Thursday, November 24, 2016

රාජපක්ෂ මත්තල ද? MRIA turn profits ?

මත්තල පාඩුයි..එ් මේ රජය පත්වෙන්නට පෙර ඒ කිව්වේ වර්ශ දෙකකට පෙර සිට අද දක්වාම ගහන තැටියක්. වරක් මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කරන්න උත්සාහ කලාට අමතරව මත්තල ගැන ලොකු කතාවක් කවුරුත් කියන්නේ නෑ..කරන පාටකුත් නෑ..
අපි බලමු මත්තල ගොඩගන්න පුලුවන් ක්‍රම කීපයක් ගැන


ගුවන් යානා ඉංජිනේරු මධ්‍යස්ථානයක් පිහිටුවීම 

එයාබස් සමාගම පසුගිය කාලයේ ඉන්දියාවේ දිල්ලි එයාපෝට් එක කිට්ටුව ඉඩමක් සොයමින් හිටියා එයාලගේ ගුවන් යානා නඩත්තු කරන්න..එයාපෝට් එක ගාව ඉඩම් හිගයි ලු..තිබුනත් ඒවා රජයෙන් රිලිස් කරන්න තරමක් අදිමදි කරන කතාවක් තමයි මම දැක්කේ.. 

දැනට එයාබස් සමාගමේ ගුවන් යානා 500කට වඩා මේ දකුනු ආසියානු සීමාවේ පමණක් ධාවනය වෙනවා. මේ ඔක්කෝම එයාබස් ලගේ මවු සමාගම වෙත යවන්න ගියොත් ඒක සමාගමට පාඩුයි.. ලංකාව කියන්නේ ඉංජිනේරු වගේම අනික් ස්කිල් සහිත ශ්‍රමිකයින් සාපේක්ෂව අඩු මිලට ගන්න පුලුවන් තැනක්..ඒ වගේම ලංකාවේ මත්තල වගේ එයාපෝට් එකකුත් එයාලට පෙන්වලා කොහොම හරි දහං ගැටයක් දාල මෙහෙට අඩුතරමේ වරකට ප්ලේන් 5-6ක් වත් හදන යාඩ් එකක් අපේ වියදමෙන්හරි හදා දුන්නොත්..? 

ඉන් පස්සේ ඒක බොහොම ලේසියෙන් ඉදිරියට යාවි.. ඉන් පස්සේ ලංකාවේ ඉන්න දක්ෂ ඉංජිනේරු තාක්ෂණ ශිල්පීන් ඒ වැඩ කිඩ හොදට කරලා එතැන ස්ථාවර කර ගනීවි..වැඩේ තියෙන්නේ ඕව ලේසියෙන් කරන්න බෑ.ඉන්ටනැසනල් ගේම්ස් තියෙනවා පිටිපස්සේ..ඒව කරන්න පුලුවන් වෙන්නේ එක්තරා මට්ටමක ඉහල ලෙවල් එක‍ේ පිරිසකට විතරයි..  ඒ වගේ යම්තාක් හැකියාවක් තියෙන පිරිසක් එකතුකරගන්න එජාපයට බැරිනම් ඒ වැඩේ ජේවීපි කාරයින්ටවත් රාජපක්ෂලාටවත් කරන්න කොහොමටවත් බෑ.. අදහසක් විදියට ආන්ඩුවේ ඉන්න ආර්ථික වෙළඳ මූල්‍ය පණ්ඩිතයින් උන්ගේ වියදමින් හරි එයාබස් හෝ එවැනි ගුවන් සමාගම් එක්ක පිංසේන්ඩු වෙලා මේක හදා දුන්නොත්.. ඒකෙන් ඒ දේසපාලුවන්ටත් ඔය කී්‍යක් ඕනි නම් හරි ගසා කෑවත් අපි හැමෝටමත් වැදගත් වැඩක් වේවි. 


ටුවර් ඩෙස්ටිනේසන් එකක් විදියට 

දැන් මේ කතරගම ඉන්න දෙයියෝ කාගෙද? ආයෙත් අහලා ඔය ඉන්නේ බෞද්ධ සම්‍යක් දෘෂ්ඨික අපේ පොරක් නේ.. නෑ යකෝ නෑ..ඕ දෙයියා ඇවිල්ල සවුත් ඉන්දියන් ඔරිජින් එකක්..මම දෙමල චිත්‍රපටියක දැක්ක විදියට ඔය කතරගම ඉන්න කන්දසාමියා දකුනු ඉන්දියාවෙත් සැරට පුදන ඩයල් එකක්..ලංකාවට බෝට්ටුවෙන් එන්න පුලුවන් උනු ඉස්සර කාලේ දකුනු ඉන්දියා දෙමලු බෝට්ටුවලින් මන්නාරම් ඇවිල්ල එතනින් මාතරට කෝචිචයේ ඇවිල්ල කතරගම කන්දසාමිය බලන්න ගියාලු.. 

