Tuesday, October 13, 2020

මීඩියා සදාචාරය ප්‍රායෝගිකද?


මීඩියා කියන්නේ මේ කාලේ රට ලෝකේ පාලනය කරන එක ටූල් එකක්. මේ මීිඩියා ගැන විවිධ කතාන්දර පහුගිය දවස්වල ඇතිවුනා. ඉතින් මේ මීඩියා වලින් කරන කලබගෑනිය මොකද්ද. ඒකෙන් තියෙන අවුල මොනාද කියලා අපි ටිකක් සොයාබලමු.

මීඪියා ගැන වාමාංසික අදහස

මේ කාලේ ලංකාවේ රතු පක්ෂ ඇත්තටම රතුද කියලා පස්නයක් තියෙනවා. එතනින් එහාට ගිහින් බැලුවොත් මීඩියා කියන්නෙත් ධනපති පංතියේ හොරණෑව කියලා තමයි සාමාන්‍යයෙන් හදුන්වන්නේ. සරලවම කිව්වොත් මීඩියා කිය්නනේ මුදලාලිලාගේ බිස්න්ස එකක්. ඒක ඇතුලෙදි ත් තියෙන්නේ වෙලදාමක්. මිනිස්සුන්ට වැදගත් තොරතුරු ඉදිරිපත් කරනවාට වඩා එදිනෙදා මිනිස්සු ආකර්ශනය වෙන මොනා හරි දාලා ඉන් පස්සේ ඒකේ ඇඩ් ගහලා කීයක් හරි හොයගන්න තමයි මීඩියා හදන්නේ.

අනෙක් පැත්ත හිතුවොත් අපිට මේ වාමාංසික විදිහට හැමදේම අනික් පැත්ත හිතන්නත් පුලුවන්. සරලවම අපි ඉගෙන ගන්නවා කියල කරන්නෙත් ධනපති කොටසකගේ උවමනා එපාකම් පිරිමැසීමක්. එහෙම නැතුව හිතුවොත් කවුරු මොන අරමුණින් කරත් මීඩියා කියන්නේ අපිට අවශය වෙන දෙයක්.

මීඩියා සහ කතාන්දර

පරණ බණ කතා තියෙනවා නේ. ඒ බණ කතා තියෙන්නේ අපිට ඇත්තටම කතා කියාදෙන්න නම් නෙමෙයි. ඒවා තියෙන්න් ධර්මය කියා දෙන්න. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය විතරක් නෙමෙයි ත්‍රිපිටකයෙත් නාටකීය කතාන්දර ගෙඩක් තියෙනවා. මේවායේ අරමුණ මිනිස්සුට කතා ඇස්සවීම නොවුනත් ඒ පොත් වලින් කතා මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. කාලෙකට කලින් ආරියනන්ද දොඹගහවත්ත පටන් ගත්තා පරණ දේශපාලන සිද්දි ඇතුලත් අතිරේකයක් ඉරිදා ලංකදීපයේ. බුවා කියන විදිහට ලංකාවේ මිනිස්සු ආසයි කතාන්දර වලට. ඒ කතාන්දර විදිහට සකස් කරාම මිනිස්සුන්ට ප්‍රෘත්ති ගිල්ලවන්න ලේසියි.

දැන් පිටරට මීඩියා නිවුස් වලට වඩා අපේ නිවුස් වල තියෙන බැලූ බැල්මට අවුලක් තමයි කතා න්දර වැඩි වීම. ඒ කිය්නනෙ ප්‍රවෘත්ති නාටකීය ආකාරයෙන් ඉදිරිපත් කරන්නට තමයි උත්සාහ ගන්නේ. නාටකීය කිව්වේ මේ නිවේදකයා රගපාන සීන් එකක් නෙමෙයි. ඒ සිදුවීම වඩාත් හැගීම්බර පැත්තකින් මිනිස්සුන්ට අහුවෙන පැත්තකින් කවර් කරලා කතාවක් ආකාරයට පෙන්වන්න තමයි උත්සාහ ගන්නේ. මේක ඇත්තටම මාද්‍ය ආයතනවලම ටිකි ටිකයකුත් නෙමෙයි. මේකට මිනිස්සුන්ගේ තියෙන රුචිකත්වය පැහැදිලිව බලපානවා. අපේ මිනිස්සු කතා නම් බලන්න ආස ඉතින් කතා සප්ලයි කරන්නට මීඩියා වලට සිද්ද වෙනවා. අනෙක් පැත්තෙන් කතා දුන්නොත් තමයි නිවුස් එක රේට් එක වැඩි වෙන්නේ.

මීඩියා ගායිස්ලා කවුද?

ලංකාවේ මීඩියාවලට එන සහ ඉන්න අය බැලුවොත් ගොඩක් අය අහම්බෙන් ආපු අය. දැන්නම් මීඩියා කියාල විශයක් උගන්වනවා උසස් පෙලටත්. ඒත් විවිධ අකාරයෙ රස්සා හොයලා ආවසානයේ නවතින තැනක් විදිහට තමයි සමහරු මීඩියා වල නවතින්නේ. මේ මීඩියා ගයිස්ලා නොදන්න දෙයක් නෑ වගේ රැගුවට ඇත්තටම එයාල ගොඩක් දේවල් දන්න කියන බහුශ්‍රැත ලෙවල් එකෙට වඩා සෑහෙන පහල තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් මේ මීඩියා වලට ආකර්ශනය වෙන පිරිස සහ එහි රැදෙන පිරිස කවුද කියන එක මතත් සෘජුවම මීඪියා වල අවුට්පුට් එක රදා පවතිනවා.

මීඩියා කාරයින්ට ලැබෙන මුදල

පුවත් මවන එක ලේසි වැඩක් නෙමෙයි. පත්තරයක් වෙබ් එකක්නෛමයි හොද යූ ටියුබ් චැනල් එකකටත් සතියකට නිවුස් හතලිහක් පනහක් වත් ඕනි වෙනවා. මේ පුවත් මවන්න සිය ගනන් උධවිය නැහැ. බොහෝවිට නිවුස් චැනල් එකක පුවත් පතක වැඩකරන කෙනෙක්ට සතියට ආටිකල් දහයක් වත් මවන්න වෙනවා. මේවැඩේට හම්බෙන ගානත්ලොකු එකක් නෙමෙයි. පත්තර නම් පිටු බාගේ ආටිකල් එකකට රුපියල් දාහක් වගේ ලැබෙන්නේ. වෙබ් නම් වචන හය හත්සීයකටත් ඒ ගාන. එතකොට ඒ වගේ දහයක් සතියට කියන්නේ හොද සැර වර්ක් ලොඩ් එකක්. එතකොට අර මිඩියා පොතේ තියෙන විදිහට ෆැක්ට් බලන්න ඇත්තද බොරුද හොයන්න කතා කරන්න වෙලාවක් නැහැ. ගොඩක් වෙලාවට කෝල් එකෙන්ම කෝල් දෙක තුනක් අරගෙන වැඩේ ඉක්මන්ටම ගොඩදාන්න තමයි හදන්නේ. එතකොට ඉතින් නිවුස් අඩු වුනාම තියෙන නිවුස් වර්ධණය කරගන්න කතා ගහනවා. නැත්නම් තියෙන පොඩි ඉන්ෆොමේසන්ටිකක් එකහු කරලා නිවුස් මවනවා.

 මේක නවත්වන්න අපි දඩුවම් ටිකක් දෙමු නේද? 

ලංකාව කියන්නේ මාර අමුතු ගති සිරිත් තියෙන රටක්. මිනිස්සු හිතනවා හැමදේම නිීති රීති දඩුවම් වලින් නවත්වන්න පුලුවන් කියලා.මීඩියා නෙමෙයි මොකක වුනත් අවසානයේ පාලනය කරන්න බැරිම නම ්නීති ගේන්න වෙනවා. ඒත් හැම එකටම නීතිය ඉස්සරහට දාගන්න එකත් එච්චර හොද ආතල් එකක් නෙමෙයි. මීඩියා කියන්නේ මිනිස්සු අතර ජනප්‍රිය දේවල්. එතකොට ඒ දේවල් දෙන්නේ මිනිස්සුන්ට. දැන් කාලේ ඕනි හැටියේ මිනිස්සුන්ට අකමැති නම් චැනල් මාරු කරගන්න පුලුවන්. අකමැති නම් පත්තර නොගෙන ඉන්න පුලුවන්.අකමැති නම් යූ ටියුබ් එකේ ඒ චැනල් එකට නොයා ඉන්න පුලුවන්. එහෙම හොද ෆ්‍රීඩම ්එකක් තියෙනවා. කාටවත් ප්‍රවෘත්ති හෝ ටීවි එකේ යන පුවත් නාටක බැලුවේ නැහැය කියලා ලොකු අවුලක් වෙන් නැහැ. නැතිම නම් ප්‍රවෘත්ති කෙටි මැසේජ් විදිහට එන්න ක්‍රමත් දැන් තියෙනවා. 

ඉතින් මේක මර්දණය කරන්න නිවුස් වල අවුල් ලියන්න මීඩියා වල කොලිටි වැඩිකරන්න නීති වලින් බැහැ. ඒත් කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඕනි නැති විදිහට මිනිස්සු බය කරනවා නම් ලෙඩේ තියෙන මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට හානිකරනවා නම් ඒ තැන්වලදි මීඩියා වලටඑරෙහිව ක්‍රියාත්මකවෙන්න රජයට පුලුවන් කම තියෙන්නට ඕනි. අඩුතරමේ මේ තියෙන හදිසි තත්වය ගැන සලකලා වත්. ඕක කිව්වම බයි පාර්සවය කියයි එහෙම කලොත් මානව හිමිකම් යයි කියලා. ඒත් අපිත් ඒ ගොල්ලත් හොදටම දන්නවා හිරු සහ දෙරණ වගේ එකකට එරෙහිව මේ තියෙන ආණ්ඩුව නම් මොන වැරැද්දක් කලත් දඩුවම් කරන්නේ නැහැ. ඒ නිසා අනේ බයි පාර්සවයේ මීඩියා ෆ්‍රීඩම් ටෝක්ස් නම් රෝල් කරලා පුකේ ගහන්න කියලා තමයි කියන්න වෙන්නේ.

Monday, October 12, 2020

කොරෝනා නිසා ජනජීවිතය වෙනස් කරගැනීම ප්‍රායෝගිකද?


යෝජනා කිරීමත් උපදෙස් දීමත් කියන්නේ මාරම ලල් වැඩක්. අපිට පුලුවන් එක එක යෝජනා දෙන්න. ඒත් ඒවා ක්‍රියාත්මක රකන්න උපදෙස් පිලිපදින්න ගියාම තමයි රෙවෙන්නේ. අපේ ජීවිත වටා ඒ ජීවිත ගතවෙන එක්තරා රිද්මයක් තියෙනවා. ඒක තමා අපි කැමති ක්‍රමය. ලංකාවේ සිගා එකක් හැන්දෑවට ගහගෙන මනෝ පාරක් ගහන්න කැමති මිනිහා අමරිකාවේ මේරිලන්ඩ් වලට පදිංචියට ගියත් උගේ ඒ පුරුද්ද අත අරින්න බැහැ. බස් එකෙ ්කාර් එකේ යනකොට සිංදු අහපු එකා හදට ගියත් කොහේ හරි යද්දි සිංදුවක් දාගන්නවා. ඒවා සමහර වෙලාට අපේ ජාන එක්ක අපේ පරිසරය එක්ක බැදෙන දේවල්. 

