Tuesday, March 19, 2019

Koh Mook සිට ආයෙ ටවුමට

දූපතේ අනෙක් පැත්ත
අනෙක් පැත්ත කිව්වට එච්චරම කට්ටිය නැති පැත්තේ තමයි මම වැඩවාසය කරලා තියෙනනේ.  මිනිස්සු වැඩි පැත්තේ නිල් කැටේට මොබයිල් සිග්නල් තියෙනවා. ඒ පැත්තත් අනික් පැත්ත වගේම ලස්සනයි. දූපත් ගොඩක් තියෙන පලාතක් නිසා මහා හයියෙන් රැල්ල ගහන් නැහැ. කඩොලාන එහෙමත් සැරට තියෙනවා. ඒ වගේම දූපතේ ඒ පලාතේ කදුවැටියක් උඩට ගියාම බෙහොම ඈතට තියෙන මූද පේනවා.මේ කදු වැටි වල සුද්දෝ එහෙම නගිනවා. ඒම නගින එකත් එක ආතල් එකක්. මට ඒ ආතල් එක සෙට් වුනේ නැහැ..ඊලග පාරක වැරදිලාවත් ගියොත් ඒ ආතල් එකත් ගන්න ඕනි.
Other Side of KOh Mook
මම අනික් පැත්තට ගිහින් වට පිට බලලා විනාඩි විස්සක් විතර ඉදලා ආවා. බයිසිකල් ගමන ටිකක් වෙහෙසයි. ඒත් ඉතින් ස්ලෝ එකේ වටපිට බල බල ලාවට පාගගෙන යද්දි එක්සයිස් එකකුත් ඇගට එනවා. සුදු නැට්ටියෝ වගේම නාකි සුදු අම්මන්ඩියොත් ටුවරිස්ට් ඒරියල් වල බයිසිකල් පදිනවා තායිලන්තයේ. කෝ මොක් වල අනික බයිසිකල් ලාබත් එක්ක. බයිසිකල් එකක් ගන්න ගියාම මගෙන් අයි ඩී කාඩ් පාස්පොට් මොකුත්ම ඉල්ලුවේ නැහැ. මොකද ඇහුවම පොර කියපි. මේ දූපතේ ඇතුලෙ තමයි මල්ලි කොහේ ගියත් ඕක පදින්න ඕනි. එලියට යනවා නම් බෝට්ටුවක යන්න ඕනි නේහ්..ඒමනම් මට දඩාස් ගාල ආරංචි වෙනවා කියලා පොර කිව්වා. ඇත්තටම සිංහලෙන් ඒම ලිව්වට පොර දන්න යන්තං සන්තක් කඩ්ඩෙන් ඒම කිව්වා මට.
KOh Mook Beach
යන්න ලෑස්ති වීම
මෙතෙක් වේලා දූපතේ ගත කල සුන්දර කාලහෝරාව අවසන් වෙලා මට ය්නනට කාල වේලාව ආවා. මීට කලින් ලංකාවේ බත්තලංගුන්ඩුව, කයිට්ස්, ඩෙල්ෆ්් එහෙම ගිහින් තියෙනවා. ඒත් ඒ දූපත් මේ වගේ ලල් නැහැ. මේකේ අමුතුම ගතියක් තිබුනා. නාකි වෙලා වල්ල හොල්ල හොල්ල විවේකෙන් ඉන්න කාලේක එන්න ලැබුනොත් මම දූපතේ දවසක් දෙකක් වැඩියෙන් ඉදලා තව කෝ ලිබොන් දූපතටක් ගිහින් එනවා. කෝ ක්‍රඩාන් එකටත් ගියා එමරල්ඩ් ගුහාවත් බැලුවා කොරල් පරත් බැලුවා බිච් එකත් ව්න්දා.. ඉතින් යන්න අවසරයි. මං ගිහින් රෙදි මල්ල ඇන්න ආවා බයිසිකලෙන්. බයිසිකලය නියමිත තැන නවත්වලා පියර් එකට ආවා.
at the Restaurant 
පියර් එකේ ඉදල ටවුමට
On the Tricycle 
පියර් ඉදලා ට්‍රාන්ග් යන්න පියර් එකේ හිටපු අක්කි මගෙන් බාත් 450ක් ඉල්ලනවා. කොරන්න බෑනේ ඉතින්. අහ් කියන් මතක නැතිවුනා. මම බයිසිකල් එක නැවැත්තු තැන ඉදලා පියරෙට මම පයින් ආවේ නැහැ. ආවේ ට්‍රයිසිකල් එකක. ඒකේ අක්කි කෙනෙක් උන්නා ඉංගිරිසි අකුරක් බෑ. ඒත්පියරෙට මාව ගෙනැවිත් දැම්මා. අනේ කරුණාවන්ත අක්කා කෙනෙක් එයා නම්.
