සී එෆ් එල් ෆ්ලොරසන්ට් සහ එල් ඊඩී බල්බ.
නිවාස එලිය කරන්නට මේ ළඟක් වෙනකම්ම පාවිච්චි කලේ එඩිසන් ගොයියා හදපු සූත්‍රිකා පහන. තෝමස් අල්වා එඩිසන් ඕක හදන්න හත්සිය අසූ හය වතාවක්ද කොහෙද උත්සාහ කරලා තිබුනාලු. කාලයක් යනකොට අපිට වාසියට වගේ ෆ්ලොරසන්ට් හෙවත් ටියුබ් ලයිට් ආවා. ටියුබ් ලයිට් එකක් හයි කරනවා කියන්නෙ ටිකක් සංකීර්ණ වැඩක්. ස්ටාටරේ,ටිකක් ලොකු පවර් කන්වර්ටර් කෑල්ලක් ආදිය ටියුබ් ලයිට් එකක් හදන්න වැය වෙනවා. ඉතිං ටියුබ් ලයිට් එහෙම වුනාට සූත්‍රිකා පහන් වලට වඩා විදුලිය ලබාගත්තෙ අඩුවෙන්. කාලයක් යද්දි ඔය දිග ටියුබ් එක කොට වෙලා ඇඹරිලා බලුබ් ජාතියක් ආවා සුසංහිත ප්‍රතිදීප්ත පහන් නොහොත් CFL කියාල. මේ බල්බ් ජාතිය කලිං තිබුන ටියුබ් ලයිට් එක වගේ නෙමෙ. ගෙනාව ඩුග් ගාල හෝල්ඩරේට හයි කලා වැඩේ ලේසියි. ඉතිං ඔය ජාති දෙකම මේ බ්ලොග් එක කියවන බොහොම දෙනා දන්නවා.
මේ සූත්‍රිකා පහනට වඩා ඉතිරි සී එෆ් එල් සහ ටියුබ් ලයිට් වල එලිය ටිකක් හොඳ වුනාට පොඩි රසදිය කේස් එකක් මේ දෙකේම තියෙනවා. රසදිය කියන්නෙ බැර ලෝහයක්. රසදිය ඇතුලෙ තිබුනාට ඔය බලුබ් ආදිය පිච්චුනාම බලුබ් කුඩුවෙලා ගියාම රසදිය ඇඟට කාන්දු වෙලා මහ දරුණු ලෙඩා ජාති හැදෙන්න පුළුවන් කියලා තමයි දොස්තර මහත්වරු කියන්නෙ. මේ තුනට අමතරව අලුත්ම එකක් ආවා එල් ඊ ඩී බල්බ් වලින් හදන අලුත් ජාතියෙ ලොකු බල්බ් එකක්.
එල් ඊ ඩී බල්බ් ..
මේ එල් ඊ ඩී බල්බ් වලට සිංහලෙන් කියන්නෙ ආලෝක විමෝචක දයෝඩ. ආලෝක විමෝචක දයෝඩ පත්තුවෙන්නෙ සරල ධාරවන් වලට. සිංහලෙන් කිව්වොත් ඩිරෙක්ට් කරන්ට් එකට. අපිට ගෙවල් වලට කණු දිගේ කෙලින්ම ලැබෙන ඇල්ලුවම ගැස්සෙන ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව හෙවත් ඒ සී කරන්ට් එක ලෙසත් බැටරි වලින් ලැබෙන ගැස්සිලි අඩු ධාරාව සරල ධාරාව ලෙසත් අපිට සරලව හඳුන්වගන්න පුළුවනි. මේ එල් ඊ ඩී ලාම්පු වල මුලින්ම ආපු ලාම්පු ජාතිය තමයි චූටි එල් ඊඩී බල්බ් රාශියක් එක බල්බ් එකකට දාලා විසාල බල්බ් තඩියෙක් හදාගන්න එක . මේක නිකම් හරියට පොඩි එලියක් තියෙන කණාමැදිරියො අල්ලලා බලුබ් එකකට දාල ලකෙන් පුයිට් තියෙන කණාමැදිරියාගේ පස්ස එලියට හරවලා තියලා ලයිට් ගන්නවා වගේ වැඩක්. මේක එච්චරම කාර්යක්ෂම වැඩක් වුනේ නැහැ. ඒ වගේම හදන්නත් ටිකක් අමාරුයි. හැදුවත් ලැබෙන එලිය ප්‍රමාණය මදි ලයින් එකක් ආවා. ඒත් ශක්තිය ඉතිරි වීම අතින් නම් මේ කුඩාම එල් ඊ ඩී යොදලා හදන පහන් සුපිරි කියලා තමයි කියන්නෙ.
