Thursday, March 28, 2019

නොන්කායි රෑ Night at Nongkhai

රුපියල් දාහක් තිබ්බා කවුන්ටරේට. දාහම ඒ ගොල්ල තියාගත්තා. කාබරේට පන්සීයයි ඉතුරු පන්සීය ඩිපොසිට් එක. මෙතන ඉදලා එක කතාවක් මිස් වෙනවා. ඒක ලියනවාද නැද්ද කියලා හිතනවා. ඒත් ඒක නොලියා ඉන්න එක සනීපෙට හොදයි වගේ.


දැන් ඉතින් බස් වල වෑන් වල ඇවිල්ලා මට මහන්සි ඇති කියලා මට හිතුනා. ඒ නිසා වොශ් එකක් දාගෙන ඉද්දි අර තුන්ිවෙනි ජෙන්ඩර හිමීට කාමරේට ආවා. පොර අමු කඩ්ඩෙන් ඌ තුන්වෙනි ජෙන්ඩරය උවමනා නම් කටටත් ගන්න හැකිය කියලා කිව්වා. ක්රෑක් තුහ් යකෝ. මොකා උනත් කොල්ලෙක් නේ. මම නිකමට ඇහුවා මසා ගැන. මසාාජ් කෙල්ලෙක් කාමරේට ගෙනත් දෙන්නම් බාත් පන්සීයය් කිව්වා.
කෝල්කලා. කෝල්කලාම පන්සීය තමයි මසා එකේ ගාන අමතර සේවා ගැන එයාල දන්නෑ එන අය එක්ක කතා කරගන්න කිව්වා. ඒවායේ පයිසුත් ඒ එන අය තමාම දන්නෙ ්කියලත් කිව්වා.කොහොම වටෙන් ටෝක් කලත් මුන් ගාන කියන්නේ නැහැ සම්පූර්ණ වැඩේට.
පස්සේ මම කැරකි කැරකි ඉන්නකොට ආයේ අර තුන්වෙනි කේස් එක ඇවිත් කොන්ඩෝම් ඕනිද කියලා ඇහුවා. ආයේ කවුන්ටරේ දිහාට ගියා. ඒ කිව්වේ රිසෙප්ශනිස්ට් කවුන්ටරේට. ගියාම ඒකේ හිටපු රිසප්ෂන් කෙලී තුන්වෙනි ජෙන්ඩරයාගෙන් උගේ අතේ තිබ්බ කොන්ඩම් පැකට් එක ඉල්ලුවා. සිරා. ඒකේ කොන්ඩොම් 1යි තියෙනනේ. තුනක් තියෙන්නෙපැ. ඒ ගමන එකෙි කොහෙද ලාච්චුවක් ඇදලා තව කොන්ඩම් තුන හතරක් දුන්නා. බෝඩිමෙ ඇන්ටිප ඒ කොන්ඩම් ටික ඕකකොම බෑගෙකේ දාන් ආවා ගෙනාපු එක බෑක් එකක එක පොකට් එකක ඇති.
කොන්ඩම් ටිකට උන් බාත් පනහක් ඇද්දා. සමහර විට ඒකගාන වෙන්න ඇති. මසාජ කෙලී ආවා මසාජ් එක සුපිරියට දැම්මා. අමතර සේවාවනුත් තිබුනාද දන්නේ නැහැ ඉතින්.
මීකොන් ගං බඩ
මීකොන් ගග තමයි තායිලන්තේ මේ පැත්තේ මායිම වෙනනේ. මීකොන් ගගෙන් එහා ලාඕසය. මේ ලාඕසයට යන්න පුලුවන් තායි වීසා වලින්ම ඒත් මම ඒක එච්චර හිතුවේ නැහැ. මොකද මට තියෙන දවස් දහයට ඇවිදින්න තායිලන්තය ඇති කියලා මට හිතුනා. අනික බෝඩර් චෙක් පොයින්ට් වල වාත වෙලා ඕ ලාඕස් යෑම ට අදහසක් තිබුනේ නැහැ.
මීකොන් ගග ආසන්නේ හොදට හදලා තියේ තායි පැත්තේ. ලාඕස් පැත්තේ ඒ තරම් ලස්සනක් නැහැ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර පලල ගගක්. වතුර ටිකක් අඩුයි. ගං ඉවුර කෙළවකරක තියෙනවා ලස්සන සෑයක්. ඒක ලස්සන එකක්. ඒ සෑය ගාවම වගේ ගග මැදත් තියේලු මොනා හරි පුජා ස්ථානයක්. මම ඒකට ගියේ නැහැ. සෑය බලලා වැදලා පුදලා ආවා.

එදා සෑ
රාත්‍රිය මනරම් කියා
සදට තරුවට දුක කියා
මාත් මගෙ හිත හදාගන්නම්
නුඹත් මා ළග නැති නිසා


කියල පසන් ලියනගේ ගේ අඩන සිංදුවක් තියෙනවා. රාත්‍රිය ලෝකේ කොහෙ හිටියත් අපි ඉන්නේ එකම අහසක් යට. පේන තරු පේන හද පලුව වෙනස් වුනත් අවුරුද්දේ මොන කාලෙකදි හරි අපි එකම තරු සෙට් එක ලෝකේ කොහේ හරි ඉදන් දකිනවා. රෑ අහස නොන්කායි ගං ඉවුරට නම් අරං එන්නේ ලස්සන පසුබිමක්.
නොන්කායි ගං ඉවුරේ එහා පැත්තේ ලා ඕසය. මේ පැත්තේ ඒ කියන්නේ තායිලන්තේ පැත්තේ දිගට දිගේ තියෙනවා කිලෝමීටර ගානක් දිගට ලස්සන පේමන්ට් එකක්. පේමන්ට් කිව්වට හොදට හදපු ගං ඉවුර තමයි තියන්නේ. මේ අසල පාරෙත් මේ ලොකු පේමන්ට් එකෙත් එක එක වැඩ වෙනවා.
ලස්සන කෙලි නැට්ටියෝ ටිකක් ලොකු සෙටප් එකක් අරං ඇවිත් එකේ මියුසික් දාගෙන ඇරොබික්ස් පුරුදු වෙනවා. අපේ රටේ වගේ ටැක්සි රියදුරෝ දෙන්නෙක් පැත්තක පොඩි බයිට් එකක් එක්ක ලාවට බාගයක් ක්‍රියා කරනවා. ඩබලක් මටත් කතා කලා . මගේ මොකක් හෝ කරුමෙකට මට තායි බස බැහැ. යන්න කලින් තායි ඉගෙනගන්න තැනක් බැලුවත් හරිගියේ නැහැ. ඉතින් තායි බැරි මම උන් එක්ක මොනවා කතා කරන්නද? හැබැයි උන් හොද මිනිස්සු මගෙන් සිගා එකක් ගහනවද? සොට් එකක් ගහනවද කියලා ඇහුවා. ටැක්සි කාරයෝ ඩේන්ජර්. ඒත මම හිතන් නෑ උන් දෙන්නා එහෙම උන් ය කියලා.


නොන්කායි උන් කෑමට බීමට දක්සයි. රෙස්ටොරනට් හැම තැනම. ගං ඉවුර දිගට රෙස්ටොරන්ට්. ඒවායේ සමහරක මේස විතරක් පනහක් හැටක් තියේ. අපේ ගෝල්ෆේස් කියන්නේ ලංකාවේ අගනගරයේ තියෙන ඒ වගේ තැනක්. හැබැයි ගෝල්ෆ්ස් පහක විතර තියෙන කඩ මේ එක තැනක තියෙනවා. පුදුම කෑම වර්ග තොගයක්.


ඇවිදන් යනකොට බාර් සෙට් වෙනවා. ඒවායෙ ්කට්ටිය බොනවා. ඒ අතර මියුසිකල් ෂෝ තියෙන බාර් එහෙමත් තියෙනවා. පිරිමි විශේෂයෙන් විදේශිකයින් එනකල් ඒවා ඇතුලට ඇවිත් බොනකල් බලාගෙන ඉන්න ලලනාවෝ සුලබ නැහැ. ඒත් වරක් බැලුවාම එහෙම උන් නැත්තෙත් නැහැය කියලා පේනවා.ඔක්කෝම බැලුවම නොන්කායි ගං ඉවුර රෑට හැපනින ්තැනක්. සමහර බාර් එකක සෙනග පිරිලා. මොකෙක්දෝ සිංදුවක් කියනවා. ඩ්‍රමාලා ගිටාරිස්ට්ලා සංගීතෙත් දෙනවා.. ඒ අස්සේ සුද්දෝ සුද්දියොත් ඉන්නවා. මේ ඔක්කෝම ගං ඉවුර දිගේ ඇවිදන් යද්දි පේනවා.


කෑම
ඇවිදන් ගිහින් ගිහින් එක තැනක නැවතුනා. ඒක අමුතු විදියෙ ්කැම වේලක් තියෙන තැනක්. අපිට අමුවෙන් ඔක්කොම දෙනවා. තව ගල් අගුරු වගේ ගිනි උදුනකුත් දෙනවා මේසේ උඩට. ඉන් පස්සේ හිමින් හිමින් හදාගෙන කන්නයි තියෙන්නේ.
එකපාර සුප්, නූඩ්ල්ස්, තම්බපු එලෝලු, සහ බාබකිවු හදාගන්න පුලුවන් මේ මෙව්වා එකේ. මට තායි බෑ. ඒ ගමන ඒ රෙස්ටොරන්ට් එකේ උන්නා පොඩි එකෙක්. ඌ ඉන්ටනැශනල් ස්කූල් යන 6 වසරේ වගේ ඇච්චෙක්. ඌට කඩ්ඩ පුලුවන්. පොර ඇවිත ්මට ස්ටෙප් බයි ස්ටෙප් කියා දුන්නා කෑම හදාගන්න හැටි. මුලින්ම ඌරු මස් වල තියෙන තෙල් කෑල්ලක් ගාගන්න ඕනි බාබකිවු කරන ප්ලේට් එකේ. මොකද නැත්නම් ඇලෙනවා. ඉන් පස්සේ හෙමීට හෙමී ට අනෙක් දේවලා දාන්න ඕනි. ඒ එක්ක ම බියර් එකකුත් ගත්තා. බියර් එකත් සයිඩ් කෙන් ගහනවා. ඒ අතර කෑම ටික හදාගෙන කනවා. සෝස් පාරකුත් වතුර එහෙමත් ලැබුනා.
මගේ වීඩියෝ එකක මම රෙකෝඩ් කරගෙන ඇති ඒ කෑම ගැන වීඩියෝවක්. ටිකක් විතර මිලයි. ඒත් ඒ කෑම මැක්සා. හැමදෙයක්ම ෆ්‍රෙෂ් නේ. තම්බන්න තියෙන එලෝලු පලා වර්ග ආදිය පවා අලුත්පිට තියෙනවා. මස් උනත් එහෙම. මස් වල තෙල් කෑලි නැහැ.


