බල්ලෙක් මලකුණක් අදියි. කබරගොයෙක්ද ඒ අවට කැරකෙයි. ස්වල්ප වේලාවකින් කපුටෝද තවත් බල්ලෝද එක්රැස් විය. මල කුණ දවස් ගනනාවක් තිස්සේ තිබූ හෙයින් ප්‍රෙදේශය පුරා දුගද පැතිරෙන්ට විය. ඒ බල්ලෝ බොහෝ දෙනෙක් අයාලේ යන උන් වෙති. උන් බල්ලෝ වූ හෙයින් නිදහස ලැබූ උන් වෙති. උන් සමරහක්ගේ අංගජාතයේ කොටසක් බලු සංරක්ෂකයින් විසින් සොරාගෙන තිබුනේය. කෙසේ වෙතත් බල්ලන් මැරීම තරවදුරටත් ධර්මද්වීපය තුල තහනම් හෙයින් බල්ලෝ අපාසුවෙන් වුවත් ජීවිතය ගෙන යති. බල්ලෝ පහකට එක බැල්ලක පමණ සිටියද බලු ප්‍රජාව සාමෙන් සෙමෙන් ජීවත් වෙති. අයාලේ ගියද දැන් බල්ලන් ගැන එතරම් කලබලයක් සමාජය තුල නැත්තේ හරකුන්ට බල්ලන්ට වැනි සතුන්ට ඇතිවන කරුණාව මේ කල තරමක් දැඩිව පැවතෙන බැවිනි.
අවට පංසලේ ලොකු සාදු හීල් දානය ගෙන අසුනකට වී පුවත් පත්
බලයි. පංසලට යන එන අතර වගුරු සහිත කැලෑබද පෙදෙසින එන ගඳ පිළීබඳ ඇබිත්තයාගෙන්
විමසයි. ඒ අතර කවුරුන්හෝ පන්සලට අමුත්තකු නැතැයැයි සැකහැර දැනගත් පසු සද්දෙන්
පැඩීමද ලොකු හාමුදුරුවෝ කරයි. සද්දෙන් පැඩීමට ලොකු සාදු දක්ෂ බව ගමේම පතල දෙයකි. ඒ
සාදුගේ ආම වාතය එතරම් දුගඳ නොවේ. දුගඳ වූවත් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න උපාසක කැළ එය
ලොකු සාදුට කියන්නේ නැත. ඒ බැවින් පඩ ඇරීම වූ කලී හැමෝටම බැරි වූ
විශේෂ කුශලතාවයක් විනැයි යන මානයෙන් ලොකු සාදු ඇබිත්තයාට පත්තරේ ඇති දේවල්
කියාදෙ න ගමන් සද්දෙන් පඩියි. පත්තරේ බැලීම විතරක් උන් නාන්සේට මදිය. පොඩි නමක් හෝ
ඇබිත්තයකු හෝ වෙනත් අයකු ගෙන්වාගෙන එහි ඇති දෑ ගැන විචාර කරමින් අදහස් ඉදිරිපත්
කිරීම උන් වහන්සේගේ සිරිතය.
ඒ අතර තරමක තරුණ වයසේ වන තරුණ පොඩි සාදු ලැප්ටප් යන්ත්‍රය
ඉදිරිපිටයැ. උන් වහන්සේ එයින් දහම් කාරණා උගන ගන්නවා ඇතියැයි යමකු සිතනවා ඇත. උන්
වහන්සේ අන්තර්ජාල මහිමයෙන් සමාජ ජාලගතව ජාතිය ගොඩ නැගීමෙහි නිරත වෙති. උන් වහ්න්සේ
තම්බින්ට එරෙහි වදන් උඩ දමමින් හුවමාරු කරති. තවත් අදහස්ද එකතු කරති. දැන් උන්
වහන්සේ මනු පොත තුල යම්කිසි පිරිසක් අතර වීරයෙකි. ලොකු සාදු ඉදිරිපිට හාන්සි
පුටුවක සිට පඩින විට පොඩි සාදු කාමරයේ සිට කමෙන්ට කරමින් විවිධ සම්ප්‍රප්ප්‍රලාපයෝ
ෂෙයා කරති. ඒවාට කමෙන්ට ්කරති. මේ දැන් ඒවා කලද මැදියම් කිස පසුවන ජාමයේ මහානුභාව
සම්පන්න ලැප්ටප් යන්ත්‍රෙය යොදාගනිමින් පොඩිසාදු විවිධ වීඩියෝ බලමින් ධාතු
වැඩම්මවීමද සිදු කරයි. සතර පෝයට අයිති දිනක් නම් නින්දෙන් අවධි වූ සිල්ගත් උපාසක
ඇත්තෙක් සාදු සාදු සාදු යැයි සාදුකාර දෙමින් විවිධ ගාථා සූත්‍ර කියමින්
වන්දනා කරන හඩද අවටින් ඇසේ.