2008 වර්ශයේදී ෆිලිෆ්ස් කියන සමාගම අමරිකාවෙදි සම්මානයක් දිනනවා බලශක්තිය ඉතිරිකිරීම සම්බන්ධයෙන්. ඒ අලුත්ම තාලෙ එල් ඊඩී බලුබ් ජාතියකට. ඒ බල්බ් ඇවිල්ලා 1W වැනි සාපෙක්ෂ විශාල ශක්තියක් යටතේ වැඩකරන ඒවා. දැන් ඒ අලුත් එල් ඊඩී බලුබ් ජාති යොදලා හදන විසාල බල්බ තියෙනවා. (2,3,4)W ආදි විශාල පරාසයක මේ කුඩා එල් ඊඩී බල්බ ජාතිය දැන් තිබෙනවා. ඒ බල්බ වලත් එක එක ආලෝක ප්‍රමාණ නිකුත් කරන බල්බ තිබෙනවා.
දැන් මේ බල්බ් භාවිත කරලා අපිට ඩ්‍රයිවර් සර්කිට් එකක්( පරිවර්ථනය කරන පරිපථයක්) නැතිව කෙලින්ම බැටරි කරන්ට් එකෙන් බලුබ් පත්තු කරත හැකි. ඒ නිසා මේ නව කුඩා එල් ඊ ඩී බල්බු යොදලා විදුලි පහන් ආදිය සැහැල්ලු විදියට නිර්මාණය කරන්න හැකි වුනා. ඒ වගේම දැන් දැන් එන ජංගම දුරකථන ආදියේ කැමරාවෙ ෆ්ලෑෂ් ලයිට් එක විදියට වැඩකරන්නෙ මේ අලුත් ජාතියේ එල් ඊ ඩී SMD LED ජාතිය. නවීන මෝටර් රථවලට එන ලයිට් පවා දැන් දැන් එල් ඊ ඩි වලට හැරෙමින් යනවාලු.
මේ එල් ඊ ඩී බල්බ් එකක් සාමාන්‍ය වෙළඳ පොලේ නමගිය වෙලෙන්දන්ගේ රුපියල් 3000ක් විතර වෙනවා. නමුත් මෙ ්බල්බ් එකක් අපිට ඒ විදියටම නැතත් පොඩ්ඩක් ඒ ළඟින් යන විදියට පිටකොටුවෙන් බඩු අරගෙන හදාගත හැකි.
මේ බල්බ් එකෙන් විශාල ශක්ති ඉතිරියක් වෙනවද?
මේකනම් ටිකක් බොන්න ඕනි ගැටලුවක්. නමුත් මේ එල් ඊ ඩී එලිය සූත්‍රිකා පහනට වඩා එලියෙන් සෞම්‍යයි. අනික් ටියුබ් ලයිට් සහ ප්‍රතිදීප්ත පහන් වල තියෙන රසදිය සම්බන්ද ගැටලුව පැන නගින්නේ නැහැ. මේ නව එල් ඊ ඩී බල්බ් වලට විශාල ප්‍රමාණයේ තාප අවශෝෂක කොටස් එනවා. ඒ කියන්නෙ බල්බයේ තාපය ලෙස හානිවන ශක්තිය සාපේක්ෂව වැඩියි. ඒ නිසා මේ බල්බ් අපි හදන්නෙ 3,5,7,9,12,15 W ආදි වශයෙන් වුවත් ඒ අගයට වඩා තරමක් වැඩි අගයක් බල්බය විසින් ලබාගන්නවා වෙන් පුලුවනි. අනික් කාරණාව තමයි අපේ නිවෙස්වල භාවිතා කරන උපකරණ වලින් කෙතෙක් ප්‍රමාණයක් නිවසට ආලෝකය සපයන්න වැයවෙනවාද කියන කාරණාව. හොඳින් සලකා බැලුවොත් ඔබ මේ ලිපිය කියවන්න භාවිත කරන්නෙ පරිඝනක යන්ත්‍රයක් නම් ඔබ භාවිත කරන පරිඝනක යන්ත්‍රය නිවසේ සියලුම ලයිට් වලට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් ලබාගන්නවා වෙන්නත් පුළුවනි.
