Sunday, January 24, 2016

මී කූඩුව

මෙය වචන 2500කටත් වඩා වැඩි ගානක් ඇති දීර්ඝ කෙටිකතාවකි. කියවීමට බොහෝ වේලා ගතවනු ඇත. 
නංගි අම්ම කියනව වගෙ ඔයා හරි මෝඩ කෙල්ලෙක් නෙ.. මූ කොහොමද කල් ගියාම චිප්මන්කි කෙනෙක් වෙන්නෙ. චිම්පන්ක් කියන්නෙ ලේනෙක් වගේ එකෙක් නේ..කාටුන් වල හිටියට ඇත්තටම උන් ලේන්නු වගේ.. මූ ඕන්නං ලොකු වුනාම තව ලොකු වෙලා අර ලොකු උූරු මීයෙක් වෙයි. 6 වසරේ ඉගෙනුම ලබන කෟෂල සිය නංගීට මීයා පෙන්වා විස්තර කියා දෙයි..

සමාලි නම් වූ 4 වසරේ ඉගනුම ලබන නැගනියට අයියාගේ පණ්ඩිත කම් වැඩක් නැත. තාත්තා නිතර කියන අයුරු අයියා වයසට වැඩිය පොත්පත් කියවා ඇති හෙයින් පණ්ඩිතයකි. නමුත් එයැයි ට ඇහැට පේන දේවල් ඉක්මන්ට තේරෙන්නෙ නැත...හදේ ගල් තියෙන්නෙ මොකද? ඒකෙ හාවෙක් නැත්තෙ මොකද කියලා ඇහුවොත් අයිය ලොකුකමට වරුවක් විතර උත්තර දේවි..ඒත් මේ මීය අර කාටුන් එකේ චිප්මන්ක් වගේ නෙ.. මෙයැයිට තේරෙන් නෑ ඒවා.. නංගී සිතන්නට විය.

නෑ අයිය ඔයා දන් නෑ ඒව..මං ලගදි බැලුව කාටුන් එකේ චිම්පන්ක් පොඩි කාලෙ මීයෙක් වගේ..තාත්ති ත් කිව්වෙ මේ කාටුන් ඇත්තම වගේ ලු අපේ බහුබූත වලට වඩා මේව ලමයිට පෙන්වන්න හොදයි කියලා

. හරි හරි එහෙනං තමුසෙ බලාගෙන ඉන්නවකො මේ මේය ලොකුවෙලා චිම්පන්ක් කෙනෙක් වෙනකල්.. බම්බුව තමයි.. මූ මීයෙක් මිස ලේනෙක් වැනි චිප්මන්ක් කෙනෙක් නොවන වග මේ නංගීට නම් තේරුම් කල නොහැක. තාත්තා අම්මාට බනින ඇතැම් විටක.. තමුසෙට ඕව තේරුම් කරන්න යනවට වඩා හොදයි ග්‍රීන් හවුස් එකක් හදල පුත්තලමෙ කැරට් ගෝව හිටෝන එක.. ඕක පීරන්නම ගන්නව නේ වරුවක් විතර..පීරන්නම තියාගන්නෙ නැතුව ඔය ඔලුව ටිකක් හොල්ලලා කල්පනා කරල බලනව කො.. තාත්තාට අනුව අම්මාට තාත්තට තරම් මොලේ නැත.. ඇත්තේ ටිකකි. තාත්තා ඇතැම් විට සියලු ගෑනුන්ට පිරිමින්ට වඩා මොලේ ටිකක් අඩු විත්තියක්ද කියයි. නමුත් එය එසේ විය නොහැකිය. ගෑනුන් පිරිමින්ට වඩා උසින් හා බරින් අඩු වුවද මොලේ ප්‍රමාණය නම් අඩුවක් වන්නට විදියක් නැත. නමුත් තාත්තා නිකංම හැමතිස්සේම ඕවා කියනවා විය නොහැක..

අපේ නංගී කොයි තරම් හොද වුවත් ඇයට ඇතැම් දේවල් තේරුම් කල නොහැක. මීයා මීයා මිසෙක කොහෙද කාටුන් එකක සිටින චිප්මන්කියෙක් වේයැ.. තාත්තා කියන කතාව ඇත්ත විය යුතුය. නංගීද කුඩා ප්‍රමාණයේ ගෑනියකි. ඒ නිසා ඇයටද ඇතැම් දෙයක් තේරුම් කල නොහැක.. ඇතැම් විට මොලේ බර සහ ප්‍රමාණය එකම වුවත් ගනන් වැරදුන විටක පද්මලාල් සර් කෙල්ලොන්ට බනින පරිදි මුන්ගෙ මොලේ මැටි වැනි දෙයක් තිබෙන්නට ද පුලුවනිය.

කෟෂල දත් මදිමින් සිතන්නට විය..

දෙන්න දත් මදිනවද නැත්තං මීය දිහ බල බල භාවනා කරනවද? දැක්කද පුතා මේ අහුවෙල තියෙන්නෙ කලිං එකාම තමයි..අපි අර ටිපෙක්ස් ගෑවෙ වල්ගෙ...ඌම අහුවෙනවද කියලා බලන්න..බලන්න අර යන්තං ටිපෙක්ස් ටිකක් තිබුන වලිගෙ.. අම්මා කෟෂලට උගුල් කූඩුවට අසුව ඇති මීයා කලින් එකාම යැයි සනාථ කරන්නට විය. නමුත් කෟෂල ඒ සලකුණ නොමැතිව වුවද මේ ජයග්‍රාහී තුන්වෙනි වතාවටත් හසුවී තිබෙන්නෙ එකම මීයා බව දැන ගත්තේය.

හුම්.. කෟෂල මියා වැඩිය ගනන් ගත්තේ නැති ආකාරයට කීවේය..

නංගීට දෙයක් කිවූ පසු අය තවත් අයට කියන තෙක් ඈට ඉවසිල්ලක් නැත. මේ .. නංගි.. දැන් ගිහින් සපත්තු දාන කොටයි කොන්ඩෙ පීරන කොටයි අම්මලට මීය මතක් කරනවා නෙමෙ.. ඌ දැන් ඈතට තමයි මෙ කට්ටිය ගිහින් දාන්න ඉන්නෙ.. මං හිතුනොත් මූව ඉස්කෝලෙ ගෙනියන්න ඉන්නෙ.. කෟෂල රහසින් නංගීට කීවාය

ඈහ්.. අයිය මීයව අරං යනවා..? ඉස්කෝලෙ..චූටි සමාලිගේ ඇස් උඩ ගියේය..ඇය පුදුම විය..

හා හා දැන් ඉතිං යකා නටන්න එපා ඕක කියලා.. මගෙ බෑග් එකේ ඉඩ තියෙනවා.. මං ලොකු පොත් ඉස්කෝලෙ ඩෙස් එක අස්සෙ දාලයි ආවෙ..අනික් ලොකු පොත් අද ගෙනියන් නෑ.. යාලුවෙක් ගෙන් බලනවා..මේ කූඩුවම ඇතුලට දාගන්න පුලුවන් වෙයි.. දැන් ඉතිං ආයෙත් අම්මි කතා කරන්න කලිං යනවා.. නැත්තං සැක හිතාවි.. කෟෂල නංගීට තරවටු කලේය..

ආච්චි අම්මා සමාලී වඩාගෙන මගේ දෝනි...අද පවුඩර් නාවල පැටියගෙ..කෝ එන්න.. යැයි කියා ඇගේ චීත්තයෙන් සමාලිගේ මුහුන පිසදැම්මාය.. අයියා නම් හදිස්සියේ ආච්චිටත් සීයාටත් ජෙට් එකක් මෙන් සුටු සුටුස් ගා වැද ඉක්මනින්ම බැග් එක එල්ලා ගත්තේය.. සමාලිට ආච්චිගෙන් තොත්තුවකුත් ලැබුනේය.. ආච්චිගේ මේ තොදොල් කිරීමත් ඉඹිල්ලත් කෟෂලට නම් වැඩිය අල්ලන්නේ නැත.. ආච්චි හිතං ඉන්නෙ අපි තාම කිරිබොන බබ්බු කියල.. මේ නංගි තමයි ආච්චි අම්ම ගාව ගිහින් තොදොල් වෙලා එයාගෙන් සල්ලි කඩාගන්න හදන්නෙ.. එයැයිට ඉස්කෝලෙන් පොප්සිකල් කන්න පුලුවන්නේ.. කෟෂල සිතුවේය..

අයියා අද මීයා ඉස්කෝලෙ පොත් බෑගයේ දාගන ඉස්කෝලෙ ගෙනියන විත්තියක් අම්මාටවත් ආච්චිටවත් සීයාටවත් තාත්තිටවත් කියාගන්න බැරිවිය..කෙතෙක් වුවත් ආච්චි අම්මාට එය කියන්නට තිබුනා නම් හොදයැයි සමාලිට සිතුනේය. නමුත් නිතර කරන පන්ඩිත කම් වලට හැමෝගෙන්ම බැනුම් අහන අයියාට පාන්දරම බැනුම් අහගන්න සිදුවේ යැයි සමාලි බය වූවාය.. තව ටික වෙලාවයි නේ.. වෑන් එකේ යන ඊෂට ම කියනෝ.. ඊෂ නම් ගත්ත කටටම ඊය කියාවි.. හොද වෙලාටව අයිය වෙන වෑන් එකක යන්නෙ.. එයැයිටත් ඉතිං ගෑනු ලමයි ගෙ ඇගේ ගෑවුනාම ලැජ්ජ නෙ.. ඉස්සර මං ඊෂව තල්ලු කරනව අයිය ගාවට.. අයිය ලැජ්ජාවෙන් ඇඹරිල මූනත් රතුකරගෙන රවනව මට.. පස්සෙ තාත්තට අඩල අඩල කොල්ලො වැඩියෙන් යන වෑන් එකකට මාරුවුනා.. අයියගෙත් කෝලං.. සමාලී සිතන්නට විය..අයියා මියා චිප්මන්ක් කෙනෙක් යැයි නොසිතන බවත් ඇත්තටම මීයා අහිංසක බවත් ඌ අපිටත් ගෙදර අයටත් කැමති නිසා ගිහින් ඈතට දැමුවත් ආයේත එන බවත්..අයියා ඌට ආස බවත් ආදී බොහෝ විස්තර සමාලි හිතේ එක්තැන් කරගත්තේ වෑන් එකේ ඇය සමග යන හොදම මිතුරිය ඊශාට පැවසිමටය..

සෞමි ටීච පාසලේ නැටුම් උගන්වයි.. චිත්‍ර වලට කෟෂල අකමැතිය..සංගීතයට සා රී ආදී ලෙස අදින්න ඇති නිසාත් බිම වාඩිවෙලා ගොඩක් වෙලා ඉන්න තියෙන නිසාත් එයටද අකමැතිය..කුමක් හෝ කල යුතුය. සෞමි ටීච අලුත්ය.. ඇය කරුණාවන්ත විදියක් පෙනේ..අනික සෞමි ටීච එන්නේද කෟෂලගේ ගෙවල් දිහා ඉදලාය.. ටීච හොද නිසාත් ඒ ටීච කෟෂලගේ පංතියට සමාජ අධ්‍යනය උගන්වන බැවින් ද කෞෂල නැටුම් වලට ගියේය.

කෟෂලගේ අනෙක් වැඩ මෙන් නැටුමද එක්තරා විදියකි.. ඔහුට කෙතෙක් කීවද ඔහු නටන්නේ රොබෝ කෙනෙක් මෙනි.. අඩි ආදියද අත් හැසිරවීමද නිවැරදිව තිබෙන මුත් සෞමි ටීචටද හිනාඑන තරම් කෟෂලගේ නැටුම යාන්ත්‍රිකය. 6 වසරේ නිසා දැන්ම වැඩිය නැටුමේ හැඩ තල ඇතිකරගන්නට මහන්සි කල යුතු නොවේ..නමුත් නටන විට අඩි සහ අභිනයන් සේම රටාවක් රිද්මයක් ඇතිවෙන පරිදි නැටිය යුතුයැයි සෞමි විසින් කිහිප වතාවක්ම කෟෂලට කියා තිබුනි.

කෟෂල නැටුම් කවි ගායනා සහ ඉතිහාසය හොදින්ම පාඩම් කරයි.. අනෙක් අය නැටුමට පමණක් දක්ෂ වන නමුත් කෟෂල ගායනා වලින්ද ඒවා පාඩම් කිරීම අතින්ද දක්ෂයෙකි.

