Thursday, March 21, 2019

බැංකොක් සිට ඊසාන දිග බලා

මහ රෑ මෝ චිට්
මල් සැරසිලි 
මම හිතන් හිටි ප්ලෑන පොඩ්ඩක් ඇද වුනා. මේ ට්‍රාන්ග් -බැංකොක් බස් එක හිතුවට වඩා ස්ලෝ. ඇත්තටම මේ  ට්‍රාන්ග් සිට බැංකොක් දුර කිලෝමීටර 837ක් කියලා දැනගත්තෙත් මේ සටහන ලියන්න සරච් කරල බලද්දි. මට එදා උදේ ඒක සර්ච් කරගන්න පුලුවන් වුනානම් මම ලොවෙත් මේ බස් ඔප්ශන් එකට යන්නෙ නැහැ. ඒනම් කෙලින්ම හැන්දෑවේ ට්‍රාන්ග් සිට බැංකොක් දක්වා එන කෝච්චිය සිලෙක්ට් කරගන්නවා. කෝච්චිය මම හිතන්නේ පැය දොලහක් විතර යනෝ. ඒත් වෙහෙස අඩුයි.
කොහොම හරි මම ඊලගට යන්න ඕනි නෝත් ඊස්ට් ඒ කිව්වේ තායි වල ඊසාන දිග පලාතට. විශේෂ හේතුවක් පැලවෙලා නොතිබුනත් ඒ පැත්තට යන්න මට ආසාවක් තිබුනා. ඉතින් මෝ චිට් බස් නැවතුමට මම එද්දි රෑ 11.30යි. කොහොමද ගමන. පැය 14ක්. උදේ 10ට බස් එකට නැග්ගම බැස්සේ රෑ 1130ට බුදු කට්ටක් කියලා හිතුවට එහෙමත් නැහැ.සැප ආසන, සැප බස්. මෙහෙ වගේ ගැස්සිලි නැහැ. ඇත්තටම අපේ කොළඹ බස් ස්ටෑන්ඩ් එකෙන් නැගලා තංගල්ලෙන් බහින කොට තියෙන වෙහෙස වත් ඇගට නැහැ. ඒත් අර ඒ සී එකේම ඉදලා මොකක්ද අවුලක් නම් තිබුනා.
ආ බස් එක උදොන් දක්වා 
ප්ලයිට් සහ ප්ලෑන් අවුට්  
ඒ එක්කම මට බස් එක ගත්ත නම් ඊලග දා පාන්දර උදොන් තානි වල ඉන්න තිබුනා. හ්ම්ම්.. මේක මගේ ටුවර් ප්ලෑන් එකේ පත වීක් පොයින්ට් එකක්. මේ උදොන් තානි වලට ක්‍රාබි හෝ පුකෙට් ඉදන් එයා ඒසියා ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් තියෙනවා. එදා කෝ මොක් අයිලන්ඩ් එකේ ඉද්දි ඒක බුක් කලා නම් ඒ අයිලන්ඩ් එකේ ඉදන් කෙලින්ම ස්පීඩ්බෝට් එකක පැය දෙක තුනක් ගෙවලා ක්‍රාබි හෝ පුකට් ගිහින් ඒ ප්ලයිට් එකෙන් චූන් එකේ උදොන් වලට සේන්දු වෙන්න තිබුනා. කියන්න මතක නැති වුනා නේ. ට්‍රාන්ග් කියෙන්නේ සවුත් එන්ඩ් එක. ඉතින් සවුත් එන්ඩ් එකේ තියෙන හට් යායි, ක්‍රාබි, ෆුකෙට්, සුරත් තානි වගේ සිටි වලට පොඩි වෑන් බස් තියෙනවා. පැය දෙක තුනක ගමනකින් ඒ තැන් වලට ලගා වෙන් පුලුවන් කම තියෙනවා.  ට්‍රාන්ග් වල තියෙන පොඩි දූපත් වල ඉදන් ස්පීඩ්බෝට් පහසුකම තියෙනවා ක්‍රාබි සහ පුකෙට් වලට ගාස්තුව පොඩ්ඩක් වැඩියි. ඒත් ආයේ ගොඩබිම ඇවිත් ගොඩබිමත් ටවුමට ගිහින් වාත වෙනවාට වඩා කෙලින්ම දූපතේ ඉදන් ස්පීඩ්බෝ් එකෙන් ක්‍රාබි හෝ පුකෙට් යන එක හැම අතින්ම වාසියි.
නෙන්කායි හි කදිම පසුතලයක් 