මේ පිටකොටු ලයිට් වල කියන තරම්ම නම් ලකයක් එන්නෙ නැතුව ඇති. නමුත් පැරණි සූත්‍රිකා බල්බයට සාපෙක්ෂව සැලකිය යුතු ඉතිරියක් වෙනවා ඇති.
බල්බ් එක හදාගන් බඩු ගන්න හැටි.
මෙන්න මේ කෑලි ටික තමයි බල්බ් එකක් හදාගන්න වැයවෙන කෑලි බෑලි ටික. මේ ටික අමුණලා කරලා ගත්තම යස බල්බ් එකක් තනාගත හැකි වෙනවා. යන්තම් පෑස්සුම් වැඩ කිඩ දන්න ඕනි කෙනකුට මේ බල්බය මේ විදියට හදාගත හැකි. කුඩා එල් ඊ ඩි SMD LED ජාතිය ගත්තට ඒ හැම එල් ඊ ඩි බල්බයක්ම එකම එලිය විහිදුවන්නේ නැහැ.1W බල්බ් වුනත් එක එක ලියුමන්ස් ගනන් වලින් තිබෙනවා. 90-110 වැනි ඉහල ලියුමන්ස් අගයක එල් ඊ ඩී බල්බයක් රුපියල් තිහත් තිස්පහත් අතර ගානක් වෙනවා. මේ දීප්තිය මනින ඒකකය ලියුමන්ස් ද ලිමන්ස්ද කියලා නම් මම දන්නෙ නැහැ. කොහොම වුනත් වැඩි ලියුමන්ස් ගානක් තියෙන බල්බ මිලදී ගත්තොතින් ඔබට වැඩි එලියක් ලබාගත හැකි වේවි. පොඩ්ඩක් විතර මිල වැඩි වුනාට එකම වොට් අගයෙන් වැඩි එලියක් ලබාගන්න හැකි වෙන එක හොඳයි නේද?
මට වැයවුන මුදල නම් 7W බල්බ් එකකට රුපියල් 600ක් වගේ වුනා. මේ කියන්නෙ ඔක්කොම කෑලි බෑලි වලට යන ගාන. මීට වඩා අඩු මුදලටත් ඇති සමහර විට මීට වඩා වැඩි මිලටත් බල්බ් ඇති. පිටකොටු ඇවිදින කෙනෙක්ට නම් මේ බල්බ් දැන් හදපුවාත් අඩුවට තිබෙනවා. එක එක මොඩල් වලින් එක එක ජාතියෙන් මේ අලුත් එල් ඊ ඩී දාපු බල්බ් තිබෙනවා. නමුත් ඒවායේ වොට් අගයට වඩා විහිදෙන එලිය ගැනත් බලලා ගන්න පුළුවනි නම් හොඳයි.
මීට අට වසරකට එපිට දී වගේ ලංකාවට සී එෆ් එල් ආපු කාලෙ පේමන්ට් වල සී එෆ් එල් තිබුනා රුපියල් පනහටත්. ඒ කාලෙ නමගිය සී එෆ් එල් වල මිල රුපියල් දාහක් විතර වුනා සාමාන්‍ය තරමේ එකක්. ඉතිං අර පනහට තිබුන ඒවා මිනිස්සු ගෙවල් වල ගිහින් ලාබෙට දාගත්තා. ටික දවසකින් ඒවා පිච්චිලා ගියා. ඒත් ටික දවසක් හරි එලිය තිබුනා. ඒවායෙන් බලය ඉතිරිවුනාද කියලා දන්නෙ නම් නැහැ. නමුත් ඒ බලුබ් එකක් රුපියල් දාහක් දීලා අරගෙන රුපියල් සීයක් බිල එන ගෙදරකට දාගත්තා කියලා ලොකු වැදගත් කමක් ලැබෙන් නැහැ. මොකක් හෝ ෆැෂන් එකකට දාන නිසා හැමෝම දැම්මා.
