Sunday, June 6, 2010

without install ubuntu reading sinhala

උබන්ටු ස්ථාපනය( install ) නොකර සිංහල කියවීම හා මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලින් වැඩගැනීම

මම අද කියන්න යන්නෙ...අතේ ගාගන්නෙ නැතිව සීනි කනව වාගෙ වැඩක්..අපිට හැමතිස්සෙම අපේම කොම්පීටරයක් ලැබෙන්නෙ නෑ නෙව..වැඩ කරන්න..හිතන්න ඔයා යාලුවෙක් ගෙදර ගියා..දැන් එයා කැමති නෑ එක එක ප්‍රෝග්‍රැම් උගෙ මැසිමෙ දානවට...නැත්නම් මාමලගෙ ගෙදර ගියා කොම්පීටරෙ තියනව..ඇඩ්මින් ලොග් කරල...වින්ඩොස් වලින්...තව ඔන්න ජොබ කරන තැන හිතමු..එතනසොෆ්ට්වෙයාර් දමාගන්න බෑ..අපිට මොනාද මේ වාගෙ වෙලාවට කරන්න පුලුවන්...කොම්පීටරේ බයස් වල පාස්වර්ඩ් නැත්නම්, සොඳුරු හොරකමකින් අපිට ඉන්ටර්නෙට් යන්න...සිංහල බලන්න පුලුවනි..

මේ සඳහා ඔබ යොදාගන්න පරිගණකය 512 විතර රැම් එකක් තියනවනම් හරි...

1.පලමුවෙන් ඔබ උබන්ටු 9.10 හෝ 10.04(Ubuntu) සී ඩී එකක් සපයා ගන්න...(ඔබට එවැන්නක් තිබෙනවානම් යන යන තැන සීඩී එක අරන් යන්න පුලුවනි..නැත්නම් ඩවුලෝඩ් කරගන්න හරි ගෙන්නගන්න හරි පුලුවන් නොමිලෙම )
2.ඉන්පසු ඔබ තෝරාගත් පරිගණකයට සීඩී එක ඇතුලුකර රී ස්ටාට් කරගන්න..(පරිගණකයට ඔබේ සීඩී එක ඇතුලු කිරීමට පරිගණකයට ලොග් වීම අවැසි නැත )
**දැන් ඔබට උබන්ටු ලෝඩ් වනවා පේනවා ඇති....එසේ නොපෙනෙනවානම් වහාම බයස් වලට ලොග් වී පලමු බූට් උපාංගය සීඩී ධාවකය බව ස්ථිර කරගෙන නැවත පරිගණකය පණගන්වන්න..
3.දැන් පැමිනෙන දර්ශන තිරයේ Try without installing යන වැකිය මත ඔබන්න.
4.ඔබ වාසනාවන්තයෙක් නම් දැන් ඔබට පහත අයුරු තිරයක් දිස් වෙනවා ඇති..(මෙය උන්බන්ටු 10.04 වල වෙයි )ඔබ සතුව ඇති අතුරුජාල සබඳතාවය මෙහි ඉහල බාර් එකෙහි සවුන්ඩ් වොලියුම් අයිතමයට ආසන්නයෙන් තියනවා..මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් එකක් නම් ඒකත් යස අගේට මේකෙ පෙන්නුම් කරනව ඒ පීකර් කෑල්ලට මෙහා කෑල්ල එබුවහම..ඔය මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එකක් නම් මතක ඇතිව එතන මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් සිලෙක්ට් කරල අපේ රටයි තමාගෙ කොනෙක්ෂන් එකයි තෝරගන්න පුලුවනි..
එහෙම නැතිනම් system>>Preferences>>Network connections>> ගියාම එන පහත වින්ඩෝව භාවිත කරන්න පුලුවනි..තමන්ගෙ කොනෙක්ශන් එක හදාගන්න...

මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් එකකින් කොනෙක්ෂම හදාගන්න හැටි පහත තියෙන රූපරාමු වලින් පෙන්නුම් කරනව...පලමුව මොබයිල් උපාංගයHSDPA Modem සම්බන්ධ කරගන්න...
මතක තබාගන්න මෙහිදී කිසිදු විටෙක අර වින්ඩොස් වලදි වාගෙ මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් වෙන්නෙ නෑ...ලිනක්ස් වල මොබයිල් පාට්නර් ඉන්ස්ටෝල් කරගන්න දඟලනවට වඩා ලේසි ක්‍රමයකට ඉන්ටර්නෙට් යත හැකි..
මෙතනදි පාසුවෙන්ම මොබයිල් බ්‍රොඩ්බෑන්ඩ් සිලෙක්ට් කරගන්න...

