Thursday, October 6, 2016

අරදුනු ඇල්ල සහ 3 කණුව නමුණුකුල

රාත්‍රී 10ට පමණ කොටුවෙන් තියෙන අධි සුඛෝපබෝගී බස් එකෙන් පස්සරට ගියා. ගිහින් බහිනකොට එලි‍වෙලා නැහැ..පාන්දර 4ට විතර ඇති. අපි පස්සරින් බේකරියකට ගොඩවෙලා ජෑම් පාන් කෑවා. ට්‍රිප් එකට සෙට් වුනේ තුන් දෙනයි මායි සිහින හෙවත් තිසර මදුවන්තයි සාබිතුයි. තිසර මදුවන්ත මේ දිනවල වැප් නිසාන්ත උපාසත මහත්මයා එක්ක තමයි ගමන බිමන..වැප් උපාසක තැන හොයන්නේ සිංහල බෞද්ධ කඩ නිසා දෝ හෝ සිහින මදුවන්තත් මොහොමඩ් සාබිත් එක්ක ගියා කියල නෑ සංසාර පුරුද්දට තම්බි නැති කඩ හොයනවා.. ටික වෙලාවක් ගියාම මම හිතන්නේ පොර නියම ට්‍රැක් එකට ආවා. 
උදේ පාන්දරම ටිකක් බේකරියට ම වෙලා ඉදලා දවල් වෙද්දි අපි අරදුනු ඇල්ලට යන්නට පිටත් වුනා. අපි ගාව හරියට මැප් එකක් තිබුනේ නෑ..ත්‍රී විල් අයියෙක්ට කිව්වා..රුපියල් 300ක් ඉල්ලුවා..මහ ගානක් නෙමෙයි නිසා අපි කැමති වුනා. ඉතිං ත්‍රිවිල් අයියා අමාරු පාරකින් ගිහින් අපි ඇරලුවා..අපි ඇල්ලේ සද්දේ අනුව පාර හොයාගෙන ඇල්ල දිහාට ගියා. ඇත්තටම ත්‍රිවිල් බුවා අපිව ඇන්දුවා නෙමෙයි..මෙතන අටවලා තියෙන කුඩා විදුලි බලාගාරයට පෙර අරදුනු ඇල්ලට එන නියම මාර්ගය තිබෙන්ට ඇත්තේ ඒ ත්‍රිවිල් මහතා අපිව ඇරලුව පැත්තෙන්. 

මේ ඇවිල්ල අරදුනු ඇල්ල. පස්සර ඉදලා රුපියල් 300ක ත්‍රිවිල් දුරින් කිලෝමීටර නම් තුනක් විතර ඈතින් තියෙන සුන්දර කුඩා දිය ඇල්ලක්.මේක උඩින් බට ගහලා විදුලි බලාගාරයක් කරනවා කිලෝවෝට් දෙසීයක.. කිලෝවොට් දෙසීයකට මේ වගේ ලස්සන ඇල්ලක් ලග ලොකු බට ගහල විකාරයක් කරලා.. ඇත්තටම ඒ වගේ පොඩි මට්ටමේ බලාගාරයකට වියදම් කිරිම සහ මේ තරං පරිසරය හානි කිරිම වැඩකට ඇති දෙයක් නෙමෙයි..ඒත් කාගේ හරි සල්ලි කොහේ හරි යනකොට ඒකෙන් ගසා කන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලැබෙනවා.පරිසරෙ නෙමෙයි අම්මා අප්පා වුව විකුනලා කී්‍යක් හරි ගත හැකි නම් ඒක තමයි අපේ අයගේ සතුට. 

ලස්සන තැන් විනාස කරල ඒවාගේ බලාගාර අටවලා ගන්න සල්ලි පොදි ගහල ලොකු තැන් ඉන් පස්සේ ලස්සන බලන්න රට රටවල යනවා ඇති. අනේ සල්ලිය බාගේ මත්තේම නැහෙන්නේ නැතුව අපිට තියෙන මේ සුට්ටි රටේ පරිසර පද්ධති ටික රැකගන්න උත්සාහ ගන්නේ නම්..ඒක වටිනවා කියලයි මට හිතෙන්නේ. 


