සංචාරක ව්‍යාපාරයේ ආයෝජනය කරන ලද මුදල්.
බඩ ඇල්ලීමද දරුවන් වඩාගැන්මද, දරුවන්ට ආදරේ කිරීමද,තමුන්ගේ බලය රැකගැන්මට නොයෙක් අයුතු ක්‍රියාවල නිරත වීමද, විවිධ සංදර්ශන දැමීමද රාජ්‍ය පාලකයෙක් විසින් සාමාන්‍යයෙන් කරන දේවල් වෙති. නමුත් ඒ තරමින්ම රාජ්‍ය පාලකයාට දිගුකලක් වාසි ආත්කරගත නොහැක. කිනම් වූ වැඩකොටසක් රාජ්‍යය වෙනුයෙන් හේ කළමනාය. හේ තෙමේ දැඩි ලෙස ආත්මාර්ථකාමී වී තමුන්ගේ වස්තු දේපල තන්හාවෙන් තමුන්ගේ පවුලේ අයටත් තමුන්ගේ අවට අයටත් හොඳින් සලකන අයෙකු වුවත් ඒ සැමෙග් යහපත තකා කල යුතු නොකල යුතු වැඩකොටසක් ඇත. තේරෙන බසින් කීවොත් වට්ටිය ලැබුනාට එයට වටින මැනික් එන්නට නම් කාරණා බොහෝ ගනනක් සපුරා ලිය යුතුයැ. දේශපාලනය යනු තමුන්ගේ උදර පෝෂණය සහ ව්‍යාපාර කිරීම පමණක් වුවත් ඒ දෙයැහි සාර්ථක වීමද යම්තාක් දුරට අමාරු කාරණාවකි.
සංචාරක කර්මාන්තය.
අපගේ රට තුල තිබූ වැඩි සල්ලි බොහොමයක් පසුගිය කාලයේ සංචාරක ව්‍යාපාර වෙනුවෙන් වියදම් කරනු පෙනුනි. සමහර දේශපාලකයෝ එළි පිටම සංචාරක වටිනාකම් සහිත ඉඩ කඩම් අත්පත් කරගැන්ම, ඒවා වෙනත් මිල වලට විකුනුම ආදිය කලෝය. නමුත් සංචාරකයින් යනු ලංකාවේ පොල් මදි වූ විට කේරලෙන් කන්න බැරි පොල් ගෙන ඒම තරම් සරල කාරණාවක් නොවන බව අපේ ඇත්තෝ අවබෝධ කරගත්තේ නැත. රටට පැමිණෙන සංචාරකයින්ගෙන් ලැබෙන රුපියල් මිලියන ගානක් වන ධනස්කන්ධයට වඩා රජයට ප්‍රාෙද්ශීය දේශපාලකයින් වටිනා බවක් පෙනේ. ප්‍රාෙද්ශීය දේශපාලකයින් යනු යලිත් සෙවිය නොහැකි ඉතාම දුර්ළභ රතු දත්ත වලටද ඇතුල කල යුතු තරමේ මනුෂ්‍යෙයා් ජාතියක් ලෙස ආන්ඩුව සිතති. ඔවුන් කිනම් වූ පල් ක්‍රියාවන්හි නිරත වුවත් ඔවුන් ගැන තැකීමක් නොකරන්නේ ඔවුන් නැති වුවොත් මැතිවරණයකට එන්නට කිසිවෙකු නොමැති නිසා යැයි මැදහත් ලෙස බලන අයට පෙනේ. ලංකාවට එන සංචාරකයින් බොහොමයක් පැමිනෙන්නේ විසාල හෝටල වල නැවතී කන බොන අය නොවේ. එවන් රාජකීය සංචාරකයින් එන යන තැන් ලෝකයේ ප්‍රසිද්ධව ඇත.
