Tuesday, June 8, 2010

නපුන්සකත්වය ගැන අංශුවක්..

බොහෝ අයට ලංකාවේදී ඉපදුන ගමන් ලැබෙන සහතිකයක් වෙයි..එය උප්පැන්න සහතිකය වෙයි..ක්‍රීඩා අමතර ක්‍රියාකාරකම්,වෙනත් වැඩ සහ හරිහමන් වලියකටවත් අතනොදමන බහුතර මා වැනි අලයෝ ලඟ ඇති සහතික කීපයෙන් නිකම් ලැබුනු මහාර්ඝ වස්තුවකි උප්පැන්න සහතිකය..මා රැකියාවට යෑමට සැරසුඅ විට හොඳ ෆයිල් එකක් මිලදී ගත යුතුව තිබුනි..මා හට අවැසි වූයේ 5-6ක් සහතික ගබඩා කල හැකි ෆයිල් කවරයකි..මන්ද මා හට තිබූ සහතික ප්‍රමාණය ඉතා මද වූ හෙයිනි..

සාමාන්‍යයෙන් උප්පැන්න සහතිකයේ වැදගත් යමක් ලෙස ස්ත්‍රී පුරුෂ භාවය දැක්විය හැක..අපේ පුන්චි තාත්තාගේ නමට අපේ රිචට් සීයා දී ඇත්තේ ගැහැනු නමකි(රන්ජිත් වෙනුවට රන්ජනී).එය බලාගෙන පහල තීරු ලිවූ නොතාරිස් රාලහාමි මොහු ගැහැනියෙකු යය් ලියා පසු කලෙක එය වෙනස් කර ගැනීමට හද්ද චාටරයක් කෑ වේය..ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන එම ආච්චී කියන්නේ එම අවස්තාවේත් අපේ රිචට් සීයා කාලක් ක්‍රියා කොට තිබිය හැකි ඇති බවකි..කෙසේ උවත් ඉපදුන අවස්තාවේ තිබූ ලිංගය ගැන අදහස් දැක්වීමට ඉතිහාසය ගැන ගල්පලන වංශකතා වැනි විස්වාශනීය ලිඛිත සාක්කියකි උප්පැන්න සහතිකය..

ලිංගික භාවය තීරණය කිරීමට බොහෝ අය පිටතින් පෙනෙන කකුල් දෙක අතර තීරුවේ පිහිටීම කෙබඳු දැයි කුඩා කලදී බලති..එහෙත් ප්‍රමාණයෙන් විශාල වෙත්ම එම පෙදෙස් කැත හා අවලස්සන වන හෙයින් ඒවා වසා ගන්නා ලෙස සංස්කෘතිය බලකරනු ලබයි..මා දන්නා පරිදි බොහෝ වනචාරී ගෝත්‍රිකයින් පවා තමාගේ ලිංගික අවයව වසා සිටීමට ක්‍රියා කරනු ලැබේ..නිරුවත් වානරයාහි ඩෙස්මන් මොරිස් අදහස් දක්වන පරිදි ඇඳුම් අදින්නේ විලිවසාගැනීමටවත්,සීතලෙන් ආරක්ශා වීමටවත්,මැසිමදුරුවන්ගෙන් ආරක්ශා වීමටවත් නොවෙයි..ලිංගික ආකර්ශනය වැඩිදියුනු කරගැනීම සඳහාය..ඔහුගේ මතය සනාථ කිරිමට වැඩ්දුර අදහස් ගෙනහැර දක්වන මොරිස් මැදපෙරදිග රටවල ගැහැනුන් හිසේ සිට පාදය තෙක් වසා ගැනීමත්,යුරෝපීය සෞම්‍ය කලාපීය රටවල ගැහැනු බොහොදේ නිරාවරණය කිරීමත් උෂ්ණත්ව වෙනස හා පරිසර තත්වවලට අනුකූල නොවන අයුරින් සිදුවී ඇති ආකාරය පැහැදිලි කරයි..මගේ නම් අදහස ලිංගික අවයව සෝදාගත් විගස හැර බොහෝවිට දැකුම්කලු අවයව නොවෙයි..ඉතින් මේ සැබෑ ආකාරය නිතර නිරාවරණය වීම ලිංගික හැඟීම වර්ධනයට බාධාවක් වන හෙයින්..දෙවියන් වහන්සේ එම කැත වස්තු අලන්කාර කොට වසා ගැනීමට වස්තර මවා ඇත..