සමහර වෙලාවට අපිට කැපකිරිම් කරන්න වෙනවා. අපි පුරුද්දක් විදිහට නිතර කලහ කරන ඩෑලක් නම් අපි වෙන රටකට ගියොත් අපේ ඒ කලහ කරන ආතල් එක ටික කාලෙකට හරි නවත්වන්න වෙනවා. මොකද මෙහෙ වගේ අපේ තරම දැනගෙන අනික් උන් පාඩුවේ ඉන්නේ නැහ. වෙන රටකදි තත්වය වෙනස්. ඒත් ඒ රටට යද්දි යන එක මොන දේටත් හිත හදාගෙන මෙහෙ ඉන්න බැරි නිසා හෝ එහෙට්ට තියෙන ආසාව නිසා ඒ දේවල් වලට යොමු වෙනවා. එතකොට මෝටිවේශන් එක තමුන්ගේ පුද්ගලික මෙව්වා එකක්. ඒ නිසා ඒක කරනවා. 


කොවිඩ් වලදි ඈත් වෙලා ඉන්න මාස් දාන්න අත් හෝදන්න කියන කොට සහ අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගද්දි එහෙම අපි කැමත්තෙන් තෝරාගන්න දෙයක් නෙමෙයි. අපි ඒ කලෙදි කල යුතු කාලාන්තරයක් තිස්සේ බලා හිටපු දේකුත් නොවෙයි. ඇස් පේන්නැතුව ඉද්දි කන්නාඩි දැමනවා වගේ අතිවෙච්චි හදිසි ආබාධයකුත් නෙමෙයි. ඉතින් විය යුතු විදිහටම ලෙඩේ කොච්චර දරුනු වුනත් අපි පිස්සු කෙලින්න ගන්නවා. 


ඉතින් චීනේ දින්න නේ 

චීනේ කියන්නේ පුද්ගල නිදහස කියන එක පරම්පරා ගානක් තිස්සේ මරාගෙන ආපු රටක්. ඒ කියන්නේ චීනයේ ක්‍රමයට විරුද්ධව එක්රැස්වෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන් දශක ගානක් තිස්සේ මරලා මරලා සහ උන්ව මකලා හදලා දැන් ඉන්න උන් ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමය මගින් යෝජනා කරන්නේ කුමක්ද? එය කොතරම් අකමැති වුවත් කරන්නට චීන ජනයා බැදිලා ඉන්නවා. මේ ම දේශයක් තුල පාලන කටයුතු ලේසියි. එතැනදි ඉහල මට්ටමේ අයට තිබෙන්නේ ඔවුනවුන් අතර තිබෙන තරගයක් විතරයි. එතනින් එහා ඒ යෝජනා කරන ක්‍රමවේදයන්ට දැඩිව මුහුනදෙන අයගේ විරෝදතා කියන වචන සෙට් එකම චීනෙට අදාල නැහැ. 


චීන්නු නිකං බ්‍රොයිලර් කුකුල්ලු වගේ. උන්ට කන්න බොන්න දෙන එකේ ඉදලා උන් මැරෙන අවස්තාව දක්වා ථීරනය කරන්නේ උන්ගේ මහ උන්. අපි ඇවිල්ලා ගං කුකුල්ලු වගේ. අපි අහුලගත්තොත් අපි කනවා. අපි කොහෙහරි ගිහින් ජෝගියක් දැම්මොත් පොලිසියෙන් ගුටිකන්න වෙනවා. අපිට කැමති නම් සහ අපේ ඇගට ඕනි නම් අපි බිත්තරයක් දානවා. අපි  සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ බැදීම් වලින් නිදහස් නැතත් අපිට මාර නිදහසක් චීනෙට සාපේක්ෂව තියෙනවා. කොටින්ම කෙල ගහන්න එපා කියල තිබෙන තැනක කෙල ගැහුවා කියලා ලංකාවේ ඊයා කියනාව හැර උස්සන් ගිහින් දඩ ගහන් නැහැ. ඒ මහ වල්බූරු ඒත් ආතල් නිදහස තාමත් ලංකාවේ අපිට තියෙනවා. ඒ තියෙන නිසාම අපිට මොන දඩුම දෙනවා කිව්වත් අපේ තියෙන අර නාහෙට නාහන මැඩර ගතිය අරින්ඩ බැහැ. ඒක හොදද නරකද දන් නැහැ. ඒත් ඒක එහෙම ම තමයි. 


ඉතින් අපිට කෙල වෙයි නේහ් 

ඔවු. බොහෝවිට ඔවු. මේක කෙලවෙනවා තමයි. කොරෝනා පැති දෙකයි.එ කක් ලෙඩෙන් මැරෙනවා. අනික කොරෝනා නිසා ඇතිවෙන ආර්තික සමාජ හේතු නිසා මැරෙනවා. එයින් දැන් ආර්තික පස්න ඇවිල්ල ඉවරයි ගොඩකට. මේන්ස්ට්‍රිම් මීඩියා වල ශිෂ්‍යත්වෙ වෙලාවේ අම්මා නැතිවෙච්ච පුතා අඩනවා පෙන්නුවා. ඒත් ඒවායේ පිටරට ගිහින් මිනිහාට කොරෝනා හැදුනට පස්සේ ලමයිට කන්න දෙන්න නැතුව දහ අතේ ණය වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ගෑනු පෙන්වන්නේ නැහැ. කොරෝනා නිසා රස්සාවක් නැතුව දඩාවතේ තැන් තැන්වල රස්සා හොයාගන යන මිනිස්සු අපේ නිවුස් වලට අහුවෙන් නැහැ. මැදපෙරදිග රටවල නොහෙක් කැපිලි මැද දුකසේ එන්නත් බැරුව මාස ගානක් දුක් විදින මිනිස්සු අපේ මීඩියා දකින්නේ නැහැ. ඒත් කට වහගෙන නැතුව ගෑනියෙක් වත්ත කෙළවර ලැට්ටකට යනවා දැක්කත් අපේ මීඩියා අපිට ඒක පෙන්වාල අපිට වැරැදි කියා ල බනින්න කෙනෙක් තොරලා පෙන්වනවා. අඩන්න දෙයක් පෙන්වනවා. ඉන් පස්සේ හිනාවෙන්න දේකුත් ඉදලා හිටලා පෙන්වනවා. 


ඒ විදිහට අපිට ඕනි දේවල් දෙන මීඩියා එකකින් පෙන්වනවාට වඩා කොරෝනා මගින් ඇතිවන වක්‍ර බලපෑම් වැඩියි. කොරෝනා කියන එක ආර්ථිකයට ගමේ ඉන්න මිනිහාට බලපාල ඉවරයි. කහ ගන්න එක විතරක් නෙමෙයි කොරෝනා මගින් ඇතිකරල තියෙන අවුලකට තියෙන්නේ. එතනින් එහා ගිය ආදායම් මාර්ග අවහිර වීම ජීවිතේ නන්නත් තාරවීම අවදානමකට ගොඩක් අය මුහුන දීල තියෙනවා. ඉතින් මේ ආර්ථික පස්නය ආවට පස්සේ ඇයෙත් කොරෝනත් එනවා මිනිස්සුන්ට. ඒක මහ කැත වැඩක්. ඒත් ඒක එහෙම වන්නට නියමිතයි. 


කොරෝනා ලෑස්තිය 


අපේ රටේ කෙල්ල ගෙට වුන ගමන් උත්සවේ ගත්ත නේ. වෙන රටවල් ලෑස්ති වුනා. අපි රජය කල යුතු දේවල් යෝජනා කිරීම වැඩක් නැහැ. මොකද රජයක් වුනාම අඩුගානේ ඊලගට එන පස්න මොනවාද කියලා හොයලා ඒ දෙවවල් වලට ලෑස්ති වෙල ඉන්ඩ ඕනි. ඉතින් හතර අතින් සැනකෙලි දාපු රජය දැන් මම හිතන්නේ කොරෝනා වලට ලෑස්ති ඇතිනෙ. අපි බලමු ඉතින්. 


කන්දකාඩු බය 

මුලින්ම කිව්ව වගේ ඒ ඒ ජීවිතයට අදාල වූ බිහේවියර වෙනස් කරන්න අමාරුයි. ලංකාවෙ ්දොස්තර කෙනෙක්ගෙන් ඇහුවොත් මිනිහෙක්ට ඉස්පිරිතාලේ නවතින්න කිව්වාම කොච්චර ඒකට අකමැතිද කියල දැනගන්න පුලුවන්. 


රෝහන බැද්දගේ කන්දේ ලන්දේ ගගුලල්ලේ කියනවා. ඒ සින්දුව ඇහුවම හිතෙන්නේ අඩෝ බැද්දගේ තමයි ඩෑල ඌ ගමේ ඉන්නවා ඇතිය කියලා. ඒත් මේ වෙද්දි බැද්දගෙ ඉන්නේ මාලදිවයිනේ. ඔය හොරනපැත්තේ ගමක හිටියට බැද්දගේ ලොක්කා හෙම අපේ ගංවල උන් වගේ බස් එකේ යන එන හේනේ ඉදලා මල්ල කර තියාගෙන ගෙදර ගිහින් අමාරුවෙන් වාඩිවෙල කහට කෝප්පයක් බොන ඩෑල්ක නෙමෙයි ඇත්තම ජීවිතේ. පොර අර කලාවට අපේ කමට ලැදිය කියලා පොඩි ඇඩ ්එකක් දාල සිංදුවක් කියාල ගානක් කපා ගන්නවා. ඉතින් බැද්දගේ යට කන්දකාඩු හරි වෙන හොටලක් හරි නවතින්න කිව්වනම් ඌඨ ගානක් නෑ. පට්ටාතල් කියලා ඌ නවතී. ඒත් ගමේ ඉන්න සහ සාමාන්‍ය මිනිස්සු ගොඩකට එහෙම නැහැ. ගමේ බුවාල සමහරු ගෙදරින් පිට යන්නත් නිකං මොකද්ද වගේ. 


මේ කන්දකාඩු සහ නිරෝධායන බය නිසා මිනිස්සු දැන් මාර විදිහට ස්ටෙස් වෙලා. සමහරුන්ට තියෙන්නේ ඇත්තටම කෙරෝනා බයක් නෙමෙයි කන්දකාඩු යන්න වෙයි කියන බය. 


ඇත්තටම මට කියන්න ඔනි වුනේ මිනිස්සු සම්බන්ධ තීරන ගැනීමේදී මිනිස්සුන්ට ඒදේ කලේ නැහැ. මේ දේ කලේ නැහැය. මිනිස්සු පුරුදු වුනේ නැහැය. උන් අත හේදුවේ පුක හේදුවේ නැහය කියලා බනින එක කෝචචර සාර්ථක වැඩක්ද? ඇත්තටම එහෙම කොපමණ බැන්නා කියලත් පොදු මිනිහා එහෙම රූල් එකකට හදන්න පුලුවන්ද? ඇත්ත සමහර රටවල් තියෙනවා. ජපානේ වගේ. ජපාන කොරියා රටවල මිනිස්සු කොහොමත් ආචාර ශිලියි නීති ගරුකයි. අපේ ඉන්න ඇම්ඩලා මොන කාලෙත් නලියන ඩෑල්. එයාල ස්වභාවයෙන්ම අර ඉන්දියන් මිනිස්සුන්ට තියෙන පුක් ගිනි ගාය වගේ එකක් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියන එක මරන්ඩ වගේ වැඩක්. 




