Sunday, July 6, 2014

ගෙදර අවට පොටෝ nearby home

මකුලුවෙක් ඇවිත් සෙරප්පුව උඩ. ලක්ෂණ මකුලු පැටියෙක්ද මන්දා. 
දුංකල බණ්ඩා,බඩහැලය තන්තිරිය
Wasp Moth - Amata passalis
පවු සතා වැස්සට තෙමිලා. මුගේ නම නම් මොකද්ද දන් නැහැ. 
Gray wall Jumping Spider - Menemerus bivittatus
කලිං මකුළු බබාමයි. එයා බිම ඉන්නකොට තමයි මේම පේන්නෙ. 
මෙයාගේ අයියා කෙනෙක් මනුස්ස අයියා කෙනෙකුට විදලා එයා ඉස්පයිඩර් මෑන් වුනා. පහුගිය කාලෙ ස්පයිඩර් මෑන් කොළඹත් තැන් තැන් වල උන්නා. මේ බේබි ස්පයිඩර් කෙනෙක් බිත්තියක් දිගේ යන්න පොඩි උත්සාහයක් දරන හැටි. 
මේ බිත්ති පැල්ම අස්සෙ කෑල්ලක් ඉන්නවද දන් නැහැ මූ එච්චරම හොයන්නෙ. කවුද දන්නෙ මකුළුවට මුකුළු කරන්න මකුළු කෑල්ලක් හැංගිල ඉන්නෝද කියලා.
මේ අල්ලපු ගෙදර කොස් ගහ. හම්බේ ගෙඩි. අල්ලපු ගෙදර කස්ටිය නැති වෙලේ තමයි පොටෝව ඇල්ලුවෙ. නැත්තං ඇස්වහ කටවහ වදිනවා කියනවා නේ. මේක කිරි ගහක් නිසා ඇස්වහ හෙම වදින් නැතුව ඇති නේද? 

පහුගිය කාලෙ අපේ පුංචි වත්ත මැදින් අලියෙක් ගිහින් තිබුනා. ඌ හෙන දුරකතර ගෙවාගෙන බෙලිඅත්තට ම ඇවිත්. මේ අල්ලපු ගෙදර ගාවිනුත් ගිහින්. අපේ තාත්තට ඌ අපේ වත්ත උඩින් යනකොට තිබුන අඩිපාරවල් හෙම හමුවෙල තිබුනා. වැඩේ කියන්නෙ ඌ  කිලෝමීටර් සීයක් විතර ගිහින් තියෙනවා. තනි අලියෙක් වෙන්න ඇත. මිනිස්සුන්ට කරදර කරලාත් නැහැ. ඒත් අල්ලපු වත්තක මයියොක්කා ටිකක් නම් දෙසාබාල තිබුනා. ඌ වලවෙ ගගෙන් එගොඩ වුනාද? රන්නෙ ඔය පැන්නද? එතකොට වතුරු තිබුන තැන්වලින් අලිය වතුරෙ බැහැල ගියාද? ඌ ඒ තරං දුර ගියේ ඇයි? දහසක් පස්නවලටඋත්තර දන්නෙ ඌම තමයි.අපේ ගෙදර තියෙන්නෙ මහපාරෙන් මූද පැත්තෙ. ඒ කියන්නෙ බෙලිඅත්තට ගිය ඒ අලියා මහපාර සහ විශාල දියපාරවල් කිහිපයක්ම හරහා ගිහින් තියෙනවා.
Common Rose - Pachliopta aristolochiae

කලු සමනලයා.
Ground Skimmer - Diplacodes trivialis - male
නිල් බත්කූරා..
ස්පාඤ්ඥෙට යවන්නෙ නැති පිපිඤ්ඤා. වරුසාව නැති නිසා වගාව හේ ගිහින්. . බෙලිඅත්ත පැත්තෙ අලුතින් කෝච්චි පාර හදන නිසා ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා වැසි නවත්වනවාය කියලා අමු පචයක් අපේ ගම පැත්තෙ පැතිරිලා. මම පුද්ගලිකව හිතන්නෙ නැහැ ඒ තරං තාක්ෂනයක් අපෙ අය තාම පාවිච්චි කරනවාය කියලා. 
කොළඹ ගෙනල්ල පොලිෂ් කරලා හොඳ ගානකට සතෙක් වගේය කියලා විකුනන් පුලුවන් කොටයක්. 