වේටර්ලා සහ කඩේ උන්දැලා මාව ඇදින්නුවේ ශ්‍රී ලංකන් කියලා. පොඩි එකා ඇවිත් මට කියල දීල අවසානේ ඉෆ් හූ හෑව් අ ප්‍රොබ්ලම් ප්ලීස් හැන්ස් අප් කියලා ත් කියලා ගියා. මට එහා පැත්තේ ටේබලේක ඩබලක් බොනවා. උන් බෝතලයක් ගහනවා. ඒත් වෙරිපිටම කෑමත් හදාගෙන කනවා. බයිට් එකට මරු ඉතින්. බාබකිව් ඌරුමස්, බොයිල් වෙජි එවෙලෙම ලැබෙනවා . සුප ්පාරකුත් ඇදත හැකි නේ.
කෑම කාල ඉවර වෙලා අයෙත් පොඩි රවුමක් ගහලා මම යන්න පිටත් වුනා.

එදා රෑ ඌරුමස් බාබකිව්, නූඩ්ල්ස් සුප් ආදී මික්ස් එකත් එක්ක බඩ උල් වෙන්න කෑවා. ඉතින් සැපටම නින්ද ගියා.ලැප්ටොප් එක අරන් ගියේ විස්තර ආදිය ටයිප් කරන්න හිතාන. ඒත් ඉතින් ගිහින් හොදට කාල බීල රෑ වෙන්න ආවාම ඒවා මතක නැති වෙනවා.
උයාගෙනම කන්න තිබුන ඇටවුම 

හිතවත් වූ යුවතියක් 

සොසේජස් වේලන අයුරු 

අලංකාර පංසලක් 

සදාගෙන කෑමට ලැබුන එලවලු 

මකරෙක් 

Tuesday, March 26, 2019

නොන්කායි දක්වා To Nongkhai

උදොන් දක්වා..
මම මහ රාත්තිරි බැංකොක් වලින් බස් එකට නැගලා ඊලග දවසේ උදේම උදොන් වලින් බැස්සා. බස් එකෙන් බහිද්දි උදේ දහය විතර වෙලා. මගදි ලොකු සයිස් වවුලෝ වගේ කුරුල්ලෝ ජාතියක් බාබකිවු කරලා පොලු වලගහන් අරන් ආවා. මම ගත්තේ නැහැ. මේක ඒසී බස් එකක් නගර අතර යන ලොකු බස් එකක්. ඒත් පාරයිනේ යන්න හිටපු මිනිස්සුත් දාගත්තා බස් එකට.
එක සීය කෙනෙක් පොඩි කටත් ඇරිච්ච පෝර මල්ලකුත් අරන් හිටියා. ඒ ගමන කොන්දොස්තර බුවා ඒ මල්ල එබුවා බස් එකේ ලැගේ්ජ් ස්පේස් එකට. සීයට නගින්න සපෝට් එකකුත් දුන්නා. බස් එක මගීන්ට සපෝටිව්. ඒ වගේම ඒ බස් එක මම හිතන්නේ මගින් අදුනනවාත් එක්ක. කතා බහ කර කර තමයි ගියේ.
මම උදොන් වලින් බැස්සාම ලැංවේජ් පස්න ඕසෙට. ඇත්තටම උදොන් ඉදන් නොන්කායි යන්නයි මට ඕනි වුනේ. නොන්කායි යන්න බස් තියෙනවා. ඒත් නොන්කායි යන්න පොඩි වෑන් එකක යන එක තමයි ලේසිම. මොකද නොන්කායි බස් නැවතුම තියෙන්නේ ටිකක් ඇතුලේ. මේන් රෝඩ් එක යන්නේ පාලම දිහාවට. පාලමෛන් එතෙර ලාඕසය තියෙන්නේ.
මම ටිකැටුත් අරන් නැග්ගාම මතක් වුනේ මොනවත් කෑවොත් බිව්වොත් හොදයි නේද කියලා. සාමාන්‍යයෙන් තායි වල හෙම කෑම වේල් බොහොම බර කෑම මස්ද? සෝස්ද? සුප්ද? නූඩ්ල්ස්ද බත්ද ආදී වශයෙන් ලොකු රේන්ජ් එකක් අපි කනවා. ඉතින් එහෙම බර කෑඹ වේල් දෙකක් දවසට කෑවත් ඇති වගේ. හරියට කෑවනම් බඩගිනි එන්නෙත් අඩුවෙන්.මල්ලත් වැන් එක ඇතුලෙන් තියාල වට පිට කඩේකට ගොඩ වුනා. ඒකේ ඇන්ටි පාරක් පොල්වතුර හෝ වෑවර වතුර වීදුරු වලට දානවා හෙමීට වෑවර කැලිත් එක්කම.


