Sunday, November 4, 2012

මං ආස ගායෙකයෙක් amila indrajith

අමිල ඉන්ද්‍රජිත් කියලා ගායකයෙක් ඉන්නවා. එයා සිරස සුපර්ස්ටාර් වල ගීත ගායනා කලා. අවාසනාවට අමිල ඒකෙන් කැපුනා. අමිල කියන්නෙ සංගීතය ගොඩක් දුරට හදාරපු කෙනෙක්. රත්මලාන අන්ධ විද්‍යාලයේ ඉගන ගන්න ළමයින්ට සංගීතය ඉගැන්වීමේ දුෂ්කර ව්‍යායාමයට කරගහන්නෙ අමිල ඉන්ද්‍රජිත්..

අමිල ගැන මට ආරංචි වෙලා තියෙන මාර්ග ගනනාවක් අනුව අමිල කියන්නෙ නිරහංකාර චරිතයක්..
අමිල ගැන විනිශ්චයක යෙදෙන විනිෂ්චය මන්ඩලය ඔහු හොදයි කියනවා...ඒත් අවාසනාවට එස් එම් එස් මදි වෙලා අමිල කැපෙනවා. 
ඒත් ඒ විනිශ්චය මන්ඩල ටිකය්..ඒ අය දෙන ටෝක්ස් ටිකයි දැක්කම ම ක දැනෙන්නෙ එර්දි වෙලා අහසින් යන සෘෂිවරයෙක්ට ගස් උඩ ඉන්න වඳුරන්ගෙන් බණ අහන්න වුනා වගේ හැඟීමක්.. 


අමිල මේ ගීතය ගායකයාටත් වඩා හොඳට කියනවා කියලයි මට හිතුනෙ..
අමිල ගැන සංවේදී සටහනක් දිවයින පුවත්පතේ අන්තර්ජාල සටහනක තියෙනවා...ඒක තමයි මේක..ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්තයා ලියපු එකක්.. 

ම්ම් තව ඉතිං කස්ටිය ආසනම් අමිලගේ සිංදු බලන්න යූ බටයේ අමිලව සෙයා බලන්න..එයා ඉන්නවා..අයියෝ සල්ලි කියලා නිකං ඉන්නෙ නැතුව සිංදුවක් දෙකක් අහලා... අපේ සුපර්ස්ටාර් වලිං කැපුන...ඒත් නියම ස්ටාර් කෙනෙක්ගේ අලංකාර හඩින් සිංදුවක් දෙකක් අහලා යන්න.. 

අපි නිකමට හිතනවා මේ යුටියුබ් වලින්.. ෆේස් බුක් වලින් බ්ලොග් වලිං හැංගිලා ඉන්න අය ඉස්සරහට එනවා කියලා.ඒක බොරුවක්... මේ බොරු අන්තර්ජාල නලේට අමිලව කිසිම වටින කෙනෙක් නෙමෙයි... 
 යූ බටේ එයාගෙ සිංදු අහලා තියෙන්නෙ සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා අඩු පිරිසක් තමයි..

සමහර විට අමරිකාවෙ ඉදලා ලංකාවෙ ගෑනු කතාකරන විදිය ගැන ලංකාවෙ අම්මලා හිනාවෙන විදියට ගැන ගොං ජෝක් එකක් කලා නං අමිල අද විශාල ජනප්‍රිය කෙනෙක් වෙලා ඉඳී..

ඒත් සුපර්ස්ටාර් ගැන අමිලම කියපු දෙයකින් මම සටහන අවසාන කරන්නම්.
"වවුලගේ මඟුල් ගෙදර යනවානම් එල්ලිලා ඉන්න වෙනවා. එස්‌.එම්.එස්‌ වලින් තීරණය වන තරගයකට මම ඉදිරිපත්වෙනවා නම් ඒ තීරණය දරාගන්න බලාගෙනයි යන්න ඕනෙ. එච්චරයි"

10 comments:

  1. හදවතට වැදුනා මේ ලිපිය. ඒ ගැන අගය කරමි.
    //අපි නිකමට හිතනවා මේ යුටියුබ් වලින්.. ෆේස් බුක් වලින්, බ්ලොග් වලිං හැංගිලා ඉන්න අය ඉස්සරහට එනවා කියලා.ඒක බොරුවක්... මේ බොරු අන්තර්ජාල නලේට අමිලව කිසිම වටින කෙනෙක් නෙමෙයි...//
    මෙතනද නම් තමන් ගේ දේ ජනප්‍රිය කරගන්න තමන් දැනගන්න ඕන.ඕනම සමාජ ජාලයක ජනප්‍රයත්වය පවත්වාගන යන්න අයිතිකරුවන් දැඩි වෙහෙස්ක් ගන්නවා. එහෙහ ට්‍රයි එකක් දෙන්න. අපිත් හැකි උදව්වක් දෙන්නං.
    මම සමකය වටේ (samakaya wate) දුවන
    එකා

    ReplyDelete
    Replies
    1. නලීන් අයියගේ කතාව හරි... සුපර් ස්ටාර් බලන්නේ නැති නිසා මම මේ නම ඇහුවෙත් අදයි...