දැන් ඔබ විසින් සම්බන්ධ කරගත් මොබයිල් උපාංගය පෙන්වනවා ඇත...

ඊටපසු වින්ඩෝවෙහිදී සම්මතයෙන්ම ඇති United state වෙනස්කොට Sri Lankaතේරිය යුතුයි...
ඔබ සතුව ඇති සබඳතාව තෝරා නෙක්ස්ට් දෙන්න...
ඉන්පසු ඉහල බාරයේ සවුන්ඩ් අයිතමයට වමින් ඇති නෙට්වර්ක් අයිතමය ඔබා ඔබේ සබඳතාව තහවුරු කරගත හැක...

5.ඔබ ලඟ සින්හල යුනිකෝඩ් ෆොන්ට්( ttf වර්ගයේ)පෙන් ඩ්‍රයිව් එකක හෝ මෙම මැසිමෙහිම හාඩ් ඩිස්කයේ ඇතිනම් යුනිකෝඩ් ෆොන්ටය ඩබල් ක්ලික් කර ලැබෙන වින්ඩෝවෙ ඉන්ස්ටෝල් එබීමෙන් සින්හල බබා වගේ කියවාගත හැක...ටයිප් කිරීමට යුනිකෝඩ් කනවර්ටරය යොදාගත හැක...

සින්හල ෆොන්ට නැතිනම් http://www.locallanguages.lk/sinhala_unicode_converters හරහා අවැසි යුනිකෝඩ් ෆොන්ටයක් බාගෙන දමාගත හැක


6.ඔබ යොදාගන්නා පරිගණක මව්පුවරුව USB Booting සඳහා සපෝට් එකක්නම් ඔබට සීඩී එක ඔබේ පෙන් ඩ්‍රයිව් එකකට දමාගෙන පෙන් එක හරහා බූ ට් කරගන්නත් පුලුවනි...එතකොට සීඩී එකේ ඉමේජ් එක පෙන් එකෙන් කියවනව...මම පෙන් එකෙන් හාඩ් එකෙන් වාගෙ කෙලින්ම බූට් වෙන හැටි දන්නෙ නෑඒත් සීඩී ඉමේජ් එක රන් කරන හැටි දන්නව..

1.පලමුව සීඩී 1 මැසිමට දමා උබන්ටු බූt වීමට ඉඩ දෙන්න...
2.ඉන්පසු System>>Administration>>Startup disc creater ඔබා ගන්න

3.ඔබ තෝරාගත් ඉමේජය හෝ පවතින ඉමේජය ඔබ සම්බන්ධ කරගත් යූ එස් බීය ට දමාගත හැක...

4.බයස් වලින් යූ එස් බී බූටින් පලමු බූට් එක විදිහට ලබා දී ඉන්පසු ඔබගේ පෙන් ඩ්‍රයිව් එක හරහා උබන්ටු සීඩී රහිතව අත්විඳිය හැක..


කියන්න මොනාහරි තිබ්බොත් ඔය comment කියන එකේ හලල යන්න...

4 comments:

  1. මොකෙක්වත් කොමෙන්ට් දාල නෑ මමවත් දාගන්නව.....
    සිකේ මෙලෝ රහක් නෑ....රෝදය නැවත හොයා ගත්ත වාගෙ දන්න දෙයක්ම ආපහු කියෝනව......

    ReplyDelete
  2. ඔයාගෙ ලිපිය ගොඩක් වැදගත්. ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
  3. කොරොමෙ නම් හරි.එත් ඇඩ්මින් ලොක් කරන එකා බයොසුත් ලොක් කරනවා නෙ.හෆොයි !! එතකොටනම් සී.ඩී එක තිබ්බත් වැඩක් නෑ යාලු. :(

    ඕ.එස් එක සී.ඩී එකෙන් බූට් කොරන්ඩ බෑනෙ.ඉතින් ??

    ReplyDelete
  4. මදර බෝඩ් එකේ තියෙන බැටරිය(ඔඅරලෝසු බැටරි වගෙ සත 50ක් විතර ලොකු එකක් ) ගලවල ආයෙ සෙට් කලාම බයස් නම් අන්ලොක් වෙනව රී සෙට් වෙනව කියල මම අහල තියෙනවා...ඒත් සමහරු මැසිමත් ඉබ්බෙක් දානවනෙ එතකොට ....

    ReplyDelete