එදා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට විරුද්ධ වුන ඩී ඇස් සේනානායක මහත්තයා කිව්වලු අපේ ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් ඉස්සරහට නැතිවෙයි කියලා. බලං ගියාම රට රටවල උපාධි තානාන්තර ගොඩක් නැතිවුනාට උන්නාන්සෙ එදා කියපු ඒ කතාව ඇත්ත. අද පොල් ගහකට ගෙඩියක් කඩාගන්න එකෙක් නග්ගවගන්න හොයන්න නැහැ. ගොඩක් පැතිවල දැන් දැන් කෙකිවලින් පොල් කඩන්න පටන් අරගෙන. කෙකිවලින් පොල් කඩනකොට හෙල්මට් එකක් දානවනම් හොදයි. මොකද කෙක්ක දිගේ පොලේ ඇවිත් ඔලුවට පත බෑ වුනොත් ඉතිං සදාකාලික දුබලතා හෝ පිං කරල ඇත්නම් ඔන් දස් පොට් දිවිය ලෝකෙ යන්න අවස්ථාව ලැබෙන නිසා.
අපෙ මුත්තට තිබුන ටිකක් අක්කර පහ හයක පොල් කෑල්ලක්. ඉතිං අපේ මුත්තගේ මලයා කෙනෙක් ඉදලා තියෙනවා කළුතර බුලත්සිංහල දිහා. මිනිහා ඇවිත් එකපාරක් අයියන්ඩිව බලන්න. ඉතිං බුලත්සිංහල මලයා දැකලා තියෙනවා අපේ මුත්ත පොල් හිටෝල තියෙනවා වත්තෙ. මල්ලි මේ මොකට පොල් හිටවලා.. ඉඳපන් මම ඊලග පාර එනකොට බොට හොඳ වයින් රබර් පැල ටිකක් ගෙනත් දෙන්නම් කියලා කිව්වලු. ඉතිං බුලත්සිංහල රබර් වැවුනට අපේ පැත්තෙ කාස්ටක පොළොවට ඕව හරියනවැයැ. කොහොම වුනත් අපේ ගෙදරත් පොඩියට පොල් වගාවක් තියෙනවාය. කොටින්ම අපේ ගෙදර පොල් වගාෙව පොල් ගස් ගූගල් මැප් එකටත් පේනවාය. අපි දැන් බලමු ගූ මැප් එකෙන් අපේ ගෙදර පොල් වගාව.
හොදටම පෙනුනෙ නැතත් බොහෝ දුරට පොල් වගාවක් කියලා පේන මට්ටමකට තිබෙනවා. ඉතිං පොල් කැඩීම ගැන කතා කරනවා නම් ඉස්සර අපේ වත්තෙ පොල් කඩන්න එන මිනිහා ටිකක් පහල තැනක ඉන්නවා කියලා තමයි සැලකුනේ. පොල් කඩන මිනිහා මිසක් පොල් කඩන මහත්තයා කියලා අපි කවදාවත් කියලා නැහැ. පොඩි කාලෙ වුනත් අපි පොල් කඩන කෙනාට පොල් කඩන මාමා කියල නැහැ. ඒත් අපේ ගෙදර අය ඒ මනුස්සයාට හොදට සලකනවා. කන්න බොන්න දෙනවා. නමුත් ඉතිං ඒ මනුස්සයත් අර පුරුදු රාමුව ඇතුලෙම ඉන්නවා මිසක වැඩිය ඉතිං තැන ලබාගන්න යන්නෙ නැහැ. පුටුවක වාඩිවුනත් ඒ මනුස්සය හොයන්නෙ පොඩි පුටුවක්. ඒත් අපේ පියානෝ හෙම ඕවා වැඩිය තකන මනුස්සයෙක් නෙමෙයි. දැන් නම් පොල් කඩන එකා හොදට ටෝක් කරලා කතා කරනවා වගේ නම් මිනිහාට තේ වතුරු දෙන්න කේක් බිස්කට් පවා ගේන වෙලාවල් තියෙනවා අපේ පියානෝ.