බාත් 450ක් දෙන්න හුහ්. මම ගොඩබිම ඉදන් මේ දූවට ආපු බෝට් එකට ගෙව්වේ බාත් කියද? 100යි. දූපතේ රැයක් ගෙවන්න බාත් කීයද? 500යි.කොටින්ම හද් දෙයියනේ දූපතේ ඉදන් ගොඩබිමට විනාඩි කීයද? විනාඩි 15ක් ඇති උපරිම. බලන්ඩකෝ අනේ..මුන් කල දුටු කල වල ඉහගන්න එනවා නේ. සුද්දො ්ඇවිල්ලා අමු ගොන් මැජර ජාතිය. ගෑනි 450යි කිව්වද ඔහේ පැත්තට වෙලා පොත් පත් කියෝනවා බෝට් එක එනකල් 450ට. මම කිව්වා කෙලින්ම මම ආවේ 100ට මාව ගෙනහින් ගොඩබිමට දාන්න ඕනිම නම් මම 200ක් බාත් දෙන්නම් ඊට වැඩියෙන් න්ම ලොවෙත් බෑ කියලා.
මගේ අදහස වුනේ ඒම වුනොත් අදත් ඔන්න ඔහෙ කොහෙහරි නැවතිලා හෙටම යනෝය කියලා. මොකද උදේ පාන්දර ම යන බෝට්ටුවේ කෙලින්ම නගරයටම බාත් කීයද? 250යි. මේක ඇත්තටම ටුවර් ගිහින් හෙට්ට්ටු කරනවා හෙම නෙමෙයි. එත් මට හිතුනේ රියලිස්ටික් නැහැය කියලා. එතන ලස්සන තැන පියර එක. පියර් එක යට මාලු රෑනක් ඉන්නවා. මම ගෝ පෝ‍රා්ව ඔබලා ඒ උන්ගෙත් පොටෝ ගත්තා. වීඩියෝ ගත්තා.
Leaving from Bungalow 
ඒ එක්කම ටිකක් එහායින් සුද්දෝ රෑනක් උන්නා පියර් එකේම අනෙක් කෙළවරක. එතැන මගේ එක්ක ගිය ජර්මන් කෑලි දෙකත් උ්නනා. මං දැක්ක දා ඉදන් මුන් දෙන්නා ඇදන් ඉන්නේ එකම බිකිනියයි බ්‍රා එකයි. තූ ගද ගහනවා ඇති කියලා මට හිතුනා. උන්ගෙන් මා එක්ක වැඩිය කතා බහක් නොකල ආඩබ්මර එකී ටික වෙලාවක් මා දිහා බලා උන්නා. මම බෝට්ටු බුවෙක්ගෙන් ඇහුවම ඒ කෝ ලන්ට කියන දූපතට යන ස්පීඩ්බෝට් එක එනකල් ඉන්න සෙට් එකක්ය කියලා කිව්වා.
ඇත්තටම සමගිය බලයා වේ කියලා කතාවක් තියෙනවා. මෙතැනදි අපි සෙට් එකම සංචාරකයෝ විදියට එකිනෙකා ටෝක් කරගන පොඩිසෙන්ටිමෙන්ටල් එකකට ආවනම් අඩුවට යන්න තිබුනා. ඒත් සුද්දෝ කියන්නෙත් මහ අමුතුම උද්දච්ච ජාතියක්. උන්ට මොකක් හරි මෙනු එකක් පෙන්නලා අල ගෙඩියක් බාත් දෙසීයයි කියලා කිව්ව නම් උන් හිතනවා අල ගෙඩිය සිරාවටම බාත් දෙසීයක් කියලා. උන් ඉන් පස්සේ අලගෙඩියේ කොලිටිය අහනවා මිසක ප්‍රයිස් ගැන කතා කරන්නේ නැහැ.
