Tuesday, February 21, 2017

රට ගෙනියන්න කාටද වැඩියෙන් සැප දෙන්න ඕනි

වෘත්තිය සමිති ව්‍යාපාරය කියන නමේම තියනවා ඒක ව්‍යෘපාරයක් කියලා.. හිතන්න මම අයිති ලංකා ඇල්වතුර බෝතල් කරන්නන්ගේ සංගමය කියලා..ඉතිං ඔන්න මම තමයි ලීඩර්..ඔන්න මීඩියා වලට කතා කරනවා.. 
අම්මේ තාත්තේ
මේ වතුර පිරිසිදු කිරීම කියල කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි.. අපි මේ කරන වැඩෙන් විදේශිකයන් රටේදි වතුර සපයාගන්නවා..උයාපිහාගන්න තරු හෝටල් වල ලොකු කම්පැනි වල පාවිච්චි කරන්නෙත් බෝතල් වතුර..අද මේ බෝතල් වතුර කරුමාන්තේ නගාහිට්ටව්වෙ නැත්තං මොකද වෙන්නේ? හෙට වෙද්දි රට අනතුරේ අපි ඔක්කොම පිරිසිදු වතුර නැතිව අනතුරේ.. 

ඒ ‍වතුර නිපදවන්නන් ගේ සංගමය.. 

ඊලගට සමස්ථ ලංකා උදලු මිට ගහන්නන්ගේ සංගමය.
අපි පුරානේ සිට අහල තියෙනවා සීයාගේ අවුරුදු 500ක් පරණ උදැල්ල ගැන.. එතනදි මිට ගහනවා තලේ ගහනවා..අවුරුදු දාස් ගානක් තියෙනවා.ඉතිං ගොවියා රජකරනවාය කියන රජය අද මේ උදලු මිටි ඉන්දියාවෙන් ගෙනල්ලා දේශීය මිටි කර්මාන්තය කඩා වට්ටවන්න හදනවා..මේ ර‍ටේ සියයට 35කගේ ජීවනමාර්ගය ගොවිතැන..ඔවුන්ට උදලු තලෙන් පමණක් වැඩ කරන්න බෑ ජනතාවනි..මිට ඕනි..ඒ මිට සපයන්නේ කවුද අපි.. අපි නැතුවොනත් ගෛාවියත් නෑ බතත් නෑ.. 

ඉතිං ඔය විදියට හිතලා බැලුවොත් හැම සංගමයක්ම කියන්නේ හැම වෘත්තිය සමිතියක්ම කියන්නේ එයාල ගේ වෘත්තිය නැතිවුනොත් රටට කෙල වුනා කියලා.. ඒ වගේම ඇතැම් දේවල් තියෙනවා නිකං ලොකුවට පේන..පොලිසිය හමුදාව එහෙම ලොකුවට පේන තැන්..අනේ ඒ මිනිස්සු ගුටිකනවා..යුක්තිය පසිදනවා..අවුවේ වේලෙනවා.. පවු එයාලටත් පඩි වැඩිවෙන්න ඕනි සුවල්පකැපකිරිමක්ද කරන්නේ එයාල.. 

දොස්තර ගුරුවරු ආචාර්ය වරු වගේ ප්‍රබල වෘත්තිය සමිති හැමදාම ගිරවු වගේ කියවද්දි අපේ ම සමහර අයට හිතෙනවා අඩේ මුන් ඇවිල්ල මාර වැදගත් සේවයක් නෙව රටට කරන්නේ කියලා..ඉන් පස්සේ අපි ටික කාලයක් ගියාම ඒ ගොල්ලාන්ට පඩි වැඩිකරන එකට පක්ස වෙනවා.. අපිත් කැමති වෙනවා අපිට නොදැනිම.. 

සැබැවින්ම වෘත්තිය සමිති කරන්නෙත් මිනිස්සුන්ට කොහාම හරි අගෝනවා තමුන් නැත්තං බඩු සවුත්තු වෙනවා කියලා.. 

රටක ශ්‍රම බලකාය සැලසුම ්කරන්නේ කෝමද? 

දැන් අපේ රටේ බැලුවාම මොක්කුද වැ‍ඩියෙන් ඉන්නේ මොන ජාතියේ මිනිස්සුද අඩු..රටේ සංවර්ධන ඉදිකිරීම් වැඩි කාලෙක නම් ඉදිකිරිම කම්කරුවන් ඕනි.. ඉතිං මිනිස්සු හොයාගන්න බැරිනං අපි වේගෙන් ඒ අය පුරුදු කරන්නට හෝ නැත්තං රටින් ගේන්නට ඕනි.. එහෙම නැත්තං බිල්ඩින් හදාගන්න බෑ.. කේස් නේ.. 

