Tuesday, November 29, 2016

ගණීකාව හා රාජ්‍ය ආදායම්

අයවැය හදන්නේ කොහොමද කියල ඇහුවොත් හැමෝම කියන්නේ වියදම් කරන හැටි ගැන.. සැබැවින්ම මේ ලංකාව කියන රට අද මුහුනපාන්නේ සල්ල ිවියදම් කිරිමේ ගැටලුවකට නෙමෙයි..මුදල් උපයන්නේ කොහොමද? ධනපතින්ට රිදෙන්න..උත්සාහවන්තයින්ට නොරිදෙන්න...වැඩකට නැති දේවල් නැතිවෙන්න කොහොමද බදු ගහන්නේ.. බදු නැතුව අපිට විදෙස් ණය ගෙවන්න බෑ..ඒ වගේම රටේ පාලනය කරගත යුතු නියාමනය කල යුතු අංශ ගනනාවක් තවමත් එසේම තිබෙනවා. 

මට අනුව අලුත් බදු 


විශාල විවාහ මගුල් අධෛර්යමත් කිරීමේ අරමුණින් විවාහ බද්දක්.. විවාහයකට වියදම් ‍වෙන විශාල මුදල නැවත කිසිසේත් අපේ ආර්ථිකමය වැදගත් දෙයක් නෙමෙයි..ඒකෙන් පොටෝ කාරයෝ අන්දන උන් හොටල් කාරයෝ හැදෙනවා නමුත් ඒකෙන් ඇතිවන හොදක් නෑ. ජෝඩුව අවසානේ අවුරුදු ගානක් යනකල් කිසිම තේරුමක් නැතුව ණය ගෙවනවා මේ කෝලම් විවාහ නිසා.. මෙය පාලනය කරන්න අමාරුයි..නමුත් බදු එකතුකරලා පැනලා යන අයට සහන දෙනවානම්..එය බොහොම ආකර්ෂණීය වැඩපිලිවෙලක් වෙයි. 

සැලොන් සහ රූපලාවන්‍ය බද්දක් 
පහුගිය කාලේ සැලොන් කේ්ස් එකක් නිසා කවුද ගෑනු කෙනෙක් මිය පරලොව ගියා..කපටි ආන්ඩුවක් නම් ඊලග අයවැයෙන් අනිවාර්යෙන් ඔය සැලුන් නියාමනය කරලා බද්දක් එකතු කරන්නට ඕනි..නමුත් එහෙම වුනේ නෑ.. අද බැලුවාම හැම කුඩා ටවුමකම සැලුන්.රූපලාවණ්‍ය වැඩකිඩ හැමතැනම..මේවා අත්‍යාවශ්‍ය දේවල්ද? 

හැම ගෑනිම එකම වගේ මූන හූරගෙන සුදුවෙලා..හැමෝම එකම වගේ කොන්ඩේ මැදලා..ලිප්ස්ටික් ගාලා..පුසප් බ්‍රාස් දාලා..දැන්‍කොල්ලොත් ඇතැම් වෙලාවට කොන්ඩේ කපන්නත් දාහ දෙදාහ වියදම් කරනව.. රුපියල් දාස් ගන්න වල පේසල් දානවා.. ටැටූ ගහනවා.. ඇත්තටම මේවා නැතිවුනා කියලා මිනිස්සු ආපහු කැලෑවට යන්නේ නෑ..ඔයාලට අපිට උගන්වන්න, බේත්ගන්න, යන්න එන්න පාරවල් හදන්න හැමදේටම ආන්ඩුව වියදම් කරනවා.ඉතිං ඔය හැඩ වැඩ වෙන්න වියදම් වෙන ගානින් 20%ක් වගේ ආණ්ඩුව අයකරන එකේ මහ ලොකු වැරැද්දක් නෑහැ නේද? 

