Tuesday, July 29, 2014

Children of Men දරුවා ගේ මිනිහා


යුද්ධය දරුනුයි. ජීවිත අහිමි කරවන කටුක බවක් යුද්ධය තුල තියෙනවා. හැමෝම අපේ කමට ආසයි. අපේ දේවල් වෙනුවෙන් මැරෙන්න වුනත් ඒ අතරින් කිහිප දෙනෙක් යොමුවෙනවා. ‍මානුෂිය මුහුනුවරින් ගත්තොතින් යුද්ධය කියන්නෙ මහ විනාසයක්. නමුත් ලෝකය පවතින්නෙ යුද්ධය නිසා. තරඟය නිසා. මිනිස්සු ජාතියක් විදියට අනෙක් සතුන්ට වඩා දියුනු වුනේ සොබාදහම තියෙන විදියටම පිළිගන්න බැරිවුන නොහික්මුන මිනිස් මනස නිසා.
දෙවනි ලෝක යුද්ධය වෙනකල් අපේ රට ඉන්දියාව ඇතුලු විශාල ප්‍රදේශයක් බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබුනා. 1820 ත් 1860ත් අතර අවුරුදු තිහ ඇතුලෙ ලංකාවෙ ඉන්දියාවෙ ආදී බ්‍රිතාන්‍ය යටත් විජිත වල ඉපදුන මිනිස්සු සුද්දො නැති රටක් දැකලා තිබුනෙ නැහැ. ඒ අය හිතන් ඇති මුලු ලෝකෙ කියන්නෙ සුද්දො කියලා.


නමුත් හිට්ලර් සහ ජපන්නු ලෝකෙ වෙනස් කලා. එයාල ලෝකෙ 1920 වෙනකොට තිබුන තත්වෙන් උඩු යටිකුරු කරපු 1950 දශකයක් ලෝකයට එකතු කලා. දෙවනි ලෝක යුද්ධය මහා විනාසයක්. නමුත් ඒ විනාසය කියන්නෙ ලෝකෙට අලුත් නිෂ්පාදන රාශියක් බිහිකරපු නව ආලෝක කදම්භයක්. වෛද්‍ය කර්මය, තාක්ෂණය, වගා කටයුතු ආදි බොහෝ ක්ෂේත්‍ර යුද්දෙන් පස්සෙ නව නැම්මකින් ලෝකයට එකතු වුනා.

එදා හිට්ලර්ගේ කාලෙ යුද්දෙන් මිනිස්සු ලක්ෂ ගනන් මිය පරලොව ගියාට ඒ මිය පරලොව ගිහිපු ජීවිත හිමි වුන යුද්ධය නිසා තවත් මිලියන ගානක ජීවිත එළිය දෙන්න හැකියාවක් තියෙන අලුත් ලෝකයක් බිහි කලා. අමාරුවෙන් හරි ලෝකෙ ඇතුලෙ දැනට බිලියන 7ක මිනිස්සු ඉන්නෙ ආන්න ඒ මිනිස්සුන්ගේ නොනවතින සොයාගැනීම් වල සිදුවුන අලුත්බව නිසා.
හැබැයි හැම වෙලාවෙම යුද්ධය ගැන සුභවාදීව හිතන්න බැහැ. කවර ආකාරයිකින් යුද්ධය පිරිසකට ආතල් පොම්ප කලත් අනෙක් යුධ බිමේ ඉන්න පිරිසට ඒක මෙලොව අපායක්. 2008-09 කාලෙ අපේ රටේ මිනිස්සු ප්‍රවෘත්ති කියනකල් කට ඇරං බලාගෙන ඉන්නවා ස්කෝර් බලන්න. එල් ටී ටී ය ගොඩක් මැරිල නං ආතල්. හමුදාව ‍ගොඩක් මැරිලනං ඒක දුකයි.


මේ චිල්ඩර්න් ඔෆ් මෙන් ෆිල්ම් එක ඇත්තටම යන්නෙ ළමයි නැති වටපිටාවක ළමයි අලුතින් ලැබෙන එක අරුමයක් ‍වුන වටපිටාවක බිහිවන දරුවෙක් වටා. දරුවා ලැබෙනවා. ඒත් ඊට වඩා ෆිල්ම් එකේ ඉස්මතු කරන්න යන්නෙ යුද්ධය. යුධබිමක තියෙන කටුක බව සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන කඨෝර බව මේ ෆිල්ම් එකෙන් පෙන්වනවා.

