බෝඩිමට යන පාරෙ ටිකක් ලොකු මාර ගහක් තියෙනවා. ඔය මාර ගහේ
රුක් දෙවියෙක් ඉන්නවා. කවුරුවත් දන්නෙ නැහැ ඒත් මම දන්නවා. බීගෙන බෝඩිමට යන කොට
අත් දෙක උස්සගෙන උස්සපු අත්දෙක මාර ගහට තියාගෙන හෙල විසික් වෙවී ඕග් ගගා වමනෙ
දැම්මා මම ඉස්සර. තව ඉතිං බියර් හෙම බීල එනකොට බෝඩිමට යන්න කලිංයෙං බර නිදහස්
කරගන්නත් මාර ගහ එහා පැත්ත උපකාර වුනා. කවදාවත් ගෑනියෙක් මිනිහෙක් ඉන්නවා දැකපු
නැති ගෙවල්තුන හතරක් ලස්සනට මාර ගහට ඈතින් වෙන්න තියෙනවා. ඒ ගෙවල් ලස්සනයි. නමුත්
ඒගෙවල් අස්සෙ මොක්කු ඉන්නවද කියලා දන්නෙ යක්කු තමයි.
චූ කරනකොට පරණ පුරුදු ඉස්මතු වුනා. ඉස්කොලේ කාලේ පුරුද්දක් තිබුනා චූ
කරනකොට ආහ් ඌහ් ගගා වැනි වැනි චූ කරන සිරිතක්. මේක කිසිම අදාලත්වයක් නැති වැඩක්.
නමුත් කොල්ලො සෙට් එක දුවල චූ කොරන කැසිකිලි කාමර එකට ගියාම එකෙක් දෙන්නෙක් ඕහ්
ගානවා ඉන ඉස්සරහට පස්සට කොරනවා. ඒක මාත් පුරුදු වුනා. ශිෂ්ඨසම්පන්න කන්තෝරු
කැසිකිලියෙ ඕක කරන්න බැහැ. ඒ වුනත් කවුරුත් නොදකින දැක්කත් අවුලක් නොවන මාර ගහට ඒ
කිසි දෙයක් අවුලක් නැහැ. ඉස්සරහට පස්සට ඉන
පද්ද පද්ද චූ පාර ඈතට සැරෙන් විදිනවා. බියර් එකක් බිව්වම චූ යන අපූරුව ආයෙ
කෑලි කපලා විස්තර කරන්න ඕනි නැහැ. දැන් චූ කරන්න ආස අය බියර් බොන්න ඕනි නැහැ.
තැඹිලි ගෙඩි දෙකක් විතර කපං බිව්වත් ඇති.
දවසක් එකපාර කලුපාට ලංකට් එකක් ඇඳගනිපු ටිකක් මැද වයසෙ
පොරක් එකපාර මං චූ කරලා ඉවර වුනාම පේන්න ගත්තා. මම තමයි රුක් දෙවි.. මිනිහා
මට කිව්වා. මේ මොන *කන්නෙක්ද මේ? පල ගෝතය බොරු නොකිය යන්න. මම කිව්වෙ තරහින්.උත්ප්‍රේරක
ඒ වෙනකොට සරීරෙ වැඩකරපු නිසා ටිකක් සැරට වචන ටික තියෙන්න ඇති. තමා තේරුම් ගන්න
නුවණින්. මම තමයි මේ මාරගහට අධිපති රුක්දෙවි. ආහා මාර රුක්දෙවි ද? මාරයි නේ. මට
කියවුනා.
එතකොට එකපාරටම කලුපාට ලංකට් එක්ක ඇඳගනිපු රුක්දෙවි
අතුරුදන් වුනා. ඔය අතරෙ මං වෙනද වගේම මාර ගහ යට පොඩි වෙලාවක් රෙස්ට් එකක් ගන්න ඕනි
කියලා මාර මුලක් උඩ වාඩි වුනා. මෙහෙම බෙබා වගේ බෝඩිමට ගියාම අනික් වුන් ගෙන් එක එක
දෝස්මුර. බීමේ ආදිනව කියන්න එකෙක් ඉන්නවා. අනිකා බොන එක අඩුකරන්න කියනවා. මොන විකාරයක්ද?