වැල්පෙනෙල කිනිත්තක හිටපු පලිබෝධකයෙක්. තද හුලගට වැල් පෙනෙල වැල ගැස්සෙන නිසා පොටෝ ගන්න අමාරුයි. ඒ පාර වැල් පෙනෙල කිනිත්ත කට් කරලා අර පෙර තිබුන කොටෙ උඩට පේස්ට් කරලා දැම්මා. අහ් දැන් ඉන්නෙ බබා වගේ සතා. 
මේ ඉන්නෙ අර වැල් පෙනෙල නටුකෑලි වලටත් වඩා පුංචි මැස්සෙක් විතර සතෙක්. දිරමින් තියෙන කොට කෑල්ල උඩ ඉන්න නිසා යසට පේනවා. 
Oriental garden lizard - Calotes versicolor

කිඹුල් හූනෙක් නම් නෙමෙයි. මේ කටුස්සෙක්. පොල් ගහ බදාගෙන නගින්න හදනවා. 
Common Crow - Euploea core
කළු සුදු සහ අළු සමනලයෙක්. 
Common Tiger - Danaus genutia
තැඹිලි පාට සමනල උන්නැහේ කෙනෙක්.මුං නම් ගොඩාරියක් උන්නා. 

වට්ටක්කා මලකට වහපු මී මැස්සෙක්. තව මී මැස්සෙක් මල ඇතුලෙ ඉන්නවා. 
 අපේ වත්ත උඩින් යන මොණරු සෙට් එකක්. මුන් දුවනවා නේ. පොටෝ එකකටවත් ඉන්න කැමති නැහැ. මුන් දන්නවා නම් අපේ ගෑනු හෙම පොටෝ ගහනවා කිව්වම හැඩවෙන තරම..හප්පා එහෙනං නැවතිලා හිනාවකුත් දාල යාවි.

 ඉතිං තලගොයි කබරගොයි.ගෙම්බො හූනො කොරවක්කො, මීහරක්, බල්ලො, වාගේ දුර්ලභ ජීවින් ගේ පිංතුර තව තිබුනත් මං බලන අයට දිග වැඩි වෙයි කියාල හිතල දැම්මෙ නැහැ. පස්සෙ තව ලැබෙන විදියට පිංතූරු දාන්න බලාන්නං.

37 comments:

  1. මම අහලා තියෙන විදියට වැල් පෙනල අත්ත කට් කරලා කොටේ උඩට පේස්ට් කරන ඒවා වගේ දේවල් වනජීවී ඡායාරූප ආචාරධර්ම වලට එකඟ නැහැ... එතන තියෙන පරිසරයට වෙනසක් නොකර පිංතූර ගන්න තමයි උනන්දු කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්..මේක වනාන්තරය නෙමෙයි..පෙනෙල වැල හුලගට ගැස්සෙනවා හෝ ගාල.. ඒ වගේ වෙලාවක හරි අමාරුයි කැමරාව එක පොයින්ට් එකකට අල්ලන්න..

      Delete
    2. බීටල්
      //වනජීවී ඡායාරූප ආචාරධර්ම වලට එකඟ නැහැ//
      කවුද දැං ආචාරධර්ම ගැන කතා කලේ? අමිලගෙ ලිපිවල වගේම පින්තූරවලත් මේවගේ කෑලි එමටයි. මම නං එන්නෙ ඒව රසවිඳින්න.

      Delete
    3. ආචාරධර්ම ගැන කතාකලේ මම විතරයි... :) ඇත්තටම මම මේ ගැන කතාකරන්න සුදුසුම පුද්ගලයා නෙමෙයි... වෘත්තීය ඡායාරූපශිල්පියෙක් මේ පෝස්ට් එක දැක්කොත් ඒ ගැන හොඳට පැහැදිලි කරලා දේවි...

      මම එන්නෙත් උඹ රසවිඳින ඒවා රස විඳින්නම තමයි... ඒක උපරිමයටම නිසා තමයි අරහෙම කිව්වෙත්... අමිල කල දේ සුලුදෙයක් වගේ පෙනුනට ඒකේ දිගුව හොද නෑ... ඒ නිසයි අනතුරු ඇඟවීම...

      මීලඟට වෙන්ඩ පුළුවන් උදා :

      1. මකුලුදැල පොටෝ එකට හරියට අහුවෙන්නෑ... පවුඩර් ටිකක් ඉස්සම බබා වගේ ආවා...

      2. මේ ඉන්නේ අලුත් උපන් පැටව් ටික... කූඩුවෙන් අරන් එළිය තියෙන තැනකට පේස්ට් කලා... ඔය ඉන්නේ බබා වගේ...

