Saturday, May 10, 2014

නැව් කඩන චිතගොන් shipbreaking chittagong

මූදෙ නැව් ගියාට පාරවල් හිටින්නෙ නැහැ කියලා කියමනක් තිබෙනවා. නැව් ගියාට පාරවල් හිටින්නෙ නැතිවුනාට නැව් ගොඩට ආවට පස්සෙ පාරවල් හිටිනවා. නැව් කැඩීම කියන්නෙ භාවිතයෙන් පසු නැව ඉවත් කරන එකට. නැවක් අවසාන වෙලා ගිලුනොත් කිසිම අවුලක් නැහැ. ගිලුන එක හොදයි කියල පාඩුව විඳගෙන නිකා ඉන්නවා. නැව් වල තිබෙන දැවි තෙල් සහ රසායනික නිසා සහ අවසාන‍ේය නැව් වලින් ලොකු මුදලක් ගන්න පුලුවන් නිසා නැව් ඒ විදියට හිතාමතා මූදේ ගිල්වන අවස්ථා අඩුයි. නැවක් කියන්නෙ නැවක්. ඉතිං ඒකෙ ලොකු ඛනිජ සහ ලෝහ මෙට්‍රික් ටොන් ගානක් තිබෙනවා. දකුණු ආසියාව මේ නැව් කැඩිල්ලට වඩාත් චිර ප්‍රසිද්ධයි. දකුණු ආසියාව ලෝකයේ නැව් කැඩිල්ල අතින් අග්‍රස්ථානය ගන්නවා. ලෝකෙ දැනට භාවිතයේන ඉවත් කරන  නැව් වලින් සියයට 80ක් විතර සිය අවසාන සොහොන් බිම විදියට තෝරාගන්නෙ දකුණු ආසියාව.


View Larger Map

මේ සිතියම හොඳට සූම් කරල බැලුවොත් කඩන්න නියමිත වෙච්චි නැව් කිහිපයක් ඔබට බලාගන්න හැකියාව තිබෙනවා. ලෝකයේ නැව් කඩන ස්ථාන අතර ප්‍රමුඛ ස්ථානය ගන්නෙ බ්ංග්ලාදේශයේ චිතගොන් (chittagong ) නුවර. බෙංගාල බොක්කේ ඉහල කෙළවරේ තිබෙන මේ චිතගොන් කියන නගරය ආසන්නයේ බංග්ලාදේශයට අයත් විශාලතම වරාය පිහිටලා තිබෙනවා. ඒ ආශ්‍රිතව තිබෙන මඩ සහිත වෙරළ ස්වභාවය මේ නැව් කඩන අයට වඩාත් වාසිදායක විදියට බලපාල තිබෙනවා.
මේ  පහල තියෙන්නෙ ලෝකයේ දැනට චිර ප්‍රසිද්ධ නැව් කඩන ස්ථාන සහ ඒවායේදී එකතු කරන ලද වානේ ප්‍රමාණයන් වල වගුවක්. මෙහිදී මේ දැක්වෙන ප්‍රමාණයන් දැක්වෙන්නේ වානේ මෙට්‍රික් ටොන් මිලියන වලින්.
ඉවතලන නැව් වලින් එකතුකරගන්නා ලද වානේ ප්‍රමාණයන්. 
මේ වගේ මහා නැව් මුලින්ම නැව් කඩන ස්ථානයට ආවම මුලින්ම කරන්නෙ ඒවායේ ඉතිරි වී තිබෙන දැවිතෙල් ඔයිල් ,ලිහිසිකාරක සහ තියෙන ද්‍රව ආදිය ඉවත් කරන එක. මේවා අතර මනුස්ස සිරුරට අහිතකර ඊයම් ආදිය තිබෙනවා.. මේ කට්ටිය කරන්නෙ කඹයක් දාල මහ නැවක් අදිනවා. මේ විදියට නැව් සහ කඩන ලද යකඩ කොටස් මහ පිරිස් එකතු වෙලා අදින එක එතන සුලභ දර්ශනයක් කියල එහි අනවසරරෙන් ඇතුලු වුන මාධ්‍යවේදින් පවසලා තිබුනා. 
නැව් වලින් ගලවන ලද ටොන් ගනන් බර යකඩ තහඩු ‍මේ ආකාරයට මිනිසුන්ගේ කරපිටින් තමයි යාත්‍රාංගනයට එන්නෙ. මේ විදියට වැඩකරන අය දිහා හොද විපරමින් බැලුවොත් තොප්පි,බූට්ස් ඕවරෝල් මුකුත්ම නැතුව අහිතකර ද්‍රව්‍ය පිරිච්චි මඩ තියෙන බිම දිගේ ඇවිදගෙන යන බංගලි ජාතිකයින් ඔබට දැකගන්න පුළුවනි. 