වෑවර කියන්නේ මේ වගේ වෙලාවට පට්ට පානයක් නෙව. වෑවර වලට කොළඹදි කුරුම්බා කියනවා. තැඹිලි වගේ ලපටි පොල් වතුර සහ ලොධ එක්ක කෑමට අපේ ගමේදි කියන්නේ වෑවර බීම වෑවර කෑම කියලා.ඒ ලොධ වලටත් කිය්නනෙත් වෑවරම තමයි. ඉතින් වෑවර වතුර ඩිංග ටිකක් විතර ගනන් බාත් විසිපහක් වෑවර වතුර ප්ලස් ලොද වලට. ඒත් ඉතින් ෆෙෂ්වට ප්ලාස්ටික් වීදුරුවට දාලා ඒකටම වෑවරත් දාලා ඉන් පස්සේ කූල් කරනවා. මෙහේ හැම රෙද්දම කූල් කරනවා. කොටින්ම මේ වෑවර පවා වටේ රැහැලා ඉන් ප්සසේ ඩී ෆ්රීසර් වල දානවා. ඉන් පස්සෙයි මුන් බොන්න ගන්නේ. මුන් මුන් කිව්වට ඇත්තටම තාය ිකාරයෝ කියන්නේ දෙයියෝ බුදුන් වගේ මිනිස්සු. හරි හිතහොද අය. විශේෂයෙන් සුද්දන්ට නැති අමුතු ඇගෑලුම් කමක් උන් අපි කෙරේ තියෙනවා.
බෑග් ටිකත් පටෝල ඔන්න කට්ටිය වෑන් එකට පිරුනා. මෙන්න දොන්ත පත සුද්දෙක් ආව ගැනිත් එක්ක. ගෑනිගේ පුකේ 69%ක් විතර තමයි සීට් එකේ හිටින්නේ. ඉතුරු ටික එලියේ. මේ අපේ රටේ තියෙනවා වගේම හයිරූෆ් හයිඑස් ඩුවල් ඒ සී වෑන්. සීට් 12ක්වගේ ඒත් සුද්දා සයිස් වැඩි නිසා අමාරුයි.
පොර බෑගුත් පටවලා වාඩිවෙන්න හැදුවාම ඉඩ නෑ. අපි වගේ ඉතින් අමාරුවෙන් පුක ලොඩ් කරගෙන කද ඇජස් කරගන්න වගේ ටික්ස් දාන්නෙත් නැහැ නේ. උන් සුද්දෝ නේ. ඒ පාර කොන්දා කිව්වා මට පස්සට ගිහින් බෑග්ස් දාන පොට් එකේ ලාවට වාඩිවෙන්න කියලා.ඇත්තටම කොන්දා බුවාට මතක නැතිවුනා මම විදේශිකයෙක් කියලා. පස්සේ වෙන තායි බුවෙක් ඒකදැනගෙන මට සීට් එක දෙන්න හැදුවා. ඒත් ඉතිං මොකෝ අපි මලෙන් උපන්නැ. මේ පැයේ ගමනට මොන කැටයම්ද? මම ඉදිය තැනම උන්නා.
හැබැයි සුද්දාට මම නැගිටලා සීට් එක දුන්න එක ගැන මාර අප්සට්. මම නැගිට්ටා විතරක් නෙමෙයි. ඌගේගෑනි ඌ ගාවින් යන්න ආස ඇතිය කියලා මගේලග උන්න එකත් නැගිට්ටා. සුද්දා කාරුණිකව පතික්ශේප කරලා ඒ වේසි ජනේලේ ගාව යන්න කැමතිය, ඔන්නොහෙ ජනේලේ ගාවම යද්දාවේ කියලා ඉංගිරිසියෙන් කිව්වා. සල්ලි දීල අපි ඔක්කොම එක ටිකට් එක ගන්නේ. මොකටද සුද්දට සීට් එක දෙන්නේ. ඇත්ත ඉතින්. ලොජික්්ස අනුව හරි. ඒත් ඉතින් මට ඒ කට්ට සුලු දෙයක් ඉතින් මම සුද්දට ඉඩ දීලා කොනේ ලගේජ් ස්පේස් කේ තිබ්බ හාෆ් සීට් කෑල්ලේ වාඩි වුනා.
ඇන්ටිලා ඉන්නවා නේද.ඒ ඇන්ටිලා කිය්නනේ ජාත්‍යන්තර ලකුණක්ද මන්දා. උන් ඉන්දියාවේ නේපාලේ විතරක් නෙමෙයි මේ තායිලන්තයේදිත් සෙට් වුනාම කච කචේ නවතින්නේ නැහැ. ඔහේ උන්ගේ බාසාවෙන් කතාව. ටිකක් පොස් වගේ කෙල්ල පාරක්නම් කොල්ලෙක් නම් පෝන් එකේ මූන. පෝන් එකට කලින් බිහිවෙච්චි ඇන්ටි පාරවල්වලට ඒවා අදාල නැහැ. ඔහේ රටේ විස්තර අනන් මනන් දොඩනවාද මන්දා කියෝනවා. මේ දන්නකියන අයත් නෙමේද මන්දා ඔහේ කතාව ඉතින්.
ගෙට් ඩාවුන්..නොන් කායි
නොන් කායි. මම ගිය සිටි වලින් තායි වල ආසම සිටි එක. බඩු නැහැ ලොකුවට බාර් නැහැ. බල්න්න කියලා එහෙමට දෙයක් නැහැ. ඒත් මොකක්දෝ සීන් එක්ක නිසා මම නොන්කායි වලට ආසයි. දේසගුනේ තනි හම්බන්තොට මඩකලපු පුත්තලම් පැත්ත වගේ. මිනිස්සු රෝස පාට. ගෑනු බටානා පලු වගේ ලස්සන.
නොන්කායි ආවා. මුලින්ම ඕනි උනේ මට ලැප්ටෝප එකට හරියන්න පින් තුනේ ප්ලග් එකක් ගන්න එක. මොකද ලැප්ටොප් එක ලොකු වැඩක් නොවුනත් ඒක අරං ආවා. ගෝ පෝ එකේ වීඩියෝ ටික ඇතුලට දාගන්න ඒක ඕනි වුනා. ඒ හැර ලැප්ටොපෙන් එච්චරම ලොකු වැඩක් උනෙත් නැහැ. ඊලගට (කොහෙ හරි යන්න වාසනාව ලැබුනෝත් ආයෙත්) ලැප්ටොප් අරන් යන්නේ නැහැ. සික්ස්ටි ෆෝ මෙම් එකක් අරන් පෝ්න් එකට අදිනවා ගෝ ප්‍රෝ මෙමරිය.
නොන් කායි බැහැලා ඔය සොකට් එක හොයාගත්තා. තායි රටේ තියෙන්නේ රවුන් කූරු දෙකේ පින් ගහන හිල් දෙකේ පෝට් එක. ලංකාවෙන් අරන් යන කොටු පින් සහ හිල් තුනේ ඒවා ඇතුල් කරන්න බැහැ. ඉතින් ලේසිම වැඩේ රවුන් ටූ පින් සපෝට් කරන සොකට් කෑල්ලක් ගන්න එක. ෆෝන් එක චාජ් කරගන්න හැකි වුනා මොකද රවුන් ටූ පින් එකක් තිබුනේ මගේ මොටරෝල ෆෝන් එකට.
ඒකත් අරං ටිකක් දුර ඇවිදලා ඇවිදලා කෑම කඩේකට ගියා. ඒක මරු එක්ස්පීරියන්ස් එක. කඩේ උන්ට ඉංගිරිසි යාන්තම් වත ්බැහැ. මුලින්ම කඩේ ඉදිය කවුන්ටරේ ඇන්ටිපාර මාවත් එක්ක පාර පැත්තට ආවා. ඇවිත් ඈත තියෙන කඩයක් පෙන්නලා ඒකේ කෑම මරු කියලා රගදක්වලා පෙන්නුවා. පෙන්නලා මට එතන්ට යන්න කියලා කිව්වා. ඇත්තටම ඒ කඩේ එ වේලේ කීප දෙනෙක්ක කා බිබී උන්නා. ඒත් ඉතින් යන්න පාරත් පෙන්නුවම නොයා කොහොම ඔන්න ගියා.
ගිහින් ඌරුමස් සැලඩ් එකක් එක්ක බත් ටිකක් කෑවා. මේ ඌරන් හරියට එක්සයිස් කරනවා. ගොඩක් මෙලකත් නැහැ කහපාට තෙල් කෑලිත් නැහැ. මෂ නම් මෂම තමයි ඉතින්. බත් එක කන තැනත් යන්තම් තමයි වැඩේ අල්ලා ගත්තේ . එතන හිටියා තුන්වෙනි ජෙන්ඩර ඩෑලක් බුවා ලොකු හෙල්ප් එකක් දුන්නා කෑම ගන්න.
පොර රූංකුටු ස්කූටි වගේ බයික් එකකින් ඇවිල්ලා තිබ්බේ. ටිකකින් පොර කෑම අරන් යන්න හදද්දි කඩේ අය මතක් කලාම පොරට මතක් වුනේ පොර ඉන්නේ හොටෙල් එකක කියලා. මගෙන් රූම්ස් ගන්නවාද ඇහුවා. පොරගේ රූම්ස් බාත් පන්සී්‍යක් කොලිටියට තියෙනවා කියල ඇඩ් එක දාල කිව්වා. මම මුලින් බෑ 200ටවගේ තමයි හොයන්නේ කිව්වා. ඒත් ආයේම මම අදහස වෙනස් කරලා හරි එහෙනම් මම කනකන් ඉන්න කිව්වා. පොර මට ටෙලිපෝන නම්බරය දීලා කාල මට මිස් එකක් ගහන්න කිව්වා.
කාල මම කතාකලා. බුවා ඇවිත ්මාව දාගෙන ගියා. ඇත්තටම මැක්සා ප්ලේස් එකක්. රිවර් එක ගාවම නෙමෙයි. ර්ත් රිවර් එකට බොහොම කිට්ටු හොද සැප පහසු කාමර බාත්රූම් තියෙන ප්ලේස් එකක්. කාමර විස්සක් විතර තියෙන පොඩි ප්ලේස් එකක්.

පොර ඉතින් මාව එක්කරං යද්දි ගෙස්ට් එකේ වැඩකරන සහ ඒ ෆැමිලි බුවාලට පුදුමයි. මොකද මිනිහා නිකං ගමරාල සිල් ගත්තා වගේ කන්න ගිහින ්කෑම අරන් එද්දි මෙන්න බොලෙ ගෙස්ට් කෙනෙකුත් උස්සන් එනවා. ගෙස්ට් එක සුප්පා වුනත් කාමර කිහිපයක විතරයි කට්ටිය උන්නේ. ඉතිරිවා නිකන්. ඒ නිසා එකපාර පහල වුනු මම ගැන හෝටලෙ අයිති ෆැමිලිය සතුටු වෙන්නට ඇති.
Mekong River

