Tuesday, May 27, 2014

ටිපිකල් ඇනෝආතල් බ්ලොග් local annonymus blogs

මේ ඉන්දියාවේ කැබිනට් එකය. මේක දැක්ක පසු ගෑනු වැඩිපුර සිටින බව පෙනේ. මෝඩි අගමැති වන පාර්ලිමේන්තුවේ රුපියල් බිලියන පතියන් බර තොගයක් ඇත. ඔවුන්ට සල්ලි ඇත.

අපේ රටේ කැබිනට් මෙහෙම පොටෝ ගන්න බැහැ. දිග අතට ඇගට හිප්පෙන සයිස් එකට ඇමතිවරියන්ගේ පුකවල් තැලෙන මට්ටමට සම්පින්ඩනය( කම්ප්‍රෙස් ) කලත් පොටෝව පට්ට දිගයි. නැත්තං ඇස්ගෙඩිදකට එකපාර බලාගන්න බැරි තරම් ලොකුයි.

ඉන්දියාවෙ ඇමති මන්ඩලය මෙච්චරයි. ඒක ඇතුලෙ ගෑනු මෙච්චරයි කියලා,ආයෙත් ලංකාවෙ ඇමති මන්ඩලේ ඉන්න ගානත් කියලා ලංකාවෙ අැමතිල බොහොම වැඩියි, කිව්වාම තමයි අපේ අයට වැටහෙන්නේ අඩේ අපේ කැබිනට් එක වැඩියි නේද කියලා. එහෙම නිවුස් තිබුනා. ඒවත් සෝක්. එහෙම නැතුව බැහැ සාක්ෂරතාව වැඩි වුනාට ඉන්දියන් කාරයො තරං අපේ අයට මෙව්වා එක නැතුව ඇති. ඒ නිසා නිවුස් එකක් දැක්කම ටිකක් ඔලුව හිතන්න පෙලඹෙන්නෙ නැහැ..ඇගිල්ලෙන් ඇනලාම කියලා දෙන්න ඕනි. එහෙම ඇගිලි වලින් ඇනලා කියන ඒවාට දේසපාලන විග්‍රහ කියලා කියනවා. 

ඉසිප්‍රියා මැරුන එකට බ්ලොග් කාරයො මොකුත් ලිව්වෙ නැහැ කියලා කවුද හම්පඩ ඇනෝවෙක් (ඇනෝනිමස් ආතල්,ඇනෝ ආතල්,ලකෆෑන්ස්,බ්ලැක් ලේබල්........සහ තවත් ඇති එවන් පඩංගු කීපයකින් ඕනම එකක)  කියල තිබුනා. ඒ යකා දැන්  ඉතිං ඒක මකලා. හරි විනෝදයි. ඉසිප්‍රියා මැරුනෙ කාලකට කලින්. ඒත් අපෙ එකියකුත්නෙවෙයි ඒකි දෙමල. අනික් එක ඒ ගෑනි එන් ජී ඕ වලට කඩේ යන්නත් ඇති. ඔය වගේ ඉස්ත්‍රී දූෂණ ඇමරිකන් හමුදාව අතිනුත් වෙනවා ඇති. මොනව වුනත් යුද්දෙ දින්න හමුද සෙබලු නේ..ඒ නිසා අපකීර්ථියට පත් කරන්න බැහැ.  ඒනිවුස් සෙක අපි කාටවත් ඒක වැදගත් වුනේ නැහැ. ඒ ගැන ලිව්ව කියලා හිට් වැටෙන්නෙත් නැහැ නේ. ඒ නිසා අපි ලිව්වෙත් නැහැ. 

අපි ලිව්වෙ නැහැ කියලා අපිට දොස් කියපු ඇනෝ කාරයාට ලියන්න බැරිවුනේ ඇයි? උගේ තියෙන්නෙ බ්ලොග් එකක් නෙමෙයිද? ඌට ඒක ලිව්වනම් හෙනද? උන් ඒවා ලියන් නැහැ. ලංකාවෙ ඇනෝ බ්ලොග් වලින් කරන්නෙ කතාන්දර කාරයාට ගහන එක, බඩුකාරයින්ට ගහන එක, පොලු කාරයො එලවලා සමාජය හදන්න යන එක. හරිම සන්තෝසයි. දැන් අර කස්ටිය ගැහුව හින්දා බඩුකාරයා බඩු ගැසීම නවත්වලාද? පොලු කාරයා පොලු ටික පැත්තකින් තියලා සිල් ගන්න ගිහින්ද? අනේ මන්දා. කොහෙද යන පොලු කාරයා බඩු කාරයින්ට හොද ඉන්ඩිරෙක්ට් මාකටින් කැම්පේන් එකක් කරලා ඇනෝ ජනතාව බැහැලා ගියා. 

ලග ඉන්න එකා ගෙ අඩුපාඩු හොයන එක වට්ටි අම්මලෑ පුරුද්දක්. වට්ටි අම්මලා කවදාවත් ඇමරිකාවෙ ඔබාමා ගැන ලෝකෙ දේසපාලනය, ආගම, විද්‍යාව හෝ තාක්ෂණය ගැන කියන්නෙ නැහැ. වට්ටි අම්මලාට මාකට් නිවුස් තමයි අල්ලපු ගෙදර එකාගේ විස්තර. එලවලු ටිකක් කූඩෙ තිබුනට වැඩිපුර විකිනෙන්නෙ එලවලු නෙමෙයි. අල්ලපු ගෙදර එකාගේ පුද්ගලික ජිවිතය. 

අනික් එකාගේ පුද්ගලික ජීවිත වල පතම්බහුරු හිල් හොයමින් කාලෙ කන බ්ලොග් ත්‍රස්ථවාදින් කියලා ඒ අයම හදුන්වා ගන්න ඇනෝ වරු කියන්නෙ මේ සමාජයේ සාමාන්‍ය ජනතාවම තමයි. මේ රටේ සාමාන්‍ය ජනතාව කියන්නෙ ඇටකැසිලි ටිකක්. උන්ට කෝච්චියෙ යනකොට හෝ කන බොනකොට වෙන තැනකදි කස්ටිය සෙට්වුනාම දේශපාලනය කියන්නෙ බයිට් එකක්. ඔහේ කටින් සෙම එනකල් කතාව. හැබැයි උන්ගේ සැබෑ දේශපාලනික ජීවිතය සහ දේශපාලනික භාවිතාව කියන්නෙ මහ හිලක්. 

නෙත් එෆ් එම් බැලුම්ගල එකෙන් මහා විසාල සේවයක් වුනේ නැහැ. නමුත් අඩුතරමෙ සෝමක්ක උඩදාන ගාල්තැන්නයා හරි එකපාරක් බැලුම්ගල මාට්ටු කලා. වැරදි කිහිපයක් තිබුනත් බැලුම්ගල කියන්නෙ අමුතු සටනක්. ඒක අස්සෙ සැබෑ දේශපාලනය තිබුනා. මහා වැරදි කිව්වොත් මහා තැන්වලින් කන්න වෙනවා. ඉතිං බැලුම්ගලත් සෙට්වෙන්නෙ පුංචි තැන්වලට තමයි. ඒක ස්වභාවය. නමුත් ඒ මාධ්‍ය පෙලඹීම වැදගත්. 

 සිංහල බ්ලොග් අවකාසය සහ ඒකෙ ඇනෝලා කියන්නෙ පොඩි කිතිකවාගැනිල්ලක්. කිතිකවාගන්න කොට කිති කවන එකාටත් චූන් එකක් තියෙනවා,ඒ වගේම කිති කැවෙන කොටත් පොඩි චූන් එකක් යනවා. බලං ඉන්න එකෙක් දෙන්නෙක්ටත් කිති කැවිල්ලෙ ඉන්න උන්ගේ  මෝෂන් දැකල ආතල් එකක් යනවා.

මේ ටික කිහිප දෙනෙකුට විතරක් තේරුං යන කතා එකක්. අපේ ආදරනීය බලුපුක් ඇනෝ වගේ අලුත් අයට නම් තේරෙන එකක් නැහැ..සොරි. ඈ..අලුත් ඇනෝලා මේක ස්කිප් කරලා ඊළග එකෙන් කොමෙන්ට්  කරන්න එන්න ඈ..

Thursday, May 22, 2014

වහන්න ඕනිද මන්දා

කුණුහරුප ඇති බැවින් ඔබ 18ට වැඩිනම් පමණක් කියවන්න.

ගෑනු කැමති නීති දාන මිනිස්සුන්ට.. හහ් හහ් හහා.

වෙන්නැති බං. මොක වුනත් නීති නැතුව ගෑනු මෙල්ල කරගන්නත් බැහැ.

මේ ආන්ඩුව වැඩිකල් තියෙන් නැහැ..

කාර් ගන්නවනං තව ටිකක ඉන්න එක හොඳයි. දැන් රීකන්ඩිෂන් මාකට් නැහැ.

උන්ගේ පවුල ගැන කියල වැඩක් නැහැ බං. මොනව කරන්නද කරුමෙ තමයි.

ඔෆිස් එකේ ඉතිං කේලමා කියල නේ ඌට කියන්නෙ.

මේ විදියේ එක එක ජාතියේ කතා රාශියක් කිහිප වතාවක් අවන්හලේ අරක්කු බොන මේසය හරහා කැරකෙන්නට විය. ඉන් පසු කට්ටිය ආස කරන මාතෘකාවක් ආවේය.

කොච්චර කන්නම ලැබුනත් බලන්න තියෙන ආසාව අඩු වෙන් නැහැ නේ බං. ආන්ඩුව කුනුහබ්බ කියලා දැන් වැල අල්ලනවලු. පොලිසියෙන් කිහිප තැනකම අල්ලලා තිබුනා. එකෙක් කීවේය.

මෙහෙ නීතිය අනුව තියන් ඉන්න පුලුවන් බලන්න තහනම් මංහිතන්නෙ හේතුව ඒකයි. තවකෙකු පිළීතුරු දුනි.

අදාල නැති ගෙම්බා 1
එවිට පසෙකට වී අසල මේසයක බීර වීදුරු කිහිපයක් හිස් කර සිටි ලොව වටා සංචාරය කරන ලද කල්ඉකුත්වූ නැවියෙකු යැයි සැලකිය හැකි මාබෝ නම් මහල්ලකු පිළිතුරක් දුන්නේ පිරිසම ඔහු වෙත නතු කරගනිමිනි.

එක රටක් තියෙනවා එහෙ නම් පිරිමින්ට පුලුවන් සම්පූර්ණයෙන් මොකුත් නැතුව ඉන්න. 

හහ් හහ් හා..මාබෝ අංකල් අදත් කතාවක් වගේ නේද? ආහ් කියන්නකෝ බලන්න ඒ රටේ විස්තර...

අපේ නැව් ගිය කාලෙ සමාර කාල එනවා නැව් නැතුව අපිට වරායවල් වලට වෙලා ඉන්න වෙන. රුසියාවෙ පෝට් එකක නැව දැම්මහම නැවේ දෝෂයක් ඇවිත් නැව හදන්න කාලයක් ගත වෙනවා කියලා ආරංචි වුනා. අපි කීප දෙනෙක් රට ඇතුල බලන්න තීරණය කලා.

එහේ රුසියාව මායිමේ එක රටක් තියෙනවා ඒක සිතියෙමෙත් නැහැ වගේ. කාරුවත් රුසියාව ගැන වැඩිය දන් නැති හින්ද හොයන්නෙත් නැතුව ඇති.

ඒරටේ පිරිමි ලිංගය විතරක් පෙන්වන්න පුලුවනි. ආචාර ක්‍රමයක් විදියටත් පුරුෂ ලිංගය පෙන්වීම පාවිච්චි වෙනවා. මං ගිය දවසෙ හරියට බය වුනා. සමහරු කලිසම පහත් කරලා ආචාර කරගන්න කොට..

ෂික්..මාබෝ අයියේ..ඒකනං මහ පට්ට වල් කතා වක් නේ.. කොහොමද ඕක ඇතිවෙල තියෙන්නෙ දන් නැහැ නේ?

මල්ලි මේ මාබො අයියට ඉතිං සීන් එකක් වැටුන කියන්නෙ ඉතිං ලෝකෙ ලොකුම රිපෝටර්ට වැටුන වගේ නේ..


අදාල නැති ගෙම්බා 2
මේමයි. ඒ රටේ මිනිස්සු හරිම නිර්ආගමිකයි. ආගමක් අදහන්නෙ නැහැ. ඔවුන් ආගම් ඇදහීම දැඩිව පිළිකුල් කරනවා. නමුත් ආගම් නැතිවුනාට එයාල ජීවත්වෙන රටාව වෙනස්.

පක්සරාජ කියලා ඒ රටේ රජෙක් ඉඳලා තියෙනවා. ඒ රජතුමා මුස්ලිම් රටකට ගිහින් ලොකු සම්මානයක් අරගෙන ආවලු. එතකොට ඒ රටේ රජතුමාට විරුද්ද අය මේ පක්සරාජ රජතුමාට විරුද්ධව කැරැල්ලක් ගහලා තියෙනවා මුස්ලිම් ආගමික තම්බි රටකට ගිහින් ආවා කියලා.

නිර්ආගමික රටේ ආගමක් අදහන රටකින් සම්මානයක් ගෙනාපු එක රජතුමාට හරහට හිටියා. ලැබුන සම්මාන උපාධිය පක්සරාජ තුමා බොහොම ආසාවෙන් පාවිච්චි කලේ මිනිස්සු තමුන් ගැන තියෙන ගෞරවය වැඩිවෙයි කියාල හිතලා. නමුත් උනේ වෙන දෙයක්. මිනිස්සු රජතුමා දිහා සැකෙන් බලන්නට වුනා.

අවසානෙ රජතුමා ට තේරුනා මුස්ලිම් රටකින් සම්මානයක් දිනපු එකෙන් තමුන්ට විරුද්ද රජකම බලාගෙන ඉන්න අයට ලොකු වාසියක් වුනා කියලා. ඒ විරුද්ද පැත්තෙ හිටපු ජින්තු කියන නායකයාට අනුව පක්සරාජ තුමා සුන්නත් කරලා. ජින්තු මේ කතාව හැමතැනම කිව්වා. රජතුමා සුන්නත් වෙලා අපේ නිර්ආගමික රටට මුස්ලිම් ආගම ගේන්න යනවා කියලා.

පක්සරාජ තුමා එලවන්නයි දැන් හදන්නෙ. එතුමාට ඒ රටේ හිටපු නිර්ආගමික සංවිධාන නායකයින්ගේ දෝෂාරෝපන සෘජුව එල්ලවුනා. අවසානෙ නිදහස් දවස ආවා. එයාල ආගමින් නිදහස් වෙච්චි දිනය මහත් ලොකු උත්සවයක් විදියට සමරනවා. ඒකෙදි සත්‍ය එලි කරනවා කියලා පක්සරාජ කිව්වා.

ලොකූ තිරයක් කැමරා ආදිය සූදානම් කරල තිබුනා. ඒ වගේම කුඩා ලමයිට එන්න එපැයි කියලා තමයි නිදහස් උස්සවේ තිබුනෙ. බොහෝමයක් ජනතාවට එන්නැයි කියලා ලොකුවට උස්සවේ තිබුනා.