සෟමි ටීච කෞෂලට තදින්ම බනින්නේ නැත.. ළමයෝ ටිකක් පහත් වෙල නටන්නකෝ.. ළමයි ගල් ගිල්ල වගේ නටන් එපා..විනෝදෙන් නටන්න..කියා සෞමි ටීච ඇතැම් විටක පදයක් කියා නටා පෙන්වයි.. අනික් ටීචර්ලාට වඩා සෟමි ටීචර්ගේ කතාව ද ඇගද ලස්සනය.. ඇය පස්ස පස්සට දාගෙන නටන විට හැඩට පෙනෙයි.. ලොකු අක්කලා කොච්චර නැටුවත් සෞමි ටීචර් තරම් ලස්සන නැතැයි අනෙක් කොල්ලෝද කියති.. ඇතැම් 87 වත්ත පැත්තේ කොල්ලෝ එහෙම 6 වසරේ වුවද සෞමි ටීචට ඇත්තේ මරු පුකකැයි කියති.. නමුත් 87 වත්තේ උන් මුලින් පටන් ගත්තත් දැන් දැන් හොදම ලමයා ලෙස නිතර ගරුසරු ලබන නාරිලතා ටීචගේ පුතා නාගිත ද සෟමි ටීචගේ ඩිකිය නම්... පරු මුඛක්ම තමයි යැයි කියයි..

නාර්ලතා ටීචගේ පුතා නිසා නාගිත බොහෝ වැරදි වලදී හසුවන්නේ අඩුවෙනි..එසේම මොකකට හෝ කන්ඩායමක් තෝරාගත්තොත් නාරිලතා ටීච බලෙන්ම නාගිත එහි ඉස්සරහින්ම රිංගවයි..

නාගිත නොයන එකක් නැත..ඇත්තටම විටක නාගිතට නාරිලතා ටීච වන අම්මා මහ වදයකි.. චිත්‍ර ඇදීමටද සංගීතයටද නාගිත දක්ෂ වූයේ නැත..නැටුම් කන්ඩායම් වලට ඉස්සරහින් දැමිය හැකියැයි හිතලාදෝ නාරිලතා ටීච නාගිත නැටුම ්වලට එවුවාය..

මොකො..මේ ..කෟෂල අද බෑග් එකත් අරං.. නැටුම් වලට බෑගයත් රැගෙන කෟෂල එනු දුටු සෟමි ටිච ඇසුවාය..

නෑ ටීච අද මට ඇගට අමාරුයි නටන්න බෑ වගේ.. උනත් වගේ..

කෝ එන්න බලන්න ළමයො.. සෞමි ටීච කෟෂල ලගට ගත්තේය..

ඔය බොරු ටීච.. අද කෟෂල බෑග් එකේ කැත මියෙක් දාං ඇවිත්..ඒ නිස තමයි එයා බෑග් එක අරං එහෙ මෙහෙ යන්නෙ.. නාගිත පැන කීවේය..

සෟමි ටීච නාගිත කිසිත් නොකියා රැව්වේය.. එයින් අදහස් වන්නේ නාගිත කට වසාගෙන සිටිය යුතු බවකි.. මම කෟෂලගේ උණ බලන්නෙ මට ඕනි නිසා.. අනික් අය ඉක්මන්ට අවසානෙට නටපු තැන මතක් කරගන්න..ඔක්කොමල්ල..

නාගිතට නම කියා බැන්නොත් එය නාරිලතා සමග කෙහෙවලු පටලවා ගැනීමකි.. එනිසා සෟමි තරහින් වුවත් තරහ නොපෙන්වා සිටියාය.. කෟෂලට ඇත්තටම උනක් නැත.. සෞමි ටීච කෟෂල නැටුම් කාමරයේ පසකට රැගෙ න ගියාය..

කෟෂල ඇත්තද අර නාගිත කිව්වෙ?

ඔව් ටීච.. ඌව අපෙ ගෙදරින් අල්ලගන ඈතට ගිහින් දානව..ඒත් ආයෙත් ඌ අපෙ ගෙදරටම එනවා.. දැන් මේ පාර ගොඩාරියක් දුර ගිහින් දාන්න ඕනි කියල කිව්වා..ඌට පාර හොයාගන්නත් බැරිවෙයි.. එහෙම වුනොත් ඌ නැතිවෙනවා.. මොහොතක නිෂ්ශබ්ධතාවයක් ඇති විය..

සෞමි ගුරුවරියක ලෙස මීයෙකු රැගෙන පාසලට ඒම ගැන කෟෂලට බැනිය යුතුය. නමුත් කෟෂල මීයාගේ විස්තරය කියන විට කෟෂලගේ ඇස් දිදුලන ආකාරයෙන් ඔහු මීයාට සැබැවින්ම ආදරේ බව සෟමිට වැටහුනි..

ඇති වූ නිහැඩියාවෙන් පසු සිය මීයා, කරුණාවන්ත සෟමි ටීචටද කැමති වනු ඇති බවක් හදිසියේ කෟෂලට මතක් විය..