ඉතින් අපි දැන් ඔය ලිංග වෙනස් වීම නොහොත් ලිංගික කියන බාහිර සාධක වලින් වෙන අපගමන ගැන ඉතාම චූට්ටක් කතා කරමු..උදේ 7.30-8.30 යන වෙලාවට තොටලඟ හන්දියට එනවනම් ඔයාලට අමුතු අය ටිකක් දකින්න පුලුවනි..ඒ ගොඩක් අය එකම කොම්පැනි 1ක තමා වැඩ කරන්නෙ..තියෙන විශේෂත්වය තමා රූපයෙන් හැඩරුවෙන් පිරිමි අයවලුන් ඇඳුමෙන්,කතාවෙන් සහ හැසිරීමෙන් ගැහැනු මෙන් හැසිරීම..ඇයි එහෙම වෙන්නෙ කියල මම දන්නෙ නෑ..ඒත් මම ගොඩක් වෙලාවට ගෑනු විදිහට ඉන්න ආස කරන පිරිමි අය දැකල තියනව..සමහර අය පිරිමි අය නිකම් පෙම්වතුන් වාගෙ ඇසුරු කරන වෙලාවල් තියනව..

මීට අවුරුදු 2කට කලින් කාන්තා දිනය නිමිත්තෙන් චිත්‍රපටියක් පෙන්නුව රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානෙ ඒ ගිය 1 චිත්‍රපටියක තේමාව උනේ පිරිමින්ට ආස නොකරන ගෑනු ලමයි දෙන්නෙක් ගැන..සමාජෙන් ලැබෙන අවමාන දරාගන්න බැරිව ඒ දකුනු ඉන්දීය කේරල සංස්කෘතියට අයිති ගෑනු ලමයි දෙන්නගෙන් එක් කෙනෙක් සියදිවි හානි කරගන්නව..ඒක නෙමෙ පුදුම වැඩේ කියන්නෙ..ඊට පස්සෙ තිබුන කතිකාව..ඉතින් ඔය චිත්‍රපටිය ගැන ගොඩක් අපේ නපුංසකද මන්ද පිරිමි ගොඩක් හොඳ කතාකලා...කාන්තා සන්විදානෙකින් ඔය වාගෙ .2% කටත් අඩු ප්‍රමාණයක් ගැන කතාකරන චිත්‍රපටියක් පෙන්වීම ගැන මම රම්පෙට පොරිහැලෙන්න කතා කලා..මේ සංවාදෙ කවුරුත් ඒ වාගෙ දෙයක් කතාකරල තිබුනෙ නෑ..යුද්දෙන් බැට කාපු ගෑනු..අස්වැන්න නැති නිසා අසරණ ගොයියගෙ ගෑනි,,මැසින් පාගල වහල්ලු වාගෙ වැඩකරන කලාපෙ සේවිකාවො ගැන කතා නොකර ඉතා දුර්ලභ නැති ප්‍රස්න ඇති කරන මේ වාගෙ හාල් ප්‍රස්න කතා කිරීම මේ වාගෙ උසස් කාන්තා සන්විදානෙක වගකීමද???ඕක තමා මගේ ප්‍රස්නෙ උනේ..මෙතෙක්වෙලා ගෑනු නිදහසට කඩේ ගිය බොරු පිරිමි රොත්තටයි ඒකෙ ඕගනයිසරියන්ටයි ටිකක් රිදුන..මගේ කතාව ඉවර උනා විතරයි කීප දෙනෙක්ම නැගිට්ට උත්තර දෙන්න...ඒත් ඒ අතරින් කීප දෙනෙක් හිටිය අමුතුම අය..ඒ අය පිරිමි අයට ආසාවක් නැති ගැහැනු විශේෂයක් කියල එයාල ලෙස්බියන්ලට මේ සමාජෙ තියන තැන ගැන කතාකලාම මට තේරුනේ...ඉතින් එහෙම අය ගැන අහල විතරක් තිබුන මට ඒ වාගෙ අය කීප දෙනෙක්ම දකින්න ලැබුන..ඒ අතර ඒ අය මීට කලින් වෙනත් ප්‍රස්න කතා කරල තියනව කියලත් කිව්ව..අවසානෙ මම කතා කරන්න ගියේ නෑ..1.මගේ සබකෝලය..2.මට මා හැර කිසිවෙකු ඉතිරි නොවීම...ඒත් ලංකාවෙ ඒ වාගෙ ගෑනු අය ඉන්නව කියල මම දැනගත්තෙ එදා....

