Tuesday, October 8, 2013

පැපුවා නිව් ගිනියාව (PNG)

පැපුවා නිව් ගිනියාව මේ දිනවල ලංකාවෙ ටිකක් ජනප්‍රිය රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවලින් යන අය පිටුවහල් කරන්නෙ පැපුවා නිව් ගිනියාවට. පැපුවා නිව් ගිනියාව කියන්නෙ ටිකක් ජනප්‍රිය නැති රටක්. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් ගිහින් අපේ අය ලෝකෙ ජනප්‍රිය වෙනවා. ඒ වගේම පැපුවා නිව් ගිනියා අයටත් තව ටික කාලෙකින් අපිව එපා වෙලා වෙන රටකට යවයිද දන්නෙත් නැහැ. ඔස්ට්‍රේලියාවෙ අලුතින් පත්වෙච්චි අගමැති තුමා බෝට්ටුවලින් ඔසී යන සංක්‍රමනිකයන් ඔසී වලට ගන්නෙම නැහැය. උන් ඔක්කොම එක්කාසු කොරලා කොටස් වශයෙන් පැපුවා නිව් ගිනියාවට යවනවාය කියලා තිබුනා. කොහොම වුනත් ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න සරණාගතයින් වෙන රටවලට පිටුවහල් කිරීම ගැන ඔස්ට්‍රේලියාවෙම සමහර කොටස් අතර මතබේධ තිබෙනවා.

මේ පැපුවා නිව් ගිනියා කියන රට ලංකාව වගේ හත් ගුණයක් විතර විශාල රටක්. ඔස්ට්‍රේලියා කියන මහද්වීපයට උඩින් ඉන්දුනීසියාවට යාබදව තමයි මේ රට පිහිටලා තියෙන්නෙ. ඉන්දුනීසියාවෙ කොටසක් තමය් පැපුවා දූපතේ අනික් කොටස. මේ දේශසීමා සම්බන්ධ අරගල අනූව දශකයේ තිබිලා දැන් නම් ඉන්දුනීසියාව සහ පැපුවා රට සාම ගිවිසුමකට යටත් වෙලා ඉන්නවා. මේ රට තරමක් ඈත කාලෙක ඉතිහාසයක් තියෙන රටක්. ක්‍රිස්තු පූර්ව පන්සියය ඒ කිව්වෙ අපේ රටේ ඉතිහාසෙ අනුව ගන්න බැලුවොත් විජය කුමාරයා ලංකාවට එන්නත් අවුරුදු දෙසීයකට විතර කලින් පැපුවා නිව් ගිනියාවෙ දියුනු වාසස්ථාන තිබිලා තියෙනවා.

දැන් මේ රටේ ඉන්න ජනගහනය තරමක් අඩුයි.වපසරිය අනුව වර්ග කිලෝමීටර 462,000 මේ රටේ ඉන්න මුළු ජනගහනය මිලියන 7කට පොඩ්ඩයි වැඩි. අපේ රටේ වර්ග කිලෝමීටර 65,000ක් ඇතුලෙ මිනිස්සු මිලියන 21කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතින් බැලුවොත් අපේ රටේ ජන ඝනත්වය එහෙම නැත්තං එක ඒරියා එකක ඉන්න මිනිස්සු ප්‍රමාණය වැඩියි.

පැපුවා රටේ උත්සව අවස්ථාවක්.
ඔස්ට්‍රේලියාවෙ ඇමරිකාවෙ පිටිසරබද පළත් වල ඉන්න අය කියන විදියට ඒ රටවල් ටිකක් පාලු ස්වභාවයක් ගන්නවා. සමහර වෙලාවට අක්කර සිය ගනන් තියෙන්නෙ එකම ජාතියෙ ගහ කොළ සහ පරිසරේ. වැඩිමනක් නෙමෙයි ඉන්දියාවට වන්දනාවෙ යන ආච්චිලත් කියන්නෙ එහෙ කෝච්චියෙ දවස් ගනන් යනකොට දවසක් නිදාගෙන ඇහැරුනත් දකින්න ලැබෙන්නෙ එකම ආකාරෙ දර්ශනලු. ඒ අතින් ලංකාව සුපිරි.

මේ නව ගිනියාව කියන රට දෙවන ලෝක යුද්දෙදි බොහොම සක්‍රිය රටක්. දෙවන ලෝක යුද්දෙදි ජපානය හිටියෙ ජර්මනියෙ සපෝට් එකට..අමරිකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාවට විරුද්ධ පැත්තෙ. මේ නව ගිනියා රටේදි බොහොම තද යුද්ධ තිබිලා තියෙනවා දෙවන ලෝක යුද්ද කාලෙ. ඒ කාලෙදි ජපාන සෙබලු ජපානෙ ඉඳල නැව් නැගල ඇවිත් අමරිකන් ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික සෙබලු ඒ රටවල ඉඳලා නැව් නැගලා ඇවිත් මේ විසාල දූපතේදී යුද්ධ කරගෙන තියෙනවා.