ටීචර්.. අපේ ටිපෙක්ස් වල්ගය ටීචට බලන්න ඕනිද?..ඌ කූඩුවෙ ඉන්න නිසා ටීච බයවෙන් එපා.. මං අර කාටුන් එකේ දගර වලිගයට ඒ නම තිව්ව නිසා මූට ටිපෙක්ස් වල්ගය කියල දැම්ම.අපේ අම්ම මූව අදුනගන්න මුගේ වල්ගේ ටිපෙක්ස් උලනව මටනං ටිපෙක්ස් නැතුවත් මූ අදුන ගත හැකි..

හා ඔහොම සත්තු ඉස්කෝලෙ අරං එන්න බෑ කෟෂල..ඒක වැරදි දෙයක් ... මාත් දැන් වැරදිකාරයෙක් කරන්න තමයි කෟෂල මේ ඔයා හදන්නෙ.. සෟමිටද මීයා දැක බලා ගන්නට ආසාවක් උපන්නේය.. ළමුන්ට අවසාන අඩිය පුරුදු වෙන්නට යැයි කී විට ඔවුන් තවමත් ඒ ගැන වාද කරනවා යාන්තමින් ඇසේ.. කෝ එහෙනං ගන්න කෟෂල ඔයාගේ ලොකු මියව...

අනෙ ටීච ඒ වුනාට ඌ නිකං එකෙක් වගේම කැතයි ඔන්න..ටීච මහා හයියෙන් කෑ ගහන්න එහෙම නෑ.. හොදද?අපේ නංගි නං මෙහෙම එකපාර සතෙක් දක්කොත් කෑ ගහනවා..අම්මා දවසක් තාත්තගේ බෙල්ලෙත් එලුලුනා ෆිජ් එක උඩ ඉදන් හූනෙක් හැට්ටෙ අස්සට පැන්න කියලා..

හපෝ.. කෟෂල මං ඕකට බය නෑ.. කෟෂලත් කතා පෙට්ටියක් නේ.. සද්ද නැතුව හිටියට...

කෟෂල බෑගය සෙමෙන් ඇරියාය.. මීයා ආලෝකය වෙතට නොව ඉන් ඉවතට ඇදී යන්නට විය.. හූම්.. ටිකක් ලොකුයි නේ.. ඒ වුනාට කෟෂල මේක සෙල්ලමක් නෙමෙයි.. ඉස්කෝලෙ දැන් අර නාගිතත් දන්නවා. වැඩේ..

සෟමිට මිශ්‍ර සිතවිලි ඇදෙන්නට විය.. සාමාන්‍ය ගැහැනියක නම් ඒ කළු කැත කූඩුවේ සිටින මීයා දැක කෞෂල වෙත කඩා පැනිය යුතුය. නමුත් ගුරුවරියක ලෙස ඇති විශ්වාසය මත පදනම්ව ඇයට සාමාන්‍ය පරිදි කෟෂල වෙත කඩාපැනිය නොහැක. නමුත් සුරතල් සතුන් හෝ කිනම් ආකාර සතෙක් පාසලට රැගෙන ඒම වරදකි..

පරණ පෙනුමක් නිතර ආරූඩ කරගන්නට හදන වික්‍රමසූරිය ප්‍රින්සිපල් ට මෙය ආරංචි වුනොත් ඔෆිස් එකට එන්නැයි කියා දිග දේශනයක් දෙනු ඇත. ළමුන් තරවටුවෙන්තොරව හදත හැකියැයි පොත් පත් වලත් නවීන මතවලත් තිබුනත් ඒවා බොරු බවත් මෙවන් අවස්ථාවල ළමුන් බිය ගැන්වීමෙන් වරදින් වැලැක්වීම වරදක් නොව ඔවුන්ගේම අනාගතයට හොද දෙයක් බවටත් වික්‍රමසූරිය ලොක්කා කියවනු ඇත. කොහේ හෝ කවුරු හෝ කියපු දෙයක්ම පුනරුච්චාරනය කරන වික්‍රමසූරිය ලොකු ළමයින් විසින් නැති තැන බනින පිනා යන වචනයට ගැලපෙන ගති ඇත්තෙකැයි සෟමිට සිතුනාය..

