Monday, December 13, 2021

ඊලග අවුරුද්දට ගැම්මෙන් ඉස්කෝලෙ යන්න දැන් තියෙන තැන

අපි යාලුවෝ කාන්ඩේ මුලින්ම හිතුවේ ළමයිට සුදු රෙදි අරං ස්කෝල ඇදුම් මහලා දෙන්න. ඒත් ළමයිට කොහොමත් රෙදි පෙරදි ලැබෙනවා නෙ. ඒ නිසා අපි හිතුවා දරුවන්ට ඕනි කරන බඩු බාහිරාදිය ටිකක් දෙන්න. ඉතින් මේකට අපි පාසැල් හෙව්වා. එකක් සෙට් වුනා කොත්මලේ දිහා. අනික දඹුල්ල අද්‍යාපන කලාපයේ. ඉන් පස්සේ තමයි මේ දෙහිඕවිට පාසැල සෙට් වුනේ. දෙහිඕවිට කෑගල්ල පැත්තේ. ලොකු දුරකුත්නෙමෙයි. ඇරත් අපේ බජට් එකත් පොඩි වගේ නිසා ලගපාත ඒක තෝරගත්තා. 


පලවෙනි සතියේ අපි දැන්වීමක් ගහලා පේජ් එකක් ඇරලා පටන් ගත්තට මොකද සත පහක් වැටුනේ නැහැ. ඒ පාර අපිට තේරුනා කරන්නගත්ත වැඩේ බරපතල කම. ඒ ගමන අපි කලේ ළමයි ප්‍රමාණය අඩු කලා ඒ කිව්වේ අපි ළමයි 152ක් ඕලෙවල් පන්තිය දක්වා ඉගෙනගන්න පාසැලෙන් ප්‍රාථමික ළමයි විතරක් තෝරලා බඩු දෙන්න කියලා හිතුවා. ඒක කිව්වා ට්විටර් එකේ. ඉන් පස්සේ නම් අපිට ආධාර ගලා එන්න ගත්තා. ඉතින ්දැන් තියෙන තත්වය ගැන යම් පලකිරිමක් කරන්න ඕනිය කියලා හිතුවා. 


සතියකට පස්සේ අපි ඉන්න තැන ගැන සතුටුයි. අපට දැනට ලක්ෂයක විතර ආධාර උපකාර කෙලින්ම ලැබිලා තියෙනවා. ඉතින් අපිට ලැබෙන දායකත්වය එක්ක මුලු පාසැලේ සියලුම 1-11 දරුවන් 152ටම  අවශ්‍ය සියලු බඩු දෙන්න බැහැය කියලා අපි හිතුවා. අනික අපි ඔක්කම දෙනවා කියලා පොරොන්දු වෙලා ඒක දෙන්න බැරි වුනොත්. ඒ නොලැබෙන දරුවන්ට එයින් හිතට යම් අප්සැට් එකක් එන්නත් පුලුවන්.  එ ්නිසා මූලිකව 1-5 වසර දරුවන්ට අවශය සියලුම බඩු දෙන්න ඕනි කියලා අපි හිතුවා. 


ඒ අනුව මුලින්ම 1-5 පොඩ්ඩන්ට බඩු ටික මිලදී ගන්න වැඩේ පටන් ගත්තා.  අපි පිටකොටුව පීපල්ස් පාක් එකේ  සුරස පබ්ලිශර් වෙතින් කොටේශන් ලබාගත්තා. දෙහිඕවිට පලාතේ මේ කියන කනිෂ්ඨ විද්‍යාලයේ ඉන්න ප්‍රාථමික පන්තිවල දරුවන් 67 දෙනාට අවශය බඩු වලට වියදම හැට එක්දාස් නමසිය දහතුනක් විදිහට කොටේශන් ඇවිත් තියෙනවා. 


දැනට අපි 1-5 දරුවන්ට දෙන දේවල් 


පාසැලේ ලැයිස්තුවට අදාල සියලු පොත් 

පැන්සල්

මකන 

අඩිකෝදුව

දෙපැත්ත අරින්න පුලුවන් පැන්සල් පෙට්ටිය 

කූරු 24 පාට පෙට්ටිය


ඉතින් මේ ටිකට තමයි 61913ක මුදලක් වියදම් වෙන්නේ. 


මේ ප්‍රාථමික දරුවන්ට  අවශ්‍ය බෑග් ටික ( එකතුව බෑග් 67ක් )  අරං දෙන්නත් එක සහෝදරයෙක් විශාල මුදලකින් දායක වෙනබව කිව්වා. ඒක අපිට ලොකු අස්වැසිල්ලක් වුනා. මොකද පොත් බෑගයක් කියන්නේ මේ කාලේ ටිකක් මිල අධික දෙයක්. සහ ඒ පලාතේ දුෂ්කර තත්වයක ජීවත් වෙන දෙමාපියන්ට ඒක ටිකක් ලොකු අභියෝගයක්. 