Mekong River Thai Lao Border 

Stupa Nearby River 

Buddhist Artwork 

Temple and Artwork 

A dragon 

Thursday, March 21, 2019

බැංකොක් සිට ඊසාන දිග බලා

මහ රෑ මෝ චිට්
මල් සැරසිලි 
මම හිතන් හිටි ප්ලෑන පොඩ්ඩක් ඇද වුනා. මේ ට්‍රාන්ග් -බැංකොක් බස් එක හිතුවට වඩා ස්ලෝ. ඇත්තටම මේ  ට්‍රාන්ග් සිට බැංකොක් දුර කිලෝමීටර 837ක් කියලා දැනගත්තෙත් මේ සටහන ලියන්න සරච් කරල බලද්දි. මට එදා උදේ ඒක සර්ච් කරගන්න පුලුවන් වුනානම් මම ලොවෙත් මේ බස් ඔප්ශන් එකට යන්නෙ නැහැ. ඒනම් කෙලින්ම හැන්දෑවේ ට්‍රාන්ග් සිට බැංකොක් දක්වා එන කෝච්චිය සිලෙක්ට් කරගන්නවා. කෝච්චිය මම හිතන්නේ පැය දොලහක් විතර යනෝ. ඒත් වෙහෙස අඩුයි.
කොහොම හරි මම ඊලගට යන්න ඕනි නෝත් ඊස්ට් ඒ කිව්වේ තායි වල ඊසාන දිග පලාතට. විශේෂ හේතුවක් පැලවෙලා නොතිබුනත් ඒ පැත්තට යන්න මට ආසාවක් තිබුනා. ඉතින් මෝ චිට් බස් නැවතුමට මම එද්දි රෑ 11.30යි. කොහොමද ගමන. පැය 14ක්. උදේ 10ට බස් එකට නැග්ගම බැස්සේ රෑ 1130ට බුදු කට්ටක් කියලා හිතුවට එහෙමත් නැහැ.සැප ආසන, සැප බස්. මෙහෙ වගේ ගැස්සිලි නැහැ. ඇත්තටම අපේ කොළඹ බස් ස්ටෑන්ඩ් එකෙන් නැගලා තංගල්ලෙන් බහින කොට තියෙන වෙහෙස වත් ඇගට නැහැ. ඒත් අර ඒ සී එකේම ඉදලා මොකක්ද අවුලක් නම් තිබුනා.
ආ බස් එක උදොන් දක්වා 
ප්ලයිට් සහ ප්ලෑන් අවුට්  
ඒ එක්කම මට බස් එක ගත්ත නම් ඊලග දා පාන්දර උදොන් තානි වල ඉන්න තිබුනා. හ්ම්ම්.. මේක මගේ ටුවර් ප්ලෑන් එකේ පත වීක් පොයින්ට් එකක්. මේ උදොන් තානි වලට ක්‍රාබි හෝ පුකෙට් ඉදන් එයා ඒසියා ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තියෙනවා. එදා කෝ මොක් අයිලන්ඩ් එකේ ඉද්දි ඒක බුක් කලා නම් ඒ අයිලන්ඩ් එකේ ඉදන් කෙලින්ම ස්පීඩ්බෝට් එකක පැය දෙක තුනක් ගෙවලා ක්‍රාබි හෝ පුකට් ගිහින් ඒ ප්ලයිට් එකෙන් චූන් එකේ උදොන් වලට සේන්දු වෙන්න තිබුනා. කියන්න මතක නැති වුනා නේ. ට්‍රාන්ග් කියෙන්නේ සවුත් එන්ඩ් එක. ඉතින් සවුත් එන්ඩ් එකේ තියෙන හට් යායි, ක්‍රාබි, ෆුකෙට්, සුරත් තානි වගේ සිටි වලට පොඩි වෑන් බස් තියෙනවා. පැය දෙක තුනක ගමනකින් ඒ තැන් වලට ලගා වෙන් පුලුවන් කම තියෙනවා.  ට්‍රාන්ග් වල තියෙන පොඩි දූපත් වල ඉදන් ස්පීඩ්බෝට් පහසුකම තියෙනවා ක්‍රාබි සහ පුකෙට් වලට ගාස්තුව පොඩ්ඩක් වැඩියි. ඒත් ආයේ ගොඩබිම ඇවිත් ගොඩබිමත් ටවුමට ගිහින් වාත වෙනවාට වඩා කෙලින්ම දූපතේ ඉදන් ස්පීඩ්බෝ් එකෙන් ක්‍රාබි හෝ පුකෙට් යන එක හැම අතින්ම වාසියි.
නෙන්කායි හි කදිම පසුතලයක් 
මේ දේවල් කියන්න මතක් වෙන්නේ ඇනුනාම තමයි. ඒක එහෝම තමයි ඉතින්. එකපාරක් ගිය බුවෙක් ට අත්දැකීම් තියෙනවා. දැන් මට අයේ ඔය පැත්තෙ ගියොත් මේ ටුවරේ දවස් 10 බලපු ගතපු එක්ස්පීරියන්ස් ටික ඔක්කෝම දවස් 6කින් සම්පූර්ණයෙන් ගන්න පුලුවන් ලෙසට ප්ලෑනක් ගහලා. ඒක ඇවිල්ලා එක්ස්පිරියන්ස් එක. අපි වගේ රටවල අයට තියෙන ලොකු පස්නයක් නිවාඩු. මේ දවස් දහය අවදානම් මැදින් ප්ලෑන් අවුල් මැදින් ගියාට සුද්දන්ට මේ පස්න කිසිවක් නැහැ. උන් ට මාස ගන්න නිවාඩු දඩ බඩ ගාල අපිට වගේ දුවන්න ඕනි නැහැ. ඒත් මේම ප්ලෑන් අවුට් යන එකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මාර වටිනවා. මම මේ සින් එකෙන් ගත් එක ආදර්ශයක් තමයි කොච්චර වාහන පහසුකම් ආදිය තිබුන්ත හරියට ඩිස්ටන්ස් එක ටයිම් එක බලන්න ඕනා. බලන් නැතුව කනා කෙලිනවා කියන්නේ ප්ලෑන් එක අල වෙලා නිකම් දවසක් දෙකක් නාස්ති වෙන්න පුලුවන්කම ලැබෙනවා. ඇත්තටම මගෙ කටුකන්න තියෙන අල්ටිමේට් හැකියාව නිසා කිසි අවුලක් නැහැ. ඒත් පැය 14ක් බස් එකේ ගිහින් ආයේ පැය 7කට බස් එකක් ගන්නවා කියන්නේ ඉතින් සාමාණ්‍ය කෙනේකට ටිකක් අමාරු වැඩක්.
බැංකොක් ප්‍රධාන බස් නැවතුම මෝ චිට් ගැන අදහසක්
මෝ චිට් බස්නැවතුමේ කොටසක් 
ඉන්දියන් පකයි උන්ගේ රට කනවා. කාල රීල විනාස කරලා තායි වගේ තැන්වලට ඇවිත් ඒ තියෙන පහසුකම් එක්ක උන්ට සෙට් වෙන්න බැරි වුනාම ඒ තැන් වලටත් බෑඩ් රිවිව් හලනවා. මෝ චිට් බස් නැවතුම ගැනත් ඉන්දියන් කාරයෝ කියලා තිබුන බයිලා. මේ තැන හරි කම්ප්ලෙක්ස් ය. හොයාගන්න අමාරුය අනන් මනන්. ඒත් මෝ චිට් කියන්නේ වෙල් ප්ලෑන් තැනක්මටහිතුන විදියට. මම ආ බස් එකේ හිටි සහායිකා කෙල්ලගෙන් ඇහුවා කොහෙද උදොන් වලට ටිකට් තියෙන්නෙ කියලා. කෙල්ල කිව්වා කවුන්ටරේකින් අහන්න ය කියලා. පහල කවුන්ටරේකින් ඇහුවම කිව්වා තුන්වෙනි තට්ටුවට යන්නය කියලා. තුන්වෙනි තට්ටුවට ගියාම උදොන් බස් එකේ ටිකට් කවුන්ටරය බබා වගේ තියෙනවා.
ඒ අය කිව්ව විදියට ඒ වෙලාවේ පිටත්වෙන්න තිබුනේ උදොන්බ ලා යන අවසාන  බස් එක. කලින් මම ගිය බස් තරම් සැප නම් නැහැ ලොවෙත්. ඒත් සාමාන්‍ය අපේ හයිවේ යනෝ වගේ හොද බස් එකක් තිබුනේ. තුන්සිය පනහයි බාත් ටිකට් එක. මෙතන පොඩි එරර් එකක් වුනා. මට ඇත්තටම නොන්කායි වලටම ගත්තා නම් වාසියි. එහෙනම් ඊට වඩා හොද බස් එකකුත්සෙට් වෙන්න තිබුනා. ඒත් කලබලේට මේන් සිටි එකට ගත්තා මිස නොන්කායි ගැන කම්පනා උනේ නැැහ. ඉතින් උදොන් වලට ගිහින් ඉන් පස්සේ නොන්කායි යන්න වුනා.
පහක් දාන සිංහයෙක් 
මේ විස්තර කියවන කොට වට්ට පකින් කට්ට කියලා හිතෙනවා ඇති. ඒත් එහෝම නැහැ ඉතින්. ඒ කවුන්ටරේ ලග උන්න මනුස්සයෙක් මට ටිකට් එක අරන් බස් එක නවත්වන තැනත් පෙන්නුවා. ඒ වගේම ඉන් පස්සේ බස් එකේ බුවෙක් ඇවිත් මාව බස් එකටම ඇරලුවා. බස් නැවතුමේ එතකොට වෙලාව රෑ 12යි. බස් නැවතුමේ ඒ උදොන් බස් එක තිබුන තැන පොඩි කඩයක්. හරියට ග්‍රොසරි සොප් එකක් වගේ. එතනින් කෑම එව්ව මෙව්ව ටිකක් අරන් කෑවා. ඒ රෑ දොලහට බස් නැවතුමේ ග්‍රොසරියේ උන්නෙ කෙල්ලො දෙන්නෙක්. එකියක් නම් මලක් කඩනවද කොහෙද? ඒ බස් නැවතුමේ කඩ කැල්ලේ උන් එකි හරි හුරතල්. මං පෙන්නුව දේවල් තෝරලා බේරලා සෝස් ගහලා දුන්නා.
දැන් ඊලග බස් එක තා විනාඩි ගානකින් පිටත්වෙනවා. ඊට කලින් කන්න එපායැ ඉතින්.
නොන්කායි හි අවුවේ වේලන සොසේජස් 
ඉ.තින් එදා රෑ විස්තරේ ඒම. බස් එකේ මම ලග ඉදිය ඩැල් එක මරුමුස් පෙනුම. ඒත් අහිංසකයෙක්. ගෑනි එක්ක සෙස් චැටක්ද කොහෙද දාන්න පොර මම නිදාගන්නවද කියලා හොදට බලාගෙන උන්නා. ඒ වගේ දේවලට බාදා කලොත් උප උපන් ජාති අපිට කෑලි සෙට් වෙන් නෑ. ඒ නිසා මම ඌ දාන සෙස් චැට් එකට එබෙන්නේ නැතුව හොද බබා වගේ නිදාගත්තා.
06 දවස
ඉසාන පලාත. ඉසාන් කියන්නේ තායිලන්තේ ඊසාන සහ නැගෙනහිර දිසාව. ඒ පලාත ලොකුයි. ඒ පලාතේ ප්‍රදානතම නගර , උබොන් රත්නචානි, කොන් කේන්, ලොයි, උදොන් තානි, නොන් කායි වගේ නම් වලින් හැදින්වෙනවා. මේ පලාතේ මම ගිය උදොන් වලට බැංකොක් වල ඉදන් කෝච්චියේන් යන්නත් හැකි. මේ උදොන් වල ඉදන් ලාඕසයට යන්නට හැකි. ලාඕස බෝඩරේ කෙලෝර තියෙන සිටිය තමයි නොන්කායි කියන්නේ. මේ පලාත් ශුෂ්ක පිටිසර පරිසරයක තමය ිතියෙන්නේ. ඒත්නොන්කායි වල මිනිස්සුන්ට අපේ කොළඹ උන්ටත් වඩා සල්ලි තියෙනවාද මන්දා. ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒ තත්වේ.
විහාරයක් ඉදිරියේ වූ ලක්ශණ සැරසිල්ලක් 
සාමාන්‍යෙයන් තායි ලන්තේ දුප්පත් මිනිස්සු නගරයට එන්නේ නැතුවද? නැත්තං දුප්පත් අය නැතුවද දන් නැහැ කොහොම වුනත් දුප්පතුන් මුන ගැහෙනවා අඩුයි. බාගෙදා ඒ මිනිස්සුන්ට කොහෙන්ද ඉතින් සංචාරක ස්ථාන බල බල අපිව හමුවෙන්න වෙලාවක්. උදේ ඉදන් රෑ වෙනකල් බාත් එකක් දෙකක් ගන්න වැඩ කරනවා ඇති.
මම කොන් කේන් ගැන දැනගෙන හිටියා. කොන් කේන් කියන්නේ ඉසාන් පලාතේ එඩියුකේශන් හබ් එක වගේ තැනක්. ම්ම්ම්.. සෙස් නේහ්..  එඩියුකේශන් හබ් කියන්නේ ඔය ටින්ඩර වලින් හෙම පේන බලලා කෙල්ලො හොයන උන්ට හොද ප්ලේස් තමයි. එඩියුකේශන් හබ් කිව්වම මේ පොඩි කැම්පස් කඩයක් දෙකක්නෙමෙයි විශාල දාස් ගන්න ළමෝ ඉන්න කැම්පස් ආදිය තියනවා. ඒවායේ ළමයි ඇවිත් දාස් ගනනින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ ළමයි අතර ගෑනු ලමයිතුත් ඉන්නවා. ඒ සමහර අයෙක් මසාජ් වල සහ වෙනත්සේවාවන් වල වැඩටත් යනවා.
මෙක දැක්කම පෙලක් අය හිතයි හද් දෙයියනේ ලෝකේ ට ගිය කල් ඉගෙනගන්න ලමයි නෙවද මේ මෙහෙම මෙහෙම කියලා. වයිඩ් මෙව්වා එකෙන් බැලුවාම තායි වල මසා ගෑනු ලමයෙක් කියන්නේ මම හිතන විදියට පහත් රස්සාවක් විදියට එහේදි හැදින්වෙන්නේ නැහැ. ඒ වගේමයි අසුවල් රක්ෂාව අමුවෙන්ම කලත් ඒ ගැනු කෙනා පහලකෙනෙක් විදියට සලක්නේ නැතුව ඇති ඒසමාජය. හොදටම දන්න විදියට හොටලෙකට ගිහින් තමුන්ගේ කාමරේට ගෑනු ලමයෙක් ගෙන්වා ගැනීම තායි වල සමහර සිටි වලදි මහා ලොකු මැජික්ස් එකක් නෙමෙයි. ඒ එන ගෑනු ලමය දිහා හොටලේ ඉන්න උන් වත් අවසේස තායි උන්වත් කන්න වගේ බලන් නැහැ.