අදාල නැති ගෙම්බා 3
පටන් අරං ටික වෙලාවක් ගිහින් පක්සරාජ තුමා ඇවිත් කතාව කිව්වා. “ මට ආපු චෝදනාව බොරුයි කියලා පෙන්වන්න තමයි යන්නේ “ කියලා එතුමා කිව්වා. සරම එකවරම උස්සපු පක්සරාජ තුමා තමුන් සුන්නත් කරපු නැති බව මුලු රටට පෙන්නුවා. බලං හිටපු ගෑනු පිරිමි කට ඇරගෙන පක්ෂරාජ තුමාගේ මහානුභාව සම්පන්න අංගජාතය දෙස ඇසිපිය නොහෙලා බලං හිටියෙ නැවත කවදාක මේ මන්ඩලය දැකගන්නට ලැබේදෝයි යන දෙගිඩියාවෙන්.  මහ ජනතාව සුන්නත් කරපු නැති පක්සරාජ තුමා ගැන සතුටු වුනා. එතුමාට දීර්ඝායු පැතුවා. ජින්තු ගේ ගෙදරට එදා රෑ ලොකු ගල් පාරවල් වැදුනාලු.

රටේ මේ වගේ දූසමාන ආරංචි පැතිරීම නවත්වන්නත් පක්සරාජ තුමාගේ නිකැලැල් රහස් යෂ්ඨිය සමස්ථ රටේ ඈත පලාත්වල සියළු ජනතාවට පෙන්වලා නිර්දෝෂීබව පෙන්වන්නත් පක්සරාජට උවමනා වුනා. වහාම නීතියක් ගෙනල්ලා පිරිමි අයට ලිංගික අවයව පෙන්නීමේ තහනම ඉවත් කලා.

පක්සරාජ තුමාගේ අවයව කොටසින් බින්දුවක් වත් අඩු නැහැ කියාල පෙන්වන්න විශාල කටවුට්,බැනර්, පෝස්ටර් තැන තැන ඉදිවුනා. හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු ඒක දැකලා අනේ මේ තරං පිවිතුරු පක්ෂරාජ තුමා නේද අපි මේ තරං කල් වැරදියට දැක්කේ කියලා දුක් වුනා.


 මාබෝ කතාව කියාගෙන යන අතර පිරිස කට ඇරගෙන මේ අලුත් රට ගැන අහගෙන ඉ්නනවා..ඉතිං එච්චරයි මල්ලිලා විස්තරේ..රටේ ගැනු තාමත් වහගෙන ඒත් පිරිමින්ට රාජ්‍ය අවසරය තියෙනවා ඕනි තැනක තමුන්ගෙ නිර්ආගමික බව පෙන්වන්න. 

ඉතිං ජින්තු කැපුනා නේද සිද්දියෙන්...? හහ් හහ් හා... එකෙක් සිනාසෙන්නට වුනා..

යළිත් මාබෝ කතාව ආරම්භ කලා.

මල්ලි ලා හිතන් ඇති ජින්තු කැපුනා කියලා. නමුත් ජින්තුත් වැඩේ ඇරියේ නැහැ. ජින්තු සමීක්ෂනයක් කරලා තරමක් විශාල පෙනුම තියෙන පුරුෂ ලිංග වල පොටෝ රටේම පෝස්ටර් විදිහට ගැහුවා. එතනදි පක්සාරාජගේ අසුවල් කෑල්ල පොඩියි කියලා ජනතාව අතර ලොකු කසුකුසුවක් යනවා. සමාර ගෑනු පවා පක්සරාජ තුමාගේ පොඩියි නේද කියලා යළිත් හිතන්න වුනා. 
අදාල නැති ගෙම්බා 4

ඔන්න ඔය වෙලාවෙ පක්සරාජ මීඩියා ටීම් එක වැඩට බහිනවා. බැහැලා පරණ පොතක් හොයාගන්නවා අලිංගවංශය. කියලා. ඒකෙ පරිපූර්ණ මිනිහෙකු සතු විය යුතු අංජාතයේ දිග හරියටම පක්ෂරාජ තුමාගේ අංගජාතයේ දිගට සමාන වෙනවා. ඒක හරිම ආශ්චර්යයක්. අලිංගවංශ පුරාණ පුස්තකය බොහොම බලගතු එකක්. ආචාර්ය මහාචාර්ය වරු කිව්වා. ඒ පොත අනුව නියම දිගට පළලට පක්ෂරාජ අංගජාතය සමන්වීත වීමෙන් රට වාසනාවන්ත වෙන බවක් හැමෝම කතාවුනා.

මුලින් මුලින් පණ්ඩියෝ කැමර් ඉස්සරහා මේ අංගජාත ස්ටෑන්ඩඩ් එක තියෙන පොත හොදට ජනතාව අතර වන්දනීය වෙන විදියට පොතේ තියෙන වැදගත්කම ජනතාවට අවබෝද කරලා දුන්නා. පස්සෙ අර කියමන මාකට් කලා. කොහොම හරි කාලයක් ගියාම මහ රජතුමාගේ සයිස් එකට කෑල්ල හදාගන්න ගොඩක් අය උත්සාහ කලා. 

හහ් හහ් හා.. මාබෝ අයියත් ඉතිං ඒ රටේ වැඩි දවස් උන්නේ නැද්ද? එකෙක් ඇහුවා.. 

කොහෙද මල්ලි ඉන්නෙ? ඒ රටේ ගෑනු අපේ කොච්චර තිබුනත් අර කිංග් සයිස් එකමයි හොයන්නෙ? වැඩිය ලොකු වුනත් හරි යන් නැහැ.පොඩි වුනත් හරි යන් නැහැ..කිං සයිස් එකට ඕකේනම් විතරයි උන් සැටිස් වෙන්නෙ. 

අපිට පුලුවනෑ මල්ලි උන් එක්ක ඉන්න. මං ආයෙත් පෝට් එකට ඇවිත් වෙන නැවක් ටෝක් කරල නැග්ගා. 

ගොඩක් උන් මේව විස්වාස කරන් නැහැ. ඒත් මට ඉතිං හතර අතේ දිව්ර දිව්ර ඇත්ත කියල කියන්න වැඩක් නැහ. මේ මාබෝ කියන්නෙ මොනවද කියල හැමෝම දන්නවා නේ.. 

මාබෝගේ මේසය අසල සිටි අය මාබෝ ගේ කතාව එදිනට හමාර බව දැනගෙන එකිනෙකාට සුබපතමින් විසිර ගියා.

Tuesday, May 20, 2014

ආයුධ බෝම්බ නොදැක මැරුනු පසු



මේ ළඟදි මම පාරෙ ට්‍රැෆික් එකේ යනකොට මේ වගේ පොඩි මුනුමුනුවක් ඇහුනා. පස්සෙ බැලින්නං ඒක සැකකරුවන් වගයක් ගෙනියන පොලිසියෙ රථයක්. සැකකරුවෙක් බොහොම වේදනාත්මක ස්වරයෙන් “නිවන් දකින්නට පිංමදි වෙන්නැති“ ගීතයේ තාලෙට මේන් මේ කවි සැට් එක මුමුනමින් සිටියා.

 මිනීමැරීමක් ලඟට යන්න ඇති
කොල්ලකාරයෙක් ළඟින් ඉන්න ඇති
ආයුධ බලන්ට පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ...
හා හා.හා....ආයුධ බලන්න පිංමදි වෙන්නැති
ඒකයි තාමත් උසාවියේ.. 

ආයුධ සොයා හඳ පීරන ඇමරිකානු සැකකරුවෙක්.

ප්‍රීති වෙසක් ඕනි එකක්

වෙසක් ඉවර වුනා. සමාර අය වෙසක් බලන්න ගිහින් තිබුනා. සමාරු වෙසක් නිවාඩුවට නිවාඩු ගත කරන්න ගිහින් තිබුනා. වෙසක් වලට කරන ලද දේවල් ගැන විවේචන ආදියත් තැන් තැන් වල තිබුනා. දන්සැල් ගැන තිබුනා.. නලා ගැන තිබුනා. 

මේ නලා ජාතිය අපේ අයගේ කණට වදයක්. මේක අද ඊයෙ ආපු වදයක් නම් නෙමෙයි මම හිතන්නෙ. ඒ වගේම මේ නලා වල සද්දෙ බාධාවක් වෙච්චි එකම කොට්ඨාශය අපිත් නෙමෙයි. ඔය නලා ගැටළුව පාපන්දු ලෝක කුසලාන වලදි පවා ආපු ගැටළුවක්. සමාර අය හිතන විදියට මේ අපේ රටේ ඉන්න මෝඩයො විතරයි නලා එහෙම ගහගෙන මහ සද්දෙන් වැඩ කරන කරන්නෙ. දියුනු රටවල ඉන්න සෝක් මිනිස්සු එහෙම නැහැ. මම අන්තර්ජාලයේ දැක්ක විදියට නම් නලා කේස් එකට රටවල් දියුනුද නැද්ද කියලා බලපාන් නැහැ. ඒ නලා ආතල් එක ගන්න සෑහෙන පිරිසක් ලෝකෙ ඉන්නවා. 

නමුත් වැඩේ තියෙන්නෙ මේකෙන් කණට දැනෙන ආතල් එක ටික වෙලාවකින් පස්සෙ බෝරින් වෙන එකයි. නමුත් පිඹින අයට ඒකෙ බෝරින් එකක් දැනෙන් නැහැ. 
දික්වැල්ල පෙරහැරවල මූලික අංගයක් වන මහ බඹා.

දන්සැල්..
දන්සැල් හොදයි. කොළඹ දන්සැල් පටන් ගන්නෙ රෑට. නමුත් මාතරින් එහාට අපේ ගම දිහා දන්සැල් මුලු දවස පුරාම බොහෝ වෙලාවට තියෙනවා. කොළඹ ඉන්න ජනගහනෙත් කොළඹට වෙසක් වලට එන පිරිසත් එක්ක බැලුවම වැඩේ සාධාරනයි. මොකෝ දීල පිරිමහන්න පුලුවනෑ දවස තිස්සෙම. මම කෑම කන්න ගිය මරදානෙ කඩේක මිනිස්සු කතාවුනා කඩල කිලෝ 50ක ප්‍රමාණයක් තැම්බුවාම ඒක ඉවර වෙන්න විනාඩි 10ක්වත් ගියේ නැහැය කියලා. ඒ තරමට සෙනඟලු. 

අපි ගෙදර හිටියාම හිතනවා. අඩේ දැන් මිනිස්සු වෙසක්බලන් නැහැ. අපි විදියට ඔන්ලයින් හරි ටීවි වෙසක්හරි බලනවා ඇති කියලා. නමුත් පාරකට බැස්සම තමයි මිනිස්සු බලාගන් ඇහැක් වෙන්නෙ. 

පෙරහැර ආතල්..
වෙසක් වලට අපේ පැත්තෙ තියෙන ප්‍රධාන පෙරහැරවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් දික්වැල්ලෙ තියෙන පෙරහැරවල් විශේසයි. ඇසල එකට පෙරහැරවල් තියෙන්නෙ බොහෝ වෙලාවට දේවාල වල. වෙසක් පෙරහැරවල් තියෙන්නෙ විහාර වල. වැවුරුකන්නල, බතීගම,කුඩාවැල්ල වගේ පැතිවල ලොකු පෙරහැරවල් යනවා. ඉතිං ඔය පෙරහැරක් පාර පුරා යද්දි ඒ ට්‍රැෆික් එකකට මාත් අහුවුනා. මම හිටියෙ බස් එකක. බස් එක පැය තුනක් එකතැන. මොකද පෙරහැර පාරම බදු අරන් යනවා. 

බස් එකේ හිටිය සාමාන්‍ය මගී ජනතාවගේ පැත්තෙන් බැලුවොත් පට්ට අසාධාරනයි. නමුත් ඉතිං අති බහුතරයක් පෙරහැර බලන පිරිස එක්ක බැලුවම ඒ මුලු බස් හෝ වාහන වල ගිහිපු මිනිස්සු සාමාන්‍ය පිරිස පෙරහැර බලපු පිරිසට වඩා අඩුයි. වැඩි මතයට මුල් තැන නම් පාර වැහුවට කමක් නැහැ කියන එක තමයි අනුමත වෙන්නෙ. කෝම නමුත් මේ පාර වහන්නත් හේතුබූත වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි පෙරහර බලන්න සෙට් වෙන අධික ජනතාව. මේ ජනතාව වැඩි නිසා පාරෙ එක පැත්තක් ඕපන් කරලා බැහැ. දෙපැත්තෙන්ම මිනිස්ස පෙරහැර බැලුවෙ නැත්තං මිනිස්සු ගොඩකට පෙරහැර මිස් වෙනවා. ඒතරං සෙනග..

ගෙදර ඉන්න ළමයි බමයි ආච්චිල සීයල විතරක් නෙමෙයි සමාර වෙලාවට ගැබිණි මව්වරු පවා විසාල බඩවල් එක්ක මේ සෙනග ගොඩවල් අස්සෙ තෙරපිල බඩේ ඉන්න දරුවටත් පෙරහැර පෙන්වන්න එනවා. මේක අපිට අවුල්. මොන වදයක්ද මේ කියලා හිතෙනවා.  ඒ විදියෙ ගැබිණි මාතාවන්ට හෙම හැමෝම ඉඩදෙනවා පෙරහැර බලන්න. කෝම නමුත් මං මේ කිව්වට මාත් බඩේ ඉන්න කොට එක පෙරහැරක් හරි බලන්න යන්න ඇති. 

අපේ අම්මත් ඉස්සර ඔය පෝය දවස් වල ලොකු පන්සල් වලට යන්න පෙරහැරවල් බලන්න යන්න කානිවල් බලන්න යන්න හරි කැමති. අපි පුංචි ලමයිය් කියල නැහැ බස් එකක නැගල ඔහේ යනවා කාන්ඩෙම වෙසක් බලන්න.වැවුරුකන්නල, වෙහෙරහේනෙ හෙම තියෙන අලී විසාල බුදු පිළිම පෝය දවසට වන්දනාමාන කරගන්න එක මහත් වාසනාවක් කියලා තමයි අපේ ගම් වල සමහර අය හිතන්නෙ. 

මේ පාරත් වෙසක් බලන්න අපේ ගම දිහා ආපු මිනිස්සු ගොඩක් ඇවිත් තිබුනෙ ඩිමෝ බට්ටා ටයිප් පොඩි වාහන වල. ඒවයි මොකක් හරි පුටු කැලි තුන හතරක් දාගෙන දහයක් දොලහක් නැගල එනවා පෙරහැර බලන්න.  වෙසක් බලන්න. ඔහොම ආවම ඉතිංගොඩක් වෙලාවට බුද්ධාලම්බන ප්‍රීතිය කිව්වට එතන තියෙන්නෙ වෙනමම ආතල් එකක්. ටැට්ටර් වලට වඩා ඩිමෝ බට්ටා ටයිප් එක ලේසියි. ඉක්මන්ට යනවත් එක්ක නේ. 

මේ පාර ආන්ඩුවෙන් දන්සැල් බලන්න මහජන සෞඛ්‍ය මහත්වරුන් යොදවලා තිබුනා.ඒක හොද වැඩක්. කවුරු කලත් හොද දේට හොදයි කියන්න එපාය.ඒ වගේම කෑම දන්සැල් ගැන කිව්වොත් ගොඩාරියක්මේ තැන්වල තිබුනෙ අයිස් කිරිං දංසැල්.කෑම බීම වලින් දන් නොදීපු දෙය්ක හොයාගන් අමාරුයි. එක එක ජාතියෙ විවිධාකාර දන්සැල්රට පුරාම තිබුනා.එටිසලට් සමාගමෙන් ගාල්ලෙ කණ්නාඩි දන්සලකුත් දෙනව දැක්ක. ආච්චිල සීයල පෝලිමෙ හිටියා වෙසක් මහා කණ්නාඩි ගන්න. 

