Thursday, April 16, 2015

ගෑනුට තෑගි දෙන්න E bay එකෙන් ලාබ බඩු

අපේ ඉතාලි ඉන්න යාලුවෙක් එහේ මේ පහත තියෙන ජාතියෙ පස්ස විසාල කිරීමේ යට ඇදුම ඒ රටේ බොහොම ්මිල අඩුය කියලා වරක් සදහන් කරලා තිබුනා. ලොකු බල්ක් එකක් මෙහෙ ගෙනාවොත් රුපියල්පන්සියට හයසියට දීලත් ලොකු ලාබයක් ගත හැකිය කියලා ඒ තුමා සදහන් කරලා තිබුනා. ඉතිං මේ වගේ වගේජාතියේ යට ඇදුම් දැන් දැන් ලාංකික සමාජයේ ජනප්‍රිය වෙමින් යනවා. චීන රටේත් මේවා ජනප්‍රියයි. ඊේබ එකේ නම් සුට්ටක් විතර මේවා මිල වැඩියි.ඒ තරම්ම ෆිට් එකක් ඇතිවෙච්චි නැති කපල් වලට නම් පෙම්වතියට මේවා තෑගි වලට දෙන්න නම් අමාරුයි. ඒත් ඉතිං ගෑල්ලමයිට කෙලින්ම ගෙදරට ගෙන්න ගන්න නම් හැකියි. සදහන් වෙන විදියට මේ කියන පස්ස විසාලන යට ඇදුම් ඩොලර් 4 සිට තිබෙනවා.. මට සමීපම ගෑල්ලමයෙක් කිව්ව විදියට මේවා මෙහෙට වඩා ඊබේ එකේ ලාබයි. ඒත් සයිස් ගැන නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි.

 මං මීට අවුරුදු පහකට විතර කලියෙන් පිටකොටුවෙ මැලිබන් වීදිය පැත්තෙන් කැරකෙන කොට මේ පහල පිංතුරෙ තියෙන ජාතියෙ ගැජට් දෙකක් රුපියල් දෙසීයට තිබුනා. මේකෙ කොනක ලව් කියලත් කොටල තිබුනා.ප්‍රේම කරද්දි මේ වගේ දේවල් උපන්දින වලට එහෙම දෙනවාය කියලා මම අහල තිබුනා. ඒ කාලෙත් මට පෙම්වතියක් හිටියෙ නහැ. ඒත් ඉතිං ලාබෙට හම්බුනු වෙලාවෙ එකක් සෙට් වුනොත් දෙත හැකිය කියලා ගත්තා දෙකක්ම. ඒත් ඉතිං ඒ දෙක බෝඩිං තුන හතරකට විතර මාරුවෙවි තිබුනා. එකක් නැතිවුනා..ඔය මාරුවීමකදි..ඉතිරි එක නම් තාම ඇති කොහෙහරි.. ලාබ නිසා බර්ත් ඩේ එකකටවත් කෙල්ලට දෙන්න කියලා මල පෙරේත සිතින් ගත්තට මොකැ ඒක දෙන්න ලැබුන් නැහැ.. 

මට එහෙමට කියලා පෙම් කරන්න කෙල්ලෙක් නැතිවුනත් අනුන් පෙම් කරද්දි එයාල තැගි බෝග හුවමාරු කරගන්න හැටි. ආදරේ එ්වා නිසා වැඩිවෙන හැටි වගේ දේවල් මම දන්න කියන ගෑල්ලමයිගෙන් අහල දැනගන්නවා. ලගදි හවස කන්තෝරු කැන්ටිමෙතේ වතුර බොන ගමන් පොඩි චැටකදි නංගි කෙනෙක් කිව්ව දෙයක් තමයි මොබයිල් ෆෝන් කක් වගේ ලොකු දෙයක් එකපාර දෙනවට වඩා පොඩි පොඩි තෑගි එකිනෙකා අතර අහම්බෙන් හුවමාරු කරගත්තම ආදරේ දැනෙනවා වැඩියි කියලා.. 

