Monday, August 8, 2016

මගුලක් කතා කරනවා, විජය නන්දසිරි

කලාකරුවෙක් කලාකරුවෙක් පමණක් වීම මට අනුව ඇති. දොස්තර මහත්මයෙක් දොස්තර මහත්මයෙක් පමණක් වීමත් ඒ වගේ... තමුන් දක්ෂ දේට සාධාරනයක් ඉෂ්ඨ කරන්න පුලුවන් නම් නාොදන්න සහ අදාල නැති සී්‍යකට හොටේ දාලා නාස්ති වෙනවාට වඩා ඒක හොදයි. 

කට්ටියකට විජය නන්දසිරි අනර්කලී එක්ක රගපෑව විකට නළුවා කියන කොට නිකං මදි වගේ..එතකොට ශ්‍රේෂ්ඨ රංගධරයා කියලා උලුප්පන එක ටිකක් අමාරුයි ගතියක් එනවා..ඒනිසා එයාලට පේන්නේ විජය නන්දසිරි මනමේ එකේ තාලෙට අඩිය තිය තිය ලොවෙත් නැති කුමාරයෙක් වගේ වේදිකාවේ නටපු සීන් එක.. තව පිරිසකට ටීවි එකෙන් එහාට විජය නන්දසිරි පේන්නේ නෑ.. වේදිකාව කියන එක ටෙනිසන් කුෙර්ලාගේ කුනුහබ්බ වලට විතරක් යට වෙලා තිබුන කාලෙක විජය නන්දසිරිත් ලෙසටම රගපෑව බල්ලොත් එක්ක බෑ ලංකාව වටේම සුප්පර් විදියට දිව්වා.. 

කොළඹ සන්නිය වගේ අතීතකාමය පැත්තට නැඹුරු වුනු විකට සිනමාවට සිකුරු හතේ තුලින් සිකුරා ලැබුවා වගේ ගතියක් ආවා..ඒ වගේමයි ටෙලි නාට්ටි පැත්ත ගත්තත් ග්‍රැන්විල්, විජය නන්දසිරි අාදී අය එක්ක තිබුන ඉන්දියානු කොපියක් වුන නෝනාවරුනි මහත්වරුනි වගේම ඉන් පසු අා විජය නන්දසිරි රග පෑ දේශපාලනික නාට්‍යයත් ඉතාම සාර්ථකව ජනප්‍රිය වුනා..

ඉතිං විජය නන්දසිරි ඔය කලා මැදැයි.. එයාට පොලිටික්ස් කරන්න බැරිවුනා..එයාට සමාජ සේවේ ටිකක් කරන්න බැරිවුනා.. එයාට තව සුට්ටක් පෝසත් ජනතාවගේ විවේකය සිනාවෙන් බර කරන්නේ නැතුව දුප්පත් අය ගැනත් හිතන්න තිබුනා වගේ බයිලා එකක් මම අහම්බෙන් දැක්කා.. ඒ්වා කතාන්දර විදියට බොහොම ආකර්ශනීයයි. නමුත් ගත යුත්ත බිංදුවයි.. 

නෝනාවරුනි මහත්වරුනි එතුමයි මෙතුමයි (නම ෂුවර් නෑ)  හෝ ඒ වගේ නාට්ටි බැලුවේ කොළඹ බඩ තඩි මිනිස්සු නෙමෙයි.. ඒ වගේම කාලයක් මාසෙට තුන් හතර වතාවක් පෙන්නපු බල්ලොත් එක්ක බෑ මම හිතන්නේ ලංකාවේ දුප්පත් මිනිස්සු ත් සැලකිය යුතු පිරිසක් නරඹලා තියෙනවා.. ඒ වගේම සිකුරු හතේ කිං හන්තර් වගේ ෆිල්ම් බලන්න යන්නේ කොළඹ ඉන්න සැපට බඩ හදාගත්තු අය නෙමෙයි.. 

සමාජයක් වෙනස් කරනවා කියන්නේ ජනතාව මර නින්දෙන් නැගිටවීමේ ක්‍රියාවලියක් වගේ දෙයක් කියලා සමාර රතු පක්ෂ කියනවා.. ඒත් බොරුවට නිදාගෙන ඉන්න මිනිස්සු කෝමද අවදි කරන්නේ? ඒක මේ කලා කාරයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෙමෙයි.. මුලින් මිනිස්සුම තේරුම් ගන්න ඕනි එයාල බොරුවටයි නිදාගෙන ඉන්නේ කියලා..