Wednesday, October 7, 2020

රිවස්ටන් පිටවල සහ ඇටන්වල

රිවස්ටන් කියන්නේ ගමනද්ද?

හැමෝම දන්නව නෙ. ඔව් ඉතින් දන්නව තමයි අපිට පාන්යැ, ඒ දන්න කියන රිවස්ටන් පුංචි ලෝකාන්තය සහ ඇටන්වල වන්ඩේ ටුවරක් ගියා අපි. ඊලග දවසේ අපි දුර ගමනක් ගියා දුම්බර ඇල්ල බලන්න. ඉතින් පලවෙන ිදවසේ අපි හිතුවාට වඩා කොටසක් කවර ්කරගන්න හැක ිවුනා. 

මුලින්ම අපි පාන්දරම ගමන කොළඹින් පටන් ගත්තා. ගමන පෙන්නුම් කලේ රිවස්ටන් වලට. රිවස්ටන් මැප් කලාම ආවේ කුරුණෑගල දඹුල්ල පාරේ ටික දුරකින් ඇතුලට හැරෙන තැනක්. ඒ පාරේ අමාරුවෙන් ගිහින් ආයේ කුරුණෑගල මාතලේ පාරට සෙට් වුනා. එතනින් ගිහින් අපි රිවස්ටන් වෙත ලගා වුනා. 

මෙ ්වගේ ගමන් වලට ජපන් ඇල්ටෝ එක නම ්ගැලපෙන් නැහැ. මොකද පාරවල් හොද නැහැ. අනෙක් පැත්තෙන් එ ්කියන්නේ බකමූණ දඹුල්ල පැත්තෙන් ආවත් මේ සෙතම තමයි. පාරවල් සෞත්තුයි. පාරවල් වලට බැනල තේරුමක් නැහැ. අපි තෝරගත්ත වාහනේ අවුල්. ඇත්තටම මේ පැත්තේ චාරිකාවක් යනවා නම් ටිකක් ලොකු වාහනයක් තමයි ගැලපෙන්නේ. මොකද පොඩි වාහනයක් යට වැදුනාම ඒකේ ගන්න දෙයක් නැති වෙනවා. 

අපි ගිහින් රිවස්ටන් බැහැලා අමාරුවෙන් ඈතින් වාහනය පාක් කලා. පාක් කරලා නගින්ඩ ගත්තා. මීට කලකට කලින් මම අපේ ටෙක් එකේ (උසස් තාක්ෂණ ආයතනයේ) ඉගෙන ගද්දි බැච් එකත් එක්ක මේකේ බැච් ට්‍රිපක් ආවා. ඒ කාලේ කිඹි සිබා නිසා ගෑනු පස්සෙන්ම ඒක නැග්ග හැටි මතක් වුනා. දැන් ඉතින් වයසට ගිහින් අපි. දැන් කෙල්ලෝ හිටියනම් සනීපයි. මොකද හීතලේ උඩට නැග්ගාම කූල් වටපිටාව නිසා මනරම් හැගීම් එනවා. නැතුවට මක්ක කරන්නද ඉතින්. අපි කොල්ලෝ තුන්දෙනෙක් නැග්ගා උඩට. 

එදා මීදුම තද දවසක්. ටවර් එක ගාවට යද්දි වටේම මීදුම. මෙලෝ ලබ්බක් පේන් නැහැ. ටවර එක පෙනුනෙත් ලාවට. කොහොමින් හරි අපි ටවර් එක ගාවට නැගලා එතනින් එහාට දෙවනි ටවර් එකකුත ්බලන්න ගියා. ඒකත් තිබුන තැනම තිබුනා. ගෑනු ගොඩක් ඇවිත් හිටියා රිවස්ටන්. පිටවල පතනටත් වඩා රිවස්ටන් වලට කට්ටිය වැඩියි.

දැන් රිවස්ටන් වල පොඩ්ඩක් යට මැක්සා වීව්පොයින්ට එක්කුත් තියෙනවා. ඒකත් මරු. ඒකටත් ඔලුව දාලා බලලා අපි හෙමිහිට පල්ලම් බැස්සා. බැස්සට පස්සෙ ්බඩගිනියි අම්බානක. පිටවල පතනට යනකල් තවත ්කඩයක ්නැහැ නෙ. ඒ නිසා රිවස්ටන් එකේ පහල තැනකින්ම කෑවා. 

බිත්තර රොටියයි, නාන් රොටියය්. පරිප්පු වඩයයි, හිල් වඩයයි, රයිස් එකයි ආදී වශයෙන් මම හෙමිහිට කෑවා. එතැන රයිස් එක හිතුවට වඩා හොදට තිබුනා. දෙමල අයියෙක් කලාට වැඩේ සුපිරියට තිබුනා. 

පිටවල පතන 

ඉන් පස්සේ අපි හෙමින් හෙමින් පහලට බැස්සා වාහනෙන් පිටවල පතනට. පිටවල පතන නම් ගියාම දුක හිතෙනවා. අපේ ගස් හිවලුන්ට සිංහල තේරෙන්නේ නැතුවද මන්දා. ඔය පිටවල පතනේ ආවේණික ගෙම්බෝ ඉන්නවාය. උන්ට හිරිහැර වෙන නිසා අදාල පාරේ විතරක් යන්නය කියලා බෝඩ් ගහල තියෙනවා. එත් ඉතින් කොහොම හරි අපේ උන් බහිනකොට ලේසි පාර නිසා අර ගෙම්බෝ ඉන්නවාය කියන වතුර දහරාව අසලින් බහිනවා. ඇත්තටම ඒ අතින් නම් අපේ උන්දැලා හරිම ෆේල්. දැන්විමක් ලියලා තියෙද්දි එතන පොලිසියෙන් දාලා තඩිබානකල් අපේ උන්දැලා ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. 

ඒ පුංචි ලෝකාන්තයට ගියා. එතැන දෙමල ජෝඩුවක් ප්‍රීසුට් එකක. කෙල්ලෙක් ගවුමක් ඇදන් ඒ පාතාලේ මුවවිට තියෙන ගල් ගෙඩියක් උඩ වාඩිවෙල. ඒ ලගම මනමාලයා. කැමරා ජොකියා වෙන ගල් කුලක් මත ඉදගෙන පොටෝ ගහනවා. ඒ ජාමේ මහ තද සුලගක්. සුලං තද වෙද්දි කෙල්ලගේ අම්මා කැ ගහනවා. දුවට දෙමලෙන් වරෙන් මෙන්න මෙහෙ කියලා. කොහේ හරි කලින් දැකපු සොට් එකක් එහෝම ආයේ ගන්න දුවට ඕනිද කොහෙද? ඒ නිසා එයා පොටෝ එකට දිගටම උන්නා. කැමරා කරපු උන්ටත් ගානක් නැහැ. 

එ ්ලගම තවත් ඥාති වෙන සීයෙකුත් ඒ අයට බැන බැන හිටියා. මොකද ඒ වෙලාවෙ තිබුන සුලං හැමිල්ලත් එක්ක අර කෙල්ලගේ ගවුමට හුලං ඇල්ලුවා නම් ගවුම උඩ ගිහින් ජංගිය පෙනිල නවතින්නේ නැහැ. කෙල්ල පාතාලෙට පතබෑවෙන්නත් ඉඩ තිබුනා. ඒ වගේ මහ ජීවිත අවධානමක් පොටෝ සූට් එකකට. අනෙ ්මන්දා. මිනිස්සුන්ගේ ආසාවල් වෙනස් නේ. ටිකකින් පොටෝ කෘෘ එකේ ලොක්කාම එන්න දැන් ඇති කිව්වම තමයි පොටෝ ජොකියොය් කෙල්ලයි ඒ තැනින් එලියට ආවේ. වැටිල මලානම ්ඉතින් මගුල් නෙමෙ මල ගෙදරවත් හරියට ගන්න හම්බෙන් නැහැ මිනිය සෞත්තු වෙලා ගල් වල වැදිලා. 

ඉතින් ඕ විච්චූරන බලාගෙන අපිත් ටිකක් එබිලා පුංචි ලෝකාන්තය බලාගෙන පහලට බැස්සා. පහලට බැහැලා ඒ යාබද ටිකැට් කවුන්ටරේ උදවිය ටෝක්ස් කලාම අපි ගයිඩ් විදිහට දුම්බර ඇල්ල ගමනට ගන්න හිටිය නිස්සංකයා ව අදුරනවා ටිකැට් කවුන්ටරෙන්. නිස්සංක ලැ ගේත් පෙන්නුව පිටවල පතනට මේන් මේම පේනවාය කියලා. ඉතින් නිස්සංක ලොක්කා කතා කරලා අපි ඊලගට හෙමිහිට පිටත් වුනා ඇටන්වලට. මොකද ඇටන්වල තමයි අපේ අවසාන නවාතැන. 

ඇටන්වල 


ඇටන්වලට ගමන ඉතින් දුෂ්කරයි. පාරවල් හදල තිබුනත් වැස්සට හෙම තැන් තැන්වල කැඩිලා. ඒ තැන්වලින් මේ ජපන් ඇල්ටෝ බටු කාරක දාගෙන යන එක අමාරු වැඩක්. කෝමින් හරි අපි ඇටන්වල පාලම ගාවට ආවා. ඇටන්වල ගැන මම මීට කලියෙන් ඉතා මෑතකදි මම හිතන්නේ කියල තියෙනවා. ඇටන්වලට ඇවිත් අපි පාලම ගාවින් නාකියා ගත්තා. 

රෑට අපේ පෙරැත්තය නිසාම ගමේ අය්යලා වගයක් අපිට කිතුල් රා මුට්ටියක් සොයා දුන්නා. අනේ බොහෝම කදිම රා ටික. ටිකක් පැහිල තිබ්බත් රා ජුන්ඩ මරු. ඒටිකත් බීල රෑට බත් ටිකත් කාලා අපි රෑට නිදාගත්තා. මෙතැන්දි කියන්න ඕනි මේ ගමේ ඉන්නේ අපේ යාලුවෝ වත් ඥාති වත් නෙමෙයි. ඒ අය හොදට සත්කාර කරනවා. ඒ වගේම ඒ දේවල් වලට අයකරනවා. මේ අයකිරීම් ගැන කිව්වොත් රැයක් බේසික් නවාතැන් වලට රුපියල් 1,500/= කෑම වේලක් රු 200/= ගයිඩ ්ගාස්තු එක දවසකට රුපියල් 3,000/= වෙනවා. ඒ වගේම ඉතින් ගමෙන් බෝතලයක් ගෙන්න ගන්නවා නම් මොනාහරි මස් මාංස ආදිය හදවා ගන්නවා නම් ඒවටත් ටිකක් වැඩිපුර අය වෙනවා. 

මම මේම කිව්වේ ගම කිව්වම අර අපේ ආච්චිලාගේ ගමට ගියා වගේ හැමදේම නිකං ලැබෙන සිස්ටම ්එකක් මේවැ නැහැ. එ ගමෙ  අයත් අපිට සපයන්නෙ සේවාවක්. ඉතින් ඒ සේවාවට නම්බුකාර විදිහට අයකිරීමක් කරනවා. ඒකේ කිසිම අවුලක් නැහැ. ඉතින් අපි ගමේ ඉදන් දුම්රබ ඇල්ල ගිහිපු කතාව අපි ඊලග කොටසකින් බලමු. 


