බොහෝ කාලයක් විවිධ ජාතින්ට යටත් වෙච්චි නවගිනියාව 1975 දි ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලබාගන්නවා. මේ රටේ මිනී කන ගෝත්‍රිකයෝ ඇතුලු විශාල ප්‍රමාණයක ගෝත්‍ර සංඛ්‍යාවක් තිබෙනවා. මේ රටේ තියෙන තවත් එක ලොකු අවුලක් තමයි පාරවල්. ගොඩක් මනුෂ්‍ය වාසයන් වලට මාර්ග පහසුකම නැහැ. පැපුවා නිව්ගිනියාව ලංකාව වගේ හත් ගුණයක් විශාල වුනාට එහෙ පාරවල් වල මුලු දිග කිලෝමීටර 8500ක් වගේ අගයක් ගන්නවා. ලංකාවෙ පාරවල් වල මුළු දිග සැලකුවොත් ඒක කිලෝමීටර ලක්ෂයකට කිට්ටු අගයක් ගන්නවා. මහා මාර්ග සහ දුම්රිය මාර්ග පහසුව නැති නිසා බොහෝ තැන්වලට යන්න වෙන්නෙ ගුවන් යානා වලින් සහ හෙලිකොප්ටර වලින්.

ලෝකයේ වැඩිපුරම ගුවන් තොටුපලවල්තිබෙන රටක් තමයි පැපුවා නිව්ගිනියාව කියන්නෙ.. මේ රට ආර්ථික අතින් එතර්ම හොඳ තැනක තිබෙන රටක්නෙමෙයි. අන්තර්ජාල වාර්ථා අනුව පැපුවා නිව් ගිනියාව ගණිකා වෘත්තිය සහ ලිංගික අපචාර වලට නමගිය රටක්. ටිකක් මුදල් හදල් තියෙන අයට සංචාරය කරන්න නම් පැපුවා නිව් ගිනියා කියන්නෙ ලස්සන රටක්. නමුත් අනාථයින් විදියට ඒ රටට යැවෙන අයට මොනවා වෙයිද කියල නම් හරියටම කියන්න හැකියාවක් නැහැ. 


View Larger Map
ගවේශනය නොකල රට..

මේ රට විශාල රටක්. ඒ කිව්වෙ සතා සීපාවා ගහ කොළ ආදිය තවමත් ඒ තරම්ම සිතියම් ගත වෙලා නැහැ. පැපුවා නිව් ගිනියාව ගිණිකඳු සහ ස්වාභාවික විපත් වලින්ද සපිරි රටක්. මිනිස්සුත් ගෝත්‍රිකයින් වශයෙන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ රටේ මිලියන හතක ජනගහනය භාෂා හත්සියයක් පමණ කතාකරනවා. රටේ ජනතාව බහුතරයක් දිළින්දන් විදියට තමය් පොත්වල තියෙන්නෙ. නමුත් ගෝත්‍රිකයින් කාල බීල ඇඳල ඉන්නවත් ඇති. දිළිඳු බව මනින එක නිර්නායකයක් තමයි ඒක පුද්ගල ආදායම. මේ රටේ බොහෝමයක් මිනිස්සුන්ගේ දෛනික ආදායම අමරිකානු ඩොලර් 1 කටත් වඩා අඩුයි කියල තමයි වෙබ් අඩවි වල විස්තර තියෙන්නෙ.

මේ රට සැඟවිලා තිබුනාට ඒඩ්ස් කොළරාව, පාචනය වගේ රෝගවලින් අඩුවක් නැති රටක් . ඒ වගේම මේ මිනිස්සු ඉන්නෙ සාපේක්ෂව සුවල්ප ගානක් වුනාට මේ අය ටිකක් කලහකාරි පුද්ගලයෝලු. ඔවුන්ට පොලිසි පද්ධති සහ සෞඛ්‍යාරක්ෂණය ඔස්ට්‍රේලියාව විසින් පුරුදු පුහුනු කරනවා කියලයි ජාලගත තොරතුරු කියන්නෙ.

23 comments:

  1. චිකේ චිකේ චිකේ මම නම් හිතුවේ නැහැ මේ වගේ පහත් විදිහට හැසිරෙන මිනිස්සු ඉන්න රටකට කියලා අපිව පිටුවහල් කරන්නේ කියලා..ශික් කලින් දැනගෙන හිටියේ නැහැනේ අප්පා මේවා ....:(

    ReplyDelete
  2. මෙච්චර පුක ඉරාගෙන ලියලත් කොමෙන්ට් නැති හැටි..... අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. තොට ඕනේ විදිහට නෙවේ බල්ලෝ පෝස්ට් ලියන්නේ. නිකන් වැඩක් බලාගෙන පලයන් හරකා.