 සරල උධාහරණයක් විදියට මීඨ අවුරුදු තිහකට හතලිහකට ඉස්සර ලංකාෙව් ගම් වල ජනයාට තිබුන ෙලාකු ගැටළුවක් තමයි පාපැදියක් මිලදී ගැනීම..ඒ්ත් දැන්? දැන් මිනිස්සු අාන්ඩුවට බනින්ෙන් මරුතියක් වත් ගන්න බෑ ෙම් යම පාලෙන් නිසා කියලා..කාලයත් ඒක්ක  මිනිස්සු පිලිගත්ෙත් නැතත් ඒයාල දියුනු ෙවලා.. තිෙයනවා.. නමුත් මිනිස්සු බලාෙපාෙරාත්තු ෙවන්ෙන් වැඩිමනක් වැඩක් නැතුව නිකංම ඉදලා මරුතියකුත් අරං සැපෙස් ඉන්න පුලුවන් සුන්දර රටක්.. 

කවි කොල කාරයෝ කියල ජාතියක් ඉස්සර හිටියා..එයාල ගේ ඉස්සර භූමිකාව හරියට දැන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වගේ.. පොඩි සිද්ධියක් හොදට රසවත්ව වට කරලා කියනවා කවියෙන් සද්දෙන් ඇහෙන්න..ස්වර්ණවාහිනියේ නම් හිනාවෙවී රගපාමින් ඇනිමේසන් සහිතව දැන් ඒ වා ෙග් සිද්දි පෙන්වනවා.. 

කවි කොල කාරයා ඉස්සර පොඩි සිද්දි මහා කවි ගානකට ලියලා මිනිහගේ බිස්නස් එක කලා.. අද කාලේ ඇතැම් ජනමාධ්‍ය වුනත් ගොඩක් දුරට ඒ වගේ..පොඩි දේවල් මහා විසාල කරලා ලියනවා.. ලියලා එයාලගේ ගතමන්ට් එක සරි කරගන්නවා.

සමාජයේ තමුන්ට පැවරෙන වගකීම අවබෝධ කරගැනීම හා එය සුපිරියටම ඉටු කිරීම කලානම් හැමෝම දේසපාලනය කරන්න බහිනවාට වඩා වැදගත්.. මට හිතෙන්නේ ඒම.. විජය නන්දසිරි පක්ස දේශපාලනය ට බැස්සේ නැතිවුනාට සීරියස් රජ චරිත‍ේ සිට කපුමහත්මයා දක්වා චරිත විශාල සංඛ්‍යාවකට සාධාරනයක් කරපු, රඟපෑම කියන එතුමාට අයිති විශයට විශාල සේවයක් කරපු කෙනෙක්.. 

අපි වරුසාවකටවත් ගොඩ නොවුනු හා්ල් වල එතුමාගේ ෆිල්ම් බලන්න අපි ගියා.. නිකංවත් බලන්න එපා වුනු ටීවි එක එතුමා පොඩ්ඩක් පෙනුනත් අපි බලන්න හුරුවුනා.. ඒ වගේම ලාංකික වේදිකාව කියලා මහා ලොකු දෙයක් තියනාව කියල පාරම්බෑවට ගොඩක් අය නගරේ තියන නාට්‍ය ශාලාවක් තියෙන දිහාවත් දැනගත්තේ විජය නන්දසිරි මහත්මයා වගේ අය රගපාපු නාට්‍ය වලින්.. 

ඉතිං තමුන්ට අයිති දේ සුපිරියටම කරලා නියමිත කාලයේදී සියලු ගෞරව මැද..රටක්ම හිනස්සවලා..ඒත් දැන් අඩවලා යන්න ලැබෙන එකත් එතුමා ලබපු ලොකු වාසනාවක්.. ලොකු හිදැසක් එතුමා ගියායිං පස්සේ තියෙනවා කියලා පේනවා.. ගොඩක් වෙලාවට එතුමා එක්ක වේදිකාවෙන් ප්‍රහසන ටෙලි සහ සිනමාව පැත්තට ආපු කුමාර තිරිමාදුර, ගිහාන්, ගිරිරාජ්, සරත් කොතලාවල.. වගේ අය අපි අතර විජය නන්දසිරි මහත්මයාගේ හිදැසට වග කියාවි.. ඒත් විජය නන්දසිරි ගේ වීඩියෝවක් දකිද්දි ඉස්සර ග්‍රැන්විල් ඉන්න නොනාවරුනි මහත්වරුනි එක බලනකොට එන පොඩි සෝකයක් වගේඑ කක් අපිට ඒවි.. 

23 comments:

  1. විජය නන්දසිරි මා දන්නා තරමින් කලාකරුවකුම මිස නලාකරුවෙකු නොවීය.'මිරිදිය මගුල" වැනි මන්කොල්ලකාරී නිර්මාන වලට ඔහු සම්බන්ද නොවීය.