මගේ සල්ලි මං බිව්වා. මට වෙරි. ඒ කැටයං කිසි එකක් නැහැ. ටිකක් මෙතන ඉදලා වෙරි නෑ
වගේ ගිහිං..මං දැං කාලා කියලා ඇගහෝදං නිදා ගත්තම.
විනාඩි පහක් විතර වාඩි වෙල ඉන්නකොට ආයිත් සද්දයක් ආව.
පස්සෙ බැලින්නං හෙන ලස්සන නිලමේ ඇඳුම දේව ඇඳුම වගේ ලස්සන කොස්ටියුම් එකකට ඇදපු
පොරක් ඉන්නවා කලිං කලු ලංකට් එක ඇඳගෙන මිනිහෙක් හිටපු තැනම. මේ දෙයිය ම වෙන්න ඕනි
මට හිතුනා. වැඩේ කියන්නෙ කලිං ලංකට් බුවාගේ මූනමයි. උගේ කකුල්මයි. සුවර් එකට ඒ කලු
ලංකට් එකත් යටට ඇදල ඇති. දැන් නම් සුවර් මූ රුක්දෙවිම තමයි. මම හැම තැනම බිම තියලා
වැන්දා රුක්දෙවිට හොදට.
රුක්දෙවි බලලා. හහා හහා ඔය ඇති ඇති කිව්වා. රුක්දෙවි
කැමති වුනේ නැහැ මිනිහට වැඩිය ගරු සරු දක්වනවාට. පොර කැමති යාලුවෙක් වගේ ඉන්නවාට.
ගරු සරු නම් මිනිහට හොදට වදින පුදන බෝගහක් ගාවට ගියාම ලෙසට ගත හැකිලු. ඒත් මිනිහ
කැමති නැහැලු ඒ සෝබන වලට. දෛවය නියම කරපු නිසා රුක්දෙවි වෙලා හිටියට මිනිහට නම්
දැන් එපාවෙච්චි ලයින ්එකක් තමයි තියෙන්නෙ. කලිං ලංකට් එක ඇඳල ඇවිත් තියෙන්නෙ ඇඳුම
කරදර නිසාලු . නිකං ඉන්නකොට ඉන්නෙ ලංකට් එක පිටින්ලු. ඒ ලංකට් කලර් එක මිනිහට
අල්ලල ගිහින් තියෙන්නෙ පරණ ස්පයිඩර් මෑන් ෆිල්ම් පෝස්ටරයක් දැකලා.
මෝල් වහන්සෙ කෙනෙක් ඌ නම්. පොර අහනවා ඌ ලංකට් එකට
ස්පයිඩ්ර් මෑන් වගේද කියලා. යකෝ ස්පයිඩර් මෑන්ගේ ලංකට් එක මුගේ එක වගේය. අනික මූ
මේ පියරු පාටට සුදු පාටට කෑල්ල වගේ ඉන්නවා. ස්පයිඩර් මෑන් එහෙමයැ. ඉතිං දෙවි නිසා
මුගේ හිත තලලත් බැහැ. සුවර් නැහැ නේ ඕකුන් තඹේට. මිනිස්සු විස්සාස කරන්න බැරි එකේ
දෙවිවරු වෙනම විස්වාසයැ ඉතිං. ඒ නිසා මම කිව්වා පොඩ්ඩක් විතර ඒ වගේ කියලා. පොරට
සතුටු හිතිලා. පොර කියනවා හරි සනීප ඇඳුමලු ලංකට් එක. අමුඩෙ ඇන්ද වගේ නිතර අතගාල
බලන් ඕනි නැහැලු පේනවද කියලා.
මට තේරුන විදියට පොර අවුරුදු දෙතුන් දාහක් තිස්සෙ ජීවත්
වෙනවා. සමහර විට අපෙ ්ලංකාව ජනාවාස වෙන ඒ කාලෙ ඉදලා මිනිහා රුක්දෙවි විදියට විවිධ
ගස්වල ඉඳලා තියෙනවා. මිනිහ කිව්වා මිනිහට හොඳ සනීපෙයක් දැනෙන් නැහැලු අර ලොකු කිට්
එක ගැහුවම. ඒ නිසා නිතර ඉන්නෙ ලංකට් එක පිටින්ලු.