සමාජීය හා සංස්කෘතික වශයෙන් ඇති ලිංගිකත්වය හා ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ අධිකතර පීඩනය පහල පන්තිවල අයගෙ සමලිංගික නැඹුරු වීම්වලට බලපානව කියල මම හිතන්නෙ...කලාපේ වැඩකරන,,කාන්තා නේවාසිකාගාර ආදියෙ සමලිංගික හැසිරීම් තියෙන ගෑනු ලමෝ ඉන්නව කියල මම අහල තියනව..මට මතක් වෙනව නලින් පෙරේර මේ අසහන කාරී වටපිටාව ගැන කියනව,,මේක හරියට හොඳට කන්න දීල අධෝ මාර්ගයට ප්ලාස්ටර සෙට් කරගන්න කියන සමාජයක්..උදේ හවස ෆිල්ම් වලින් ලව් කරනව පෙන්නල,,සමහර විට ඉඹිනව පෙන්නන මේ සමාජෙ උන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇතිල්ලිලා බස් එකේ යෑමත් වැරදි විදිහට දකිනව..වරද්දගන්න එපා බුදුදහම අනුමත සමාජෙ එක්ක..,,, ඒ කාලෙත් නගර සෝබිනියො හිටියෙ නගරෙ ලස්සන කරන්නද???උයන් වතු තිබුනෙ මිනිස්සුන්ට ගිමන් අරින්නද???එතකොට රජ සිටු මැතිවරු පරිවාර ස්ත්‍රී සේනාව තියන් හිටියෙ අනාගතේ ගෑනු හමුදාවක් එයි කියල බයේද????හප්පෝ ඔව්ව කතා කරන්න ගියොත් මම සිල් බිඳින්න හදනව කියල කට්ටිය චෝදනා කරයි..ඇත්තටම අද පවතින මේ රුවිත සිස්ටම් නිසා සමලිංගික නැඹුරුව වැඩිවෙනව කියන එක සමහරු පිලිගන්න කැමතිවෙන එකක් නෑ...ඒත් එහෙම දෙයකුත් තියනව..

අපි පහුගිය කාලෙ අහපු බස් සින්දු එකතුවක් තිබුන..ඒ තමා මාලනී දෙපල( බුලත්සිංහල සහ නන්දා ) කියන සින්දු නපුන්සක කටහඩින් කීම..ඇත්තටම එතන ලස්සනට මාලනී දෙපල කියන සින්දු හරි ලස්සනට අහන්න හැකියාව තියාගෙන මිනිස්සු නපුන්සක වොයිස් එකට ආස මොකද කියල මට හිතාගන්න බෑ..තාලෙන් සමහර තැන්වලින් සමාන උනාට ඒ වෙනස අඳුනගන්න බෑ කියන්නෙ නම් අතිශයෝක්තියක්ම තමා....