මසාජ් ස්පා නියාමනය හා බදුකරනයට ලක් කිරීම ... මසාජ් කියන්නේ ලිංගිකමය උත්තේජන ලබාදීමේ කුප්‍රකට මධ්‍යස්ථාන බව හැමෝම දන්නවා..මේ තැන්වල අය කිරීම් ලේසි නෑ..ඉතිං මේ තැන්වලට උවමනාවට ගියා වුනත් ඒක අවශ්‍යම එකක් වුනත් මේ ගන්න විශාල මුදල් වල හැටියට බදු ගහන එක  කල යුතු දෙයක්..ඒ වගේම අඩුම තරමේ මූලික අවශ්‍යතාවයන් ටිකවත් සම්පූර්ණ වෙනවාද කියලා හොයල බලල නියාමනය වෙනෝ නම් ඒත් පංකාදුයි.. 

ගොඩක් ස්පා වල තියෙන්නේ සීමිත ඉඩක්..ඒකෙ කෙල්ල සහ ආතුරයට හැරෙන්නත් ඉඩ මදි..බාත් රූම් අජපල්..පුද්ගලිකත්වය ආරක්ෂා වෙන්නෙත් නෑ.. මේවා මිනිස්සු සල්ලි දීල යන තැන්..ඒවා ගැන බැලීමත් සැබැවින්ම සෞඛ්‍ය සේවාවන් වල එක්තරා වගකීමක්. 

ටියුෂන් බද්ද.. පාසලේ උගන්වන කෙහෙම්මලම ආයෙත් උගන්වන තැන් වලට ටියුෂන් කියනවා..එක අතකින් නැවත ඉගැනීම් දරුවාට අපහසුතාවයක්..ඒ වගේම ‍ාබෙහෝමයක් ටියුෂන් වල නියමිත වැසිකිලි සහ ආසන පහසුකම් වත් නැහැ..ඒ වා නියාමනය කරලා ඒ සදහා සැලකිය යුතු බද්දක් පනවන්නට ඕනි..ඉ්න පසු දෙමාපියන් තීරණය කරයි එක්කෝ ටියුෂන් එකට යවලා පාසල්‍නොයාවාම ඉන්නෝද නැත්තං ස්කෝලේ යවනෝද කියලා. 

ගුප්ත විද්‍යා සහ ආගමික බදු .. 
ආගම පාවිච්චි කරලා රටවල් සමාජ හදන වැඩේ පරණ එකක්. වැඩිය ඕනි නෑ මේ අච්චර මෙච්චර සුන්දරයි කියන ථෙරවාද බුද්ධාගම ගනිමු..ඔය ආගම තියෙන මූලික රටවල් 3වන මියන්මාරය, තායිලන්තය සහ ශ්‍රී ලංකාව කියන රටවල් තුනේම හාමුදුරුවරු අමු පිස්සු කෙලිනවා ක්‍රමයට දරාගන්න බැරිවෙන්නම .. තායිලන්තයේ පන්සල් වල තියෙන කලු සල්ලි අදින එක සහ රජයට කරන අනිසි බලපෑම් නවත්තන්න රජයටවත් බෑ.ඒ වගේම නිතරම අන්‍යාගම් වලට ගරහන වෛරය පතුරුවන බුරුම හාමුදුරුවරු අවි ආයුධත් අතට අරං ඉවරයි.. 

. වර්ථමාන ලෝකයේ දියුනු රටවල් වල තියෙන විනය, හැදියාව, මිනිස්සුන්ගේ අනෙකාට ගරු කිරීම ආදිය ලබාගන්න ඒ මිනිස්සුන්ට හැකි වුනේ අවුරුදු දාස් ගනන් පරණ ආගම් වලින් නෙමෙයි..හැමෝටම ගරු කරන්න පුලුවන් පොදු නීති වලට සමාජය යටත් කරමින්..අපේ රටෙත් විවිධ ගුප්ත විද්‍යා කාරයොත් ආගම් කාරයොත් සල්ලි එකතුකරනවා නොයෙක් ආකාරයට..