අපේ කන්තෝරුවල ඉන්න ලොකු මහත්වරු සහ ගොඩක් සල්ලි තියෙන මිනිස්සු මේ වගේ දිග නිවාඩු ආවම කරන්නෙ විනෝද ගමන් නිවාඩු සවාරි යන එක. ගමේ අය අවුරුද්ද සමරද්දි නුවර එළියෙ සුව විඳින්න කොළඹ ඉන්න මුදල් තියෙන අය යනවා. ඒ මුදල් හදල් තියෙන අයට සාමාන්‍ය දවස් හරිම පීඩනයක් විදියට පේනවා. ඉතිං නිවාඩු දවස් වල පීඩනය අඩුකරගන්න මොකක් හරි නිවාඩුවක් නිවාඩු ගතකරන තැනකට වෙලා ගතකරන්න ඕනි කියලා හිතනවා. 

නමුත් ඉතිං ගම්වල ඉන්න මිනිස්සුන්ට ජීවිතේ මේන්න මේ කෑල්ල පීඩනේය. මේන්න මේ කෑල්ල සතුටය කියලා ලොකු වෙනසක් නැහැ. වැඩ කරන ගමන්ම විනෝදයත් ගන්නවා.ඒ වගේම පෝයට අවුරුද්දට නිවාඩු ලැබුනාම එයාල සැනකෙලි උත්සව සංවිධානය කරලා තව ටිකක් බිසී වෙනවා. නැත්තං ඒවා බලන්න පෝලිම් වල යනවා. ඒක වෙනමම විනෝදය විඳින විදිහක්. 


මං ට්‍රැෆික් එකට අහුවුනේ බතීගම වෙසක් පෙරහැරට. ඒ වෙසක් පෙරහැරට නැටුං කන්ඩායම් ගන්න මුස්ලිම් ව්‍යාපාරිකයිනුත් උදව් කරලා තිබුනා. ඉතිං නිවේදකයෙක් ලයිට් කණු ගානෙ බැදලා තිබුන ලවුඩ්ස් පීකර් වලිං පෙරහැරට උදව් කරපු ව්‍යාපාරිකයින්ට, දේශපාලකයින්ට, ප්‍රභූවරයින්ට පිං දෙනවා, නිවන් සැප පතනවා. දිව්ය ලෝකෙ සම්පත්තිය පතනවා ආදී දේවල් කරනවා. ඔහොම කරලා එනවා මුස්ලිම් ව්‍යාපාරිකයින් ආධාර කරපු තැනට. එතන්ට ආවම නිවේදකයා හිර වෙනවා. මොකද මුස්ලිම් අයට කරන්න වෙන්නෙ ස්තූතිය විතරයි නේ. එයාල ගේ ආගම වෙනස් නේ..නෝ නිවන්, නෝ දිව්ය සැප, නෝ පින්..

මොනවා නමුත් උගත් බුද්ධිමත් පිරිස සාමාන්‍ය සමාජයට වඩා වැඩි සයිබර් අවකාශයට වඩා ඒ මිනිස්සු ආකල්ප වලින් උසස්. පංසල් වල හිටපු ඇත්තොත් අපි තන්බින් ගෙන් ආධාර ගන්නෙ නැහැය කියලා මහා උඩගු කමකින් ඉන්නෙ නැතුවඒ මුස්ලිම් පිරිසත් ගමේ පෙරහැරට දායක කරගෙන තිබුනා.ඒ වගේම මුස්ලිම් අයත් අපේ ජාතිය වෙනස්ය. අපේ පල්ලිය වෙනස්ය කියලා හිතන්නෙ නැතුව ආධාර දීල තිබුනා. කවුරු මොන විදියට දැක්කත් සාමාන්‍ය ජීවිතයේදි අපිට මුස්ලිම්ය, දෙමලය, ක්‍රිස්තියානිය කියලා හැමදාම වෙන්වෙලා වෛරක්කාරයො වෙන්න බැහැ.ඒ මිනිස්සු ඒ විිදියට එකතු විම ගැන නම් මට ඇති වුනේ සතුටක්. 

කෝම නමුත් මම මේ ලිපිය ලියන්න හේතු වුනේ. සයිබර් වාසී සමාර කුහක ජනතාවට අනුව මේ විදියට විකාර පෙරහැර, තොරන්, දන්සැල්, කූඩු ආදිය එක්ක වෙසක් සමරන එක වැරදියි. නමුත් මම කියන්නෙ මේ අපි අයිති අද දවසේ සංස්කෘතිය. අපිට ඒක දිරවන්නෙ නැහැ කියලා අපි ඒ විනෝද වෙන මිනිසුන්ගේ විනෝදය දිහා පහත් විදියට බලන එක වැරදියි. අපිට පොඩ්ඩක් වාහනේ පරක්කු වුනා කියලා එහෙම නැත්තං කණ පල්ලෙන් නලා සද්දෙ ඇහුුනා කියලා රටට ජාතියට සහ මිනිස්සුන්ට වෛර බැඳගන්න එකත් වැරදියි. 

ජාතියක් විදියට හෝ මොකක් හරි විදියට අපි ඉ්සසරහට යන්න නම් එකිනෙකාගේ විනෝදය ඉවසන්න හැකියාවක් අපිට තියෙන්නට ඕනි කියලයි මම නම් හිතන්නෙ.

Saturday, May 17, 2014

පයින්ඩ කොලෙක්ටින් කතාවස්තුව

ඔන්න එකෝමත් එක කාලෙක නාරිදත්ත කියලා රජ්ජුරුකෙනෙක් හිටියා. නාරිදත්ත රජතුමාට ආරංචි වෙනවා රටේ ගවයින් අසාමාන්‍ය ලෙස අඩුවෙලා රටේ කිරි සම්පත සහ ගව මස් සම්පත නැතිවෙන්ට යනවා කියලා. ඒ නිසා නාරිදත්ත රජතුමා ඒකට උපායක් හොයන්ඩ වැවිලි බෝග සහ ගොන්හරක් සම්බන්ධ ඇමතිතුමාට කාරණය සොයාන්ට නියම කරනවා. එතුමානෝ නිලමෙලා අධිකාරම්ලා සහ ගවහිමියන් හමුවෙලා කතාන්දරය හැකි පමණ සොයාගත්තා. 

දැන් ගොන්හරක් භාර ඇමති තුමා කියාන්ඩ බලන්න මොකද මේ හරක් එන්ට එන්ටම කොට වෙලා කෙස්ටු වෙලා අඩුවෙලා යන්නෙ.? රජතුමා ඇහුවා...
රාජුත්තමයන් වහන්ස..
මේක ගොන්නුන්ට වැළඳුන කිසියම් හෝ රෝගාබාධයක් නම් නොවන බවකි ගව වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ. මෙය තණ කොළ හිඟ වීමේ දෝසයකි. රටේ පවතින අයහපත් කාලගුණය නිසාත් සමාර තණකොළ ජාති වැසියන් විසින් ආහාරයට ගැනීම නිසාත් ගව මහේෂාදින්ට කෑමට ඇති තණ හි හිඟයන් පවතින බැව් අපිට ආරංචි වී ඇත. 
එසේ ඇමතිතුමා විසින් සියලු කාරණා අසා සිටියදී හිටි අඩියේම විහිලුවට බර අන්ද්‍රෙයි නැමැති ඇමැත්තා ප්‍රමාද වී රාජ සභාවට පැමිණියා. රාජ සභාව කිව්වට මේකෙ හිටියෙ ඇමතිලා නිලමෙලා වගේ ලොකු තැන් විතරයි.
අදාල නැති පුහුලම් දෙකකි.
අන්ද්‍රෙ ඇවිත් වාඩිවුනා විතරයි. රජතුමා අණ නිකුත් කලා. සියළුම රාජසභාවේ සිටින ඇමැතිවරුන් විසින් තමුන්ගේ පලාත්වලට අදාලව තණ මැනීම සිදුකල යුතුයි. අප රටේ තණ සම්පත මදිනම් වෙනත් ඈත දේශයකින්හෝ ගෙන්වන්ට ප්‍රථම අප විසින් තණ මැනීම කල යුතුයි. අපට කෙතරම් තණ තිබේද ඒ තණ අපිට ඇතිද කියාල විමසන්ට නම් අපි ළග තොරතුරු තිබෙන්ට ඕනා. තොරතුරු නැතිව අපිට නිකම් අරකය මේකය කියලා තීන්දු ගන්න බැහැ. 

ඉතිං රජතුමා ඒ කාරණය විසදන්න අවශ්‍ය කරන කටුයුතු සම්පාදන කරලා වෙනත් කරුනක් වෙත අවධානය යොමු කරන්ට සිතුවා. අන්ද්‍රෙයිද සියලුම ඇමැත්තෝද කාරණය සිය ඇක්සයිස් පොතේ ලිව්වා. රජතුමා කාරණය නිමා කල පසු වෙනදා මෙන්ම ටියුබ් ලයිට් අන්ද්‍රෙයි විසින් ප්‍රශ්ණයක් නගනු ලැබුවා.

රජතුමනි? දැන් අපි තණ මැනිම සඳහා සියලු තොරතුරු අසාගෙන පලක් නැහැ.මට නම් රජතුමනි ගෙන් ගෙට යන්ට පුලුවනි. නමුත් අපේ ඇමැත්තන්ට සමාරුන්ට දැන් ගම් පලාත්වලට යන්ට අමාරුයි. ඒ නිසා අපි ගෙන්ගෙට යන්නේ නැතුව අණබෙරයක් යවලා තණ විස්තර ටික අපිට ලැබෙන්ට සලාස්වන්න කියලා කිව්වොත් හොදයි නේද? හැබැයි රජතුමනි මගේ පැත්තේ තණ බලන්නෙ  මම ගෙයින් ගෙට ගිහින්. මට ඉතිං වැඩි වැඩකුත් නැහැ වගේ නේ. 

හරි අන්ද්‍රෙ හරි. ඇමතිවරුන්ට නිදහස තියෙනවා එහෙනං අණබෙර යවලා ඒ ඒ පවුල්වල වතුවල තණ විස්තර ටික එක්කරාසු කරගන්න. රජතුමා අන්ද්‍රේගේ අදහසට ඉඩදුන්නා.

එදා ගියායින් පස්සෙ මාසෙකට විතර පස්සෙ රජතුමා යළිත් කාරණාව මතක් කලා. මම මින් පෙර තණ මැනීමක් ගැන සඳහන් කලා. ඒ ගැන විස්තර ඇමතිතුමාලට ගේන්න කිව්වෙ සති දෙකකින්. දැන් සති හතරක්ම ගිහින්. තවත් නම් දවස් දෙන්නේ නහැ. දැන් විස්තර හරිද? රජතුමා සභාවෙන් ඇහුවා.

හරි මහ රජතුමනි. අපිවිස්තර එකතු කලා. මහරජතුමනි.
ඇමතිවරු පිළිවදන් දුන්නා. 

හැමදාම පණ්ඩිත කතා කියලා මොකක් හරි සංසෝදනයක් කරන්නම දගලන අන්ද්‍රේගෙන් පටන්ගන්න රජතුමා තීරණය කලා.ආහ්..අන්ද්‍රෙ කියනවා බලාන්ට තමුන්ගේ විස්තර කොහොමද පලාතේ තණ ගැන. 
මැදි වයසේ ගොඩක් වෙලාවට 38-42
නාකි නම් ආයෙත් 32-36 වගේ මට්ටමට බහිනවා..
ගැටිස්සියොන්ගේ නම් ඉතිං විසිගනන්  වල ඉදලා තිස් හය අට වගේ වෙනකල් තියෙනවා. ඒත් මේ වා සමාර වෙලාවට වෙනස් වෙනවා.

අන්ද්‍රේගේ තණ මැනිල්ල ගැන ආරංචි වෙලා තිබුන සමාර ඇමතිවරු කට අතින් වහගත්තා. රජතුමාටත්ලොකු පස්නයක්. නමුත් අවසානෙ ගැටිස්සියො ගැන කිව්වාම රජතුමාට තේරුම් ගියා කතාව. ඈ ඕයි..තමුසෙට මොලයක් තිබුනෙම නැද්ද? ගෑනුන්ගේ කෑලි අතගගා උඹ නං සෝක් එකට මනින්නට ඇති. මම නොදන්නවයැ අන්ද්‍රෙගෙ විස්තර. යස වැඩේ නාකි හම්පඩ ඒවත් අන්ද්‍රෙට අල්ලලාබලාන්ට වෙන්න ඇති. රජතුමා කිව්වා..

නැහැ රජතුමනි නාකි අයට අවස්ථාව ආවම මම ඉරටු කෑල්ලක් එයාලට දීල බලල  දිග මැනල කියන්න කිව්වා. ගැටිස්සියොන්ට ඉතිං ඕව තේරෙනවැ. උන්ට අහක බලාගන්ට කියලා මමම මැනගත්තා. රාජ අණනේ රජතුමනි... අන්ද්‍රේ කියාගෙන ගියා..

හහ් හහ් හහා.හරි අන්ද්‍රේ මට පොඩි වැරැද්දක් වුනා. මින් පසුව රාජ අණ සාරාංශ කරලා ඒ ඒ නියමිත රාජකාරි සියල්ල රැස්වීම අවසාන වුනාම ඇමතිවරුන්ට ලැබේවි.මෙතනදි මම තණ මනින්න කියන කොට අන්ද්‍රෙ රාජසභාවට ආවා විතරයි. ඉතිං වෙන සන්නසක් මොකුත් නිකුත් වුනේ නැති නිසා අන්ද්‍රේට මුලු වැයික්කියෙම තන් අතගාන්න ලැබුනා. හනේ බොල..අන්ද්‍රෙ උඹ තමයි දවසකටවත් මිනිහ..

  මං රජතුමා විදියට නිකං ඉන්නෙ නැහැ. විදේශෙකින් ආපු අලුත් මොක්පුල පඩිතුමාගෙන්උපදෙස් අරගන්නවා රාජ පාලනය ගැන. ඒ තුමා කිව්වෙ ලිඛිත තොරතුරුවලදි බොරුවක් වෙන්න තිෙයන හැකියාව අඩුයි කියලා. අදත් තව ටිකකින් මොක්පුල පඩිතුමා සැපත් වේවි. රජතුමා ඇමතිවරුන්ට කරුණු පැහැදිලි කලා.

ඒ විදියට අනෙක් ඇමතිතුමා කෙනෙකුටත් අවස්ථා ආවා. රජතුමනි තණ වලට ලෙඩතියෙනවා. තණකොල කන වෙන සත්තු එහෙමත් ඉන්නවා. තණ කොල ඔක්කොම අක්කර පන්සීයක් විතර මගේ වසමේ තියෙනවා. ඒ වුනාට ඒවයි තණ වල උස නං හරි වෙනස්.රජතුමනි. ඇමති තුමා කියාගෙන ගියා.

ඔන්න ඔය වෙලාවෙ මොක්පුල පඩිතුමා සබයට ආවා. එතුමා වාඩිවුනා. 


