Tuesday, July 22, 2014

එයා මම සහ මරු පාක්

එයා :- මේ පාක් හදල රෙස්ටුරන්ට් හදල ටවුන් එක ටිකක් හරි ලස්සන කරන එකේ මොකද්ද වැරැද්ද? මේව ආමි එකම පාලනය කරන එක හොදයි. නැතතං සාමාන්‍ය වැසියො කියලා ඔයා කියන චාරයක් නැති මිනිස්සු ඇවිල්ල මේවයි රෙනවා.. 

මම :-ඔව් ජනතාව රෙන එක වලක්වන්න ආන්ඩුව ගතපු දීර්ඝකාලීන වැඩපිලිවෙලක් තමයි ඔය ණයට පාක් සංකල්පය. මිනිස්සුන්ට කන්න බොන්න  තියෙන බඩු වලිනුත් බදු ගහල ණය වෙලා පාක් හදනවා. ඒ ලස්සන පාක්,පාරවල්,බිල්ඩින් තව හැදෙනවා. ඒ ණයට හැදිල්ල එක්කම සාමාන්‍ය මිනිස්සුන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා. සරලවම ගත්තොත් උන් රෙන එකත් සැපේක්ෂව අඩුවෙනවා. අවසානයේ හමුදාව පාක්වල මුරට නැතිම වුනත් පාක් වල නෙමෙයි වැසිකිලියෙවත් රෙන්න බැරි තරමට මහජනයා පත්වෙනවා. ඕකට අපි කෙටියෙන් රෙ.පු.ගූ.නැ තත්වය කියලා කියනවා.

එයා :- ෂික්.. ඉතරක්..ඔයාගේ මහජනයා වගේ තමයි ඔයාගේ චාටර් කතාවත්.. ඔයා හැමදාම සාමාන්‍ය ජනයා එක්ක සටන් කරලා උන් එක්ක ඉන්න. එන්නෙපා මාව බලන්න.

මම :- මේ මිනිස්සුන්ගේ තෙල බහින්න දුවන්න තියෙන පාක් එකේ ඇයි ඔයා මට තෙල බෙදන්නෙ..? කිසි තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ.

7 comments:

  1. මේ මිනිස්සුන්ගේ තෙල බහින්න දුවන්න තියෙන පාක් එකේ ඇයි ඔයා මට තෙල බෙදන්නෙ..? කිසි තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ.////
    පට්ට අමිලයො...

    අපේ රටේ සාමාන්‍ය ජහමනයත් සාපේක්සය ඔය කියන එයා ට සමානයි නෙව

    ReplyDelete
  2. හැබැයි ඔය ණයට පාක් සංකල්පය නිසා එක්තරා විශේෂිත සුළු කොට්ඨාසයකගේ ඒක පුද්ගල ගූ ප්‍රමාණය ඉහල යාමක් සිදුවන බවත් කියන්න ඕන.

    ReplyDelete
  3. සෙක්කුව ඔලුවෙන් හිටෝල ඒක වටේ මොටර්සයිල් යනව වගේ කළියුග කාලෙ.

    ReplyDelete
  4. අයි බං ඒවායේ රෑට නයට සින්දුත් අස්සවනවා .

    ReplyDelete
  5. පිස්සු කෙලින්න එපා අපි මෙ පුල් ආතල් එකෙ වොක් එකක් එහෙම දාල ඉන්නෙ.බඩ පිරෙනව ලස්සනට.ඉතින් මොකටද කැම කන්නෙ.

    ReplyDelete
  6. කිසිම තේරුමක් නැහැ...අයෙත් අහල.

    ReplyDelete