ඒ අයට පුදුමකට වගේ ටැක්ස් නෑ..සමහර විහාර දේවාල වලට ටැක්ස් ඇත්තේම නෑ..  කතරගම තියෙන පූජවට්ටි කොලේ සිට ආසිරි ගේ ෆෙන්ෂුයි වාලම්පුරි අණවින කොඩිවින වශී ආදී තැන්වලටත් විහාර දේවාල සහ කෝවිල් පල්ලි වලට ලැබෙන විශාල ආධාර ආදිය නියාමනය වන විදියක් එන්න ඕනි සහ ඒවාට බදු එකතු වන්නට ඕනි..

 අපි යන්නේ රටවලින් ණයට සල්ලි අරං හදපු පාරවල් වල.. අපි බොන්නේ පිටරටින් ණයට සල්ලි අරං හදපු ජල ව්‍යාපෘති වල වතුර. විවේකට එක්සයිස් එකට දුවන්නේ විදෙස් ණය වලින් හදපු ට්‍රැක් වල.. .පොදු ගොඩනැගිල්ලක් වැසිකිලියක් හදාගන්න ගියාම පවා ලෝකයට ණය වෙනවා..ඒත් පංසල්,පල්ලි,කෝවිල්,දේවාල වල උන් අපිට සුන්දර ජිවිතයක් දෙන්න කියලා එලොව පරලොව පෙන්වලා අපෙන් සල්ලි ගරාගන්නවා. 

පංසල් පල්ලි කෝවිල් දේවාල යාතිකාගාර වල කෝටි ගනන් සල්ලි තියං මිනිස්සුන්ට සහනය සලසන්න කියල එක එක බහුබූත කරනවා..කොන්ක්‍රීට් ගොඩවල් හදනවා..මාලිගා ගහනවා. ඇත්තටම මේ සල්ලි රජයට අරං විදෙස් වලට ණය නොවී මොනවාහරි වැදගත් දේවල් ටිකක් කරන්න පුලුවන් නම් ඒකෙන් අර බුදුන් දෙය්යෝ හෝ වෙන ආරක්ෂාවල් වල් වලට ආයෝජනය කරනවාට වඩා මිනිස්සුන්ට වැදගත් වෙයි.. ඒ වගේම සෑම අදෘෂමාන යැදීමකදීම මුදල් ගෙවන්න වන අවස්ථාවක රජයට බදු මුදල් ගෙවන්නට වන පද්ධතියකුත් තිබීම බොහෝම වැදගත් දෙයක්. 

නොමිලේ සේවා ගැන නැවත සිතීම දුම්රිය සේවාව පාඩුයි..නමුත් බස් එකටත් වඩා දුම්රිය ගාස්තු අඩුයි.. ඇයි ඒක වැඩිකරන්න බැරි..මිනිහෙක් වැඩට යද්දි තමුන් ඒ වැඩට යෑම සහ ගිහින් කාල බීල ඒමවත් පාඩු නැතුව කරගන්න බැරිනං..කරන්න යන රස්සාව තේරුමක් තියෙනවාද? නෑනෙව.. ප්‍රවාහනය වගේම සෞඛ්‍ය සහ අනෙකුත් හැමදේම විශාල වශයෙන් බදු ගහලා තමයි ආයිමත් අපිට දෙන්නේ..සම්පූර්ණයෙන්ම නොමිලේම නැතුව අඩුම තරමේ සියයට 10ක් වත් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වලදී අයකරගන්නවා නම්..ඒක වැදගත් පියවරක්.. 

ගණිකාව සහ බදු 

ටොපික් එක නිසා ගණිකාව ගැනත් කියන්න එපැයි. ගණිකාවන් 12775ක් විතර ලංකාවේ ඉන්නවාලු. ඒ 12775 අතර ඉන්නවා රුපියල් 15000ට 30,000 වගේ විසාල ගනන් වලට යන ඒවත්..මධ්‍ය අගය විදියට එක් අයෙකුගේන දවසට 500ක  බද්දක් ආවත්? රාජ්‍ය ආදායම කොච්චර වෙයිද? 6,387,500 බදු මුදලක් රජයට එනවා. රු මිලියන හයක්..දවසට.. 