      වැල්පෙනෙල පලිබෝධකයා රසවින්දාට ඉහත උදාහරණ දෙක උඹ රසනොවිඳින බව මට විශ්වාසයි...

      Delete
    4. // කවුද දැං ආචාරධර්ම ගැන කතා කලේ? //

      බීට්ල් නෙ කතා කරේ. ඇයි කලින් දැකල නැද්ද?

      මෙහෙමයි. ඉතින් ගෙදරක තියන වැල් පෙනෙල වැලක් කියන්නෙ කැඳකට හරි වත්ත සුද්ද කරන කොට හරි උනත් කැපිල යන්න පුලුවන් දෙයක්. ඒක නිසා මෙතන කන්ටෙක්ස්ට් එක ඇතුලෙ ඕකෙ මක ඉෂූ එකක් මමත් දකින්නෙ නෑ.

      ඒත් සාමාන්යයෙන් පරිසර ෆොටෝග්‍රෆර්ස් ලට කියන්නෙ
      leave nothing but footprints
      take nothing but photos
      කියලා. එහෙම බලන කොට අත්ත හෙල්ලෙන හින්දා කපල අරන් පින්තූරෙ ගත්තා කිව්වම මටත් පොඩි ideological බෑඩ් ටේස්ට් එකක් ආවා. හරියට ගායකයෙක් ලිප් සින්ක් කරා වගේ. ඒකෙත් ප්‍රායෝගිකව බැලුවොත් වැරැද්දක් නෑ නෙ?

      අමිල ඔය නම නොදන්න සතාට අපි පොඩි කාලෙ කිව්වෙ දුංකල හෙට්ටි කියලා. තැඹිලි පාට සමනලයා කොමන් ටයිගර් - කලු එකා මට මතක විදියට indian chevalier වගේ නමක් තියෙන්නෙ - දසක දෙකකට විතර එහා ටෙලිකොම් කැලැන්ඩර් එකක ඕකෙක් හිටියා.

      Delete
    5. අමිල ගෙ පෝස්ට් මමත් බලන්නෙ ඔය සරල ආතල් නිසා. ගොඩක් වෙලාවට බරසාර බ්ලොග් බලන්න වෙලා නැති වෙලාවටත් මම මේක බලනව.

      Delete
    6. කුනුහරුප හෑල්ලක් නැතුව මෙහෙම දෙයක් කරපු එක කොච්චර දෙයක්ද?ඉස්සර වගේ නෙමෙයි දැන් සිංහල බ්ලොග් අවකාශය.කිසිදු ස්වයං වාරනයක් නැති, ආත්ම සංයමයක් නැති,තමන්ගේ හෝ පවුලේ හෝ ගෞරවය ගැන තැකීමක් නැති, හිතෙන සියලුම අව මානුශීය හැඟීම් කිසිදු පාලනයකින් තොරව ලියන අමුතුම කොට්ඨාශයක් සිංහල බ්ලොග් ලොවට ගොඩ බැස ඇති බව පෙනී යයි.කුනුහරුප නොලියා ඉතා සාර්ථක බ්ලොගක් කළ හැකි බවට හොඳම උදාහරනය ඉතා ජනප්‍රිය ''තිලක සිත'' බ්ලොගයි.තමා ලියූ දෙය නිසා ඉදිරියේදී තමාගේ දරුවන් ඉදිරියේ ලැජ්ජා සිතෙනවානම් එවැනි දේවල් නොලියා සිටීම හොඳ යයි සිතෙයි.මේ අදහස පිලිගැනීම හෝ නොපිලිගැනීම තමා සතු අයිතියකි.ඇනෝ ප්‍රොෆයිල් එකක් ඇති නිසා ඇනෝ කමෙන්ට් කළෙමි.අඩෝ තෝ කොන්දක් ඇති එකෙක් නම් හරි නමින් වර කියා රෙදි කරට ගෙන සිංහ නාද කිරීම ඔබ සතු අයිතියකි.

      Delete
  2. මේවයින් එක එක ගානේ අර සුපුරුදු විදියට අදාල නැති පින්තූර කියා ඔය ලියන වෙනත් කතන්දර අස්සේ එබුවානම් ඉවරයි නේ?

    ReplyDelete
    Replies
    1. මේ ටික සංඛ්‍යාත්මකව වැඩියි..ඒ නිසා වෙනම පලකලා..ඉතිරි පොටෝ අදාල නැති ඒවා ගොඩටවත් දාන්න ඕනි..

