Thursday, November 15, 2012

ඇගේ වෛරය (Ege Y raya)

ඔය සුසිනිදු දැත් වලට
මගෙ යටි බිම අහුවුනා
දෝර ගලා ගිය වතුරට
පටිවත මගෙ සේදුනා..

චිකන් බාගෙ මැදට තියන
රයිස් එකක් හිමිවුනා
කලුවර වී ගෙදර යන්න
රෝද හතරකුත් ලැබුනා..

මහත්තයගෙ සපත්තුවේ කුනු ඇරියා මං
උන්නාන්සෙ පිරුවටයට සැරසූයේ මං
කන්න බොන්න උයල ගිහිං ලගට දුන්නෙ මං
අවසානේ යටිතල පහසුකම් වුනෙත් මං..

සල්ලි කඳක් උඩ ලස්සන පීනුවාට ඔබ
සේද සිනුදු වස්තු සියල් සපිරුනාට බොට
නේක ගෑනු අරං ගෙනත් තිබුනට සුර සැප
මේ කලු කෙල්ලගෙ බඩටාත් නැංග නේද උඹ

ආල වදන් කෝල බැලුම් නොදැකාම
පාල සිනා දාලා තග මගෙ ගාව
රාල වගේ ඇවිදින් ඌ මගෙ ලඟට 
දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..

14 comments:

  1. උඹට මේව කොයිබින් පහලවෙනවද මංද

    ReplyDelete
  2. එල කිවුවා ඈ...........!!!

    ReplyDelete
  3. මේ සත්‍ය සිදුවීමක්ද බං??

    ReplyDelete
  4. කළු දොදොල් රහයි කියනවනේ

    ReplyDelete
  5. පට්ට
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  6. කමෙන්ට් දැම්මට වැඩක් නෑනේ ඒව බලන්නේ නැනේ.....අන්තිම වතාවට..
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
  7. අනර්කෙලී ආවත් වෙන්නේ එකය
    ගෙදර ඉන්න මෙහෙකාරිත් එකය
    කියලා දවසක් මාමෙක් කිව්වා මත-ක-ය
    එහෙම කිව්වේ දුව කැත වැඩි හින්දාය

    ReplyDelete
  8. //දාල ගැම්ම දුනි යටි කය සිරවෙන්ඩ..//

    උඩින් මුකුත් වෙලා නැතෙයි ?

    ReplyDelete
  9. කොහොමත් තැලෙන්නේ පොඩි තැන

    ReplyDelete