Thursday, September 10, 2020

උණවටුන කිමිදුම් ගමන

  “ඔයා බැලුවද මම එවපු වීඩියෝ. ඒවයෙ තියෙනවා කිමිදෙන එක ටෙක්නිකලි කරන හැටි“. පූසා කෑල්ල ගන්න ගනේමුල්ල ගිහින් එනගමන් කාරෙකෙදි කෑල්ලගෙන් ඇහුවා. ආ නෑ අනේ. කියලා එයා අයාට තියන වැඩ වගයක් කිව්වා. කෝකටත් ලෑස්තිපිට හැමදේම හොයාබලලා යන පූසා අපිටත් එක්ක කිමිදීම ගැන යූ ටියුබෙන් කරුණු කාරනා ඉගෙනගෙන තියුනා. .  පූසා කිව්වේ පූර්ණ ට කියන ටෙක්නිකල් නම.

ඉතින් අපි ඔය විදිහට ඉරිදා දවසක පාන්දරම කොළඹින් ගාලු යන්නට පිටත් වුනා කිමිදෙන්න.

කිමිදිලා ලබ්බ බලන්නද?

ඇත්තටම මූදේ යට ලබු තියේ නම් අපිට ලබ්බ බලන්නත් පුලුවන්. ඒත් ලබ්බ නැහැ නෙ. ඒ නිසා ඉතින් තියෙන දෙයක් තමයි බලන්න වෙනනේ. මූද යට කියන්නේ සිරා තැනක්. ඒක යට කොරල් තියෙනවා. ලස්සන මාලු ඉන්නවා. එ වගේම ගාලු වරායට එන්න කලින් කනෙ ්වැලි ගෑවෙන්න නවන්න ගිහින් ගල්වල වැදිල ගිලිනු නැව් ගොඩකුත් තියෙනවා උණවටුනේ බලන්න. මේ නැව් ගැන කියනවා නම් ඇත්තටම මේ නැව් ගිලෙනනේ ගාලු වරායේ තියෙන පිහිටිම නිසා. ගාලු වාරයා පරණයි එල කිරි  ිපොට් එක කියාල කිව්වට ගාලු වරායට කුණාටු වෙලාවේ නැවක් දාන එක අමාරු සින්ස් එකක්ලු. ඒ වෙලාවේ උණවටුන දිහා හෙම කොරල් පර වල වැදුන නැව් මූදු පතුලේ ගාල් වෙලා තාමත් හිනා වෙවි ඉන්නවා අපි කිමිදිලා එනකල්.

කිමිදෙන් නැතුව මම ස්නෝකලින් කරලා තියෙනවා තායි වලදි. තායි වල ඒ ගමනට නම් සුද්දියෝ දෙන්නෙක් එකතු වුනා. මම සුද්දියන්ගේ පුකම ෆෝකස් කරලා පොටෝ ගන්න ගිය නිසාද කොහෙද සුද්දියෝ වැඩිය මා එක්ක  බජනෙට ආවේ නැහැ.

කොහොමද බොලා ඉතින් පුරුදු වුනේ

මොන ජනාධිපති ගියත් මූදට කලින් බැහැල නැත්නම් පුරුදු වෙන්න ඕනි. මූලික වශයෙන් කිමිදුම් ඇදුම ගැන කිමිදුම් සිලින්ඩරය සහ වෑල්ව් ආදිය ගැන අපිට කියා දෙනවා. ඒ වගේම ඒ ඒ ගොගල්ස් බඩු ආදිය පලදින හැටි ගැනත් හොද විස්තරයක් අපිට ඒ අය දෙනවා. මූද යට කිමිදෙනකොට කටින් තමයි හුම්ම ගන්න වෙන්නේ. ඒකත් පුරුදු වෙන්න ඕනි දෙයක්. හිතුමනාපෙට කරන්න බැහැ. ඒ දේවල් ගැන වගේම ගොගල්ස් එක ගොඩදාගන්න හැටි සහ මූද යටදි අපිට කරන්න නොකරන්න ඔන්ි දේවල් අපිට මුලදිම සන් ඩයිවින් අය කියා දුන්නා.

අහ් ඉතින් බොලා තනියම කිමිදුනාද?

පිස්සුද යකෝ. අපි මොකද කලේ වතුර යට ගිහින ්මල මිනිය වගේ ඉන්නවා. ( ඒ වුනාට බටේ ගහලා තියෙනවා කටේ. හුලං තියෙනව සිලින්ඩරේ ඒක පිටේ. ඒ නිසා හුස්ම ගන්නවා හොදේ.) ඒම ඉද්දි අපේ ගයිඩ් මනුස්පයා අපිව අරගන යනවා. එ ්කියන්නේ පලවෙනි දවසේ ෆුල් ගයිඩඩ් සීන්ස් එකක් යන්නේ. පණ්ඩිතයා වගේ එකපාර කිමිදිලා හෙම උකා පකා කරන්න බැහැ. මොකද මේක ස්ටෙප් බයි ස්ටෙප් සෙට් වෙන්න ඕනි  ගේම් එකක්.

අහ් උඹ කියන විදිහට ගොඩක් කල් යන්න වෙයි නේ වැඩේ ගොඩ යන්න

ඔවු බන්. මේකෙදි උණවටුනේදී මුලින්ම ගෙනියන්නේ 1996 ගිලුන සිමෙන්ති නැවක් බලන්න. ඒක තියෙන්නේ උනවටුන් ගල්පරේ ගාව. මීටර 10ක් වත් ගැඹුර නැහැ. ඒක තමය උණවටුනේ කිමිදෙන කෙනෙක් ව මුලින්ම යවන තැන. ඉන් පස්සේ කලක් ගියාම තමයි මිටර 20ට වැඩි යට තියෙන නැව් ආදිය කිමිදිලා බලන්නේ. එක දවසකට පැය බාගයක් පැයක් වගේ තමයි සෙට් වෙන්නේ.සුද්දො කලින් කිමිදිලා තියෙන අය හෙම ආවම එක දිගට සතියක් විතර කිමිදිලා ඒ බලන්න ඕන තැන් ටික බලලා යනවාලු.


පඩි සහතිකේ?

පඩි නෙමෙයි ඇත්තටම පැඩි ඩයිවින් සර්ටිෆිකෙට්් කියන්නේ තනියම ලෝකේ ඕන ිතැනක කිමිදෙන්න පුලුවන් ලැයිසන් එකක්. ඒ කෙදි අපිට ටැංකිය අරන් ඒකේ තත්වය බලලා අවශ්‍ය වෑල්ව් සෙට් කරගෙන ප්‍රෙශර් බඩු ආදිය සෙට් කරගෙන ඇදුමත් දාගෙන තනියමම වැඩකරගන්න පුලුවන් අයට සහතිකයක් නිකුත් කරනවා විභාගයක් තියලා. ඉන් පසසේ එයාල කිමිදෙන තැන් වල සටහන් ලියන්න සටහන් පොතකුත් ලැබෙනවා. අපි ගිය ජාමෙත් ඒ විදිහට රට ඉදන්පැඩි සහතිකේ අරං ආපු සුදු ජෝඩුවකුත් කිමිදිලා හෝ කිමිදෙන්න යන්න තැවරි තැවරි ඉන්නවා දැක්කා. ඒ එක ජෝඩුවක් ඇහුන විදිහට රැංගූන් වල කිමිදිලා තියෙනවා. රැංගුන් කියන්නෙ ්බුරුමේ අගනුවර මතකේ හරිනම්.

ලංකාවෙදි ්ක ගන්න නම් හැට හැත්තදාහක් වියදම් වෙන ලයින ්එකක් තියෙනනේ. ඒ කරලා වුනත් අපි ස්කිල් හදාගන්න ඕනි. මොක වුනත් මේ පැඩි සහතිකේ ගන්න එක කිමිදෙන්න සහ කිමිදිලා එක එක දේවල් හොයන්න හිතන අයට හොද මෙව්වා එකක්.


ඉතිං බොලාට මොකෝ වුනා.

අපිත් ඉතින් වෙන උන් විදිහටම බයවෙලා පුරුදු වෙලා එ ්අය්යලා එක්ක කිමිදුනා. ඒත් 2020 නොවැම්බර 6 ඉරිදා කියන්නේ ලංකාවටම කුණාටු ආපු දවසක්. එදා ගාල්ලේ උණවටුනත් අපි කිමිදෙන්න ගියාටත් පස්සේ කුණාටුව සැර වුනා. මම වතුර යට ඉද්දි මටත් පෙනුනා ආයිස්සප්පඩේ මාලුත් ගැස්සෙනවා රැල්ලට. මම ඉතින් දන්න එකක්ය. මම හිතුවා ඒක පට්ට නෝමල්ය කියලා. පලවෙනි දවස නිසා මම උන්නේ හැමදාම ඒ යට තිබුන මඩ ගතියත් ඩිෆෝල්ට්ම තියේවිය කියාල.

ඒත් ඇත්තටම එදා කුණාටුව සැඩ වුනා. අපි යනකොටම අපේ සෙට් එකේ අයට අමාරුයි. මොකද සැඩ පාර සැරයි. කබ්බා ෆෝම් වෙනවා. මම ඇතුලට එ ්කිව්වේ මූද ඇතුලට කිමිදුනාට මොකද්දෝ අවුලක් නිසා මගේ ගයිඩට නැව සෙට් වුනෙ ්නහැ..මූද යට අනික් උන් හිටියට වඩා සෑහෙන වෙලාවක් වතුර යට  කරක් ගහල ගහල තමයි බෝට් එකට ආවේ. ඒ ටිකට මම පොකිරිස්සෙක් දැක්කා. ඉන් පස්සේ අර ෆ්ලැට් මාලු එක එක පාටින් දැක්කා. ලොකු මාලුවෙක් දැක්කා. ඒ වගේම තව කොරල් හෙමත් දැක්කා. ම්ම්.  කොරල් නම් මැරිලා ගොඩක්වා. ආ මඩු මාලුවෝ ජෝඩ්ඩකුත් දැක්කා.

ඒ දැකල අහක්වෙලා උඩට එද්දි හම්මට මීටර් ගානක් උසට මහ රැලි ගහනවා. මට උඩ අතට හැරිල ඉන්න කීවට ඉන්න අමාරුයි ගහන රැල්ල නිසා. අමාරුවෙන් ඉදලා මට බෝට්ටුවේ ඉනිමග අල්ලගන්නත් වෙලා ගියා . කෝමින් හරි ඉතින් බෝට්ටුවට ගොඩ වෙද්දි කිමිදෙන මැනුවල් කියෝල ගමන ආපු පුසයි , පවුලයි චමින්දයයි ඔක්කොම කබ්බ දාලා. අපි බෝට්ටුවේ නැගල එද්දිත් පට්ටම සැඩ පාර. එනකොට වෙරලේ තිබ්බ හට් හෙම හෝ ගාල ග/හගෙන ගිහින්.පොල් ගස් කරටිය පේන තරමට හුලං අල්ලනවා. කැතම හුලං හැමිල්ලක් හැමුවේ. ඉතින් අපි තව බීච් එකේ උන් එවුනුත් සෙට් කරාන ඇවිත් බෝට්ටුවත් උස්සලා කෝකටත් උඩින්ම තිබ්බා.

කැමරාවට හුකස් ගෑවුන හැටි.

