Friday, October 25, 2024
චොන්ග් මෙක් වලින් ලාඕසයට
අපි ලාඕසයට ඇතුල් වෙන්න යන්නේ ලෑන්ඩ් බෝඩර් එකකින්. ඒ බෝඩර් එක තමයි ලාඕස් සහ තායිලන්ඩ් අතර තියෙන එකම ලෑන්ඩ් ොබ්ඩ්ර් එක. අනික්වා ඔක්කම ඇවිල්ලා පාලමකින් වෙන් වෙන මීකොන් නදිය හරහා තියෙන බෝඩර්. ඉතින් මේ බෝඩරයේ චොන්ග් මෙක් කියන තැනට තමයි අපේ තායි පැත්තෙන් ගත්ත ශෙයාඩ් ටැක්සිය යන්නේ. එතනින් එහා ලාඕ පැත්ත හදුන්වන්නේ වන් ටාඕ යන නමින්.
අපි ඉතින් වෑන් එකට නැග්ගට හරියටම දැනගෙන හිටියේ නෑ මේක බෝඩරේ පැනලා පක්සේ නගරයටම යයිද? එහෙම නැත්තං බෝඩරේට විතරයිද කියලා. අපි පැයක් විතර වෑන් එකේ නින්දේ අඩනින්දේ ඇවිත් ඒ නැවැත්තුව චොන්ග් මෙක් තායි පැත්තේ නැවතුම්පොලෙන් ඔක්කමලා බහිනකොට අපිලත් බැස්සා. බැහැලා ටිකක් වැඩි ගානක් දීලා පොඩි ටැක්සියක බෝඩර් චෙක් පොයින්ට් එකට ගියා. සාමාන්‍යයෙන් මේ ආසියානු රටවල ලෑන්ඩ් බෝඩර් දෙපැතතේ සහ ඇතුලේ ඕවර්චාජ් කරන ටැක්සි කියන්නේ සාමාන්‍ය සීනමක්. ඉතින් අපි ඔන්න ඔහේ ඇවිත් තායි බෝඩරෙන් ලාඕස පැත්තට එලියට ආවා. ඇවිත් පයින් ඇවිදගෙන ලාඕ බෝඩරයට ගියා. කලින් කියවලා තිබුන විදිහටම ලාඕ බෝඩරයෙදි අපිලට වීසා වලට ඩොලර් වලින් තමයි ගෙවන්න වුනේ. ඒ වගේම පොටෝ වෙනුවෙනුත් තව ගානක් දෙන්න වුනා. ඒ පොටෝ සීන් එක අපි කලින් දැනගෙන උන්නේ නෑ. පොටෝ එකක් වෙනුවෙන් බාත් සීයක් ආසන්නව රුපියල් නවසීයක් විතර අපිට දෙන්න වුනා. ශ්‍රී ලංකන් අයට ලාඕස් වලට ඔන් අරයිවල් වීසා ගහනවා. වීසා ෆ්‍රී එක ඩොලර් 40යි. ඒක ඩොලර් වලින් ගෙවන එක වාසිය තායිබාත් වලින් ගෙවන්න ගියොත් ගාන වැඩිය කියල මම කියවලා තිබුනා. ඉතින් ඒ විදිහටම සිද්ද වුනා.
බෝඩර් එක ක්‍රොස් කරන එක කෙලින්ම උබොන් සිට පක්සේ පස් එකෙන් ඇවිත් කරගත්ත නම් ලේසියි. අපි එලියට එද්දිම බස් එක තියෙනවා. ඒත් අපිලට බස් එක මිස් වුනා නේ. ඒ නිසා අපිට මෙහෙම ටිකක් වාත වෙන්න සිද්ද වුනා.
අපි ලාඕ පැත්තට එන්න හදනකොටම වගේ ටැක්සි බුවෙක් අපි පස්සෙන් වැටුනා. මිනිහා පස්සෙන් වැටිලා පක්සේ වලට බාත් දෙසීයයි කියන්නේ තායි බෝඩරේ ඉදලා. මට මිනිහව ඇල්ලුවේ නෑ. නෝ තෑන්ස් කියල නිකා හිටියා. ඉන් පස්සේ ටිකක් ඇවිදගෙන ගියා ලාඕ පැත්තට.