එයා ඒ වගේ බෝයිපෙන්ට..පර්ස් එකක්, කැප් එකක්, පොඩි මුද්දක්. නියපොතු කපන එකක් වගෙක් දේවල් ගොඩක් දීල තියෙලු...එයෑගේ බෝයිත් ඒ වගේ සුට්ටි දේවල් වලිං සංග්‍රහ කරනවාලු.. මට නිකං ටිකක් ග්‍රීක් වගේ. ඒත් ඉතිං ඒ ආදරේ හැටි වෙන්න ඇති. අපට මොකෑ ඉතිං අනුන්ගේ ලවු. ඒත් ඉතිං ඔය කාරුහරි දන්න කියන ගැල්ලමයෙක් මගෙන් ගෙනල්ල ඉල්ලුවාම මම පොඩි පොඩි බඩු එහෙම ගෙනත් දෙනවා.. එයාල මට ඒවට සල්ලිත් දෙනවා. සල්ලි දුන්නත් ඒවා මට පිං සිද්ද වෙනවැඩ කියලා මම හිතේ මාක් කරගන්නවා.. මොකද සල්ලි තිබුනත් හැමෝටම ඒ වගේ වැඩ කරගන්න බෑනෙ. 
මේ ඔරලෝසුව ඩොලර් 2-3ක් අතර අගයක් වෙන්නෙ. මම මෙයින් දෙකක් නෑයො වෙන නංගිල දෙන්නෙක්ට අවුරුද්දට ගෙනත් දුන්නා.මං දන්න කියන නංගියෙක්ට ගෙනත් දුන්නා එයා දැන් මාස දෙක තුනක ඉදලා ඉදලා හිටලා ගමනකට දානවා..එච්චර ලොකුආබාධයක් නැහැ..මේකක් ලංකාවෙ නම් රුපියල්  800/=ක් 1000/=ක්වෙනෝ කියලා තමයි යාලුවො කිව්වෙ. 
මේ තියෙන්නෙ ලෝඩ් ඔෆ් ද රිංග් කියන සෝ එකෙ තියෙන මුදු. මේ ජාතියෙ මුද්දක් නම් විවිද ගනන් වලට තියෙනවා. මේකනං ඩොලර් 1.5-2ක් අතර ගානක් තමයි වෙන්නෙ.  මේ මුදු කිහිපයක් ඕඩර් කරද්ි මට පොඩි අකරතැබ්බයක් සිද්ද වුනා. මේ මුදු වල සයිස් තියෙන්නෙ ඇමරිකානු මුදු සයිස් වලින්. සයිස් 10 මුදු තුනක් ඕඩර් කලා. සයිස් 10 කියන්නෙ අපේ ගෑනුගේ ඇගිලිවලට කිට්ටු කරන්න්ත බැරි තරං විසාලයි. ඒ නිසා මුදු ගේනවා නම් සයිස් ගැන විසේසයෙන් සැලකිලිමත් වෙන එක හොදයි. 
මේ ඔරලෝසුව ඩොලර් 12ක් විතර වුනා. ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1500ක් විතර. ඒ වුනාට ටිකක් හැඩ පෙනුමක් තියෙනවා. පටිය නම් රෙදි. ලස්සන පාට කිහිපයකින්ම ගන්නත් තියෙනවා. මේක පිරිමි ඔරලෝසුවක්. පොඩ්ඩක් විතර මූන ලොකු වැඩියි. ඒත් දැන් තියෙන ස්ටයිල් එක ඒක වෙන්න ඇති.  ඔරලොසු නම් ඊබේ එකේ ගොඩක් තියෙනවා. 

ඊබේ එකෙන් බඩු ගේන එක ඇතැම් අයට දැන් විලාසිතාවක්.සමහර ලස්සන සුකුරුත්තං කොන්ඩ කටු වගේ ඒව ඊබේ එකේ ලාබයි. තෑගි දෙන්න හොද බඩුත් ලේසියෙන්ම ගෙන්නගත හැකි. ලංකාවට ඇවිත් බඩුව ගෙදරට එන්න යන මාසෙක කාලෙ තමයි පොඩි කේස් එකකට තියෙන්නෙ. ඊබේ එකට පේ පැල් හරහා ගෙවන්න පුලුවන් නිසා අපේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ආදිය වෙන අයගේ ලගට යන්න තියෙන හැකියාවත් නැතුව යනවා. 

විසිතුරු බඩු කඩෝල ගොඩක් තැන්වල ලංකාවෙ අතරමැදියො ඉන්නවා. චීනෙන් ඉතාම අඩු මිලට තොග පිටින් ගෙනත් මෙහේදි බඩුවෙ වටිනකම වගේ හත් අට ගුනයක් ලාබ තියගෙන අපිට සේවාවන් සපයන බොහොම පරාර්ථකාමී වෙලෙන්දන් තොගේකුත් දැන් ඔන්ලයින්ම බිහිවෙමින් යනවා.. 

අලි එක්ස්ප්‍රස්, ඊබේ වගේඒවා තවදුරටත් මැජික්ස් නෙමෙයි.. හැබැයි ඉතිං ගෑනුලමයිට බඩු ගෙනත් දෙනවා මිසක මේ වගේ බඩු ගන්න පුලුවන් වෙබ් සයිට් තියනවා කියල කියන එකනම් කියන එක අතිසය බයානකයි. ගෑනුන්ගේ අාසාවල් ඉතිං කෙලවරක්, කොනක් , මිම්මක් තියෙන ඒවා නෙමෙයි නේ..

27 comments:

  1. ගෑණු ළමයට එකපාර ගොඩක් වියදම් කරලා තෑගි අරන් දෙනවට වඩා පොඩි පොඩි තෑගි නිතරම අරන් දෙන එක දැනෙන බව මමත් හිතනවා. මම නම් කරන්නෙ මාසෙට සැරයක් Stone and Strings එකෙන් මුද්දක් (එකක් Rs. 1500 ඉඳල තියෙනව), චොක්ලට් එකක් වගෙ දෙයක් දෙන එක. වැඩි වියදමකුත් නෑ, කෙල්ලත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. පහුගිය සතියෙ අපේ මඪියා වලින් සහ පොලිසියෙන් ගොතපු කතාවක තිබුනා පෙම්වතියට තෑගි අරන් දෙන්න සල්ලි ඉල්ලලා දුන්නෙ නැතුව අම්මා ඝාතනය කරපු කතා වස්තුවක්...
      ස්වයං පාපෝච්චාරනය හැර ඔප්පු කරන්න කිසිම සාධකයක් නොවුන ඒ සිද්ධියේදි කස්ටිය කතා වුනා පෙම්වතියට තෑගි අරන් දීම ගැන...මගේ නම් අදහස නීතියෙන් යමෙක් වරදකරුවෙක් වෙනතුරු නිවැරදිකාරයා නම් මීඩියා වලින් ඒ මිනිස්සුන්ගේ චරිතය ඝාතනය කරන්න අයිතියක් තියෙන්න බැහැ..ඒක වැරැද්දක්..

      Delete
    2. ඔය කතාව සයිබරයේ වගේම සමාජයේත් සෑහෙන කතා බහට ලක් වුනා. එතනින් එහාට ඒ ගැන අවධානයක් යොමු කලේ නෑ මම. ඔයා කිව්ව දේට 100%ක් එකඟයි අමිල. ඔය ගැන දවස් දෙකකට විතර කලින් මගේ බ්ලොගයේ පොඩි සටහනක් දැම්මා. කැමති නම් කියවන්න පුළුවනි. මේ තියෙන්නේ ලින්ක් එක.

      http://purudu-akaase.blogspot.com/2015/04/blog-post_16.html

      Delete
    3. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති යූ ටියුබ් වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
  2. පේ පැල් එකෙන් ඊබේ එකට සල්ලි දාන හැටි මට අවුල්. මගේ ට්‍රාන්සැක්ශන් එක වැඩ කලේ නැහෑනේ.

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නම් යාලුවා ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේ කරන විදිය...දැන් සමහර බැංකුවල නිකම්ම ඩෙබිට් කාඩ් දෙනවා..ඩෙබිඩ් කාඩ් වලින් රෙජිස්තර් වුනත් ලේසියි..

      Delete
  3. මමත් සම්පත් බැංකුවෙන් වෙබ් කාර්ඩ් එකක් අරගෙන ඒක පේපැල් වලට ලින්ක් කරලා ඊ බේ එකෙන් පොඩි පොඩි බඩු ගෙනාවා. ඒත් මම ගෙන්නපු බඩුවල වටිනාකම කාර්ඩ් එකේ වටිනාකමට වඩා අඩුයි. කාර්ඩ් එකේ සල්ලි ඉවරයි කියලාත් කියනවා. බැංකුවෙන් කිව්වෙ ඒ ගැන ලියුමක් දෙන්න කියලා. තාම දෙන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. මට ඔහොම වැඩක් වුනා මගේ එකවුන්ට් එකෙන් ඩොලර් 30ක් කපාගෙන තිබුනා ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් වැඩකට...ඒක මගේ නොදැනුවත්කම නිසා එක්තරා කාලෙක සිද්ද වෙච්චි දෙයක්..නමුත් ඒ ගැන කම්පෙලෙන් කලාම ඒ අය ඩොලර් 30 නැවත බැර කරලා තිබුනා... මම කාඩ් එක වෙනස් කලා එයින් පස්සෙ..

      Delete
  4. උඹට කෙල්ලෙක් නැතුව අසහනේ නේද බන් මේ වගේ ගූ පෝස්ට් ලියන්නෙ?

    ReplyDelete
  5. ඉතාලියෙ මං දන්න 'P'rime 'M'inister වගේ'නමක් තියන තුමෙකුත් විශාල කිරීමේ වැඩ කරන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතාලියෙ ස්ත්‍රි ලෝල අගමැතියෙක් හිටියා තමයි මම හිතන්නෙ..

      Delete
    2. PMල
      හ්ම්ම්ම්

      Delete
  6. //පස්ස විසාල කිරීමේ යට ඇදුම// ඇහුවෙත් අදමයි.. :) වෙලාවට අපේ කාලෙ මේ වගේ විච්චූර්ණ තිබ්බේ නැත්තේ.. හැක්.. නැත්නම් අපේ පස්ස බිම ඇනෙනවා ඒ කාලෙම... දැන් ඉතින් අවුරුද්දටම බතික් ගවුං දෙකක් අරං දීලා ශේප් වෙතෑකි..

    ReplyDelete
    Replies
    1. එයාලට සැබැවින්ම අවශ්‍ය දේවල් අපිට දෙන්න පුලුවන් නම් නේ සම්බන්ධතා සක්තිමක් වෙන්නෙ..දැන් ඉතිං ටිකක් ක්‍රිඩාශීලි විදියට ඩෙනිම් සහ කොටට අදින ගෑල්ලමයෙක්ට ලොකු ගානකසාරියක් දෙනවා කියන්නෙ එතන තනිකර විරෝධයක් නෙව...

      Delete
  7. ඔය පස්ස විශාල කිරීමේ මෙව්වඑකේ හුළං පුරෝලද ඇත්තෙ? රෝස පාත්ති අයිනෙන් ගියොත් බැරිවෙලා කට්ටක් අනුනොත් බඩු බනිස්.