දැන් ඇවිත් ඈතට වෙල ඉන්න.. අද නටන්න ඕනි නෑ.. ඒත් මේකසෙල්ලමක් නෙවෙයි.. දැන්මේ අවසාන පීරියඩ් නේ යන්නෙ.. ආයෙ දවසක හෙම ගේනව නෙමෙයි කිසිම සතෙක් ඉස්කෝලෙට.. එහෙම වුනොත් මටත් සිද්ද වෙනවා ලොකු පිනාගේ කෝටුව.. යැයි සෟමි කියාගෙන යන්නට විය.. හිකිස් යැයි හිනාවක් කෟෂලගේ කටින් පැන්නේය.. “යම්කිසිවක් සෟමිට සැරටම වැරදුනි.. එය ඇත්තටම ලොකු පිනාගේ කෝටුව වුවත් ළමයින්ට එය කියන විට ප්‍රින්සිපල් සර්ගෙ වේවැල.. ලෙස විය යුතු බැව් සෟමිට වැටහෙන විට ඇගේ මුවින් වචනය පැන හමාරය..

“ හරි ටීච ලොකු සර්ගෙ වේවැලට මං ගොඩාරියක් බය නෑ..ඒත් ආයෙත් මං මෙයාව අරං එන්නෙ නෑ..

කොහොමත් කට්ටිය කැමතිත් නෑ මූව එක්කරං එනවට.. හැමෝම ආස සුදුපාට සුරතල් සතුන්ට.. අපේ නංගිත් මූට ආස ඈතින් ඉන්න කොට විතරයි.. කෟෂල කියන්නට විය..

අවසාන කාලපරිච්ඡේදය හමාර වන්නට ඔන්න මෙන්න තියා කෟෂලගේ නැගනිය සමාලි සෞමි ටීච හමුවන්නට ආවේය..

ටීච කිව්වලු නේ.. අර මීය ලේසියෙන් අරින් නෑය කියලා.. ඒත් ටීච.. මාත් එපාකිව්ව ටීච අයියට.. එයා ඇහුවෙ නෑ..එයා හිතුවෙ හරි ලේසි වැඩක් කියල..

ඉතිං සමාලි.. අයිය තවත් මීය එක්කං එන්නෙ නෑ කිව්ව නේ..දැන් ඒක ඉවරයි නේ..

ඒ වුනාට ටීච අපේ අයියයි පන්තියෙ ඉන්න අක්කි කෙනෙක් මට කිව්ව නේ..මීය සෟමි ටීචට අහුවෙල..ඌ සෟමි ටීචට පැනලද කොහෙද..එයාට තරහ ගිහින් අයියට බැනල.. තවත් එහෙම කිසිම ලමෙයෙක් මේ වගේ වැඩ කරනව නෙමෙයි.. මං මේක ලොකු සර්ටත් රිපෝට් කරන්න හිතෙනව කීවලු.. නෙ.. අනික ටීච බැන්නත් එක්කලු ගොඩක්.. තරහ ගිහින් වෙන්න ඇතිලු ටීචට ඒ වෙලෙ.. සොරි ටීච..ඒත් අපේ අයිය හරි අමුතු.. එයා හිතන්නෙ ඌ අපෙ ගෙදර යාලුවෙක් කියල.. මටත් එහෙම හිතෙනවා..

සමාලි බය වී ඇති තරමට ඇයට වාක්‍ය පිලිවෙල පවා අමතක වී ඇත.. ඇය සිතන්නේ සෟමි නැටුම් පන්තියේ ළමුන් සමග කෟෂලට සහ පන්තියට කෑ ගැසු පලියට ඇය ලොකු සර්ටද කියලා සිය අයියාට දඩුවම් කරාවිය කියලාය.. ඇත්තටම සමාලි ගැන සෟමිට දුක හිතුනි..

නෑ දුව..අයියට ගුටිකන්න වෙන්නෙ වත් කවුරුත් බනින්නෙ වත් නෑ,. මම හොදටම බැන්න නේ..දැන් ඉතිං ඉස්කෝලෙ තවකාටවත් බනින් බෑ නෙ ඒ වැඩේට..දැන් දුව යන්න..බයවෙන්න එපා..