මේ දේවල් කියන්න මතක් වෙන්නේ ඇනුනාම තමයි. ඒක එහෝම තමයි ඉතින්. එකපාරක් ගිය බුවෙක් ට අත්දැකීම් තියෙනවා. දැන් මට අයේ ඔය පැත්තෙ ගියොත් මේ ටුවරේ දවස් 10 බලපු ගතපු එක්ස්පීරියන්ස් ටික ඔක්කෝම දවස් 6කින් සම්පූර්ණයෙන් ගන්න පුලුවන් ලෙසට ප්ලෑනක් ගහලා. ඒක ඇවිල්ලා එක්ස්පිරියන්ස් එක. අපි වගේ රටවල අයට තියෙන ලොකු පස්නයක් නිවාඩු. මේ දවස් දහය අවදානම් මැදින් ප්ලෑන් අවුල් මැදින් ගියාට සුද්දන්ට මේ පස්න කිසිවක් නැහැ. උන් ට මාස ගන්න නිවාඩු දඩ බඩ ගාල අපිට වගේ දුවන්න ඕනි නැහැ. ඒත් මේම ප්ලෑන් අවුට් යන එකෙන් ලැබෙන එක්ස්පීරියන්ස් එක මාර වටිනවා. මම මේ සින් එකෙන් ගත් එක ආදර්ශයක් තමයි කොච්චර වාහන පහසුකම් ආදිය තිබුන්ත හරියට ඩිස්ටන්ස් එක ටයිම් එක බලන්න ඕනා. බලන් නැතුව කනා කෙලිනවා කියන්නේ ප්ලෑන් එක අල වෙලා නිකම් දවසක් දෙකක් නාස්ති වෙන්න පුලුවන්කම ලැබෙනවා. ඇත්තටම මගෙ කටුකන්න තියෙන අල්ටිමේට් හැකියාව නිසා කිසි අවුලක් නැහැ. ඒත් පැය 14ක් බස් එකේ ගිහින් ආයේ පැය 7කට බස් එකක් ගන්නවා කියන්නේ ඉතින් සාමාණ්‍ය කෙනේකට ටිකක් අමාරු වැඩක්.
බැංකොක් ප්‍රධාන බස් නැවතුම මෝ චිට් ගැන අදහසක්
මෝ චිට් බස්නැවතුමේ කොටසක් 
ඉන්දියන් පකයි උන්ගේ රට කනවා. කාල රීල විනාස කරලා තායි වගේ තැන්වලට ඇවිත් ඒ තියෙන පහසුකම් එක්ක උන්ට සෙට් වෙන්න බැරි වුනාම ඒ තැන් වලටත් බෑඩ් රිවිව් හලනවා. මෝ චිට් බස් නැවතුම ගැනත් ඉන්දියන් කාරයෝ කියලා තිබුන බයිලා. මේ තැන හරි කම්ප්ලෙක්ස් ය. හොයාගන්න අමාරුය අනන් මනන්. ඒත් මෝ චිට් කියන්නේ වෙල් ප්ලෑන් තැනක්මටහිතුන විදියට. මම ආ බස් එකේ හිටි සහායිකා කෙල්ලගෙන් ඇහුවා කොහෙද උදොන් වලට ටිකට් තියෙන්නෙ කියලා. කෙල්ල කිව්වා කවුන්ටරේකින් අහන්න ය කියලා. පහල කවුන්ටරේකින් ඇහුවම කිව්වා තුන්වෙනි තට්ටුවට යන්නය කියලා. තුන්වෙනි තට්ටුවට ගියාම උදොන් බස් එකේ ටිකට් කවුන්ටරය බබා වගේ තියෙනවා.
ඒ අය කිව්ව විදියට ඒ වෙලාවේ පිටත්වෙන්න තිබුනේ උදොන්බ ලා යන අවසාන  බස් එක. කලින් මම ගිය බස් තරම් සැප නම් නැහැ ලොවෙත්. ඒත් සාමාන්‍ය අපේ හයිවේ යනෝ වගේ හොද බස් එකක් තිබුනේ. තුන්සිය පනහයි බාත් ටිකට් එක. මෙතන පොඩි එරර් එකක් වුනා. මට ඇත්තටම නොන්කායි වලටම ගත්තා නම් වාසියි. එහෙනම් ඊට වඩා හොද බස් එකකුත්සෙට් වෙන්න තිබුනා. ඒත් කලබලේට මේන් සිටි එකට ගත්තා මිස නොන්කායි ගැන කම්පනා උනේ නැැහ. ඉතින් උදොන් වලට ගිහින් ඉන් පස්සේ නොන්කායි යන්න වුනා.
පහක් දාන සිංහයෙක් 
මේ විස්තර කියවන කොට වට්ට පකින් කට්ට කියලා හිතෙනවා ඇති. ඒත් එහෝම නැහැ ඉතින්. ඒ කවුන්ටරේ ලග උන්න මනුස්සයෙක් මට ටිකට් එක අරන් බස් එක නවත්වන තැනත් පෙන්නුවා. ඒ වගේම ඉන් පස්සේ බස් එකේ බුවෙක් ඇවිත් මාව බස් එකටම ඇරලුවා. බස් නැවතුමේ එතකොට වෙලාව රෑ 12යි. බස් නැවතුමේ ඒ උදොන් බස් එක තිබුන තැන පොඩි කඩයක්. හරියට ග්‍රොසරි සොප් එකක් වගේ. එතනින් කෑම එව්ව මෙව්ව ටිකක් අරන් කෑවා. ඒ රෑ දොලහට බස් නැවතුමේ ග්‍රොසරියේ උන්නෙ කෙල්ලො දෙන්නෙක්. එකියක් නම් මලක් කඩනවද කොහෙද? ඒ බස් නැවතුමේ කඩ කැල්ලේ උන් එකි හරි හුරතල්. මං පෙන්නුව දේවල් තෝරලා බේරලා සෝස් ගහලා දුන්නා.