මේ පොල් කඩන මනුස්සයා සමහර උස ගස්වලට නගින කොට මැද ටිකක් නැවතිලා විවේක අරං ආයෙම නගිනවා. ඉතිං සමහර වෙලාවට මේ මනුස්සයා ගහේ මැදක් වෙනකල් නැගලා.. අල්ලපු පංසලෙ ඝන්ටාව පේනවාය කියනවා. ඒ වගේ වෙලාවට උඩ බලාගෙන හිටියොත් කොහොමත් ඝන්ටාවක් දැක ගත හැකි. නමුත් ඉතිං අපි ඒ වගේ වලත්ත වැඩ කොරන්නෙනැහැ ආයිබොවන්ඩ. ඉදලා හිටලා උඩ බැලුවත් තහනම් ඒරියා එක නොසලකා බලන්න වග බලා ගන්නවා.
හැමදේටම යාන වාහන යන්ත්‍ර සුත්තර ඇති වුනා. නමුත් පොල් කඩන්න තාමත් පාවිච්චි කරන්නෙ පරණ ක්‍රමයම තමයි. සාමාන්‍යයෙන් ගහක පොල් කඩනකොට වලු දෙක තුනක් කඩල දානවා. පොල් ගස්වල වේලෙන්න දෙන එක පොල් ගහටත් අස්වැන්නටත් එච්චර හොද නැහැ. පොල් මුරේ ආවම හොදට ගස් ටික සුද්ද කරලා දාන්න ඕනි. දැන් නම් ගස් නගින ඈයො යන්තං ගෙඩිය කඩලා සල්ලි කොලේ අරං මාරු වෙනාව විතරයි. නමුත් ඉස්සර පොල් කඩන මිනිහා ගහට නැගලා කොළපු පරණ අතුකෑලි මටුලු අනම් මනම් අයින් කරලා ගහ හොඳට සුද්ද පවිත්‍ර කරල තමයි බහින්නෙ.
අපේ ගමේ පොල් වත්තෙ පොල් කඩන දවස කියන්නෙ පුංචියට හිටියට අපෙත් හමයන ඒ වගේම ආතල් දවසක්.තාත්තල සීයල අම්මල හෙම නොපෙනන කන් ඉදලා පොල් කඩන මහත්මයාට අපි නොවදින වැදුම් වැදලා යන්තං වෑවරයක් කඩාගන්නවා. සමහර වෙලාවට තාත්ත හෙම ආවමත් වෑවර කඩල දෙන්න කියනවා. නමුත් ඉතිං අපි පොඩි වුනාට බඩ පොඩි නැහැ නෙව. ඒ නිසා එක වෑවරයක් මදි. පොල් කැඩුවාම ඊලගට ඒවා පොඩි ගොඩවල් ගහනවා. පස්සෙ අපේ ගෙදර තිබුනා ඉස්සර අත් කරත්තයක්. අත් කරත්තෙට ගොන්නු නැහැ. අපිම තමයි ඕක තල්ලු කරන්න ඕනි. මට මතකයි රොබින් හුඩ් හෝ වෙනත් පිටරට පරණ කතාවක ඒ වගේ ලී රෝද තියෙන අත් කරත්ත තිබුනා. ඒකට පොල් පටවලා පස්සෙන් කෑලි දෙකක් එකතුවෙලා තල්ලු කරනවා. තව කෑලි දෙකක් ගොනා වගේ අදිනවා.. මෙහෙම එකතැනකට ගන්න පොල් ලොකු ගොඩවල් ගහලා පොල් අතු වලින්ම රළුවට වහලා මාසයක් හමාරක් තියෙන්න ඇරලා තමයි ආයි පොල් බිඳලා කොප්පර හදන්න ගන්නෙ.