ඒකනෙ ටීච..දැන් ටීච ඔය අපේ පන්ඩිත අයිය ඔය මීය නිසා අද ගෙදර ගිහින් හතර දෙනෙකුගෙන් ඇති පදං බැනුං අහනවා.. මොකෝ මීය අහුවෙච්චි එක ගෙදර කට්ටිය දන්නෙ නැතිව නෙමෙයි නේ.. අපේ ආච්චි අම්මට නං මං කිව්වම එච්චර බනින්නෙ නෑ..ඒත් අම්මයි, තාත්තයි, සීයය් හොදටම බනීවි.. සීයටත් ආච්චි කිව්වම එච්චර බනින් නෑ.. ඒත් අම්ම නං අයියට ගහවිත් එක්ක.. ඉතිං එයා ට පවු නෙ ටීච.. ඒකයි ටීච මං ආවෙ..

ටීච අයියට කියන්න එපා මං ටීච හමුවෙන් ආව කියලා.. එයා හිතන්නෙ ඒ මීය හැමදාම එකම විදියට කැත මීයෙක් වෙලා ඉදීවි කියල.. මං දන්නව ටීච ඌ ටික දවසකින් ලස්සන මීයෙක් වෙනවා..අර කාටුන් එකේ චිප්මන්ක් වගේ..

හරි දුව දැන් ඔය කියෙව්ව ඇති .දැන් බෙල් එක ගහන්නත් ලගයි නේ.. .. මං කියන්නම් කෝ අයියට ආයෙත් ඔය වගේ වැඩ කරන්න එපා කියලා..

පාසල හැර බස් රියෙන් ගෙදර ඒමේ මහා ව්‍යායාමය අවසන් වූ කල කලින්ටත් වැඩියෙන් සෟමිට සමාලි, කෟෂල සහ මීයා මතක් විය.. කෟෂලගේ පියා වීරරත්නය.. මිස්ට වීරරත්න කෞෂලසේම රොබෝ ගති ඇත්තෙකි යැයි සෟමිට සිතුනි.. ඔහුගේ කෙස් වැඩිමනක් නැති තට්ටියට ආසන්න හිසට ඉහලින් ඒරියල් එකක් සවි වුනි නම්..සැබැවින්ම වීරරත්න උන්නැහේ රොබෝ කෙනෙකු යැයි එවෙලේද සෞමිට සිතුනි..

ටීච මෙයා සමාජ අද්‍යනයට නම් ගොඩක් ලකුණු අරං තිබුන..ටීචට බොහොම ස්තුතියි.. ඔහු කීවේ එපමණකි.. ඔවු මිස්ට වීරරත්න.. කෟෂල නැටුම් වලදි නැටුමට එච්චර දක්ෂ නෑ..ඒ වුනාට ඒකෙදිත් තියරි එහෙම හොදට පාඩම් තියෙනවා.. සමාජ අධ්‍යන යෙදි ගොඩක් දේවල් වැටෙහෙනවා කෟෂලට.. කෟෂල හොද ලමයෙක්.. පොත පත කියවන්න ආසයි නම් තව පොත් පත් එහෙම ලමයට දෙන්න.කියවන්න ආස ලමයිට රට ලෝකෙ ගැන පොත් පත් ආදිය දෙන්න ඕනි.. එයාල මේ වයසෙදි පොත් පත් කියෝන එක ලොකු වරැදක් නෙමෙයි..

සැබැවින්ම වීරරත්න උන්නැහේ සෟමිට වඩා දෙගුණයක වයසක ඇති අයෙකි.. එවන් අයකුට දෙමාපිය රැස්විම් වලදී දරුවා ගැන විස්තර කිරීමේදී කරුණු පැහැදිලි කරන්නට යෑම මුලදී සෟමිට අපහසු කරුනක් විය. නමුත් දරුවාගෙ ගුරුවරයාටත් මේ පාසල තිබෙන පිටිසර බද පරිසරයේදී නම් තමාට ඉගැන්වූ තමුන්ගේම ගුරුවරියට..ගුරුවරහාට මෙන් සැලකීමේ සිරිතක් මෙහි දෙමාපියන්ගේ ඇත.

වීරරත්න උන්නැහේ ගැන මෙතරම් මතක් වූයේ කෟෂල නිසාය.. ඇත්තටම වීරරත්න උන්නැහේ ගේ මොබයිල් නොම්මරයද ඩයිරියේ තිබිය යුතුය.. දෙමාපියන්ගේ දුරකථන අංක ලැයිස්තුවක් දිනක් දෙමාපිය හමුවකදී රැගෙන එය සෑම ගුරුවරයෙකුටම පොටෝ කොපි කර ලබා දුන් බවක් සෟමිට මතක් විය..

