Wednesday, November 20, 2013

උද්ඝෝෂන මට්ටු කරන්නේ ඇයි.

ඔන්න ඉස්සර දැන් වගේ නෙමෙයි. හැමතැනම බෝම්බ. මිනිස්සු අතර බෝම්බ හරි සුලබයි. පොඩි මීටිමක් තිබුනත් බෝම්බ බැඳගෙන හරි තුවක්කු අරගෙන හරි මිනිස්සු ඇවිල්ලා නායකයො මරනවා. 

දැන් බෝම්බ නැහැ. තුවක්කු කාරයොත් අඩුයි මං හිතන්නෙ. ඒත් ඒ කාලෙ තිබුන මැටි වැඩ තාම තියෙනවා. දැනටත් උද්ඝෝෂන කරන අයට අදාල ඇමතිවරු සහ නිළධාරින් හමුවන්න අවස්ථාවක් දෙන්නෙ නැහැ. ඇයි එහෙම වෙන්නෙ. 

අද හවස කාල්ගාන්ත සහ පිරිසක් ජනපති තුමානන් ඉන්න අරලිය ගහ මන්දිරය පැත්තට ලොකු පෙළපාලියකින් යනවා ලොකු බෝඩ් අරගෙන. ඒ අය රු 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලනවා. සහ තව ඉල්ලීම් ගොඩක් එක්ක. ඕක විය යුතු විදියටම ගෝල්පේස් එකට මෙහායින් නවත්වන්න ඇති. අරලිය මන්දිරේ දැකලවත් නැතුව කස්ටිය නැවතිලා වතුර හෝ කඳුලු ගෑස් පාරවල් කන්න ඇති. ඇයි එහෙම වෙන්නෙ. 

අරලිය මන්දිරේ මම දන්න විදියට ටිකක් ලොකු තැනක්. ලොකු ඉඩමක්. ඒකෙ කීයටවත් දාහකට හමාරකට කන්න බොන්න ඉඩ මදි වෙන්න විදියක් නැහැ. මොකද චන්ද කාලෙට ඔය මන්දිරේ ඇතුලෙ හැමදාම මීටින් නෙව. මීටින් තියලා මහජනයාට කන්න බොන්නත් දෙනවා. ඔය අද පෙළපාලි ගිය අයත් පෝලිං හය හතක් විදියට පෙළ ගස්වල හොඳට යට ඒවත් අතගාල බලලා ඇතුලට ගන්නයි තිබුනෙ. ඇතුලට අරං කතා කරන්න කලියෙං පොඩි පළතුරු යුෂ එකකින් සංග්‍රහ කරලා ප්‍රශ්ණ ටික කතා කලානම් හරි. 

මං නුවර ගිය වෙලාවෙ ඒ නුවර මහ දළදා මාලිගාවෙ තියෙන පත්තිරිප්පුව දැක්කා. හප්පා. ඒකෙ උස. ඉස්සර උද්ගෝෂණ කරපු ඇහැලේපොලලා කැප්පෙටිපොලලා කන්න බොන්න රා අරක්කු දෙඤ්ඤං කියල සේනාව එක්කරං ඇවිත් හයියෙන් මාලිගේ ඉස්සරහ ඉඳන් කෑ ගහන්න ඇති. ඉන් මනත ඔය ඔක්කොන්ටම පේන්න රජතුමාට ඉන්න ඇහැකි වෙන්න පත්තිරිප්පුව හදන්න ඇති.පත්තිරිප්පුව ළඟ ඉඳලා ලොකු පීකර් කටක් තියෙන කාරුහරි කෑ ගහල රජතුමා කියන උත්තර මහජනයාට දැනුම ්දෙන්න ඇති. 

දැන් උනත් ඔය අරලිය මන්දිරේ ටිකක් විසාලෙට ලොකු පත්තිරිප්පුව වගේ ස්ටේජ් එකක් හදලා ෆ්ලෑෂ් පෑක් නායක තුමා වගේ කාරුහරි මියුසිකල් සෝ තියෙන පොරක් ගෙනල්ලා ලොකුවට සවුන්ඩ් දාල.. ආ මල්ලිලා ඔක්කොම දැන් තියෙන පස්න ටික කියන්ඩෝ.... ඔන්න මං ගනන් කරනවා එකායි.. දෙකායි...තුනායි..... 
දැන් මල්ලිලා කන්ෆියුස්.. මල්ලිලාත් ඕකට ලෑස්ති නොවී එන්න බැහැ. නේ.. එයාලත් දන්නවා මේ අලුත් වැඩක් ඇවිත් කියලා.. මල්ලිලා නංගිලා ඔක්කොම කියනවා ..

රොෂාන් අයියේ.. අපිට ඕනි රොකට්....අද ලංකාවෙ වැඩියෙන්ම ලොකු ප්‍රශ්ණයක් තමයි අපිට කියල චන්ද්‍රිකාවක් නැති නිසා චැනල් පේන්නෙ නැහැ. ඒ නිසා අපිට ජනාධිපතිතුමාගේ පණිවිඩ හරියට පේන්නෙ නැහැ. කියලා කස්ටිය කෑ ගහවි. 
ඉතිං ඒ වෙලාවට රොෂාන්ට නෙමෙයි ඕනි පොඩි එකෙක්ට තේරෙනවා නෙව කවුද ඔය පස්නෙට උත්තර දෙන්නෙ කියලා. ඉතිං විය යුතු විදියට ..
ගගන විද්‍යාව පිළිබඳ උපාධිදාරී ...කියලා තව ඇති නැති හෝ පෙන්ඩින් පට්ටං ටිකක් කියවලා..පිළිගන්න උක්කුං රාජපක්ෂ.. උක්කුං රාජපක්ෂත් ඉන්නෙ ඔය මන්දිරේම නොවැ. උන්දැත් එලියට බැහැලා රොකට් ප්‍රහ්ණයට උත්තර දෙනවා. 

ආර්ථික පස්න නම් බෑසිල් අංකල්, ආරක්ෂක සහ නාගරික ප්‍රශ්ණ නම් ගෝඨ අභය...කාල්ටන් සහ වනිතා ළමා ප්‍රශ්ණ නම් ශිරා ආන්ටී.. දැවෙන තරුණ්‍යයට  හොට පිළිබඳ ප්‍රශ්ණ නම් බාත් ෆ්ලවර්(නා මල්)  රාජපක්ෂ.. ඔසී යන ජනතාවට සහ නාවික ප්‍රශ්ණ නම් මද්දු පුතා.. ඌවේ ප්‍රශ්න සහ ස්කන්ධ කුමාරය සම්බන්ධ ප්‍රශ්ණ නම්  ඒජන්ට් ශෂීන් දර.ට කෝල් එකක් අරං ලවුස්පීකර් දාගතහැකි.. ෆෝන් සහ සිග්නල් සහ ඩේටා මදි පස්න ශමීන්ද්‍ර ..රා ජපක්ෂ.. පාර්ලිමේන්තු සම්බන්ධ ගැටලු ආදිය තියනෙම් ඒවා කතා නායක පක්ෂ. ඔය වගේ ලොකු පරාසයක ජනතා ප්‍රශ්ණ එකම තැනකින් එකම වේදිකාවකදි විසඳන්න පුලුවන්. හැබැයි ඉතිං ජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනි. එහෙම නැතුව ඔන්න උඩරට පැත්තෙ ජනතාව ආර්ථික පස්නයක් විදියට අපිට තේ වවන්න කඳු ගැට දියෝ..කියලා කෑ ගහනකොට ඒ අස්සෙ අපිට බෝට්ටු දියෝ කියලා ධීවර ජනතාව කෑ ගහන්න හොද නැහැ. එතකොට ආතල් කැඩෙනවා සහ නිවේදකයා හිර වෙනවා. 


ඔය ප්‍රශ්ණ අරං යන ජනතාවට කන්න බොන්න නිතර දංසැල් ආදිය පවත්වන්නත් ඕනි. අපේ පෙර රජ දවස බුදුන් වහන්සේ සමයෙත් අනේ පිඩු සිටුතුමා, බිම්බිසාර රජතුමා ආදි විශාල රාජ තේජ මහෝත්තමයන් දන් වැට පවත්වා පැන් කැන් පිළිගන්නවා ජනතාවට කෑම බීම ලබාදෙඤ්ඤ ලොකු වෙහෙස මහන්සියක් ගත්තාය කියලා  පොත පතේ තියෙනවා. ඉතිං ඒ විදියට ඈත පිටකොටුවෙ කොටුවෙ හරියෙන් ජනතාව එක්රැස්වෙනකොට හොඳ ගණින නිළදාරියෙක් හෝ හොඳ කැමරා පද්ධතියෙකින් ගණන බලලා අරලිය මන්දිරෙට එනකොට ඒ අයට තේ වතුර, බීම, ෆලූඩා, රෝල්ස්, මාලුපාන්, බනිස් ආදිය සහ දවල් වෙලා එනවනං දවාට කෑම, උදේ පාන්දර එනවනං උදේ කෑම ලෑස්ති කරලා තියන්න පුලුවන්.