ඒ අතර තවත් ඇමතියෙක් නැගිටලා කතාව පටන් ගත්තා. රජතුමනි මේක හරි සංකීර්ණයි රජතුමනි. සමාර පැතිවල එකම වත්තෙ පවා තණ විවිධඋස වලින් තියනවා. ඔන්න එක සන්දේසෙක තියනවා මෙහෙම " මාගේ වත්තේ තණකොල ඇති මුත් ඒ කොච්චරක් දැයි මා දන්නේ නැත. මීලග වැස්ස ආවාම මම තණ කපනවා. කැපුවාම රජතුමාට අවශ්‍ය කොටස දෙන්නට මට පුලුවන් වෙයි යැයි මා සිතනවා. මහරජතුමාට නියමිත තණකොටස හොර නොකර දුන් බැවින් මට සමාව දෙන මෙන් ඉල්ලනවා. " ඉතිං රජතුමනි ඒ ඉඩම් හිමියාට තණ කොල තියෙද? කොච්චර තියෙද? කොච්චර උෂ තණකොල තියෙදැයි කියල බලාගන්න බැහැ. මගේ  ලියන ලියන්නෝ ගොඩක් මාන්සි වුනත් තොරතුරු එකතු කරගාන්ට බැහැ. ඇමතිතුමා කිව්වා.

ඔය විදියට තණ මැනීමේදීත් තණ ගනනය කිරීමේදීත් තමුන්ට ආපු ලියුම් ගැන ඇමතිවරු කියාගෙන ගියා. ඒ හැම වතාවකම කතාව ඇමතියන්ගේ කතාව ඉවර වුනාම මොක්පුල පන්ඩිත නැගිටලා වාඩිවෙනවා.

මොක්පුල පඩිතුමා නැගිටලා වාඩිවුනා.රජුට පුදුමයි ඒ විදියට නැගිටලා මොකුත් නොකිය මොක්පුල පඩි වාඩිවුන එක ගැන. මොකද මොක්පුල පඩිතුමනි. ඔබතුමාට ආම වාතවත් යනවාද මේ ඇමතිවරු කතාකරන වාරයක් ගානෙ නැගිටින්නෙ? 
නැහැ රජතුමනි. මට මේ ඇමතිවරුන්ගේ කථාවලට හිනායන තැන වෙනස්. ඒ හිනාවලට අවසර අවකාශ දෙන්ට ඕනි නිසා මං පොඩ්ඩක් නැගිටලා වාඩිවෙනවා. මොක්පුලසභාවම හිනස්සමින් කිව්වා. 

අවසර මහරජතුමනි. මේ වගේ දේකදි තොරතුරු එක්රැස් කරන එක වැදගත්. ඒ වගේ වෙලාවක රාජ කීය ලේඛකයින් මදි නම් වෙනත් ලේඛකයින් ගෙන්නවා හෝ රජතුමාට අවශ්‍ය කරන තොරතුරු පෝරම කොලයක සටහන් කොට ඒවා ගම්මානයේ ගස් වල ලිං අසල හෝ මිනිස්සු එක්රැස් වන තැන්වල ඇලෙව්වානම් හරි. උදාහරණ විදියට මේ වගේ.

රාජ්‍යයේ තණ සම්බන්ධ තොරතුරු එක්රැස්කිරීමයි. 
ගව මහේෂාදීන්ට අවශ්‍ය තණකොල සම්බන්ධ තොරතුරු රැස් කරගන්නට රජතුමා අදහස් කොට තිබේ. ඒ සඳහා පහත පරිදි සංදේශ සකසාගෙන එක් පවුලකට එකක් වන ලෙස තොරතුරු අසලම සිටින ඇමති මැතිවරුන්ට ලැබෙන්ට සලස්වනු. 
නම:=
ස්ථානය:-
තණකොල ඇති ඉඩම් ප්‍රමාණය:-
තණකොල වල සාමාන්‍ය උස:-
තණ වැවීමට හැකි වෙනත් ඉඩම් තිබේද?:-
ගවයින් කොපමණ ඔබට අයිතිද? :-

ඉතිං රජතුමා මේ විදියට තොරතුරු ටික එක්කරාසු කරගත්තා. ඉතාම ලේසියෙන් තොරතුරු එකතු කරගෙන රටේ තිබෙන තණකොල සහ විස්තර ලබාගන්න රජතුමාට පුලුවන් වුනා. පෝරම් කොලය නිසා වැඩ තවත් ලේසි වුනා කියලා ඇමතිවරුත් ගැමියොත් රජතුමාට ස්තූති කලා. තමුන්ට තන් පෙන්වන්නට වුනු නිසා අන්ද්‍රේ ගැන ඒ ප්‍රදේශයේ ගෑනු ජනයා කුපිතව කතා කලා.

මේ කතාවෙන් ගත හැකි ආදර්ශය තමයි නියමිත පරිදි තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක තිබෙන වැදගත්කම. නිකම්ම නිකං ලියුම් ලිවීමෙන් හෝ නැතිනම් ගනනයට ලක්වන්නා කැමති සහ ඔහුට මතක්වන තොරතුරු පමණක් ඇතුලත් කිරීම ඵලක් නැති වැඩක්. යම් ආයතනයකින් හෝ සංගමයකින් තොරතුරු අදාල අංශ වෙතින් ලබාගන්නවා නම් ඒ තොරතුරු මාතෘකා කිපයක් සහ තේමාවන් කිහිපයක් ඇතුලත් එකක් නම් තොරතුරු ලබාගන්නට පෝරම් කොලයක් තියෙන එක වැදගත් වෙනවා. 

මේ පොරම් කොල නොහොත් ෆෝම්ස් වල නවතම  සොයාගැනීම තමයි අන්තර්ජාලයේ වෙබ් අඩවි වල දත්ත ඇතුලත් කිරීම. මේක දියුනු වැඩක්. අන්තර්ජාලය භාවිත කරන අයට පුළුවනි සේවාවන්හෝ වෙනත් කටයුතු වලදි අදාල කටයුතු වලට පෝරම පුරවලාඒ කාරිය කොරගන්න. මේක මීට කාලෙකට කලිං සිද්ද වුනේ ෆැක්ස් මගින්. නැත්නම් ලියමන් මගින් තොරතුරු දෙන්න. දැන් කටයුතු ඊට වඩා පාසුයි. 

මේ ලගදි මගේ මිතුරකට අවශ්‍ය වුනා ටෙලිකොම් ආයතනයෙන් වැඩිපුර දත්ත ප්‍රමාණයක් මිලදී ගන්න. ගිගාබයිටුවක් රුපියල් 250ක් වගේ සාධාරන මිලට තිබුනත් අත්‍යාවශ්‍ය වැඩකට ඔහු දත්ත මිලදී ගන්න සිද්ද වුනා. එතනදි ටෙලිකොම් ආයතනය කියලා තිබුනෙ ෆැක්ස් එකකින් දත්ත අවශ්‍යතාවය කියන්න කියලා. ඉන් පස්සෙ කතාකරන්න පුලුවන් තැන් කීපෙකටම කතා කරලා ඊ මේල් එකකින් වැඩේ කරගන්න පුලුවන් තැනට පත්කරගන්න මිතුරා සමත්වෙලා තිබුනා. 

ටෙලිකොම් වගේ ආයතන විකුනන මූලික දෙයක් තමයි ජාල පහසුකම. ජාල පහසුකම මගින් දියුනු වුන මේ ලෝකෙ පිටරටින් මහ වටින කියන බඩු ගෙන්නගන්නත් අපිට පුලුවන් වෙල තියෙනවා. මේ වගේ සේවාවන් සපයන මූලික ආයතනයක් වෙච්චි ටෙලිකොම් එකේ අමතර ඩේටා ඉල්ලලා රික්වෙස්ටුවක් ලේසියෙන් දාගන්න විදියක් නැහැ.ඒ විදියෙ අන්තර්ජාල පහසුකමක්ඒ ආයතනය සපයල නැහැ. පරන විදියට ලියුම් කියුම් ෆැක්ස් වලිං තාම වැඩ. මේක වඩුවයි ගෙදර පුටුව නැති කේස් එකකට වඩා මට පේන්නෙ වඩුවයි ගෙදර කියත නැහැ වගේ සීන් එකක් විදියට. 

Tuesday, May 13, 2014

සරණ වීමේ රසායනිකය chemistry of donation

මං කෙල්ලෙක්ට පෙරුවා ඉස්සර..අපි එයා රාජිකා කියල කියමු. කෙල්ල මට කැමති නොවී එයා රස්සාවට ගියාම වෙන කොල්ලෙක්ට කැමති වුනා. ලෝකයා කියන විදියට ඒ කොල්ලා උස සුදු ලස්සන කොල්ලෙක්. කාලාන්තරයක් ගත වුනා. ඒ රාජිකා මට අකමැති වුනාට ඉදලා හිටලා කතා කලා. ඒ කෙල්ලගේ පස්සෙන් යන කාලෙ මම ඒ ගැල්ලමයගේ පවුලට සමීප වෙල උන්නා. රාජිකා මොකක්දෝ පොඩි ගායන ස්ටාර් තරගෙකට ගියාම මම ඒකෙ රාජිකා හිටපු පින්තූරයක් අමාරුවෙන් හොයාගෙන ඒක ප්‍රින්ට් කරලා ලොකු කරලා ගෙදරට ගිහින් දුන්නා. ඒ වෙලාවෙ රාජිකාගේ පියා කියලා තිබුනා ඒක රාමු කරන්න ඕනි කියලා.

අහෝ ඛේදයකි එයාගේ තාත්ත මලා. අඬ අඬ කෙල්ල මට මලගෙදර කිව්වා. මට ඒකෙ කිසිම අලුත් ගතියක් තිබුන් නැහැ. මට දැනුනා ඒ ගැල්ලමයාට තාත්තා හදිසියේ නැතිවීමේ වේදනාව. ඒත් මම මල ගෙදර පැත්තෙවත් ගියෙ නැහැ. මොන හේතුවකට හරි මම නොයන්න තීරණය කලා. අවුරුද්දක් විතර කතා කරන්නෙ නැතිව ඉදලා පස්සෙ කතා කලා. දැනුත් ඉදලා හිටලා කතා කරනවා. ඇයි එහෙම තීරණයක් ගත්තෙ කියලා මට හිතාගන්න බැහැ. ඒත් හිතේ යටින් ඇත්තෙ මගේ ආඩම්බර කමයි කියලා මට හිතුනා.

එවෙලෙ මට හිතුන දෙයක් තමයි “දැං එයා යාලුයි. යාලු කොල්ලත් එක්ක වැටි වැටි ඇගේ එල්ලෙමින් අඩමින් ඇති,දැන් එයා යාලුවෙලා කොල්ලත් එක්ක ඉද්දි මට ඒ මලගෙදර නාට්ටියෙ ලැබෙන චරිතෙ මොකද්ද? වරක් පෙරණ ලද පෙම්වතා. සික්. මිනිස්සු සමාරු මාව පෙන්නලා ඒම කියාවි. වරක් පෙරන ලද පෙම්වතා..හරියට අරක්කු වගේ. ඇත්තම කිව්වොත් වරක් නෙමෙයි මම දෙතුන් වතාවක්ම හොදට පෙරන්නත් ඇති. “ ආන්න ඒ ලෝකාපවාදය මගේ හිතේ දෝංකාර දුන්නා. කොහෙද යන රිලවෙකුට මම සෙකන්ඩ් වෙනවා කියල අදහස සිතේ ඇතිවුනා. අවසානේ මම මලගෙදර නොගිහින් කුප්පයෙක් බවට පත් වුනා.

ඒක ඉවරයි. මේක කිව්වෙ මම සාන්තුවරයෙකුත් නෙමෙයි ගමේ කොල්ලෙකුත් නෙමෙයි කියල පෙන්වන්න. නැත්තං මේව බලන මිනිස්සු සැබෑ ලෝකෙ නැති චරිතයක් මවාගෙන පස්සෙ කාලෙක වන්දනාමාන කරාවි.

රසිකා කියන්නෙත් දාපු නමක්. රසිකා මට හමුවුනේ හරිම අහම්බෙන්. වෙඩින් එකකට ගිහින් ගෙදර එද්දි මට බස් එකේ කෙල්ලෙක් ගාව සීට් එකක වාඩිවෙන්න ලැබුනා. කෙල්ල මදක් මහත මදක් ලස්සන කෙනෙක්. ඒ වෙලේ වෙඩින් එකෙන් බීපු බ්‍රැන්ඩි කාලක් විතර මයේ ඇඟේ වැඩකලා. වීදුරු හතර පහක් බිව්වට වැඩිය බොන්න බැරි නිසා දෙක තුනෙන් වෙරි වෙනවා. පස්සෙ කාලෙක මා විසින්ම හොයාගත් විදියට මට බොන්න බැහැ. බොනකොට මහ කටුක රහක් එනවා එතනෝල් වලින්. බියර් හැර වෙන කිසිම සැර ජාතියක් මට විනාඩියක් කටේ තියං ඉන්න අමාරුයි. ඒ නිසා මම බීම අඩු කලා. ඒත් සමාර තැන්වල බීල හෑවා. ඒව අතුරු කතා.

ඇඟ ඇතුලෙ දිව්ව බ්‍රැන්ඩි කාලයි. මායි. ළඟින් කෙල්ලෙකුත් වාඩිවෙලා. ආයිස් අම්මා ගුන්ඩු. බස් එක ටික දුරක් එනකොට මට බ්‍රැන්ඩි මතටම නින්ද ගියා. ඔන්න ටික දුරක් එනකොට දැක්කෙ දුර නෑ වෙන ඇන්ටියෙකුත් පස්සෙ සීට් එකක. ගොඩක් පස්සෙ එකක. කමක් නැහැ හිනා වෙන්න ගියොත් කරදරයි. මං නොදැක්ක වගේ උන්නා. බිව්වට වැඩිය ගඳ නැහැ. ඉදලා හිටලා ටිකක් ඔක්කාර ගතියකුත් එනවා.

අත් දිග සර්ට් එක ඇඳල සෝක් කලිසං සපත්තු මේස්. කෙල්ල මාව කලිං දැකල නැහැ. රසිකා දන්නෙ නැහැ මම නෝමල් ඉන්න විදිය. ඒනිසා එයාට මාව ඇබ්නෝමල් කියලා පෙනුනෙ නැතුව ඇති. හනී මේ යකා ඒ සී කරපු කන්තෝරුවක වෙන් ඇති ඉන්නෙ. ඒකනේ මෙච්චර දාඩිය දාන්නෙ කියලත් හිතන්න ඇති.

කෝමහරි ටෝක් කලා. මුලදි කිසිම ටර්න් එකක් ලැබුන් නැහැ. නම ගම කැමපස් එක විස්තර කතා කලා. ඇත්තම කිව්වොත් ඉස්සලේල කැම්පස් එක ඉන් පස්සෙ ගම අවසානෙ නම අහගත්තෙ මට බහින්න තියෙන තැනටත් කිට්ටුවට ආවම. හුටා. කෝ කෙල්ලගේ නොම්බරේ. ඒ වෙනකොට බොහෝම ජනප්‍රිය වුන මගේ විසිටින් කාඩ් ටික ප්‍රින්ට් කරල නැහැ. ඒ නිසා දෙන්න එකක් තිබුන් නැහැ.

ඔයාට මොකටද මගේ නම්බර් එක? ඔයා දන්නෙත් අදමයි? මගේ පෝන් එක වැඩ කරන් නැහැ. ..වැඩක් නැහැ ඔයාට මගේ නම්බරෙ.. ඔය වගේ උත්තර වට කිහිපයක් ම එයාගෙන් ගියා. මල කෙලියයි මං බහින හෝල්ට් එක පහුවෙලා. ඒත් මම ගානක් නැතුව වෙරිමරගාතෙ දෝ මන්දා කෙල්ලගෙන් නොම්බරේ ඉල්ලලා පොරේ. එයා නොම්බරේ දුන්නා. ඒ වෙලාවෙ ඇගේ වැඩකල බ්‍රැන්ඩි කාල නැත්තං මං කෙල්ල එක්ක කතා නොකර, කෙල්ලගේ අතේ නොවැදි, නම ගමවත් අහන් නැතුව සිල් පූසා වගේ යනවා. නමුත් ඒ වෙලාවෙ වැඩකරපු මැජික් අරිෂ්ඨේ ආනුභාවයෙන් බස් එකේ අනික් උන් හිටියත් නොහිටියා කියලා හිතාගෙන අප්‍රතිහත ධෛර්යෙන් වැඩකරපු මට නොම්බරේ ලැබුනා.