    ReplyDelete
  2. මේ හැම කතිකාවකටම මුල සන්සන්ඳය කරන්න යාම තමන් තමන්ගේ ආකල්ප වලට අනූව. මේ ලොකේට එන හැමෝම අඩු වැඩි විදිහට මේ ලොකේට යමක් දීලයි යන්නේ. ඒ ගැන ගියාට පස්සෙ කතා කිරිම පිටුපස තියෙන්නේ තම තමන්ගේ මත එළියට දා ගැනීමක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම, බ්ලොග් ලියන්නේ තමන්ගේ මතය කීමට ම තමයි.

      ඔබේ බ්ලොග් ලියවිල්වලින් කියන්නේ කාගේ මත ගැන ද?

      Delete
    2. රසික ඔබට මගේ බ්ලොගය ගැන කතා කිරිමට අවශ්‍ය නම් කරුණාකර මගේ බ්ලොගය පැමිණ ඔබේ රසික්ලොජි බ්ලොගයේ නමින්ම කතා කරන්න, මම වෙන අයගේ බ්ලොග් වලට දමන කොමෙන්ටු පසුපස පැමිණ මා විමසීම වැඩක් වෙන්නේ නැ..:)

      Delete
    3. රසික මට තව දෙයෙක් එකතු කරනන හිතුනා මම අවසානයට පළකර ඇති පෝස්ටුවත් සම්බන්ධ, ඔබ මේ කරලා තියෙන්නෙ අපේ සමාජයේ ඉතාම බහුලව වෙන දෙයක්. වාසනාවකට මගේ දෙමාපියන් මේ ක්‍රමයෙන් මිදුනු අය. ඔවුන්ට යම් කෙනෙකුට යම් දෙයෙක් පැවසීමට ඇති නම් ඉවසීමක් තිබුනා සුදුසු අවස්ථාවක ඒ පුද්ගයාව පෞද්ගලික හමු වී පැවසීමට තැන තැන ඒ ගැන කතා නොකර.

      මේ ගැන මගේ බ්ලොගයේ අවසානයට පළකල පෝස්ටුවේ කොමෙන්ටු සංවාදයෙදිත් මං කිව්වා. ඔබ මගේ බ්ලොගයට නොපැමිණ එහි ඔබේ මා පිළිබද අදහස් ඉදිරිපත් නොකර මම කමෙන්ට් කර ඇති වෙනත් කෙනෙකුගේ පෝස්ටුවක මං ගැන කතා කරද්දි ඔබ දන්නෙ නැ මම ආපහු මේ පෝස්ටුවට ඒවී ද කියන එක හරියටම. ඔබේ අදහස කියවිමට (ඔබේ අරමුණ එය නම්) මට ඇති සම්භාවිතාව එයින් අඩු වෙනවා. මෙහි එන අනිත් අයට එය කියවීමේ සම්භාවිතාව වැඩි වෙනවා.එතකොට රසික දෙදෙනෙක් අතර සංවාදයක තිබිය යුතු මූලිකම අංගය වන "TWO WAY COMMUNICATION" සිදු වෙන්න තියන සම්භාවිතාව අඩු වෙනව. ඒ නිසා ඔබට ඕනේ මගේ බ්ලොගය ගැන කතා කරන්න නම් ඔබ කල යුත්තේ මගේ බ්ලොගයට පැමිණ ඔබේ නමින් කතා කිරීම. එවිට අපිට සම්පුර්ණ තේරුමක් ඇති සමබර කතිකාවතක් ඇති කර ගත හැකියි. එවැනි අවස්ථාවක් ලැබෙන තුරු ඔබට ඉවසා සිටීමට නොහකි බවයි තැන තැන මම ලියන කොමෙන්ටූ පිටුපස පැමිණිමෙන් මට හැඟෙන්නේ. :)

      Delete
    4. Kawuda me mulagginnakkari, eka wachaneta wachana seeyak withara!!
      Meyage mahaththayatanam lesi nathuwa athi kana thiyagena inna..:-)

      Delete
    5. දයාබර ඇනෝ බබා ඔයා තාම මේ ‍ෆීල්ඩ් එකට අලුත් වගේ..තා දේවල් තියෙනවා මේකෙන් ඉගෙන ගන්න. මොනර නටන්නේ ඌට කහනවට නෙමෙයි නේ.. ඌත් ආසයි පොටෝකාරයො පොටෝ ගහනවාට..

      Delete
  3. අපි කාගේත් සියළුම රඟපෑම් ජීවත්ව ඉන්නා තුරු විතරයි!

