Wednesday, July 30, 2014

ප්‍රතිලාභ සහිත යහළුවෝ Friends with Benefits


වෘත්තියමය වශයෙන් ගෑනු පිරිමි එකතුවෙලා ඒ අය පස්සෙ කාලෙක ආදරය කරන්න පටන් ගන්න සිද්ධි අලුත් දේවල් නෙමෙයි. ඒ වගේ කතාන්දර සහ චිත්‍රපටි කියන්නෙත් අලුත් දෙයක් නෙමෙයි. වෘත්තියමය වශයෙන් සමීපව වැඩකරන තරුණ මානව මානවිකාවන් වෘත්තිය බැඳීමෙන් එහාට ගිහින් ආදරය කරන සිද්ධිය තුල පොඩි කිතියක් තියෙනවා. ඔවුන්ට වෘත්තිමය බැඳීම සහ ඉබේම ඇතිවන ස්ත්‍රි ප්‍රරුෂ ආකර්ශනය අතර පොඩි ගැටුමකට මුහුන දෙන්න සිද්ද වෙනවා. වෙලාවකට අර ගිවිසුම් ගත හෝ සාම්ප්‍රදායානුකූල වෘත්තිය බැඳීම ආරක්ෂා කරගන්න වෙනවා. තවත් වෙලාවක තමුන්ගේ සිතේ ඇතිවෙන හැඟීම් සහ ආශාවන්ට මුහුන දෙන්නෙ කොහොමද කියල හිතන්න වෙනවා.
මම ආදරය ගැන කතාකරන්න තරම් ආදර පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙමෙයි. ආදරය සම්බන්ධ ආදරණීය රක්ෂාවකට වුනත් මා නුසුදුසු වෙන තරමට මගේ ආදර පළපුරුද්ද අඩුයි. ඒත් ඒ ආදරයේ යෙදුන කුඩා කාලය ඇතුලත මම වටහා ගත්ත දෙයක් තමයි ආදරය කිරීම හෝ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයක් දිගට අරගෙන යනවා කියන්නෙ ටිකක් මොලේ වෙහෙසන වැඩක්. උදාහරණ විදියට අපිට අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න ඕන වුනා කියල හිතමු. අපි ගියා ඇග්‍රිමන්ට් අස්සන් කලා ගත්තා. එතකොට අපිට තියෙන අයිතිවාසිකම් වගේම ජාලය සපයන කොම්පැනියටත් සීමාවන්, අයිතීන් තිබෙනවා.
වේගය අඩු නම් සේවාව සවුත්තු නම් අපිට කෝල් එකක් අරගෙන අන්තර්ජාල සේවා සැපයුම්කරුට පරුෂ වචනයෙන් බනින්න පුලුවනි. අපි වැඩිපුර හෝ ගාල ඉන්ටනෙට් පාවිච්චි කරලා සල්ලි ගෙවන් නැතුව බුල ගහනවා නම් ටෙල් සර්විස් කම්පැනියට පුලුවන් අපේ සම්බන්ධතාවය විසන්ධි කරන්න.
එතනදි පැහැදිලි සීමාවක් තුල සමාගම අපිට සපයන ජාල සැපයුම තීරණය වෙනවා. ඒක පට්ට සරලයි. නමුත් ආදරය වගේ සේවාවක් ඒ විදියට විග්‍රහ කරන්න හිතන්නවත් බැහැ. වෙලාවකට එයා මට ආදරය නොකර මග අරිනවා නොසලකා හරිනවා කියලා දැනෙන කොට තමයි මගේ ආදරය පිකප් වෙන්නෙ. එතකොට තමයි මට ඉරිසියාව ක්‍රෝධය ඇතිවෙලා ආයිත් ඒව නැතිවෙලා නැවත ආදරය කරන්න ඇයගෙන් ඒ ගැන ප්‍රශ්ණ කරන්න පෙළඹෙන්නෙ. නමුත් අන්තර්ජාලය වගේ සේවාවක් එහම නැහැ. අපි හිතන ප්‍රමානෙට ලෝඩ් වෙන් නැත්තං මුගෙ අම්මට නිදි වදින්න කියලා කොම්පැනිය ගැන පරුෂ වචන පේලි පේලි හිතේ ඇතිවෙනවා.