දැන් ඊලග බස් එක තා විනාඩි ගානකින් පිටත්වෙනවා. ඊට කලින් කන්න එපායැ ඉතින්.
නොන්කායි හි අවුවේ වේලන සොසේජස් 
ඉ.තින් එදා රෑ විස්තරේ ඒම. බස් එකේ මම ලග ඉදිය ඩැල් එක මරුමුස් පෙනුම. ඒත් අහිංසකයෙක්. ගෑනි එක්ක සෙස් චැටක්ද කොහෙද දාන්න පොර මම නිදාගන්නවද කියලා හොදට බලාගෙන උන්නා. ඒ වගේ දේවලට බාදා කලොත් උප උපන් ජාති අපිට කෑලි සෙට් වෙන් නෑ. ඒ නිසා මම ඌ දාන සෙස් චැට් එකට එබෙන්නේ නැතුව හොද බබා වගේ නිදාගත්තා.
06 දවස
ඉසාන පලාත. ඉසාන් කියන්නේ තායිලන්තේ ඊසාන සහ නැගෙනහිර දිසාව. ඒ පලාත ලොකුයි. ඒ පලාතේ ප්‍රදානතම නගර , උබොන් රත්නචානි, කොන් කේන්, ලොයි, උදොන් තානි, නොන් කායි වගේ නම් වලින් හැදින්වෙනවා. මේ පලාතේ මම ගිය උදොන් වලට බැංකොක් වල ඉදන් කෝච්චියේන් යන්නත් හැකි. මේ උදොන් වල ඉදන් ලාඕසයට යන්නට හැකි. ලාඕස බෝඩරේ කෙලෝර තියෙන සිටිය තමයි නොන්කායි කියන්නේ. මේ පලාත් ශුෂ්ක පිටිසර පරිසරයක තමය ිතියෙන්නේ. ඒත්නොන්කායි වල මිනිස්සුන්ට අපේ කොළඹ උන්ටත් වඩා සල්ලි තියෙනවාද මන්දා. ටිකක් තේරුම් ගන්න අමාරුයි ඒ තත්වේ.
විහාරයක් ඉදිරියේ වූ ලක්ශණ සැරසිල්ලක් 
සාමාන්‍යෙයන් තායි ලන්තේ දුප්පත් මිනිස්සු නගරයට එන්නේ නැතුවද? නැත්තං දුප්පත් අය නැතුවද දන් නැහැ කොහොම වුනත් දුප්පතුන් මුන ගැහෙනවා අඩුයි. බාගෙදා ඒ මිනිස්සුන්ට කොහෙන්ද ඉතින් සංචාරක ස්ථාන බල බල අපිව හමුවෙන්න වෙලාවක්. උදේ ඉදන් රෑ වෙනකල් බාත් එකක් දෙකක් ගන්න වැඩ කරනවා ඇති.
මම කොන් කේන් ගැන දැනගෙන හිටියා. කොන් කේන් කියන්නේ ඉසාන් පලාතේ එඩියුකේශන් හබ් එක වගේ තැනක්. ම්ම්ම්.. සෙස් නේහ්..  එඩියුකේශන් හබ් කියන්නේ ඔය ටින්ඩර වලින් හෙම පේන බලලා කෙල්ලො හොයන උන්ට හොද ප්ලේස් තමයි. එඩියුකේශන් හබ් කිව්වම මේ පොඩි කැම්පස් කඩයක් දෙකක්නෙමෙයි විශාල දාස් ගන්න ළමෝ ඉන්න කැම්පස් ආදිය තියනවා. ඒවායේ ළමයි ඇවිත් දාස් ගනනින් ඉගෙන ගන්නවා. ඉතින් ඒ ළමයි අතර ගෑනු ලමයිතුත් ඉන්නවා. ඒ සමහර අයෙක් මසාජ් වල සහ වෙනත්සේවාවන් වල වැඩටත් යනවා.
මෙක දැක්කම පෙලක් අය හිතයි හද් දෙයියනේ ලෝකේ ට ගිය කල් ඉගෙනගන්න ලමයි නෙවද මේ මෙහෙම මෙහෙම කියලා. වයිඩ් මෙව්වා එකෙන් බැලුවාම තායි වල මසා ගෑනු ලමයෙක් කියන්නේ මම හිතන විදියට පහත් රස්සාවක් විදියට එහේදි හැදින්වෙන්නේ නැහැ. ඒ වගේමයි අසුවල් රක්ෂාව අමුවෙන්ම කලත් ඒ ගැනු කෙනා පහලකෙනෙක් විදියට සලක්නේ නැතුව ඇති ඒසමාජය. හොදටම දන්න විදියට හොටලෙකට ගිහින් තමුන්ගේ කාමරේට ගෑනු ලමයෙක් ගෙන්වා ගැනීම තායි වල සමහර සිටි වලදි මහා ලොකු මැජික්ස් එකක් නෙමෙයි. ඒ එන ගෑනු ලමය දිහා හොටලේ ඉන්න උන් වත් අවසේස තායි උන්වත් කන්න වගේ බලන් නැහැ.