    ReplyDelete
  4. උඹ කියන දේ එක්ක 100% එකඟයි. ජනතාව වෙනුවෙන් සේවය කරන්න කියලා කලාකාරයෝ පිකට් කරන්න ඕන නෑ . . . තමන්ට ලැබෙන චරිත තාත්විකව රඟපාලා තිරරචකයාට කරන්න ඕන කරන අදාල චරිතයේ හෙලුව නියමා කාරයෙන් පෙන්වන්න පුලුවන් කමක් තියෙනවානම් කලාකාරයෙක්ගෙන් සමාජයට සිදුවිය යුතු මෙහෙවර උනා කියලා මමත් හිතන්නේ

    ReplyDelete
  5. විජය නන්දසිරි ගැන මම කියවපු සුපිරිම ලිපිය... සහ ඇත්ත ඇති සැටියෙන් කියූ එකම ලිපිය.. මම ලිපියක් ලියන්න හිටපු එක අල්ලලා දැම්මා..

    ReplyDelete
    Replies
    1. අවසර නොමැතිව බුකියේ ෂෙයාර් කරන ලදි...

      Delete
  6. අමිල මෙහි සඳහන් කර ඇති ඔහු දුටුවායැයි කියන විජය නන්දසිරි පිළිබඳ වූ සටහන මුහුණු පොත තුළත් දැඩිලෙස විවේචනයට ලක්වුනා.විජය නන්දසිරි මහතාගේ අභාවෙයෙන් පැය දෙක තුනක් ගතවීමටත් පෙර ඉතාකඩිමුඩියේ ලියවී තිබුනු එය දත්තමය වශයෙනුත් අදහස්මය වශයෙනුත් ව්‍යාකූල රචනයක්...
    මුහුණු පොතෙන් ඊට නැඟී ආ විරෝධය විජය නන්දසිරි අප සමාජය තුළ හිමිකරගෙන සිටියේ මොන වගේ තැනක්ද කියන එකට කදිම උදාහරණයක් බව මාගේ හැඟීමයි.

    මෙවැනි ලිපියක් ලීවීමට ඔබගේ පෙළැඹුමද එයම වූ බව තවත් අගනා උදාහරණයක්....

    ReplyDelete
  7. //කවි කොල කාරයෝ කියල ජාතියක් ඉස්සර හිටියා..එයාල ගේ ඉස්සර භූමිකාව හරියට දැන් ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති වගේ.. පොඩි සිද්ධියක් හොදට රසවත්ව වට කරලා කියනවා කවියෙන් සද්දෙන් ඇහෙන්න..ස්වර්ණවාහිනියේ නම් හිනාවෙවී රගපාමින් ඇනිමේසන් සහිතව දැන් ඒ වා ෙග් සිද්දි පෙන්වනවා.. //
    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  8. විජය නන්දසිරි හොඳට තමන්ගේ රස්සාව කරපු 'නළුවෙක්'.. නළුවොන්ට අපි කැමති නිසා හා නළුවෝ වෙනත් වෘත්තිකයින්ට වඩා අපිට සමීප නිසා ඔහු නැති අඩුව අපිට දැනේවි..

    ReplyDelete
  9. විජය නන්දසිරි මහත්තයා ගැන කෙලින් ලියපු ලිපියක්. නියමයි.

    ReplyDelete
  10. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ දේශපාලනය කරනවා කියන්නේ පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සහයෝගය දක්වන එකයි කියල.අපි දැනුවත්ව විජය නන්දසිරි මහත්මා දේශපාලනය කුමක්ද කියා අවබෝදයෝන් සිටියා කෙනෙක්.

    ReplyDelete
  11. නියම ලිපියක්.. ඇත්ත ඇති සැටියෙන් ලියලා තියෙනවා..

    ReplyDelete
  12. විජය නන්දසිරි සිංහල සිනමාවේ වීරයාගේ මෙන්ම දරුණු දුෂ්ටයාගේ චරිත රඟපාපු කෙනෙක්. නෑදෑයෝ (1976) චිත්‍රපටයේ අන්ධ තරුණයාගේ චරිතය (TM ගයන "සැනසුම් සුසුමන් පාවීලා" ගීතය මතකද?) රඟපාලා පටන්ගෙන ඔහු යස ඉසුරු, සඳකඩ පහන, බංගලි වළලු, සසර සහ රේල් පාර යන චිත්‍රපට වල රඟපෑවා.

    ReplyDelete
  13. විජය නන්දසිරිගේ දුවගේ කසාදයට අත්සන් කිරීමට ලැබීම ගැන රාජපක්ෂ මැතිතුමා සතුටුවේ.

    ReplyDelete
  14. මිනිහෙක් මිනිස් ආත්මයක් ලබල සැබෑ මිනිහෙක් වගේ ජිවත් වෙලා මැරිල ගියහමත් ඒ මනුස්සයගෙ ඇද කූද හොයන්ට තරමටම මිනිස්සු තිප්පැහි කුහක උන එක ගැන නම් බොහොම දුකයි. හොඳ ලිපියක්. විජයට නිවන් සුව..!!

    ReplyDelete