අපිට ඉක්මනින් උවමනා වෙයිද කියලා බාත් ටිකක් ලාඕ කිප් වලට මාරු කලා. ලාඕ කිප් කියන්නේ ලක්ෂ ගනන් මිලියන ගනන් වලින් සල්ලි ගනන් කියවෙන මුදල් ඒකකයක්. ඩොලර් එකකට ලාඕ කීප් 24000ක් ලැබෙනවා. ඉතින් අපි බාත් දෙදාහක් විතර බෝඩර එකෙන්ම මාරු කරගත්තා. කරගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.
ටසිරි වාහන යන්නේ අනික් පැත්තෙන්. ඩයිවර්ලත් අනික් පැත්තෙන්. අපේ රටේ ඩයිවර් සීට් තියෙන පැතතේ නෙමෙයි ලාඕස් වල ඩයිවර් සීට් තියෙන්නේ. ඉතින් ඒ ජාතියේ එක්ස්පීරියන්ස් එකක් මට ඔය ලැබුනමයි. ටිකක් එහට්ට ගිහින් තව කීප තැනකින්ම ඇහුවා. එත් පක්සේ සිටි එකට ශෙයාඩ් ටැක්සි ගාස්තුව බාත් දෙසීයම තමයි. ඒ ගමන අපි එක වෑන් කාරයෙක්ට අහුවුනා.
ලාඔස් රටට ආවා විතරයි ඒ බෝඩරයේ පයින් යන්න පුලුවන් කිට්ටුවම තිබුනා තඩි පන්සලක්. ඒ පන්සල රත්තරන් පාටින් වැඩ දාපු විචිත්‍රවත් පන්සලක්. ඒකට ඒ පැත්තේ මහානායක වහන්සේ නමක්ද මන්දා වැඩලා තිබුනා. එ ඒනිසාද කොහෙද පොලිසිය හමුදාව එහෙමත් හිටියා.
ඒ ළග මාකට් එකේ බියර් තිබුනා. බියර් හරි ලාබයි. ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙසිය පනහකට විතර එහේ මිලිලීටර් 500 බියර් කෑන් එකක් ගන්න පුලුවන්. ස්ට්‍රොන් බියර් නම් දැක්කේ නෑ. ලාගර් තමයි වැඩි..
ඔහොම ඉතින් බියර් එකකුත් ගහලා අපි වන්ග් ටාඕ බෝඩරයේ සිට පක්සේ නගරයට යන්න පිටත් වුනා. මේ පලාතේ ගහකොල සතා සීපාවා ඔක්කොම ලංකාවේ වගේ. කිසි වෙනසක් නෑ. ඒත් ගෘහ නිර්මාණශිල්පය වෙනස්. ඝෑනු ලස්සනයි. තායි පැත්තේ ගෑනුට වඩා හැම තිස්සේම ලාඕ ගෑනු ලස්සනයි. දකුණු ලාඕසයේ ගෑනු තවත් ල්සසනයි. ඒ අය කාම්බෝජයට කිට්ටු නිසා කාම්බෝජ කාන්තාවනගේ තියෙන හුරුබුහුටි ගතිය ලාඕසයේ දකුණු දෙස ගෑනුන්ගේ තියෙනවා. ඒ වගේම ඕවර් වෙයිට් බඩ තඩි ගෑනු මිනිස්සුත් පක්සේ හෙවත් දකුණු ලාඕස් වල දකින්නට අඩුයි.
අපි පක්සේ වලට ඇවිත් හන්දියෙන් බැස්සා. ඇත්තටම බැස්සා නෙමෙයි බැස්සුවා. අපිලට බාසාව බැහැ නේ. ඉතින් දැන් බැහැපියව් කියන්නවත් රියදුරු දන්නේ නෑ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment