උදොන් දක්වා..
මම මහ රාත්තිරි බැංකොක් වලින් බස් එකට නැගලා ඊලග දවසේ උදේම උදොන් වලින් බැස්සා. බස් එකෙන් බහිද්දි උදේ දහය විතර වෙලා. මගදි ලොකු සයිස් වවුලෝ වගේ කුරුල්ලෝ ජාතියක් බාබකිවු කරලා පොලු වලගහන් අරන් ආවා. මම ගත්තේ නැහැ. මේක ඒසී බස් එකක් නගර අතර යන ලොකු බස් එකක්. ඒත් පාරයිනේ යන්න හිටපු මිනිස්සුත් දාගත්තා බස් එකට.
එක සීය කෙනෙක් පොඩි කටත් ඇරිච්ච පෝර මල්ලකුත් අරන් හිටියා. ඒ ගමන කොන්දොස්තර බුවා ඒ මල්ල එබුවා බස් එකේ ලැගේ්ජ් ස්පේස් එකට. සීයට නගින්න සපෝට් එකකුත් දුන්නා. බස් එක මගීන්ට සපෝටිව්. ඒ වගේම ඒ බස් එක මම හිතන්නේ මගින් අදුනනවාත් එක්ක. කතා බහ කර කර තමයි ගියේ.
මම උදොන් වලින් බැස්සාම ලැංවේජ් පස්න ඕසෙට. ඇත්තටම උදොන් ඉදන් නොන්කායි යන්නයි මට ඕනි වුනේ. නොන්කායි යන්න බස් තියෙනවා. ඒත් නොන්කායි යන්න පොඩි වෑන් එකක යන එක තමයි ලේසිම. මොකද නොන්කායි බස් නැවතුම තියෙන්නේ ටිකක් ඇතුලේ. මේන් රෝඩ් එක යන්නේ පාලම දිහාවට. පාලමෛන් එතෙර ලාඕසය තියෙන්නේ.
මම ටිකැටුත් අරන් නැග්ගාම මතක් වුනේ මොනවත් කෑවොත් බිව්වොත් හොදයි නේද කියලා. සාමාන්‍යයෙන් තායි වල හෙම කෑම වේල් බොහොම බර කෑම මස්ද? සෝස්ද? සුප්ද? නූඩ්ල්ස්ද බත්ද ආදී වශයෙන් ලොකු රේන්ජ් එකක් අපි කනවා. ඉතින් එහෙම බර කෑඹ වේල් දෙකක් දවසට කෑවත් ඇති වගේ. හරියට කෑවනම් බඩගිනි එන්නෙත් අඩුවෙන්.මල්ලත් වැන් එක ඇතුලෙන් තියාල වට පිට කඩේකට ගොඩ වුනා. ඒකේ ඇන්ටි පාරක් පොල්වතුර හෝ වෑවර වතුර වීදුරු වලට දානවා හෙමීට වෑවර කැලිත් එක්කම.
වෑවර කියන්නේ මේ වගේ වෙලාවට පට්ට පානයක් නෙව. වෑවර වලට කොළඹදි කුරුම්බා කියනවා. තැඹිලි වගේ ලපටි පොල් වතුර සහ ලොධ එක්ක කෑමට අපේ ගමේදි කියන්නේ වෑවර බීම වෑවර කෑම කියලා.ඒ ලොධ වලටත් කිය්නනෙත් වෑවරම තමයි. ඉතින් වෑවර වතුර ඩිංග ටිකක් විතර ගනන් බාත් විසිපහක් වෑවර වතුර ප්ලස් ලොද වලට. ඒත් ඉතින් ෆෙෂ්වට ප්ලාස්ටික් වීදුරුවට දාලා ඒකටම වෑවරත් දාලා ඉන් පස්සේ කූල් කරනවා. මෙහේ හැම රෙද්දම කූල් කරනවා. කොටින්ම මේ වෑවර පවා වටේ රැහැලා ඉන් ප්සසේ ඩී ෆ්රීසර් වල දානවා. ඉන් පස්සෙයි මුන් බොන්න ගන්නේ. මුන් මුන් කිව්වට ඇත්තටම තාය ිකාරයෝ කියන්නේ දෙයියෝ බුදුන් වගේ මිනිස්සු. හරි හිතහොද අය. විශේෂයෙන් සුද්දන්ට නැති අමුතු ඇගෑලුම් කමක් උන් අපි කෙරේ තියෙනවා.
බෑග් ටිකත් පටෝල ඔන්න කට්ටිය වෑන් එකට පිරුනා. මෙන්න දොන්ත පත සුද්දෙක් ආව ගැනිත් එක්ක. ගෑනිගේ පුකේ 69%ක් විතර තමයි සීට් එකේ හිටින්නේ. ඉතුරු ටික එලියේ. මේ අපේ රටේ තියෙනවා වගේම හයිරූෆ් හයිඑස් ඩුවල් ඒ සී වෑන්. සීට් 12ක්වගේ ඒත් සුද්දා සයිස් වැඩි නිසා අමාරුයි.