ඒ වගේ පරිසරයක අපිට දැනෙනවා වගේ මහා බර සාර සැර දෙයක් විදියට තායි අයට සෙක්ස් ට්‍රේඩ් එක ෆිල් වෙන් නැහැ කියන එකයි මගේ පුද්ගලික හැගීම. ඔයාලට ඒක හෛම නොවෙන්න පුලුවන්.පස්නයක් නැහැ. අවුලක් නැහැ.
මීකොං ගග 

Wednesday, March 20, 2019

Trang වල මසා සහ තවත් කතා

මසා එක
මසා බලලා බලලා එකකට යන්තම් ගොඩ වුනා. ගූගලා කියලා තිබ්බ විදියට එතන රිවිව්ස් හොදයි. එ වගේම එතන එලියේ තිබ්බ සපත්තු සෙරප්පු බැලුවාම ඒවා ගොඩක් ගෑනු ඒවා. ගෑනුම වෙන්න ඇති කියලා ගියා ඇතුලට. බාත් 300යි ෆුල් බොඩි පෑ දෙකයි.
මසා එක කලේ මහත දෙහෙත ආන්ටි කෙනෙක්. සැපට මගේ ඇග පාගලා තලලා පොඩිකරලා දැම්මා. සොප් එකට යද්දි සොප් එකේ හිටි හැත්තට ඉංගිරිසි බැහැ. දිගැටි ඇස් තිබ්බ මූන දිගකෙල්ලෙක් මට මසා වල ගනන් කිව්වා. ඒකට පොඩි ඩවුට එකක් තිබ්බා මම හෙව්වේ හැපි එන්ඩින් මසාද කියලා. පසසේ ඒකත් ලාවට තේරුම් කලා.
ලංකාවේ හැපි එන්ඩින් මසා වල වගේ නෙමෙයි මේවයෙදි සම්පූර්ණ අපිව මසාජ් කරන අය අනික් මසා කරන අයට පේනවා. ඒ වගේම අනික් ගෑනු ලමයි මසා කරන ආකාරයත් අපට පේනවා. සුන්දර සරීරයක් උඩ නැගගෙන අක්කෙක් ඒකිව පාගනවා. පව් දෙය්යනේ..ඒ පෑගිමත් මසා එකේම කෑල්ලක්. ඒ කිනං අලි මාලු කාලද මන්දා කොච්චර පෙසර් දුන්නත් තව මිරිකන්න කියනවා.
තායි මසා කියන්නේ දාගන්න ඕනි එකක්. ඒත් අගේ පතේ මොනාහරි අවුලක් පේශි, අස්ථි වලසෙටින්ස් අවුල්ක තියේ නම් බුදු අයියේ තායි මසා යන්න එපා. තායි මසා හාඩ් එකක් ගත්තාම ඇත්තටම ඇගේ හැම තැනම මිරිකනවා වල්ලයි පොල්ලයි හැර.
පෑ දෙක ඉවර වුනා. රෑ බෝ වුනා. මම ඒ ආන්ටි පාරට බාත් සීයක ටිප් එකකුත් දාල එනවා ඕන්න පරණ ඇදුම් සපත්තු බල බල.
Massage Spot Trang 
රෑ කෑම කඩේ
එනකොට මගදි පේනවා එක කෑම කඩයක් තියෙනවා. එලියේ පුටු මේස දාලා තියෙන්නේ. මිනිස්සු මීමැහි පොදිය වගේ එතන. මිනිස්සු වැඩියි කියනනේ කෑම හොදයි කියන එක. ඒක යුනිවසර්සල් සත්‍යයක්. ලංකාවේ වුනත් මිනිස්සු වැඩි තැන්වල කෑම එක්තරා මට්ටමකින් හරි හොදයි. ඉතින් ගොඩ උනා පුරුදු පරිදි එතනත් ඉංගිරිසි මෙනු එකක් නැහැ. ඔලුව වහල හිටි සිගිති පෙනුමැති සිහින් මුස්ලිම් යුවතිය මට කඩේ ඇතුල පෙරලලා ඉංගිරිසි මෙනු එකක් ගෙනත් දුන්නා. කොෆි සහ කෙහෙල් ගෙඩි දාල හදන ශේක් එකක්, ඉරිගු සහ බිත්තර දාපු බිත්තර රොටියක්, රයිස් සහ මස් කරි එකක්. ගත්තා.
My dinner
ටික වෙලාවකින් තව දීසි ගොඩක් ලොකු ට්‍රේ එකක තියාගත් බුවෙක් කැරකෙනවා. මට සෙට් වුන වේටර කෙල්ල ඇවිත් කියනෝ ඒවාත් ගන්න පුලුවන්ලු. මට ලොකු අයිඩියාවක් නැහැ ඒකකුත් ගත්තා. ඒකේ තිබ්බේ මස් බෝල වගයක් බැදලා තෙල් දාලා එහෙම. බඩ පිරෙන්න කාලා මම හිතන්නේ උගුර හරියට එනකල් බීමත් බීලා වැනි වැනි වගේ ආවා නවාතැනට. ඇවිල්ලා ඇලවුනා ඇලවිල්ලක් ආයේ උදේ තමයි ඉතින් ඇහැරෙන්නේ.
My Room
ඊලග දවස
බැංකොක් වලට බස් එකෙන්
උදේ ඔප්ෂන් දෙකක් තියේ. එකක් තමයි දවස තිස්සේම ඇවිදලා හැන්දෑව කෝච්චියට නගින එක. අනික උදේ බස් එකක් තියේ එකේ බැංකොක් යන එක. මගේ ඊලග ඩෙස්ටිනේශන් එක උදොන් තානි. එහෙම නැතිනම් සරලව කිව්වොත් දැන් ඉන්නේ දකුනේ නේ. ඊලග තැන බැංකොක් සිට ඊසාන දිහාවේ තියෙන කෙලෝර. ඒ පැත්ත ලස්සනයි කියලා ඉන්ටනේට් එකේ දැක්කා. ඒගමන එහේ යන්න හිතාගත්තා.
Bus Station Trang
මම මනෝමෙන් ගනන් හැදුවා. දැන් මම උදේ 9.30 බස් එකේ ගිහින් රෑ 9.30ට බැංකොක් වල. එතනින් ගන්නවා බස් එක උදොන් තානි වලට නයිට් බස් එක. එතකොට ඊලග දවසේ උදේ 9.30ට ඊසාන් වල අගනගරයක් වෙන උදොන් තානි වල. ඒක ඒ විදියටම වුනේ නැහැ. ඒත් ආසන්නව සක්සස් වුනා.

ට්‍රාන්ග් බස් නැවතුමට ගියා. ගිහින් ආයේ ඉතින් කන්න ලැබේද දන් නැහැ නේ. බස් නැවතුම ගාව හොටලෙන් බඩ පිරෙන්න කෑවා බත් එකක් සහ තව මොන මොනාද කරිදෙකක්. කාලා ඉවර වෙලා බස් එකට ටිකැට් එකකුත් ගත්තා බාත් 400ක් විතර දීලා. බස් එක ප්‍රමාදයි. ඔන්න 10ට විතර ආවා බස් එක.
Plate near Trang Bus Station
බස් වරුණාව
මේවා සැප බස් හරිය. තට්ටු දෙක. බ්‍රෑන්ඩ් එක බෙන්ස්. මට ලැබුනේ උඩ තට්ටුවේ වීදුරුව කිට්ටු සීට් එකක්. ඒකේ වාඩි වෙලා පොඩ්ඩක් නිදාගන්නත් හැකියාව තියේ. බස් එකට නැග්ගාම පෙරවන සීට් එකයි, තේ වතුර බොන්න කුකි එකයි, තේ වතුර කෝපි හදාගන්න ඕනි කලමනා පැකට් ගොඩකුයි, කෝපපෙකුයි ආදී දේවල් ලැබුනා. ඒ වගේම කන්න නැවැත්තු තැනදි තව කිරි පැකට් එකකුයි තව මොනාහරි බිස්ක්ට් එකකුයිත් ලැබුනා.
ට්‍රාන්ග් ඉදන් බැංකොක් එද්දි එනගමනට දෙපාරක් පෝන් එක චාජ් කරගන්න උනා.හොද වෙලාවට මගේ බැටරි බැංකුව දෙයියෙක් වගේ පිහිට වුනා. දුර කිලෝමීටර 800ට එකම එක වතාවක් විතරයි මොබයිල් සිග්නල් නැති වුනේ. බැක්පැකින් යන්න හොද රටවල්ගොඩක් ඇති. ඒත් පහසුකම් එක්ක බැක්පැකින් නම් තායි තමයි ඉතින්. මම දැක්ක විදියට සවුතිස්ට් ඒෂියා වල අනික් රටවල්හොදයි. ඒත් ටුවරිස්ට්ලාට තියෙන පහසුව අතින් නම් තායිලන්තය ඉස්සරහ තැනකින් ඉන්නවා. ඒ කියන්නේ කෑම බීමද? යාන වාහනද? කාබරද ඕනි දෙයක් පහසුවෙන් ලාබෙට හොයාගන්න හැකියාව තායි වලදි ලෙසට තියෙනවා.
Trang to Bangkok Daytime Bus 
බස් එකේ යද්දි අවට දර්ශන නම් ලංකාවේ වගේමයි. සදර්න් හයි වේ කේ කොළඹ ඉදන් ගාලු යද්දි පෙන්නුම් කරන දර්ශන ටික වගේම ටිකක් ද මන්දා ට්‍රාන්ග් සිට බැංකොක් යද්දි පෙනුනේ. කදු වැටි කෑලි, පාම් ඔයිල් වගාවන්, රබර් වගාවන් වගේ වගා කටයුතු ගොඩක් තිබුනා. තායිලන්තය ජනගහන ඝනත්වය සිරාවටම අඩු රටක්. අපේ රටේ වර්ග කිලෝමීටරයට මිනිස්සු 325ක් ඉන්නවා. තායිලන්තයේ ඉන්නේ වර්ග කිලෝමීටරයට මිනිස්සු 135ක් විතරයි. සාපේක්ශ ගත්තෝතින් තායිලන්තයේ වගේ දෙකහමාර ගුනයක් මිනිස්සු ලංකාවේ වර්ග කිලෝමීටරයක වැඩවාසය කරනවා.
Landscape Seens from bus 
බස් ගමන තේ වතුර බීම