නැව් කඩලා ගන්න මුලු ආදායමින් ඒ වය්‍යාපාරිකයින්ට වියදම් වෙන සමස්ථ වියදම 10%ක් කියලා තමයි මේ නැව් කැඩීමට විරුද්ධ පරිසර සහ මානුෂිය සංවිධාන කියන්නෙ. මේ විදියට ඉතාම අඩු පහසුකම් යටතේ තමයි මේ නැව් කැඩීමට දායක වෙන සේවකයින් නිදා ගන්නෙ. මේ අය‍ට වෘත්තිය අයිතිවාසිකම් ආදිය බොහොම අඩුයි. පැරණි තාලේ වහල් මෙහෙයක් ගන්න ආකාරයට තමයි මේ සේවකයින් වැඩ කරනාව කියන්නෙ. කොළඹ වර‍ායේත් විවිධ වැඩවලට බංගලි කාරයින් එන බවත් ඔවුන් ඉතාම සුළු වැටුපකට වැඩ කරන්න කැමති බවත් වරායේ වැඩ කරන වැල්ඩින් කාර්මිකයෙක් මා සමග වරක් පැවසුවා. 

‍ඔක්සි ඇසිටිලීන් දැල්ල භාවිත කරලා නැව් ඇතුලට ගිහින් නැව තුල වැඩකරන්න මේ සේවකයින්ට සිද්ද වෙනවා. මේ වගේ අවස්ථාවල නැවේ ඇතුලු ආගාරවල ඇතිවෙන විශ සහිත වායු තත්වයන් සහ නැව අභ්‍යන්තරයේ පිරිසක් වැඩ කරන විට ඇතිවෙන ඇදගෙන වැටීම් ආදියෙන් ‍ේම වැඩකරන අය අපහසුතාවයට පත්වෙනවා. 
ඒ විදියෙ නැව් කඩන සේවක මහත්මයෙක්ගේ මල ගෙදරක් තමයි මේ.මේ මිනිය වලදාන වෙලාවෙ වටවෙලා ඉන්න සමහර කොළු ගැටවුන්ට ෂර්ට් මාල්ලක් වත් නැහැ. ඉතිං මේ මිනිස්සු කොයි තරං දුප්පත් ඇතිද කියල ඒකෙන්ම හිතාගත හැකි. මේ විදියට මේ නැව් කැඩිල්ල හින්දා වසරකට මිනිස්සු 30කට වඩා අකාලයේ මිය පරලොව යනවාලු. ඒ වගේම මේ නිසා තුවාල ලබලා සදාකාලික දුබලතා ලබන මිනිස්සු ගානත් සැලකිය යුතු ගානක් වෙනවා. නමුත් මේ මැරුණ අයට තුවාල ලබන අයට සැලකිය යුතු වන්දියක් ලැබෙන්නෙව්ත නැහැ කියල තමයි ආරංචි මාර්ග නම් කියන්නෙ. 
ලෝක කම්කරු සහ ලමා නිති අනුව දරුවන් වැඩට යොදාගන්න හැකියාවක් සේවා යෝජකයින්ට නැහැ. නමුත් මාධ්‍යවේදින්ට සහ වෙනත් අයට ඇතුළුවීමට තහනම් කලාපයක් වුන බංග්ලාදේශ නැව් කඩන තටාකාංගන වල මේ විදියෙ දරුවන් සුලබ දසුනක් බවට පත්වෙලා තිබෙනවා. මේ දරුවන් නැව් වල  කුඩා ස්ථාන වලට රිංගවලා වැඩගැනීමට වගේම ඔවුන්ට අඩු මුදලක් ගෙවා වැඩගැනීමේ හැකියාව නිසා දරුවන් ස‍ේවයේ යොදවා නීතියට පටහැනිව සිය රාජකාරිය කරන්නට නැව් කඩන සමාගම් කටයුතු කරලා තිබෙනවා. 
මේ මඩ නිකම්ම නිකං මඩ නෙමෙයි. මුහුදු මඩ. අපේ රටේ මුහුද මඩ වෙලා තියෙන අවස්ථා අවම වුනාට බෙංගාල බොක්කේ ඉහල කෙළවරක තිබෙන බංගලිදේශයට ඒකෙ අමුත්තක් නැතුව ඇති. කොහොම වුනත් මේ කට්ටිය කිසිම ගානක් නැතුව පයගහල ඇවිදින මඩේ ඊයම්, දැවිතෙල්,තීන්ත, මලකඩ ඇතුලු අහිතකර රසායන ද්‍රව්‍ය ‍අටෝරාශියක් මිශ්‍ර වෙලා තිබෙනවා. 
මේ නැව් කඩන සේවකයින් තේ වතුර බොන අවස්ථාවක්. මේ තැන් දැක්කම මට ඉස්සර අපේ පැත්තෙ වෙරළෙ තිබුන මාලු වාඩි මතක් වුනා. නමුත් මේ වාඩියක් වගේ තාවකාලික නවාතැන් නෙමෙයි. ‍මේ මිනිස්සු දිනපතා සේවය කරන ස්ථානයේ ස්වභාවය තමයි මේ. අයියෝ ඕව මොනාද අපේ රටේ ටියුසන් යන ලමයි දාස් ගනන් දිලත් වාඩිවෙන්නෙ මේ වගේ බංකු වල නේ.. ඒ අතින් හිතුවොත් ඉතිං ලොකු අවුලකුත් නැහැ. 
චිතගොන් වලදි නැව් වලින් ඉවත් කරන බඩු චිතගොන් සිට ධකා අධිවේගී මාර්ග‍යේ දෙපස විකුනන්නට ිතබෙනවා. එ් විදියට නැව් වලින් ඉවත්කරපු ජීවිතාරක්ෂක බෝට්ටු බංග්ලාදේශයේ විවිධ ස්ථානවල විවිධ රාජකාරි වලට භාවිත වෙනවා. නැව් වලින් ඉවත් කරන බොහෝ බොහෝ දේවල් මේ කඩවල් වලදි සාමාන්‍ය ජනතාවට මිලදි ගන්න පුලුවනි. ඒ අතර ලී බඩු ඇඳ පුටු මේස, හැලි වලං ගැරුප්පු විදුරු බඩු, වගේම රේසර් යකඩ පොලු බාර් ඇලුමිනියම් පටි ව‍ාගෙ දේවලුත් තියෙනවා. 
මේ පිංතූරෙ මිනිස්සුන්ගේ සයිස් එකයි නැවේ සයිස් එකයි සන්සන්දනය කරගන්න ඔයාලට හැකියාව ලැබේවි. ‍නැව් වල එක එක ජාතියේ රසායනික ප්‍රවාහනය කරන වෙලාවලුත් තිබෙනවා. ඒවිදියට ඇමෝනියා වායුව ප්‍රවාහනය කරපු සිලින්ඩර වගයක් අන්තර්ජාල‍යේ එක් අඩවියක තිබෙනවා දුටුවා. ඒ කියන්නෙ ‍මේ වගේ විෂ රසායනික ආදිය ප්‍රවාහනය කරපු නැව් පවා කිසිම ආරක්ෂාවක් නැති බංගලි ජාතිකයින් අතින් කැබලි වෙනවා ඇති. 
මේ නැව් කැඩීමෙන්  ලැබෙන ප්‍රධානතම දේ වෙන්නෙ වානේ. මෙලෙස ලැබෙන වානේ චිතගොන් වරාය හරහා නැවත ඉන්දියාවට ‍හෝ වෙනත් රටවලට විකිනෙනවා. චිතගොන් වරායේ ප්‍රධාන අපනයන භාන්ඩයක් ලෙස මේ වානේ දැක්වෙනවා. මේ නැවක් චිත‍ගොන් කරා රැගෙන ඒම කියන්නෙ දිග කතාවක්. නැව් වල කාලය අවසාන වුනාම මේ නැව් විවිධ සමාගම් වලින් ‍හොර ඔප්පු තිරප්පු හදලා මිලදී ගන්නවා. ඒ විදියට අරගෙන අවසානෙ මේ නැව් කඩල කැබලි කරලා විකුනනවා. 

