7
නැවත නවාතැනට
අපිට තද් ෆේ්න් එක ලග පැය දෙකක් විතර ඉන්න වුනා. මොකද අපේ මිතුරා සිප්ලයින් එකට යන්න මුදල් ගෙවලා තිබුනා. ඒකේ පෝලිමක් තිබුනා. කලින් මීදුම තිබුන නිසා මීදුම වෙලාවේ කට්ටිය යැව්වේ නැහැ. පස්සේ මීදුම තුරල් වෙනකොට යන්න පෝලිමක් සෙට් වෙලා ඉවරයි. ලාඕ කාරයින්ගේ වැඩ නිකං ටිකක් ලංකාවේ වගේ එකෙක්ට දෙන්නෙක්ට උවමනාව තිබුනට හැමෝටම උවමනාව නැහැ. ඉිතන් ලයින් පහක් තියෙන සම්පූර්ණ සිප්ලයින් ටුවරම කම්පිලිට් කරන්න ඒ නිසා වෙලාව ඇදි ඇද ිගියා. ඒ අවසරයෙන් අපි වැඩිමිල කෝපි එකක් එහෙමත් බිව්වා. මම බියර් එකක් එකක් ගැහුවා.
පක්සේ වලට එනකොට රෑ වුනා. අපේ බස් එක තියෙන්නේ රෑ 8ට ඊට කලියෙන් අපි නැවතුන නවාතැනට බයික් බාර දෙන්න තියෙනවා. තව අපි ටිකක් ඇගපත හොෝදගන්නත් තියෙනවා. ඒ නිසා වැඩේ පරක්කු වුනා.
අපි ඇවිත් හොටෙල් එකට කතා කරලා පැය දෙකකට රූමක් අරගෙන රෙදි ඇදුම් ටික පිලියෙල කරගෙන ඇගපත හෝදගෙන දීර්ඝ බස් ගමනට ලෑස්ති වුනා.
පක්සේ සිට වියන්ටිෙයන් යෑම
ලාඕස රට ජනගහනය මිලියන 7.7ක්. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 236,800ක් . ඒ අනුව ලංකාවෙන් තුනෙන් එකක විතර ජනගහනය ඉන්න ලාඕස රට ලංකාව වගේ තුන්ගුණයක් විතර ලොකුයි. ඒ කියන්නේ ලාඕස රටේ ඉඩකඩම් තියෙනවා. ඒත් ඉතින් ලාඕ රටේ භූමියෙන් 80%ක්ට වඩා තියෙන්නේ කදු. අපිට පක්සේ ඉදලා ලාඕසයේ වියන්ටියෙන් දක්වා එන්න ඕන වුනා. ගමන කිලෝමීටර් 685ක්. ඒකත් කෙලින් පාර නෙමෙයි කදු පාරවල්. ඉතින් විය යුතු විදිහටම ඒ ගමනට පැය 14ක් යනවා. අපිලට කලින් ගුවන් ටිකට්පත් වෙන් කරගන්න පුලුවන්. ඒත් ගුවන් ටිකට්පත් ඉන්දියාවේ ඉන්දුනීසියාවේ, තායිලන්තයේ වගේ ලාබ නෑ. ටිකක් විතර ගනන් ඒ නිසා බස් එකේ යන්න කියල හිතුවා.
බස් එක
අපිලගේ ලංකාව රට වගේ නෙමෙයි ලාඕ රටේ බස් ගමනාගමනය ටිකක් පිලිවෙලයි. අපි එදා ගමන යන්න කලින් තමයි ටිකට් වෙන් කරගත්තේ. කලින් දවසේ රෑ ඇවිත් බස් නැවතුම්පොලෙන් ඇදන් ස්පේස් තුනක් බුක්කරගත්තා. ඒ රටේ දුර ගමන් බස් වල තියෙන්නේ ඇඳන්. තනිකර නිදාගන්න පුලුවන් තරමේ ඇදන්. දෙන්නෙක් එක ඇදකට දානවා. මම එක්ක ඇදේ හිටියේ අපි එක්කම ගිය යාලුවා. අනෙක් යාලුවා එක්ක සුද්දෙක් සෙට් වෙලා කතාවක් දාගෙන ආවා. අඩි පහයි පහට වැඩි වගේ නම් ඇද ටිකක් අමාරුයි. මොකද සම්පූර්ණ දිග ඇරෙන්න බෑ.
බස් ගමනට කලියෙන් ඒ බස් නැවතුම්පොලගාව තියෙන කඩෙන් කෑවා. ඒකේ කෑම නම් ටිකක් විතර අවුල් වගේ. කට්ටිය ගොඩක් ඉන්න හින්ද ගොඩ වුනා. ඒ හිටපු කට්ටිය ඇවිල්ල කොහෙද කොන්ත්‍රාක් වැඩකට ආපු සෙට් එකක්. ඒ අය සෙට් එකම නැගිටල ගියාට පස්සේ කඩේ ඉතුරු වුනේ අපි විතරයි. කට්ටිය වැඩි කඩවල කෑම හොදය ිකියන ආතල් එක එතනදි සමතලා වුනා.
බස් ගමන
දෙගමනක් විතර බස් එක සම්පූර්ණයෙන්ම නවත්තලා චෙක් කලා. බස් එකේ පටවලා තිබුන කෑම බීම බඩු බාහිරාදිය ඔක්කම අයින් කරමින් බැලුවා. ඒ ුදුරගමන් බස් වල ලැගේජ් ස්පේස් එකේ වෙනත් අයගේ බඩු බාහිරාදියත් පටවල තියෙනවා. ඉතින් මොකක් නමුත් කාරනාවක් හින්ද බස් එක ටිකක් විතර ඩිලේ වුනා.
උදේ පාන්දර වියන්ටියෙන්.
රට ගමන් වලදි ටිකක් ලංකාව විදිහට හිතුවොත් හිර වෙන තැන් කිහිපයක් තියෙනවා. ලංකාවේ ටවුමක තියෙන්නේ එකම එක බස් නැවතුම්පොලයි. කලාතුරකින් එකක පොඩි හෝල්ට එකක් වගේ තියෙනවා සයිඩ් එකක. එත් මේ වියන්ටියෙන් සිටි එකේ ප්‍රධාන බස් නැවතුම්පොලවල් 4ක් තියෙනවා. එයින් අපිලව බැස්සුවේ දකුනු බස් නැවතුම්පොලේ. පක්සේ, චම්පසාක්, සැවන්නකෙට් ආදී දකුනු පලාතේ බස් යන්නේ බස් එන්නේ ඒ නැවතුම්පොලට. එතන ඉදලා මූලික බස් නැවතුම්පොලට එහෙම නැත්නම් සෙන්ට්‍රල් එකට තව කිලෝමීටර් දහයක් විතර තියනවා.
අපි ඉතින් රැයක් එලිවෙලා ඇවිත් බස්නැවතුම්පොලේ නානකාමර ආදියට ගිහින් ටිකක් පිරිසිදු වෙලා එලියට එනකකොටත් අපි පස්සෙන් ආපු ටැක්සි කාක්කො කිහිප දෙනෙක් හිටියා. අපි මේ ටිකක් එලියට යනවා කියලා අපි බස්නැවතුම්ෙපාලෙන් එලියට ආවා. හැබැයි ඉන්දියාවේ වගේ ටැක්සි කාරයෝ ඒ හැටි තද වදයක් දෙන් නෑ. බෑ එපා කිව්වහම එයාල අපිලව අත් ඇරල දානවා.
No comments:
Post a Comment