On the Boat
ම්ම්..ටිකවෙලාවක් ගියා.මමත් ඔන්න වාඩිවෙලා ඉන්නවා පොටෝ ගන්නවා. ඔන්න ටිකකින් බෝට්ටුවක් ආවා. මට කතා කලා. බාත් තුන්සීයට ගෙනහින් දාන්නම් කිව්වා පියර් එකට ගොඩබිම තියෙනවා. ඒ කිව්වෙ කුන් ටුන් කු පියර් එකට. මම තුන්සියට බෑ දෙසීය ඕකේ කිව්වා. ඌ හා කිව්වා දඩස් ගාල ගොඩවුනා. මම විතරයි ඒකේ. මම තනියම ආවා. පොඩි කොල්ලො දෙන්නෙක් අමාරුවෙන් බෝට් එක අරං ආවා. ඒ උත්තල දෙන්නා මාව වතුරට දාවිය කියලා මට බයකුත් නැතුව නෙමෙයි.එ ්ත් උන් ප්‍රයිස් ගැන මොන නිගෝෂියේෂන් දැම්මත් එහෙමම පහත් නැහැ. සෑහෙන මට්ටමකින් ජෙනුයින් ඩෑල් තමයි ඉන්නේ.
Another Long Tail 
කෝ ලිබෝන්
කෝ ලිබොන් කියන්නේ මේ ලග තියෙන ලොකුම අයලන්ඩ් එකක්. මතකහැටියට ඒක ට්‍රාන්ග් මූදේ තියෙන විසාලත්වෙන් දෙවනි දූපත. මේ ලිබොන් අයිලන්ඩ් එකෙ ඉන්නවා මුහුදු තනකොල කන මුහුදු හරකෙක් වගේ ඩොංගුවන් කියලා සතෙක්. මුදු හරකා කිව්වට ඌට නිකං හරකට වගේ , තන් කන් සහ අං නැහැ. ඌ මූදේ ඉන්න  ඩොල්පිනෙක් වගේ මුහුදු මාලු හැඩයම. ඒත් කන්නේ අර මුහුදු තනකොල. ලිබොන් අයිල්න්ඩ් එකේ ලස්සන විව් පොයින්ට ්එකකුත් තියෙනවා.

මම කුන් ටුනු කු පියරෙට ආ ගමනේදී මං එක්ක ආපු සෙට් එකේ එකියක් ලිබොන් අයිලන්ඩ් එකේ. ලිබොන් අයිලන්ඩ් එකේ කාබරයක් කීයද ඇහුවම බාත් 500ක් කියලා ඒකි කිව්වා. මට එ වෙලේ මලපෙරේත ජාන වැඩකල නිසා මම ගියේ නැහැ. ඇත්තටම ගියානම් වටින දූපතක් වෙන්නත් ඇති. ඒකෙත් කොරල් තියෙනවා ධීවරයෝ ඉන්නවා. වගාවන් තියෙනවා ආදී එහෙම. ඒ ලිබොන් දූපතට යන්නේ හඩ් යාඕ පියර් එකෙන්. ඒක ටිකක් කෙලෝරේ තියෙන්නේ. ඒකේ ප්‍රවාහන පහසුව ටිකක් අඩුය කියලා තිබුන නිසා මම එච්චරම ලල් එකක් දැක්කුවේ නැහැ යන්න. එ කිව්වේ දූපතට යන්න බෝට්ටු ගන්න සහ බෝට්ටුවෙන් ආවම නගරයට යන්න පහසුකම් නැහැය කියලා තමයි දැක්කේ.
Kung Tung Ku Pier 
කෝම උනත් කෝ මොක් දූපතෙන් එන්න පියර් එකේ රස්තියාදු වෙවී ඉද්දි එකියක් කිව්වා මාව ඒ ලිබොන් යන හඩ් යාඕ පියර් එකට දාන්නම් බාත් තුන්ෂීයකට කෝ ලන්ටා යන ස්පීඩ් බෝට්ටුව හඩ් යාඕ පියරේ නවත්වනවාය කියලා. ඒත් මම කැමති වුනේ නැහැ. මොකෝ නොදන්නම තැනකට ගිහින් අතරමං වෙන්න බැහැනේ.