මේ වගේ අවස්ථා දුන්නම අපේ ජනතාව ඒවගෙන් අයුුත පොරෝජන් ගන්න පුරුදු වෙනවා. ඒ නිසා ඒවා මඩින්නත් ආන්ඩුවට ලොකු වැඩපිලිවෙලක් කලින්ම හඳුන්වා දෙන්න ඕනි. නැත්තං පිටකොටු පැත්තෙ නාට්ටාමිලාට හවසට බොන්න නැතිවුනත්..ජනපති තුමනි අපිට අරක්කු බොන්න බැරිවෙන්න බදු වැඩි කල පරයා එලවා අරක්කු මිල අඩු කරනු. කියලා සීයක් දෙසීයක් එකතු වෙලා මන්දිරේට යාවි.  ඕකුන්ට දවසක් ඔතන මනුස්සකමට මන්දිරෙ ගානෙ අරක්කු ටිකක් බොන්න දුන්නම ආයි සම්මජ්ජාතියෙ ඕකුං ඔතනින් හොල්ලන්න බැහැ. ඒ නිසා ඒ වගේ වෙලාව එක සාමාන්‍ය ජනතාවෙක්ට මන්දිරේට එන්න පුලුවන් අවස්තාව දින සීයකට විතර එකවතාවක් විදියට වෙනස් වෙන්න ඕනි. ඒත් ඉතිං හැමදාම ප්‍රශ්ණම තියෙන කාල්ගාන්ත, ටිල්වින්, තිස්ස අට්ටනායක, කුමාරලා.. වගේ අයට සතියට වරක් වගේ ඇතුලට එන්න චාන්ස් එක දෙන්න ඕනි. හැබැයි එනකොට ඇතුලට ගන්න නම් උද්ගෝෂණයේ සෙනග දාහට වැඩි වෙන්න ඕනි කියලත් නීතියක් පැනෙව්වොත් හොදයි. මොකද එතකොට ලොකු සයිස් ඒවා විතරයි ඇතුලට ගන්නවෙන්නෙ. නැත්තං මේ අපේ වාට්ටුවෙ දොස්තර මහත්තයා මට මොට ආයුදෙන් හැන්දෑවෙ තට්ටුවක් දැම්මා කියලා ස්ටයික් කරන නර්ස් නෝනලාත් මන්දිරේට ම ඒවි. ( අර  අහිංසක කොල්ලො තුන්දෙනත් නරක් වේවි ඔය එක එක ගෑනු කුට්ටි පිටින් ඇතුලට ආවොත්..)

මේක හුදෙක්ම විහිලුවක් විදියට පෙනුනත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් නම් හොදයි නේද? හිතන්න ඔන්න සල්ලි තියෙන මනුස්සයෙක් පිටරට එක්ක කතා කරලා පොල් ලෙලි වලිං බුරුසු හදන්න පටන් ගන්නවා. මේ මනුස්සයා මුලදි සේවකයො දහයක් දොලහක් අරං වැඩ කරනවා. පස්සෙ අර සේවකයො මදි වෙලා දැන් එතන සේවකයො සීයක් දෙසීයක් වැඩ. මේ දෙසීයක් විතර සේවකයො අස්සෙ ඉන්නවා එක්තරා පක්ෂයක යූනියන් කාරයෙක්. පොර ඉතිං මිනිස්සු කුලප්පු කරලා යූණියන් එකක් අටවගෙන දවසක් මහ හයියෙන් අර පොල් බුරුසු කොම්පැනිය ඉස්සරහ උද්ගෝසනයක. දියව් දියව් තමයි හයියෙන්ම ඇහෙන වචන ටික. ඔය වගේ වෙලාවට තමුන්ගේ කොම්පැනිය තියෙන තැන.. තමුන් ණය වෙලා තියෙන තරම.. තමුන් මේ වියාපාරෙ ගොඩනගාගත්ත හැටි අර බුරුසු කොම්පැනියෙ අයිතිකාරයට කෙළින්ම යූනියන් අය නැතුව සියලු සේවකයින්ට ලොකු පීකරේකින් කියන්න පුලුවන්. 

ඒ වගේම තමුන්ගේ කොම්පැනිය අනික් කොම්පැනි එක්ක බලනකොට ගෙවන වැටුප් සහ ප්‍රතිලාබ වල වෙනස. කම්පැනිය දියුනු කරන්න සල්ලි ඉතිරි කරගන්න එකේ තියෙන වැදගත්කම. කම්පැනිය මේ වගේ වැඩ නිසා කඩා වැටුනොත් වෙන අබාග්‍ය සම්පන්න තත්වය..  අර බුරුසු කොම්පැනියෙ අයිතිකාරයාට කෙලින්ම ජනතාවට පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් හොදයි. එතකොට මිනිස්සුන්ට අර ලොක්කා කෙරෙහි සැබෑ බැඳිමක් ඇතිවෙනවා.එ ්වගේම තැන් තැන් වලට කඩේ ගිහින් වැඩ නොකර මිනිස්සුන්ගේ තුට්ටු දෙක එකතු කරගෙන යූනියන් අටවලා කොම්පැනි වට්ටලා මිනිස්සුත් පාරට බස්සගෙන කෝලං කරන කෝලං කාරයින්ට යන එන මං නැතිවෙනවා.