බංග්ලාදේශය කියන්නෙ අන්තෙට දුප්පත් රටක්. ඒ රට ඇතුලෙ මේ ව්‍යාපාරය වැටුනාම මේ හරහා රැකියාව සලසාගන්න දාස් ගානක් මිනිස්සුන්ට රැකියාවක් නැති වෙනවා. ඒවගේම මෙලෙස ලැබෙන මෙට්‍රික් ටොන් මිලියන ගානක වානේ සහ අනෙක් ප්‍රතිචක්‍රිකරන ද්‍රව්‍ය ඒ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයනවා. මේ නැව් වලින් උපයන මුදල් වලින් සියයට දහයක් වත් අනාරක්ෂිතව ඉතාම අපිරිසිදු තත්වය යටතේ වැඩකරන සේවකයින්ට ලැබෙන් නැහැ කියලයි වාර්ථා කියන්නෙ. ඉතිං මේ මොනවා වුනත් ඒ අයට තමුන්ගේ සේවයට වැඩි වරප්‍රසාද ඉල්ලන්න හැකියාවක් ප්‍රායෝගිකව නැහැ. මොකද මෙයාල කන්ඩායමක් වැඩි පුර ඉල්ලුවොත් එයාල අයින් කරලා ‍සේවයට ගන්න ඕනි තරම් ලාභ ශ්‍රමය චිතගොන් වල තිබෙනවා..

මේ වගේ නරක අතට ප්‍රසිද්ධ දේවල් දුප්පත් රටවලට එනවා වැඩියි. අපේ රටේ රබර් කර්මාන්තශාලා නිසා පරිසරය දූෂණය වන විට,වෙනද බිව්ව වතුර ටික කටට ගන්න බැරි තරම් දූෂණය වෙනකොට ඒ සිද්ද වෙන්නෙ මොකද්ද කියලා යාන්තමින් අවබෝධයක් ගන්න ‍මේ හරහා හැකිවේවි. පපුවට ගහලා තුනත් රටට කියලා කියන දේශපාලුවෝ අවසානෙ සමාගම් පැත්ත අරගෙන දූෂිත නිෂ්පාදන ක්‍රියාවලි වලින් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ගැන ලංකාවෙදි කිඹූල් කඳුලු හෙලනවා. දුප්පත් කමත් වලිගේ නැති ගොනා වැනී කියල බෙග් මාස්ටර් ඉස්සර කාලෙ කියලා තියෙන බවක් පෝයවල් වලට ඇහෙන පීකර් වලිං අපිට මතක් වෙනවා. 

ප.ලි :- අන්තර්ජාලය පීරා සොයාගෙන,සොරාගෙන අැතුල්ත කරන ලද පිංතූර මෙහි ඇතුලත් අතර ඒවායේ සියලු ගෞරව අනවසරෙන් ඇතුළු වී දැඩි අවධානමක් ගෙන ඡායාරූප ගැනීමට පෙළඹුනු මාධ්‍යවේදීන්ටත්,ඡායාරූප ශිල්පීටන්ටත් හිමි වේ.

22 comments:

  1. දුක්බර මිනිුන්ගේ අැතුලාන්තයට ගොස් කියවන්න පුළුවන් වාර්ථාවක්..
    වැදගත් තොරතුරු ටිකක්..
    ස්තුතුයි දැනුවත් කළාට...

    ජය වේවා!!!

    ReplyDelete
  2. ඕක තමා ඇත්ත...ලිපියට බොහොම ස්තුතියි..

    ReplyDelete
  3. කැඩිලි වර්ගත් ගොඩාක් තියෙනවානේ. විකට් කඩනවා, පොල් කඩනවා, ඡන්ද කඩනවා, ඒ වගෙ නැව් කැඩිලිත් තියෙනවා. මේ වගෙ ලිපියක් කියෙව්වමයි. නැවක් කඩා කෑලි වලට වෙන් කිරීම. හොඳ වටිනා ලිපියක් මේ ලිපිය. නැව් ගැන නොකියවෙන පැත්තක් ඉගෙන ගත්තා.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  4. ශ්‍රමය සුරා කෑම හැම තැනම. හැබැයි කෑම නැත්නම් මොනවා කරන්නද?

