මනාප වෙනු ඇත.. නැංග වේලාවේ පටන් දහදිම මත තෙරපෙමින්..කොන්දොස්තර මහත්මයාගේ කන්දොස්කිරියාවට සවන් දෙමින්..නොයෙක් වද වේදනා මැද්දේ සාමාන්‍ය බස් වල යන්නට මිනිසුන් මනාප නොවුනාට සැප බස් රියක යන්නට මිනිසුන් අකමැති වෙන එකක් නැත..ගාලු පාරට යොදන ලද සැප බස්රිය සේවය ඉතා සාර්ථක වී ඇති අතර බොහෝ වෙලාවට එම සැප බස් වල වැඩිමුදලට සාමාන්‍ය ජනයාද ගමන් කරනු පෙනේ..
දුමරිය සේවාවෙහිද කාර්යාල දුම්රිය වලට වායුසමනිත පෙට්ටි එකතු වෙනවා නම් හොඳය..එදිනෙදා කාර්යාලවලට එන ගමන වුවත් සනිපෙට එන්න තියෙන එක හොඳ වුනොත් මිනිස්සු මොන්ටෙරෝ ආදි ලොකු වාහන පාරට දාගෙන යාගන්නට බැරුව උඩබලාගෙන සිටින ඔප්ෂන් එක තෝරාගන්නා එකක් නැත..
කොළඹ වාහන තදබදය නැති කිරීමට අපේ රජය නොයෙක් ව්‍යාපෘති ක්‍රියාවට නංවනු පෙනේ..පදික වේදිකා ඉවත්කර පාරවල් පලල් කිරීම, සැප බස් එකතු කිරීම, කොළඹ කන්තෝරු වෙනත් ස්ථාන කරා ගෙනයෑම, මැනිං සහ සාන්ත ජෝන් මාලුවෙලඳසැල් වෙනත් ස්ථානවලට ගෙනයෑම.. ආදිය ඉන් කිහිපයකි..සමහර මිනිසුන් හිතන ආකාරයට පාරේ සිටින පොලිස් මාමලා ටික වැඩිවුන පමණින් හෝ පොලිසිය හරියට හිටි පමණින්ම කොළඹ තදබදය අඩු වෙන්නේ නැත.. නාගරික වාහන තදබද අඩුකිරීමට මහජනයාගේද වගකිමක් ඇත..මුදල් තිබුන පලියට හෝ කන්තෝරුවෙන් දුන්න පලියට කාර් රථවල සැප වාහනවල ආවාට කන්තෝරු එන්නට ලැබෙන්නේ අනික් අය එන වේලාවටමය. රථයක් යනු ආභරනයක් කොට නොගෙන රථයේ වේගය පාවිච්චි කල හැකි දුර ගමන් සඳහා රථය භාවිත කොට කන්ඩායම් වශයෙන් කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන බස්රියක හෝ වෙනත් ගැලපෙන පොදු ප්‍රවාහන මාධ්‍යයකින් ගමන් පහසුව සලසාගන්නට තරම් අපේ මුදල් ඇති නිලධාරින් කල්පනා කල යුතුය.. එවිට යම් තරමකින් හෝ වාහන තදබදය අඩුකරගත හැකි වෙනු ඇත..
පසුගිය දිනෙක බස්රියක් තදබදයේ සිරවුන විට බස්රිය පසුකර ඉදිරියට ඇදෙන අනෙක් පාරක වාහන පේලියක් බස්රියේ රියදුරු විසින් කොන්දොස්තර මහතා වෙත පෙන්වන ලදී..ඔහු විසින් එම අවස්ථාවේ පවසන ලද්දේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් යන වාහන කෙතෙක් තිබේදැයි බලන්න කියලාය.. එය එසේමය..කොළඹ තුලට එන කොළඹ හරහා තදබදයේ සිරවෙන බොහෝ වාහන වල රියදුරු සහ තවත් එක් අයෙක් පමණි.. රටේ පස්න සියල්ල ආන්ඩුව විසින් බන්දේසියේ තබා විසඳනතෙක් බලාසිට බනිනවා විනා ඒ වෙනුයෙන් කැපවීම් කිරීමට බොහෝ දෙනා සූජානම් නැත...
This comment has been removed by the author.
ReplyDeleteඔච්චර දේවල් කරන්න ඕන නෑ. ගාළු පාරේ තද බදය ඩු කලේ කොහොමද...? යුනීක් වේ සිස්ටම් එකට.. අද කිසි ප්‍රශ්ණයක් නෑ.. ගඟක් වගේ එක තකට ගලනවා.. ඔය පැත්තටත් අවශ්‍ය එහෙම සිස්ටම් එකක්.. මගේ ගාව ඒ සඳහා සැලස්මක් තියෙනවා. ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන්.. කනත්ත හංදිය, බොරැල්ල, මරදාන, ආමර් වීදිය, ටෙක්නිකල් හංදිය හා පිටකොටුව ඒ සඳහා ඇතුලත් වෙලාවක බ්ලොග් එකෙත් දාන්නම්. සිම්පල් මෙතඩ් එකක්..
