Saturday, April 28, 2012

මන්ද කරුවලේ කින්නරාවිය ( 02 වන කොටස)

කාලය සමග බොහෝ දේ වෙනස් විය. වෙනස් වන්නට වන්නට මා වෙනස් වීම කල නොහැකි දෙයක් විය. වැඩ ඉවර වී මා සවස පහයි තිහ වන විට ගෙදරය. චූටි දුව දවසම වැඩකරන කෙල්ල සමග සිට එපා වී මා එනතුරු මග බලා සිටී. ඉන් පසු සෙල්ලම පටන් ගනී. බැංකු සේවිකාවක් වූ නිසාත් එය පුද්ගලික බැංකුවක් වූ නිසාත් කුසුම් කාර්යබහුල විය. එසේම ඇය තවත් විභාග ගානක් දාගෙන තිබුනාය. කෙමෙන් කෙමෙන් නිවෙස් පාලනය මා වෙත එන්නට විය. එලවලු ගෙන එන්ම පවා මා විසින්ම කරන ලදී..
                ඔය අතර දිනක් මට කුසුම්ගේ බැංකුවේ සිටින මගේ යාලුවෙක් හමු වෙන ලදී. පෙර පුරුදු පරිදි බෙබා පාරක් දැමීමට සිතා මාත් ඔහුත් පොට් එකකට ගියෝය. මචං වරදක් හිතන්න එපා. මං මේ වැරද්දක් කරනව ඇත්තෙ. ඒත් උඹ ගැන හිතල තමයි කියන්නෙ. කියලා තටමා තටමා අවසානයේ ගින්න අවුලුවන ලදී. එනම් තරුණ හැන්ඩ්සම් කොල්ලෙක් වූ නව බැංකු කළමනා කාරයා කුසුම් සමඟ වැඩිපුර ඇය හාඳයි පවත්වන කතාවක්ය. මට ඉරිසියා වැඩිවිය. නමුත් ස්වභාවයෙන්ම පරාජිත මා පරාජය භාර ගැන්මටම සූදානම් විය.
ඒ සඳහා තවත් දැඩි උත්ප්‍රේරකයක් වූයේ මා බැලූ සිනමාපටයකි. ඒ සිනමාපටයේ සිටින සාමාන්‍ය පවුලක සැමියාට ටික කලක් යනවිට තරමක් ධනවත්ව පවුලක සිටි සිය බිරිය අහිමිවෙයි. ඒ මනුස්සයා පත්තර කාරයෙකි. විය යුතු ලෙසම ඒ රටේ ඒ පත්තර කාරයාද ලංකාවේ මෙන් දුප්පත්ය. එ පත්තරේ ගිය එක්තරා කතාවකට පෙම්බැඳි තරුණිය ඒ තරුණයා සමඟ යාලු වෙයි. කලක් බොහෝ සුවෙන් මොවුන වෙසෙති. නමුත් කාලය සියල්ල වෙනස් කරයි. මුලින් සියලු දේට අවැසි පරිදි නම්‍ය ශිළි වු තරුණියට අවැසිතා වැඩිවෙයි. නෑයින් ආපසු ඉන්නට තැනක් නොමැති බව. ඔවුන් යන්තම් බඩට කනවා මිස රස නොබලන බව වැටහෙන්නෙ බිරියට කාලයක ගිය පසුය. ඉන්පසු ඒ දෙදෙනා ගිය සාදයකදි අඳුනාගත් කොල්ලෙකු සමග අර බිරිය පැන යයි. ඒ රටේ කසාද නීති එතරම් තද නැති නිසාදෝ ඔවුන් ඉතා සතුටින සිටිති. අර සැමියා සිය බිරිය එතැයි සැමදාම පෙර මෙන් බලා සිටියත් යලි කිසි දිනෙක ඔහුගේ සයනයේ තනිය රැක්මට බිරිය ආවේ නැත. ඔහු ගණිකාවන් ඇසුරු කර ඒ වින්දනය ගැන්මට ඔහු ගියත් එතැන  ඔහු පත න දේ නොමැති බවත්. සිය බිරිඳට කරන කවටකම් ගණිකාව ගොං පාට් ලෙස දකින බවත් ඔහු දිටීය..ඉන්පසු තේ පාටි වලදි උත්සව වලදී අර පැරණි ජේඩුව හමු වුවත් පලක් නොවීය..