බස් ගමනේදී තේ බොන්න සහ කන්න කඩයක් ගාව නැවැත්තුවා. ඒක ලොකු තැනක්. හුජ්ජ කරන පෝච්චිම තිබුනා බර තොගයක්. හැබැයි අපරාදේ කියන්න බැහැ වැසිකිලි පිරිසිදුව තියෙනවා දේවාල වගේ. කන්න ගියාම මරු ආතල් එක්ක වුනේ. කන්න දැන් ඔන්න එකෙක් මොනාද නුඩ්ල්ස් වගයක් අරගෙන. මාත් ඒ ජාතියම ගත්තා. අරන් කන්න හැදි නැහැ. හැදි සහ අර නූඩ්ල්ස් කන කූරු ඉල්ලාගන්න ඕනි කවුන්ටරයකින්. කෙල්ලෙක් කවුන්ටරයක ඉස්සරහ ටොපිබෝතල තියෙන හරියෙන් වගේ හැදි ගෑරුප්පු ගොඩක් ගොඩගහගෙන. ඒකිෆෝන් එකේ. මම ගිහින් දඩස් ගාලා හැදි ගෑරුප්පු ගන්නගියා. මෙන්න මේකි මගේ අතින් ඇල්ලුවා. හුටස්. ඒ තැනදි සල්ලි දීලා තමයි හැදි ගෑරුප්පු ගන්න ඕනා. ඒ කියන්නේ කලින් අපි නූඩුල්ස් එක ගන්නවා පස්සේ ඒවා කන්න හැදි ගන්න තැනදි ගාස්තු ගෙවලා හැදි ගෑරුප්පු ආදිය ගන්න ඕනා. අපරාදේ කියන්න බැහැ නපුරු පෙනුමට රැව්වා වුනත් සීදේවි ගෑල්ලමෙක් තමයි කවුන්ටරේ උන්නේ.
Noodle Plate 
ගත්ත වලාම කන්න බැහැ. නූඩ්ල්ස් දිගයි අපේ අත පයටත් වඩා. ඒවා ගෑරුප්පුවේන එන්නෙත් නැැහ. ගත් මෝඩකමට ටිකක් සුප් එක වගේ එක බිව්වා. තවතිබුන රබර් කෑලි වගේ ඒව ටිකකුත් කෑවා. තව එලෝලුත් කෑවා. මේ ලොකු උස බස් මම හිතන්නේ ආන්ඩුවේ බස්.බස් එකේ ගියා ටික්ක මහත කොන්දොස්තර වරියක්. ඒකි නැග්ග ජාමේ බෙස් සීට් එකයිඅඩුම කුඩුම ටිකයිදෙනවා. ඉන් පසසෙ කොහෙ තොලොංජි වෙනවාද මන්දා. මට තේ වතුර හදාගන්න උනුවතුර ටිකක් ගන්න සැර උවමනාවක් තිබ්බා. ඒත් අහන්න එකෙක් නැහැ. වටේ පිටේ උනුත් ඒ තේ වතුර එක හදාගන්න පාටක් පෙනුනෙත් නැහැ. ඔන්නොහෙ කරබාන හිටියා. දවසටම පැය 14ක් විතර බස් එක ගියා. එකම එක තැනයි නැවැත්තුවේ. සමහරවිට තායි බසින් කියන්නත් ඇති මෙතන විතරයි ඔන්න නවත්වන්නෙ දවසටම හරියන්න කාපල්ලා. බැරිනම් පාර්ස්ල් කරලා අරගල්ලා කියලා. ඒත් මම දන්නවය තායි.
බස් එක ගියේ පැයට කිලෝමීටර 80ක ස්ථාවර වගෛන්. බස් එකේ රියදුරු ඉන්න තැනම වගේ උඩ හරියේ ගියර පෙට්ටිය දිහයින් එල් ඊ ඩී පැනලෙක යන වේගේ පෙන්වනවා. අපේ බස් වගේ සියට පාගලා අයේ තිහට හතලිහට අඩු කරගන්න වෙන්නේ ඉතාම කලාතුරකන්. 80 නම් ඔහේ කිලෝමීටර පනහක ්හැටක් අසූවටම අදිනවා කිසිම ගේමක් නැතුවම.

අමතර පිංතුර කතා
මේ හොටලේ තමයි මුලින්ම කාමර හෙව්වේ. මේක ටිකක් ජනප්‍රිය තැනක්. හොද මට්ටමේ නන් ඒසී ඩබල් රූමක් බාත් දෙසියකට ගන්න පුලුවන්. ගොඩක් වෙලාවට ට්‍රාන්ග් එන්න සුද්දන්ට තියෙන සැරම හේතුවක් තමයි බජට් එක. ස්ටේශන් එක ඉස්සරහින් බැහැලා විනාඩි දහයක් විතර වටේ කැරකෙද්දි සැප තැනක් සෙට් කරගන්න පුලුවන් නවාතැන් වලට ට්‍රාන්ග් වලින්. 

 තායි බස් එකේදි බෙස්සීට් එකක් දෙනවා. ඒක තමයි ඔය මම පොරවන් ඉන්නේ. ඒ බෙස්සීට් එක සීතලට මරු. නැත්නම් පැය පහ හයක් නෙමෙ පෑ දොලහක් මේ සැර සීතලේ ගිහින් වෙනමම අමාරුවෙක් හැදෙනවා. මේ සැප ස් වුනත් මේවෑ යට තට්ටුව තමයි හොද. මම එද්දි ආවේ යට තට්ටුවක. ඒකේ ගැස්සෙවා අඩුයි. උඩ පොඩ්ඩක් ගැස්සීමත් වැඩියි. ඒසී එකත් පොඩ්ඩක් වැඩියිද මන්දා?. එත් උඩ යද්දි ගොඩක් ඈත පේනව. 
මේ බස් ගමනේ පොටෝ දැම්මාම යාලුවෝ ඇහුවේ මේ ලංකාවෙ නේද බං කියලා. ඇත්තටම මිනිස්සු පෙවුන් නැත්තං ලංකාවේ වගේම තමයි. ගමනේ යද්දි උක් වගාවල් පේනවා. එලෝලු වගාවල් පේනවා. කදුවැටි පේනවා. ටවුන් කඩමන්ඩි ආදිය තිබුනත් මෙහෙ තරම් මිනිස්සු වැඩිය නැහැ ඒවයේ. 