මගේ ගෝ ප්‍රෝඑකට වතුර ගියා. යටදි. ඒ ගියේ ගෝ ප්‍රෝ හීරෝ 7 බ්ලැක් එකට. ඒක වතුර යට දැම්මහම වතුර යන ජාතිය නෙමෙයි. මීටර 10ක් දක්වා පුලුවන්. ඒත් කිමිදෙන්න නම් කවර් එක දාන්න කියල තමයි සාමාන්‍ය රෙකමදෝරුව තියෙනනේ. බැටරි දාන තැන දොරේ සීල් එක මිස් වෙලා ඒක තමයි ඒකට වතුරු ගියේ. කොහොම වුනත් රුපියල් හැත්තදාහක විතර කෑල්ලට එකපාර හුකැස් ගෑවුනා. මේක ක්ලේම් කරන්න පුලුවන් වෙයිද දන් නැහැ. කොහොම වුනත් ආයේ පිහිදලා ඔන් කරලා බලනවා පිච්චෙයිද කියලා.


කිමිදීම ගැන

කිමිදීම කියනනේ ටිකක් කොසි වැඩක්. සල්ලි හලෙන වැඩක්. අපිට එක්කෙනෙක්ට පැයක විතර සෙසන් එකට රුපියල් හයදහක් වියදම් වුනා. පස්සේ පුරුදු වුනාම නම් ටිකක් ගාන අඩු වෙයි. ඒත් කිමිදෙන එකේ තියෙන විනෝදය වෙනමම එකක්. ඒක ගන්නම ඕනි ආතල් එකක් කියලා මට හිතුන්. අපිට සෙට් වුන කුනාටුව නිසා පොඩ්ඩක් බාදා වුනත් කුනාටුව කියන්නෙත් එක්තරා අතැදැකීමක්. මීඨ කලින් හත් අට වතාවක් මම පොඩි පොඩි මූදු ගමන් වලට ගිහින් තිබුනත් මේ පාර තමයි හොදටම කුණාටු තත්වයේ තියෙන මූදක හිටියේ. කලින් මූදු ගිහින් තියෙන නිසාත ්නිතර දෙවේලේ ලේලන් ්බස් වල යන නිසාත් මට කබ්බා ගියේ නැහැ.

බීලා යමු නේහේ

වෝටර් ස්පොට් නෙමෙ හයික් එකක් වත් බීලා යන එක මට නම ්අනුමත කරන්න බැහැ. බොන ආතල් එක වෙනම වෙලාවක හින්තාලේ ත්. මේවගේ ආතල් වෙනම ත් ගන්න හුරු වෙන එක කොයි පැත්තෙනුත් හොදයි. කිමිදිලා ඉවර වුනත් ඇගට තියෙන්නේ මහන්සියක්. අපිට කටින් හුස්ම අරන් පුරුද්දක් නැති නිසා එතනත් පොඩි අවුලක් සෙට් වෙනවා. මොන විදිහට ගත්තා වුනත් පෙර හෝ පසුව එදාම බීගෙන දගලනවාට වඩා පස්සේ හීන් තාලේ ඒකට ම වෙලාවක් වෙන් කරගෙන බොන එක කරන්න පුලුවන් නම් මැක්සා හොදේ.

ඉතින් කිමිදෙන්න තියෙන්නේ උණවටුන විතරක් නෙමෙ. හික්කඩුව, කල්පිටිය, ත්‍රිකුණාමලය, තංගල්ල වගේ ගොඩක් තැන්වල කිමිදෙන්න තියෙනවා. ඔයාලටත් කිමිදෙන් ආතල් එක ගන්න හිතෙනවා නම් ටිකක් වියදම් වුනත ්ඒ තැන් වලට ගිහින් කිමිදිලා මූද යට තියෙන ලස්සන ලෝකදෙකින්න පුලුවන් වේවි

Wednesday, September 9, 2020

ගව හමට තලමු

බයිමාමලා චොකාට ඉල්ලන්නට දුන්නාය. චොකා ඉල්ලුවාය. ඉල්ලූ කල බයිමාමලා ගොස් චොකා දිනවන්නැයි ඉල්ලුවාය. ඉතින ්චොකා දින්නාය. චොකා දින්න එක වහන්න හරක් මරන එක නැවැත්තුවාය කියනවාය. බයි මාමලාට චොකාට කාඩ් එක දෙන විටත් චොකා කාරයා මිිනිමරු චෝදනා ගත් එකෙකි. ‍ෙබයි මාමලා ඌට ඡන්දේ දෙන්න යැයි ඉල්ලන විටත් චොකා කාරයා මිනිමරුවෙකි. අවසානයේ චොකා දිවුරන විට පමණක් බයි මාමලාට අහවල් ලැජ්ජාවක් බයක් චකිතයක් ලෝඩ් වෙනවා යැ සිතීමම මහ අමු ජෝක් එකකි. 





හරක් නෑ නිදහස් කරන්ඩත් නෑ.. කේව අපිලව කේව


කමිටුවෙන් සම්මත වීම නිවුස් පත්තරේට නිවුස ්එකකි. වෙබ් නිවුස ්කාරයින්ට හිට් එකකි. එහෙත් හරක් මැරීමක් එයින් නවතින්නේ නැත. එයට නීතිය සම්මත වෙලා තවත් මෙව්වා වෙන්නට අවශ්‍යය. එහෙත් එතුමාලා එසේ සම්පූර්ණ කරන්නේ නැත. එහෙත් මුල් අවස්තාවේදීම එලෙස තහනම් කරාවියැයි බයි මයින්ඩුව වැඩ කර ගවඝාතන විරෛා්ධී බයිය්ාවෝ දැනටම ටියුන් වී ඇත්තාහ. ගව ඝාතනයට විරුද්ධව අවශ්‍යනම් මිනි මැරීමට වුවද ඔවුහු පසුබට නොවෙන්නාහ. කෙසේ වෙතත් ටොයියා මතවාදීහු රනිලාට එක අසුනක් පමණක් ඉතුු වුවද නවතින්නේ නැත. අපද ආතල් ගත යුත්තේයැ. එනිසා එසේ හරකා තානම ඇත්තටම වුනොත් කෙසේ දැයි අප ඔබට ගෙන හැර දක්වම්හ. 

අපිලාගේ අරකා මරාන්ඩ දෙන්ඩ නැතියැයි තම්බි උන් තැන තැන කෑ ගැහුවත් හරකා මැරීම තහනම හොදය. එහෙත් හරකා නිදහස් කරන්ඩය කියා ලක්ස ගානක් සම්මාදම් කොට එක කනාටු හරකෙක් රුපියල් සුවල්පයකට නිදහස් කර හරින ව්‍යාපාරික ප්‍රජාවට මෙයින් සිදු වන්නේ බලපෑමකි. එක ගෝතයෙක් සිවුර පිටින් නුවරදී ගිනිතබාගෙන හරක් වෙනුවෙන් දිවිපිදූ අතර එවන් උන්ට මේ නිසා වැදෙන්නේද දාර බඩේ පාරකි. කොටින්ම හරකා මරන විට කදුලැලි වෑහෙන බෞදියාගේ එක පිං ආතල් එක්කට මහින්ද මහත්තයා සොට් එක දුන්නාය. දැන් ඉතින් බෞදියාට හරකා මරන එකට සෝක විය නොහැක. බෞදියාට සල්ලි එකතුකර හරකා නිදහස් කල නොහැක. එසේම බෞදියාට හරකා දක්කන තම්බියාට ඩික්ෂනරියේ නැති කුනුබ්බ කියා බනින ආතල් එකද නැත. ඡන්දේ දුන් උදවියට ආතල් දෙන එක හොද වුනත් එලෙස හරකා මැරීම නිසා විනෝද වූ පිරිසට පුක හැරවීම නම් එතුමා කල නරක වැඩකි. 

නැව සහ හරක් 

මෂ් කඩේ මුදලාලි මස් නැතුව තැවෙන්නේ ඈථ මුදේ සංගමන් කන්දට නෝටිකල් මයිල් තිහක් ඈත මූදේ නැවක් ගිනිගන්නා සීනකක් හිනෙන් වගේ නිවුස් වල දැක්කාය. අපිලටත් ගිනි ගන්න නෙව යෙයිද කියා ෂිතලා තම්බි මුදලාලියා නැව ගැන විස්තර බලන්නේ නැව මීටර තුන්සියක් දිග ඇති බවද? නැව මීටර හැටක් පලල බවද මෙට්‍රික් ටොන් 270,000ක තෙල් ඇති බවද දැනගන්නේයැ.. හුකා.. අපේ මුස්ලිම් කඩ පේලියමත් නැහැ මීටර තුන්ෂියක්. තෙල් ටොන් යෙකක් ගහන යිඩක එක අරකා ගානේ ගෙහුවත් අරක් ගාතැකි දෙලස්සයක් විතර..අම්බෝ.. අරක් ගොඩායි.. හරක් ගේන්ඩ ගන්ඩ පුලුවන් නැව. ටීවි බලන අතර මෂ් කඩේ මෝමඩ් මුදලාලියාට නින්ද යන්නේය. 

මෝමඩ් මුදලාලි තෙල් නැව ගිනිගන ඉවර වූ පසු එය මිලට ගන්නේය. ඉන් පසු හන්දියේ ටිංකරින් බාස් සහ තව ලොකු සෙට් එකක් එකතු කරගෙන නැව ටොයියට හිටින්නට නැව ටිංකරින් කරගන්නේය. දැන්ඉතින් කූල් එකේ හරක් එකතු කරන්නේය. හරක් ටික නැවට පටවා නැව පිටින් ඈථ මූදට ගොස් හරක්ට ගේම දෙන්නේය. යාලු මුදලාලියාලගේ හාරක් මරන්ඩ ඉන්නා උන්ද එකතු කරාගත් පසු මෂ් ගොඩක් හදාගත හැකිය. ආදී ලෙස තම්බි මුදලාලි සීන දකින්නේය. තම්බි මුදලාලි සීනෙන් නැගිට .. මෂ් නරක් වෙයිද දන් නැහැ නේද? යැයි සිය වයිෆ් සමග කිය්නනේය. 

මොකක් මස් නරක් වෙන්න. මොකෝ ඒ පාර හරක් මරන්ඩ එපා කිව්වම මරල තියාගන්න යනවද? වයිෆ් ඇසුවේය. 

තෝ දන්නවද ගේනි එව්වා. මම මේ හරක් ටික අර ගිනිගන්න තෙල් නැවට පටවලා ඈථ මූදට ගිහින් මරලා ගේන්ඩ ඇදුවා. අපිල වැරදියි නෙ පාතිමා. මේක ෂිංගල බෞද රෙට. මේක අෂ්ස සත්තු මැරිලා නැහැ . මේක අ්ෂ්ස හරක් මරන්ඩ ඔද නැහැ. ඒ නිෂ යෙපිල අරක් ටික පටවලා දියඹට ගෙනියනවා නැවෙන්. යින්පෂ්ෂ මරලා ආයෙ නැවෙන් ගේනවා. රටට පෞ නැ.. නැව විතරක් තමා පෞ. 

තමුසෙ කොරල තියෙයි සුවාමිල නැව ගිල්ලයි පවුකාර තම්බි ගෙ හරක් නැව කියලා.. 

මේ ආන්ඩ පාතිම. හරක් නැව එද්දි තම්බි අපිලට පේනවා..යේක තමයි අපේ මෂ් නැව. දෙන් අපිට කෑම කන්ඩ පුලුවන්. මෂ් කන්ඩ පුලුවන් කියලා. අපි ඒ නැවට බුදු ෂරණයි කියලා ගහමු. එක්කෝ අපි නැව සිංහල එකෙක් ගෙන් කුලියට ගමු. ඉවරයි නේ.. ඔයා බයවෙන් එපා. මං ස ට කතා කරල නැව ගන්ඩ විදිහක් බල්නනම් කො. නෙත්තං අපි නැවේ ස්ටිකල් එකක් ගාමුකෝ ෂිංහ ලේ කියලා. අරි නේ..ෂිංගල අරක් නේ නෙවේ යන්නේ. යිතින් ෂිංගලේ හරක් ලේ තමයි නැවේ තීන්නේ. 