ඉතින් මීට අමතරව පාසැලේ ලොකු පන්තිවල ඒ කිව්වේ 9-10-11 පන්තිවලට අවශ්‍ය විද්‍යාගාර බඩු සහ අදාල සිරුරේ පද්ධති ආදියේ වර්ණවත් ආකර්ශනීය පෝස්ටර් දෙන්න සොයුරෙක් ඉදිරිපත් වුනා. ඔහු ඒවා මිලදී ගෙන නුදුරු දිනයකදීම පාසැලට ඒවා කෙලින්ම ලැබෙන්නට සලස්වන බව කිව්වා. 


මේ දවස්වල මේ වාගේ දුරබැහැර පාසල් වල පවා දරුවන්ට අන්තර්ජාල පහසුකම හුරු නිසා ඔන්ලයින් කියන්නේ මැජික් නෙමෙයි. ඉතින් තමුන්ගේ පාසැල දුප්පත් එකක් බව සදහන් කරලා ඒකේ තමුන්ට ආධාර එකතු කරන බව ආරංචි වීම එච්චරම හොද ආරංචියක් වෙන එකක් නැහැ. ඒ නිසා අපි පාසැලේ නම සදහන් නොකර වැඩේ කරන්නට තීරණය කලා. 


මේ බඩු බෙදනකොට අපි ඒකට කිසිම උථ්සව අවස්තාවක් තියන්නේ නැතුව පාසැල් පැවැත්වෙන දිනක ගිහින් එයාල ඉගනගන්න පන්තිවලටම ගිහින් එයාලට අදාල බඩු ලබාදෙන්න තමයි හිතාගෙන ඉන්නේ. 


මේ කාලේ අපි හැමෝටම ටිකක් නෙමෙයි ගොඩක් අමාරු කාලයක්. ඒ එක්ක අපි වැඩියම අපේ යාලුවන්ටවත් කරදර කරන්න ගියේ නැහැ. ඒත් මේ ලැබුන දායකත්වය ගැන ඇත්තටම අපි සතුටට පත් වෙනවා. අපිට දැනටම ඉතිරි මුදලක් තියෙනවා. ඒ වගේම අපිට තවත් ආධාර උපකාර ලැබෙන්නත් තියෙනවා. ඉතින් ඒ මුදල් ලැබුනහම අපිට 6-7-8 පන්ති වල සිසුන්ටත් සැලකිය යුතු දෙයක් කරන්න පුලුවන් වෙයි. 


අපි පොත් පත් මිලදී ගන්නට අදහස් කලේ පිටකොටුව පීපල්ස් පාක් එකේ තියෙන අඩුම මිල ගනන් යටතේ. ඒ වගේම බෑග්ස් මිලදී ගන්නට අදහස් කලේ ශෆා බෑග්ස් කියන IDH කොටිකාවත්ත පාරේ බෑග් දහස් ගනන් තොග නිපදවන බෑග්ස් නිෂ්පාදනාගාරයකින්. ඉතින් අපිට මුදල් දුන්න අයට වඩාත් සාධාරනයක් වෙන්න ඔවුන්ගේ මුදලින් උපරිමය කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. 


මේ මාසේ 25 වෙද්දි ආධාර වැඩ නවත්වලා මේ මාසේ අන්තිමට හෝ ලබන මාසයේ මුල වගේ දරුවන්ගේ අතට බඩුටික දෙන්න තමයි අපි සැලසුම් කරගෙන ඉන්නේ. ඇතැම් අයට මාසේ අන්තිම  වැටුප් එනකල් ඉන්න කියලා දැඩි ඉල්ලීමක් කලා. ඒ වගේම දෙසැම්බර් අවසානයේ සතියක ලැබෙන්නට නියමිත පාසල් නිවාඩුකුත් යෙනවා. ඒ නිසා තමයි මේ  කාල සීමා අපිට තෝරාගන්නට වුනේ. 


අපි පුද්ගලිකව හොදටම දන්න උධවියට වුනත් කෙලින්ම කතා කරලා මුදල් ඉල්ලන්න ගියේ නම් නැහැ. මොකද මෙ  කාලේ තියෙන විය හියදම් ආදිය වැඩියි. ඇත්තටම අපි දන්න කියන උදවියට වඩා නොදන්නා උදවිය ගොඩ දෙනෙක් මේ සත්කාරය දායක වුනා. 


ඉතින් අපේ වැඩේට දායක වෙන්න කැමති උදවිය ඉන්නවා නම් තවමත් අවස්තාවක් තියෙනවා. 


මගේ ට්විටර් හැඩල් එක. 

Amila Chathuranga (@indika27) / Twitter


ෆේස්බුක් එක. 