      Delete
  3. ෆොටෝ ටික ඔක්කොම ලස්සණයි අමිල. අර දුර්ලභ ඒවත් තිබ්බා නම් තමා හොඳ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා ඒකතුවට තව ටිකක් එකතු කරගාන්ඩ ඕනි..මගේ කලිං විනෝදාංශයක් තිබුනා බලුජීවි පොටෝ ගන්න එක..ඒ කියන්නෙ වනජීවින් ගන්න අමාරුනිසා ලංකාවෙ වල් බල්ලන් පිංතූර ගන්න එක..ලංකාවෙ වල් බල්ලො ජාති අනුවත් පාට අනුවත් රාශියක් ඉන්නවා. ඒ නිසා හොද දර්ශනීය බලු එකතුවක් ලැබේවි වල් බල්ලො විතරක්ම පොටෝ ගැහුවත්..

      Delete
  4. අමිලගේ වත්ත තියෙන්නේ වනාන්තරයකද? මම දැක්කමයි මොණරෙක් සාමාන්‍ය ගෙවත්තක හැසිරෙනවා.
    අර තුන්වෙනි ෆොටෝ එකේ ඉන්නේ දිවි මකුළුවාද? එයා විසයි නේද? (බොරු මොකටද මම නම් මකුළුවන්ට බයයි)
    අර අලියාගේ කතාව වනගත වෙච්ච දේශපාලාන් අලි හෙම නෙමෙයිනේ නේද?

    අර වට්ටක්කා මල් නම් බිත්ත්‍රයි පාන් කුඩුයි තවරලා බැදලා ගත්තා නම් රසට රසේ කන්න පුළුවන් කෑමක් නේ.

    ReplyDelete
    Replies
    1. අපෙෝ නැහැ..ඔය මොණරුන් වගාකරන අය ලේසියට මොදරු කියනවා. මොදරු කියන්නෙ මහ වසංගතයක් පැල කාලෙ බෝග වලට..මොදරු රෑනක් පැන්නම දළු කාගෙන කාගෙන යනවා පැල වල.. මුං නම් ඕනි තරං අපේ පැත්තෙ..මරං කනවා අඩුයි කතරගම දෙයියන්ගෙ වාහනේ නිසා.. ඒත් සමාරු මරනවා..

      Delete
    2. හපොයි අපේ ගෙදර ඉන්න මොනරු!
      දවසක් කොළඹ යාළුවො කට්ටියක් යාලෙ ගිහිල්ල එන ගමන් අපේ ගෙදර ආව. මම ඇහුව දැක්ක සතුන් ගැන. මොනරු විතරයි දැකල තිබුනෙ. ඒ ගමන මම ගේ පිටිපස්ස‍ට එක්ක ගිහිල්ල පෙන්නුව. උං කියනව යාලෙ ගියේ අපරාදෙලු.

      Delete
    3. මේ පැත්තෙත් ඉස්සර මොනරු ගොඩක් හිටියෙ නෑ. ඒත් අර මත්තල කේස් එකෙන් පස්සෙ ඒ පැත්තෙ හිටපු එවුවෝ ගෙඩක් දැං මේ පැත්තටත් ඇවිල්ල ඉන්නව.

      Delete
    4. හයිවේ එක හින්දත් ඔහොම එකක් උනා. දැන් වැලිගම පැත්තෙත් වතු වල මොනරු වල් ඌරො හෙනට ඉන්නවා.

      Delete
  5. නියම ෆොටෝ ටික. වත්ත තියෙන්නේ කැලෑවක් ලඟද?

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ විසාල කැලෑවන් නැහැ. සමාජ අධ්‍යනය පොත අනුව අපේ පැත්තෙ තියෙන්නෙ ළඳුපඳුරු සහ කටුකැලෑ.අපේ ගෙවල් අආසන්නයට ආවම සතුනට කෑම වැඩියි.. අපේ තාත්ත කියන විදියට අපේ ගෙදර ඉවතලන කෑම ජාති කන්න දවල්ට කොරවක්ක පැටියෙක් එනවාලු..රෑට තඩි ඉබ්බො දෙන්නෙක් එනවාලු.. තලගොයිත් අඩුවක් නැහැ.. ගෙවතු පරිසරයටම හුරුවුන සමහර සත්තුන් ඉන්නවා..

      Delete
    2. මේ දවස් වල අපේ ගේ පිටි පස්සේ ඉන්නවා චූටි කොරවක් පැටවු තුන්දෙනෙක්

      Delete
    3. මතකද ඒ පැත්ත බලාගෙන අපේ එකෙක් ‘කබරයා‘ දැම්මා..