ඒක අරං මං ඊලග හෝල්ට් එකෙන් බැහැල අනික් පැත්තට යන බස් එකක ගෙදර ඇවිත් කෝල් කලා. හරි නේ..ඇත්තම නම්බර් එක තමයි දීල තිබුනෙ.

රසිකා හරිම අහිංසකයි. බොක්කෙන්ම අහිංසකයි. ඔය විදියට හෝ මොනම විදියකට අපි කෙල්ලෙක් අදුන ගත්තත් අපිව කඩේ යවන්න හදනවා. කෙලින්ම හෝ වක්‍රව හෝ. ඒ අතින් රසිකා මැක්සා.එයාට මැසේජ් ගහන්නවත් සල්ලි නැහැ පෝන් එකේ,කිව්වම මම රුපියල් විස්සක ලෝන් පාරක් යැව්වාම එයාට සල්ලි ලැබුන සැනින් අර විස්ස ආයිම එවුවා. මට පුදුම හිතුනා. අනුන්ගෙන් ගන්න රුපියලක් වත් එයා තියාගන් කැමති වුනේ නැහැ.

ඉන් පස්සෙ රසිකා හමුවුනා. කතාකලා. මම එයාගේ කැම්පස් එකට ගියා. වැඩ ටිකක් ගියා. ඒ එක්කම එයාට බෝයි පෙන් කෙනෙක් ලැබුනා. රසිකා මා එක්ක කතා කරන එක අඩුවුනා. කිහිපවතාවක් හමුවෙලා වෙන්වෙලා තිබුනට රසිකා කාලයක් යද්දි මගේ මතකයෙන් අමතක වෙලාම ගියා.

මේ ලගදි රසිකා ආයිත් කතා කලා. විස්තර එහෙම ඇහුවා. එයාගේ හිතේ මං බැඳලා කියලා. හපොයි දෙයියනේ..!! මං හිතුවා එයා බැඳලා කියලා.. එහෙමත් වෙලා නැහැ. දැන් පරණ කොල්ලත් නැහැයි කියල තමයි කිව්වෙ? දැන් පාඨකයා හිතනවා ආහ්..දැන් හොඳයි..ගොනා පොල්පැලේට හැරෙන්න ඇති කියලා. ඒත් එහෙම වුනේ නැහැ. ගොනා අඹේවෙල පොල්පැලේ කුරුණෑගල. ඉතිං කෝමද සෙට් වෙන්නෙ?

කෝමද ඔයාට ඔයාලයි ගෙදර අයට තාත්තට හෙම? තාත්ත අසනීපෙන් හිටිය නේද? මම සුවදුක් අහන්නට සැරසුනා. තාත්තට නම් ඒ තරං හොදකුත් නැහැ ලොකු පස්නෙකුත් නැහැ. අපේ මල්ලිට පොඩි ප්‍රශ්ණයක් වෙලා වකුගඩු අමාරුවක්. එයාට කාලෙක ඉදන් තිබුනා. දැන් වකුගඩු මාරු කරන්න වෙලා. අම්ම වකුගඩුවක් දෙනවා. ලොකුවට බයවෙන් දෙයක් නැහැ කියල දොස්තරල කියන්නෙ. අනේ මන්ද. මොනව කතාකරනවද මන්දා ඔයාත්. මං මානසිකව වැටිල නැහැ. ඔයා හැමෝටම කියන බයිල මටත් කියන්න එන් එපා. මේ කලිං කිව්වෙ මම එයා එක්ක කතා කරද්දි මම අහපු පස්න වලට එයා දුන්න උත්තර.

වැඩේ සක්සුදක් සේ පැහැදිලියි. අම්ම කරන්නෙ ගාමන්ට් රස්සාව. දුවට උගන්නල කැම්පස් යැව්වා. දුව කලේ ආට්. ඒ ඇඹිලිපිටියෙ ඉදලත් දුර ගමේ ඉන්න කෙල්ලෙක් ආට් නැතුව වෙන මොන වලාමක් ඉගෙන ගන්නද? තව මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඒ ලෙවල්. එයාතමයි දැන් ලෙඩා. දැන් මෙයා කැම්පස් ෆයිනල් ඉයර්. රසිකාගේ තාත්තට ත් මොකද්ද අමාරුවක් නිසා එකතැන. ලොකු රස්සාවක් කරන්න බැහැ. ලොකුවට සල්ලිය බාගෙ තියෙන මිනිස්සු නෙවෙයි.

වකුගඩු ලෙඩෙක් සහ එයාට වකුගඩුව දෙන්න ගෙදරම කෙනෙක්. ඒ කියන්නෙ ලෙඩ්ඩු දෙකක් එක ගෙදර. මේ වගේ වෙලාවට නෑයො යාලුවො සාමාන්‍යෙයන් ඈත් වෙනවා. සල්ලි දෙන්න පුලුවන් අයත් දෙන්න පුලුවන් අඩුමගාන පුදලා අයින් වෙනවා. මේ වගේ ජීවිත පද්ධති එක්ක සමීප ආස්සරයක් තිබුන, ඒ වගේම පසුබිමක් එක් කාලෙක අපේ ගෙදරත් තිබුන නිසා මට ඒ ගෙදර දැන් පවතින තත්වය ටිකෙන් ටික වැටහෙන්න ගත්තා.

ඒක මතක් කරන එක මට හරි වේදනාවක්. සමාර අයට මේවා සිද්දි විතරයි. ඒත් අවාසනාවට මට සිද්ද වුන එකක් වගේ හරිම මෙව්වා එකක් දැනෙන්න ගත්තා.ඔපරේෂන් එක කරන්නෙ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ. ඒත් හදිසියෙ ගන්න බෙහෙත් වලට ලක්ෂ තුන හතරක් ඕනි වෙනවා. මං කියල මොනව කරන්නද? ඊලග පාර පඩිගත්තම මම රුපියල් දහදාහක් විතර දීල දානවා කියලා තීරණය කලා.

ජනාධිපති අරමුදලේ ගානක් ලැබේවි. එයා වැඩකරන ගාමන්ට එකෙනුත් පොඩි ගානක් ලැබෙයි. යාලුවො නෑයො හෙමත් ගානක් දෙයි. මොකුත් නැතිවුනොත් කණ කර උගස් තියල සල්ලි මදි නිසා ගෙවල් දොරවලුත් උගස් තියාවි. පස්සෙ කාලෙක රසිකාත් අවුරුදු ගානක් රස්සාව කරලා අර ගේයි ඉඩමයි බේර ගනීවි.

මේ සිදුවීම දැන් සති දෙකක් තිස්සෙ මගේ හිතේ කැරකෙනවා. හැම දෙයක්ම ඒ සිද්දිය හරහා දකින්න පුරුදු වෙලා. හරියට පොඩිකාලෙ අපි කැමති දෙයක් අරන් දුන් නැති වුනාම දවස් ගනන් ඒක ගැන කම්පනා කරලා අම්මලට ඒකට සල්ලි තියෙනවා මේකට නැහැ. තාත්ත එයැය්ට අලුත් සරමක් ගත්ත මට කැප් එකක් තමයි එයැයිට අරං දෙන්න බැරි. කියාල පොඩි කාලෙ අපි තාත්තල දේකට බෑ කිව්වම සන්සන්දය කරලා හිතනවා. මාත් ඒ වගේ තැනකට ඇවිත්.

වෙන යාලුවෙක් සල්ලි එකතුකරලා දුෂ්කර පැත්තක විහාරයක් හදන්න අදහසක් ගැන කිව්වා. මං ඒකට බැන්නෙ “තොපේ ඔය ගඩොල් ගොඩවල් හදන එකට මම වචනයකින් වත් උදව්වක් දෙන්නෙ නැහැ‘‘ කියලා. මට අනුව පංසල්,පල්ලි,කෝවිල් හදන එකට වඩා අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න පුලුවන් අවස්ථා වලදි ඒම කරන එක හොඳයි. ඒක මානසිකවත් වැඩිපුර සතුටක් ගේන වැඩක්.

Monday, May 12, 2014

මුංව එල්ලන් නැත්තෙ ඇයි? The Physician (2013)

මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙලා බොහොම කාලයක් යනකල් මිනිස්සුන්ට හැකියාවක් තිබුනෙ නැහැ අනුන්ගෙ මත ඉවසන්න. සොක්‍රටීස්,ගැලීලියෝ,කොපර්නිකස් වගේ අය ඒ ඒ කාල වකවානුවෙදි හදිසියේ මරණයට පත්වෙන්නෙ ආන්න ඒ හේතුව නිසා.

ලෝකෙ දැනට දියුනුයි කියල සම්මත රටවල,ඒ විදියට අනුන්ගේ මත ඉවසන්න බැරි තමුන්ට විරුද්ධ අයගේ මරණයෙන් සන්තෝස වෙන මිනිස්සු ස්ටාර් කරනවා අඩුයි. දියුනු රටවල එහෙම මිනිස්සු නැහැ නෙමෙයි. ඉන්නවා නමුත් එයාලට පොරවල් වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. මේ ගතවෙන මොහොතෙ ලාංකිකයින්ගේ ෆේස්බුක් ඇතුලෙ විවිධ ආගම් ජාති සහ වෙනත් කෝන්තර හේතුවෙන් පෝස්ටර් බැනර් පවා හුවමාරු වෙනවා මරා දමමු කියලා. ඒක හරිම සරල දෙයක් වෙලා. මරණය සරලදෙයක්ද? අනික මරණ එක හෝ අධිකලෙස මිනිස්සුන්ට වද දෙන එක ලංකාවෙ ෆැෂන් එකක්ද? 

දේවදත්තට බුදුන් වහන්සේ එක්ක වාදකරලා දිනන්න පුලුවන් කමක් තිබුන් නැහැ. තදට කිව්වොත් මතවාදීව බුදුන් වහන්සේ පරාජය කරන්න දේවදත්තට හැකියාවක් තිබුන් නැහැ. ඒ නිසා දේවදත්ත විවිධ ක්‍රම වලින් බුදුන්ව මරන්න සැලසුම් කලා. දැන් ඇතිවෙලා තිබෙන අලුත් බෞද්ධ ප්‍රබෝධය සහ බෞද්ධයින්ට අන්‍යාගමිකයින් නොරිස්සීම මේ දේවදත්ත ගේ අදහස් එක්ක පුදුම විදියට සමපාත වෙනවා. දේවදත්තට ඕනි වුනා බුදු දහම තමුන්ට ඕනි විදියට කස්ටමයිස් කරගන්න. මේ අලුත් අයටත් හෙමයි. ත්‍රිපිටකයේ තියෙන ආත්මාරක්ෂාව සලසගන්න ක්‍රියා කලා කියලා තියෙන කොටස් පවා ඇදල අරගෙන බුදුදහම මේ දේවදත්තලාට ඕනි විදියට සකසාගන්න පුදුමාකාර උත්සාහයක් ගන්නවා. 

මේව දිහා බැලුවම මට හිතුන දෙයක් තමයි. මිනිස්සු ආගම් නිසා මේ තරං මරා ගන්නවා නම් එකිනෙකාට වෛර කරගෙන හිංසා කරගෙන දගලනවා නම් අපි ආගම අදහන එකේ තේරුමක් නැහැ. ඒ නිසා උප්පැන්න සහතිකේ තියෙන බෞද්ධ කියන කෑල්ල එහෙම තියෙන්න ඇරලා මොකුත්ම ආගමක් නැතුව ඉන්න මම තීරණය කලා. ආගමක් නැති වුනාම මගේ මිනියට මක්කා වෙයිද? මැරුනට පස්සෙ ආත්මෙ කොහෙ යයිද? අදාල නැහැ මොකද එතකොට මම මැරිල ඉවරයි. 

ලෝක ඉතිහාසෙ ගැන බැලුවොත් ආගම් බදාගෙන මිනිස්සු ඒවට වැඳගෙන කුසීතව තමුන්ගේ ඉරණම දෙයියන්ට සහ විවිධ මතිමතාන්තර වලට බාරදීල නිකා හිටියනම් ලෝකෙ මේ තරං ලස්සන තැනක් වෙන්නෙ නැහැ. තියෙන හැම වැදගත් දේම පස්සට දාල නිවන දිහා බලං බාවනා කර කර හිටියනං ලෝකය මේ තරං මිනිස්සු ගානකට ජීවත් වෙන්න පුලුවන් තැනක් වෙන්නෙ නැහැ. දේව ආගම් වුනත් ඒ වගේ. අද වුනත් ලෝකෙ දැඩි ආගම භක්තිකයින් ජීවත්වෙන පැතිවල අලුත් සොයාගැනීම් නව චින්තන දහරාවන් ඇතිවෙනවා අඩුයි. 

මිනිස්සු පෝසත් වෙන්න ඕනි ආගමික මත වලින් නෙමෙයි දැනුමෙන්. නිතර අලුත් වෙන වෙනස්වෙන ලෝකෙත් එක්ක යන දැනුමෙන්. ඒ වගේම අනවශ්‍ය ලෙස අනුන්ට හිංසාකාරී ලෙස හැසිරෙන මිනිස්සු පාලනය වෙන්න ඕනි නීතියෙන්.  ඔය දෙකම නැති තැන ආගම් ලොකු වෙනවා ජාතිය ලොකු වෙනවා. නැත්නම් ඒකෙ අනික් පැත්ත,නීතිය සහ විද්‍යාත්මක දැනුම නැති තැන ආගම් සරුවට පොලව බදාගෙන පැල වෙනවා. 
The Physician කියන්නෙ ජර්මානු සිනමාපටයක්. මේ ෆිල්ම් එකේ කතාව අහඹු සිදුවීම් ගනනාවකින් සමන්විත වෙනවා. මේක ජර්මානු නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරුන එකක්. මේ ෆිල්ම් එකේ කතාවස්තුව වෙන්නෙ වෛද්‍ය කර්මය. වෛද්‍යවරුන් වීමට පෙරුම් පුරන මිනිසුන් සම්බන්ධව මේ සිනමා පටයේදී කතා කරනවා. එවකට පැවති මුස්ලිම් ආගමිනුත් ක්‍රිස්තියානි ආගමිනුත් මේ වෛද්‍ය විද්‍යාත්මක දැනුමට ලැබුන ආලෝකය මේ සිනමා කෘතියෙන් මොනවට විදහා පෙන්වනවා. ආගම සහ විද්‍යාව දැඩිව ගැටෙන පසුබිමක එවකට සුළුතරයක් වුන විද්‍යාත්මක මත දැරුවන් වෙනුවෙන් පෙනීසිටපු ඒ කාලෙ වෛද්‍ය විද්‍යාඥයො සැබෑ වීරයෝ වෙන්න ඇති. අද නම් ආගමික මත සහ විද්‍යාත්මක මත සැබැවින්ම ගැටෙන්නෙ රෑට කෑම දිරවන්න අපි බලන රූපවාහිනී කයිය වැඩසටහන් වලදි විතරයි. 