ඉතිං ඔය දවස ටිකක්මඩ වෙච්චි වැහි දවසක් කාරිය වුනානම් ඉවරයි ඉතිං. පණ පලයං පෙරේදා කියලා මඩ ගොඩවල් උඩිං අර කරත්තෙ තල්ලු කරන් යන්න ඕනි. ඕ කරත්තෙ තල්ලු කරලා පොල් අදින කාලෙ මම හරි හිච්චි කොල්ලා. මං වගේ හිච්චි එවුං ආයිම යන හිස් කරත්තෙට නගිනවා. නැගලා පොල් කඩන ඒරියාට එකට නොමිලේම ට්‍රාන්ස්පෝට් ගන්නවා. ඒ කාලෙ ඔය වගේ දවසට ගෙදර බල්ලා පවා අපේ පස්සෙන් වැටිලා එහෙම මෙහෙ යනවා. ඒ වගේ වැඩ වලදි ආච්චිද, සීයද, චූටි පුතාද, අම්මද තාත්තද, අල්ලුපු ගෙදර අයියලාද ඔක්කොම එනවා. ඇවිත් වැඩ කරන්න උදව් කරනවා. ඒ වගේම තමයි ඉතිං අල්ලපු වත්තෙ මඩුවක වගේ පොල් අතු හෙවිල්ලක්, මඩු ගැහිල්ලක් හරි මොනයම්ම දෙයක් තිබුනද ආයි ඉතිං කුලිකාරයො හෙවිල්ලක් නැහ. පොඩි මතක් කිරීමකින් සෙට් එකක් ම බහිනවා වැඩේට.
ඉන්ඩියන් පොරක් ඉන්නව විල්බර් සර්ගුණරාජ් කියලා. මිනිහා හෙන ගොඩ ටයිප් එකට ඉංගිරිසි බස උච්චාරනය කරන කෙනෙක්. එයා මේ පොල් කැඩීම ගැනත් වීඩියෝව්ක කරලා තිබුනා. දැන් නම් මිනිහට සාරයි වගේ.. පේන්නෙ. ළඟදි චිත්‍රපටියක් කරන්න යනවා කියලත් තියෙනවා.

මාසෙකට සැරයක් ඔය ටයි දාන මහත්තුරුත් පොල් කඩනවා නේද? ඒ ගැන අමතක උනා මයෙ හිතේ. අපේ පැත්තෙත් පොල් කඩන එකා (මහ උන් එහෙම කිව්වට, පොඩි උන් කියන්නේ, පොල් කඩන මාමා කියලා, ලොකු වෙන කොට මාමා නෑ, ආයෙත් පොල් කඩන එකාම වෙනවා.) ඝංඨාර මාක් තමයි නගින්න කැමති. තාත්තා කෑ ගහලා කියනවා අමුඩයක් ගහගෙන නැගපං කියලා. එතකොට තමයි අමුඩෙ ගහන්නේ. කැළණියෙ නම් තාමත් පොරක් ඉන්නවා. හැබයි ඉතින් ඉස්සර වගේ නෙමෙයි. ජනාධිපති තුමා අල්ලනවටත් වඩා අමාරුයි ඌ අල්ලන්න. හාමිනේ රට. පොර එන්නේ ත්‍රී වීල් එකේ. පොල් කඩනව විතරක් නෙමෙයි. මැෂිමෙන් තනකොලත් කපනවා. අපි කැමති උනත් අකමැති උනත් තකොළ කැපිය යුතුමයි. එහෙමයි මිනිස්සු දියුණු වෙන්නේ. රටක් සංවර්ධනය වෙන්නේ.
ReplyDeleteඉස්සර තාත්තා ඌට කෑ ගහනවා. දැන් ඌ තාත්තට කෑ ගහනවා. මගෙත් එක්ක නම් අවුලක් නෑ. පොඩි කාළේ ඉඳන් මගේ යාළුවා. ඕකට තාත්තලා වලි.