ඉතින් මිනිහ ටිකක් පිට්වුනා. මම ඉතිං කෝකටත් කියලා
මිනිහගෙන් ඉස්සර විත්ති හෙම අහන්න ගත්තා. මිනිහට සමහර දේවල් මතක නැතිවෙලා. ඒත්
ඉතිං සමහර වල් ෂීන් කෝන් නම් පොරට කිරි ගහට ඇන්න වගේ මතකයි.
අපි බලමු පොර කියපු කතාවක් කාරිය.
මේ පොඩිතැන දන්නවද අර දැන් කඩේ තියෙන තැන. ඒ හන්දියෙ
ටයර් කඩේ ළඟ වලදා තියෙනව මිනියක්. ඒ මිනිය ගෑනු කෙනෙකුගේ. දැන් නම් එතන හොල්මනක්
නැහැ. ඉස්ස ර තිබුනෙත් නැහැ. ඔය වලදා
තියෙන ගෑනි මලේ හෙන කලක් දුක් විඳලා. හැබැයි තරුණ කාලෙ තෙල් කෑල්ල. ගමේ
ගොඩක් මිනිස්සු පෙරුවා ඕකට. අපේ රුක් දෙවි සෙට් එකේ උනුත් ඕක දිහා බලනවා පැණි හල
හල ඉස්සර.
ඒ ටයර් කඩේ ගාව කලිං තිබුන සොහොනේ හිටිය ගෑනි ඇවිල්ල
සොපිනහාමි. ලේසියට අපි සොපි කියමු. සොපි ඇවිල්ල හතර අතින්ම ලස්සනයි. සොපි ඉස්සැර
ඇන්දෙ හෙන කොට රෙද්දක්. ඔය උඹල දැන් බලන අවුරුදු උස්සවේට අඳින දිග චීත්ත කෑලි වැඩට
අඳින් බැහැ බං. මඩ වැඩට ගොඩ වැඩට ඉස්සර ගෑනු ඇන්දෙ ටිකක් දනිස්ස හරියට වෙන්න තිබුන
රෙදි කැල්ලක්. උඩට අඳින්නෙ ටිකක් දුර ගමන් ගියොත් විතරයි. සමහර වෙලාවට ඉතිං අවුවට
පිච්චෙනවට කාරිය උඩට මොකක් හරි රෙදි කෑල්ලක් දා ගන්නවා.
ඉස්සර ඔය දැන් යන කුණු ඇල තියෙන්නෙ. එතන තිබුනෙ ලස්සන
දොලපාරක්. ඔය දොල අයිනෙ කුඹුක් ගහක හිටිය මගේ යාලුවෙක් නාගිත කියලා. නාගිතයට තනියම
වැඩක් හරියට කොරගන්න බැහැ. මහ මොංගල් සතා ඌ. නාගිතය කාටවත් කියන්න එපා කියලා මට
කියලා ඒ කතාවම තව හත් අට දෙනකුට කියලා. ඉතිං සොපි එනවා හැන්දෑවට ඔතන නාන්න. දැන්
වගේ ගෑනුන්ට නාන්ට රෙද්දයි. අඳින්න එකයි. නාන්න යනකොට අඳින්න එකයි නැහැ. අනික
දැන් වගේ යටට එකයි ඒක යටට එකයි උස්සල පෙන්වන්න එක ඇඳුමයි. එල්ලිල පේන්න එක ඇඳුමයි
නැහැ. තියෙන්නෙ දෙකයි. ඒකෙනුත් තියෙන්නෙ කොපි දෙකයි. ඉතිං සොපි ඇවිල්ල කුඹුරෙ
වැඩකොරන කොට නැත්තං හේනෙ ඉන්නකොට ඇඳන් හිටපු රෙදි කොටේ කඩා දාල පනිනව ඇලට.
ඕක බලං ඉන්න අපේ රුක් දෙවි සෙට් එකට ඉතිං හරි චූන් එක. දවසක්
අපේ එක රුක්දෙයි බූරුවෙක් වැඩ දාන්න ගිහින් තව පොඩ්ඩෙන් සොපිට මාට්ටු වෙනවා.
මූ සොපී විහිලුවක් කරන්න හිතාගෙන කුඹුක් කිනිත්තකින් සොපී නාල කුනු
අතුල්ලනකොට පස්සට ගැහුවා. හැබැයි සොපීට අපිව පේන් නැහැ. දැන් ඔයාලටත් අපි පේන්නෙ
නැහැ ගොඩ වෙලාවට. මේ තමුසෙ කන බොන ෆනී මිනිහා නිසා තමයි මම මේ පොඩ්ඩක් තමුසෙ එක්ක පේන්න
ඇවිත් චැටක් දාන්නෙ.
සොපී අනික් පැත්ත හැරිලා බලලා ගහ ලගටත් ඇවිත් වට පිට
බලලා. මේ ඕනි හයිකාරයෙක් ඉන්නවනං වරෙං. තොපේ ආච්චිටත් තියෙන්නෙ මෙයිං එකක් නේ..
බලාගනිව් කියලා මහ හයියෙන් මේකි කකුල් දෙකත් පලල්කොරගෙන අසුවල් කෑලි පෙන්න පෙන්න කුනුහබ්බ
කියන්න ගත්තා. කුනුහබ්බ කියනකොට රුක්දෙවි විදියට අපිට පොඩි කේස් එකක් වෙනවා. අපිට
ටිකක් ඉන්න නම් නිස්කලංක එන්වරන් මන්ට් එක්ක තියෙන් ඕනි. ඔය කාක්කො වගේ හැම ගහේම
අපිට ඉන්න බැහැ.
ඒ පාර නාගිතයත් එක්කරං අපි වෙන ගහකට ගිහිං සුට්ට වෙලාවක්
ගිහින් සොපිගේ කුනුහබ්බ සද්දෙ ඉවරවුනට පස්සෙ ආවා. අපරාදෙ කියන්න බැහැ සොපි නං කුනු
අතුල්ලනවා සෝක් එකට.
ඔය වගේ වෙලාවට මටත් ඕ කියන නිකංම අහන් ඉන්නබැහැ අතුරු
පස්න එනවා.
ඉතිං ආර් ඩී(රුක් දෙවි) අංකල් සිරාවට ඒ කාලෙ මිනිස්සු
අමුඩෙද හැම වැඩේටම ඇන්දෙ? ගෑනුත් වැඩිය ෆැසන් කලේ නැතු ව ඇති නේ..?
මේ ඔය ලමයට කියන්න ඉස්සර ඇඳුම කියලා වැඩිය සැලකිල්ලක්
නැහැ. සමහර ගෑනු පවා සමහර මිනිස්සු ගැන කිව්වෙ විවිද විදිහට හදාගත්ත නම් මට මතකයි.
ඔය මේ ලඟදි ආමි එකෙ ඉදලා මැරිලා ගමේ ලොකුවට ආචාර වෙඩි තියලා ගත්ත මලගෙදරක් තිබුනෙ.
මට මතක විදියට පියන්ත ඒ කොල්ලගේ නම. පියන්ත විරුවා කියලා පීකරෙනුත් කිව්ව මතකයි. ඒ
ආමි කාරයාගේ මී මුත්ත කෙනෙක් හිටියා කොයි පටා කියලා. පස්සෙ උන්දැ නාකි වුනාම
කොයිපටා ගමරාල වුනා. කොයිපටා ගමරාල යාලු වෙල හිටියෙ ගොපලු කෙල්ලෙක් එක්ක ඉස්සර. ඔය
ගොපලු කෙල්ලො ඇවිල්ල ඉස්සර හිටිය ජාතියක්. උන් තමයි හරක් බැලුවෙ. කොල්ලො යනවා
කුඹුරු වැඩට බර වැඩට. ගෑනු තමයි හරක් බලන්න හෙම යන්නෙ.