කතරගමට පැයේ විතර දුරක් තියෙන්නේ මත්තල ඉදලා.. අපිට මුලින් ඉන්දියාවේ සිට මත්තල ප්ලේන් අමාරු වුනත් කටුනායක ඉදලා මත්තල පටන් ගන්න පුලුවනි. කතරගම දේවාලෙටම ටුවර් බස් සර්විස් එකකුත් අටවන්න පුලුවන් දැන් සී ටී බී තියෙන සැප බස් දෙක තුනක් දාල උනත්.. 

යාල උඩවලව ලුණුගම්වෙහෙර වගේ ජනප්‍රිය පාක් දෙකක්ම මත්තල කිට්ටුව තියෙනවා..ඒ තැන්වලට සංචාරකයින් කොපමණ එනෝද කියනවා නම් යාල රෙජිස්තර වෙච්චි සංචාරක කැ්බ් විතරක් 600++ තියෙනවා ලු. ඉතිං මේ තරං පිරිසක් එන යාල සහ කතරගම පලාතට දවසට එක බජට් එයාලයින් එකක් රුපියල් 5000ක ටිකට් එකකට තිබුනත් මිනිස්සු යන්නේ නැද්ද? මම හිතන්නේ හරියට මාකටින් පාරක් දීල 

දේවාලේ අතේ දුරින් 
යාල හූවෙ බල්ටියෙ දුරින්..
එතැන් සිට ඒ සී බස් එකේ සැපෙන්

වගේ කියල මාකට් කලොත් ඕක හොද රූට් එකක් වෙයි කටුනායක සිට මත්තලට ගුවන් ගමන.. 

එක අතකින් අපි දේසපාලුවන්ගෙන් විතරක්ම නෙමෙයි බිස්නස් කාරයින්ගෙනුත් දුප්පත් රටක්..කොරන බැංකු, ඉන්සුවරන්ස්, අරක්කු, ෆුඩ්සිටි වගේ බිස්නස් ටිකෙන් එලියට හිතන උන් අඩුයි.. අවුරුද්දක් දෙකක් පාඩුවට දුවලා රිස්ක් එක ගන්න පුලුවන් සහ එහෙම හිතන උන් අඩුයි.. හැමෝටම ඕනි පලවෙනි ටර්ම් එකේ සිට ලාබගන්න.. 

පොඩි සයිස් පාවිච්චි කරපු ප්ලේන් කෑලි දෙකක් අරං තීන්ත ගාල ලස්සන කරලා..ඔ්‍ය ලාබෙට නැට්ටිච්චියො ටිකක් බදෝගෙන කටුනායක මත්තල පොඩි බජට් ටයිප් එයාලයින් එකක් කරන්න මහා විසාල මෙව්වා එකක් ඕනි නෑ,.හැබැයි බිස්නස් එකක් විදියට කරන්න නම් ටිකක් ඉතිං මාකටින් පැත්ත පුලුවන් වෙන්න ඕනි.. එ වගේම රුපියල් 12500ට මැලේසියා බහින්න පුලුවන් කම තියෙද්දි කවුරුවත් රුපියල් 10000ක් දීළ මත්තල යන්නෙත් නෑ..බජට් එයාලයින් එකක් විදියට ඔ්‍ය පැය බාගේ ටුවර් එකට ඉන්දුනීසියා පැත්‍ේත් නම් ගන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 4000කටත් අඩු ගානක්..ඒ තරම්ම අඩුවට බැරි වුනත් 5000කට එක පැත්තකට ටිකට් මිල තිබුනත් ඒත් මීගමු පැත්තේ ඉන්න ටික දෙනෙක් හරි වැඩේට සෙට් වෙයි.. 

අසාර්ථක වෙයිම කියලා හිතෙනාව නම් කතරගම උත්සව කාලෙට..ඉස්කෝල නිවාඩු කාලෙට වත් පොඩි ට්‍රයි එකක් දීල බලනවා නම් මම හිතන්නේ බොහෝදුරට හරියන්න ඉඩ තියෙනවා. 

අපි හැමතිස්සේම පරණ ආන්ඩුවට බැනල වැඩක් නෑ..පුලුවන් තරම් විකල්ප හිතන්න ඕනි..මම හිතන්නේ එතකොට තමයි අපිට ටිකක් හරි ඉස්සරහට යන්න ලැබෙන්නේ. 