පොර බෑගුත් පටවලා වාඩිවෙන්න හැදුවාම ඉඩ නෑ. අපි වගේ ඉතින් අමාරුවෙන් පුක ලොඩ් කරගෙන කද ඇජස් කරගන්න වගේ ටික්ස් දාන්නෙත් නැහැ නේ. උන් සුද්දෝ නේ. ඒ පාර කොන්දා කිව්වා මට පස්සට ගිහින් බෑග්ස් දාන පොට් එකේ ලාවට වාඩිවෙන්න කියලා.ඇත්තටම කොන්දා බුවාට මතක නැතිවුනා මම විදේශිකයෙක් කියලා. පස්සේ වෙන තායි බුවෙක් ඒකදැනගෙන මට සීට් එක දෙන්න හැදුවා. ඒත් ඉතිං මොකෝ අපි මලෙන් උපන්නැ. මේ පැයේ ගමනට මොන කැටයම්ද? මම ඉදිය තැනම උන්නා.
හැබැයි සුද්දාට මම නැගිටලා සීට් එක දුන්න එක ගැන මාර අප්සට්. මම නැගිට්ටා විතරක් නෙමෙයි. ඌගේගෑනි ඌ ගාවින් යන්න ආස ඇතිය කියලා මගේලග උන්න එකත් නැගිට්ටා. සුද්දා කාරුණිකව පතික්ශේප කරලා ඒ වේසි ජනේලේ ගාව යන්න කැමතිය, ඔන්නොහෙ ජනේලේ ගාවම යද්දාවේ කියලා ඉංගිරිසියෙන් කිව්වා. සල්ලි දීල අපි ඔක්කොම එක ටිකට් එක ගන්නේ. මොකටද සුද්දට සීට් එක දෙන්නේ. ඇත්ත ඉතින්. ලොජික්්ස අනුව හරි. ඒත් ඉතින් මට ඒ කට්ට සුලු දෙයක් ඉතින් මම සුද්දට ඉඩ දීලා කොනේ ලගේජ් ස්පේස් කේ තිබ්බ හාෆ් සීට් කෑල්ලේ වාඩි වුනා.
ඇන්ටිලා ඉන්නවා නේද.ඒ ඇන්ටිලා කිය්නනේ ජාත්‍යන්තර ලකුණක්ද මන්දා. උන් ඉන්දියාවේ නේපාලේ විතරක් නෙමෙයි මේ තායිලන්තයේදිත් සෙට් වුනාම කච කචේ නවතින්නේ නැහැ. ඔහේ උන්ගේ බාසාවෙන් කතාව. ටිකක් පොස් වගේ කෙල්ල පාරක්නම් කොල්ලෙක් නම් පෝන් එකේ මූන. පෝන් එකට කලින් බිහිවෙච්චි ඇන්ටි පාරවල්වලට ඒවා අදාල නැහැ. ඔහේ රටේ විස්තර අනන් මනන් දොඩනවාද මන්දා කියෝනවා. මේ දන්නකියන අයත් නෙමේද මන්දා ඔහේ කතාව ඉතින්.
ගෙට් ඩාවුන්..නොන් කායි
නොන් කායි. මම ගිය සිටි වලින් තායි වල ආසම සිටි එක. බඩු නැහැ ලොකුවට බාර් නැහැ. බල්න්න කියලා එහෙමට දෙයක් නැහැ. ඒත් මොකක්දෝ සීන් එක්ක නිසා මම නොන්කායි වලට ආසයි. දේසගුනේ තනි හම්බන්තොට මඩකලපු පුත්තලම් පැත්ත වගේ. මිනිස්සු රෝස පාට. ගෑනු බටානා පලු වගේ ලස්සන.
නොන්කායි ආවා. මුලින්ම ඕනි උනේ මට ලැප්ටෝප එකට හරියන්න පින් තුනේ ප්ලග් එකක් ගන්න එක. මොකද ලැප්ටොප් එක ලොකු වැඩක් නොවුනත් ඒක අරං ආවා. ගෝ පෝ එකේ වීඩියෝ ටික ඇතුලට දාගන්න ඒක ඕනි වුනා. ඒ හැර ලැප්ටොපෙන් එච්චරම ලොකු වැඩක් උනෙත් නැහැ. ඊලගට (කොහෙ හරි යන්න වාසනාව ලැබුනෝත් ආයෙත්) ලැප්ටොප් අරන් යන්නේ නැහැ. සික්ස්ටි ෆෝ මෙම් එකක් අරන් පෝ්න් එකට අදිනවා ගෝ ප්‍රෝ මෙමරිය.
නොන් කායි බැහැලා ඔය සොකට් එක හොයාගත්තා. තායි රටේ තියෙන්නේ රවුන් කූරු දෙකේ පින් ගහන හිල් දෙකේ පෝට් එක. ලංකාවෙන් අරන් යන කොටු පින් සහ හිල් තුනේ ඒවා ඇතුල් කරන්න බැහැ. ඉතින් ලේසිම වැඩේ රවුන් ටූ පින් සපෝට් කරන සොකට් කෑල්ලක් ගන්න එක. ෆෝන් එක චාජ් කරගන්න හැකි වුනා මොකද රවුන් ටූ පින් එකක් තිබුනේ මගේ මොටරෝල ෆෝන් එකට.