ආච්චිගේ හරක් දිවියලෝකෙට 

සීතාච්චි තොමෝ දඹදිව යන්නට අදහස් ඇත්තී එ ්ගැන කිය කිය ගම වටා යන්නීය. ඇගේ දරු මුනුබුරෝ ඈ සතු ඉඩකඩම් ටික ගානට ලියාගෙන යුතුකම් ඉටුකොට ඇතත් ඇයට සතපහක දෙක් ඉන් මනත දෙනනේ නැත. ඉතින් සීතාච්චි තොමෝටද හරක් දෙතුන් දෙනෙක් ඉන්නේය. ඈ නාකිකම පොඩ්ඩක් පැත්තකට දාලා උන්ගෙන් කිරි දොවා ජීවත් වන්නිය. සීතාච්චිටද හරකා දඹදිව යැවීමේ මහත් වු පිංකමක් අහන්නට ලැබුනි. 

අහන්නට ලැබන ආකාරයට සීතාච්චිට වස්සකු දඹදිව යැවීමේ මහා පිංකමක් සිදුකර ගත හැකිය. ආච්චිට ඒ වෙනුවෙන් තිස් හතලිස් දාහක මුදලක් අතටද ලැබේ. ඉන් පසු සීතාච්චි මෙහි සිටියදී හරකා නැව් නැගී දඹදිව යන්නේය. 

රටට එරෙහි එන් ජී ඕ නඩ මගින් ලියන වෙබ් වල සහ රාවය වැනි රටට එරෙහි පත්තර වල යන්නේ වෙනම කතාවකි. දඹදිව පටවන හරක් දඹදිව දී මරා ලංකාවේ තම්බිම නැවත ලංකාවට ගෙන එන බවක් එක් පුවත් පතක සදහන් වී තිබුනි. එහෙත් රටට ජාතියට ආගමට වින කරන එවැනි පත්තර කඩමාලු සීතාච්චි කීයවටත් විස්සාස කරන් නැත. ඇරත් අතට ගානකුත් එන පිංකමක් කර ඇය හරකාව දඹදිව යැව්වාට ගමෙ ්සිටින ඉරිසියාකාරයෝ ඒවා මේවා පද හැදුවාට ඇයට ඒවා ගානක්වත් නැත. සාදු සාදු සාදු. ආච්චි නැතුව සීතාච්චි ගේ හරකා දඹදිව ගියේ එසේයැ. 

ගව ඝාතනයෙන් ගව හමට තලන අයට බාධා 

දවුල් තම්මැට්ටන්කරුවන්ගේ මිලඅ හස උසට ගොස්ය. පදම්කල හම් රටින් එන විට මෙහි හරාක් හම මෙන් ලාබෙට ගත නොහැකිය. ගැට බෙර යක් බෙර. දවුල් තම්මැට්ටන් මිල වැඩිවීමත් සමග බටහිර ක්‍රමයට මල ගෙවල් වල මිනි බෑන්ඩ් ගහන්නෝ ජනප්‍රිය වූහ. දවුල් තම්මැට්ටන් තාලයට මල ගෙදර , බණ ගෙදර හේවිසි ගැහිල්ලක් දැන් නැත. අවශ්‍ය අවස්තාවට අදාල වෙස්ටන් මියුසික් නාද රටා සෛඩ් ඩ්‍රම් කාරයෝ එලටම දෙන්නාහ. ඇතැම් විටක බීගත් ඩ්‍රම් කරුවෝ විකාර කලත් පෙර මෙන් පාපතර හරක් හමට තඩිබෑමක් නැති නිසා උපාසක ඇත්තෝද සතුටිනි. 

පෙර දවුල් කරුවෝද ඉක්මනින්ම මේ අලුත් සෛඩ් ඩ්‍රම් සීන්ස් එකට එන්ටර විය යුත්තේයැ සිතන්නේයැ. මගුල් බෙරපදය ඔක්ටපෑඩ් වලින් වයන විට පෙර පරිදිම නැට්ටුවෝ නටති. එහෛත් කිසිත් දොසක් නොකියන ඔවුන් වසර සිය දාස් ගානක් තිස්සේ හරක් හමට තඩිබාමින් කල පවුකමින් ගැලවීම ගැන ස ඇතුලු පිරිසට ප්‍රසංසාම කරති. 

Monday, August 24, 2020

සැම්සුන් ගැලක්සි M21




ෆෝන් එකක් ගන්නෝ කියන එක ටෙක් බුවෙක්ට ගෑනියෙක් ගන්නවට වඩා පස්නයක්. මොකද දැන් ෆෝන් ජාති ගොඩක් ිතයෙනවා. එයින් එකක් තෝරාගන්න ්නි. ඒ වගේම තියෙන බජට් එකේ හැටියට හොද ෆෝන් එක්ක ගන්න් ඕනි. ඉතින් දැන් කාලේ ස්පෙක් කෑලි බැලුවාම මට අතේ තියෙන ගාන්ට හරියන ෆෝන් එක විදිහට මම සැම්සුන් ගැලක්සි එම් 21 දැක්කා අපි බලමු මොනාද මේ සැම්සුන් එම් 21 තෝරාගන්න ආපු හේතු කියලා. 

සැම්සුන් එම් 21 කියන්නේ රුපියල් 40,000-35,000 අතර මේ බ්ලෝක එකේ මේ ලිපිය ලියන කාලය වෙනකොට තියෙන ෆෝන් එකක්. සැම්සුන් ෆෝන් වල මේ මිල ගනන් හැටියට ගොඩක් වැඩ කෑලි ෆීචැස් තියෙන ෆොි්න් එකක්. ඇත්ත මේ වගේ ගානක් ෆෝන් එකකට වියදම් කරන්නත් අමාරු මිනිස්සු ඉන්නවා. ඒ අයට පාවිච්චි කරන්න හොද සුපිරි ෆෝන්තුත් තියෙනවා. ඒත් මම හිතන්නේ අදකාලේ ෆෝ්න් එකක් වෙනුවෙන් ජොබක් කරන මනුස්සයෙක් රුපියල්තිස් පන්දහක් වියදම් කරනවා කියන්නේ මහ ලොකු ලබ්බ කුල් වෙන නිවුස් එකක් නෙමෙයි. ඒක හරිම සරල සුගම සිද්දියක්. 

සාම්පල් පොටෝ 

එම් විසිඑකේ වැඩ කිඩ

ඩිස්ප්ලේ - සුපර් අමලෙඩ්
චිප්සැට් එක - Exynos 9611 (10nm)
ඕ ඇස් එක- ඇන්ඩ්‍රොයිඩ් 10
බැටරිය - Li-Po 6000 mAh, non-removable
චාජරය - Fast charging 15W
කැමරා - ට්‍රිපල් කැමරා මේන්මෙ කැමරා ගාපික්සල් 48

සැම්සුන් මොඩල් කම්ප්ලෙක්සිටි එක


සැම්සුන් කියන්නෙත් දෙවිදේවතාවුන් වහන්සේලා වගේ හැට හුට හමාරක් පෙනී ඉන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ සීරියස් එක එම් සීරියස් එක ආදී නම් වලින් තමයි සැම්සුන් බජට් ෆෝන් එන්නේ. ඒකෙනුත් රුපියල් තිස් පන්දාහ සහ රුපියල් හැටදාහ සීමාව ගත්තම සැම්සුන් ෆෙෘ්න් වර්ග කිපයක්ම තියෙනවා. එයින් සැම්සුන් ඒ 31, ඒ51 ඒ30එස්, එම්31, එම්21, එම්30එස් ආදී ජාති වර්ග කීපයක්ම තියෙනවා. මේ හැම වර්ගයකම තියෙන එක පොදු සීන්ස් එකක් තමයි මිඩ් රේන්ජ් එකේ ප්‍රොසා (චිප්සැට් එක) . සැම්ුසන් එක්සිනස් 9611 Exynos 9611 (10nm) කියන ප්‍රොසසර් එක මේ ෆෝන් කිහිපයටම යනවා ඒ අතර සැම්සුන් ඒ 31ට මීඩියාටෙක් චිප් එකක් සෙට් වෙනවා. බැටරි ෆාස්ට් චාජින්, ඩිස්පේල් සයිස් ආදි බොහෝ ගතිගුණ මේ මිඩ් රේන්ජ් සැම්සුන් ෆෝන් සෙට් එකටම සමානයි.

සාම්පල් පොටෝ

කැමරා වුනත් ක්වඩ් කැමරා, ත්‍රිපල් කැමරා සෙටප් තිබ්බට මේ වායේ අවුට් අතර ලොකු වෙනසක් නැහැ. ඒත සැම්සුන් ඒ 51 මැද මට්ටමේ සැම්සුන් අතර පට්ටම ජනප්‍රිය බාන්ඩයක්. ඒකෙ පෙනුමට ගෑනු ආසයි. ඒකේ මැද මට්ටමේ ෆෝන් වල තියෙන කොමන් ඩොල් මොඩල් ගතියට වඩා එහා ගිය ප්‍රිමියම් ලුක් එකක් තියෙනවා. ඒත් සැම්සුන් ඒ 51 සහ එම් 21 ගත්තාම ඇතුල සහ ෆිචර්ස් වල ලොකු අලගෙඩියක් නැහැ වෙනස්කම්. මිල අතින් මේ ෆෝන් දෙක රුපියල් විසි දහක් විතර වෙනසක් තියෙනවා. 


ඩිස්ප්ලේ..

IPS සහ අමලෙඩ් කියලා ඩිස්පේල් ජාති දෙකක් තියෙනවා මූලික වශයෙන්. එල් ජී ෆෝන් වල එහෙම මේ දෙකම නෙමෙයි වෙනම LED පැනල් එකක් තමයි ඩිස්ප්ලේ විදිහට එනවා කියන්නේ. මේ ඩිස්පේල් ගත්තාම IPS ඩිස්ප්ලේ වල කලු පැහැය හෙවත් අදුර පෙන්වන්නේ වෙනමම අළු මිශ්‍ර පැහැයකට..ඒ ඩිස්ප්ලේ වලකලු පැහැය තියෙද්දිත් තිරෙන් ආලෝකය නිකුත් වෙනවා.අ පි සාමාන්‍යෆයන් අදුර තියෙන තැනකින් ආලෝකය එන්න විදිහක් නැති නිසා අයි පී එස් ඩිස්ප්ලේ වල පට වර්ග සහ ආලෝකය පෙන්වීෆම් අවුලක් තියෙනවා. ඒත් ඇමලෙඩ් වලදි කළු පෙන්වන්නේ තනිකර පික්සල් එක ඕෆ් කරලා. ඒ අනුව තාක්ෂණයෙන් බැලුවම අයි පී එස් ඩිස්පේල් වලට වඩා ඇමලෙඩ් ස්ක්‍රින් එක ඉස්සරහින් ඉන්නවා. දැනට සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් ගොඩක් හොද මට්ටමේ ෆෝන් වල පාවිච්චි වෙනවා. 