    ReplyDelete
  5. දැනගෙන නොහිටි දෙයක්..

    මට ආපු පළවෙනි ප්‍රශ්නය තමා නැව කැඩීම සිදුකරවන්නෙ කවුද කියන එක. නැව අයිති සමාගම යම් කුලියක් දීලා නැව් ගලවන්නන් ලවා නැව ගලවවනවාද? නැතිනම් නැව් ගලවන සමාගමක් නැව මිලදී අරන් ගලවලා කැබලි විකුණනවාද?

    …ඊළඟ ප්‍රශ්නෙ.. සමහර සංවිධාන මේ නැව් ගැළවීමට විරුද්ධයි කිව්වනෙ.. එතකොට භාවිතයෙන් ඉවත් කළයුතු නැවකට මොනවා කරන්න කියලද ඒගොල්ලො කියන්නෙ..

    …විස්තරයට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට නැව් රෙජිස්තර කරන්න ලාබම රටක් තමයි රුමේනියාව. රුමේනියාව හරහා පරණ නැව් ආයිත් වෙනත් අයිති කාරයින්ට විකුනනවා. ඒ හරහා තමයි බංග්ලාදේශයට එන්නෙ නැව්..නැව් ගලවන ව්‍යාපාරිකයො කියන විදියට මේ විදියට නැවක් ගෙන්වාගන්න ලොකු ගානක් වියදම් වෙනවාලු.
      භාවිතයේන ඉවත් කල නැව් පිරිසිදු කරලා නැවත මුහුදු පත්ලෙ තැම්පත් කරන්න හැකියාව තිබෙනවා. ඒ හරහා නොගැඹුරු මුහුද තුල නව ජීව ගහනයන් ඇතිවෙන්න තිබෙන හැකියාව වැඩිවෙනවා.

      ඊලග පස්නෙ උත්තරේ පෝස්ට් එකේ තියෙනවා. සංවිධාන කියන්නෙ මූලික වශයෙන් නැව් කැඩන්න එපා කියල නෙමෙයි. මේ ක්‍රියාවලිය තුල තියෙන භයානක අනතුරුදායක බව අඩු කරන්න කියලා..

      Delete
  6. මේ මිනිසුන් දෙස බලනවිට අපි වාසනාවන්තයි කියා හිතෙනවා. හොද ලිපියක් අමිල ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මේ නැව් කැඩිල්ල වඩාත් ආරක්‍ෂිත ක්‍රම වලට කරන්න හැකිනම් අපේ රටටත් හොඳයි පාළුවට ගොස් තිබෙන මහින්ද රාජපක්ෂ වරාය මේවගේ වැඩකට ගන්න පුලුවන්නම් හොඳයි.

      Delete
    2. චිතගොන් වරාය බෙංගාල බොක්කේ තිබෙන වරායක්. චිතගොන් වරායත් එක්ක අපේ වරාය අධිකාරියේ සභාපති සාකච්චා කරලා තියෙනවා. මොනවා කතා කලාද දන් නැහැ. නමුත් හම්බන්තොට වරාය ප්‍රතිපලදායක කරගන්න කතා කලා වේනනත් පුලුවනි.

      Delete
  7. ලිපියට බොහොම ස්තුතියි

    ReplyDelete
  8. මම මේ ගැන ටී වී ප්‍රොග්‍රෑම් එකක් බැලුව ලඟදි. බන්ගලිදේශ් ජීවිත ගැන කියල වැඩක් නෑ.

    මේ නැව් කැඩිල්ල නිසා මැරෙන ගාන කවුරුත් හරියට දන්නෙ නෑලු. ඇත්තටම හිතාතෑකිනෙ කිසිම පර්සන් ප්‍රොටෙක්ටිව් උපාංගයක් නැතුව මෙහෙම යකඩ අස්සෙ වැඩ කරන එකේ අවධානම.

    ඒ ප්‍රොග්‍රම් එකේ පෙන්නපු විදියට චිතගොන් වල එක ඒරියා එහෙක තියෙනව නැව් වලින් ගන්න සේරම දේ විකුනන්න, හරියට ඉස්සර පංචිකාවත්ත වගේ.

    කොටිම්ම සමහරු ගෙවල්වල ටොයිලට් බාත් රූම් අරන් යන්නෙත් මේ වගෙන්.