පරණ බණ පොත් වල, කතා පොත්වල වගේම චිත්‍රපටිවලිනුත් ආදරය කරන්න ඕනි විදිය සම්බන්ධතාවයක් යහපත්ව පවත්වා ගන්න ඕනි විදිය ගැන ආදර්ශ තිබෙනවා. කොටින්ම කිව්වොත් ආදර ටෙම්ප්ලේට් බොහොම අඩුවට ඕනි තැනකින් අපිට ගත හැකි. ඊට අමතරව අපි හැමෝගෙම මනසේ තිබෙනවා ආදරය කිරීම සහ රිලේශන්ෂිප් එකක් පවත්වාගෙන යෑම ගැන දල අදහසක්. නමුත් මහපොලවට ඇවිත් ටික දිනක් අපි ආදර සම්බන්ධතාවය තියාගෙන පවත්වගෙන යනකොට අර පොත්වල,චිත්‍රපටිවල, ෆෝමැට්වල, ටෙම්පේලෙට් වල නැති ගැටළු එනවා.
ආදරය කිරීමේදී එක පැත්තක් විතරක් කැපවීම ්කරන්න ඕනි. එයා මං කියන දේ අහන්න ඔනි. මම කොයිතරං දේවල් කලාද ඒව ගැන එයා හිතන්න ඕනි.. ආදී විකාර බයිලා ලෙසන් ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම දෙයක්ම භෞතිකයි. සමාරවිට සිදුවෙන සිදුවීම් සමහරක් පවා භෞතිකයි. එතනින් එහාට ගිහිපු අදෘෂ්‍යමාන අමුතු ජාතියක බැඳීමක් ආදරය කරන දෙදෙනෙක් වටා ඇතිවෙනවා.
මේ ෆිල්ම් එකේ ඒ දේ ලක්ෂණට පෙන්වනවා. ආදරයේ කෙළවර හෝ ලිංගිකත්වය තියෙන්න පුලුවනි. නමුත් සමස්ථ ආදර කතාවම ලිංගිකත්වය මතම පදනම් වෙන්නෙ නැහැ. හින්දි චිත්‍රපටිවල දුෂ්ඨයා නළුවාගෙන් ගුටි කනවා. අවසානෙ දුෂ්ඨයා මැරෙනවා. නමුත් මුලු ෆිල්ම් එක කියන්නෙ අර දුෂ්ඨයා මැරෙන විනාඩි දෙක තුනක ෆයිට් සීන් එකට නෙමෙයි. ඒක එක දෙයක් විතරයි.
මේ ෆිල්ම් එක කොමඩිමය ආදර කතාවක්. මේකෙ නළුවා ජස්ටින් ටිම්බර් ලේක්. නිළිය නම් පට්ට. නිළිය සැබැවින්ම හින්දි නිළියක් වගේ ලස්සන ඇස් දෙකක් තියෙනවා. ඊටත් වඩා නිළියගේ මම ආස එයාගෙ විටින් විට බිඳෙන වචන උඡ්චාරනය කරන විදියට. ඉස්සර කාලෙ ටීවි එකේ කතාවක් තිබුනා කමල් අද්දරආරච්චි රඟපාපු. ඒකෙ හිටියා අලුත්ම නිළියක්. ආන්න එයාගෙත් කටහඬ ටිකක් මේ වගෙ බිඳෙන ගතියක් තිබුනා. මේක අයි ඇම් ඩි බී රෑංක් වල 6.4ක් ගතපු ෆිල්ම් එකක්. නමුත් මම නම් 8.6ක් වගේ ලකුණු ගොඩක් දෙනවා මේ ෆිල්්ම එකට.. 

සෝනි සමාගමේ ෆිල්ම් එකේ ඔෆීෂියල් සයිට් එක මෙතන.  
අයි ඇම් ඩී බී ලිංක් එක මෙතන
බාන්න ටොරන්ට් හොයාගන්න ඕනි විදිය මෙතන

4 comments:

  1. Replies
    1. නංගි ෆිල්ම් එක බලලද තැන්ක්ස් කලේ ?
      නැතිනම් බලලම එන්නකෝ

      Delete
  2. තැංකියු වේවා...
    මේ පාරටොරන්ට් සර්ච් එකත් දීල තියෙන්නෙ

    ReplyDelete
  3. http://www.baiscopelk.com/friends-with-benefits-2011-%E0%B6%BA%E0%B7%84%E0%B7%85%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF-18-%E0%B7%83/

    ReplyDelete