චීන ෆෝන් ආවට පස්සෙ ජනප්‍රිය උන වැඩක් තමා කටහඬ වෙනස් කර කතා කිරීම..ඉතින් සමහර උන්ට දැලිපිහියට වඳුර අහු උනා වාගෙ ඔය වාගෙ එකක් අහු උනාම හතර වටේටම ගෑනු කටහඬින් කොල්ලොන්ට ආතල් දෙනව...ඔව්වයි සමහර දේවල් රෙකෝඩ් කරල අහනව..මාර ෆන් ජෙනරේටින් වැඩක් සමහර උන්ට ඔය වැඩේ...තව ෆේස්බුක් එකේ ගෑනු ප්‍රොෆයිල් එකක් හදන් කාගෙහරි ගෑනු ලමයෙකුගෙ පවුලෙ පිංතූර දාගෙන නපුන්සක චරිත රඟපාන එකත් දැන් ජනප්‍රිය වැඩක්..ඉතින් අපේ පැනි කාරයො දාන පැනි..ලියන කවි..එන අටෝරාසියක් කොමෙන්ට් බලනව අර ලස්සන ගෑනු රූපෙකට මුවා වෙලා...

වැල්ලවත්ත උස්වැටකෙයියාව,බම්බලපිටිය පැත්තෙ වැටකෙයිය,පඳුරුවලට,ගල්වලට මුවාවෙලා පෙම්වතුන් දිහා බලන් අමුතු ආතල් ගන්න මුත්තල වාගෙ පිරිසක් විදිහට තමා මමනම් ගෑනු රූපයක් දමාගෙන මූනුපොත බලන පිරිමි අය දකින්නෙ...ඒ වාගෙම තමා කොමෙන්ට් වැඩි වෙනව කියල ගෑනු නමක් රූපකායක් දමන් බ්ලොග් ලියන අය..තමන්ගෙ ලිංගිකත්වෙ ගැන ෂුවර් නැති මිනිහෙක් දමන බ්ලොග් කෝම විශ්වාස කරන්නද මන්ද....

ඇත්තටම ජීව විද්‍යාත්මක පදනමක් සහිත ජානමය හා හෝමෝනමය සංකූලතා නිසා නපුන්සක ගති පෙන්වන අයත් ඉන්නව අපි ඒ අයටනම් පැහැදිලිව සමාජෙ නිසිතැන දෙන්න ඕනි..තැන දෙනව කියන්නෙ මිනිහට ඇහෙන්නම අනේ පව් නේද මෙයා එයාගෙ හැටි කියල උගෙ සනුහරේ තියෙන ආත්මගෞරවේ නැති කරල දාන එක නෙමෙ..එයාල දිහා සාමාන්‍ය විදිහට බලන්න හුරු වෙන එක..ඒ අයගෙ සාමාන්‍ය ජීවිතේ ගලාගෙන යෑමට ඉඩහැරීම..හැමවෙලාවෙම අනුන්ගෙ කුනු කන්දල් හොයන වට්ටි අම්මල පෙට්ටි තාත්තලටනම් මේක මාර අමාරු දෙයක්..ගමේ එකෙක් ඉංග්‍රීසි කෑල්ලක් වැරැද්දුවහම හිකිස් ගාන උන්,, ගෑනු වගෙ ඇඳන් ජෝගි නටන උන්ගෙ ජාන වෙනස් කියල අනුකම්පාව දෙයිද???

අනේ ඔයා නපුන්සක උනාට අපි ඔයාට අපි වෙනස් කම් කරන්නෙනෑ...ඔය වගෙ කමෙන්ට් වාගෙ අදහස් එපා...අපි මොනාහරි ලිව්වම එන කොමෙන්ට් අපේ ජාතකේ අවුස්සන,,මගේ මනස කියවල බෙහෙත් දමන්න හදන ඒව වෙන එකතමා මම නොදිරවනම කොමෙන්ට් ජාතිය..