මෙහි එන කුඩා වියදමකින් සංචාරය කල හැකි සංචාරකයින් සහ මෙහි කලක පටන් පැමිණෙන සංචාරකයින්ට තෘප්තිමත් විය නොහැකි මට්ටමේ වටපිටාවක් නිර්මාණය වූ කල බොහෝ දියුනු රටවල් සංචාරකයින්ට නුසුදුසු කලාපයක් ලෙස මෙය නම්කරන ලදී. අප්‍රිකාවේ දරුණු ගෝත්‍රිකයින් වෙසෙන කැලෑ වලටද සංචාරකයින් යනවා නම් මේ ධර්මද්වීපයට නොපැමිනෙන්නේ සංචාරකයින්ගේ කුඩුකේඩු කම නිසා යැයි කෙනෙකු සිතනු ඇත. නමුත් එසේ දැඩි අවධානමක් දෙන සංචාරවලට කැමති ඇත්තෝ වෙති. ඔවුන් ආයුධ මානාගෙන සියල් සූදානම්ව ඒ රටවලට යති. ගෝත්‍රිකයෝ මං පහරන්නෝ සිටින රටවලට යනවාට වඩා දේශපාලන අනුග්‍රහය ලබන අපරාධකරුවන් සිටින රටවලට යෑමට සංචාරකයෝ මනාප නැතුවා විය හැක. නඩු සහ බඩු හාමුදුරුවන්ගේ වන කල තමුන්ට අපරාධයක් ඇස් පනාපිටම සිදුවී තිබියදිත් අධිරාජ්‍යවාදී දේශද්‍රෝහී කුමන්ත්‍රන කරුවෙකු ලෙස හංවඩු ගැහී රටින් පිටවන්නට කැමති සංචාරකයින් වෙත්නම් ඒ අතලොස්සකි. ඒ වැනි සංචාරකයෝ වෙත්නම් ඔවුන්ද එවැන්ම කපටි කමේ සහ මැරභාවයේ අගතැන්පත් සංචාරකයෝම විය යුතුයැ. එවැනි අය මෙහි පැමිණියොත් වෙන සන්තෑසිය නැවත විස්තර කිරීමට අවශ්‍ය නොවනු ඇත.
කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදන බොහෝ මුදල් වලිං වාසියක් වෙන පාටක් නම් පේන්නට නැත. ඒ යොදන මුදල් කවර ආකාරයකින් මහජනයා වෙතින් සූරා කනු ලැබුවත් ඒවා සඵලදායක විදියට යෙදවුනේ නම් එයින් වාසියක් නැවත අප මහජනයා අතරම වෙසෙන සුළු පිරිසකට හෝ අත්වනු ඇත. නමුත් අද වී ඇත්තේ සොරාගත් හකුරු මුල වක්කඩේ හැංගූ කල වූ සන්තෑසිය වැනි එකකි.
උතුර
අත්පත් කරගත් නව මිල අඩු භූමියෙන්ද යටහත් පහත් වූද කීකරු වූද ලාභ ශ්‍රමයෙන්ද යුතු වූ උතුරු ප්‍රෙද්ශයේ වාසියක් ලංකාවේ රජය අත්පත් කරගත්තේ නැත. ඇඟලුම් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍ර ලංකාවේ ශ්‍රමය මිල වැඩි නිසා බංගලිදේශය උගන්ඩාව කරා ගියේය. සිලෝන් තේ වලට වඩා ගුණාත්මක අතින්ද මිලෙන්ද අඩු වූ නිසා අපේ තේ වෙලඳාමද වෙනත් රටවලට සින්න විය.
මීට වසර සිය ගනනකට පෙර අපේ රට පරජාතින් අල්වාගත් ගත්තෝය. ඔවුන් මුලින්ම අල්ලාගත්තේ මුහුදු බඩ පළාත්ය. ඒ මුහුදුබඩ පළාත්වල වැවිය හැකි මනා කිසියම් වූ සුවල්ප බෝගයක් විණිද ඒ බෝගයෝ සුද්දන් විසින් වවන ලදී. අම්බලන්ගොඩ සිට බොහෝ ඈත රට තුලට යන්නටද සුද්දෝ කුරුඳු වගා කලෝය. හම්බන්තොට පැත්තේ පොල්,පැඟිරි වැනි දේ වගා කලේය. එසේ අත්පත් කරගත් බිම්වල වැඩකිරීමට ලංකාවේ කම්මැලි මිනිසුන් අකමැති වූ කල රටින්ද සෙනග මෙහෙ ගෙනාවෝය. නමුත් උතුර අත්පත් කරගෙන එය සැමරීමත් එය මහා ජයක් කොට වාදනය කරමින් දේශපාලන වාසි ලබාගැන්මත් විනා සැලකිය යුතු වටිනා කිසිවක් මේ අත්පත් කරගත් බිමෙන් ලබාගැන්මට වත්මන් පාලනය අසමත් වී ඇත.