      ඒ කබරයගෙ පොටෝ එකක් දැම්ම නම් මරු නේ ???

      Delete
    4. හැබැයි දානව හරිද..

      Delete
  6. දෙවනියට තියෙන්නෙ ඒකෙ ඉන්නෙ තන්තිරිය
    පට්ට පොටෝ ටික

    ReplyDelete
  7. වත්ත කිව්වට නිකන් යාල වගේනේ බලාගෙන ගියාම . වෙනීට කලින් ප්‍රදර්ශනයක් තියයි වගේ එල

    ReplyDelete
  8. අර දෙවනි පින්තුරේ ඉන්න බුවාට අපි කියන්නේ දුංකල බණ්ඩා කියල ,

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙනං කියන්නෙ බඩහැලය කියල.

      Delete
    2. යකෝ මටත් වඩා නං තියනවනේ ඌට

      Delete
  9. ඔහොම යන අලි ගැන කල්පනා කරල ලියැවිච්ච එකක් මේ

    ReplyDelete
    Replies
    1. http://lahiruakuratiyage.blogspot.com/2012/01/blog-post_22.html

      Delete
  10. //ගොඩබහින්න තියෙන වැහි වලාකුලු වලට ඉන්ජෙක්සන් ගහලා වැසි නවත්වනවාය කියලා අමු පචයක් අපේ ගම පැත්තෙ පැතිරිලා. මම පුද්ගලිකව හිතන්නෙ නැහැ ඒ තරං තාක්ෂනයක් අපෙ අය තාම පාවිච්චි කරනවාය කියලා. // ලේසර් ගහනව කියල අපේ පැත්තෙ කස්ටිය නම කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කුරුණෑගල වාරියපොල පැත්තෙත් පහුගිය කාලෙ වැහි නැතිවුනාම ඒ පැතතෙ මා ඔය හදන නිසා වැස්ස නැතිකරලා කියලා මිනිස්සු චෝදනා කරාලු..

      Delete
  11. කැරපොත්තෝ එහෙම පෙටෝ ඇල්ලුව නම් කෙල්ලෝ මේ පැත්තෙ එන එකක් නැහැ...

    මකුළුවෝ ඉන්න නිසා ඒ අඩුව මැකෙයි හැබැයි ;)

    ReplyDelete
    Replies
    1. කැරපොත්තෙක් දාල කෙල්ලෙක් යාලුකරගන්න හැටි බුකියෙ සෙයා වෙල තිබුන මතකයි..

      Delete
  12. දෙවනියට තියන ඒකෙ ඉන්නෙ - Wasp Moth - Amata passalis
    මකුළුව - Gray wall Jumping Spider - Menemerus bivittatus
    කලු සමනලයා - Common Rose - Pachliopta aristolochiae
    නිල් බත්කූරා - Ground Skimmer - Diplacodes trivialis - male
    කටුස්ස - Oriental garden lizard - Calotes versicolor
    කළු සුදු සහ අළු සමනලය - Common Crow - Euploea core
    තැඹිලි පාට සමනලය - Common Tiger - Danaus genutia



    ReplyDelete
    Replies
    1. කට්ටිය දීපු නම් ටික මම පොටෝ වල යටින් දැම්මා. දැන් පස්සෙ කාලෙක පොටෝ හොයන අයට ලේසි වෙයි නේ හොයාගන්ට..

      Delete
  13. https://www.facebook.com/photo.php?fbid=1435928496665277&set=a.1381105358814258.1073741827.100007444207781&type=1&theater

    මේ මාත් ගත්ත පොටෝවක්. තව සත්තු 4-5ක් ගත්තා. වැඩේට ඕන එකාව අප්ලෝඩ් කලා. ඔයාගෙ මකුලුවා පැහැදිලියි.

    ReplyDelete
  14. තුන්වෙනියට තිබ්බ මකුළුවගෙ පොටෝ එක පට්ට..

    ReplyDelete
  15. සත්තු බලන්න වත්තට බහින්න විතරනේ තියෙන්නේ .. මරු.. :) මට කැමරාවක් නැති කාලේ ඔය වගේ පොඩි පොඩි සත්තු අපේ ගෙදර වත්තේ හිටියා. (මොනරු නම් නෑ ) කරුමේ කියන්නේ මම කැමරාවක් ගත්තට පස්සෙ හිටියේ කුලී ගෙවල් වල . ඔක්කම උඩ තට්ටු .. :( දැන් ඉතින් වත්තක් හොයා ගන්න පට්ට ගේමක් දෙන්න ඕනේ ..

    ReplyDelete