පොලිසිය රෑට නිසලය. යායුතු අය යායුතු තැන්වල ගොස් ඇති
අතර වැඩිය එලියට පහලියට යන්නට තරම් සක්තිය නැති වැනි පිරිසක් පොලිසිය තුල නිදි
කිරති. එල්ලා දෙකක් ඇන තඩිගහන්නට හිරි ඇරගන්නටවත් එකෙක් කූඩුවෙ නැත. දැන් සති යකට
දෙකකට එපිට පහර දුන් එකා ආගිය අතක් නැත. ඌ අහිංසකයෙක් විය යුතුය. නමුත් ඌ ගැන
සිතන්නට වෙලාවක් නොවීය. රාජකාරිය යනු රාජකාරියයි. යමෙක් මනුෂ්‍යයින් මැරීම වෘත්තිය
ලෙස කලද එයද රාජකාරියකි. මනුස්සයෝ කොටසකට තවත් පිරිසකට පහර දීමට අවැසි වූ විට
පොලිසිය යොදා ගනී යැයි පොලිසියේ සමහර දෙනෙක් සිතූහ. එබැවින් ඔවුන්ගේ
රාජාකාරිය අනුව හසුවන අයට පහරදීම සහ ඔවුන්ගෙන් අවශ්‍ය වචන ලබාගැනීමද දැන්
රාජකාරියක්ම වී හමාරය. සැකකරුවෙක් නැති පොලිසිය තුල කාන්සිය රජ කලේය. පොලිස්
ඇත්තන්ට වගුර සහ කැලෑබද පෙදෙසින් යන විට දුඟදක් හමනවා යැයි දැනී තිබුනි. ඒත් දුගඳ
ගැන පැමිණීල්ලක් හරියට නැති බැවින් කිසිවෙකු ඒ ගැන උනන්දු වූයේ නැත.
දවසක් දෙකක් ගත විය.
වගුර අසල ගඳ වැඩිවිය. මිනිහෙක් මැරිලාය. මැරිලා ඇත්තේ
මිනිහෙක්දැයි සොයාගත නොහැකි තරමට ඒ මිනිය කුණුවෙලාය. මිනිය ගැන පොලිසියට ආරංචිය
ලැබුනි. සිරුරේ තිබූ කමිසයෙන් එ් මිනිය හඳුනාගනු ලැබීය. මැරී ඇති එකාට ඒ හැටි
නෑයෝ නැත. අනික මැරිච්චි එකාට හොරකම් චෝදනාවක්ද තිබී ඇත. හොරකම් චෝදනාවක් සහ කඩයක්
ගිනි තැබීමේ සිද්ධියකට සම්බන්ධ යැයි මේ මැරිච්ච එකා අහුවෙන ලදී. පසුව ඒ ගින්න
විදුලිය නිසා ඇතිවුවක් බවත් හොරකමට මේ අයගේ සම්බන්ධයක් නැති බවත් පොලිසිය විසින්
සොයාගන්නා ලදී. නමුත් එවිට අවට ගම් හත අටකම මේ මිනිහා හොරා යැයිද කඩේ ගිනිතිව්වේ
මූ යැයිද විස්තර පතල වී තිබුනි.