ඒ කාලෙ විදුසර පත්තරේ ගියා ඔය පේමන්ට් සී එෆ් එල් හෙලාදැකලා ආටිකල් එකක්. ඒ දවස්වල බ්ලොග් තිබුනෙ නැහැ. මම ආටිකල් එකක් ලිව්වා විදුසරට කාර්යක්ෂමතාවය සම්පූර්ණයෙන්ම නැතත් යම් තරමක හෝ කාර්යක්ෂමතාවයක් මේ හරහා ලැබෙනවා කියලා. පේම්නට් එකේ තිබෙන බල්බ් භාවිත කිරීමෙන් විදුලි ඒකක කුඩා ප්‍රමාණයක් ඉතිරිවෙනවා කියලා රස දාල ලිව්වා.. ඒ මම දාපු උත්තර ලිපිය එකත් විදුසරේ පළ වුනා. දැන් නම් ඒ පරන පත්තරේ කොහෙද කියලා හොයන්නත් නැහැ.
ටෙක් කතා කියන කාලිංග පණ්ඩිත සහ අනික් බලශක්තිය සහ විදුලිය ගැන කතා කරන අය අහන දෙයක් තමයි දැන් ඔය හදන බල්බ් වල ඇත්තම වොට් අගය කීයද කියන එක. නමුත් ඉතිං රුපියල් පන්සීයක් විතර ලයිට් බිලක් එන ගෙදරක ලයිට් වලට පිච්චෙන්නෙ රුපියල් සීයක විතර ඒකක ප්‍රමාණයක්. ඉතිං රුපියල් සීය පනහක් දක්වා අඩුකරන්න රුපියල් තුන්දාහක් දීලා ඔරිම ජිනල් එල් ඊ ඩී බලුබ් දානව කියන්නෙත් එක්තරා විහිළුවක්.
මට මුලින්ම එල් ඊ ඩි ගන්න පෙටා යන්න වුනේ මේ න්න මේ ලිපිය දැකලා..ඒකටත් ස්තූතියි..අලුත් ට්‍රෙන්ඩ් එකක් අල්ලගන්න ලැබුනෙ ඒක නිසා..

අනේ ඔචර නටන්නේ නැතුව ඉටි පන්දම් පන්තු කරන එක හොදයි කියලා හිතෙනවා.
ReplyDeleteඒකත් හොඳයි.ඒත් දැන් හදාපු ලෝකල් බල්බ් තියෙනවා වොට් 5 රුපියල් හත්සීයෙ වගේ ඉඳාලා
Deleteඅපෙ ගෙදරත් මම LED කළා. අපෙ කිටියගෙ මල්ලි කාරයා හදනව බල්බ් එකක්. ඒකෙ තාක්සනේ නිසා පොරව ඉන්දියාවෙත් යැව්ව බොල. ඒකෙ ඇල්.ඊ.ඩී ලයිට් සැට් එක තල පෘෂ්ඨයක නෙවෙ තියෙන්නෙ. පහලට එන්න එන්න උස් වෙන විදිහට.. (මට කියන්න තේරෙන්නෙ නැහැ බං)
ReplyDeleteජය !
ඔය බල්බ සහ බල්බවල හැඩ අනම් මනම් ගොඩක් තියෙනවා ඇවිත්..එක එක විදියෙ තැන්වලට දාත හැකි අයුරින් හදලා තියෙනවා..
Deleteඔය බල්බ් එකෙන් ලයිට් බිල දැනෙන ප්‍රමානයකින් අඩු කර ගන්ඩ පුළුවන් .... නිතර භාවිතාවන කාමර වලට හොදයි ... මගේ ක්ම්පුයුටර් එක තියන කාමරයට දාපු බල්බ් එක නිසා මාසෙට රු300 ක විතර ඉතුරුවක් ආවා ... ( සමීර )
ReplyDeleteඔව් පුළුවන්..කලිං අපි පාවිච්චි කලේ සූත්‍රිකා බල්බ් එකනම් මේක පාවිච්චි කරන්න ගන්න එක හොද විකල්පයක්..
Deleteබොහොම ස්තුතිය් මේ තොරතුරට.
ReplyDeleteඵල නොදරන සටන්පාඨ වලට වඩා මේ වැඩ (මෙවැනි බ්ලොග් පෝස්ට් හෝ ලිපි) දුප්පත් පුරවැසියන්ට අතිශයින්ම ප්‍රෙයෝජනවත්.