එක්තරා කාලයකදී විද්‍යාවෙ සොයාගැනීම් වලට ආගම් වලින් ලැබුනෙ ආලෝකයක් නෙමෙයි අඳුරක්. ඒ අඳුර තාමත් අපවටා හොල්මන් කරනවා. මෙච්චර තාක්ෂණය දියුනු කාලෙකත් ඉරිද පත්තරේ කාලි මෑනියෝ සහ වශී ඇඩ්වර්ටීස්මන්ට් කීපයක් බලාගන්න පුලුවන් වෙලා තියෙන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ විතරක් නම් මැදෑ ඉන්ටනෙට් එකෙන් වුනත් තොරන් සයිට් වල කාලි මෑනියෝ දෙයියෝ සහ වශී කාරයො වැහි වැහැල.

කෝම වුනත් The Physician අලංකාර කතා වස්තුවක්, ලක්ෂන නිලියෙක්, පරණ යුද්ධ කල කෝලහාල. මේ දවස්වල අපේ රටේ ජනප්‍රිය වුනු ඉංග්‍රීසි පරණ මාදිලියේ පසුබිම සහිත හොඳ කතාවක් මේකෙ තියෙනවා. මේ ෆිල්ම් එක හොලිවුඩ් එකක් නොවන නිසාත් ඒකෙත් අමුතුම රසයක් තිබෙනවා. මොනවා වුනත් මම ඉහත ලියල තියෙන මෙලෝ අල බෝලයක් නොතේරුනත් කිසි ගේමක් නැතුව මුල ඉඳන් කට ඇරං බලං ඉන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. 

මේ අයි ඇම් ඩි බී ලිංක් එක :- http://www.imdb.com/title/tt2101473/?ref_=nb_watch_?ref_=nv_wl_img_1
මේ බයිස්කෝප්ප එල් කේ එකේ ලිංක් එක :- http://www.baiscopelk.com/the-physician-2013-with-sinhalasub/
 

Saturday, May 10, 2014

නැව් කඩන චිතගොන් shipbreaking chittagong

මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැ කියලා කියමනක් තිබෙනවා. නැව් ගියාට පාරවල් හිටින්නෙ නැතිවුනාට නැව් ගොඩට ආවට පස්සෙ පාරවල් හිටිනවා. නැව් කැඩීම කියන්නෙ භාවිතයෙන් පසු නැව ඉවත් කරන එකට. නැවක් අවසාන වෙලා ගිලුනොත් කිසිම අවුලක් නැහැ. ගිලුන එක හොදයි කියල පාඩුව විඳගෙන නිකා ඉන්නවා. නැව් වල තිබෙන දැවි තෙල් සහ රසායනික නිසා සහ අවසාන‍ේය නැව් වලින් ලොකු මුදලක් ගන්න පුලුවන් නිසා නැව් ඒ විදියට හිතාමතා මූදේ ගිල්වන අවස්ථා අඩුයි. නැවක් කියන්නෙ නැවක්. ඉතිං ඒකෙ ලොකු ඛනිජ සහ ලෝහ මෙට්‍රික් ටොන් ගානක් තිබෙනවා. දකුණු ආසියාව මේ නැව් කැඩිල්ලට වඩාත් චිර ප්‍රසිද්ධයි. දකුණු ආසියාව ලෝකයේ නැව් කැඩිල්ල අතින් අග්‍රස්ථානය ගන්නවා. ලෝකෙ දැනට භාවිතයේන ඉවත් කරන  නැව් වලින් සියයට 80ක් විතර සිය අවසාන සොහොන් බිම විදියට තෝරාගන්නෙ දකුණු ආසියාව.


View Larger Map

මේ සිතියම හොඳට සූම් කරල බැලුවොත් කඩන්න නියමිත වෙච්චි නැව් කිහිපයක් ඔබට බලාගන්න හැකියාව තිබෙනවා. ලෝකයේ නැව් කඩන ස්ථාන අතර ප්‍රමුඛ ස්ථානය ගන්නෙ බ්ංග්ලාදේශයේ චිතගොන් (chittagong ) නුවර. බෙංගාල බොක්කේ ඉහල කෙළවරේ තිබෙන මේ චිතගොන් කියන නගරය ආසන්නයේ බංග්ලාදේශයට අයත් විශාලතම වරාය පිහිටලා තිබෙනවා. ඒ ආශ්‍රිතව තිබෙන මඩ සහිත වෙරළ ස්වභාවය මේ නැව් කඩන අයට වඩාත් වාසිදායක විදියට බලපාල තිබෙනවා.
මේ  පහල තියෙන්නෙ ලෝකයේ දැනට චිර ප්‍රසිද්ධ නැව් කඩන ස්ථාන සහ ඒවායේදී එකතු කරන ලද වානේ ප්‍රමාණයන් වල වගුවක්. මෙහිදී මේ දැක්වෙන ප්‍රමාණයන් දැක්වෙන්නේ වානේ මෙට්‍රික් ටොන් මිලියන වලින්.
ඉවතලන නැව් වලින් එකතුකරගන්නා ලද වානේ ප්‍රමාණයන්. 
මේ වගේ මහා නැව් මුලින්ම නැව් කඩන ස්ථානයට ආවම මුලින්ම කරන්නෙ ඒවායේ ඉතිරි වී තිබෙන දැවිතෙල් ඔයිල් ,ලිහිසිකාරක සහ තියෙන ද්‍රව ආදිය ඉවත් කරන එක. මේවා අතර මනුස්ස සිරුරට අහිතකර ඊයම් ආදිය තිබෙනවා.. මේ කට්ටිය කරන්නෙ කඹයක් දාල මහ නැවක් අදිනවා. මේ විදියට නැව් සහ කඩන ලද යකඩ කොටස් මහ පිරිස් එකතු වෙලා අදින එක එතන සුලභ දර්ශනයක් කියල එහි අනවසරරෙන් ඇතුලු වුන මාධ්‍යවේදින් පවසලා තිබුනා. 
නැව් වලින් ගලවන ලද ටොන් ගනන් බර යකඩ තහඩු ‍මේ ආකාරයට මිනිසුන්ගේ කරපිටින් තමයි යාත්‍රාංගනයට එන්නෙ. මේ විදියට වැඩකරන අය දිහා හොද විපරමින් බැලුවොත් තොප්පි,බූට්ස් ඕවරෝල් මුකුත්ම නැතුව අහිතකර ද්‍රව්‍ය පිරිච්චි මඩ තියෙන බිම දිගේ ඇවිදගෙන යන බංගලි ජාතිකයින් ඔබට දැකගන්න පුළුවනි. 

නැව් කඩලා ගන්න මුලු ආදායමින් ඒ වය්‍යාපාරිකයින්ට වියදම් වෙන සමස්ථ වියදම 10%ක් කියලා තමයි මේ නැව් කැඩීමට විරුද්ධ පරිසර සහ මානුෂිය සංවිධාන කියන්නෙ. මේ විදියට ඉතාම අඩු පහසුකම් යටතේ තමයි මේ නැව් කැඩීමට දායක වෙන සේවකයින් නිදා ගන්නෙ. මේ අය‍ට වෘත්තිය අයිතිවාසිකම් ආදිය බොහොම අඩුයි. පැරණි තාලේ වහල් මෙහෙයක් ගන්න ආකාරයට තමයි මේ සේවකයින් වැඩ කරනාව කියන්නෙ. කොළඹ වර‍ායේත් විවිධ වැඩවලට බංගලි කාරයින් එන බවත් ඔවුන් ඉතාම සුළු වැටුපකට වැඩ කරන්න කැමති බවත් වරායේ වැඩ කරන වැල්ඩින් කාර්මිකයෙක් මා සමග වරක් පැවසුවා. 

‍ඔක්සි ඇසිටිලීන් දැල්ල භාවිත කරලා නැව් ඇතුලට ගිහින් නැව තුල වැඩකරන්න මේ සේවකයින්ට සිද්ද වෙනවා. මේ වගේ අවස්ථාවල නැවේ ඇතුලු ආගාරවල ඇතිවෙන විශ සහිත වායු තත්වයන් සහ නැව අභ්‍යන්තරයේ පිරිසක් වැඩ කරන විට ඇතිවෙන ඇදගෙන වැටීම් ආදියෙන් ‍ේම වැඩකරන අය අපහසුතාවයට පත්වෙනවා. 
ඒ විදියෙ නැව් කඩන සේවක මහත්මයෙක්ගේ මල ගෙදරක් තමයි මේ.මේ මිනිය වලදාන වෙලාවෙ වටවෙලා ඉන්න සමහර කොළු ගැටවුන්ට ෂර්ට් මාල්ලක් වත් නැහැ. ඉතිං මේ මිනිස්සු කොයි තරං දුප්පත් ඇතිද කියල ඒකෙන්ම හිතාගත හැකි. මේ විදියට මේ නැව් කැඩිල්ල හින්දා වසරකට මිනිස්සු 30කට වඩා අකාලයේ මිය පරලොව යනවාලු. ඒ වගේම මේ නිසා තුවාල ලබලා සදාකාලික දුබලතා ලබන මිනිස්සු ගානත් සැලකිය යුතු ගානක් වෙනවා. නමුත් මේ මැරුණ අයට තුවාල ලබන අයට සැලකිය යුතු වන්දියක් ලැබෙන්නෙව්ත නැහැ කියල තමයි ආරංචි මාර්ග නම් කියන්නෙ. 
ලෝක කම්කරු සහ ලමා නිති අනුව දරුවන් වැඩට යොදාගන්න හැකියාවක් සේවා යෝජකයින්ට නැහැ. නමුත් මාධ්‍යවේදින්ට සහ වෙනත් අයට ඇතුළුවීමට තහනම් කලාපයක් වුන බංග්ලාදේශ නැව් කඩන තටාකාංගන වල මේ විදියෙ දරුවන් සුලබ දසුනක් බවට පත්වෙලා තිබෙනවා. මේ දරුවන් නැව් වල  කුඩා ස්ථාන වලට රිංගවලා වැඩගැනීමට වගේම ඔවුන්ට අඩු මුදලක් ගෙවා වැඩගැනීමේ හැකියාව නිසා දරුවන් ස‍ේවයේ යොදවා නීතියට පටහැනිව සිය රාජකාරිය කරන්නට නැව් කඩන සමාගම් කටයුතු කරලා තිබෙනවා. 
මේ මඩ නිකම්ම නිකං මඩ නෙමෙයි. මුහුදු මඩ. අපේ රටේ මුහුද මඩ වෙලා තියෙන අවස්ථා අවම වුනාට බෙංගාල බොක්කේ ඉහල කෙළවරක තිබෙන බංගලිදේශයට ඒකෙ අමුත්තක් නැතුව ඇති. කොහොම වුනත් මේ කට්ටිය කිසිම ගානක් නැතුව පයගහල ඇවිදින මඩේ ඊයම්, දැවිතෙල්,තීන්ත, මලකඩ ඇතුලු අහිතකර රසායන ද්‍රව්‍ය ‍අටෝරාශියක් මිශ්‍ර වෙලා තිබෙනවා. 
මේ නැව් කඩන සේවකයින් තේ වතුර බොන අවස්ථාවක්. මේ තැන් දැක්කම මට ඉස්සර අපේ පැත්තෙ වෙරළෙ තිබුන මාලු වාඩි මතක් වුනා. නමුත් මේ වාඩියක් වගේ තාවකාලික නවාතැන් නෙමෙයි. ‍මේ මිනිස්සු දිනපතා සේවය කරන ස්ථානයේ ස්වභාවය තමයි මේ. අයියෝ ඕව මොනාද අපේ රටේ ටියුසන් යන ලමයි දාස් ගනන් දිලත් වාඩිවෙන්නෙ මේ වගේ බංකු වල නේ.. ඒ අතින් හිතුවොත් ඉතිං ලොකු අවුලකුත් නැහැ. 
චිතගොන් වලදි නැව් වලින් ඉවත් කරන බඩු චිතගොන් සිට ධකා අධිවේගී මාර්ග‍යේ දෙපස විකුනන්නට ිතබෙනවා. එ් විදියට නැව් වලින් ඉවත්කරපු ජීවිතාරක්ෂක බෝට්ටු බංග්ලාදේශයේ විවිධ ස්ථානවල විවිධ රාජකාරි වලට භාවිත වෙනවා. නැව් වලින් ඉවත් කරන බොහෝ බොහෝ දේවල් මේ කඩවල් වලදි සාමාන්‍ය ජනතාවට මිලදි ගන්න පුලුවනි. ඒ අතර ලී බඩු ඇඳ පුටු මේස, හැලි වලං ගැරුප්පු විදුරු බඩු, වගේම රේසර් යකඩ පොලු බාර් ඇලුමිනියම් පටි ව‍ාගෙ දේවලුත් තියෙනවා. 
මේ පිංතූරෙ මිනිස්සුන්ගේ සයිස් එකයි නැවේ සයිස් එකයි සන්සන්දනය කරගන්න ඔයාලට හැකියාව ලැබේවි. ‍නැව් වල එක එක ජාතියේ රසායනික ප්‍රවාහනය කරන වෙලාවලුත් තිබෙනවා. ඒවිදියට ඇමෝනියා වායුව ප්‍රවාහනය කරපු සිලින්ඩර වගයක් අන්තර්ජාල‍යේ එක් අඩවියක තිබෙනවා දුටුවා. ඒ කියන්නෙ ‍මේ වගේ විෂ රසායනික ආදිය ප්‍රවාහනය කරපු නැව් පවා කිසිම ආරක්ෂාවක් නැති බංගලි ජාතිකයින් අතින් කැබලි වෙනවා ඇති. 
මේ නැව් කැඩීමෙන්  ලැබෙන ප්‍රධානතම දේ වෙන්නෙ වානේ. මෙලෙස ලැබෙන වානේ චිතගොන් වරාය හරහා නැවත ඉන්දියාවට ‍හෝ වෙනත් රටවලට විකිනෙනවා. චිතගොන් වරායේ ප්‍රධාන අපනයන භාන්ඩයක් ලෙස මේ වානේ දැක්වෙනවා. මේ නැවක් චිත‍ගොන් කරා රැගෙන ඒම කියන්නෙ දිග කතාවක්. නැව් වල කාලය අවසාන වුනාම මේ නැව් විවිධ සමාගම් වලින් ‍හොර ඔප්පු තිරප්පු හදලා මිලදී ගන්නවා. ඒ විදියට අරගෙන අවසානෙ මේ නැව් කඩල කැබලි කරලා විකුනනවා. 

බංග්ලාදේශය කියන්නෙ අන්තෙට දුප්පත් රටක්. ඒ රට ඇතුලෙ මේ ව්‍යාපාරය වැටුනාම මේ හරහා රැකියාව සලසාගන්න දාස් ගානක් මිනිස්සුන්ට රැකියාවක් නැති වෙනවා. ඒවගේම මෙලෙස ලැබෙන මෙට්‍රික් ටොන් මිලියන ගානක වානේ සහ අනෙක් ප්‍රතිචක්‍රිකරන ද්‍රව්‍ය ඒ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. මේ නැව් වලින් උපයන මුදල් වලින් සියයට දහයක් වත් අනාරක්ෂිතව ඉතාම අපිරිසිදු තත්වය යටතේ වැඩකරන සේවකයින්ට ලැබෙන් නැහැ කියලයි වාර්ථා කියන්නෙ. ඉතිං මේ මොනවා වුනත් ඒ අයට තමුන්ගේ සේවයට වැඩි වරප්‍රසාද ඉල්ලන්න හැකියාවක් ප්‍රායෝගිකව නැහැ. මොකද මෙයාල කන්ඩායමක් වැඩි පුර ඉල්ලුවොත් එයාල අයින් කරලා ‍සේවයට ගන්න ඕනි තරම් ලාභ ශ්‍රමය චිතගොන් වල තිබෙනවා..