(3) Facebook


දුරකතන අංකය : +94719853239 



මේ පිංතුරයේ ඉන්නේ නම් ඒ පාසැලේ දරුවෝ නෙමෙයි ලෝ පතල යුනසෙෆ් අඩවියේ ලංකාවේ දරුවන් ගැන තිබුන බොහොම පොදුවේ සැරිසරන පිංතුර කිහිපයක් තමයි අපි මේ දැන්වීම් වලට ගත්තේ.

11 comments:

  1. කෑගල්ල දිස්ත්‍රික්කයේ එළියට නොපෙනන ඇතුලෙ සමහර ගම් වල ඉස්කෝල වලතත්වය අන්තිමයි. කිතුල්ගලත් තියේ බෙලිලෙනෙන් උඩහට වෙන්න ඉස්කෝලයක්. පව්.. උං දහ දුකක් විඳින්නෙ ඉගන ගන්න. අනික හුගක් ඉස්කෝල වැහීගෙන යන්නෙ. අමිලලගෙ වැඩේ ගැන අප්‍රමාණ සන්තෝසයි. ❤️❤️❤️

    ReplyDelete
    Replies
    1. අපි කියන්නේ නෑ මේ දෙන ආධාර වලින් හැමෝම දිරිමත් වෙලා ඉගෙනගනී කියල. ඒත් ටික දෙනෙක්ට හරි ලෝකය දකින්න ඉගෙනගන්න මේ ආධාර උපකාර හේතු වේවි. කියල හිතනවා.

      Delete
  2. අපිට පුකද හුත්තෝ කොහෙවත් ඉන්න පොඩි වේසිගේ පුතාලට වියදම් කරන්න? මේ වගේ අඩු කුලේ කළු කැත හිගන පොන්නලු මැරිලා යන එක තමයි හොද.

    ReplyDelete
    Replies
    1. මේ ආධාර දෙන වැඩට හැමෝම කැමති නෑ. ඒ නිසයි අපි කාටවත් පොඩි හරි බලපෑමක් නොකර මේ වැඩේ කරන්න හිතුවේ.. මම හිතන විදියට අපි කැමති වුනත් අකමැති වුනත් අපි නාදුනන මිනිස්සු අපි වෙනුවෙන් අපේ අධ්‍යාපනය වෙනුවෙන් සල්ලි වියදම් කරලා තියෙනවා. ඉතිං ඒ නිසා අපේ වගකීමක් තියෙනවා අපිට වඩා දුප්පත් අයගෙ අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් පෙනී ඉන්න.

      Delete
    2. අංගොඩ පිහිටා තිබෙනවා ලංකාවේ මානසික රෝගවලට ප්‍රතිකාර කරන රෝහල පැය 24 පුරාම විවෘතයි ඔබතුමා මේ වගේ නින්දිත ප්‍රකාශය ඇත්තට කිව්වත් අවුස්සන්න හිතාගෙන කිව්වත් ඔය දෙකම මානසික රෝගියෙක් තුලින් දකින්න ලැබෙන පොදු ලක්ෂණ ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා වහාම ගිහින් වෛද්‍ය සායනයකට යොමු වෙන්න කියලා

      Delete
    3. #AnonymousDecember 14, 2021 at 4:10 AM

      මහත්තයා අංගොඩ ද ඉන්නේ?

      Delete
  3. මිනිසාගේ පරම යුතුකම මිනිසාට, සොබාදහමට සේවය කිරීමයි. ඔබගේ මේ උත්සාහය සාර්තක වේවා කියා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  4. අමිල, මේ වගේම සද්ක්‍රියාවක් කරණවා "රෝද දෙකෙන් අකුරු අරන්" කියලා "රෝද දෙකේ රස්තියාදුව" කරණ මද්දා මූලිකව!

    ReplyDelete
  5. ශ්‍රී රාජා
    සම්බුද්ධ රාජා
    මහින්ද රාජා
    අපගේ රාජා

    මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඇට දෙක.
    අමිල චතුරංග මැතිතුමාගේ යටි බඩ.
    මයිත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ලංකට් එක
    රසික සූරියආරච්චි මැතිතුමාගේ පුක.

    ReplyDelete
  6. මම ගත්තා ටෙලස්කෝප් එකක්. එළකිරි ඩොට් කොම් එකේ ඇඩ්මින් රංග තේනුවර(GTRZ) එක්ක තමයි ඉස්සෙල්ලම තරු බැලුවේ. ඊයේ හවසත් අපි දෙන්න නෝර්වීජියානු සැමන් ෆිලට් එක්ක ගොට් චීස් කන ගමන් බියර් බිව්වා.

    මේ පහලින් තියෙන්නේ මගේ එකේ පින්තුරයක්.

    -මහේෂ් වලතර(Scurvy)

    මෙතනින් බලන්න

    ReplyDelete
  7. රෂිනිට දිව දාන්න ආසයි

    ReplyDelete