Monday, October 28, 2024

චම්පසාක්

ස්කූටර දෙන වෙලාවේ හිටියා හැඩ කෙල්ලෙක් අපේ නවාතැනේ රෙසිප්ශන් එකේ. එත් පස්සේ එයාව දකින්න හිටියේ නෑ. උස රළු පෙනුමැති යුවතිය සහ තව කොල්ලො දෙන්නෙක් තමයි පස්සෙන් පහු පෙන්නුම් කලේ.

චම්පසාක් දක්වා

චම්පසාක් වලට පක්සේ වල ඉදලා කිලෝමීටර් 60ක් විතර. මුලින්ම මීකොං ගග පාලමෙන් පහු කලා. අපේ එක මිත්‍රයෙක් නම් අමො අමො මීකොං කියල වීඩියෝ කලා පොටෝ ගත්තා. ඒත් පස්සේ අපිට මීකොං ගගම කිහිප වතාවක් හම්බු වුනා. මේ ගමනෙදි වගේම වියන්ටියන් වලදි, ලුවන් ප්‍රබාන් වලදි අවසානේ ලාඕස් වල සිට තායි රටට එද්දිත් මීකොන් ගග අපිලට මුන ගැහුනා.. ලුවන් ප්‍රබාන් වලට වඩා පක්සේ හරියේ ගග පලල වැඩියි. කිලෝමීටරයක් විතර පලලට තිබුනා.

පාර

ලාඕස් රට දුප්පත් රටක් ද? කියල හිතෙනවා එහෙ සමහර පාරවල් දැක්කහම. පාරවල් නඩත්තුව සවුත්තුයි. හදල නෑ කැඩිච්ච තැන්. හැබැයි පාරවල් වල සයිස් එක නම් සුපිරි. සාමාන්‍ය නාගරික පාරක් ලේන් හයක් තියෙනවා. එක පැත්තකට තුන බැගින්. අපි ගිය චම්පසාක් පාරේ පාලන් දෙකක් ලෑලි දාල හදල තිබුනේ. යකඩ ෆ්‍රේම් එකට උඩින් ළෑලි දාලා තමයි තිබුනේ. ඒ වගේ පාලං කීපයක්ම අපිට අපේ ගමනෙදි හම්බ වුනා.

චම්පසාක්

මේක ගොඩක් පරණ තැනක්. දැන් බෞද්ධ මුහුණුවර ගත්තට චම්පසාක් නටඹුන් ක්‍රි.ව 5 වන සියවසේ ඉදලා බෞද්ධ සහ හින්දු සම්ප්‍රදායයන් දෙකම නියෝජනය කරලා තියෙනවා. කේමර් නටඹුන් වලට ආසන්න වුනාට ඒවා කේමර් නෙමෙයිය කියලත් කියනව. සුප්‍රසිද්ධ කාම්බෝජ අන්කෝර් නටඹුන් වගේ වුනාට ඒවාට වඩා වෙනස් තැනක් කියල තමයි චම්පසාක් හැදින්වෙන්නේ. තැනිතලාවේ ලස්සන පෞරාණික නටඹුන් සිද්ධස්ථාන දෙකකුත් එයින් පාර දිගේ ඉහලට ගියාම ඉහල තවත් එක් විශාල සිද්ධස්ථානයකුත් තියෙනවා. මේ බිල්ඩින් ලංකාවේ නටඹුන් වගේ බිමටම සමතලා වෙලා නැහැ. තවමත් බිත්ති හොදට තියෙන නටඹුන් තිබුනා.

කලාව

ඒවායේ සමහර ගල් කැටයම් නිකං ලී කැටයන් වලටත් වඩා සුපිරි. තියුනු දාර සහිතව පැහැදිලි කැටයම් තියෙනවා. මේක ඉහලට ගියාහම හරියට අපේ කාශ්‍යප රජතුමාගේ සීගිරියෙන් එන වීව් එක වගේ වයිබ් එකක් එනවා. බොහොම ඈතට දර්ශනය වෙනවා භූමිය මීකොං ගගත් එක්කම. මේක බලන්න ලාඕස් වගේම තවත් රටවල සංචාරකයෝ ගොඩක් ඇවිත් හිටියා.

අලුත්වැඩියා නවීකරණ කටයුතු

මේ චම්පසාක් වල අලුත්වැඩියා කටයුතු කරන්නේ ඉන්දියානු රජයෙන්. එයාල ගරාවැටිල තියෙන පුරාවස්තු හරියට මැනලා බලලා තවත් සපෝට් කරලා නැවත පිහිටුවනවා. මේ ස්ථානයේ ඉහල කොටසේ තිබුන බුදු පිලිම වල පිංතුරය නම් ලංකාවේ බුදු පිලිම තරම් ලස්සන නැහැ. තව අලියෙක් සහ කිඹුලෙක් ගලේ කොටලා තිබුනා අපි ඒවත් බැලුවා.

ඉහලට නගින බහින එකනන් ටිකක් අමාරු වැඩේ හැබැයි නැගල බැලුවට පාඩුවක් නැති කදිම පෞරාණික ඉදිකිරීම් කර්මාන්තයක් තමයි ඒක.

මම යන්න කලියෙන් මේ චම්පසාක් මොකක්ද කියල ලංකාවෙදිම වීඩියෝ ආදිය බලල ගියේ. ඒත් විඩියෝ වලින් බලන දේවල් වලට වඩා ඇත්තට බලනකොට ඒකේ ලල් එක වැඩියි. ඩීටේල්ස් වැඩියි. පුදුම වෙන්න තියන මෙව්ව එක වැඩියි. ලංකාවේ තියෙන නටඹුන් ආදිය ොගඩක් විනාස වෙලා තියෙන්න්. ඒත් මේ නටඹුන් වල ඒ කාලේ පැරණි පාරවල් පවා තවම ඉතා හොදින් තියෙනවා.

කෑම බීම

අපි චම්පසාක් යන්න කලියෙන් කඩෙකට පැනල කෑවා. බාසාව බැරි වුනාට මොකද මෙනු එකෙ පිංතුර තියෙනවා නේ. ඒවා බලලා ෆෝන් එකේ ඇප් එකට දමලා ට්‍රාන්ස්ලේට් කරලා අපිල කෑම ඇනවුම් කලා. මම නූඩ්ල්ස් සුප් එකක් ගත්තේ. යාලුවෝ මට චීන අඩු අල්ලන හැටි කියා දුන්නා. ඒක පුරුදු වුනාහම හරි ලේසි වැඩක්. නූඩ්ල්ස් එහෙම කන්න ලේසියි ඒ අඩු වලින්. මේ සිද්ධස්තානයට ගාස්තුව නම් කිප් හැටදාහක් විතර ගන්නවා එක් අයෙක්ගෙන්. හැබැයි ඉතින් ඒ තැන මහා විසාල භූමියට ඉලෙක්ට්‍රික් කරත්ත දාලා, තණකොල කපලා වැසිකිලි කිසිකිලි පිලිවෙලට හදල හොදටම තිබුනා. දකුණුදිග ලාඕසයට ගියොත්. බලලම එන්න වටින තැනක් තමයි චම්පසාක්.












2 comments:

  1. රෂිනි දුවට දිව දාන්න තිබ්බා නං

    ReplyDelete