යූනියන් කියන්නෙ හොඳ සංකල්පයක්. හැම දේකටම විකල්ප අදහස් තිබෙනවා. සමාගම් හෝ ආයතන ගැන විකල්ප මානයකින් දකින්න වෘත්තිය සමිති හේතු වෙනවා. නමුත් මා දකින ලාංකිය වෘත්තිය සමිති කියන්නෙ අමුතු දෙයක්. සැබෑවටම සේවක ප්‍රශ්ණ වලට වඩා වෙනත් ගැටලු තමයි ඉස්සරහට යන්නෙ. ඒ වගේම නිතරම වැටුප සහ ප්‍රතිලාභ පිණිසම පේ වෙච්ච සෙට් එකක් තාමත් ලංකාවෙ ගොඩක් යූනියන් වල ඉන්නවා. කාල්ගාන්ත කියන්නෙ මං දකින විදියට වෘත්තිය සමිති මුවාවෙන් ඉතාම පටු දේශපාලන අවශ්‍යතා දිනාගන්න හදන අවස්ථාවාදියෙක්. . මං නොදන්න හින්දා ඔ්ය කාල්ගාන්තසෙට් එකට කඩේ යන අයගෙන් පොඩි ලිස්ට් එකක් ඉල්ල ගන්න ඕනි කියල හිතුවා.. කාල් ගාන්ත මැදිහත්වෙලා විසඳපු වෘත්තිය ගැටලු මොනවද? දිනාගත් සටන් මොනවද? 

ප.ලි :- මේ ලිපිය අවසාන කිරීමට කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය නම් කෘතිියේ වැඩි වැටුප් ඉල්ලා නිතර උද්ඝෝෂනය කරන වෘත්තිය සමිති වල ඇති නිසරු සහ අසාර්ථක බව පිළිබඳ වූ කොටසක් උපුටා දැක්වීමට අවශ්‍ය වූ මුත් අවාසනාවට මා ළඟ දැන් ඒ පොත නැත.

5 comments:

  1. ඇත්තටම විහිළුවක් කියලා ගන්නේ නැතුව බැලුවොත්....ඇයි පාළකයින්ට මුණ ගැහිලා, සාකච්ඡා කරලා මේවාට කලබල නොවී උත්තර දෙන්න බැරි. අමිලගේ අයිඩියා එක නියමයි. එතකොට හැමෝම සැටිස්නේ.

    ReplyDelete
    Replies
    1. බැරියර දාන නිසා තමයි කඩාගෙන එන්නේ.. බැරියර් නැතුව ඕනි තැනක රිංගල බලාන්ට කිව්ව නම් හරි.. අනික මෑත ඉතිහාසයේ උඩදාගෙන ගිය ගොඩක් උද්ගෝෂණ වල (බැංකු සංගම් එක හැර) ඉන්නෙ බොහොම සුලු පිරිසයි...ඒ අය ස්වල්ප දෙනා නම් පොඩි තැනකට වුනත් ඇතුලට ගත හැකි.. කිසි අවුලක් නැතිව..

      Delete
  2. කිව්වත් වගේ මේ පවුලට රට ගිය එකෙන් අපේ සෑහෙන ප්‍රශ්න ගොඩකට උත්තර ගන්න පුළුවන්..සෑම දෙයක්ම එකම පවුලක් යටින්...

    ReplyDelete
  3. විහිළුවක් නෙවෙයිනේ මේක... ඇත්තටම වෙන්න ඕනෙ දේ...

    ඒ උනාට මෙලෝ යකෙක් සත පහකට ගනං ගන්නෙ නැති, මේ ලෝකෙ වැඩකදි සත පහකට වැඩක් නැති, බෝම්බයක් ගහන්න හරි වෙන මහන්සියටත් පාඩු ඇමති මැති මී හරකුත් ඉස්සරිහුයි පස්සෙනුයි ඩිෆෙන්ඩර් දෙකක් දාගෙන සයිරන් ගහගෙන යන රටේ, මේ කියන ටික මේ ආත්මෙදි නං වෙන එකක් නෑ... අන්න ඒකයි දුක...

    ReplyDelete
  4. හැබැව හැබැව මෙතනින් තමයි හැමතිරනෙම ගන්නෙ.වැව මැද හොටෙලෙ ඉන්න කට්ටිය ඉතින් අවන්හලක ඉපදි මා කියාගෙන ජොලියෙ ඉන්නව ඇරෙන්නෙ කරන මගුලක් නැනේ

    ReplyDelete