      මේ කාලයේ හැටියට තමන්ගේ වැඩකට පොඩි හරි පූචාරයක් දෙන්න, කරන කෙනාට පුළුවන් නම් ඒ දේ ජනප්‍රිය වෙනවා... මොන දේ උනත් ඒක වලංගුයි..

      දැං මේ පෝස්ට් එකම උනත් ඔය යූ ටියුබ් ක්ල්ප් එක බලන අය වැඩි කරන්න හේතුවක් වෙයි...

      Delete
  2. මං අමිලග හැම සිංදුවක් වගෙම අහලා තියෙනවා. මෙයාගෙ දක්ශතාවය තියෙන්නෙ කඩහඩවල් කිහිපයකින්ම ගායනා කරන්න හැකි කම!

    ReplyDelete
  3. "වවුලගේ මඟුල් ගෙදර යනවානම් එල්ලිලා ඉන්න වෙනවා. එස්‌.එම්.එස්‌ වලින් තීරණය වන තරගයකට මම ඉදිරිපත්වෙනවා නම් ඒ තීරණය දරාගන්න බලාගෙනයි යන්න ඕනෙ.

    මෙන්න මේ කතාවනම් සම්පූර්න වලංගුයි සුපර්ස්ටාර් වගේ තරග වලට සහභාගි වෙන අයට.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි මේ සටහනට.

    ReplyDelete
  5. අමිලගේ ගීත කීපයක්ම මාත් රස විද තිබෙනවා.
    සුප්‍ර ස්ටාර් වල මුලින් මොහු දිහා විනිසුරු මඩුල්ල බැලුවේ විහිළු කාරයෙජ්ක් දිහා බලන හැටියට,
    මටනම් මොහු ඉතා වටිනා ගායකයෙක්

    අන්ධ විද්‍යාලයේ ගුරුවරයෙක් කියන එක නම් දැනගත්තේ දැන්. මෙහෙම මිනිස්සුන්ට සමාජයෙන් ලැබෙන දිරිගැන්වීම ඉතා දුර්වලයි

    ReplyDelete
  6. හොඳ හඩක් තියන ගායකයෙක් . ගීතය රස වින්දා . සටහනටත් ස්තූතියි .

    ReplyDelete
  7. අමිල කියන්නෙ ඇත්තටම හිත හොඳ දක්ෂ ගායකයෙක්.

    ReplyDelete
  8. අමිල සේවය කරන රත්මලානෙ අන්ධ විද්‍යාලයේ මගේ යාලුවෙක් වැඩ කරනවා. අමිල ඉවත් වුනු වටයේ, ඔහුව ඊළඟ වටයට ගන්න SMS ගහන්න අපි එදා රෑ අන්ධ විද්‍යාලයට ගියා, අපේ තව යාලුවෝ කීප දෙනෙක් එක්ක. තමන්ගෙ එකාව ගොඩ දාගන්න විශාල ප්‍රමාණයෙන් SMS යවනවා කියන එක හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක් වුනත්, එදා රෑ අමිල වෙනුවෙන් අපිට ඒක කරන්න වුනාම, මට ලොකු කළකිරීමක් ඇති වුනා. අමිල කියන්නේ සැබැ දක්ෂයෙක් බව දන්න නිසා, එහෙම කෙනෙක් ගොඩ දාගන්න ඒ වගේ දෙකයි පනහේ වැඩක් කරන්න මටත් දායක් වෙන්න වුනා කියල හිතුන නිසා කියල මම හිතන්නෙ.

    ඔව්, අමිල කියන්නෙ හිත හොඳ එකෙක්. :)

    "සමහර විට අමරිකාවෙ ඉදලා ලංකාවෙ ගෑනු කතාකරන විදිය ගැන ලංකාවෙ අම්මලා හිනාවෙන විදියට ගැන ගොං ජෝක් එකක් කලා නං අමිල අද විශාල ජනප්‍රිය කෙනෙක් වෙලා ඉඳී.."