ඒ වගේම ඔන්න බලාගෙන යද්දි තේරෙනෝ රටේ සෞඛ්‍ය සේවේ අවුල් වගේ කියලා..දොස්තරලාත් මදි ඒත් හොදට බැලුවොත් පේනවා දොස්තරලා විතරක් නෙමෙයි මිඩ්වයිෆ්. පී ඇච් අයි නර්ස්..වගේම ව්‍ය්‍ුහාත්මක වෙනසකුත් ඕනි සෞඛ්‍ය සේවේ දියනුනු කරන්න.. 

ඔන්න කෝච්චි ස්ටේසමට ගියාම පේනවා.. මිනිස්සු ඉන්නවා ඒත් මදි..මොකද ටිකට් දෙන්න එකායි..දෙවන පන්ති ටිකට් වලට තව එකයි.. ටිකට් එකතු කරන්න දෙකයි.. එකතු කරපු ටිකට් ටිකෙන් ගනන් හදන්න තව එකයි..ඉතිං මදි ගතියක් පේනවා..ඒත් මැසිමක් දැම්ම නම් අර බස් වල වගේ මැසිමක් දැම්ම නම් ඔ්‍ය කිසි කරදරයක් නැතුව සංගනන කරගන්න තිබුනා.. ඒ වගේම ඉක්මනින් ටිකට් දෙන්නත් තිබුනා.. 

අඩුයි කිව්වට අඩුයිමද? 

ගුරුවරු නම් ඉන්නවා..ඒත් වර්ථමාන ලෝකයට ගැලපෙන්න ගූගල් සර්ච් එකක් ගහගන්න පුලුවන් ගුරුවරු අවුරුද්දක් අතුලත පොතක් පතක් කියෝපු ගුරෙුවරු අඩුයි..එයාලගේ ගාන වගේම කොලිටි එකත් වැඩිවෙන්නට ඕනි.. 

ඇත්තටම ‍ඉල්ලන ඉල්ලන යූනියන් එකට අනුව පඩි වැඩිකලා කියල රටක් දියුනු කරන්න අමාරුයි.. රටක් දියුනු කරන්න දියුනු සැලසුම් අවශ්‍ය වෙනවා.. දියුනු ක්‍රමවේද අවශ්‍ය වෙනවා.. එහෙම නැතුව සරල ප්ලාස්ටර් වලින් අපිට ඉන්න තැන ඉන්න පුලුවනි ඒත් දියුනු වෙන්න අමාරුයි.. 

9 comments:

  1. ජන්දේ දීලා පාර්ලිමේන්තු යවන එව්වෝ බිස්නස් කරනවා. උන්ට කොහෙද බං රටකට සැළසුම් හදන්න වෙලාවක්

    ReplyDelete
  2. මුන්ගේ ගෙයි පඩි තමා වැඩි වෙන්නේ වැඩි කරන පඩියට සරිලන්න කරන වැඩකුත් නැ. පරණ ගානම තමා කරන්නේ. ඒකට පෞද්ගලික අංශය පඩි වැඩි කරන්නේ කරන්න තියෙන රාජකාරියෙත් වැඩි වීමක් එක්ක.

    දොස්තරලත් එකයි ගුරුවරුත් එකයි කොයි එකත් මුන්ට දිලා තියෙන පඩි වැඩිවීම් වල හැටියට අද තියෙන්න ඕන මේම නෙවෙයි රට...

    ReplyDelete
  3. ප්ලාස්ටර් දාලා දාලා දැන් ඇලවෙන්නෙම නැහැ.

    ReplyDelete
  4. දියුණු වෙන්න නම් හුඟාක් දේවල් වෙනස් කරන්න වෙනවා අපේ රටට. කොටින්ම කියනවනම් කැලැන්ඩරයේ ඉඳන්ම.

    ReplyDelete
  5. දැන් ප්‍රශ්න නැති නිසා ද යුනියන් කරන්නේ නැත්තේ

    ReplyDelete
  6. ගුරුවරු ගැන කියපු කෑල්ලට මටත් පොඩි හේත්තුවක් දාන්න හිතුනා. මමත් ඉස්සර ගුරුවරයෙක්. එ දැනට අවුරුදු 50 කට විතර ඉස්සර. මම ඉන්ටර්නෙට් වගේ IT වැඩ ඉගෙන ගත්තේ තනියම. දැන් ඉන්න බොහෝ ගුරුවරුන්ට LAP TOP එකක් නිකන් දුන්නත් යමක ඉගෙන ගන්න වුවමනා නැහැ. රටේ කරුමය

    ReplyDelete