ඒ වගේ පරිසරයක අපිට දැනෙනවා වගේ මහා බර සාර සැර දෙයක් විදියට තායි අයට සෙක්ස් ට්‍රේඩ් එක ෆිල් වෙන් නැහැ කියන එකයි මගේ පුද්ගලික හැගීම. ඔයාලට ඒක හෛම නොවෙන්න පුලුවන්.පස්නයක් නැහැ. අවුලක් නැහැ.
මීකොං ගග 

8 comments:

  1. ගුගල් මැප් එකෙන් ගිය ස්ථාන පාරවල් පෙන්නුවානම් මේ විස්තරේ තවත් ලස්සන වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හරි මචං ඊලග පෝස්ට් එකේ මම මැප් එක දැම්මා ..

      Delete
  2. මමත් යනවා....මට යන්න තියන ආසාව වැඩි වෙනවා ඔයාගේ පොස්ට් බලපුවහම

    ReplyDelete
    Replies
    1. එල තාමත් එයා ටිකට් ලාබයි..ගිහින් එත හැකි ලේසියෙන්.

      Delete
  3. එල! මාත් ඇවිද්දේ නම් නෑ ඒත් වික් එන්ඩ් වල චියන්ග් මයි, නකොන් පතොම් වගේ දිහා වලට කෝච්චියේ ගිහින් ඇවිත් තියෙනවා :)

    ReplyDelete
    Replies
    1. මම උතුරට සහ ඔයකියපු දිහාට ගියේ නැහැ..අයුත්තයා හෝ සුකෝතායි බලන්න ඌමනාව තිබුනා. ඒත් යන්න බැරි වුනා.ආයේ ගියොත් බලාගන්න ඕනි පැරණි සිද්ධස්ථාන ආදිය ටිකක්.

      Delete
  4. තායිලන්තය අපටත් වඩා බෞද්ධයන් ඉන්න රටක්. 95% විතර. ඔය ඇවිදින විට දැක්කද තුන්මං හන්දියක් ගානේ බුදු පිළිම හරි බෝගස් හරි තියෙනවා? පාර අයිනේ ඒ වගේ තියනවා මම දැක්කේ මහා බ්‍රහ්ම, ගණදෙවි පිළිම විතරයි.

    ReplyDelete
    Replies
    1. තායිලන්තයේ බෞද්ධයින් ඉන්නවා. අපිට වඩා මදක් වනෙස් ඇදහීම්..මම නම් ගිය පංසල් අපේ පංසල් වගේ.හංදි ගානේ පිලිම නම් නොන්කායි සහ මම ගිය පලාත් වල දැක්ක බවක් නම් මතක නැහැ.

      Delete