කුන් ටුන් කු පියරේ විස්තරේ
Pineapple Seller 
කොල්ලෝ දෙන්නා සහ බෝට්ටුවේ මම කුන් ටුන් කු පියරෙට ආවා. උන් කිව්ව හරි පියර් ඉදලා ටවුමට වාහන නැහැ. වාහන දෙක තුනක්ම ටෝක් කලා උන් ඇවිල්ල වාහන නවත්වලා දූපත් වලට යනවා. ට්‍රාන්ග් ටවුමට යන වාහනයක් නැහැ. ඒත් හවසට වාහනයක් එන වගක් තමයි කිව්වේ හැමෝම. ඒ ගමන එතන්ට වලො උන්නා. වාහනේ එනවා කියල කිව්වේ හවස 2ට විතර මම එතනට බැස්සේ 11ට විතර.
එතන අන්නාසි අක්කෙක් උන්නා. අක්කිගෙන් අන්නාසි ගත්තා. වටේ පිටේ මිනිස්සුත් යාන්තම් ලාවට ටෝක් කරලා සේප් මන්ට්එකක් දාගත්තා. ඒ වගේම ඔන්න ටිකකින් ඉස්සරහ කඩේ නැට්ටිච්චියෙක් පොඩි කලිසමක් ගහන් බාබකිව් පාරක් දානවා කූරු වල සෙට් කල මස්. මේ කූරු වල ගහපු මස් වලට කියන ලස්සන වදනක් තියෙනවා මට මතක නැහැ නේ. ඒකි හරි හුරතල්. මම ගිහින් මස් ඉරටුදෙකක් ගත්තා ම්ම්.. සුප්පා. මම හිතන්නේ බාත් 15ක් නෑ ඒ දෙකටම. මම ගාව පොඩි සල්ලි ටිකක් තිබ්බා. ඒ කිව්වේ කාසි.කෙල්ලට දුන්නම කෙල්ල ඒ සුමුදු ඇගිලි වලින් මගේ අතේ තිබ්බ කාසි තෝරලා ගත්තා. අහ් දෙයියනේ ඒ සුමුදු ඇගිලි වලින් මොකට ඒකි මස් පුච්චනවාද? වැරදිලාවල් ඇගිල්ලක් පිච්චුනොත් සුප්පු කරන්නවත් කොල්ලෙක් වත් ඉන්නවද? කවුද දන්නේ ඉතින්.
Seller near Pier 
මේ රටේ ස්කෝල සිලබස් වල ඉංගිරිසි බාසාවක් නැතිද මන්දා? මුන්ට අඩු ගානේ වන් ටු ත්‍රි වත් බැහැ නේ. සංචාරක කර්මාන්තෙන් කප් ගහන රටක් වුන්ත ඉංගිරිසි අඩුව සැරටම තියෙනවා. ඉදලාම ඉංගිරිසි දන්න උනුත් සෙට් වෙනවා. ඒත් උන් දෙන්නත් අපි මට්ටමට යන්තන් සන්තන් පදන් අබිසමිඤ්ච වගේ සුට්ටක් විතරයි. ම්ම් කෙල්ලගේ කෙබාබ් රසයි. එවෙලෙම පුච්චලා දෙනවා. ඒකිගේ හිනාවත් එල. ඒ පාර ආයේ ගිහින් පහක් අරගත්තා. බත් ටිකකුත් එක්ක. බතුත් එක්ක ගසල ඇරියා පහෙන් හතරක්. ඉතිරි එක එතන කැරකි කැරකි ඉදිය බල්ලෙක්ට දුන්නා.නෝමලි මම බල්ලන්ට කන්නදෙන ඩෑල් එකක් නෙවෙ. ඒත් අවට සිටි මිනිස්සුන්ට හොද මිනිහා වෙන්න ඔනි නිසා බල්ලට දුන්නා කෙබාබ් කෑලි දෙකක්.