ReplyDeleteඔව් ඒක ඇත්ත..හැබැයි මෙහෙම දෙයක් සුමිත් අයියා.. ඔය සටන් පාඨ කියනඅය ඒව කියන්නෙ ඇත්තටම ඒ සටන් දිනන්න නෙමෙයි.. තමුන්ගේ තියෙන ස්ට්‍රෙස් එක අඩුකරගන්න කාටහරි බනින්න ඕනි නිසා.. මට මටම බැනගන්න බැරි නිසා අපි කවුරුත් බනින්න වෙන වස්තුවක් හොයාගන්නවා..අපේ ආන්ඩුව අපිට අදකාලෙ බනින්න පුලුවන් හොද වස්තුවක්..
Deleteහදා ගන්න බඩුටික විතරක් නොදා හදා ගන්න විදිහත් දැම්ම නම් තවත් සුපිරිද මන්දා
ReplyDeleteප්‍රධාන වශයෙන් කොටස් තුනයි.. ඩුයිවර් සේකිට් එකයි.. හවුසින් එකයි.. බල්බ් ටිකයි..
Deleteමේ මම දාල තියෙන මොඩල් එකේ විදියට තියෙන්නෙ බල්බ් ටික අර තියෙන පුවරුවට පාස්ස ගෙන වයර් කෑලි අමුනන එක විතරයි..
තව ජාතියක් එනවා බල්බ් ටිකත් අමුනලාම තියෙනවා අපිට තියෙන්නෙ වයර් අමුණන්න විතරයි තියෙන්නෙ..
තව ජාතියක් තියෙනවා වයර් අමුණලා ඔක්කොම කරලා රුපියල් හත්සී්‍යට විතර පිටකොටුවෙම ගන්න තියෙනවා..
නමුත් තුන්වෙනි බල්බ් බල එලිය හදාගන්න ඒවාට වඩා අඩුවෙන්න තියෙන හැකියාව වැඩියි..
ඔය කතාව අමිල, ලංකාවට පමණක් නොවේ, වෙනත් රටවල් වලටද අදාලයි. අපට මෑතක් වන තුරු ඔය බල්බ් (LED) තිබුනේ ගිනි ගානට. දැන් වුනත් අඩුය කියල කියන්න බැහැ. වෙනදාට වඩා අඩුයි. හැබැයි තියන බල්බ ගහල යන විට, මාරු කරනවා නම් මිස, හොඳට තියන බල්බ අහක දාල අලුතින් දැමීම තවමත්, ඵලදායි නැහැ (ආයෝජනය පියවා ගන්න යන කාලය හුඟක් දිගයි).
ReplyDeleteලංකාවෙ නම් දැන් දැන් මේ බල්බ වලට යන මිල අඩුවෙමින් පවතිනවා. නමුත් වැඩිමිල බල්බයකින් ලැබෙන වාසිය තරම් අඩුමිල එල් ඊඩී පහනකින් එන වාසිය අඩුයි..
Deleteසාමාන්‍ය අපි ඔය සිවිලින් වලට දාන හොඳ ජාතියෙ ලයිට් එකකුත් මං හිතන්නෙ තුන් හාරසියක් වෙනවා ඇති. ඒත් එක්ක බලනකොට පොඩි ගානයි වෙනස් වෙන්නෙ.
සමහර විට දියුනු රටවල අපේ රටේ වගේ අපිට එසම්බල් කරලා බඩු හදාගන්න තියෙන හැකියාව සහ එහෙම හදාගන්න කැමති මිනිස්සු අඩු ඇති.
මම අද ගියා පෙටා වලට..අද ඔය කෑලි ගොඩාක් කඩවල ඉස්ටොක් ඉවර වෙලා. මිනිස්සු ඇවිත් ඕවම හොයන වෙලාවල් තියෙනවා..
අමිල මාත්, පහුගිය දවස් වල අපේ ගෙදර හරිත බව වැඩි කර ගන්නෙත්, විදුලි බිල අඩු කර ගන්නෙත්, ගෙදර බලශක්ති කාර්යක්ෂමතාවය වැඩි කර ගන්නෙත් කොහොමද කියන එක හෙවුවා. හෙවුවා විතරක් නොවේ, ඒ සෙවීම් වල වැඩකුත් ගත්තා. මෙහෙ ඒ වගේ දෙයකට තියන ආධාරත් වැඩියි. නමුත් ඒ එක්කම, සාමාන්‍ය මිනිහෙකුට එවැනි ආයෝජනයක, ප්‍රතිලාභ ගන්න කලක් යනවා. අපේ විදුලි කොම්පැනිය ගෙදරටම ඇවිත්, ගෙදර බලශක්ති කාර්යක්ෂමතාවය ඉහල නංවන, පොඩි පොඩි දේවල් කරලා දෙනවා නොමිලේ. එය එයාල, රජය සමග තියන ගිවිසුමේ කොටසක්. ඊට අමතරව අපට කරගන්න පුළුවන් දේවලුත් තියනවා. මෙහෙ විදුලිය වැඩිපුර යන්නේ ගෙවල් රත් හා සීතල කරන්න. ආලෝකයට යන්නේ කුඩා බලශක්ති ප්‍රමාණයක්. ඔබගේ ප්‍රායෝගික විසදුම් සෙවීමේ මේ උත්සාහය හොඳ වැඩක්.