    මේ කියන්නේ "ජෙහාන්" ගැන. සැකයක් නෑ. :D අමිල ගැන ඔබ කියන සියලුදේට මම එකඟයි. හැබැයි ඔබ ජෙහාන්ව අමිල එක්ක සංසන්දනය කරන එක කොච්චර සාර්ථකද කියල මම දන්නේ නෑ. "ජෝක්ස්" කියන ඒවා ඉක්මනට මිනිස්සු වැළඳ ගන්නවා කියන එක ඇත්ත. ලංකාවේ මධ්‍යම පාන්තික "පොෂ්" ස්තරයේ ජෙහාන් ජනප්‍රියයි (ඒ පොෂ් ස්තරයෙම නොවුනත්, මමත් මධ්‍යම පාන්තිකයෙක්. ජනප්‍රිය වෙන හොඳ, නරක, මිශ්‍ර, දේවල් අත් දකින්න අනිත් වුන්ට වගෙම මටත් පුලුවන් වෙලා තියෙනවා.). "කඩු ජෝක්ස්" වීම ඊට ප්‍රධාන හේතුවක් හැටියට මම දකිනවා. මෙතනදී, ඔබ ඔහු ගැන සඳහන් කරමින් කියන්න උත්සහ කරන දේ සහ මම හිතන සමහර දේවල අතර යම් එකඟතාවයක් තියෙනවා කියල මට හිතෙනවා. කොහොම වුනත්, අන්තර්ගතයේ කුමක් හෝ "කොලිටියක්" තියෙනවා කියල දැනුනොත්, ඒ දේ කවුරු කලත් අගයන්න මම සූදනම්. ජෙහාන්ගෙ වීඩියෝ වල (සියල්ලෙම නොවේ) ගොන් ජෝක් එකකට වඩා දෙයක් මම දකිනවා. ජෙහාන් සහ ඔහුගේ පිරිස, ඇතැම්විට, අතිශයින් ජනප්‍රිය වෙච්ච "අපි නොදන්න ලයිව්" වැඩසටහන මට මතක් කරල දෙනවා. අ.ල. කියන්නෙ මට නම් එළ වැඩක්. උන් ඒ සංකල්ප කොහෙන්ද ගත්තේ, පිටරටින් කොපි කළාද වගේ දේවල් මට එතරම් වැදගත් නෑ (ඒ කරන දෙය අපේ පොළොවට, අපේ ඔලු වලට හරියන විදියට බස්සන තුරු.). ඒ තමයි මම ඒ දේවල් ගැන හිතන විදිය. :)

    ජෙහාන් ගැන දන්නේ නැති උදවියට.
    http://www.youtube.com/jehanr
    https://www.facebook.com/JehansVideos

    ReplyDelete
    Replies
    1. අපි නොදන්න ලයිව් වල යටි පෙල අරුත බැලුවොත් ඒ තුල තියෙන්නෙ හුදෙක් චූටි මල්ලි සහ පොඩිමල්ලි ජනප්‍රිය වීමට වඩා යට දෙයක්..
      සමස්ථ සමාජය තුල රූපවාහිනිය මගින් ඇතිකල බොරුව සහ සමාජයේ බොරු සහිත තැන් කදිමට අල තුලින් විද්‍යාමාන වෙනවා..

      නමුත් ජෙහාන් ආර් හිනාවෙන්න හදන දේවල් දිහා බැලුවාම ඒවා සමහරක් අපේ ආසියානු සමාජයටම ආවේනික දේවල්...
      ජෙහාන්ගේ වීඩියෝ තව දුරටත් ලෙක්ස්ටර් ජේම්ස් පීරිස් හදපු කොළඹ සන්නිය වගේ හිනාවෙලා බඩඅල්ලගන්න පුලුවන් මට්ටමක නෙමෙයි තියෙන්නෙ...
      මම පුද්ගලිකව සිතන විදියට මේ තරම් සෞන්දර්යාත්මක ලංකාවෙ සිනමාව විිදියට ලෝකෙට යන්නෙ ලංකාවෙ ඉතාම සුලුතරයක් ගැන කියවෙන අමුතු ජාතියෙ චිත්‍රපට...අමුතු ජාතියෙ කලාකෘති තමයි ලංකාවෙන් ගිහින් පිටරට සම්මාන ගන්නෙ..

      ඒ වගේ ජෙහාන් ලත් නිකං අපිව ලෝකෙට පෙන්වන්න යන්නෙ නිකං බාගෙට පරිණාමය වෙච්චි ජාතියෙ මිනිස්සු විදියට...ජෙහාන් අපේ පැත්තෙන් වාඩිවෙලා අමරිකානුවන්ට හිනා වෙලා තියෙද?
      මම නම් එහෙම වීඩියෝ ජෙහාන්ගෙන් දැකලා නැහැ...

      Delete