අතරින් පතර මිදි, කෙසෙල් ආදියද එලවලු වගා කරනවා යැයි විසල් දැන්වීම් දැමුවාට 1990 දශකයේ එක්වරම තේ වෙනුවට ඇඟලුම් රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගය වූවා සේ වෙනසක් රටට දැනෙන වෙනසක් නම් සිදු වුනේ නැත. දැන් උතුරේ සිටි දෙමල කොල්ලන් සහ කෙල්ලන් කොළඹ පැත්තේ හෝටල වල කොත්තු ගහන්නට ආප්ප දාන්නට හෝ වෙනත් කම්කරු රාජකාරි සඳහා පැමිණෙමින් පවතී. රජය විසින් යම් කිසි වැඩපිලිවෙලක් පුද්ගලික අංශය සමග එකතු වී හෝ සිදුකලා නම් ඒ ලාබදායි ශ්‍රමය උතුරේම තිබී බොහෝ කලක් යන තුරු ලාබ ලැබිය හැකි නිෂ්පාදන හෝ වගාවන් කල හැකි වන්නේයැ.
ඉන්දියාවේ බැංගලෝරය යනු මීට විසි වසකට පෙර කිසිවෙකුට වැඩි වැදගැම්මකට ගත් නගරයක් නොවේය. ඒ ප්‍රෙද්ශයේ එකල්හී සිටි පාලකයෝ බුද්ධිමත්ව කල්පනා කිරීම නිසා එතරම් කෘෂිකාර්මික සරු බිම් වලින් ගහන නොවූ බැංගලෝරය අමුතු තැනක් කලෝය. එසේ කිරීම තුල වඩා ලොකු ලොකු වාසි ලොකු තැන්වලට යන්නට ඇතත් එහි ජීවත් වූ මනුෂ්‍යෙයෝ බොහෝ දෙනාට පෙරට වඩා යහපත් දිවියක් හිමිවන්නට ඇත. ඒ තරම් ලොකුවට නොවූවත් අඩුතරමේ උතුරු පලාතේ වැවිය හැකි නව අපනයන බෝගයක් හෝ හඳුන්වාදෙන්ට අපේ පාලක හෝ ව්‍යාපාරික පන්තිය සමත් වූයේ නැත. දැනට ලංකාවේ අතිරික්ත වෙමින් පවතින ආහාර සඳහා වී නිෂ්පාදනය කිරීමට උතුරු පලාතද එක් වූ කල සිදු වූයේ වී මිල කිසිසේත් ඉහල නොයෑමයි. එනම් වී අතිරික්තයක් ඇති වීමයි.
අධ්‍යාපනය
ලෝකයේ මිනිසුන් දැන් ඉස්සර තරම් මැටි නැත. ලෝකයේ මිනිසුන් වැඩිපුරම වියදම් කරන ක්ෂේත්‍රයකි අධ්‍යාපනය. අධ්‍යාපනයේ ව්‍යාපාරික වටිනාකමද තරමක් ඉහල අගයක් ගනී. ලංකාව නිස්කලංකව ඉන්දියාව තරම් නරක ප්‍රතිරූප නැති රටක් වූවා නම් අප්‍රිකානු සහ වෙනත් දුප්පත් ආසියානු රටවල සිසුන් බොහොමයක් අධ්‍යාපනය සඳහා ලංකාව තෝරාගන්නවා ඇත. නමුත් දැන් තත්වය වෙනස්ය. මීට වසර හය හතකට පෙර ලංකාවේ ඉගෙනගන්නට කැමැත්තෙන් සිටි රටවල සිසුන්ට දැන් බොහෝ වෙනත් මාර්ග ඇති වී ඇත. එංගලන්තයේද විදෙස් සිසුන් අඩුවීමක් පෙන්නුම් කරන බව පසුගිය කාලයේ වාර්ථාවල පෙන්නුම් කලේය. එය දරුණු අන්දමේ කඩාවැටීමක් බවද සඳහන් විය.