සෙල්ෆි පොටෝ 

මේ සැම්සුන් එම් සීරියස් එක හැරුනාම වෙලදපොලේ තියෙන රියල්මි 6,6+, මි රෙඩ්මි 9,9+, හුවාවෙ නෝවා 7ටී , ඔපෝ, ආදී ෆෙෘ්න් ගත්තාම ඒ හැම එකේම වගේ තියෙන්නේ අයි පී එස් ඩිස්ප්ලේ එකක්.කොටින්ම ලංකාවේ රුපියල් පනස්දාහට අඩු ෆෝන් වල සුපර් අමලෙඩ් කොලිටි සුප්පා ඩිස්පේල් එකක් හොයන්න අමාරුයි. රියල් මි, ඔපෝ, මි 9ටී වගේ බ්‍රෑනඩ් වල සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් එනවා මැද ෆෝන් වලට. ඒත් ඒ හැම එකක්ම ටිකක් මිල වැඩියි. සැම්සුන් සමාගම කියන්නේ ෆෝන් එකක බොහෝ කොටස් නිපදවන්න පුලුවන් සමාගමක්. ඒ අයට ස්ක්‍රින් නිපදවන්න විශේෂ හැකියාවක් තියෙනවා. මොකද සැම්සුන් කියන්නේ ඩිස්පේල් නිපදවීම කියන එක එයාලගේ අතේ තියෙන සමාගමක් නිසා. එ ්නිසාම සැම්සුන් සමාගමට සුපර් ඇමලෙඩ් ඩිස්පේල් එක අඩුවට ලබාදෙන්න හැකි වෙල තියෙනවා. 

පත බැටරිය

මේ සැම්සුන් ගැලක්සි එම් 21 ට Li-Po 6000 mAh බැටරියක් එනවා. ලිතියම් පොලිමර් මේ සුවිසාල බැටරිය නිසා දවස් එක හමාරක් විතර කැත නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. එත් බැටරිය සුප්පා වුනාට කාලෙත් එක්ක බැලුවාම චාජින් නම් ටිකක් ඩිලේ. මි, හුවාවේ, ඔපෝ වගේ අනෙක් බ්‍රෑනඩ් වල දැන් මැද මට්ටමේ ඒවැත් තියෙන්නේ වොට් 30 චාජර. ඒවායේ බැටරි 5000ක් චාජ් වෙන්න පැයක් ඇති. ඒත් මේ සැම්සුන් එකේ තියෙන්නේ තාම වොට් 15 චාජරයක්. ඒ නිසා ෆෝන් එක සම්පූර්ණයෙන් චාජ් වෙන්න පැය දෙකකට වඩා යන්න පුලුවන්. ඒත් තාක්ෂණය හරියටම ස්ටේබල් නැත්තං ෆාස්ට් චාජින් නිසා බැටරියට වගේම ෆෝන් එකටත් කේස් වෙන්න පුලුවන්.
ඒ විසාල බැටරියත් එම් 21 ෆෝන් එකට ලැබෙන ලොකු වාසියක් 

සාම්පල් පොටෝ

සාමාන්‍ය කැමරාව


මේ ෆෝන් එකේ බැට්ටිය සහ ඩිස්පේල් එක වගේම කැමරාවත් ගතියට තියෙනවා. මේ මට්ටම් බොහෝ ෆෝන් වල දැනට පාවිච්චි වේනනේ කැමරා හිල් හතරෙ ්කැමරා. මේකේ කැමරා හිල් තුනයි. එත් හිල් තුනෙන් පවා කදිම පොටෝ වීඪියෝ ලබාදෙන්න මේ ෆෝන් එකට පුලුවන්. මේ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් වල කැමරා එකක් බැලුවම ලොකු ලොස් එකක් වත් ප්ලස් එකක් වත් නැති මේ කැමරාව සාමාණ්‍ය මේ ගෙවන මිලට සරිලනකැමරාවක්. කැමරාව 48 මෙගාපික්සල් වුනත් එයි ඇතුලත තියෙන්නෙ ්මෙගාපික්සල් 12ක සාමාන්‍ය අගයක් තියෙන සෙන්සරයක්. ඒත් අපිට අවශ්‍ය වෙලාවට 48 මෙගාපික්සල් ගන්න පුලුවන්. 

පැරනි ඩිසයින් එක

අලුතින් එන ෆෙෘ්න් ගත්තාම එක එක අලුත් ජිසයින් ජිල්තිබිරිස් එනවා. අලුතින් ආපු රියල් මි සහ රෙඩ්මි නෝට් ෆෝන් වල පවර් බටන් එක තියෙන සයිඩ් එකේ තැනම තමයි ෆින්ගර ප්‍රින්ට ්සෙන්සරය තියෙන්නේ. ඒ වගේම සමහර ෆෝන් වල ඩිස්ප්ලේ එක උඩම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය තියෙනවා. ඒත් එච්චරම අලුත් මෙව්වා එකක් නැති මේ එම් 21 පරණ තාලේ විදිහටම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය පිටුපස මැද හරියට වෙන්න තියෙනවා. ඒ වගේම අලුත් ෆෝන් මොකක් හරි ටේබල් එකක් වගේ සමතල පෘෂ්ඨයක තිබ්බාම කැමර් කෑල්ල මුලින්ම වදින ගතියක් තියෙනවා. ඒත් එම් 21 දි එහෙම නැහැ. කැමරාව හොද වුනත් ඒක ඇතුලට දාල ෆෝන් එකේ බොඩිය එක්කම එන්න නිමවලා තියෙනවා. අනෙක් අර ඉස්සරහ සෙල්ෆි කැමරාවට සුට්ටි ඉඩක් තියෙලා තියෙන ඩිස්ප්ලේ ඩිසයින් එක මේකෙත් එනවා. 3.5 ජැක් එක සිංගල් ස්පීකර් එක. ඒ හැම එකක්ම ටිකක් පරණ විදිහට තියෙනවා. 

අලුත් දෙය්ක නැති වුනත් බොඩියම අමුවෙන්ම ප්ලාස්ටික් වුනත් සොලඩි ඩිසයින් ුඑකක් තියෙනෆෝන් එකක් විදිහට මේක දක්වන්න පුලුවන්. මේකේ බැක් බටන් එක දකුනු කෙළවර යටට එනවා. මං කලින් පාවිච්චි කල නොකියා එකේ නම් ඒක මීටඑහා පැත්තේ කෙළවරෙ ්තමයි තිබුනේ. 
සාම්පල් පොටෝ
සාම්පල් පොටෝ 


බ්ලෝට්වයා සහ ස්ලෝ

සැම්සුන් ෆෝන් සහ මේ මැද හරියේ තියෙන ෆෝන් වල තියෙන ලොකු අවුලක් විදිහට බ්ලෝට්වෙයා දැක්වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක එක්කම එන විවිධ ඇප්ලිකේශන් අපිටත් නොදැනි බැක්ග්‍රවුනඩ් එකේ රන් වෙනවා. මේක නිස කාලයක් යද්දි ෆෝන් එක රත්වෙන්න පුලුවන්, ස්ලෝ වෙන්න පුලුවන් සහ අපේ පුද්ගලික ඩේට පිටට යන්නත් පුලුවන් ලු. ඒත් ඉතින්හැම ෆෝන් එකකම තියෙන අවුලක් නම් අපිටය කියාලා ඒක වෙනස් කරගන්නබැහැ නේ. මේකට එක විසදුමක් විදිහට ටිකක් රැම් රොම් වැඩි පෝන් මිලදී ගන්න පුලුවන්. එතකොට රැම් රොම් ගොඩක් ඒ බ්ලෝට්වෙයා මැල්වෙයා වලින් ගත්තා වුනත් අපිට පාවිච්චි කරන මට්ටමට බඩු ඉතුරු වෙයි නේ. 

ඒත් මේ එම් 21 දි 6 හෝ 8 රැම් 128 රොම් වර්ශන් එක ලංකාවේ මම බැලුව කඩෙ ්තිබුන් නැහැ. ඒ නිසා මමත් අනෙක් අය විදිහටම 4 ජීම් රැම් 64 ජීබි රරොම් වර්ශන් එක ගත්තා. 

ඉතින් මේකෙන් ඔහෙලටත් ෆෝන් එකක් ගන්න අදහසක් තියෙනවා නම් මේක හොද සටහනක්වෙයි. හාඩ්කෝ චයින ෆෝන් ෆෑන් කෙනෙක් උනු මම කාලයත් එක්ක මැන්ටල්ලා විදිහට ආයෙත් සැම්සුන් ෆෝන් එකකට ගියා. මේකේ තියෙන ලොකුම ලල් එක ඩිස්පේල් එක. මං ගත්ත නොකියා ෆෝන් එකේ ඩිස්පේල් එක අරං දවස් තුනෙන් හුකැස් ගෑවුනා.බිම වැටිල ඒක බිදුනා. ඉන් ප්සසේ මම ඒක ඒ කාලේ නෙකියා ඒජන්ත සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවාම ඒ කට්ටිය ඩිස්ප්ලේ එක දොලොස්දාහක් කිව්වා (ෆෝන් එක ගත්තෙත් 36ට). ඒ ගමන ඉතින් මම පෙටා වලින් ඩුප්ලිකේට් එකක් දැම්මා.ඒ නිසාදෝ නැත්තං ඒ ෆෙෘ්න් එකේ හැටි නිසාදෝහෝ මට ෆෝන් එක බලන කෙට ඇස් රිදෙන ලයින් එකක් ආවා. ඒගමන ෆෝන් එක අයින ්කරලා අලුත් ඇමලෙඩ් ඇස් වලට සනීප ෆෝන් එකකට යන්න ඕනි කයිලා හිතුවා. ඒක තමයි මේ ෆෙෘ්න් එක ගන්න එකේ මූලිකම මෙව්වා එකක් වුනේ. 

Sunday, August 9, 2020

යාල

යාල කියලා බින්ග් කලාම මට ගොඩක් ආවේ විද්‍යාල විශ්ව විද්‍යාල ගැන තොරතුරු. යාල කියල වචන දෙකෙන් බොහොම සරලව හැදින්වෙන්නේ අපේ රටේ තියෙන මරු ප්ලේස් එකක්. වන සම්පත සත්ව සම්පත ආදී ගොඩක් දේ නිසා ඒ වචනය බර වෙනවා. ඒත් සැහැල්ලු වෙන්නත් පාවිච්චි කරන්න පුලුවන් පට්ට ප්ලේස් එකක් යාල කියන්නේ. 


සිනමන්ඩ් යාල 

පහුගිය දොහේ මට යාලුවෝ දෙන්නෙක් කතා කලා යමං යාල කියලා. සිනමන් යාල එකේ ඔෆර් එකකුත් උන් ගාව තිබ්බා. ඉතින් මාත් හා කිව්වා. ඒක  පට්ට ඔෆර් එක කෑම බීම හොදම බුෆේ තුනත් එක්ක එක නයිටට අටක් විතර ගියේ. කෑම බුෆේ එකේ කෑම ගොඩක් කන්න තියෙනවා. ඒ නිසා ඒ ගාන්ට පාඩුවක් නැහැ.. පූල් ඇක්සස් ලස්සන ලොකේසන් එක. සත්තු බලන්න ලං වීම. කූල් එකේ සද්ද බද්ද නැති කුටි විදිහට කැලේම තියෙන කාමර ඒ වගේ ආතල් ස්පෙක් එක බැලුවාම නම් සිනමන් යාල එ ්වගේ ගාන්කට අපිට පාඩුවක්නැහැ. සුද්දෝ නම් හොද බිසි කාලේට මේකේ තිස් හතලිස් දාහටත් ඉන්නවාලු. ක පැත්තකින් උන් සුද්දෝ නේ. ඉතින් උන්ට ඒක වගක් නැතුව ඇති. 