දැන් පැයක් දෙකක් ගෙවුනා ඇති වෙලා. ඒ ලග තිබුනා පොඩි බංකු කෑල්ලක් ලෑලි ගහල. ගහක් යට පියර් එක ගාව හෙවනේ. ඒකේ තමයි මම වාඩිවෙලා උන්නේ. එතන්ට ආව තව ඩෑල් එකක්. පොර මට බඩු පොට් එකක් තියෙන හොටලක කාමරයක් සෙට් කරන්න යනවා. මිනිහා ඉන්න බඩු වල හැඩ කියනවා පට්ට ආතල් එක. ලස්සනට අත් වලින් පොර මවලා පෙන්වනවා ඉන්න කෑලි ඒ පොර කියන තැන. බැරිම තැන උගේ වල් කතා අහන් ඉන්න බැරිම තැනද මන්දා ලග අන්නසි විකුන විකුන උන්න මුස්ලිම් අක්කි ගියා යන්න වාහනෙත් ඉස්ටාට් කරගෙන.
ඌ හැදුවේ ලස්සන කෑලි ඉන්නවාය බුම් බුම් කරන්න හැකිය කියලා මාව අන්දලා නෝමල් බාත් 200ක කාමරයක් මට බාත් පන්සියකට විතර කෙලලා අරින්න. උහ්..මම අහුවෙයි සිරිසේන ඕව්වට. ඇත්තටම මමත් හිතුවා ඒම කෑලි ඉන්න ප්ලේස් එකක් මට සෙට් කරාවිය කියලා. ඒත් එහෙම වුනේ නැහැ.
Short Food 
එදා රෑ
එදා රෑ ට්‍රාන්ග් වල තමයි නවාතැන. වෑන් කාරයා ආවේ කලින් බාත් 450ක් ඉල්ලපු බෝට්ටු ප්ලස් ටවුම් හයර් එක.ඒ කියන්නේ මම අර කලින් දූපතට වෙලා ඉදියා නම් බාත් 450ක් ගෙවලා යන්න වෙන්නෙත් මේ වෑන් එකේම තමයි පියර් එකේ සිට ට්‍රාන්ග් ටවුමට. ට්‍රාන්ග් වල අවසාන දුම්රිය ස්ථානය තියෙන්නෙ කන්ටාන්ග් වල. මටත් ආස හිතුනා කන්ටාන්ග් පැත්තේ යන්න. ඒත් අයෙත් මුල පස්නේ එතන ඉදලා ට්‍රාන්ග් යන්න එකක් නැති වුනොත් ආයෙත් එතන හිටිනවා. ඒ නිසා කෙලින්ම ට්‍රාන්ග් ටවුමටම ගියා.
Trang Clock Tower 
ඒ වෑන් එකේ ආ සුද්දෝ ගොඩක් හැන්දෑවේ තියෙන කෝචිචයට යන උන්. කෝචචිය තමයි ලාබම සහ ලේසම ක්‍රමය. බස් එක මගේ අම්බේ මම බස් එකේ ආපු නිසාම දන්නවා ඒ ගමනේ අමාරුව. තනිකර පැය දෙලකට වැඩිය බස් එකේ ගියා . සුද්දෝ ටීම් එක බස්සලා දැන් වෑන් කාරයා මාව කාමරයකට දාන්න උත්සාහ කරනවා. ඇත්තටම මමත් හිතුවේ සං සං ගාල ලස්සන කෑලි ඉන්න තැනකට දාවිය කියලා. ඒත් වෑන් කාරයා කලින් ටෝක් කල ඩෑල් එක වගේ නෙමෙ. ඌ වෙනමම ආතල් එකක්. ඌට මම බාත් සියක් වෑන් කුලියට දුන්නාම ඒ ඇති වගේ මට කාමරයක් හොයාල දෙන්න ප්‍රෙයාරිටිය එක දුන්නා.