    අනික බංගලින්ගෙ දරා ගැනීමේ හැකියාවයි අඩු පහසුකම් යටතෙ වැඩ මරන්න තීන හය්යයි වෙන කිසිම ජාතියක නැති තරම්. ඒ උන්ගෙ තීන ඉතාම දුප්පත් ආර්ථිකය නිසා වෙන්නැති.

    මගෙ යාළුවෙක් ඉන්නව චිතගොන් වල, ගාම්න්ට් ෆැකටරි මැනේජර් කෙනෙක්. ඌ කියන විදියට උන්ගෙ සල්ලි තීන ඉගෙන ගත්තු ඉතාම සුළු පිරිස අතිශය ධනවත්තු. උන් මිදුලට චොපර් බාන, ප්‍රයිවෙට් ජෙට් තීන තරමෙ උන්ලු. නැති බහුතරය කුණු බාල්දියෙන් අරන් කන සයිස්.

    මිනිහගෙ ෆැක්ටරි එකේ දොරකඩ හැමදාම උදේට සීය විතර ජොබ් ඉල්ලන් පොරකනවලු. ටාර්ගට් කවර් කරගන්න සෙන්ග ඕන උනාම කීප දෙනෙක් ඉන්ටවීව් කියල අරන් දවසෙම වැඩ් අරන් කෑම එකක් විතරක් දීල දන්නල එවන්නං කියල එලියට දානවලු. ඒත් අරුන් පහුවෙනිදත් අර පෝලිමේ ආයි ඉන්නවලු.

    කොටිම්ම අසරණ බන්ගලිදේශ් ජීවිතය කියන්නෙ මිහිපිට අපායක්. අපේ කම්පැනි එකෙත් ඉන්නවනෙ දෙදහක් විතර. උනුත් ඔහොමම තමයි. මට ඇත්තටම ඒ මිනිස්සු ගැන තීන්නෙ පුදුම අනුකම්පාවක්.

    ස්තූතියි අමිලගෙ මේ වැදගත් සටහනට සහ දුලභ පින්තූර හොයන් බෙදා ගත්තු එකට!

    ReplyDelete
  9. බොහොම අගනා ලිපියක්. යථාර්ථය පැහැදිළි කෙරෙන ලිපියක්. බොහොම ස්තුතියි මේ තොරතුරු වලින් අපිව පෝෂණය කිරීම පිළිබඳව.

    ReplyDelete
  10. නැව බාරදුන්නට අපේ බඩු

    උන් මංකොල්ල කනඑක හරිද?
    (අත්දැකිම් සහිතයි)

    ReplyDelete
  11. මම දවසක් රූප පෙලක් දැක්කා ඔය නැව් වල තියෙන අනික් බඩු හැම දෙයක්ම වගේ පාරවල් වල අඩු ගානට විකුණන ඒවයේ..

    ReplyDelete
  12. බොහෝ අය නොදන්නා කරුණු බොහොමයක් සමගින් නැව් කඩන ප්‍රශ්නයේ පවතින සූරා කෑමේ ස්වරූපයත්, ළමා වහල් සේවය පිළිබඳ අනුවේදනීය පැත්තත් පෙන්වා දීම පිළිබඳව අමිලට කෘතඥ වෙනවා. වල්පල් නොලියා මෙසේ සාර්ථක දේ ලියා අන් අය දැනුවත් කිරීම අගය කළ යුතුමයි.

    ReplyDelete
  13. මේ වගේ තේරුමක් ඇති ඒවා ලියනවා ඕයි.එදා ලියලා තිබ්බ බලුපුක වගේ පුකවල් ලියන්නේ නැතුව.මේක කියෙව්වම ලෝකේ නොදන්න දෙයක් ගැන දැනගත්තා.අරවගේ මුලකුත් නැති මැදකුත් නැති අගකුත් නැති බලුපුකක් ගානටවත් වටින්නේ නැති ලබ්බවල් ලියලා කියවන මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන්න එපා ඕයි.ලියනවානන් මේ වගේ වැදගත් දෙයක් ලියපන් බැරිනන් නොලිය හිටපන්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කියල තියනවා හරි අමිල හිනමානෙයි කුහකකමයි දෙකත් අඩු කරගනිං උඹ දක්ෂයි

      Delete
    2. ලංකාව තුල කෙටිකතා ජනප්‍රිය නැහැ. කෙටිකතාවක් කියන්නෙ මුල මැද අග පැහැදිලිව තිබෙන නවකතාවක් හෝ ජාතක කතාවක් නෙමෙයි. කෙටිකතාවක් තුල පිහිටවූ චරිත සහ කතාන්දරය බලන අයගේ මනසට වඩාත් ගෝචර වන රටාවක් නැහැ. කෙටිකතාව ලෙස මා දකින්නෙ යම් කිසි අවකාශයක් සහ කාලයක් විස්තර කිරීමක් විතරයි. අවාසනාවට මං ලියන බොහෝ කතා වුනත් හුදෙක් කතා මිස කෙටිකතා නෙමෙයි. එහෙම වෙන්නෙ මිනිස්සුන්ගේ පරිකල්පනයේ තිබෙන නොදියුනු බව නිසා....
      වකුගඩුව ගැනීමේදී සිද්ද වෙන මූලික ගනුදෙනුවත් ඒ හා බැඳුන කාරණා කිහිපයකුත් කිව්වාම එතනින් ඇති කියලා මම එදා හිතුවා. නමුත් සමහර මිට කලිං කතා වලදි එහෙම නැතුව හැම සුලු දේම අවසානයක් දක්වා අරගෙන ගියා..
      නමුත් මේ සිදුවීමේදී මට අලුත් සිදුවීම මේ කෑල්ල විතරයි.. ඉන් පස්සෙ ඔපරේෂන් එක සිද්ද වුනාද, මිනිහට සනිප වුනාද?, අර ව්‍යාපාරිකයට හොද වුනාද? ඉක්බිති සියල්ලෝ සතුටින් හිටියද කියන කාරණාවල් විස්තර කරනවාට වඩා මට අවශ්‍ය වුනේ ගනුදෙනුවේ මූලික ස්වරූපය හා අදාල පරිසරය විස්තර කරන්න විතරයි...
      තේරුමක් ඇති දේවල් විතරක් ලියන එක නම් කවදාවත් වෙන්නෙ නැහැ. ඒක හරිම කෘතිමයි.

      Delete
    3. උඹේ බ්ලොගේ උඹ කැමති දෙයක් ලියහන් බන්.

      Delete
  14. බෙංගාලය කියන්නේ හරිම අහිංසක ඉතාම දුගී ජනතාවක් වෙසෙන පැත්තක් අවුරුදු ගණනාවක් ගියත් සංවර්ධනය කියන දේ (මානුෂිය හා භෟතීය ) ඉතාම හෙමින් සිදුවන්නේ.. ඒ මිනිස්සුත් ජීවත් වෙන්න ඕනම දෙයක් කරාවී.. අරණකට පෙම් බැඳ පොත කියැව්වාම මේ මිනිස්සු මොන වගේ ද කියලා හිතාගන්න පුළුවන්..

    නැවක් විනාශ කරනවා ගැන දැනගත්තෙත් මේකෙන්... නියමයි

    ReplyDelete
  15. යූ ටියුබ දෙයියෝ මට පෙන්නපු වීඩියෝ....
    Into the Graveyard
    Ship Breaking is carried out mostly in 5 country's, India, Pakistan, Bangladesh, China & Turkey. Alang (Gujarat) in India is the largest Ship Breaking yard in the whole Wolrd,Where 60,000 workers are working. India recvies 30% of its steel from the Shipbreaking industry.
    The Mumbai Port Trust Dock & General Employees' Union had enough
    Opportunities to familiarize with Ship breaking work at Mumbai & Alang in India.
    The experience gain ny MPTDGEU could understand the dificulties and was able to establish direct and regular contacts with the neglected Ship breaking workers.
    Part 1
    https://www.youtube.com/watch?v=IGDZiWwF_V0
    Part 2
    https://www.youtube.com/watch?v=Vb_WSTmhQ14

    ReplyDelete
  16. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete

නූතන පටාචාරාවත

විසිතුරු බඩුව ඇය කිසිවිට නැහැ සැලුනේ.. බියකරු වනය බිය නැහැ ඇය වෙත දැනුනේ.. සිය සැමි නැතිය එන මග දරු අහිමි වුනේ.. නැති විය සිහිය ...