    ReplyDelete
    Replies
    1. හුලං නෙමෙයි වෙන වෙන සැහැල්ලු මැටීරියල් තියනවා නේ ඕවට පාවිච්ච ිකරන්න..තද ඝනකම කුෂන් වගේ දේවල් වලිං සහ රෙදි වලින් තමයි ඕවා හැදිලා තියෙනවා ඇත්තෙ...ඉඉස්සර කාලෙ නම් ඔය වගේ ඒවා හුලං පුරවන ආකාරයට හැදිලාතියෙන්න ඇති..

      Delete
  8. අන්තිම කතාව නම් හරියට ම හරි..... මං නං මුලින් ම වරද්දා ගත්තා.. දැන් ඒයා තමයි ඊබේ බල බල බඩු ඉල්ලන්නේ......

    ReplyDelete
  9. අයියේ අරකෙ දිග වැඩි කරලා පෙන්නන ගැජට් නැද්ද

    ReplyDelete
    Replies
    1. එහෙම ඒවා තියෙනව කියල හැම තැනම අඩ් යනවා..මේ දවස්වල ලංකාවෙන් පෝන් සයිට් වලට ලොග්වෙද්දි ඒ වගේ අඩ් එක්ක එකක් යනවා සිංහල බාසාවෙන්ම... නමුත් සුදුසුකම් ලත් වෛද්‍යවරුන් නම් කියන්නෙ ඒ විදියට දිග වැඩිකරලා පෙන්වන බෙහෙත්සහ ගැජට් ලබාගැනීම දිගුකාලිනව අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන් හේතුවක් කියලා... ඔතන සැබැවින්ම බොහෝවිට දිග කියන්නෙ මානසික ගැටළුවක් පමණයි..දිග කියන සාධකය ලිංගික සතුට කියන කාරණාවට අනුලෝමව සමානුපාතික වෙන්නෙනැහැ....ඔබ දකිනවා ඇති සමහර ඔය නිලියො හෙම ඇත්තට දැක්කම ටීවි එකේ ෆිල්්ම වල වගේ ලස්සන නැහැ..ඒ වගේ ඔය වැල වඪියෝ වල පෝනෝගැෆිවල නොයෙක් උපක්‍රම වලින්විශාල කෑලි පෙන්නුවාට...ඒවා ඒ ඒ රටවල්වල ඒවා..ඒ වගේම ඒ අය රගපැමෙදිත්...රගපාන්න පෙර කරනවිවිද උපක්‍රම වලිනුත් විශාලනය කරලා පෙන්වනවා...

      Delete
    2. ඔය ඇඩ් එක බලන්නෙ කොහොමද බං? :D

      Delete
    3. https://drive.google.com/file/d/0By36M5qMRJnDQ1JEZXJBY0hSVXc/view?usp=sharing

      Delete
    4. https://pbs.twimg.com/media/CBwO3x5VEAAiXsf.jpg

      Delete
    5. යකෝ බොලාගෙ සාමන්‍ය දැනීම අන්තිමයි.

      Delete
  10. ඊ බේ එකෙන් බඩු ගද්දි ලංකාවෙන් ටැක්ස් එක ගහන්නේ භාණ්ඩේ පවතින මිලටද, නැත්තන් අපි ගන්න ගානටද?

    ReplyDelete
    Replies
    1. මට තාම ටැක්ස් එක්ක සෙට් වෙලා නැහැ...ඔය පොඩි පොඩි බඩුවලට ටැක්ස් වදින්නෙ නැහැ...අනික චීන්නු දන්නවා අපි ත් උන් ටයිප්ම හිගන්නෙො සහ මැරෑටියො කියලා..උන් ගිෆ්ට් විදියට පැක්කරලා එවනවා...

      Delete
    2. තෑන්ක්ස්..එතකොට ෆෝන් එකක් ගිෆ්ට් එකක් විදියට එව්වොත් ඒක එයිද? නැත්තම් මගින් නතර වෙයිද?

      Delete
  11. වටින කියන ඔත්තුවක් ස්තුති

    ReplyDelete