පන්සීයක්  කියන්නෙ ලොකු අගයක් තමයි..එත් රුපියල් 6,000ක් ගොනාට වියදම් කරන්න පුලුවන් එකාට 500ක් ආන්ඩුවට ගෙවාගන්න බැරිවෙන් නෑනෙ.  අරක්කු බෝතෙලේට 820ක් විතර බද්දක් වදිනවා නම් ගණිකාවට ඉතිං 500ක් ගණිකා බද්දත් මදි වාගේ නේද? ඔ්‍ය මොක කරන්නත් කලිං ඕක නීතිගත කරලා ලිංගික අධ්‍යාපනය හෝ කොන්ඩම් පාවිච්චිය ගැනවත් කියලා දෙන්න ඕනි.. 

12775ක් ඕ වැඩේ නිරත වෙලා ඉන්නෝ නම් නිතිගත කරාම අපේ රජයට ඒකෙන් බදු පාරක් ගන්න හැකියාව ලැබෙනවා..ණීතිගත නොකර හිටියාම ඔය මොකුත්ම නෑ.. නිකං හොරාට හොරාට තමයි වැඩේ යන්නේ. 

ගොඩක් තිබුන නම් අහක්(මෙහෙක්) කරන්නට තිබුනා.. 

ඉතාම ලේසි දේ තමයි වියදම් කල යුතු දේ තීරණය කිරීම. ඕක ඉතිං අපිටත් පුලුවන් නේ. "තිබුනානම් හුගක් ලොකු මිල මුදල් මගෙ අතේ.". කියන්නේ අපි හැමෝම ලියන්න ආස රචනාවක්..නමුත් මිනිස්සු විදියට වගේම රටක් විදියටත් අපි අලුත් ආදායම් හොයන්නේ කොහ‍ොමද  ? හැමෝම ගොලුයි ඒ පස්නයේදී.. 

7 comments:

  1. පබා එක රෑකට ලක්ෂයක් ගන්නවා. පබාගෙන් වැඩිය අයකරොත් නාකද?

    ReplyDelete
  2. වටිනා අලුත් අදහස්. හැබැයි, ලංකාවේ බෞද්ධ මූලධර්මවාදීන්ගෙන් කුනුහරුප අහන්න ලෑස්තිවෙලා ඉන්න වෙයි!

    ReplyDelete
  3. ලංකාව හැදෙන්නෙ කවදාහරි සම්පූර්නයෙන්ම රාජ්‍යය කියන එක 100%ක්ම ආගමෙන් ස්වාධීන වුන දාට.
    ඒක කවදාවත් වෙන්නෙ නෑ.
    ඒ නිසා රට හැදෙන්නෙත් නෑ.
    අබ සරණයි!

    ReplyDelete
  4. හොඳ අදහස් කිහිපයක්...
    මුදල් අමාත්‍යාංශයේ නිලදරුවන්ගේ අවධානයට යොමු වෙනවා නම් හොඳ යි.

    ReplyDelete
  5. ඇතත්ටම හිතන්න වටින අදහස් කීපයක් හැබැයි කරන්න ගියොත් ගෑණුන්ගේ ඡන්ද ටිකක් නම් අඩුවෙයි.

    ReplyDelete
  6. මා සිතාගෙන සිටියේ බදු වලින් අයකරගන්නා මුදල් වලින් අපිට විදේශ ණය ගෙවන්නටත් පුලුවන් වේය කියලා..නමුත් ඉකොනොමැට්ටාගේ බොජුන් හලේ ගිය ලිපියක් අනුව ඒක එහෙම බෑ..දැනුම වර්ධනය කරගන්න මේ ලිපියත් කියවලා බලන එක හොද වෙයි.
    http://economatta.blogspot.com/2016/11/blog-post_29.html

    ReplyDelete