.මේ ඉහත අදහස් වලට විවේචන තියනවනම් comment දමල යන්න...

4 comments:

  1. excellent post it is better to send news paper. i am surprising why people are not comment. you know there is comment mafia in blogs. our peoples comment for post if that blog writer is only friend of you.very bad habit/
    by the way i have same observation you know this bridal workers behave strange way & some monk also both Buddhist & christian

    ReplyDelete
  2. බොලේ ,
    මේක කියෙව්වට පස්සේ මටත් හිතෙනවා මේ පො...කමින්(නපුන්සක කමින්) අයින් වෙලා පිරිමියෙක් වෙන්න. කැලි බෑලි ටිකක් අඩු වැඩියෙන් හරි ඇගේ තියෙන එකේ මොකටද පිරිමි කම අතාරින්නෙ නේද? දුර්වල තැන් හදා ගන්න ඒක හොදයි නේ දිගටම පො...ක් වෙලා ඉන්නවට වැඩිය.
    පො....යන්ගේ පස්සේ වැටිලා එන අය ගැනත් ගොඩාක් කතා කරන්න පුළුවන් ඇත්තටම. බාග වෙලාවට ඒ අයත් මගේ කැටගරියටම අයිති වෙනවද දන්නෙත් නැ. ඒ අය ගැන වුනත් ලියන්න කියන්න සැහෙන්න දේවල් තියෙන්න පුළුවන්.

    ස්තුතියි මට හිතන්න අවස්ථාවක් දුන්නට.
    පො.කම වෙනුවට නියම පිරිමියෙක් වෙන්න මම උත්සහ කරනවා මේ දැන් ඉදන්ම. කන්නාඩියකින්ම දකිනකම් මගේ කැත ගැන මන් දන්නේ නැ නොවැ. කැතයි කියල දැන ගත්තම ටිකක් හරි ලස්සන වෙන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.

    ReplyDelete
  3. "බොලේ ,
    මේක කියෙව්වට පස්සේ මටත් හිතෙනවා මේ පො...කමින්(නපුන්සක කමින්) අයින් වෙලා පිරිමියෙක් වෙන්න. කැලි බෑලි ටිකක් අඩු වැඩියෙන් හරි ඇගේ තියෙන එකේ මොකටද පිරිමි කම අතාරින්නෙ නේද? දුර්වල තැන් හදා ගන්න ඒක හො"
    දාලා තියෙන්නේ ඒළකිරි එකේ migaramk හෙවෙත් හිරුනි බක්කරේ. ඒයා බොහොම අහිංසක කෙනෙක්. එක සැරයක් මාට්ටු උනා facebook එකේ කෙල්ලෙක්ගේ photos දාගෙන කොල්ලොත් එක්ක sex chat කරලා. ඒක එයාගේ අශාව හැබැයි. මම කියන්නේ ඒ අයට නිසි තැන දිය යුතුයි කොන් නොකර. පවු හිරුනි කළු බෝවිල. :(

    ReplyDelete
  4. යකෝ කන්නාඩියෙන් බල බල ෆෙයාර් ඇන් ලව්ලි තලි ඉලුවට ඒවට නෙමෙයි කෙල්ලො කැමති...
    කෙල්ලො බහුතරය ආස වෙන්නෙ අදාල කොටස තුල නායකත්වය සහ පොර බවට පත්වෙන පුද්ගලයාට..
    එදා මහ ගොරෝසු කටහඬක් තියෙන විජය ජෝති..කපුගේ පොපියුලර් උනාට
    අද කොම්පීතර යුගේදි ජනප්‍රිය වෙන්නෙ..සිහින් කටහඬක් තියෙන සන්තුස්,සිහාන් වගේ අය...
    මොකද මේ කාලෙ ටී වී එක කෙල්ලන්ට පෙන්නන පොරවල් වෙන්නෙ සිහාන් සන්තුස් වගේ සමනල්ලු නිසා....

    ReplyDelete