තමුන් ගැන අභිමානයක් ඇතිවිය යුතු බව පාලිත සිතිය යුතු වුවත් පාලිතගේ සිල් ගතිය නිසාදෝ ඔහුට සිතුනේම තමා එන්ට එන්ටම කැපී යන බවකි. කසාදය තීන්දු වන දිනවලත් තමාට වඩා වැඩි වැටුපක් ගත් බිරිය දැන් විසල් රාජකාරි රැසක් කරයි. විසාල පාටියකට උත්සවයකට ගියත් බිරියම මුල් තැන ගනි. ඇය ලස්සනය. ඇය දක්ෂය..එහෙත් මම ...? පාලිත සිතන්නට විය.
අවසානයේ පාලිත මේ කරුණ ගැන බිරියගෙන් ඇසීමට තිරණය කලේය. නමුත් කතාව සිතු තරම් සරල නැත. ඒ අතර මේ කථාව වෙනත් නන්නාදුනන දුරකථන ඔස්සේද පාලිතට ඇසෙන්නට විය.

පාලිතට දිනක් ඔහුගේ පරණ කැච් එකක් හමු විය. පාලිත වෙනත් දිනයක නම් එතරම් ගනන් නොගෙන ගියත් එදින එසේ කලේ නැත. කුසුම් හට පාඩම්ක් ඉගැන්වීම හෝ වෙනත් හේතුවක් නිසා පාලිත ඇයගේ නොම්මරය ගෙන කතා කලේය. පෙර ගති පෙර විරිත් ඉදිරියට ආවේය. කාලේ වැලි තට්ටු වලින් වැසී තිබු ඔවුන්ගේ සබඳකම යලි ඇරඹෙන්නට විය. පාලිත තමාට ඇති ගැටලු තමාට දැනෙන සියල්ල කීමට රාත්‍රිෙය් හෙම්බත්ව නින්ද සොයන කුසුම් වෙනුවට අමාලි යොදාගත්තේය. බාගෙදා පාලිතගේ ඇඳුම් තෝරන්නේ පවා අමාලිය.
මේ අමාලි කතාව දැන් පැතිරෙනවා වැඩි බවත්. මේ හරහා කුසුම් ඩිවොස් කිරීම අපාසු විය හැකි බවත් පාලිතට කිව්වේ ඔහුගේ යහලුවෙකි. ලොක්කාෙග් කාර් එකේ සිය බිරිඳ යන්නෙ රාජකාරි කටයුතු වලට විය නොහැකිද? එහෙමත් විටක පාලිත එසේ සිතයි.  එතරම් වයස් පරතරයක් නොමැති නම් ඔවුන් දෙදෙනා යාලුවන් පමණක්ම විය නොහැකිද? එහෙත් ඒ කේලංකාරයින් සහ අනෙක් අය පාලිතට කියා තිබුනු ආකාරයටම සිතන්නට පාලිත පෙලඹිනි. මොකද්දෝ වැදගත් විභාගයක් නිසා පාඩම් වැඩ වල නිරත වුනු කුසුම්ට පාලිතගේ මේ වෙනස් තේරුම් යන්නට කල් ගත විය.
දින කීපයක්ම පාලිත බීමතින් ගෙදර පැමිණියත් සිතේ තියන දේ වල් එකක් වත් සිය බිරින්දැ වන කුසුම්ට කියාගත නොහැකි විය. කුසුම්ටද නිදහසේ පාඩම් කරන්නට බැරි වන තත්වයක් වි ඇති බව පාලිතට පෙනුනි. ඒ තමාගේ බීමත් කම හෝ තමාගේ බූත හැසිරීම යැයි පාලිතට සිතුනේ නැත. පාලිත සිතුවේ ඇය නිදි නැතිව කල්පනා කරන්නේ ඇගේ  නව බැංකු නිලධාරියා ගැන බවයි. මෙය එකලාසයක් කරගන්නට දිනක් සිය කුඩා දුවනියගෙන් පාලිත කිහිප විටක් පුතා ආස අම්මි එක්ක ඉන්නද තාත්ති එක්ක ඉන්නද යැයි ඇසීය.
කුඩා දරුවා කීවේ...අම්මි ත් හොඳයි තාත්තිත් හොදයි ඒත් මට බයිනකොට දෙන්නම එපා...

මෙසේ දරුවාගේන පාලිත නිතර අසන බව කෙසේ හෝ කුසුම් ගේ කණට ගොස් තිබුනි...
යලි ඊලඟ දිනයේත් පාලිත බීමතිනි. ඔහු පැමිණියේය. මේසය වෙත ගොස් කෑම තිබේදැයි බැලීය. කෑම නැත. කුසුම් පාඩම් කරන්නේදැයි බැලීය නැත. කුසුම් නිදිය. ළමයාත් ඒ සමඟ නිදිය. ඇය ඇඬු කඳුලින්ම නින්දට ගොස් ඇත.
පාලිතද නිදා ගන්නට ගියේය.