ඔය
ගෑනු ළමයි සෙට්වුනාම සමහර ගස් යටට වෙලා කයි කෙලිනවා. එකියක් ඇහුවෙ නැතෑ බං. ඈ බං
ඔය කොයි පටා ගමරාලගේ ඇත්තටම කොටද බං? කියලා.. එතකොට කොයි පටාගේ යාලුවෙච්චි කෙල්ලත්
හිටියා. ඒකි කියපි. ඇයි තෝ ඇවිල්ල දික් කරල දෙන්නද කියලා.. මහ යායවල් වොල කුඹුරු
වැඩ කොරද්දි හුජ්ජ බරක් හෙම හැදුනම ආයි ඒකට දැං වගේ ලොකු පෙට්ටි පෝටබල් වැසිකිලි
තිබුනෙ නැහැ. බර හැදුන එකා හෝ එකී පාත් වෙලා වැඩේ කොරපි. අනික් වුන් අහක බලාගෙන
ඉන්නවා.
දැන් ඔය ලමය බලයි මං කෝමද පෝටබල් දන්නෙ කියලා. ලමයෝ
බාසාව කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපිට වදින කියන දෙයියන්ට වදින කියන විදිත් වෙනස්
වෙනවා. ඉතිං බාසාව අපිත් ඉගන ගන්නෙ එතනින් තමයි. මේ ළඟදි මගේ රුක්දෙවි පොරකට අඳෝනාවක් කියලා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් පාස් කරල දුන්නොත් දෙවියන්ට චොක්ලට් බිස්කට්
පෙට්ටියක් දෙනවා කියලා. පොර චොක්ලට් බිස්කට් වලට පට්ට පෙරේතයා. මිනිහා ඇවිත් අපෙන
්අහනවා.
අඩෝ ෆයිනෑන්සල් මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද බං. කඩු
ශිල්ප දුනු ශීල්ප, ගණිත මිණිත වගේ එකක් වෙන්න ඇති නේබං? ඕවයි පේපර් හෙම කොහේ
හදනවාද දන් නැහැ නේ. සික් ලෝකෙ වෙනස් වුන හැටි. දැන් ඉතිං අපෙං පිංවතුන් ඇවිල්ලා
ෆයිනෑන්සල් මැනේජ්මන්ට් පාස් කරලා ඉල්ලනවා. දැන් අපි දන්නේ නැහැ ෆයිනෑන්සල්
මැනේජ්මන්ට් කියන්නෙ මොකද්ද කියලා. ඉතිං කියහං පේපරයක් වත් පාස් කරල දෙන්නෙ කෝමද?
මොකද බං ඔචච්ර අඩන්නෙ කෑල්ල ලස්සනද? එක රුක් දෙවි
යාලුවෙක් ඇහුවා.. සාමාන්‍යෙන් රුක්දෙවි අතර වුනත් කාන්තාවන්ට සම තැන දෙන වා ඒ නිසා
ගෑනු ලමයි ආවම ඒ දුක් ගැනවිලි ඉක්මන්ට විබාග වෙනවා.
යකෝ මං කවදාවත් කෑලිවලට තැන දෙන් නැහැ ඕයි. මේ උපාසක අම්මට
හිතිල නේ මට චොක්ලට් බිස්කට් පෙට්ටියක් දෙන්න. ඒ මනුස්සයගේ ආසාව ඉතිං දුවගේ
ෆයිනෑන්සල් මැනේජ්ම්නට් පාස් කරල ාදෙන එක නේ..කොයි තරම් පිනක් වෙනෝද ඒ වගේ වැඩ
වලිං..
කියලා දැන් මිනිහා කියවනවා. එහෙම කිව්වට ඉතිං අපි දන්නවා
ඇවිල්ලා ඔය කියන පොයිය කියලා. ඉතිං අපි පොරට කෝම හරි පේපරේ හොයල දුන්නා පොර ඒක අර
කෙල්ලටත් දීල. විබාගේ ලේසිවෙලා ඒත් කෙල්ල පේල් වෙලා. දෙයියො පේපර් එක දුන්නට උත්තර
දුන්නෙ නැහැ කියලා කෙල්ල කුනු කුනු ගගා හිටිය කියලා වෙන රුක් දෙවියෙක් අපිට
කිව්වා.