      Delete
    2. ගොඩක් ලියනවිට පුක ඉරෙන්නේ පුකෙන් ලියන අයගේ විය යුතුය. මා එසේ නොවී අතින් ලියන අයෙක් වීම ගැන සතුටු වෙමි.

      Delete
  3. අපේ අයියලා මේ පෝස්ට් එකට පස්සේ ඒ රට ගවේෂණය කොරන්න යයි වගේ ..මරු පෝස්ටුව

    ReplyDelete
  4. යන්ඩ ඕනි පැපුවා .. හැබැයි වැඩ කාරයෙක් ගියොත් ඔසී ගියාට වඩා හම්බ කොළ හැකි වගේ ... නීතියත් හරියකට නැත්තං ජනගහනයත් අඩුනන් වැඩේ ගොඩ තමා

    ReplyDelete
  5. මෙහේ එක්කෙනෙක් නේද රගර් ගහන්න ඇවිල්ලා බැද්දගානේ සෙට් එකෙන් මැරුම් කෑවේ.

    ReplyDelete
  6. ඔහේ මැණික් එහෙම තිබුනනං අපේ උන් මඩගස්කර් යන්නාවාගේ යාවි ඔහෙත්....

    ReplyDelete
  7. යන්ඩ වටින රටක් නේ !!!

    ReplyDelete
  8. යන උන්ට හිත හැදෙන පීන්තුරයක්නේ උඹ දාලා තියෙන්නේ

    ReplyDelete
  9. මට ඔසී එපා නිව්ගිනියා යන්න ඕන.

    ReplyDelete
  10. පිටුවහල් කරන්නෙත් එතකොට එසේ මෙසේ රටකට නෙවෙයි නේ!

    ReplyDelete
  11. සික්.. අපේ හරක් බය නැතුව යනවනේ.....

    අර උත්සව දවස්වලට ගියා නම් ආතල් ඇති නේ ?

    ජය !

    ReplyDelete
  12. අපෙ ඉන්න ගොන් හරක් තාම දන්නෙ නෑනෙ ඔය රට මොන වගේද කියල...

    ReplyDelete
  13. දැං එතකොට අපි ඕස්ට්‍රේලියා යන්නැතුව කෙළිංම පැපුවා නිව්ගිනියාවට තොග පිටිං යන්ඩ ගත්තොත් උන්ටත් ටික දවසකිං අපිව එපා වෙලා ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන්ඩ පටං ගනීද දන්නෑ නේ...

    ReplyDelete
  14. අඩෙ අප්පා..මරු රට..ඔන්න මුස්ලිම් පුරස්නෙට විසදුම..අපේ උන් බුරුතු පිටින් පැපුවා යවමු..පස්සේ තම්බින්ට එන්ඩ නොදී අපේ රටක් කරගමු ඒකත්.. ජොක් එහෙම නෙමේ බොලව්..මෙව සිරා කතා..

    ReplyDelete
  15. අලිමංකඩ යනවා කියලා පාමංකඩ වගේ ඔසී යනවා කියල පැපුවා යනවා :)

    ReplyDelete
  16. තාම ලොක්කා එහෙ ගිහින් නෑ වගේ,,මොකෝ මරා ලොක්කා යන්නෙම ඔහොම හෙලුවෙන් ඉන්න රට වලට නේ

    ReplyDelete
  17. ඇත්තටම දිනුක කිව්වා වගේ කෙලින්ම බෝට්ටුවෙන් පැපුවා නිව්ගිනියා ගියොත් ඔස්ට්‍රෙලියාවට පිටුවහල් කරන්නෙ නැතිවෙයිද? හොයල බලන්න වටින කාරනවක්.

    ReplyDelete
  18. මම ඔය රටේ music ගැන පොඩි research පාරක් දාල තියෙනවා. ලෝකෙන්ම ඒ රටේ ඉන්න සමහර ගෝත්‍ර අතරෙ විතරක් තියෙන නාද රටා ගොඩක් තියෙනව. සංගීතය ඉගෙන ගන්න/රසවිඳින්න/අලුත් අලුත් දෙ හොයන්න කැමති අයට නං හොඳ උල්පතක්. හැබැයි ඉතිං කිව්වත් වගෙ මිනී'කන ගෝත්‍ර කීපෙකුත් තියෙනවා.

    ReplyDelete
  19. apo me ayyala suuti detath koku dagannawane.
    kellonam ehema na.

    post eka maru ayyaaa...

    ReplyDelete
  20. මේ මිනිස්සු මිනී මස් කනවද​?

    ReplyDelete