Friday, September 13, 2019

පොලොන්නරුව බැලීම

පොලොන්නරුව බැලීම 

ලංකාවේ නටඹුන් නම් හැම තැනම වගේ හම්බෙලා තියෙනවා. ඒ අතර පොලොන්නරුව විශේෂ තැනක් ගන්නවා.පෙලොන්නරු නටමුන් ගොඩක් තාමත් හොදට ආරක්ෂා වෙලා තියෙනවා. පොලොන්නරුවට කොළඹ ඉදන් යන්න එන්නත් ටිකක් ලේසියි. ඉතින් අපි බලමු පොාලොන්නරුව බලන විදිහ ගැන. 

කෝච්චියෙ පොලොන්නරුවට 

කෝච්චිය
කොටුවෙන් යන වෙලාව
පොලොන්නරුවට 
උදයදේවී
06.05
12.30
පුලතිසි නගරාන්තර 
15.05
19.47
මීනගයා නරාන්තර 
19.00
01.34 (පසුදා) 
රාත්‍රී තැපැල් දුම්රිය
21.30
04.30 (පසුදා) 

මේ කෝච්චි වලින් කොටුවේ ඉදන් පොලොන්නරුවට යන්න පුලුවන්කම තියෙනවා.පොලොන්නරුවෙන් 03.45 (පුලතිසි), 8.28 (උදයදේවී), 19.44 (රාත්‍රී තැපැල්), 22.28 මීනගයා කියන කෝච්චි කොටුව දිහාට එනවා. මේවායෙන් පුලතිසි අලුත් කෝච්චිය විතරයි කෙලින්ම පොලොන්නරුවට ගිහින් පොලොන්නරුවෙන් එන්නේ. ඉතුරුවා මඩකලපුවේ යනවා සහ මඩකලපුවේ ඉදලා තමයි එන්නේ. 

ඉන්දියා පොයිය 

කොළඹ ඉදන් පොලොන්නරුවට තියෙන දුර කිලෝමීටර 227ක්. ඒ වුනාට ඒ දුර යන්න අපිට පැය 6ක් විතර ගත වෙනවා. කෝච්චි තිබුනත් කෝච්චියත් අඩුම වෙලාවකින් යන අලුත්ම ඉන්ටසිටියත් පැය  5කට ආසන්න කාලයක් ගන්නවා.අපි කාන්ඩයක් දිල්ලියේ ඉදන් අග්‍රා ගිහින් තජ් මහල් දවසින් බලලා ආවා 2015 දි. ඒ වෙද්දි දිල්ලි ඉදන් අග්‍රා වලට බස් එකේ ගියත් කෝච්චියේ ගියත් උදේ 5-6ට දිල්ලියෙන් ගිහින් අග්‍රා වලට උදේ 8 වෙද්දි යන්න පුලුවන් කම තිබුනා. ඒ කියන්නෙ දිල්ලි අග්‍රා කිලෝමීඨර දෙසීය පෑ දෙකෙන් විතර යන්න 2015දිත් පුලුවන් කම ලැබුනා.. අලුතින් පාරවල් හදන්න නම් සෑහෙන වියදමක් යනවා. ඒත් තියෙන කෝච්චිපාර ටිකක් වේගෙන් යන්න හැකි වෙන්න හදාගෙන හරියට ටයිම් එකට සෙට් වෙන්න කෝච්චි දැම්ම නම් ඉතින් අපිටත් පොලොන්නරු අනුරාධපුර යෑම කියන්නේ මහ බක්කක් නෙමෙයි.

බස් වලිනුත් පොලොන්නරු යන්න පුලුවන්. බස් එක සාමාන්‍යෙයන් පැය 6-7කින් පොලොන්නරුවට ළගා වෙනවා. ඔය පලාතට යන බස් ගොඩක් තියෙනව රෑට මඩකලපු කල්මුනේ දිහාට යන හොද සැප බස් වලිනුත් ගිහින් ඕනිනම් පොලොන්නරුවෙන් බැහැ ගන්න පුලුවන් කම තියෙනවා.  

සිද්ධස්තාන බැලීම 

පොලොන්නරුවේ කෝච්චි සහ බස් නවත්වන්නේ කදුරුවෙල කියන පොලොන්නරුව නව නගරය කිට්ටුව. පරණ පූජා නගරය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය අද්දර. කොළඹ ඉදන් බස් එකේ යනවා නම් කලින් පුජා භූමිය අහු වෙනවා. කෝච්චියේ ගියොත් පොලොන්නරුවෙන් බැහැලා ආයේම ස්ලෝ බස් එකක පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය දිහාට එන්න තමයි තියෙන්නේ. මම පොලොන්නරුවේ ගියේ මීනගයා සීඝ්‍රගාමී දුම්රියේ.