ටිකක් පාන්දර අවස්තාවක් නිසාත් අවට දර කෑලි තිබුන නිසාත් අපි කූඩාරම එතන අටවං පොඩ්ඩක් නිදාගන්න හිතුවා..සැප බස් එකක ආවට එනකල් ගැස්සී ගැස්සී තමයි ආවේ. ඒ නිසා පාන්දරම මේ විදියට පොඩි ඇලට් එකක් දැම්මෝත හොදයි කියල හිතුනා. 
මේ ඇල්ල බලල පස්සරින් පාන්දරම ගතපු පොල් රොටිත් කාල අපි එන්න පිටත් වුනා උදේ 10ට විතර.. එනකොට අපිට තේරුනා ඒ පොඩි විදුලිබලාගාරයට පාරක් තියයෙනවා ලස්සනට හදපු..අපි කලිං පාරේ යන්නේ නැතුව විදුලි බලාගාරයට හදපු පාරේ එන්නපිටත් වුනා. 
මේ ඇල්ල තියෙන ජලමාර්ගය අතීතයේ සිට පැවති එකක්. මෙම ස්ථානය එතැන පිහිටි රජමහා විහාරයක දියකැපීමට පාවිච්චි කරපු ද්වාරයක්. මේ විශාල තොරණ දැන් ගරාවැටිලා..ඉපැරණි රජමහා විහාරයක් වුවත් දැන් නම් ඒ තැන මොකුත්ම නෑ කියලයි එතන හිටපු ගැමියෙක් කිව්වේ. 
ටිකක් හොදින් බැලුවොත් පේනවා ඇති මෙතැන ගජරාමෙට මැණික් ගරනවා..පස්සර පල්‍ේල්ගම අරදුනු ඇල්ලට ඉහල කොටසේ ඇති නිම්නයේ මැණික් ගැරීම හොදටම කෙරෙනවා..විදුලි බලාගාරයේ සිටිය සේවක මහතා කීවේ නම් මේ මැණික් ගැරීම පරිසරයට ඒ තරම් හොද දෙයක් නෙමෙයි කියලා.. 

ඉන් පසසේ අපි පස්සරට ඇවිත් තුනේ කණුව පැත්තෙන් නමුණුකුල යන්න පිටත් වුනා. පස්සරින් දවාට කාලා තුනේ කණුව බලා පිටත්වුනේ පස්සර බදුල්ල බස් එකක නැගලා. එ වෙද්දි දෙකට විතර ඇති වෙලාව. 