ඉස්සර එක පොරක් හිටියා පොර පාරේ යන්නේ ලස්සනට තාලයට
ReplyDeleteපොල් කඩන්ඩ තැඹිලි බාන්ඩඅ පොල් කඩන්ඩ තැඹිලි බාන්ඩඅ පොල් කඩන්ඩ තැඹිලි බාන්ඩඅ
කියකියා නිකං නටනටා වාගේ තමයි පොර යන්නේ
පොර ඒක කියන තාලයට අපිටත් නැටවෙනවා
තව පොරක් හිටියා පොරගේ ප්‍රචාරක පාඨය එච්චර හොද නැ මිනිස්සු පොරට වැඩ දෙන්ඩ ටිකක් බයයි
'' ගස්කපනවා .....අතු කපනවා ......පොල් කඩනවා ''
AL, BALLO NAWANAWA, LAMI NALONAWA.
Deleteඅපේ පැතේ පොල් කඩන්ට ආපු පොරට කිව්වේ 'ෆ්ලයින් ඔෆිසර් ජෙමා' කියලා...
ReplyDeleteපොල්වත්ත පොඩි කිව්වට පොඩිම නෑ. හැම පැත්තේම එක වගේ පොල් කඩන උන්ද කොහෙද ඉන්නේ. අපේ පැත්තේ හිටි එකත් යටට අඳින්නේ නෑ. කසිප්පු ගාන හොයාගත්තම මිනිහා මිසින්. සුනාමි කාලේ මිනිහා හිටපු පැලත් ගියා. ආණ්ඩුවෙන් සහනාධාර දීපු නිසා මේ යකා මාස ගාණක් යනකම් පොල් කඩන්න ආවේ නෑනේ.
ReplyDeleteපොල් වත්ත බලන්නයි ආවේ.. මහත්තයට ඕන නං මම ගස් ටික ඔක්කෝම කපල දෙන්නං..
ReplyDeleteඅපිත් ඉතිං මාසේකට සැරයක් පොල් කඩනවානේ...
ReplyDeleteඒ වගේම තමා පොල් ගහක කඩාගන්න හදිස්සියට දැන් කෙනෙක් හොයාගන්න අමාරුයි. පොල් කඩන අය එයාලට කැමති දවසක ඇවිත් කඩලා දාලා යනවා අපේ පැත්තේ නම්.
මාගේ ඉතාමත්ම ලඟම නෑදෑයෙක් අනියම් ආදර සම්බන්ධතාවයකින් පසු ජීවත්වන්නේ පෙර ස්වාමියාගේ වතුවල රැකියාවට පොල් කැඩූ කෙනෙක් සමගය. ඔවුන් දැන් වියපත්ය.දරුවන්ද විවාහකය.ඔවුන් තවමත් අපේ ලොකුඅම්මා සහ මහප්පාය.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආසාවෙන් කියෙවුවා අමිල. ගස් නගින එක ලෙහෙසි දෙයක් නොවේ. එයිනුත් පොල් ගස් යාම, ගස් යනවා වගේ වැඩක්.පොල් ගස් යන මිනිසුන් ඈත තියා අඳුන ගන්න පුළුවන්. ගස් ගඳ නිසා.
ReplyDeleteIn the state of Kerala in South India, people are using one machine to climb coconut trees even a lady could climb the tree without much effort.
ReplyDeleteඅපේ පැත්තෙ හිටිය ටිකක් පිස්සු පහේ එකෙක්, ඌ හෙන රෙස්පොට්. අද වරෙං කිව්වොත්, අද බෑ වෙන වැඩක් කියල යනව යන්ඩ. අපි උගෙ පස්සෙං ගිහිං කීප සැරයක් පෙරැත්ත කරන්න ඕනෙ. අපිට ඕන් නැති දවසට ඇවිත් පොල් කඩමුද කියල අහනව. මං ඌට කියන්නෙ ටාසන් බාප්ප කියල. දවසක් අපේ තාත්තා උව බය කළා,‘ග්‍රාමසේකරට කියල උගෙ රස්සාව නැති කරනව‘ කියල. ඊට පස්සෙ ඉඳන් ඌ අපිත් එක්ක ෂේප්.
ReplyDelete