කොටුවෙන් බුකින් ඇහුවම අද රෑට තියෙනවා කිව්වා. මම හිතුවේ රෑ 9.30 එක කියලා.ඒත් තිබුනේ රෑ 7 ඉන්ටසිටි එක. 9.30ට බුකින් නැහැය කියල කිව්වා. ඒ ගමන මම රු 700ක් දීල ටිකට් ගත්තා.ටිකට් ගද්දි මඩකලපුවටම ටිකට් එක වදිනවා. මං ගිය කෝච්චිය පොලොන්නරුවට යද්දි පාන්දර 2 විතර වුනා. ආයෙම බැටිකලෝ දිහා ගිහින් එන්නත් හිතුනා. ඒත් ඉතින් ආවේ නටඹුන් බලන්න නේ. ඒ නිසා බලන්න ඕනි කියලා පොලොන්නරුවේම ඉදියා. 

පාන්දරම කඩවල් වහලා බස් නැවතුම ගාව විතරක් කඩවල් ඇරලා තිබුනා. ඒ කඩේකට ගොඩ වෙලා තේ වතුර හෙම බිව්වා. බීල ටිකක් ඉදලා පොලොන්නරුවට යන්න බස් එකක් ගන්න හිතුවා. පාන්දර බස් නැහැ. එන බසුත් නවත්වන්න බැහැය කිව්වා. ඒ පාර ඉතින් බස් 4-5කටම අතදාලා යන්තම් ඔන්න එකක නැග්ගා. ඒ නැග්ගට මොකද ඒකත් පොලොන්නරුව කියලා මාව ගෙනහින් බැස්සුවේ ඉස්පිරිතාල හරියේ. තව දුරයි. 

පුරාවස්තු ගාවට පාන්දරම 

පාන්දරම ඇහැරිලා පුරාවස්තු බලන්න යන්න තියෙන පිවිසුම ගාවට යන්න පටන් ගත්තා. පොලොන්නරු ඉස්පිරිතාලේ හරියෙන් හෝ පොල හන්දියෙන් බැස්සුව නිසා එතන ඉදන් පයින් යන්න ඕනි. එහොම යද්දි ඔන්න හංදියක් සෙට් වුනා. හංදිය ගාවදි ස්කූටි අයියෙක් නවත්තලා බැලුවා මං දිහා. අනේ ඒ බුවා රැවටිලා මම වෙන කෙනක්ය කියලා. ඒ ගමන මම ඇහුවා පරාක්‍රම සමුද්‍රය හරියට යනවාද කියලා. මම පුරාවස්තු බලන්න ඕනිය කියලාත් කිව්වා. ඒ පාර එතන්ට ගෙනල්ලා දැම්මා. ඇත්තටම පාන්දර හෝටලයක් බුක් කරගෙන නිදාගත්ත නම් හරි. ඒත් උදෙන්ම පුරාවස්තු බලන්න ඕනි අමුතු අමාරුවක් මට තිබුනා. කෝච්චි ස්ටේශන් එකේ කාබර තිබුනා. එකක් එක්දාස් දෙසියක් ද කොහෙද කිව්වා. පැය දෙකට මොන කාබරද කියලා එ වැඩෙත් අතෑරල දැම්මා. 

පරාක්‍රම සමුද්‍රය ගාව නිදාගැනීම 

පරාක්‍රම සමුද්‍රය ගාව තියෙනවා බයිසික්ල එහෙම රෙන්ට් කරන තැනක්. මම එතන්ට හිමිහිට ඇවිදන් ආවා. අර දීප උයන් එහෙම පහු කරගෙන. ඒ ඇවිල්ලා එතන බලද්දි බල්ලෙක් වත් නැහැ. එතකොටත් පාන්දර තුනහමාර හතර විතර ඇති වෙලාව. කරන්න දේකුත් නැහැ. පුරාවස්තු ටික අරිනකොට පාන්දරත් වෙයි නෙ. ඒ නිසා පරාක්‍රම සමුද්‍රය ගාව තියෙන පරණ ආදි කාලේ බැම්මක් උඩින් ඇල වුනා. අනේ සෝක් හුලං පාර. බස් වාහන යන සද්ද නිසා නින්ද නම් ගියේ නැහැ. ඒත් හොදට සනීපෙට උන්නා. ඒ එතනින් එහ පැත්තේ අලි වැට. අලි වැටෙන් එහා පරාක්‍රම සමුද්‍රය. 

එදා නිදාගත්තට මොකද පස්සේ පුරාවස්තු බලන්න ගියාම තමයි දැනගත්තේ ඒ කලින්දා රෑ ඔය ලගපාතින්ම වැට කඩාගෙන අලි ඇවිල්ල තිබුනා. අලි ඇවිල්ලා තියෙනවා ස්කෝල ලමයි වගයක් දැකල තිබුනා.හොද වෙලාවට මම නිදාගත්ත බැමි කෑලි තිබුන හරියට නම් අලි ඇවිල්ල තිබුන් නැහැ. 

නිශ්ශංක රාජ සබාව දිප උයන 

උදෙන්ම නැගිටලා වටපිට ටිකක් ඇවිදිනකොට පාරක් පෙනුනා. ඒ ගමන ඒකේ ඇවිදන් යද්දි නිශ්ශංක රාජ සභාව තිබුනා. ඒ හරිය ටිකක් බැලුවා. බලලා උදේ හත හමාරට විතර නටඹුන් බලන්න ගියා. නටඹුන් ගැන විස්තර මම පස්සේ හිමිහිට හිමිහිට පිංතුර එක්ක දාන්නයි ඉන්නේ. ඉතින් නටඹුන් ටික මුලින්ම පරාක්‍රම රාජ මාලිගෙන් පටන් අරගෙන අවසානේට පරාක්‍රමබාහු රජතුමා පැපොල් කන එක දක්වා බැලුවා. මුල් ටික ඒ කිව්වේ පුරාවිද්‍යා උයන ඇතුලේ ටික මම පැයහතරකින් විතර බලලා පොටෝ ගහල ඉවර වුනා. 

පාන්දර ගිය නිසා වුන වාසි 

පාන්දර ගිය නිසා කවුරුවත් නැහැ වැඩිය.පොටෝ වල ක්‍රොස් වෙන්න බුවාල නැහැ. වීඩියෝ එකට හොම්බ දාන්න ගෑනු නැහැ. හරිම ලස්සනට බැලුවා. ඒ වගේම සෙරප්පු ගලවලා යන්න තියෙන තැන් වලටත් උදෙන්ම ගියාම කිසිම අවුල්ක නැතුව යන්න පුලුවන් කම ලැබුනා. දවල් වෙලා එහෙම සෑ මලු, පිළිම ගෙවල් වලට යන්න උන්න නම් කකුල් එපා කියලා තමයි ඒ තැන් වලට යන්න වෙන්නේ. කොටින්ම පොලොන්නරුව බලන්න ආපු සුද්දෝ එන්නෙත් ටික්ක පරක්කු වෙලා මේ තැනට..ඒ නිසා උදෙන් ගිය එකෙ ලොකු චාන්ස් එකක් තිබුනා. ඒ වගේම නටඹුන් බලලා අහක් වෙල නාලත් ඔක්කොම කරලා මට හවස එකහමාර දෙක වෙද්දි කොළඹට එන්න පිටත්වෙන්න පුලුවන්කම ලැබුනා. 

පැරකුම් පිළිමය සහ නෑම 

මම නටඹුන් බලන්න ගියේ බයිසිකල් එක්ක අරගෙන. බයිසිකල් එක දවසටම රුපියල් තුන්සියයි. ඒ ගාන්ට හරි ලාබයි. පොලොන්නරුවේ කරවෙන අව්වේ බයිසිකල් පැදීම ටිකක් අමාරුයි. ඇරත් පූජාභූමියේ හැමතැනම අලුත් ගල් අල්ලලා ඒ ගඩොල් වගේ ගල් උඩින් බයිසිකල් එක පැදෙනවා හොරයි. හොද පාරක් තිබුන නම් සං සං ගාල බයිසිකල් එක විදිනවා. නටඹුන් සෙට් එක දොලහට විතර බලලා ඉවර වුනා. ඊලගට පරාක්‍රම සමුද්‍රය දිහාට යන්න තමයි තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රය කොනක පරාක්‍රමබාහු රජතුමා පැපොල් කෑල්ලක් අතේ තියන් ඉන්න පිළිමය තියේ. ඒ පිළිමය බලලා එද්දි සෙට් එක්ක නානවා හෝ ගාලා. ඒ පාර මාත් නාන්න සෙට් වුනා. 

සරම නැතුව නෑම 

සරමක් නැතුව කලිසම් තමයි මම අරං ගියේ. නාන කලිසමකුත් තිබුනා ඩිංගක් හිරයි. හිර වැඩි කමට තෙමුනාම ජුන්ඩත් පේන්න ගන්නවා. ඔයින් මෙයින් මම දැන් නාන්න ගියාට සරම නැහැ නේ. ඒ ගමන සරමක් ඉල්ල ගත්තා ආපෙු සෙට් එකෙන් සරම අරගෙන නාන කලිසම මාරු කරගෙන නෑවා. 