ඇත්තටම මට එදා හැන්දෑවේ සුද්දෝ එක්ක නැගලා බැංකොක් එන්නත් තිබුනා. ඒත් ට්‍රාන්ග් සිටි එක පොඩ්ඩ්ක විතර බලාගන්නත් එක්ක මාත් උන්නා ඔන්න ඔහෙ. මොකෝ ආයි ඉතින් කවදා එන්න ලැබේද නේද? ඉතින් වෑන් කාරයා මුලින්ම ගියේ මම අන්තර්ජාලෙන් ඉස්සර බලලා තිබුන පොට් එකකට. ට්‍රාන්ග් දුම්රිය ස්ථානයේ සිට ඔරලෝසු කණුවට පයින් එද්දි තියෙන බැක්පැකර් නවාතැන්පොලක්. එතන බාත් 200යි නයිටට. ඒත් එතැන කාමර නැහැ ඕකකොම පිරිලා.එ ් ගමන එතැනට කිට්ටු වෙනත් තැනක් සෙට් කලා. එතනත් 300ක් විතරයි. කාමරේට ගියා එල කිරි කාබරේ බාත්රුම් එහෙමත් සුප්පා. එකම අවුල ඒ සී නැහැ.
Kung Tung Ku Pier 
කබල නැති ටවුම. මසා එකක් දාගන්න තැනක් හෙව්වා. කෝච්චි ස්ටේශන් එක ලගම තැනක් සර්ච් වුනා.එ ්ත් ස්ටේශන් කියන්නේ ටුවරිස්ට් ගුහාව. ඒ ලගපාත හැම දෙයක්ම ටුවරිස්ට්ලාටම හැදිලා තියේ. ඉතින් එතැනින් මසා ගන්න ඕනි නැහැය කියලා හිතුනා. ටිකක් හෙව්වාම කෝච්චි පාරට පැරලල් පොඩි ලේන් එකක මසා කිහිපයක්ම පෙන්නුම් කරනවා.
එකක් ගූගල් මැප් එකෙන් බලාගෙන ගියා. ඇත්තටම මසාජ් පොට් කිහිපයක්ම තිබුනා. පෙනුන විදියට ඒවා ඔරිජිනල් මසාජ්. හොයන් ගිය මසාජ් එක නැහැ. ඒ පාර ඒ ඉස්සරහ තිබුනා අයිස් ක්‍රිම් කඩයක්. තායි වල ලස්සනම වැඩේ අයිස් ක්‍රිම් කන්න ගියත් අයිස් එක්ක වතුර එකක් තියෙනවා. අයිස් ක්‍රිම් එකක් ගත්තා ඒකට පැණිත් දාලා එල කිරි වගේ තිබ්බා ඒක. ඒ මසා තිබ්බ ලේන් එකේ පරණ බඩු තියෙනවා. ඇදපු ඒවාද මන්දා සපත්තු ඇදුම් එහෙම බාත් විස්සට තිහටත් තියෙනවා. මම ඇදුම් අරන් ආවේ නැත්තන් එතනින් ඇදුන් පැලදුන් ටික්ක ගන්න තිබුනා.
Yummy Soup 
ඇදුමක් හොද හොටලෙකදි හෝදගන්නත් බාත් 10ක් විතර යනවා. ඉතින් අලුතින්ම බාත් විස්සකට ඇදුම් ගන් එක ලාබයි. ඒත් ඇදපු ඒවා අදින්න නිකම් මොකද්ද වගෙ හිතෙනෝ නේද? හොදට සුවදට හෝදල එහෙමත් තිබුනා. සමහර ඒවා ඇදලා නෙමෙයි ඒවා ඩැමේජ්. සපත්තු පරණ බඩු සර්කිට් කෑලි එහෙමත් ඒ ස්ට්‍රිට් එකේ තිබුනා.
වීඩියෝ එකේ නම් තියෙන්නේ දූපතේ පියර් එකේ සහ ඒ ආසන්න සීන් කිහිපයක් විතරයි. ඇත්තටම ගෝ ප්‍රෝ එක ඊඨ වඩා යූස් කරන්න තිබුනා කියලා කම්පනා වෙන්නේ දැන් තමයි. 

4 comments:

  1. තායිලන්තෙදි Pවර්ගයේ අර්ධ සන්නායක හමුවෙලා නැද්ද.

    ReplyDelete
    Replies
    1. එකක් හම්බුනා... හොටෙල් එකක කන්න යද්දි වේටර හිටියේ ඒමබුවෙක්. උන් බලනවා බැලිල්ලක් කෑලි වලට එහා. මේ ඒරියා එක මුස්ලිම්..පස්සේ ගිය උදොන් වල නම් බඩු ඕනිම මාදිලියක් තිබ්බා.

      Delete
  2. අතීතය මතක් විය

    ReplyDelete