කෙනෙක් මෙය දුටුවේ වරදකාරයාට සමාජයට මුහුන
දිය නොහැකි වී කරගත් විපතක් වශයෙනි. මැරුන එකා මැරී තිබුනේ වස බීලාය. කැලේට ගොස්
වස බී වගුර අසලම මිය ගොස් ඇත. කිසිවෙකුත් නොදුටු මිනිය කුනු වී ගඳ ගසා සතුන්
අදින තුරුම ලොවට රහසක් විය. කැළය හා වගුර අක්කර විශාල ගනනක් සහිත එකකි. එයට
මිනිහෙක් යන්නේ කළාතුරකිනි.
මිනිය සොයාගත් වනම මාධ්‍ය වටවිය. එක් මාධ්‍යකින්
කුඩා නාටකයක්ද මේ හරහා පෙන්වන ලදී. එනම් ප්‍රවෘත්ති අතර යන නාට්ටියට දැමීමට කතාවක්
නැතුව සිටි අයට මෙය කතාවක් විය. ඔහු චූදිතයෙකු වූ අයුරු සහ ඉන් පසු කරකියාගත
නොහැකි තැනට පත්වී අවමානය නිසා සියදිවි නසාගත් හැටි ඒ මහාර්ඝ වීඩියෝ කොටසින්
විරාජමාන විය. ඉරිදා පුවත්පතට තවත් ආටිකල් එකකි. විද්‍යුත් මාධ්‍යට තවත් එක විනාඩි
ගනනකි.
ඒ අතර පැමිණි පියරු තැවරූ මුහුනැති නිවේදිකාව පුක අඹරවන්නට විය. රෙද්ද ඇඳපු
අමාරුවක් නොවේය ඇයට ඇත්තේ රෙද්ද ඇතුලේ අමාරුවකි. ප්‍රවෘත්ති ලොක්කා පෙරදා රාත්‍රිෙය්
අතින් බත් කෑවේය. චිලිපේස්ට් චිකන් හොදි, ෆ්රයිඩ් රයිස් කෑ ඒ අත යන්තමින් හෝදා ගෙන ප්‍රවෘත්ති ලොක්කා නිවේදිකාවට
සැලකීමට පටන් ගති. ලොක්කාගේ අතැඟිලි වල තිබූ මිරිස් සැර නිවේදිකාවගේ යටි බඩ
සිසාරා යන්නට විය. ඒ බැවින් පැය ගානක් ගියද තවම ඒ සුකුමාර යුවතියට දැවිල්ල නම්
නැවතී නැත. කිහිප විඩක් තන නිල්ල හොඳින් සබන් දා සේදුවද දැවිල්ලේ සේයාවක් තවම
ඉතිරිව තිබේ. අද රාත්‍රිෙය්ද හොඳ තරඟයක් තිබුනොත් මේ තනනිල්ල සුව වී යනු
ඇතැයි ඇයට සිතුනි.
පොලිස් මහතුන්, පංසලේ සාදු, ගමේ ප්‍රබූන් ආදිය මේ මිනිසා
ගැන අදහස් කියන්නට විය. සමහරුන් මැරුන පසු වැරදි කියන්නට හොද නැති බැවින් නිකම්
සිටියෝය. එහෙත් කෙනෙක් මේ අවස්ථාවේ වැඩිපුර බර ඇත්තේ මරණකාරයා වැරදිකාරයා යන
පැත්තට බැවින් කට තුල ඇති රබර් නාගයා වන් දිව ඒ පැත්තට හැරවා කතා කලෝය. ඔවුන්
නිවැරදිය. මළ එකා මළාය. දැන ඉතිං අපිවාත්...ගොඩ යන්න එපායැ. මිනිහෙක් වැරැද්දක්
කරලා කොයි තරම් ලෝකෙන් හැංගිල හිටියත් ඉතිං.. අවසානෙ පඩිසං දෙනවා නොවැ. ලොකු සාදු
පොලිස් මහත්තයාට දැනමුතු කමක් දුන්නේය. පොලිස් මහතාද වැරදි කරවුන්ට උඩ එල්ලා
තැලීමද වැරදි කලායැයි සැක සිතෙන අයට බැටදීමද තවත් වරදක් නොවන බැවින් හාමුදුරුවන්ගේ
කීමට. ඒකනං ඇත්ත හාමුදුරුවනේ යැයි උත්තර දුන්නේයැ.