ඇත්තටම පොලොන්නරුව මේ දවස්වල ගිරිස්මයි. පරාක්‍රම සමුද්‍රෙය්ත් වතුර බොහොම අඩුයි. ඉතින් ඒ නාල කියල අහක් වෙලා ආයේ බයිසිකල රෙන්ට ්කරන තැනට ඇවිල්ලා බයිසිකල් එකත් බාරදීලා මම එතනින්ම බස් එකක නැගලා ආවා. දීප උයන කියලඅ ලුත් එක්ක හදලා තියේ. පරණ දිප උයන ගාවින්ම. ඒකට ගිහින් කෑම කෑවා. කෑම පාර්සල් එකක් එලියෙන් අරගෙන ගියේ. උදේ 6ට විතර පටන් ගත් වැඩේ හවස 1.30 වෙද්දි ඉවර වුනා. ලගපාත තිබුන නටඹුන් හැම එකක්ම වගේ බැලුවා. බයිසිකල් එකෙන් ගිය නිසා ටිකක් මහන්සි. ඒත් ඉතින් එද්දිත් බස් වල සීට් තිබුනා. 

දවසකින් හොද ෆන් එකක් අරගෙන නටඹුන් ඔක්කොමත් බලාල ආවා. ඉරිදා දවසක හවස කියලා බස් වල ලොකු සෙනගක් උන් නැහැ සාමාන්‍ය විදියම තමයි. 
පබළු වෙහෙර 

අංක2 ශිව දේවාලය

මොකද්ද කියල මතක නැති නටඹුමක්

රන්කොත් වෙහෙර 

බිමටාපු දඩුලේනෙක් 

ලංකාතිලකේ කැටයම් 

නිශ්ශංක සෙල් ලිපියේ කැටයම් 

13 comments:

  1. විස්තරයට බොහොම ස්තුතියි

    ReplyDelete
  2. මේ සම්පුර්ණ ගමනට එක් අයෙක්ට කොපමණ මුදලක් වැය උනාද අමිල?

    ReplyDelete
    Replies
    1. යන්න මීනගයා ටිකැට් එක -700
      බයිසිකල් එකට -300
      කෑම බීම ආදියට -300
      එන්න බස් ටිකට් එක -400

      දවසට මට 1700/=

      Delete
  3. සමහර තැන් වලට යද්දී බයිසිකලය නවත්වලා පයින් යන්න වෙනවා නේ.කවුරුත් බයිසිකල් හොරකම් කරන්නේ එහෙම නෑ නේ.

    ReplyDelete
    Replies
    1. අපෝ නැහැ.බයිිසකල් වල ලොක් තිබුනෙත් නැහැ..මම හිතන්නේ හොරකම් අඩු ඇති.

      Delete
  4. ශ්‍රී රාජා
    සම්බුද්ධ රාජා
    මහින්ද රාජා
    අපගේ රාජා

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇට දෙක.
    අමිල චතුරංග මැතිතුමාගේ යටි බඩ.
    මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ලංකට් එක
    රසික සූරියආරච්චි මැතිතුමාගේ පුක.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ තාම ඉන්නවා නේද? එල එල..

      Delete
  5. මේක හොඳ ලිපියක්! සුපිරි!! මෙන්න මගේ මුද්‍රාව - එළ!

    ReplyDelete
  6. හැමදාම වගේ කියන්න ඕනම දේ මතක් වෙන්නේ අන්තිමටත් පස්සෙ. මොන සමුද්‍රේ නාන්න ගියත් කමක් නෑ පුරුද්දට - අත පාලුවට වගේ නයිලෝන් ලනු මීටර 10 ක් 15 ක් ගෙනියන්න අමතක කරණ්න එපා. මොකද යනකොට කෝච්චියට ගත්තු ටිකට් ගානම එන කොටත් ගන්න පුළුවන් උනාම තමයි වටිනාකම!

    ReplyDelete
    Replies
    1. එතැන නාන්න කියල වේනකරපු තැනක්.. ජීවිතාරක්ෂක කුටියකුත් තිබුනා බන්ට් එක උඩ..

      Delete
  7. මේකනං අගේ ඇති වැඩක්. ඇත්තටම ඔය බයිසිකලේ ගෙනියනව වගේ ආපහු ගේන්න ඉතුරු වෙනවද? මොකද සමහර ඒව ඇතුලට බයිසිකලෙන් යන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ තියෙන පුරාවස්තුව ගාවටම යන්න පුලුවන්..ඉතින් ඇතුලටම යන්න බැහැ..ඒත් ඉතින් ලගටම යන්න පුලුවන් එක වාසියක්. නෙළුම් පොකුණ දෙමළ මහා චෛත්‍ය පාර අලුතින් හදනවා..ඒ නිසා කාර් වලට යන්න බැරුව කට්ටිය පයින්ම ගියා..මං සුං ගාල බයිසිකල් එකෙන් ගිහින් ඒ තැන් වලටම ගිහින් බැලුවා.

      Delete