ෆයිනෑන්නසල් මැනේජ්මන්ට් නමවත් හරියට දන්නෙ නැති අපි වගේ
පරණ රුක් දෙයියා කෝමද ඕයි ඕකට උත්තර ලියලා දෙන්නෙ? ඔන්න ඔහොමයි අපිට ලැබෙන රික්වෙස්ට්
වල තත්වෙ.
ඉතිං ආර් ඩී අංකල් තව නිකං ගෑනු ගැන කතාවක් කාරිය එහෙම
නැද්ද? නැද්ද ලව් ස්ටෝරි හෙම.
ලව් කරනවද යකෝ රුක් දෙවියො. ඒ තරං සංකීර්ණ වෙන්න ගියොත්
අපිට වෙන්නෙ චුත වෙන්න. අනික ලව් කරනවා කියන්නෙ අපි මනුස්ස ගෑනියෙක්ට හරි දේව
ගෑනියෙක්ට හරි දෙවනි වෙනවා කියන එක. එහෙම වුනාම දේව අනුහස් අඩුවෙලා අපි විනාස වෙලා
යනවා. ඒ නිසා කාමාසාව තිබුනාට ලව් බව් හරියන්නෙ නැහැ. බලලා සතුටක් හෙවත ්දුටු සතුට
විතරයි.
ඉස්සර හරක් බලන කෙල්ලෙක් ආව මං හිටපු කොහොඹ ගහකට.
මේ මාර ගහ වගේ නෙමෙ කොහොඹ කොල තිත්ත වුනාට එල කිරි ගහ. ඉතිං කෙල්ල දවල් වෙන්න
හරක් ටික ගිහින් දානවා කන්න. උන් ඒ ළඟපාත විල්ලුවෙ කකා ඉන්නකොට කෙල්ල බත් මුල
ලිහලා ලබ්බ හෙම හදාගෙන කන්න හදනවා. දැන් තෝ බලයි කෙල්ලට ලබ්බක් කොහේද කියලා. ඉස්සර
ප්ලාස්ටික් වතුරු බෝතල් නැහැ බං. තිබුනෙ ලබු කැටේ.
ඒ කරලා ඒක කාල මේකි උඩ ඇඳුම ටිකක් බුරුල් කරලා කාරිය
හුලං වදින්නත් එක්ක ටිකක් ඇලවෙනවා ගහ යටින්. මේකි පොඩි පරණ පැදුරු කඩමාල්ලක්
ගෙනැල්ලා කොහොඹ ගහේම බෙනේක ගහල තිබුනා ටිකක් දවාට ඇලවෙන්න. ඉතිං මේකි
නිදාගන්නවා හරිම ලස්සනයි. මං ඇහැ පියවෙන්න නැතුව ඒක බලං ඉන්නවා. දවසක් අතතියන්න
යන්න හදල ආයි මේ දේව නීති මතක් වෙලා නිකා හිටියා. පස්සෙන් පහු ඔතන්ට ආව කියහං කෝ
පිරිමි පරාණයකුත් ඉතිං කලිං අර යසට කාල නිදියගත්තු ගෑනි වෙන එකෙක් එක්ක පෙං
කෙලිනවා මට බලන් ඉන්න බැහැ නේ. මං ඉතිං පරණ දිරච්ච අතු කඩා දමන්න ගත්තා. පස්සෙ
මගේ ගහේ අතු අඩු වුනාම වෙන ගස්වල දිරච්චි අතු ගෙනල්ල මෙ ගහෙන් කැඩුන වගේ දැම්මා. උන් දෙන්නා පස්සෙ ආව
නැහැ. සමහර විට උන් පැලක් අටෝගන්න ඇති.
ඉතිං (ආර් ඩි) අංකල් අද ගැන මොකද හිතෙන්න එදාට වැඩිය අද
ෆන්ද?