රාත්‍රියේ ඉකිගසන හඬක් ඇසී පාලිත අවධි විය.
ඔහු කුමක්දැයි නොදනී. නමුත් කුසුම් අඩයි. අඬන අතර පැනඩෝල් පෙති කීපයක් කටේ දාගන්නවා ද පාලිත දිටීය.
මොකද හලො අඩන්නෙ. පාලිත කිසිත් නොදන්නා සේ ඇසීය..

පාලිත ඔයා බොනවා. ඔයා බීල විකාර කරනවා. මට බොන්න තියෙන්නෙ පැනඩොල් හරි වහ ටිකක් හරි විතරයි. ඔයා දැන් මාව ඩිවොස් කරන්න යන්නෙ. ඉන්පසු ඉකි කීපයක් ගැසු ඇය.
මට තාම ඕනි කෙනෙක් එක්ක යන්න පුලුවන්..ඒත් මට ඔයා වෙනස්වුන හැටි හිතාගන්න බෑ පාලිත. ඔයා අර අමාලි කියල කෙල්ලක් හරි මොකක් හරි එක්ක තැන් තැන්වල රවුං ගහනවලු. ඔයාමෙ නේ කිව්වේ ඉස්සර ඔයාට හමු උන ලස්සනම කෙල්ල මං කියල. ඇයි එහෙනං එ පරණ දේවල් පස්සෙ යන්නෙ..
අනේ මන්ද??
ඔයා කතා කරන්නෙත් නෑ...හරියට මාත් එක්ක. ඔයා දුවගෙන් එහෙම ඇහුවහම එයා මගෙන් ඇවිත් ඇහුව අම්මි අම්මි තාත්ති අපි දාල යනවද කියල...
( කුසුම් තවත් අඩයි)
මං එක්සෑම්ස් ලිව්වෙ අපි ඔක්කොටම අපේම හොඳට..පොඩ්ඩක් ඔෆිස් වලත් වැඩ තිබුන පහුගිය දවස්වල.. ඒත් ..............ඔහාට කිසි දෙයක් අඩු කලාද පාලිත...මං කෑම බීම උයන්න ඕන දේවල් පවා අර කෙල්ලට කියල ඇති ෆොන් එකෙන්...

එකවර මේ දේවල් ඇසීමෙන් පාලිත හිර විය. මෙතෙක් කල් නන්නාදුනන කෝල් වලිං සහ තම එකම මිතුරාගෙන් පමණක් පැමිණි අයුතු සම්බන්ධ කාරණය ගැන ඇසීමට ලැජ්ජාවක් වැනි දෙයක් පාලිතට ඇති විය. එහෙත්...මේ එයට අවස්ථාවම බැව් පාලිත සිතිය...

එතකොට ඔයා අර බෑංක් මැනේජර් අලුත් හැන්ඩ්සම්. එයා එක්ක කාර් එකේ එහෙ මෙහෙ යන්න හොඳයි. ඔයා හොඳ පවුලක වැදගත් කෙනෙක්..ඔයාට සල්ලි ගොඩක් තියෙනවා. මම තමයි ඇවිත් කුසුම් ඔයාට ඇටෑච් උනේ..ඉතින් ඔයා එයාට කැමති නං

එය කියා හමාර කරන්නට ලැබුනේ නැත...
මොනවද පාලිත ඔය කියන ජරා කතා...ඒ මිනිහ මට කැමති ඇති. ඒත් මං...පස්සෙන් පැණිය වගේ එනවත් තමයි. කාර් එකෙත් ඔෆීෂියලි මීටින්ස් වලට ගියා තමයි. ඒත් මං හිතුවෙ නෑ කවදාවත් ඔයා මෙහෙම හිතයි කියල..

එතකොට අර අමරපාල කියල තියෙන්නෙ බොරුද??පාලිත අමරපාල පාවා දුන් නේ ඒ කතාව බොරුනං අමරපාල සැබැවින්ම මිත්‍ර ද්‍රෝහියෙක් බව සිතමිනි.

හුම් හෙනං අමරපාල තමයි කෙරුම...අමරපාල වැඩක් කරන්නෙ නෑ හරියට. කරන්න දන්නෙත් නෑ. කොහෙන්ද පහත් වෙච්චි එකක්. ඔයා ගෙ යාලුවෙක් නිසා මට බනින් බැරි නිසා මං අර මැනේජර් කුකුලට කියල දවසක දෙකක් මිනිහට අවවාද කලා. එයාල පිස්සු කෙලියම පාලිත අපි වග  කියන් ඕනි. ඔයා දන් නෑනේ ඒව..ඒ මිනිහ ඒකෙ තරහට වෙන් ඇති එහෙනං...