ලංකාවේද අකුරු දෙකේ ඇමති තුමෙක් සහ ශිෂ්‍ය සංගම් නැමැති ජාතියක්ද නිදහස් අධ්‍යාපනය යන දෙයක් වෙනුවෙන් පයිට් කරන ජාතියක්ද අතර නිරන්තර ගැටුම් යති. නමුත් ඔවුන් දෙතුන් ගොල්ලාම ලෝකයට අවශ්‍ය මිනිසුන් කවරාකාරදැයි වටහාගත් අයුරක් පේන්නට නැත.වත්මන් සරසවි සිසුවාට අවැසි වන්නේ කෙසේ හෝ උපාධියක් සහ රැකියාවකි. උපාධි කඩ කරුට අවැසි වන්නේ කුමක් හෝ කොට කීයක් හෝ අතගා ගැන්මය. අපේ පාලක උතුමන්ලාට කුමක් අවශ්‍යදැයි කිසිවිටෙක පේන්නේ නැත. ඔවුන් විටෙක නිදහස් අධ්‍යාපනය නැමැති යල් පැනගිය හරක් හමට බැටදෙති. තවත් විටක කොහේ හෝ තැනක මූලික තත්වයන්ටවත් අනුකූල නැති උපාධී කඩ විවෘත කිරීම් වලට යති.
ජලයේ ඇති ජපන් ජබර ජලයෙ සෙලවීම් වලට වැනෙමින් අවකාශයෙන් හිරු එළිය සහ වාතයද ජලයේන අවශේෂ ඛනිජද ලබාගෙන සරුවට තැනී එනමුත් කිසිදු ප්‍රෙයා්ජනයක් නැතිව තිබෙන්නා සේ අපේ පාලකයෝද නිරන්තරයෙන් වැනෙමින් සිටිති. විටෙක මල් තැනී අලංකාරවද තවත් විටෙක කිසිම වැඩකට නැති අවුල් රාශියක්ද ඇති කරන මුත් ජබර වලට ඒ අවට දේවල් ගැන කිසිම ගානක් නැත.
බරක් ඔබාමා අමරිකාවේ ඉගෙනගන්නා කොල්ලන්ට කෙල්ලන්ට අන්තර්ජාල පහසුකම ලබාදෙන බවට පොරොන්දු වුනේය. ඔහු කීවේ සමස්ථ සිසුන්ගෙන් සියයට 99කට අන්තර්ජාලය ලබා දෙනවා කියලාය. සමහර විට රෙන්න බරක් හැදුනත් බරක් ඔබාමට දෙහි කපන අය ඒවා දකින්නේ නැතුවා විය හැක. ඒ හරහා පරිඝනක භාවිත කොට වඩාත් සාර්ථක ලෙස ළමයින්ට ඉගැන්වීම් කිරීමට වඩා ළමයින්ට ඉගැන ගැන්මට යොමු කිරීමේ වැඩසටහන් එහි ක්‍රියාත්මක වේලු. ලංකාවේ ළඟදී ප්‍රශ්ණ පත්තරය සමග උත්තර පත්තර බෙදීමකට සම්බන්ධ නිළදාරියෙකු පැවසුවේ ප්‍රශ්ණ පත්‍ර සැකසීම වැරදි වලට බනිනවාට වඩා ප්‍රශ්ණ පත්‍ර මුද්‍රනය බොහෝ සෙයින් අමාරු කාරියක් බවත් ඔවුන් කුඩාකල මෙසේ ප්‍රශ්ණ පත්‍ර නොදී කලු ලෑල්ලේ ටීචර් විසින් ප්‍රශ්ණ ලියා දුන් බවත්ය. මේවා කියන කටද නිදහස් අධ්‍යාපනයේ ඵලයකි. එවැනි නොපැසුනු ඵල නිකුත්කරන වත්මන් නිදහස් අධ්‍යාපන විහිලුව සමහරු දකින විදියට රටට තවමත් සම්පතකි.
නීතිය.