Tuesday, March 19, 2019

Koh Mook සිට ආයෙ ටවුමට

දූපතේ අනෙක් පැත්ත
අනෙක් පැත්ත කිව්වට එච්චරම කට්ටිය නැති පැත්තේ තමයි මම වැඩවාසය කරලා තියෙනනේ.  මිනිස්සු වැඩි පැත්තේ නිල් කැටේට මොබයිල් සිග්නල් තියෙනවා. ඒ පැත්තත් අනික් පැත්ත වගේම ලස්සනයි. දූපත් ගොඩක් තියෙන පලාතක් නිසා මහා හයියෙන් රැල්ල ගහන් නැහැ. කඩොලාන එහෙමත් සැරට තියෙනවා. ඒ වගේම දූපතේ ඒ පලාතේ කදුවැටියක් උඩට ගියාම බෙහොම ඈතට තියෙන මූද පේනවා.මේ කදු වැටි වල සුද්දෝ එහෙම නගිනවා. ඒම නගින එකත් එක ආතල් එකක්. මට ඒ ආතල් එක සෙට් වුනේ නැහැ..ඊලග පාරක වැරදිලාවත් ගියොත් ඒ ආතල් එකත් ගන්න ඕනි.
Other Side of KOh Mook
මම අනික් පැත්තට ගිහින් වට පිට බලලා විනාඩි විස්සක් විතර ඉදලා ආවා. බයිසිකල් ගමන ටිකක් වෙහෙසයි. ඒත් ඉතින් ස්ලෝ එකේ වටපිට බල බල ලාවට පාගගෙන යද්දි එක්සයිස් එකකුත් ඇගට එනවා. සුදු නැට්ටියෝ වගේම නාකි සුදු අම්මන්ඩියොත් ටුවරිස්ට් ඒරියල් වල බයිසිකල් පදිනවා තායිලන්තයේ. කෝ මොක් වල අනික බයිසිකල් ලාබත් එක්ක. බයිසිකල් එකක් ගන්න ගියාම මගෙන් අයි ඩී කාඩ් පාස්පොට් මොකුත්ම ඉල්ලුවේ නැහැ. මොකද ඇහුවම පොර කියපි. මේ දූපතේ ඇතුලෙ තමයි මල්ලි කොහේ ගියත් ඕක පදින්න ඕනි. එලියට යනවා නම් බෝට්ටුවක යන්න ඕනි නේහ්..ඒමනම් මට දඩාස් ගාල ආරංචි වෙනවා කියලා පොර කිව්වා. ඇත්තටම සිංහලෙන් ඒම ලිව්වට පොර දන්න යන්තං සන්තක් කඩ්ඩෙන් ඒම කිව්වා මට.
KOh Mook Beach
යන්න ලෑස්ති වීම
මෙතෙක් වේලා දූපතේ ගත කල සුන්දර කාලහෝරාව අවසන් වෙලා මට ය්නනට කාල වේලාව ආවා. මීට කලින් ලංකාවේ බත්තලංගුන්ඩුව, කයිට්ස්, ඩෙල්ෆ්් එහෙම ගිහින් තියෙනවා. ඒත් ඒ දූපත් මේ වගේ ලල් නැහැ. මේකේ අමුතුම ගතියක් තිබුනා. නාකි වෙලා වල්ල හොල්ල හොල්ල විවේකෙන් ඉන්න කාලේක එන්න ලැබුනොත් මම දූපතේ දවසක් දෙකක් වැඩියෙන් ඉදලා තව කෝ ලිබොන් දූපතටක් ගිහින් එනවා. කෝ ක්‍රඩාන් එකටත් ගියා එමරල්ඩ් ගුහාවත් බැලුවා කොරල් පරත් බැලුවා බිච් එකත් ව්න්දා.. ඉතින් යන්න අවසරයි. මං ගිහින් රෙදි මල්ල ඇන්න ආවා බයිසිකලෙන්. බයිසිකලය නියමිත තැන නවත්වලා පියර් එකට ආවා.
at the Restaurant 
පියර් එකේ ඉදල ටවුමට
On the Tricycle 
පියර් ඉදලා ට්‍රාන්ග් යන්න පියර් එකේ හිටපු අක්කි මගෙන් බාත් 450ක් ඉල්ලනවා. කොරන්න බෑනේ ඉතින්. අහ් කියන් මතක නැතිවුනා. මම බයිසිකල් එක නැවැත්තු තැන ඉදලා පියරෙට මම පයින් ආවේ නැහැ. ආවේ ට්‍රයිසිකල් එකක. ඒකේ අක්කි කෙනෙක් උන්නා ඉංගිරිසි අකුරක් බෑ. ඒත්පියරෙට මාව ගෙනැවිත් දැම්මා. අනේ කරුණාවන්ත අක්කා කෙනෙක් එයා නම්.
බාත් 450ක් දෙන්න හුහ්. මම ගොඩබිම ඉදන් මේ දූවට ආපු බෝට් එකට ගෙව්වේ බාත් කියද? 100යි. දූපතේ රැයක් ගෙවන්න බාත් කීයද? 500යි.කොටින්ම හද් දෙයියනේ දූපතේ ඉදන් ගොඩබිමට විනාඩි කීයද? විනාඩි 15ක් ඇති උපරිම. බලන්ඩකෝ අනේ..මුන් කල දුටු කල වල ඉහගන්න එනවා නේ. සුද්දො ්ඇවිල්ලා අමු ගොන් මැජර ජාතිය. ගෑනි 450යි කිව්වද ඔහේ පැත්තට වෙලා පොත් පත් කියෝනවා බෝට් එක එනකල් 450ට. මම කිව්වා කෙලින්ම මම ආවේ 100ට මාව ගෙනහින් ගොඩබිමට දාන්න ඕනිම නම් මම 200ක් බාත් දෙන්නම් ඊට වැඩියෙන් න්ම ලොවෙත් බෑ කියලා.
මගේ අදහස වුනේ ඒම වුනොත් අදත් ඔන්න ඔහෙ කොහෙහරි නැවතිලා හෙටම යනෝය කියලා. මොකද උදේ පාන්දර ම යන බෝට්ටුවේ කෙලින්ම නගරයටම බාත් කීයද? 250යි. මේක ඇත්තටම ටුවර් ගිහින් හෙට්ට්ටු කරනවා හෙම නෙමෙයි. එත් මට හිතුනේ රියලිස්ටික් නැහැය කියලා. එතන ලස්සන තැන පියර එක. පියර් එක යට මාලු රෑනක් ඉන්නවා. මම ගෝ පෝ‍රා්ව ඔබලා ඒ උන්ගෙත් පොටෝ ගත්තා. වීඩියෝ ගත්තා.
Leaving from Bungalow 
ඒ එක්කම ටිකක් එහායින් සුද්දෝ රෑනක් උන්නා පියර් එකේම අනෙක් කෙළවරක. එතැන මගේ එක්ක ගිය ජර්මන් කෑලි දෙකත් උ්නනා. මං දැක්ක දා ඉදන් මුන් දෙන්නා ඇදන් ඉන්නේ එකම බිකිනියයි බ්‍රා එකයි. තූ ගද ගහනවා ඇති කියලා මට හිතුනා. උන්ගෙන් මා එක්ක වැඩිය කතා බහක් නොකල ආඩබ්මර එකී ටික වෙලාවක් මා දිහා බලා උන්නා. මම බෝට්ටු බුවෙක්ගෙන් ඇහුවම ඒ කෝ ලන්ට කියන දූපතට යන ස්පීඩ්බෝට් එක එනකල් ඉන්න සෙට් එකක්ය කියලා කිව්වා.
ඇත්තටම සමගිය බලයා වේ කියලා කතාවක් තියෙනවා. මෙතැනදි අපි සෙට් එකම සංචාරකයෝ විදියට එකිනෙකා ටෝක් කරගන පොඩිසෙන්ටිමෙන්ටල් එකකට ආවනම් අඩුවට යන්න තිබුනා. ඒත් සුද්දෝ කියන්නෙත් මහ අමුතුම උද්දච්ච ජාතියක්. උන්ට මොකක් හරි මෙනු එකක් පෙන්නලා අල ගෙඩියක් බාත් දෙසීයයි කියලා කිව්ව නම් උන් හිතනවා අල ගෙඩිය සිරාවටම බාත් දෙසීයක් කියලා. උන් ඉන් පස්සේ අලගෙඩියේ කොලිටිය අහනවා මිසක ප්‍රයිස් ගැන කතා කරන්නේ නැහැ.
On the Boat
ම්ම්..ටිකවෙලාවක් ගියා.මමත් ඔන්න වාඩිවෙලා ඉන්නවා පොටෝ ගන්නවා. ඔන්න ටිකකින් බෝට්ටුවක් ආවා. මට කතා කලා. බාත් තුන්සීයට ගෙනහින් දාන්නම් කිව්වා පියර් එකට ගොඩබිම තියෙනවා. ඒ කිව්වෙ කුන් ටුන් කු පියර් එකට. මම තුන්සියට බෑ දෙසීය ඕකේ කිව්වා. ඌ හා කිව්වා දඩස් ගාල ගොඩවුනා. මම විතරයි ඒකේ. මම තනියම ආවා. පොඩි කොල්ලො දෙන්නෙක් අමාරුවෙන් බෝට් එක අරං ආවා. ඒ උත්තල දෙන්නා මාව වතුරට දාවිය කියලා මට බයකුත් නැතුව නෙමෙයි.එ ්ත් උන් ප්‍රයිස් ගැන මොන නිගෝෂියේෂන් දැම්මත් එහෙමම පහත් නැහැ. සෑහෙන මට්ටමකින් ජෙනුයින් ඩෑල් තමයි ඉන්නේ.
Another Long Tail 
කෝ ලිබෝන්
කෝ ලිබොන් කියන්නේ මේ ලග තියෙන ලොකුම අයලන්ඩ් එකක්. මතකහැටියට ඒක ට්‍රාන්ග් මූදේ තියෙන විසාලත්වෙන් දෙවනි දූපත. මේ ලිබොන් අයිලන්ඩ් එකෙ ඉන්නවා මුහුදු තනකොල කන මුහුදු හරකෙක් වගේ ඩොංගුවන් කියලා සතෙක්. මුදු හරකා කිව්වට ඌට නිකං හරකට වගේ , තන් කන් සහ අං නැහැ. ඌ මූදේ ඉන්න  ඩොල්පිනෙක් වගේ මුහුදු මාලු හැඩයම. ඒත් කන්නේ අර මුහුදු තනකොල. ලිබොන් අයිල්න්ඩ් එකේ ලස්සන විව් පොයින්ට ්එකකුත් තියෙනවා.