පටන් ගැන්ම 

අපි උදෙන්ම මොරටුවෙන් ගමන පටන් ගත්තා. උදේ හතට අටට වගේ ගමන ස්ටාට් කරන්න පුලුවන් වුනා. දැන ්ඉතින් හයිවේ එක තියෙන නිසා ආයේ ඥං පචං නෑ පැය තුනකින ්තුන හමාරකින් කෙලින්ම යාල දක්වාම යන්න පුලුවන්. මේ පැත්තේ කොළඹ ටර්මිනල් වල වගේ හම්බන්තොට ටර්මිනල් වල බිසි එකක් නැහැ. හයිවේ එකෙන් පස්සෙත් කිසි වගක් නැතුව ඩ්‍රයිව් කරන්න පුලුවන්. මේ හයිවේ එක නිසා දැන් අපිට යාල විතරක් නෙමෙයි ලුණුගම්වෙහෙර, උඩවලව වගේ වනෝද්‍යානත් බලාගන්න පුලුවන්කම තියෙනවා. ඒ වගේම සත්තු ලේසියේන බලාගන්න ඕනි නම් රිදියගම සෆාරි පාක් එක තියෙනවා. ගහකොළ බලාගන්න වියලි කලාපිය උද්භිද උධ්‍යානය හම්බන්තොට තියෙනවා. කුරුල්ලෝ බලාගන්නත් වෙනම කුරුලු උයනකුත් තියෙනවා.මදි නොකියන්න ස්වභාවය සෞන්දර්ය විදින්න ප්ලේස් දැන් හම්බන්තොට හැදිල තියෙනවා. 


සිනමන් වයිල්ඩ් යාල 

කලින් කිව්වත් වගේ ඔෆර්ස් නිසාම ගියා මිසක මේ වගේ තැන් වලට ලේසියකට යන්න බැහැ. මොකෝ අපිට දරන්න බැරි තරම් මිලයි. මේ සිනමන්ඩ් වයිල් තියෙන්නේ යාල මායිමේ වෙන්න ඕනි. අපි හිටිය කුටිය අවට ඌරු පැටවු රංචුවකුත් ඇවිල්ලා කරකුනා. සිනමන්ඩ් වයිල්ඩ් තියෙන්නේ යාලේ පලටුපාන පිවිසුමේ මූද යාබදව. මූදට කෙලින්ම ෆේස් කරන රෙස්ටොරන්ට් රූම්ස් නම් නැහැ. ඒත් අවශ්‍ය නම් මූදට ගිහින් මූදත් දැකබලාගන්නට පුලුවන්. ඒත කියලා තියෙන විදිහට එතැන නාන්න නම් සුදුසු තැනක් නෙමෙයි. 


සත්තු බැලීම 

පලටුපාන එන්ටරන්ස් එකට බොහොම කිට්ටු නිසා විනාඩි දහයකින ්වගේ යාලට යන්න පුලුවන් සිනමන් වයිල්ඩ් එකේ ඉදලා. හෝටලෙන්ම වාහන බුක් කරනවා නම් පැය හතරක ගමනකට රුපියල් හත් අටදාහක් වියදම් වෙනවා. ඒත් හෝටලේ  තියෙන ඉඩමට බොහොම යාබදව තියෙන පාක් එකේ හරි නැතිනම ්එනකොට තියෙන ප්ලෙස් වලින් හරි වාහනයක් කතා කරගන්න පුලුවන්. 

මේ වාහන වෙන් කරගනිද්දි නෝමල් මයින්ද්‍රා බොලරෝ එක රුපියල් හාරදහයි. ටොයොටා හිලක්ස් එක රුපියල් පන්දහයි පන්දාස් පන්සියයි. මම රෙකමදෝරු කරන්නේ ටොයොටා එක. ඒත් අපි ගියේ බොලරෝ එක. ටොයාටා එකේ සද්දේ අඩුයි, දුම අඩුයි ඒවගේම ගැස්සීමත් අඩු ඇති. බොලරෝ එක යන් ඕනි නැහැ ස්ටාට් කරත් පරණ ලොරිය වගේ ඩක ඩක සද්දේ පටන් ගන්නවා. 


පිවිසීම 

අපි යාල බලන්න යන්න තෝරගත්තේ උදේ. ඉතින් රෑ කාපු බීපු කතා ඕන් නැහැ නේ. ඒවා කෑව බිව්ව ඉවරයි. ඉන් ප්සසේ උදේම නැගිටලා අපි කලින් කියලා තිබුන වාහනයට ගියා. පාන්දර පහමාරට වගේ. හයට තමයි පාක් එක අරින්නේ. අපිට පාක් එන්ටරන්ස් එකේ පැය බාගයක් විතර වාත වෙන්න වුනා. මේ කොරෝනාව නිසා මේ කාලේ ඇත්තටම වාහන අඩුයි. වාහන අඩු වුනත් වනජීවි නිළධාරින් පෝලිම වෙනදා විදිහටම මේන්ටෙන් කරලා මිනිස්සු රස්තියාදු කරන්න කටයුතු කරලා තිබුනා. මම හිතන්නේ ඔ්‍ය රාජ්‍ය ආයතන වල තියෙන සුපිරි සිස්ටම් එකක් තමයි ඕක. මිනිස්සු දහයක් හිටියත් සීයක් හිටියත් එයාල හරි ගානට පෝලිම නම් මේන්ටේන් කරලා රස්තියාදු කරන වැඩේ කරනවා. 


අලි කොටි වලස්සු 

දැන් ඉතින් යාල වනාන්තරය ඇතුලේ මුල සිට අග දක්වා ප්‍රේමසර ඈපාසිංහ මැච් එක විස්තර කරන්ඩ වාගේ විස්තර කරන්න බැහැ. අපි අලි දැක්කා. බොහොම දුර්ලබ විදිහට වතුර බොන්න ඇවිත් අපේ ලගින්ම කොටියකුත් මාරු වෙච්ච නිසා කොටියා දැක්කා. (අර පුල්ලි පුල්ලි තියෙන නැට්ට දිග එකා.. ඌට ඉංගිරිසියෙන් වාහන කාරයා කිව්වේ ලෙපර්ඩ් කියලා..ඕක ව්‍යාග්‍රයාද, දිවියාද, කොටියද, චීටද මොකා වුනත් අපිට පුකයැ. අපි ඌව දැක්ක එච්චරයි) 


. පාන්දරමවතුර බොන්න ඇවිල්ලා හෙමෙන් පැද්දි පැද්ද ියන වලස් නාකියෙකුත් දැක්කා. දැක්ක අලිය නම් තනියෙක්ද මන්දා. උගේ වල්ගේ තුවාලයකුත් තිබ්නා. අනික් පැත්ත හැරිල කකා උන්නා. මුවෝ නම් බලුබෙටි වගේ හැම තැනම උන්නා. 

කිඹුල්ලු කිසි ගේමක් නැතුව වාහන සද්දේ වගක් නැතුව නිදි වගේ උන්නා. කොක්කු සහ කුරුල්ලො ජාතිත් උන්නා. මොණරු නම් වැඩියි ඇත්තටම කොටින්ට මොණරු අල්ලගන්න හැටි කියාදෙන හොද ටියුෂන් පන්ති කරන්න ඕනි. එතකොට මොණරු අඩු වෙයි ඉක්මන්ටම. ගෝන්නුත් ඈත ඉන්නවා කියලා ඩ්‍රියිවර අංකල් කිව්වා. ඒත් අපි දැක්කේ නැහැ. කුලු හරක් මී හරක් හෙමත් අඩු නැතුව දැකගත්තා. ඒ රියදුරු මහත්තයා එල කොල්ලෙක්. මිනිහ හෙමින් ගමන ගියේ. ඒ වගේම සත්තු පොරට හොදට පේනවා. එයා ගාව තිබිල අපිට ඇස් දෙකෙන්ම දුර බලන බයිනකියුලර් එකක්ද මන්දා එකත් දුන්නා.. 


අපි කොටිය වලහා කියන දුර්ලබ සත්තු දෙන්නා බොහොම ආසන්නයෙන් පෝන් එකෙන් පොටෝ ගහන්න හැකි මට්ටමින් දැක්ක එක ලොකු දෙයක්. ඒක නම් මැක්සා චාන්ස් එකක්. අපි උදෙන් ගිය නිසාත් වැඩිය කට්ටිය හිටියේ නැති නිසාත් අපිට ඒ සත්තු ඔක්කොම වැඩි කලබලයක් නැතුව බලාගන්න හැකි වුනා. 


යාලේ ගැඹුරට 


යාලේ මේ මම හිතන්නේ රීජන් 1. මගේ යටිහිතේ ආසාවක් තියෙනවවා යාලේ ගැඹුරු අන්තයන් සොයාගන යන්න. ඒ කිව්වේ දවසක් දෙකක් යාල තුල නැවතිලා කෑම්පින් කරලා ආතල් එක්ක ගන්න. සැර වියදමක්. ඒත් යන්න පුලුවන් නම් හරිම හොද චාරිකාවක්. ඒ වගේම ගොඩක් අය පිවිසෙන මේ පිවිසුම නැතුව අනෙක් කුමණ පැත්තේ පිවිසුමෙනුත් යාලට ඇතුල්වෙන්න පුලුවන් නම් හොදයි. මම හිතන්නේ මේ දෙකට අමතරව තව පිවිසුම් ගනනාවක් යාලට ඇති. 


අපි සෙනසුරාදා උදේ ගියා. ඉරිදා හවස වෙද්දි කොළම ආවා. යද්දි හම්බන්තොට හරහා ගූගලා පාර පෙන්නුවත් එද්දි අපිට පාර පෙන්නුවේ මත්තල හරහා. මොන හේතුවකට එහෙම පෙන්නුවද කියලා අදහසක් නැතත් ගූගලත් හොද ආතල් දෙනවා සමහර වෙලාවට. අපි හම්බන්තොට දොදොල් කඩවලින් දොදොල් ගන්න හිටියත් ඒක මිස් වුනා. ඒ නිසා ලුණුගම්වෙහෙරින් කිරි සහ දොදොල් අරගෙන අපි මත්තලින් ඇතුලට දාල කොළඹ ආවා. එද්දි ගාලුකොටුවේ පොඩි ෆන්සන් එකක් තිබුන නිසා ඒකටත් ඔලුව දැම්මා. 


එදා ගාලු කොටුවේ නම් රොම්බ සෙනගක් උන්නේ. සමහර විට වීකෙන්ඩ් එක නිසා වෙන්න ඇති. 




යාලුවෝ සමග මුහුදු වෙරලේ 

ළගට ආපු ඌරු පැටවු 

මඩ වලක් 

පටන්ගල 

පටන්ගල සුනාමි මතක 

ගහේ රාජාලියෙක් ඉන්නවා 

ගාලු කොටුවෙ ගල් බැම්මේ 

සිනමන් වෛල්ඩ් වෙරලේ කහ මල් 

වෙරලේ සුවසේ 

වැලි උඩ පිපෙන සුමුදු මල් 

සිනමන් වෛල්ඩ් පූල් එක 

මේකෙ තමයි අපි රැ උන්නේ. 

වාහන අතර ඉන්නේ වලහා 

පොඩියට ඉන්නේ වලි කුකුලා 

පොටෝවට වත් ඔලුව ඉස්සුවේ නැති මුවා 

කැලේ පැත්තට හැරිල කොලකන අලියා 

පාර මාරුවුන ලෙපර්ඩ් සතා