නෑ ලොකු හදිස්සියකට නෙමෙයි මිස්ට වීරරත්න.. ළමයට ගහන්න බනින් යන්න එපා..මමත් හොදටම කරුනු පැහැදිලි කලා.. මේ වගේ දේකට ඉතිං ළමයිට තරවටු කරල තේරුමක් නෑනෙ.. සෞමි ටීච කියන්න විය..

අයියෝ ටීච... උදේ අපේ වයිෆ් ඕක නෑ කියද්දි මං සතුටු වුනා.මං හිතුවෙ ඌ කූඩුව එක්කම කොහෙ හරි යන්න ඇති කියලා.. . මට ඌව ඈතට ගිහින් දාන්න හිතුනෙම නෑනෙ.. ඌ පොඩි එකේක වගේ මූන දිහා බලං ඉන්නව නේ.. ගෙදර අයිනෙ වැට එහාපැත්තට එහාපැත්තට දැම්මෙ..

ඒක තමයි එහෙනං මිස්ට වීරරත්න ඌ ආයෙම දෙපාරක්ම ගෙදරටම ඇවිත් තියෙන්නෙ..වයිෆ් ගහපු ටිපෙක්ස් පාරකුත් තිබුන කියන්නෙ වල්ගෙ මුල හරියෙ.. මට සමාලිත් ඇවිත් විස්තර කිව්ව.. සෟමි ටීච ෆෝන් එකෙන් නොඇසෙන්නට සෙමෙන් සිනාසුනාය..

ඒකනෙ ටීච..වීරරත්න උන්නැහේගේ පැත්තෙන් තරමක දුක්මුසු ස්වරයක් ඇසෙන්නට විය.. සෟමිද හිනාව මදකට නවතා සවන්දෙන්නට විය.. .ඒ කියන්නෙ දැන් පුතා ඕක ඉස්කෝලේ ගෙනියලා ආයෙත් ගෙනත් ඇති.. මට දැන් ආයිත් හවසට ඕකව ගෙනිහින් දාන්න දෙනවා ඈතට.. එපා වෙනව ටීච ඒකනම්.. ආහ් සොරි ටීච... සොරි ටීච..

මං ළමයට කියන්නම් ආයෙත් ඔය වගේ මැටිවැඩ කරන්න එපා කියලා.. ටීච හින්ද හොදයි.. නැත්තං ඕකට ඉස්කෝලෙන් නුත් අස් කරාවි ළමයව, මීය වෙන කෙනෙක් හොයා ගත්ත නම්.. ටීච බොහෝම ස්තුතියි ටීච ඒකට සුලු දඩුවමක් දුන්න එකට.. මිස්ට වීරරත්න සෟමිට කියන්නට විය..

හා හා..හරි මිස්ට වීරරත්න.. එහනං ඊලග දවසෙ ඉස්කෝලට ලමයින්ගේ පොත් පත් එවුවම ඇති.. මීයො එහෙම එවන්න එපා.. සෟමි සිනාසෙමින් මිස්ට වීරරත්නට කිව්වාය..

හරි හරි සෟමි ටීච... සොරි.. බොහෝම ස්තුතියි ටීච..මං කෟෂලට කියන්නම්...


මගේ ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දැම්මෝතින් මෙතන යන සමහර පෝස්ට් කෙලින්ම ෆේස්බුක් එකෙන්ම බලත හැකි. 

6 comments:

  1. කාලෙකින් ආවේ අමිල. මේ කතාව අස්සේ වෙන කතාවක් යන්නේ නෑ නේද ? අන්තිම වෙනකං එක දිගට කියවගෙන ආවේ මොකක් හරි ජෝගියක් ඇති කියලා හිතාගෙන. අන්තිමට මුකුත් නෑනේ.

    ReplyDelete
  2. කථාව හොදයි, කොටස් දෙකකට දැම්මනං හොදයි කියල හිතෙනවා.

    ReplyDelete
  3. කතාව හොදයි.
    අදයි මේ පැත්තට ආවේ...

    ReplyDelete
  4. ලස්සනයි... හැබයි මදි මදි වගේ මට නං.. දිග නෙවෙයි ,ප්ලොට් එක..

    ReplyDelete
  5. Samahara welawata api pita penumen bohoma ralui,robola wage kiyala hithana minissu ekka ashraya karama ape a sithuwilla waradi kiyala hithenawa

    ReplyDelete
  6. සෞම්යාට දිව දාලා ජුස් බොන්න තිබ්බා නං

    ReplyDelete