Deleteලුමන්ස්. ටයිමර් එකෙක් හදල ෆිරිජ් එකට දාල බලපන්. ඔය වගේ විසි ගුනයක් බලය ඉතුරුයි..
ReplyDeleteප්‍රදාන වසයෙන් ඔකෙ වැදගත් වෙන්නෙ ස්විච් මොඩ් පවර් සප් එකේ එෆිසියන්සිය..
ReplyDeleteමගේ බයික් එකේ හෙඩේ ලයිට් එකටත් මම දැම්ම led 2ක්.
ReplyDeleteහොද ලිපියක්, ස්තුතියි. මම හදපු ලෙඩ් බල්බ් Ebay එකෙන් ගත්තා. කිහිප වර්ගයක් ගත්තා මොකද්ද හොද කියලා බලන්න. ලෙඩ් වර්ග කිහිපයක් තියෙනවා. SMD වලට වැඩි කාලයක් COB (කොබ්) ලෙඩ් ආලෝකය සපයනවා (less optical decay). ලුමේන්ස් ප්‍රමාණයත් වැඩිය. තවද ලෙඩ් වර්ණයත් වැදගත්, warm white (ලා කහා) බල්බයට වඩා Cool White ආලෝකමත් (ලුමෙන්ස් ප්‍රමානය වැඩියි). 5W (වොට්) cool white කොබ් ලෙඩ් බල්බ් එකක් 450-550 ලුමෙන්ස් ආලෝකයක් තියෙනවා. 12x12 කාමරයකට ප්‍රමාණවත්. Ebay එකෙන් මන් ගත්තේ USD 5.8 (රුපියල් 750). Ebay එකෙන් ගත්තාම ගෙදරටම තැපැල් මහත්තයා ගෙනත් දෙනවා. පරිස්සමෙන් Ebay එකේ කපටියොත් ඉන්නවා. මෙතන ඒ බල්බ් තියනවා, දැන් ගාන බැහැලා.
ReplyDeletehttp://www.ebay.com/itm/281137058670?var=580209445708&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
http://www.ebay.com/itm/271240169107?var=570171560108&ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
කැමති නම් solar cells Ebay එකෙන් අරගන panel එකක හදාගන්නා පුළුවන් , ගොඩක් ලාබයි. Youtube video වල එක කරන්නේ කොහොමද කියල තියෙනවා.
මම මුළු ගෙදරටම දැම්ම (12W x3යි / 7W 15යි ඔක්කොම ලයිට් පත්තු කරත් මීටර් එක හරිම හෙමින් දුවන්නෙ. ලයිට් බිල 1000 ක් විතර අඩු උනා (ගනන් යන්න කලින්). 13,050 ක් වියදම් උනා. ලයිට් බිල වැඩි උනාට පස්සෙ ආයිත් බිල 4500 ක් ආව. මම ඒ ගමන TV එකකුයි ඇලුත් ෆ්‍රිජ් එකක් ගත්ත ( අලුත් කිව්වට ක්‍රවුන් එකෙන් පාවිච්චි කෙරපු එකක් 30,000 කට ගත්තා මොකද පරන එක ලොකුත් වැඩියි ගැස්කටුත් ලීක්.පැය 24ම කොම්ප්‍රෙසර් එක වැඩ්. TV එකත් මාරු කරා 42 ඉන්ච්TV එකට 115,000 ගියා . මේ මාසෙ බිල රු1950 යි 2600 ක් අඩු වෙල මම හිතන්නෙ ෆ්‍රිජ් එකෙන් තමයි ගොඩක් අඩු වෙල තියෙන්නෙ.
ReplyDeleteපිටකොටුවෙ පලවෙනි හරස් විදියෙන් ද ගත්තේ.. කඩේ නම මොකක්ද
ReplyDelete