මේ වගේ නරක අතට ප්‍රසිද්ධ දේවල් දුප්පත් රටවලට එනවා වැඩියි. අපේ රටේ රබර් කර්මාන්තශාලා නිසා පරිසරය දූෂණය වන විට,වෙනද බිව්ව වතුර ටික කටට ගන්න බැරි තරම් දූෂණය වෙනකොට ඒ සිද්ද වෙන්නෙ මොකද්ද කියලා යාන්තමින් අවබෝධයක් ගන්න ‍මේ හරහා හැකිවේවි. පපුවට ගහලා තුනත් රටට කියලා කියන දේශපාලුවෝ අවසානෙ සමාගම් පැත්ත අරගෙන දූෂිත නිෂ්පාදන ක්‍රියාවලි වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ගැන ලංකාවෙදි කිඹූල් කඳුලු හෙලනවා. දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනී කියල බෙග් මාස්ටර් ඉස්සර කාලෙ කියලා තියෙන බවක් පෝයවල් වලට ඇහෙන පීකර් වලිං අපිට මතක් වෙනවා. 

ප.ලි :- අන්තර්ජාලය පීරා සොයාගෙන,සොරාගෙන අැතුල්ත කරන ලද පිංතූර මෙහි ඇතුලත් අතර ඒවායේ සියලු ගෞරව අනවසරෙන් ඇතුළු වී දැඩි අවධානමක් ගෙන ඡායාරූප ගැනීමට පෙළඹුනු මාධ්‍යවේදීන්ටත්,ඡායාරූප ශිල්පීටන්ටත් හිමි වේ.

Friday, May 9, 2014

නාගර්ජුන සාගරය Nagarjuna Sagar

නාගර්ජුන සාගරය වනාහී මෑත ඉතිහාසයේ මිනිසුන් විසින් බර යන්ත්‍රෝපකරණ භාවිතයෙන් තොරව තනන ලද විශාල ජලාශයකි. මේ අන්දමින් බර යන්ත්‍රෝපකරණ රහිතව තනන ලද කෘතිම ජලාශ වලින් මෙම නාගර්ජුන සාගරය අග්‍රස්ථානයේ පවතින බව  විද්වතුන්ගේ අදහස වී තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ථයේ පිහිටා ඇති නාගර්ජුන සාගරය 1955 දී වැඩ ආරම්භ කොට 1967 දී වැඩ නිමකරන ලද්දකි. එවකට ඉන්දියාව පිටරටින් යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ මුදල් හිඟයකින් පෙළුන හෙයින්ද බොහෝ ජනයාට සෙත සැලසෙන කර්මාන්තයක් වූ හෙයින්ද නාගර්ජුන සාගරයේ වැඩ ආර්ම්භ කරන ලද්දේ එවකට අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු මහතා විසින් 1955 දෙසැම්බර් මස 10 වෙනිදාය. එම මහා සාගරයක් බඳු නාගර්ජුන සාගර් විවෘත කරනු ලබන්නේ 1967 දී එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය විසිනි. 
නාගර්ජුන ජලාශයේ පිටවාන
 නාගර්ජුන සාගරය කෙතෙක් විශාලදැයි දැනගන්නට අපිට සැපයෙන එක් ඉඟියක් නම් එයින් ජලය නිකුත් වෙන වම් සහ දකුනු ඇලයි. එහි දකුණු දිග ඇලෙන් කිලෝමීටර 204 දිගට යනතෙක් කෙත්වතු සාර කරමින් ජල විදුලිය උපදමින් ජලය ගෙනියන අතර වම් ඇලෙන් කිලෝමීටර 290කටත් වඩා දුරකට ජලය ගෙනයනු ල‍ැබේ...මෙම වම් සහ දකුනු ඇලවල් දෙකෙන්ම අතර මගදී ජල විදුලිය උත්පානය කරනු ලබයි. එතරම් විශාලතර ජලාශයකි මේ නාගර්ජුන සාගරය. 

මෙහි ඉදිකිරීම් උස මීටර 150ක් පමණ වන අතර මීටර් 1600ක් පමණ මෙම වේල්ල දිගු වේ. මෙයින් ලැබෙන ජලයෙන් වර්ග කිලෝමීටර 5000කට අධික වපසරියක ඇති වගා කටයුතු වලට ජලය සැපයේ. මේ මහා වේලි කර්මාන්තය හේතුවෙන් ජලයේ ගබඩා කරගත් විභව ශක්තියෙන් මෙගාවොට් 800ක ධාරිතාවයක ජල විදුලිය උත්පාදනය කිරීමේ හැකියාවද ඇත. (ලංකාවේ දැනට නිපදවෙන සමස්ථ ජල විදුලිය ධාරිතාව මෙගාවොට් 1500කි)
Official name నాగార్జునసాగర్ ఆనకట్ట
Nagarjuna Sagar Dam
Location Nalgonda/Guntur districts, Andhra Pradesh
Coordinates 16°34′32″N 79°18′42″ECoordinates: 16°34′32″N 79°18′42″E
Construction began 10 December 1955
Opening date 1960
Construction cost 1300 crore rupees
Dam and spillways
Impounds Krishna River
Height 124 metres (407 ft) from river level
Length 1,550 metres (5,085 ft)
Reservoir
Creates Nagarjuna Sagar Reservoir
Total capacity 11,560,000,000 m3 (9,371,845 acre·ft)
Active capacity 5,440,000,000 m3 (4,410,280 acre·ft)[1]
Catchment area 215000 km² (83012 sq mi)
Surface area 285 km2 (110 sq mi)
Power station
Commission date 1978-1985
Turbines 1 x 110 MW Francis turbines, 7 x 100.8 MW reversible Francis turbines
Installed capacity 816 MW
මේ විකි පිටුවේ තොරතුරු වලින් නාගර්ජුන සාගරය ගැන සංඛාත්මක තොරතුරු ඔබට පහසුවෙන් බලාකියා ගත හැකිය. 

නාගර්ජුන කොන්ඩ

මේ නාගර්ජුන යන නාමය ක්‍රිස්තු වර්ශ 225ත් 325ත් අතර මේ පලාතේ විසූ ප්‍රකට බෞද්ධ ස්ථානයක නමකි. නාගර්ජුන කොන්ඩ යනුවෙන් හැදින්වෙන්නේ නාගර්ජුන කන්ද යන අදහසයි. කොන්ඩ යනු තෙලිඟු බසින් කන්ද හෝ ගිරිහිස ඇඳින්වීමට යොදන වචනයකි. අප කොන්ඩ කැවුම් යැයි පාරම් බාමින් කන්නේ පුරාණයේ තෙළිඟු කෑමක් දයි දන්නේ නැත. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානය ආසන්න නාගර්ජුන සයුරටද කොටසක් යටවූ බෞද්ධ නටඹුන් රාශියක් ස්ථානගතව ඇත. මේ කාල ප්‍රාන්තරය සලකා බලන විට ලංකාවේ රජවරු කිහිප දෙනෙක්ම සිට ඇති අතර එයින් මහසෙන් රජතුමා ප්‍රකට රජෙකි. නාගර්ජුන කොන්ඩ නැමැති මේ ස්ථානයේ තිබූ විශ්ව විද්‍යාලයකින් බෞද්ධ ධර්මය බෙදාහල බවත් එකල ‍මෙහි බෞද්ධ ශිෂ්ඨාචාරය බලවත්ව පැවති බවත්  කැණිම් වලදී හමු වූ පුරාවස්තු අධ්‍යන වලින්‍ පෙනී යයි. 

මේ බුදුපිළිම වහන්සේ නාගර්ජුනකොන්ඩ නැමැති ස්ථානයෙන් සොයාගන්නා ලද පුරාවස්තු අතර ප්‍රකට එකකි. 

උක්ත නාගර්ජුන සාගරය තැනීමේදී මේ බොදු පුරාවස්තු ඇති බිමෙන් කොටසක් වතුරට යට වන බව පෙනි ගොස් තිබේ. ඉන් පසු‍මේ විහාරාරාම ආදිය උගුල්ලුවා ගෙන ගොස් වෙනත් තැනක පිහිටවන්නට ඉන්දීය බලධාරින් ක්‍රියාකොට අැත. පුරාවස්තු සියල්ලම උගුල්ලුවා නැවත පිහිටුවා ඇතැයි සිතන්නට බැරි වුවත් බොහෝ ඒවා නැවත ප්‍රතිනිර්මාණය කොට ඇති බවක් ආරංචි මාර්ග බැලූවිට පෙනී යයි. 
නාගර්ජුනකොන්ඩ විහාරයේ පුරාවස්තු කිහිපයක්

මේ නාගර්ජුන සයුර ඉන්දීය ඉන්ජිනේරු ශීල්පින්ගේත් මහජනයාගේත් ධෛර්ය විදහාපාන එක්තරා නිමැවුමකි. නාගර්ජුන සයුර තැනීමට ඉන්දීය පුරවැසියන් 45,000ත් 70,000ත් අතර පිරිසක් දොලොස් වසක් තිස්සේ වෙහෙස වී ඇත. එහිදී උණ බම්බු වලින් තැනූ විශාල අට්ටාල මත සිට ගල් සහ කොන්ක්‍රීට් ප්‍රවාහනය කරමින් ඉතා වෙහෙසකර පසුබිමක මේ කම්කරු පිරිස සිය දෑ‍තේ ශ්‍රමය වගුරුවමින් මේ නාගර්ජුන සයුර වෙනුවෙන් දහදිය හෙලන්නට ඇත. මේ ඉදිකිරීම් කර්මාන්තය අතර හදිසි අනතුරු වලින් මනුෂ්‍යයින් 175ක් පමණ පරලෝ සැපත් වූ බව ද වාර්ථා වල සඳහන් වෙයි.


නාගර්ජුන සයුර තනන අවස්ථාවේ ගත් දුර්ලභ පැරනි සේයාරුවක්
මේ ඉන්දීය විශ්වකර්ම කර්මාන්තය හේතුයෙන් ලංකාව තරම් වූ විශාල වපසරිය මනුෂ්‍යයින්ට එකල විදුලිය බලය බෙදාදීමේ අවස්ථාව ලැබි තිබුනි. මේ හරහා නල්ලමල වනාන්තරයෙන් පෝෂනය වූ  ක්‍රිෂ්ණා නදියේ ජලය මිනිස්සු රාශියකට වැදගත් වන ආකාරයට පරිභෝජනය කිරීමේ මහගු අවස්ථාවක් පහල විය. ‍මෙයින් අපිට ලබාගත හැකි ආදර්ශයක් නම් ජනතාව විශාල ප්‍රමාණයක් රක්ෂා නැතිව සිටින අවස්තාවක විශාල යන්ත්‍රෝපකරණ සහ නවීන තාක්ෂනය මතම යැපෙන්නේ නැතිව මනුෂ්‍ය ශ්‍රමය භාවිත කරමින් වඩාත් සමාජයට ඵලදායී ලෙස විශාල සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කිරීමයි. ඒ හරහා සංවර්ධනය සඳහා යෙදවෙන මහා ධනස්කන්ධයේ සැලකිය යුතු කොටසක් අදාල සමාජයේ දුප්පත් ජනතාව අතරම බෙදී යයි. අනාගතයේ මේ වාරිකර්මාන්ත ආදියේ ප්‍රතිලාභ ලබන්නෝද ඒ මහා වාරිකර්මාන්ත තැනීමට ශ්‍රමය දුන් ඒ අසබඩ ජනතාව නිසා ඔවුන් වඩාත් භක්තියෙන් සහ ගෞරවයෙන් එම වාර් කර්මාන්ත දෙස බැලීමටද මෙය හේතුවක් කොට ගනු ඇත.

Thursday, May 8, 2014

නරක් වූ දෙක.


කෑම පිඟාන දැන් වෙනදා තරම් බර නැත. වතුර බෝතලයක්ද මහත්තයා ගෙදරින්ම ගෙන එයි. පියසෝම කාර් එක එනතෙක් වෙනදා මෙන්ම බලා සිටී. මහත්තයාගේ වකුගඩු වල ලෙඩකි. මහත්තයා ලෙඩේ විස්තර කිරීමෙන් තෘප්තියක් ලබයි. දැන් මහත්තයාට කන්තෝරුවේ එච්චර රාජකාරියක් නැත. මහත්තයාට කරන වැඩ තීරණය කරන්නේ ඔහුමය. ඔහුට හිතුවනම කාලයක් යකා බැදගත් සේ දුවන පනින මුත ්කාලයකට ඔහේ පරිඝනකය දෙස බලාන නිකා ඉඳී..

නමුත් මහත්තයා කන්තෝරු ඒම නවත්වන්නේ නැත. හෙට මලත් අද කන්තෝරු පැමිණිය යුතු යැයි මහත්තතයා සිතන බව පියසෝම දනී. මහත්තයා නැති කන්තෝරුව පාලුය. එදාට කෑම එක රැගෙන එන්නට දුවන්නට, මහත්තයාට අඩුම කුඩුම ගෙනඑන්නට දුවන්නට පියසෝමට සිදු නොවේ. එසේම මහත්තයාට එන්න තියෙන ලියුනුත් මහත්තයාගෙන් අස්සන් වී යන්න තියෙන ලියුනුත් මහත්තතයා නැති දවසට වැඩිමනක් ලැබෙන්නේ නැත. එදාට දවසම නිදි කිරමින් සිටිය යුතුය.

මහත්තයා සිටිමෙන් ඇතිවන හොඳක් යැයි යමක් සිතිය නොහැක. නමුත් පියසෝම අවබෝධ කරගත්තේ මහත්තයා නැති කලෙක තමුන්ද නැති වන බවකි. මහත්තයා ලෙඩට දුකකටවත් නිවාඩුවක් දෙන අයෙකු නොවේ. ඔහු සැරය පරුෂය. කුඩා දේටත් කිපී කෑ ගසයි. ලිපි වරද්දා බෙදූ විටද වැරදි බඩු ගෙනා විටද පියසෝමගෙන්

මොකෝ පියසෝම? දැන් අවුට් වෙලාද? යැයි අසන්නේ කිසිදු තෙතමනයකින් නොවේ. නමුත් මහත්තයා හොඳ බවක් පියසෝම නිතර හැමෝටම කියයි. ඔහුට අනුව පියසෝම යන නම ඇත්තේ මහත්තයා නිසාය. මහත්තයා නැතුව පියසෝම කෙනෙක් නැත. මාරුවක් ගත්තද ගෑනු මිනිසුන් තිහ හතලිහ සිටින කන්තෝරුව වලට කඩේ යෑම අපාසුය. මහත්තයා වැනිව එක් අණක් නැති තැන වැඩකරන්නට සිදු වන්නේ එක් එක් අයගේ යටතේය. එවන් වු වීදි ඝනිකාවක මට්ටමට වැටිම පියසෝම අකමැතිය. ඔහුට මහත්තයා සමග සිටීම පියසෝම යන නමටද මහත් වූ තැනක් ඇති දෙයක් ලෙස සිතෙන්නට වූයේය.