අපි කලිං බලාකියාගනිපු වෙබ් අඩවි වල ලේසියෙන්ම යන්න පුලුවන් කියපු මේ තුනේ කනුවේ අන්තයෙන් නගින්නට උත්සාහ කලා.. නමුනුකුල..නමුත් අපිට සැරටම වැරදුනා..පාර වැරදුනා.. 
පැය 4ක් විතර තේ වත්තේ එහාට මෙහාට ඇවිදලා නමුනු‍කුල මොකද්ද පිවිසුම මොකද්ද කියලා හොයාගන්න බැරිවුන තැන අපි එක්තරා නොදන්නා කුලකට නැගලා එ්ක උඩ කූඩාරම ගැහුවා..ගහල අහල තිබුන තේ දර වලින් ගින්නකුත් අවුලෝ ගත්තා. 
පාන්දරම කළුවරේ නමුණුකුල පෙනුනේ මේ ආකාරයට. රාත්තිරි කදුවල සීතල පැතිවල කෑම්ප් ගහපු උදවිය දන්නවා රැයක් ගෙවෙන්නට යන අපහසුව..කෑම්පින් රැයක් කියන්නේ සාමාන්‍ය රැයවල් තුනක් විතර..හරි අපාසුවෙන් තමයි වෙලාව යන්නේ..ඒ මදිවට බ්ලැන්කට් ස්කිනර් කපාගෙන එන සීතල.. මොක වුනත් උදේ වෙනකල් අපි එතන නිදාගත්තා..ගිනි මැලේනම් පැයක් දෙකක් අැවිලිලා නිවිලා යන්නට ඇති. 
බදුල්ල පස්සර පාරේ තුනේ කනුවේ සිට නමුණුකුල පහල ගම්මානය දක්වා ඒ කිව්වේ තුන් ‍කනුවේ අන්තයේ තේ වත්තේ අවසාන ලයිම දක්වා බස් රථයක් ගමන් ගන්නවා..ඒක කලින් දැනං උන්න නම් අපිට ගමන් වාරයකට ත්‍රී විල් වලට දුන්නු රුපියල් 1300ක මුදල ඉතිරි කරගන්නට තිබුනා. ත්‍රිවිල් අයියාට වැරැද්දක් කියන්නත් බෑ..පැය බාගෙකටත් වඩා වීල් එක යන්නට තිබුනේ දැඩි ගල් ගොඩවල් ගහන ‍පාරක..ඒ මදිවට දල නැග්මේ.. 
මිං මනත නමුණුකුල තුනේ කනුව පැත්තෙන් යනෝ නම් මේ ගමට යන බස් එක අල්ලගන්න පුුලවන් හවස 1.30ට විතර බදුල්ලෙන්..ඉන් පස්සේ බදුල්ලේ ඉදලා මේ ගම්මානයට ඇවිත් ගමේ ඩෑල් එකකින් හරියට පාර අහගෙන යන එක හොදයි.. ඇත්තටම මේ පාර තියෙන්නේ තේ වත්ත සහ වනාන්තරය ඉවර වෙන සීමාව හරහ ාවෙන්නට ඕනි. ඒවගේම තේ වත්ත ඉහල කෙළවරේ සිට ඉහලම ගිරිහිස දක්වා යන මේ පාර සොයාගන්නට ‍ නොහැකි වුනොත් යම් කිසි අපහසුතාවයකට පත් වෙනවා . 
එනකොට ආවේ කෝචචියේ උදේ 0830ට බදුල්ලෙන් පිටත්වෙන පොඩි මැණිකේ දුම්රියේ ආසන නම් තිබුනා ඇතිවෙන්නම. කලින් බුක්කරලා නොගියා වුනත් සතියේ දවසක් නිසා දෙවැනි පන්තියේ ආසන ගොඩක් හිස්ව තිබුනා. උඩරට දුම්රිය මාර්ගයේ ඇති සියළුම තැන් ඉතාම කදිමෙට නැරඹිය හැකි අවස්ථාවක් මේ බදුල්ලේ සිට දුම්රියේ පැමිණීමෙන් ලැබෙනවා..දුම්රිය මාර්ගය අවට සොබාව සෞන්ද්රයය බලන්න නම් බදුල්ලෙන් පොඩිමැණිකේ නැගලා එන එක ඉතාම යෝග්‍ය වැඩක් කියලා තමයි මට හිතෙන්නේ. 
මෙේනානුඔය දුම්රිය ස්ථානයට මදකට පෙර..අනික් පස. දුම්රියේ චීන ජාතික විදේශිකයින් ගොඩක් හිටියා..උන් ගේ නම් හෙන සද්දේ..අනික් විදේශිකයින් නම් පොටෝ අරගෙන එයාලගේ විනෝදේ අරගෙන නිකං උන්නා..ඒත් චීන්නු නම් පුකේ ඉත්තෑවෝ දුවනාව වගේ අතන මෙතන කෝච්චිය පුරා ඇවිදනවා..පොඩ්ඩක් නැවැත්තුවාම එතන තියෙන ගල් කැටේ පවා පොටෝ ගහනවා. 
මෙයා ලංකාවට ආපු ජනප්‍රිය චීන ඉන්ස්ටා තරුවක් වගේ එකක්..එයා සාරිය ඇදගෙන කකුල උස්සලා කකුල් පලල් කරලා අමුතු අමුතු විදියට පොටෝ ගැහුවා.මතක විදියට  මේ නාවලපිටිය දුම්ිය ස්ථානය. 