Deleteඔබ හරි මාතලන්.. දැන් බම්බලපිටිය වැල්ලවත්ත පැත්තේ ඉදන් එන්න එතරම් අපහසුවක් නැ තමා..ඔබේ පෝස්ටුවත් දමන්න.
Deleteවැදගත් ප්‍රශ්ණයක් සාකච්චාවට භාජනය කරලා කියෙනවා.නමුත් ඔය සාකච්චාවට භාජනය වුනේ රටේ තිබෙන ඒක ප්‍රශ්ණයක් පමණයි.තවත් ප්‍රශ්න රාශියකින් අප හෙම්බත් වෙලයි ඉන්නේ.අැතතටම ඒවා ගැන කල්පනා කරන විට හිතෙනවා අපේ රටේ ජනතාව මොන තරම් අසරනද?මොන තරම් අවාසනාවන්තද කියලා.රටේ ජනතාවගෙන් 90%ක් පමණවත් නොයෙකුත් ප්‍රශ්ණ වලින් බැට කනවා.ඒක පොහොසතාගේ සිට දුප්පතා දක්වාත් නාගරිකයාගේ සිට අන්ත පිටිසර ගැමියා දක්වාත් විසිරිලා ගිහින් තිබෙනවා.ඔවුන් කිසිවෙකුට ඒයින් ගැලවීමක් හෝ විසදුමක් පේන තෙක් මානයක නැහැ.ඒ නිසා ඔය යුනික් වේ සිස්ටම් ඒක වගේ මේ සියලුම ප්‍රශ්ණ වලට ගැලපෙන විසදුමක් අප සොයාගන්න ඔ්නෑ.චතුරංග මලයා ඔය කුනුහරුප පෝස්ට් ඒකක් දාලා ඒකට චියර් කරලා දාන කමෙන්ට් වලින් ලැබෙන අාතල් ඒකට වඩා අාත්මත්රුප්තියක් ලැබෙන රටට වැඩදායක සාකච්චාවක් අාරම්භ කරමු.මාතලන් වගේ තවත් සිය ගනනකගේ අදහස් ඒකතු වෙන විට අපට හොද විසදුමක් හොයාගන්න පුළුවන් වෙයි. මෙය අාරම්භයක් කරගෙන ඉදිරියට යමු.ඔබට ජය!
ReplyDeleteජපන් රටේ අගමැතිනිය!?
ReplyDeleteජපන් රටේ කවදාවත් අගමැතිනියක්
ඉඳල නෑ.
සතයක්වත් වැයනොකර ඔය තත්වය මිට වඩා හොඳට කරන්න පුලුවන් පාර පාවිච්චි කරන අයගේ විනය හැදුවනම් ඒත් කනගාටුයි කියන්න පොලිසියෙන් වියයුතු රාජකාරිය හරියට වෙන්නේ නෑ. වැඩියෙන්න නීතීකඩන්නේ 3 වීල් , මෝටර්බයික් සහ බස් .
ReplyDeleteඔබ හරියට හරි.
Deleteඑකනේ කොළඹ යන්නේ නැත්තේ අපි :පි
ReplyDeleteමා නම් ළඟකදී ලංකාවට ගියේ නැහැ. ඒත් මට මතකයි. ඔබ කියන දේ හරි. කොටුවෙ ඉඳල පිටකොටුවට යන්නම කොච්චර වෙලා යනවද ?
ReplyDeleteපාසලට ඇතුලත් කිරිමේදී දුර සීමාවක් තියෙනවා. අවිස්සාවේල්ල , කළු අග්ගල සිට විශාකා විද්‍යාලයට පාසල් බස් දාල තියෙන්නෙ ඇයි මේ දුර සීමා නිතියක් තියේ නම්. වාහන තද බදය නැති කරන්න නම් පුද්ගලික වාහන අඩු කරන්න ඕන. රටක නීතිය බල්ලාට ගිය කල කවර කතාද ?
දැන් පිටකොටුවේ ඉඳන් කෝට්ටෙට එන්න පරංගියා කෝට්ටේ ගියාටත් වඩා කායලක් ගතවෙනවා අමිල. :D
ReplyDeleteමරු ලිපියක් බං. උඹ රියැලිටි කියල ලේබල් කරලම තියෙන නිසා ආපහු කියන්න දෙයක් නෑ. මාත් ඔය පොදු ප්‍රවාහනේ පාවිච්චියට 100%ක්ම එකඟයි.
ReplyDeleteහුකාගන්නද පයියා හදන් කැරි බල්ලා හුකනවා කැරියා.. පකද බලන්න ඔන කැරි බල්ලා
ReplyDelete