තාත්තට නම් පිස්සු අම්මෙ? ඔය අල්විස් ලොක්ක යටතෙ තාත්ත කොයි තරං කල් වැඩ කරනවද? මිනිස්සුන්ට කිසිම වාසියක් තියෙන එකෙක් නෙමෙයි ඔය අල්විස් කියන්නෙ. අඩුතරමෙ තාත්තට නිවාඩුවක් හරියට ගන්න පුලුවන්ද ලොක්ක එක්ක හිටිය කියල. ඔය ලොක්ක අපේ ගෙදර ආවත් හෙන ගෙම්බර් නේ දාන්නෙ. මට නං පේන්න බැහැ තාත්ත ලොකු කරං හිටියට. ඒ මදිවට දැන් තාත්ත රට වටේ ඇවිද ඇවිද අල්විස්ට වකුගඩු හොයනව. පියසෝමගේ පුතා අම්මාට නෝක්කාඩු කියන්නට විය.

උඹ කෑ නොගා හිටිං.උඹට අමාරුවක් නැැහ නේ. කෝමත් උඹලට කයි ගහ ගහ රෑට පාඩං කරනව කියලා මං රවට්ටල කොම්පියුටර් ගහන තරං ලේසි නැහැ ජිවත් වෙන එක. උඹල හිතං ඉන්නෙ උඹල මහ රජ්ජුරුවො කියලද? ඒ මනුස්සය ලොක්ක ලග වැඩ කරනව නම් ඒ ලොක්කගේ දේවල් හොයන්න ඕන. එහෙම නැතුව කොහොමද? උඹල හිතන තරං ලේසියෙන් මිනිස්සුන්ට සල්ලි ලැබෙන් නැහැ. ඔය ගනුදෙනුව හරි ගියොත් තාත්තට කීයක් හරි ගතමනාවක් ලැබේවි. ලොක්ක වුනත් වකුගඩුව නිකං ගන්නෙ නැහැ නේ. අම්මාගේ වදන් සමග වකුගඩු සෙවීමද ලාබ අලාබ ගිණුම් සහිත සංකීර්ණ එකක් වූයෙන් පුතා කරබාගෙන නිකා සිටියේය.

පුතා සහ අම්මා අතර වූ වාදය පරණ බණ පොතක් කියවමින් සිටි පියසෝමගේ කණ වැටිනි. වකුගඩුවක් හම්බ වුනොත් අල්විස් මහත්තය නිකං ගන් නැහැ. පනහක් හැටක් වත් මට ලැබෙයි. එතකොට අලුත්ම බණ පොත් සෙට් එකකුත් ගත හැකි. මේ පොත් වලට වැඩිය ලේසියි අලුත් බණ පොත් වල බණ තේරුං ගන්න. පංසලේ තාප්පෙට ගාන්න හුණු පැකට් ටිකකුත් අරං දෙන්න ඕන. පියසෝම ලැබෙන මුදලින් පිං කම් කරගන්නා සැටි හිතන්නට විය.

අල්විස් මහතා මුලින් මුලින් සිය වකුගඩු රෝගය වසන් කලේය. නමුත් අල්විස් මහතාගේ කතා බහෙන්, මුලින් වූ බලාපොරොත්තු සුන් වි යන විට පියසෝමටද කතාව ආරංචි විය. අල්විස් ගේ ම නෑ කෙනෙකු වූ පලමු වකුගඩු ප්‍රධානියාගේ වකුගඩුව නොගැලපිණ. ඉන් පසුව අල්විස් මහතාට වකුගඩුවක් ලැබුනේ ඔහුගේ මිතුරකු දන්නා කියන සාදු කෙනෙකුගෙනි. එයද පින් තකා දෙන වගක් කීවත් ලක්ෂ තුනක් විතර හාමුදුරුවන්ට දෙන්න වෙන වගක් අල්විස් මහත්තයා කිව්වේය. නමුත් ලේ වල ප්‍රශ්ණයක් නිසා නොකෙරන තැනට පත් විය.

බලනව පියසෝම. , මං මෙච්චර පිං කම් කරලත් මට අකාල මැරෙන්න වෙන විදියක් තමයි පේන්නෙ.. යාන්තං දෙන්නෙක් හොයාගත්ත ඒදෙන්නම හරිගියෙ නැහැ. දැන් නම් මට දැනෙනවත් එක්ක. මේ නරක් වෙච්චි කෑලි දෙක පන්නල දාන කල් මටත් ඉවසුමක් නැහැ. සල්ලි දීලවත් වකුගඩුවක් හොයාගන්න බැහැ නේ. ඒහොයා ගත්තත් ටෙස් විස්ස්ක් විතර තියෙනවා. එක ටෙස් එකකින් පේල් වුනොත් වකුගඩුව හරියන් නැහැ. ඔය කිව්වට ඕක දැමමත් මොකක් වෙයිද මන්ද .. අපිට ම නේ මේවත් වෙන්නෙ. මං මිනිස්සු කී දෙනකුට රස්සා දීල ඇද්ද? පවුල් කීයක් මං නිසා අද කනව බොනව ඇද්ද? එහෙමට සලකපු මටත් මෙහෙම වෙනව නේ..

පියසෝමට මේවා අහන වචන අලුත් දේවල් නොවේ. ශූර ව්‍යාපාරික ඥානයක්ද කළමනාකරන හැකියාවක්ද අල්විස්ට ඇත. ඔහු වැඩකරන්නේ සමූහ ව්‍යාපාරයක ඉහල නිලයක මුත් ඔහුට සමාගම තුල සැලකිය යුතු බලයක් ඇත.ඔහු සේවකයින්ට ගෙවීම් කිරීමේදි මසුරෙකි. ඔහු සේවකයින්ට පඩි නඩි ගෙවීමත් පහසුකම් සැලසීමත් සියතින් ඉටු කරනු මහා දානයක් පිරිනැමීමේ ආකාරයට සිතයි.

සර් මාත් ටිකක් හොයල බලන්නං. දැන් මොන වගේ කෙනෙක් වෙන් ඕනද දන් නැහැ නේ සර්? මහත්තයා යැයි ඇමතීම පරණ බව පියසෝමට සිතෙන විට සර් පනී.

ලේ ජාතිය මගේ ජාතිය වෙන් ඕන. ලක්ෂ හතරකට අඩු වෙන්නත් ඕනි. මොකද ඉතිං මේ උපරේෂන් එකටයි අනික් බේත් වලටයිත් ගියාම ලක්ෂ පාලහක විතර මේ ලෙඩේටම. අල්විස් මහත්තයා කීවේය. තමුසෙ ගැනත් මම බලන්නං. පොඩ්ඩක් හොයල බලනෝ පියසෝම. හැමෝටම කියන්නත් බැහැ නේ.

පියසෝම සිය නෑදෑ යින්ටද යාලුවන්ටද කියා වකුගඩුවක් සොයන්ට පටන් ගති. ඔහුට අහම්බෙන් අයෙක් කතා කලේය. ඔහු වකුගඩු දෙන්ට කැමතිය. ඔහුගේ ලේ වර්ගයද අල්විස් මහතාටම ගැලපුනි.

ඔවැයි කොහේද? මං මේ පියසෝම අයියලයි ගෙවල් හරියෙම තමයි සර්.. පියසෝම විසින් එක්කරගෙන පැමිණි වකුගඩු දායකයා පලමු වරට අල්විස් දැක්කේ පියසෝම විසින් ඔහු අල්විස් මහතාගේ කන්තෝරු කාමරයේදීම මුනගැස්සවූ පසුය.

මෙහෙමයි වැඩේට කලිං ටෙස් කොරනවා. ඒ ටෙස් වලට කලිං මං ඔහෙට පනස් දාහක් දෙනව. ඉන් පස්සෙ වැඩේ කෙරමින් යන කොට සල්ලි ටික ටික ලැබේවි. වැඩේ හරියටම හරි ගියොත් ඔහේට ඔක්කොම වියදං වලටත් එක්ක ලක්ෂ හතරක් පහක් සල්ලි ලැබේවි. සල්ලිම නෙවෙයි. ලොකු පිංකමක් බව ඇත්ත. ඒත් ගොඩක් අය ඉස්සෙල්ලම කෝල් කරල මගෙන් අහන්නෙ සල්ලි ගැන. ඒ වගේම වකුගඩු දෙන්නං කියල සල්ලි අරං මිනිස්සු පනින අවස්ථාත් එමටයි කියල දොස්තර මහත්තයත් කිව්ව.

අනේ මහත්තයො මම නං එහෙම නැහැ. මට සල්ලිත් ටිකක් ඕනවෙල තියෙනව තමයි. ඒත් ඉතිං මේ වගේ පිංකමක් අපිට ආයි කවද කරගන්න ලැබෙයිද කියල තමයි මාත් මේ වැඩේට පියසෝම අයිය එක්කල කැමති වුනේ.

අපි එලියට ගිහින් මොනවහරි කාල තේ කක් බොමු.

පියසෝම....ඔවැයිතුත් එනව අපි එක්ක තේ බොන්න යන්න.. ඔය වැඩ පස්සෙ කොරගන් ඇහැකි.

තිදෙනෙක් අලුත්ම නොම්මර සහිත සැප කාර් රියකට නැංගෝය. එක් අයෙක් කාර් එකේ අයිතිකරු බව පෙනුනි. කාර් රියද දුරදීම ඔහු හඳුනාගත්තාක් මෙන් ඈතදීම ලයිට් පත්තුවී වරක් නිමී ගියේ නවීන කාර් ලොක් කට්ටලයේ පහස නිසා විය යුතුය.ඇඳුම, සපත්තු,ටයි ආදියෙන් සන්නද්ධ කාර් රියට වඩාත්ම ගැලපෙන කෙනා ඉදිරිපස රියදුරු අසුනේ වාඩි විය. මෙතැනට තවත් රියෙදුරෙකු ගාවා ගැනීම්ට අකැමැති වූ අල්විස් මහතා තෙමේම රියදුරු වැඩය කරන්නට පටන් ගති. ඉතිරි දෙන්නා රිංගන්නට ගුලක් ලැබෙන මීයන් පරිද්දෙන් මහත්තයා අසල සිටියේය. පියසෝම කාර් රියේ පිටිපස දොර හැරි වනම අනෙකාද පියසෝමද කාර් රියට රිංගා ගති.

මුන් දෙන්න ගෙස්ට් මම ඩ්‍රයිවර්..යැයි හැඟීමක් මහත්තයාට ආවද ඔවුන් ඉදිරි අසුනකට නාවේ තමාට ඇති ගෞරවය නිසා මිස වෙන කෙහෙම්මලක් නිසා නෙවන බව මහත්තයා දනී.

අල්විස් මහතා තාපසාරාමයට වැටුනු ගිරවා මෙන් වෙනස් වී ඇති යැයි පියසෝමට සිතෙන්නට විය.

මේ බිස්නස් වැඩ අනම් මනම් කලාට මමත් දනට පිනට බොහොම ලැදියි. අපෙ ගෙදර කට්ටියය් හාමුදුරුවොයි පුදුම වුනා මට මේ කරුම ලෙඩේ මට හැදුනම. අල්විස් කියාගෙන යන්නට විය.

ඔය කොම්පැණියෙ මම ලොක්කෙක් වගේ පෙනුනට මට වැඩිය ඕක අයිති බැංකුකාරයින්ට. වැඩිමනක් තියෙන්නෙ ගතපු ණය. ඔහෙලා හිතං ඇති අපි ලොක්කො විදියට මහා වස්තු කන්දරා තියාගෙන හරි සැප විදිනව කියලා. ඒත් බැංකු හතර පහකට ණය වෙලා හිතේ නිවනක් නැතුව හරියට කෑමක් බීමක් වෙලාවට නැතුව අපි මේ කම්පැනි නඩත්තු කරන්නෙ.ඒ වෙහෙස එක්ක වෙන්නත් අැති මේ ලෙඩ.. ඔහෙ කිසි දේකට බයවෙන් එපා. හොඳම තැනක තමයි උපරේශන් එක කරන්නෙ. ඒ වගේම ඔහේගෙ ගෙදර පවා වෙනම කාමරයක් හෙම හදාගන්න වෙයි විෂභීජ නැති තැනක්. උපරේශන් එකෙන් පස්සෙ ඉන්න වෙන්නෙ ඒ වගේ විසබීජ අඩු තැනක.. මං ඒකටත් වෙනම කට්ටියක් ඔහෙලයි ගෙදරට එවන්නං. අල්විස් කියාගෙන යයි. ඉතිරි දෙදෙනා බයාදු අය වූයෙන් අල්විස් කියන දෙයක් අසාගෙන සිටීම ඔවුන්ට සැනසීමකි.

දැන් ඉන් හිටින්න තැනක් තියෙනවයි? ඔහෙට. අල්විස් තේ වතුර එක හදාගන්නා ගමන් ඉතිරි අයගෙන් ඇසුවේය.

කුලියට ඉන්නෙ මහත්තයො. එතන දූලගෙ පවුලත් ඉන්නව. පොඩි උනුත් ඉන්නව. මට වෙනම කාමරයක් ගන්න ඇහැක් වෙයි. ඒක කාමර දෙකයි සාල කෑල්ලයි. මම රෑට නිදාගන්න බිම සාලෙ තමයි මට නං සනීප.. කාබරයක් නං ඇහැක් වෙයි. බයවෙන් නෙප මහත්තය.

හහ් හහ්..මං විතරක් නෙවෙයි මනුස්සයො ඔහෙටත් අවධානමක් තියෙනවා කාලයක් යනකං.. වතුර ජාති වලිං බොන ජාති වලිං පරිස්සං වෙන්න වෙනව.. කාලයක් යනකල්..

ඔහෙ ඉතිං මාත් එක්ක මේ ගැන කතා කලාට ගෙදර කට්ටිය ගෙ උත්තරෙ මොකද්ද දන් නැහැ නේ.. මං ගෙදරට ඇවිත් බලන්නං. මට ගහවිත් දන්නෙත් නැහැ නේ දූල අම්මල හෙම..මහත්තයා කියන්නට විය.

අනෙ නැහැ මහත්තයො. අපෙ ගෑනි මං කියන දෙයක් තමයි. ඒත් උන්ද නං ඩිංගක් වත ්කැමති නැහැ..ඒත් මගේ වචනෙට ඒ උන්දැ පිටුපාන් නැහැ. ඒ මිනිහා වැඩිය කතා කාරයෙක් නොවන බැවින් ඔහුට කැමති දේ කන්නට බොන්නට දී පිරිස විසිර ගියේය. මහත්තයා කවදාවත් නැතිව ඒ මනුස්සයාට බස් වියදමට පන්සීයක්ම දී බස් නැවතුමට ඇරලීමද කලේය.

පියසෝම මෙහෙ එනව. මං තමුසෙව කාලෙක ඉදල දන්නව. මට හෙට අනිද්ද වෙනකොට අර පවුලෙ විස්තර ටිකක් හොයල ගෙනත් දෙනව. මිට කලිං හම්බුන හාමුදුරුවන්ටත් වඩා මිනිහ හරි අහිංසකයි වාගේ. ඒ යකාගේ පැත්තෙන් මොකුත් කොන්දේසියකුත් නැහැ.පිනක් ගැන ලොකු අදහසකුත් නැහැ. මට ටිකක් විස්වාස නැහැ වගේ. හොයල බලල ඉක්මන්ටම වැඩේ ඉතිරි කොටස් වලට යමු.

නැත්තං මුලින් ටෙස් ට් වලට ගෙවන එක තේරුමක් නැති වෙයි නේ ගෙදර කට්ටිය හෙම අකමැති වුනොත්.. මහත්තයා කියාගෙන ගියේය.

හරි මහත්තය මං බලන්නං. වැඩි දුරක් නැහැ අපේ ගෙවල් හරියෙමයි. මාත් එක්ක කාලයක් ඔය මිනිහ පංසලේ සිලුත් ගත්ත. වැඩිය කතාබහක් නැති වුනාට හොඳ මනුස්සයෙක් වගේ පෙනුනෙ.

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...