ඒකත් අරං ටිකක් දුර ඇවිදලා ඇවිදලා කෑම කඩේකට ගියා. ඒක මරු එක්ස්පීරියන්ස් එක. කඩේ උන්ට ඉංගිරිසි යාන්තම් වත ්බැහැ. මුලින්ම කඩේ ඉදිය කවුන්ටරේ ඇන්ටිපාර මාවත් එක්ක පාර පැත්තට ආවා. ඇවිත් ඈත තියෙන කඩයක් පෙන්නලා ඒකේ කෑම මරු කියලා රගදක්වලා පෙන්නුවා. පෙන්නලා මට එතන්ට යන්න කියලා කිව්වා. ඇත්තටම ඒ කඩේ එ වේලේ කීප දෙනෙක්ක කා බිබී උන්නා. ඒත් ඉතින් යන්න පාරත් පෙන්නුවම නොයා කොහොම ඔන්න ගියා.
ගිහින් ඌරුමස් සැලඩ් එකක් එක්ක බත් ටිකක් කෑවා. මේ ඌරන් හරියට එක්සයිස් කරනවා. ගොඩක් මෙලකත් නැහැ කහපාට තෙල් කෑලිත් නැහැ. මෂ නම් මෂම තමයි ඉතින්. බත් එක කන තැනත් යන්තම් තමයි වැඩේ අල්ලා ගත්තේ . එතන හිටියා තුන්වෙනි ජෙන්ඩර ඩෑලක් බුවා ලොකු හෙල්ප් එකක් දුන්නා කෑම ගන්න.
පොර රූංකුටු ස්කූටි වගේ බයික් එකකින් ඇවිල්ලා තිබ්බේ. ටිකකින් පොර කෑම අරන් යන්න හදද්දි කඩේ අය මතක් කලාම පොරට මතක් වුනේ පොර ඉන්නේ හොටෙල් එකක කියලා. මගෙන් රූම්ස් ගන්නවාද ඇහුවා. පොරගේ රූම්ස් බාත් පන්සී්‍යක් කොලිටියට තියෙනවා කියල ඇඩ් එක දාල කිව්වා. මම මුලින් බෑ 200ටවගේ තමයි හොයන්නේ කිව්වා. ඒත් ආයේම මම අදහස වෙනස් කරලා හරි එහෙනම් මම කනකන් ඉන්න කිව්වා. පොර මට ටෙලිපෝන නම්බරය දීලා කාල මට මිස් එකක් ගහන්න කිව්වා.
කාල මම කතාකලා. බුවා ඇවිත ්මාව දාගෙන ගියා. ඇත්තටම මැක්සා ප්ලේස් එකක්. රිවර් එක ගාවම නෙමෙයි. ර්ත් රිවර් එකට බොහොම කිට්ටු හොද සැප පහසු කාමර බාත්රූම් තියෙන ප්ලේස් එකක්. කාමර විස්සක් විතර තියෙන පොඩි ප්ලේස් එකක්.
පොර ඉතින් මාව එක්කරං යද්දි ගෙස්ට් එකේ වැඩකරන සහ ඒ ෆැමිලි බුවාලට පුදුමයි. මොකද මිනිහා නිකං ගමරාල සිල් ගත්තා වගේ කන්න ගිහින ්කෑම අරන් එද්දි මෙන්න බොලෙ ගෙස්ට් කෙනෙකුත් උස්සන් එනවා. ගෙස්ට් එක සුප්පා වුනත් කාමර කිහිපයක විතරයි කට්ටිය උන්නේ. ඉතිරිවා නිකන්. ඒ නිසා එකපාර පහල වුනු මම ගැන හෝටලෙ අයිති ෆැමිලිය සතුටු වෙන්නට ඇති.
ඔබේ ලිපියට ස්තූතියි.විස්තර බැලුවහම තායි ගමනකට ආසා හිතෙනවා. හොඳ සංචාරක ආයතනයක් ගැන අදහසක් තියෙනවද?
ReplyDeleteමට ඒ ගැන නම් අදහසක් නැහැ. මම මේ සංචාරය කරන පලාත සාමාන්‍යයෙන් ලංකාවෙන් යන සංචාරකයින් ආවරණයකරන්නේ නැහැ. වැඩිපිරිසක් කැමති පලාතක් නෙමෙයි. තායි රට හරි ලොකුයි.ඇත්තටම ලංකාව වගේ ලේසියෙන් කවර් කරන්න අමාරුයි. ලංකාවෙන් සංචාර සංවිධානය කරන අය බොහෝවිට බහුතර ලාංකික පිරිස කැමතිදුවන පෙරහැරේ බලා කියාගන්නා ක්‍රමවලට තමයි සංචාර සංවිධාන කරනවා කියලා මට පෙනුනේ..
Deleteපිරිසක් යනවා නම් ඉතින් මේ මම ගිය පලාත් ටික නම් මට වුනත් පෙන්වන්න හැකි යම් සුලු අයකිරීමක් යටතේ.
Greeat post
ReplyDelete