ඉතිං අපි හවස් වෙද්දි කොළඹට ආවා. උදේ කෑම නම් බදුල්ලෙන් කෑවා.. දවල් කෑම කෝච්චියෙට එන වඩේ, කට්ලට්,මාලුපාන්, රොල්ස්, වලින් සප්පායම් වුනා. අරමුණ වුනු නමුනුකුල මුදුනේ කෑම්ප් එකක් ගහල රැය පහන් කිරීම කරගන්නට බැරි වුනත් අරදුනු ඇල්ල දර්ශනීය උඩරට දුම්රිය සවාරිය..නමුනුකුලට පහල තේ වත්තේ එහා මෙහා පැය හතරක් ඇවිදීම අරදුනු ඇල්ලට උඩින් ගොස් යට පාරෙන් ඒම වගේ කාරණා නිසා හොද ට්‍රිප් එකක් බවට පත් වුනා නමුනුකුල අරදුනු ඇල්ල ට්‍රිප් එක.. 
අාරුක්කු නවයේ පාලම 
ලස්සන කෝච්චි පාර 
අරදුනු ඇල්ල 

මේ ඇතැම් ඡායාරූප මගේ ගමන් සගයින් වන තිසර මදුවන්ත සහ සාබිත් විසින් ගනිපු ඒවා. ඔවුන් දෙදෙනා තමයි ගමන සැලසුම කරලා මේ තැන් විස්තර සොයාගත්තේත්.  මගේ චීන දුරකථනය වන Xiaomi Mi 4 LTE පෝන් කැමරාවේ පොටා් තමයි මේ ඔක්කෝම. 

17 comments:

  1. නියම විස්තරේ.

    ReplyDelete
  2. පින්තූර ගන්න කෝච්චිය නැවැත්තුවද පාලම උඩ?

    ReplyDelete
    Replies
    1. නෑ ඔය යනගමන් ගතපුවා..

      Delete
    2. යන ගමං ෆොන් එකෙන් මරුනේ බං

      Delete
    3. යන ගමං ෆොන් එකෙන් මරුනේ බං X 2

      Delete
  3. නියමයි. අර චීන ෆෝන් එකේ පිංතූර නියමයි නෙව?

    කෑම්පින් ටෙන්ට් එක ඔන් ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න ඇතැයි අනුමාන කරනවා. ඔයාල යන ට්‍රිප් අනුව ගෙන්න ගන්න හොඳ භාණ්ඩයක් මෙන්න:


    Intex Challenger K2 Kayak 2-Person Inflatable Kayak Set with Aluminum Oars

    ReplyDelete
  4. මරු මචං, එළ ට්‍රිප් එකක්. ඔහොම යන ගමන් තමයි වැඩිය ආතල්...

    තනිකඩ කාලේ ගියාට දැන් ඔය වගේ ගමන් යැවෙන්නේ නැති තරම්...
    ආපහු ඇවිදින්න පටන් ගන්න ලොකු අසාවක් ඇති උනා මේ පෝස්ට් එක කියෙව්වම...

    ReplyDelete
  5. මේ අර ඒ දවස්වල බ්ලොග් ලියපු සාබිත් ද?

    ReplyDelete
  6. හරි අපූරු ගමනක්.. පින්තුර ටික හරිම ලස්සනයි.. මේ දුම්රිය ස්ථාන අතරින් එකක් මට ජීවිතේට අමතක වෙන්නේ නැ...

    ReplyDelete
  7. ඔන්න උඹ කියාපු කෝච්චියෙ ගිය චීන කෙල්ලෙක් මැරිල

    ReplyDelete
    Replies
    1. ඔය පිංතුෙරයේ ඉන්න කෙල්ල මැරුන් නෑ..ඒකි ශැංහයි වල.ෙ.පෙරයිදත් කතා කලා..

      Delete