සන්නස්ගල නැමැති පොත් ප්‍රකාශකයෙක් ළගදී ටීවි එකේ සිටියේය. සන්නස්ගල පොත් ගහන්නට ආවේ සිංහල ටියුෂන් කරන්නට ඇවිල්ලාය. මුදලට ශිල්ප දෙන සන්නස්ගලට මා සර් කියා ඇමතිය යුතුයැයි යමෙක් පවසන්නේ නම් මුදලට කුණු මාළු විකුනන මාලු කාරයාටද මා සර් කීමට පසුබට නොවෙමි. ඔහු හා ඒ වාදය මෙහෙයවූ නිවේදිකාව අසන ගැටළුවකට පිළිතුරු දෙන මේ මහා ආචාරියා පවසන්නේ තමුන් වැරදි කරු යයි ඔප්පු කළ හැකි නම් ලංකාවේ ඕනිම අධිකරනයකට ඉදිරිපත් වීමට පොලිසියකට යෑමට ඔහු කැමැත්තෙන්ම ඉදිරිපත් වන බවය. සමහර විට ලංකාවේ දැනට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයට මෙය වනාහි පුදුම සිතෙන අන්දමේ විචක්ෂණ ප්‍රකාශයක් විය හැක. නමුත් රටේ නීතිවලට රෙගුලාසිවලට එරෙහිව යන පුද්ගලයකු අල්වාගෙන දඩුවම් කිරීමට ඔහුගේ කැමැත්ත යන සාධකය තඹ දොයිතුවකටවත් වැදගත් නැත. සන්නස්ගල කිසියම් සිද්ධියකට සැකනම් ඔහු පොලිසියට කුදලාගෙන ආ යුත්තේ රටේ ඈත ගමක කෙහෙල් කැන් සොරකම් කළ පුද්ගලයකු පොලිසියට කුදලාගෙන එන ආකාරයටම මිස වෙනත් ආකාරයකට නොවේ.
මේ ආකාරයටම රටේ බලය හෝ නිලය ඇති බොහෝ අය තමුන්ට නීතියෙන්ද යම් කිසි විශේෂ සැලකිල්ලක් ලැබිය යුතු යැයි සිතති. බොහෝවිට මෙසේ සිතන අය බුද්ධිමතුන්ද උගතුන්ද නමගිය ව්‍යාපාරිකයින්ද වෙති. නමුත් ඉතාම සාර්ථකව නැතත් බොහෝදුරට දැනට අපිට වඩා හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ඉංදියාවේ නම් ඉහල නිලවල මිනිසුන් පවා නීතිය ඉදිරියේ අසරණ වෙනු අපිට විටෙන් විට දැකිය හැක. අපේ රටේ එක් විටෙක යමෙක් පොලිසිය විසින් ගරු සරු ඇතිව පොලිසියට රැගෙන යනවා දකින මුත් එයින් එහාට නම් කිසිවක් වෙන පාටක් නැත.
නීතිය යයි යමක් ඇත්තේ සරල සහ සංකීර්ණ අපරාධකරුවන් වංචා කරුවන් සාමාන්‍ය සමාජය හා ගැටීමෙන් සාමාන්‍ය මහා සමාජයට වෙන අවැඩ දුරු කරලීම සඳහා යැයි මා සිතමි. මේ වංචාකරුවන් සහ සමාජ විරෝධින් කොටු නොවන කල ඔවුන් වංචාවෙන්ම ඉදිරියට එයි. එසේ වන කල සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුරවැසියාටද පෙර කී අහිතකර මූලයන් සහිත සමාජය තුල පැවතීමට නම් එයට අනුගත විය යුතුය. මේ ආකාරයෙන් තවත් වසර කීපයක් පරිණාමනය වූ විට අපේ සමාජයේ සාධාරනය කතා කරන පුළුල් දැනුමක් ඇති මනුෂ්‍යයා ඔල්මොරන්දම් කාරයෙක් හෝ පිස්සෙක් යැය් හංවඩු ගැසී ඉවතට විසි වෙනු ඇත.