යන්නං එන්නං යනු අහිංසක ගැමියෙකි. යන්නං එන්නං ට ඒ නම
ලැබුනේ දකින දකින හැමෝටම යන්නං මහත්තයා යන්නං නෝනා යැයි කියන්නට වූ නිසාය. දකින්
දකින සියල්ලටම ආචාර කරන්නට ඔහු හුරුවූයේ ඔහුගේ රැකියාවෙනි. හේ තෙමේ කලක් මුර වැඩ
සහ සිකුරිටි වැඩ වල නිරත වූ කෙනෙකි. කලක් වැඩකල කම්පැනියක එන සියලු මහතුන්ට දත්
විලිස්සා ගුඩ්මෝනිං කීම ඒ මුර මහතාට බාර විය. සොරි සොරි මුර ලස්සන මදි සිකුරිටි
මහතාට බාර විය. යන්නං එන්නං දැන් මැදි වියද ඉක්ම යමින් තිබු අයෙකි. එහෙයින් හේ අසල
පොල්වත්තක් බලාගෙන මුර වැඩය නිරත වුනේය. හේ රාත්‍රියට ඇවිද වත්ත වටේ යමින් ඒ
රාජකාරිය කරයි.
යන්නං එන්නං නෝන්ජලයකු වුවත් හිත හොඳ අයෙකි. ඔහු ගමේ
ඕනෑම කටයුත්තකට ඔළුව දාන්නට යයි. කෑමට පමණක් නොව හැකිනම් වැඩ පලද කරදෙන මනුස්සයෙකි
යන්නං එන්නං. යන්නං එන්නංගෙන් රුපියල් දහය විස්ස ඉල්ලාගන්නා ගමේ කෙල්ලෝද සිටියෝය.
කොල්ලන් ගංජා ගහන නිසා කොල්ලන්ට සල්ලි නැහැ මහත්තයෝ යැයි කීමට යන්නං එන්නං ඇඹරුනේ
නැත. නමුත් කෙල්ලන් අනේ අංකල් කීයක් හරි දෙන්ටකෝ අයිස් පැකට් එකක් කන්න යැයි අඹරන
විට යන්නං එන්නං ගේ සිත උනු වේ. ස්ත්‍රි මායමින් එසේ උපයාගන්නා රුපයල් දහය විස්ස
සමහර කෙල්ලෝ පෝන් වලට රී ලෝඩ් ලෙස දාගෙන කොල්ලන් හා කතා කරති.
යන්නං එන්නං හොඳ විශ්වාස වන්තෙයෙකි. ඔහු බොරු කියන්නේ
අඩුවෙනි. කතාවද අඩුවෙනි. නමුත් ඔහු ගැන ඇති විශ්වාසය බිදෙනවාට ඔහු අකමැතිය.
රුපියල් දහයක් නැත්තං ප්ලේන්ටියක් නොබී යනවා මිසක ඔහු කිසිවිට ණය වෙන්නට බිය
විය. ඔහු ණයට ගන්නේ වත්තේ මහත්තයාගෙන් පමණි. ඒ ද කිහිප විටක් පමණි. යන්නං එන්නං
කෑවේ ඔහුගේ ඥාතියෙකු වන ගෙදරකිනි. ඔහු ඒවාටද නිසි අයුරින් ගනන් හිලවු බේරන ලදී. ඊට
අමතරව යම්කිසි නෑයෙකුට විපතක් වුනු තැන යන්නං එන්නං හැකි පමණ මුදලින් සත්කාර කලේය.
සමහරුන්ට අනුව යම් වැටුපක් ගෙන බොහෝ සරලව දිවි ගෙවන යන්නං එන්නං යනු කුනු
පෙරේතයෙකි. නමුත් යන්නං එන්නංට ඔහු ගෙවන විදිය ගැන ලොකු අදහසක් නොවීය.