12 comments:

  1. The problem is this government is not ready to promote MRIA in any way as they think that credit will go to MR.
    If they really need to promote the MRIA there is a golden opportunity (from Jan to April 2017) where KIA will be closed in the day time due to repairs on runway.
    Sri Lankan could have easily reroute the day time flights to MRIA and government could have invited other airlines to use it. Instead this stupid government and Sri Lankan Air has cancelled over 200 flights

    ReplyDelete
    Replies
    1. MRIA MARA KARIYA

      Delete
    2. Don't you think the airlines are aware that there is another airport in Mattala? Don't you think that they would have requested Mattala if that is feasible for them? An airport is only a facilitator and the airlines are the operators. It is them who have to sell the tickets. If it is convenient for them they would have requested for slots in that. They are aware that no body is going to drive 3-5 hours to catch a plane. They know if they operate to Mattala they will be flying empty planes.

      Delete
    3. Ian, Yes the airlines are aware of the fact of existence of MRIA and at the same time they are well aware of the attitude of this government towards that facility. They do not intend to antagonize the government when our government is willingly allocate them midnight slots at KIA at expense of SLA slots (and do you think it is really convenient to land in the mid night and travel to their respective destination on the road for 3-5 hrs?) In case of tourists these flight times caused them to pay for extra night accommodation.
      As per your answer that all the passengers coming in and flying out must be from in and around Colombo. (they are the people who have to travel extra 3-5 hrs to catch a plane. (yet it is still better to do so than getting delayed by 9 hrs.) If the client destination is southern province, eastern province, uva Province, Sabargamuwa or central highlands they will find it much convenient than traveling 5-7 hrs to catch a plane.

      Delete
  2. Great Ideas. ++++++++++++++ puwath pathakata arinna

    ReplyDelete
    Replies
    1. යන්ඩ අයියා යන්ඩ, අයිය ඉන්නකං අපට පත්තර මොටද අයියා,
      ඔයා යහපාලන නඩයේ හොරනෑව වෙච්චි කොට, රනිල් සුදු මැණිකෙගේ මාධ්‍ය පොකාශක වෙච්චි කොට, මෙයාව සොපින් යවන්නේ නැතිව ඔයා හිරිකොත යන දොහක ගොහින් කියන්ඩකෝ අයියා,
      සනිල් සුදු මැණිකෙ ගාවට මෙයා පැදෙව්වොත් මත්තලට කලින් මෙයාගේ පුකට පව් වෙයි අයියා.

      හොද අයිය වගේ හිරිකොත පද්දන්න කලින් මුල් අනෝ කමෙන්ට් එකත් කියවල යන්ඩ අයියා, අයියාට බුදු සරණයි අයියා.

      Delete
    2. ඔන්න කියෙව්ව. කමෙන්ට් එකකුත් දැම්මා. එක්කො ඒ උඹමයි නැත්තන් උඹ වගේම මෝඩ රිලවෙක්.

      Delete
  3. Ano is correct, It may be ill advised to have a airport in Hambantota, however current govt is not doing anything tp promote infrastructure built by MR for pure political reasons. One of my friends (is a manager)told me that Ranil ask Gayantha Karunathilaka to remove the Ranminithanna and take it to Benthota. This man is our prime-minister, god help Sri Lanka.

    ReplyDelete
  4. අපේ ගම්වල සමහර මිනිස්සු හිටියා ගෙදර වත්තේ තමුන්ගේ තාත්තලා හිටවපු පොල් ගහට පෝර ටිකක් දාන්නේ නැතිව ඒක කපලා විකුණනවා. කොස් ගහ කපලා විකුණනවා. කුඹුරු කරන්න බෑ පාඩුයි කියලා විකුණනවා. අන්තිමට තමන්ට කියලා කිසිම දෙයක් නෑ.

    ReplyDelete
  5. හම්බන්තොට වගේ පැත්තක් භෞතිකව සංවර්ධනය කරන්න ඕන කියන එක කන්සෙප්ට් එකක් විදියට හොඳයි. හැබැයි ඒක කරන්න ඕන ජනතා සහභාගීත්වයත් එක්කයි

    ReplyDelete
  6. බජට් එයාලයින් එකට ප්ලාස්ටික් මල්මාලා දාල , දෙහි මිරිස් එල්ලලා ගත්තනම් පාඩු වෙන එකක් නෑ

    ReplyDelete
  7. If you read Mahawamsha, you may find a better explanation for 'Katharagama'. Mind your language!

    ReplyDelete