මට දැන ්ඇතිවෙලා. දැන් රුක්දෙවි විදියට ගස්වලට එන්න
වැඩිය දේවසබාවෙ කස්ටිය කැමති නැහැ. මේ අපි සෙට් එක නැතිවුනාම රුක්දෙවිලා වඳ වෙලාම
යයි. අද දෙයියො වගේම මිනිස්සුත් වැඩිවෙලා. මිනිස්සු වැඩි වුනාට මිනිස්සු හරිම ඈත්
වෙලා. දැන් අපි කාලයක් ඉදලා ඉදලා අපිට තේරුං යනවා මිනිස්සු ගැන. ඒ කාලෙ මිනිස්සුන්ට
ජීවිතේ කියන්නෙ විනෝදයෙන් සරලව ගෙවපු එකක්. අද වෙනකොට විනෝද වෙන එකත් සබ් කන්ට්‍රැක්
දීලා.
මිනිස්සුන්ගේ ඇඳුම් ගැන කෝමද ආර් ඩි අංකල්ගේ අදහස. ?
මාත් දැක්කා එක එක අය ඇඳුම් ගැන එක එක කතා කරනවා. සමහරු
දෙවියන් වඳින්නත් ඇඳුම් නියමකරලා තියෙනවා. පංසලට එකයි දෙවියන් බලන්න එකයි. අනේ
මන්දා. සංවර ඇඳුම් අසංවර ඇඳුම්. කපපු පලාපු වහපු ඇඳුම්. මොකුත් පේන්නෙ නැති පෝරණු
ඇඳුම්. එක එක ජාති ඒවා. යටට අඳින ලස්සන ඩීසන් ඇඳුම්. උඩට අඳින චාට්ර් ඇඳුම්..
ගොඩායි.
ඉස්සර මිනිස්සු ඇඳුම් ඇන්දා. අද ඇඳුම් විසින් මිනිස්සුව
අන්දනවා වගේ එකක් තමයි තියෙන්නෙ.
එහෙමද? එහෙම නැත්නම්, ඇඳුමට ඇන්දෙනවද..?
ReplyDeleteපට්ට පට පටෝ...... රියාං....................
හොඳ කොන්සෙප්ට් එකක්.හැබැයි අමිල අයියගේ වෙනදා තියෙන රහ අඩුයි වගේ.
ReplyDeleteමටත් ඒක දැනුනා.... දිගත් වැඩියි...
Deleteරුක් දෙවියෙක් වෙන්න වරමක් දියංකෝ..
ReplyDeleteඅපේ පැත්තෙ කුඹුකේ ලිදවල්, ලොකු ගස්, එහෙම නැහැ බං..
සිරා ඇහ්.. ජයම වේවා..
කොහෙන්ද බං මේ ෆොටෝ කනෑලි ටික හොයාගෙත්තේ . ආර් ඩි අංකල්ද එව්වත් දුන්නේ
ReplyDeleteඋඹත් දාගන්න ලෙඩ. විශාකා පා ගමන ගැන එහෙම උඹ ආර්.ඩී. අංකල්ගෙන් ඇහුවේ නැත්ද?
ReplyDeleteආර් .ඩී ගෙං අහවල් එකට අහනවද? මේකෙ ඉන්න පී.ඩී ලා කියන එව්වා මදිද?
Deleteඅඩේ මම ආවමයිද කොහද මේ පැත්තේ. පරණ එව්වත් කියවනකම් ඉඳින්.. උඹත් මාර කිරක්නේ.
ReplyDeleteමටත් වෙනද ඇති රසයේ අඩුවක් දැනුනා. නමුත් ඒ ලිපියේ වරදක් නිසා නෙමෙයි. දිග වැඩි නිසා. ඒ කෙසේ වෙතත් මේකනම් අර ඔලුව අතගාල අනින පොල් ටොක්කක්. ඉතාම සංයමයෙන් ලිවීම නම් අගය කළ යුතුමයි.
ReplyDeleteනියමයි මරු....මරුවා
ReplyDeleteකතාවත් නියමයි, පිංතූරත් හොඳයි.
ReplyDeleteනියමයි
ReplyDeleteපට්ට මචන්. මේ විකාරූප ශෛලියෙන් පොතක් ලියපන්. හැබැයි පුතේ සමහර වෙලාවට දිග වැඩිවුනාම පොඩ්ඩක් නිකන් රසේ බහිනවා වගේ. තව කෙටි උනානම් නියමයි.
ReplyDeleteමැක්සා. Keep it up..!
රුක් දෙයියන්ටත් හිතෙන දේවල්....
ReplyDelete