විජය ස්ටෝස් ලොකු කඩයකි. පළාතටම ඇති විසාල කඩය එයය. රෑ
ජාමේ අවධිවෙන යන්නං එන්නං පොඩ්ඩක් නිදිමත
යන්නත් එක්කලා පාරේ ටික දුරක් ඇවිද ආපසු හැරී යයි. ඔහු මහ රෑ විජය ස්ටෝස් අසල
කලබලයක් දුටුවේය. විජය ස්ටෝස් මුදලාලිගේ ගෝලයින් පිරිසක් කඩේ වටිනා බඩු අයින්
කරයි. මඳක් සැඟවී පැය බාගයක් බලා සිටි ඔහුට ඒවා ලොරියක පටවන අයුරුද ඉන් පසු
කිසිවෙකු කඩයට පෙට්‍රල් දමා ගිනි තියන අයුරුද හොඳින් පේන ලදී. ගිනි ගන්නා අතර
යන්නං එන්නං මතු විය. ඔහු කෑ ගැසීමට පටන් ගත් අතර විජය මුදලාලිගේ ගෝලයින් පැමීන
යන්නං එන්නං ගේ කට වසා තර්ජනය කොට මැරුන් නොකා පලයං බල්ලා.. යැයි කී බැවින් යන්නං
එන්නං ට මරණ බිය ඇතිවිය. ඒ කඩය ගිනි තැබුවේ මුදලාලි හෙංචයියන් විසිනි. බාගෙදා
කඩේ බඩු ටික ඇදගෙන එය ගිනිතියන්නට ඇත්තේ ඉන්ෂුවරන්ස් ලබාගැන්මේ අදහසින් විය හැක.
නමුත් යන්නං එන්නං යනු එයට අහසින් ප්‍රාදුර්භූත වූ බාදාවකි.
පසුදින යන්නං එන්නං ගේ මුර ගෙදර ඉදිරිපට නැවැත්වූ පොලිස්
වාහනයකින් යන්නං එන්නං පොලිසියට ගෙන ගියේය. පොලිසියේදී කම්බි කොකු වල එල්ලන ලද
අහිංසකයාගේ සිරුර විනිවිද පහරවල් එල්ල වන්නට විය. එහෙත් නොකළ වරදකට වැරදි කරුවෙකු
වන්නට යන්නං එන්නංට බැරිය. ඔහු සිය මුනිවත රැකුවේය. රහස් ස්ථානද වෙනත් සංවේදි
ස්ථානද හොඳින් තෙරපනු ලැබුවත් යන්නං එන්නංට කිසිවක් කියන්නට නැති විය. මුලදී ගම පුරා
ආරංචිය ගියමුත් මුදලාලි හෙන්චයියන් හැර කිසිවෙක් මේ සිද්දියට යන්නං එන්නං
සම්බන්ධයක් නැතැයි සිතුවේය. නමුත් මුදලාලි සහ ගෝලයින් විසින් හොර බඩු පොලිසියෙන්
සොයාගෙන ඇතැයි යන විවිධ ආරංචි ගම පුරා පතල කිරීම හේතුවෙන් සියල්ලෝ යන්නං
එන්නං වැරදි කරු යැයි සිතන තැනට දවස් කීපෙකින් ගම පත්විය.
පොලිසිය විසින් මේ අහිංසකයා මැරුනොත් පොලිසියට මහ
අවුලකැයි සිතා ඒ යන්නං එන්නං නිදහස් කලේය.විජේ මුදලාලිගේ අරක්කු මත නොතිබුන සමහර
වෙලාවක පොලිස් මහත්වරුන්ට දුක් සිතද මේ මිනිහා ගැන පහල විය. ඔහුට කන්නට කෑමද විජේ
මුදලාලිගේ ම ගෝලයින් විසින් එවන ලදී. යන්නං එන්නංට කෑම ගෙනත් දෙන්නට එකෙක් හෝ
එකියක් ගමේ නොවීය. විජේ මුදලාලි ඒ තරම් දෙයක් කොරලත් ඌට කන්නෙ යවන්නෙ මක්කටදැයි යන
කාරනාව ගෝලයින්ට ගැටලුවක් විය. නමුත් මේ
සියල්ල නිවැරදිව සිදු වන්නට තියෙද්දි මේ
මූසලයා මොකට පැන්නාදැය ියන ගැටලුව විජය මුදලාලිගේ සිතේද සක්මන් කරන්නට ඇත.