යුද්ධ තියෙන වටපිටාවකදි මිනිස්සුන්ගේ වටිනාකම තරඟයක ලකුනු මට්ටමට පහල වැටෙනවා. මිනිස්සු මැරෙන එක වෙරි සිම්පල් කේස් එකක් බවට පත් වෙනවා. විනාසවෙන දේපල එක් පිලකට හෝයි දාන්නත් අනික් පිල අඩවන්නත් හේතු වාසනා වෙනවා.
මේ ෆිල්ම් එකේ කතාව තීරණය වෙන්නෙ දැනුම් මට්ටම් සහ හිතන ආකාරය අනුව. කෙනෙකුට මේක මෙලෝම රහක් නැති එකක් වෙන්න පුලුවනි. තවත් කෙනෙක්ට මේක එල ෆිල්්ම එක්ක වෙන්න පුලුවනි.තව අයට පිපිඤ්ඤා වගේ රසක් නැති දෙයක් වෙන්න පුලුවනි.

මේචිල්ඩ්රන් ඔෆ් මෙන් ෆිල්ම් එකේ ඩිරෙක්ටර් අල්ෆොන්සෝකූරන් කියලා කෙනෙක්. එයා තමයි 2013 වසරේ ජනප්‍රිය සම්මානනීය චිත්‍රපටියක් වුන ග්‍රැවිටි ෆිල්ම් එක ඩිරෙක්ට් කලේ.

. ෆිල්ම් එකේ කතාව විස්තර කිරීම මේ Film එකේදි කරන්න අමාරුයි. මොකද කතාව කිව්වොත් බලන කොට වැදගත් තැන් ගොඩාරියක් මිස් වෙනවා. 1.23:40 කියන තත්පරයේ සිට 1.23:49 කියන තත්පර නවය අවධානයෙන් බලන්න. සිංහල කටහඬකින් අඬන අම්ම කෙනෙක්ගේ විලාපය ඇහෙනවා.මට ඇහුන විදියට නම්  මේක බොරුවක් නම් නෙමෙයි ඇත්තටම සිංහල කටහඩක් තමයි එතනදි විලාප දෙන්නෙ. අම්ම කෙනෙක් "හනේ දෙයියනේ ..මගේ පුතා මාව දාල ගියා මේ හොඳ ලමයව ඇයි?” කියලා කෑ ගහනවා. පේන විදියට නම් අනෝමා ජිනාදරී වෙන්න ඕනි නිලිය

මම බලපු කොපි එකේ අවුලද්ද දන් නැහැ..කියන්න බැහැ නේ..අපේ අයියලා පස්සෙ කෑල්ලක් සිංහලෙන් ඩබ් කරලා ටොරන්ට් එකක් දාලද දන් නැහැ  නේ.. 

අයි ඇම් ඩී බී ලිංක් එක :- http://www.imdb.com/title/tt0206634/?ref_=nm_knf_i2
බයිස්කෝප්ප එල් කේ ලිංක් එක :- මෙතන

5 comments:

  1. බලන්න වටින ෆිල්ම් එකක් වගේ

    ReplyDelete
    Replies
    1. දන්නැති නිසයි අහන්නේ.චිල් රන් ඔෆ් මෙන් කියන්නෙ මිනිස්සුන්ගේ දරුවෝ කියන එක නේද?

      Delete
  2. නෑ මේකෙ අැත්තටම සිංහල කෑල්ලක් තියේ...
    මේක ගැන මං සෑහෙන දවසකට කලිං ඇහුවෙ...
    ඒත් ටොරන්ට් එකක් හොයාගන්න බැරිවුණා

    ReplyDelete
  3. පට්ටම film එකක් කට්ටිය අනිවා බලන්න

    ReplyDelete
  4. ෆිල්ම් එක ටිකක් කාලෙකට කළිං බැලුවා.එහෙම සිංහල සීන් එකක් ඇහුනේ නෑ නෙව.බලමුකෝ ආයේ හොයා ගන්ඩ පුළුවන්ද කියලා.

    ReplyDelete