මම කුන් ටුනු කු පියරෙට ආ ගමනේදී මං එක්ක ආපු සෙට් එකේ එකියක් ලිබොන් අයිලන්ඩ් එකේ. ලිබොන් අයිලන්ඩ් එකේ කාබරයක් කීයද ඇහුවම බාත් 500ක් කියලා ඒකි කිව්වා. මට එ වෙලේ මලපෙරේත ජාන වැඩකල නිසා මම ගියේ නැහැ. ඇත්තටම ගියානම් වටින දූපතක් වෙන්නත් ඇති. ඒකෙත් කොරල් තියෙනවා ධීවරයෝ ඉන්නවා. වගාවන් තියෙනවා ආදී එහෙම. ඒ ලිබොන් දූපතට යන්නේ හඩ් යාඕ පියර් එකෙන්. ඒක ටිකක් කෙලෝරේ තියෙන්නේ. ඒකේ ප්‍රවාහන පහසුව ටිකක් අඩුය කියලා තිබුන නිසා මම එච්චරම ලල් එකක් දැක්කුවේ නැහැ යන්න. එ කිව්වේ දූපතට යන්න බෝට්ටු ගන්න සහ බෝට්ටුවෙන් ආවම නගරයට යන්න පහසුකම් නැහැය කියලා තමයි දැක්කේ.
Kung Tung Ku Pier 
කෝම උනත් කෝ මොක් දූපතෙන් එන්න පියර් එකේ රස්තියාදු වෙවී ඉද්දි එකියක් කිව්වා මාව ඒ ලිබොන් යන හඩ් යාඕ පියර් එකට දාන්නම් බාත් තුන්ෂීයකට කෝ ලන්ටා යන ස්පීඩ් බෝට්ටුව හඩ් යාඕ පියරේ නවත්වනවාය කියලා. ඒත් මම කැමති වුනේ නැහැ. මොකෝ නොදන්නම තැනකට ගිහින් අතරමං වෙන්න බැහැනේ.
කුන් ටුන් කු පියරේ විස්තරේ
Pineapple Seller 
කොල්ලෝ දෙන්නා සහ බෝට්ටුවේ මම කුන් ටුන් කු පියරෙට ආවා. උන් කිව්ව හරි පියර් ඉදලා ටවුමට වාහන නැහැ. වාහන දෙක තුනක්ම ටෝක් කලා උන් ඇවිල්ල වාහන නවත්වලා දූපත් වලට යනවා. ට්‍රාන්ග් ටවුමට යන වාහනයක් නැහැ. ඒත් හවසට වාහනයක් එන වගක් තමයි කිව්වේ හැමෝම. ඒ ගමන එතන්ට වලො උන්නා. වාහනේ එනවා කියල කිව්වේ හවස 2ට විතර මම එතනට බැස්සේ 11ට විතර.
එතන අන්නාසි අක්කෙක් උන්නා. අක්කිගෙන් අන්නාසි ගත්තා. වටේ පිටේ මිනිස්සුත් යාන්තම් ලාවට ටෝක් කරලා සේප් මන්ට්එකක් දාගත්තා. ඒ වගේම ඔන්න ටිකකින් ඉස්සරහ කඩේ නැට්ටිච්චියෙක් පොඩි කලිසමක් ගහන් බාබකිව් පාරක් දානවා කූරු වල සෙට් කල මස්. මේ කූරු වල ගහපු මස් වලට කියන ලස්සන වදනක් තියෙනවා මට මතක නැහැ නේ. ඒකි හරි හුරතල්. මම ගිහින් මස් ඉරටුදෙකක් ගත්තා ම්ම්.. සුප්පා. මම හිතන්නේ බාත් 15ක් නෑ ඒ දෙකටම. මම ගාව පොඩි සල්ලි ටිකක් තිබ්බා. ඒ කිව්වේ කාසි.කෙල්ලට දුන්නම කෙල්ල ඒ සුමුදු ඇගිලි වලින් මගේ අතේ තිබ්බ කාසි තෝරලා ගත්තා. අහ් දෙයියනේ ඒ සුමුදු ඇගිලි වලින් මොකට ඒකි මස් පුච්චනවාද? වැරදිලාවල් ඇගිල්ලක් පිච්චුනොත් සුප්පු කරන්නවත් කොල්ලෙක් වත් ඉන්නවද? කවුද දන්නේ ඉතින්.
Seller near Pier 
මේ රටේ ස්කෝල සිලබස් වල ඉංගිරිසි බාසාවක් නැතිද මන්දා? මුන්ට අඩු ගානේ වන් ටු ත්‍රි වත් බැහැ නේ. සංචාරක කර්මාන්තෙන් කප් ගහන රටක් වුන්ත ඉංගිරිසි අඩුව සැරටම තියෙනවා. ඉදලාම ඉංගිරිසි දන්න උනුත් සෙට් වෙනවා. ඒත් උන් දෙන්නත් අපි මට්ටමට යන්තන් සන්තන් පදන් අබිසමිඤ්ච වගේ සුට්ටක් විතරයි. ම්ම් කෙල්ලගේ කෙබාබ් රසයි. එවෙලෙම පුච්චලා දෙනවා. ඒකිගේ හිනාවත් එල. ඒ පාර ආයේ ගිහින් පහක් අරගත්තා. බත් ටිකකුත් එක්ක. බතුත් එක්ක ගසල ඇරියා පහෙන් හතරක්. ඉතිරි එක එතන කැරකි කැරකි ඉදිය බල්ලෙක්ට දුන්නා.නෝමලි මම බල්ලන්ට කන්නදෙන ඩෑල් එකක් නෙවෙ. ඒත් අවට සිටි මිනිස්සුන්ට හොද මිනිහා වෙන්න ඔනි නිසා බල්ලට දුන්නා කෙබාබ් කෑලි දෙකක්.
දැන් පැයක් දෙකක් ගෙවුනා ඇති වෙලා. ඒ ලග තිබුනා පොඩි බංකු කෑල්ලක් ලෑලි ගහල. ගහක් යට පියර් එක ගාව හෙවනේ. ඒකේ තමයි මම වාඩිවෙලා උන්නේ. එතන්ට ආව තව ඩෑල් එකක්. පොර මට බඩු පොට් එකක් තියෙන හොටලක කාමරයක් සෙට් කරන්න යනවා. මිනිහා ඉන්න බඩු වල හැඩ කියනවා පට්ට ආතල් එක. ලස්සනට අත් වලින් පොර මවලා පෙන්වනවා ඉන්න කෑලි ඒ පොර කියන තැන. බැරිම තැන උගේ වල් කතා අහන් ඉන්න බැරිම තැනද මන්දා ලග අන්නසි විකුන විකුන උන්න මුස්ලිම් අක්කි ගියා යන්න වාහනෙත් ඉස්ටාට් කරගෙන.
ඌ හැදුවේ ලස්සන කෑලි ඉන්නවාය බුම් බුම් කරන්න හැකිය කියලා මාව අන්දලා නෝමල් බාත් 200ක කාමරයක් මට බාත් පන්සියකට විතර කෙලලා අරින්න. උහ්..මම අහුවෙයි සිරිසේන ඕව්වට. ඇත්තටම මමත් හිතුවා ඒම කෑලි ඉන්න ප්ලේස් එකක් මට සෙට් කරාවිය කියලා. ඒත් එහෙම වුනේ නැහැ.
Short Food 
එදා රෑ
එදා රෑ ට්‍රාන්ග් වල තමයි නවාතැන. වෑන් කාරයා ආවේ කලින් බාත් 450ක් ඉල්ලපු බෝට්ටු ප්ලස් ටවුම් හයර් එක.ඒ කියන්නේ මම අර කලින් දූපතට වෙලා ඉදියා නම් බාත් 450ක් ගෙවලා යන්න වෙන්නෙත් මේ වෑන් එකේම තමයි පියර් එකේ සිට ට්‍රාන්ග් ටවුමට. ට්‍රාන්ග් වල අවසාන දුම්රිය ස්ථානය තියෙන්නෙ කන්ටාන්ග් වල. මටත් ආස හිතුනා කන්ටාන්ග් පැත්තේ යන්න. ඒත් අයෙත් මුල පස්නේ එතන ඉදලා ට්‍රාන්ග් යන්න එකක් නැති වුනොත් ආයෙත් එතන හිටිනවා. ඒ නිසා කෙලින්ම ට්‍රාන්ග් ටවුමටම ගියා.
Trang Clock Tower 
ඒ වෑන් එකේ ආ සුද්දෝ ගොඩක් හැන්දෑවේ තියෙන කෝචිචයට යන උන්. කෝචචිය තමයි ලාබම සහ ලේසම ක්‍රමය. බස් එක මගේ අම්බේ මම බස් එකේ ආපු නිසාම දන්නවා ඒ ගමනේ අමාරුව. තනිකර පැය දෙලකට වැඩිය බස් එකේ ගියා . සුද්දෝ ටීම් එක බස්සලා දැන් වෑන් කාරයා මාව කාමරයකට දාන්න උත්සාහ කරනවා. ඇත්තටම මමත් හිතුවේ සං සං ගාල ලස්සන කෑලි ඉන්න තැනකට දාවිය කියලා. ඒත් වෑන් කාරයා කලින් ටෝක් කල ඩෑල් එක වගේ නෙමෙ. ඌ වෙනමම ආතල් එකක්. ඌට මම බාත් සියක් වෑන් කුලියට දුන්නාම ඒ ඇති වගේ මට කාමරයක් හොයාල දෙන්න ප්‍රෙයාරිටිය එක දුන්නා.
ඇත්තටම මට එදා හැන්දෑවේ සුද්දෝ එක්ක නැගලා බැංකොක් එන්නත් තිබුනා. ඒත් ට්‍රාන්ග් සිටි එක පොඩ්ඩ්ක විතර බලාගන්නත් එක්ක මාත් උන්නා ඔන්න ඔහෙ. මොකෝ ආයි ඉතින් කවදා එන්න ලැබේද නේද? ඉතින් වෑන් කාරයා මුලින්ම ගියේ මම අන්තර්ජාලෙන් ඉස්සර බලලා තිබුන පොට් එකකට. ට්‍රාන්ග් දුම්රිය ස්ථානයේ සිට ඔරලෝසු කණුවට පයින් එද්දි තියෙන බැක්පැකර් නවාතැන්පොලක්. එතන බාත් 200යි නයිටට. ඒත් එතැන කාමර නැහැ ඕකකොම පිරිලා.එ ් ගමන එතැනට කිට්ටු වෙනත් තැනක් සෙට් කලා. එතනත් 300ක් විතරයි. කාමරේට ගියා එල කිරි කාබරේ බාත්රුම් එහෙමත් සුප්පා. එකම අවුල ඒ සී නැහැ.
Kung Tung Ku Pier 
කබල නැති ටවුම. මසා එකක් දාගන්න තැනක් හෙව්වා. කෝච්චි ස්ටේශන් එක ලගම තැනක් සර්ච් වුනා.එ ්ත් ස්ටේශන් කියන්නේ ටුවරිස්ට් ගුහාව. ඒ ලගපාත හැම දෙයක්ම ටුවරිස්ට්ලාටම හැදිලා තියේ. ඉතින් එතැනින් මසා ගන්න ඕනි නැහැය කියලා හිතුනා. ටිකක් හෙව්වාම කෝච්චි පාරට පැරලල් පොඩි ලේන් එකක මසා කිහිපයක්ම පෙන්නුම් කරනවා.
එකක් ගූගල් මැප් එකෙන් බලාගෙන ගියා. ඇත්තටම මසාජ් පොට් කිහිපයක්ම තිබුනා. පෙනුන විදියට ඒවා ඔරිජිනල් මසාජ්. හොයන් ගිය මසාජ් එක නැහැ. ඒ පාර ඒ ඉස්සරහ තිබුනා අයිස් ක්‍රිම් කඩයක්. තායි වල ලස්සනම වැඩේ අයිස් ක්‍රිම් කන්න ගියත් අයිස් එක්ක වතුර එකක් තියෙනවා. අයිස් ක්‍රිම් එකක් ගත්තා ඒකට පැණිත් දාලා එල කිරි වගේ තිබ්බා ඒක. ඒ මසා තිබ්බ ලේන් එකේ පරණ බඩු තියෙනවා. ඇදපු ඒවාද මන්දා සපත්තු ඇදුම් එහෙම බාත් විස්සට තිහටත් තියෙනවා. මම ඇදුම් අරන් ආවේ නැත්තන් එතනින් ඇදුන් පැලදුන් ටික්ක ගන්න තිබුනා.
Yummy Soup 
ඇදුමක් හොද හොටලෙකදි හෝදගන්නත් බාත් 10ක් විතර යනවා. ඉතින් අලුතින්ම බාත් විස්සකට ඇදුම් ගන් එක ලාබයි. ඒත් ඇදපු ඒවා අදින්න නිකම් මොකද්ද වගෙ හිතෙනෝ නේද? හොදට සුවදට හෝදල එහෙමත් තිබුනා. සමහර ඒවා ඇදලා නෙමෙයි ඒවා ඩැමේජ්. සපත්තු පරණ බඩු සර්කිට් කෑලි එහෙමත් ඒ ස්ට්‍රිට් එකේ තිබුනා.
වීඩියෝ එකේ නම් තියෙන්නේ දූපතේ පියර් එකේ සහ ඒ ආසන්න සීන් කිහිපයක් විතරයි. ඇත්තටම ගෝ ප්‍රෝ එක ඊඨ වඩා යූස් කරන්න තිබුනා කියලා කම්පනා වෙන්නේ දැන් තමයි.