යලි පාලිත කටහඬ අවධි කරයි..
එතකොට ඔයා එයා එක්ක ගියෙ මීටිංස් විතරයි?....

ඔයා ඔහොම අහන්කොට අනේ මන්ද පාලිත...අපි යන්නෙ ඔෆීෂියලි වෙහිකල් වල..ඒවට ඩ්‍රයිවර්ස්ල ඉන්නවා. දැං අර කොස් කටිං නිසා අපි දෙතුන් දෙනෙක් එක වාහනේ යනවා. එවට  ගිහිං එන වෙලාවට සමාරවිට අපි පොඩියක් නැවතිලා කන්න හෙම යනවා. ඔයා දන්නවනේ ඒව ගැන...
ඒත් මං හිතුවෙ නෑ පාලි ඔයා මේ වගේ හිතයි කියල...

ඉන්පසු පාලිත ගොස් ඩීවිඩි තැටිය ගෙන  ආවාය. මෙන්න මේ මගුල බලල තමයි මට ඔක්කොම  වැරදුනේ. ඕක ඔයාත් බලල ඉවරුනාම දෙන්න ඕක මං කුඩු කරල දානවා. මොකෙද්ද රාල කෙනෙක් සම්බාවිය පිලිම් කියල ගෙනත දුන්න. ඕකෙ තියෙන්නෙ ගෑනු කෙනා වෙන මිනිහෙක් එක්ක යන එකක්...මං මේ බීපු නිසා කියනව නෙමෙ..
පාලිත උමතුවෙන් මෙන් ඩී වී ඩී එක සිය බිරිඳට දුනි...

පසු දින අමාලි කතා කල මුත් එය පෝන් එකේ බ්ලැකි ලිස්ට් කරන ලදී. වෙනදා මෙන් නොබී හොඳ සිහියෙන් පාලිත ගෙදර ආවේය. එනවිට බිරිය කුසුම්ද ඇවිත් තිබුනි..මොකද මේ අද ඔයා පහටත් කලිං...පාලිත ඇසීය
ආ ඇයි පහට කලිං අපිට එන් තහනම්ද...
ඉන්පසු තේ එකක් සාදා ගෙන කුසුම් ආවේ පාලිත ළමයා සුරතල් කරනා අතරය. ඇය දවස පුරා කල කී දෑ අනං මනං පියාට කියමින් තොඳොල් වෙයි.. මේ මංම ඔයාගෙ ඩීවීඩි එක කුනු බාල්දියට දැම්මා.
 තව මාස තුනකින් මං වෙන බෑංක් එකකට යනවා. යාලුවෙක් කතාකරනව දැන් මාස ගානක ඉඳල..මං බෑ කිය කිය හිටියෙ. ඒත් මේ පැණි මැනේජර් එක්ක හිටියොත් ආයෙත් අර සමහර අයට ලේ කෝප වෙයි නේ..
යැයි කීවේ පාලිත දෙස හොරැහින් බලමිනි.
දරුවාට පසල් එකක් හදන්ට දී තිබුනි.. තේ කෝප්පය හා කුසුම් සමඟ කුස්සියට ගිය පාලිත කුසුම්ව බදා සැර ජාතියේ උම්මා එකක් ඇයට දුන්නේය. විකාර අනේ ළමය බලාගන්නෙ මෙතනද??  දුවනව යන්න..කුසුම් කීය..ඔහු වාඩි වී හැමදා උදේට පොල්ගාන හිරමණය පසෙක මේ කෙලිය යන්තම් බලා සිටියාය.

5 comments:

  1. සැහ්.. මේම වෙනව නන් මරුනේ ඕයි...ඉතින් ඊට පස්සේ.......

    ReplyDelete
  2. මන් හිතුවෙ කඩු ෆයිට්, පොලු ෆයිට් එහෙම ඇති කියලයි.. චිහ්...

    ReplyDelete
  3. මදි මදි! ක්ලයිමැක්ස් එකේ ඔය වෙනියා කියපුව තියෙන්න ඕන..මල් ගස් වටේ දුවන්න ඕන..අර සීන් ඕන...ඒවා නැතුව කොහෙද බං කතා?

    ReplyDelete
  4. උඹත් නිකම් ගංජ ගහන්න දීල බයිල සී.ඩී එකක් දැම්ම වගේනෙ ආතල් කඩන්නෙ. අයියෝ සල්ලි........

    ReplyDelete