හොඳින් තෙමී ගිය කපුටු පැටවෙකු යන්තමින් තටු සලමින්
යන්නා සේ යන්නං එන්නං දින කිහිපයකින් පසු පොලිසියෙන් නිදහස් විය. කඩේට තේවතුර
බොන්න ගියද කිසිවෙකු යන්නං එන්නං හා කතාවක් නැත. මග යනෙන අයට යන්නං මහත්තයා යන්නං නෝනං..එන්නං මහත්තයා..
මහත්තය වැඩට යනවැයි ආදි වෙනදා යන්නං එන්නං අසන කිසිම දෙයක් නෑසුන කන්ව හැමෝම යති.
ඉඳහිට එකෙක් පල් හොරු එක්ක අපිට මොන ඇයි හොඳයි කංද කියාල කර අරිති. වෙනදා යන්නං
එන්නං ගේ සල්ලි වලින් චොකොලට් කෑ කෙල්ලෝද යන්නං එන්නං අත් හැර යන්ට විය. බත් කන
ගෙදර නෑදෑ ඇත්තෝ පවා යන්නං එන්නං ගැන සැක හිතන්නට විය. කඩේ බඩු කිහිපයක් යන්නං
එන්නං ගේ මුර ගෙයින්ද සොයාගෙන තිබුනි. දවස් කීපයක් තිස්සේ පැමිණි ප්‍රවෘත්ති අනුව
යන්නං එන්නං වැරදි කරුවෙකි.
එක් හිමිදිරි උදෑසනක පොල් වත්තට ගහන්නට ගෙනා වල්නාශක
කුප්පියක් රැගෙන යන්නං එන්නං වගුරු බිමට ඇතුල් විය. මේ කතාව මුල බල්ලන් විසින්
අදින්නේ යන්නං එන්නං ගේ කුනු වූ මිනිය වෙයි.
මේක නේද අර කියපු ටෙලි නාට්‍ය ස්ක්‍රිප්ට් එක?
ReplyDeleteසුපිරියි... රහයි... පට්ටයි...
ReplyDeleteඅයාලේ යන බල්ලෝ නොමරති. උන් සපා කෑ කල එක් සීරම් එන්නත් වේලකට රු30000කට වැඩි වැයකි. ඒ එන්නත් සපයන්නෝ බල්ලන් මැරීමට එරෙහිව සත්ව අවිහිංසා ව්‍යාපාර කරති.
ReplyDeleteකතාව රහයි අග මුල පිරිවැද්දුම නියමයි.
ලොක්කා බල්ලන්ට හරි ආදරෙයි. ඒකනේ අර ගුරුවරිය දන ගස්සපු බල්ලටත්, ආයෙත් නොමිනේෂන් දීලා තියෙන්නේ..
Deleteඑක හුස්මට කියෙව්වා . කතාවේ සැගවු අරුතක් තියනවාද
ReplyDeleteමෙකද මන්දා යථාර්ථය.
ReplyDeleteජොයින්ට් කල ආකාරය උඹේ වචනයෙන්ම කිව්වොත් "ලක්ෂනයි".
ReplyDeleteනොතෙරුන මොකක්දෝ යටි අරුතක් තියනවා වගේ ආයමත් පාරක් කියවලා තේරුම් ගන්න ට්‍රයි එකක් දෙනවා
ReplyDeleteගුණදාස ලියනගේගේ,සුගතපාලද සිල්වාගේ රටාව වගේ.බොහොම අගෙයි.
ReplyDeleteයකෝ උඹ මුළු ගද ගහන සමාජයම අකුරු අස්සට රිංගවලානේ!!! මරේ මරු!
ReplyDeleteමේ වෙච්ච මහන්සියත් කතාවත් අගය කරනවා අමිල...ගොඩක්ම හොඳයි...
ReplyDeleteකියවාගෙන යද්දී අර නූල් කෑල්ල කෙටිකතාව මතක් වුනා... කියවලා ඉවර උනාට පස්සේ හිතුනා මේකේ ඒකටත් වඩා ගොඩක් දේවල් කතාකරනවා කියලා...
ReplyDeleteඅමිලයි
ReplyDeleteමරණයක් වටා ගෙතුණු අපේ සමාජයේ කතාව.... හිතට වදින නිර්මාණයක්
ReplyDelete