පවතින ක්‍රමය අනුව මිනීමස් කන ගෝත්‍රික ජනයා සිටින සමාජයකට සර්වජන ඡන්ද බලය ලැබුනේ වී නම් ඔවුන් අතරින් පත්වෙන්නා අනිවාර්යෙන්ම මිනීමස් කන අයකු විය යුතුයැ. මිනීමස් නොකන අහම්බෙන් ලොවට පහල වුනු පොන්නයෙක් වැනි එකෙක් එවන් සමාජයේද සිටිය හැකි මුත් ඌද නොයෙක් විට මූ නම් පොන්නයැකැ. මූ කෙසේදැ රට පාලනය කරන්නේ, මූ නිකමට මිනීමස් ටිකක්වත් කන්නෙ නැහැ, මිනීමස් නොකන.මිනිමස් රස නොදන්නා දිව කෙසේ ද අපිට උපදෙස් දෙන්නේ යැයි කියමින් ඒ මිනීමස් නොකන්නා සමාජයෙන් කොන් කරති. ඌ කවදාවත් ඒ ගෝත්‍රික කෘෘර සමාජයේ සර්වජන ඡන්ද බලයෙන් නම් බලයට එන්නේ ද නැත.
මිනිසුන් සතුටින් සිටීම තරම් ලාභයක් කිසිම තැනක ලොව නැතැයි බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත. මා කලින් කී ආකාරයට රජය කිනම් සහන දුන්නත් සංචාරකයන් පැමිනෙන්නේ නැතිනම් ඒ වියදම් කල මුදල් ගැන ඒ මහතැන්වලට දුක් වීමට සිදුවෙනු ඇත. මේ දැන් පවතින විදියට ලොකු තැන්ද තමුන්ගේ ලොකු දේවල් තවත් ලොකු කරගැන්මට නොහැකි වීමෙන්ද තමුන්ටද වංචාවන්ට හසු වන්නට වේදැයි බියෙන්ද අසතුටින් පසුවෙති. පොඩි තැන් ටික ලොකු තැන් දිහා බලාගෙන හූල්ලමින් අසතුටින් සිටිති. මේ ක්‍රමය තුල සතුටින් සිටිනවා යැයිපේන මනුෂ්‍යෙයින් බහුතරයක් වෙති. ඔවුන් සතුටින් නැතත් සතුටින් යැයි පෙන්වමින් ඒකාධිපති බලවේගයින්ට දිවා රෑ නොබලා බැලමෙහ කරමින් විසි කරන තුටු පඩුරක් දෙකක් විඳිමින් යෙහෙන් යති. නමුත් සියල්ලෝම තත්කාලීන නවීන ලෝක සමාජයෙන් බොහෝ දුරයැ. එය මෙසේ කීවාට එය අවබෝධ වන්නේද නැති අති බහුතරයක් මනුස්සයෝද අපි සමගම වෙසෙති.

අමිල ඉතාමත් හොඳ විග්‍රහයකි. ඔබ බොහෝ ඉසව් දෙස බුද්ධිමත් අයුරින් විමසුම් නෙත යොමු කොට ඇත.
ReplyDeleteකුරුඳු කතන්දරේ ඇර අන් සියල්ලම සත්‍යයන්ය. දැන් පවතින්නේ කුණුවී ඕජස් ගලන සිස්ටම් එකක්ය. නමුත් එය පිටතට නොපෙනේ. පිටතට පෙනෙන්නේ ඉතා සුළු තුවාලයක් පමණි. එහෙත් ඇට මිදුලුද ආක්‍රමණය කොට අවසානය. මරණය අත ළඟය.
ReplyDelete// සමහර විට රෙන්න බරක් හැදුනත් බරක් ඔබාමට දෙහි කපන අය ඒවා දකින්නේ නැතුවා විය හැක.//\
ReplyDeleteබ්ලොග් ලියන කෙනෙක් ගැනද මේ?
කොහොම වුනත් නියම ලිපියක්
සංචාරකයෝ ගැන නම් මොනවට කියනවද? ක්‍රෙඩිට් කාඩ් වලින් සල්ලි හොරකම් කරන්න,මුලධර්මවදී ආගම් ප්‍රචාරය කරන්න,ගණිකා සේවයේ යෙදෙන්න,නැගෙනහිර පළාතෙ කුඹුරු වැඩ කරන්න,චීන ප්‍රොජෙක්ට් වල වැඩ කරලා උන්ගෙන් ගත්තු ණය ටික ආපහු චීනෙටම ගෙනි යන්න ...ඔව්වට එන කට්ටිය තමා ඔය නයි ටී එන් එකේ එහෙම දෙකෙන් තුනෙන් වැඩි කරල අච්චර මෙච්චර ආව කියල කියන්නෙ.
ReplyDelete