Monday, July 29, 2024

කොට්ටව තේ වතුර පොට් එක

අපි මුලින්ම ගමන පටන් ගත්තේ හපුගල ඉන්ජිනේරු ෆැකල්ටි එකෙන්. ඉතින් එතැන ඉදලා රට ඇතුලේ පාරක් තමයි පෙන්නුවේ සිංහරාජයට සහ ගැටබරුවට. ගමන පටන් අරන් පැය බාගයක් විතර ගිහාම අපිට මේ කොට්ටව කැලේ තේ වතුර බොන තැන සෙට් වුනා. 

 
කොට්ටව කැලේ දෙවන ලෝක යුද්දෙදි ඉංගිරිසි හමුදා වලට පාවිච්චි කරලා තියෙලු. දැන් නම් ඒකේ එක පැත්තක නාන තටාකයක් එහෙම තියෙන ලස්සන තැනක් තියෙනවා.
මේවෙලදාම් කරන කට්ටිය නම් තාවකාලිකව මේ වැඩේ කරන අය සෙට් එකක් වෙන්න ඕනි. එයාලගෙන් අපි තැඹිලි බිව්වා. උණු කල කිරි තියෙනවා කිව්වහම ඒවත් ගත්තා. පොල් රොටි ශාහ්..ොගඩක් තැන්වල පොල් රොටි වලට වඩා මෙතන පොල් රොටිය ලොකුයි. පොල් රොටි කන්නට කලියෙන් අපි රෝල් එකකුයි එලෝලු රොටියකුයිත් කෑවා. තව දුරියන් ඩොංකා මැංගුස් එහෙමත් විකුනන්න තිබුනා. කෙසෙල්ගෙඩිත් තිබුනා. 

 
අපි එතන නැවතිලා ඉද්දි තේවතුර බොන්න පොලිස් මාමා කෙනෙක් ආවා. තංගල්ල පැත්තේ බයික් ඇක්සිඩන් එකකින් ඒ බයික් එකේ ගිය මිනිහා මාස දෙකක් කරාපිටිය ඉස්පිරිතාලේ ඉදලා මැරිලා. ඒ බයික් එකේ හිමිකරු ගාල්ල දිහා කෙනෙක්. ඉතින් ඒ හිමිකාරයා හොයන්න තමයි පොලිස් මාමා පිටත් වෙලා තිබුනේ. හක්මන ඉදන් බයික් එකෙම එන ගමන. පොලිස් මාමටත් එතන කෑම නම් හොදට සෙට් වුනා. එයත් රොටි දෙකක්ම කෑවා. රොටි කන්න බිම්මල් කරි සහ කොච්චි සම්බෝලෙකුත් තිබුනා.


Sunday, July 28, 2024

Getabaru Wandanawa

 

අපි උදේම ගැටබරු දේවාලෙට ගියා. ඒක තියෙන්නේ මාතර දෙනියාය පාරේ මොරවක හරියේ. ඔතනින් එහා මෙහා දෙනියාය එහෙම ගිහින් තිබුනාට මම ගැටබරු දේවාලෙට ගිහින් තිබුනේ නෑ. ඒ නිසා ඒක බලාකියාගන්න ගියා. පාර දේවාලෙට එනකල් හොදට තියෙනවා. ඒත් උඩ ලොකුවට පාකින් ස්පේස් නැහැ. ඒ නිසා ොගඩක් මිනිස්සු ගැවසෙන දවසක නම් සමහර වි උඩට ගියාට පාක් කරගන්න තැනක් නැතිවෙන්න පුලුවන්. අපිත් ටික්ක පහලින් තමයි වාහනේ දාගත්තේ. 
 
සෙනසුරාදා දවසක් නිසා එතන සෙනග ොගඩක් හිටියා.ගොඩක් අය දේවාලෙට පූජවට්ටි තියන්න බාරහාර වෙන්න තමයි ගොඩක් උත්සාහ කලේ. දේවාල කපුවා ඒ ඒ නම් කියලා විබාග සමත් වෙන්න , ව්යාපාර සරුවෙන්න කියලා සද්දෙන් ආශිර්වාද කලා. අපි උඩට ඇවිදං ගියා. උඩම කොටසේ චෛත්ය වහන්සේ වැඩ ඉන්නවා. ඊට පාත බුදු පිලිම වහන්සේලා වැඩ ඉන්නවා. කුඩා බෝධීන් වහන්සේ නමකුත් ඒ ගැටබරු විහාර පරිශ්රයේ තියෙනවා. නිවාඩු දවස නිසා ටිකක් කට්ටිය හිටියා. උඩ තැන්වල අවිනීතිව හැසිරෙන්න එපාය කියල දැන්වීම් ගහල තිබුනා. මම හිතන්නේ සතියේ දවස්වල එහෙම පෙම් ජෝඩු අවිනීතිව හැසිරෙන්න මෙතන යොදාගන්නවා ඇති.





 
 

Wednesday, July 24, 2024

මාතලාගල ගමන 3








 උදේම මාතලාගල නගින්න ලෑස්ති වෙනකොට අපේ ටීම් එකේ සමහරු ඉක්මනට යං අපිට ඔය ගමන්ම ලකේගලත් බලන්න යන්න පුලුවන් කියල කිව්වා. ඒ වුනාට මම නම් ඒක ඒ හැටි ගනන් ගත්තේ නැහැ. මොකද එක කන්දක්නැගල බැහැලා තව එකක් නගින එක දවසකට වෙහෙසකර වැඩක්. ඉතින් කඩිමුඩියෙ දඩි බිඩි ගාල ගිහින් අපේ අය ඉක්මනටම වෙහෙසට පත් වුනා. ඒ කරලා අපිට කලින් ගිය නිසා වෙලාවත් ඉතුරු වුනා. එ ගමන අපි බැහැලා නාල කියල ආයේ එන්න ආවා. නාරංගමුව මීමුරේ තරම් මරියකඩේ තත්වයට තවම පත්වෙල නෑ. අපි රෑට නවාතැන් අරගෙන උදේට දවල්ට දෙකටම කාල හතරදෙනාටම රුපියල් හත් අටදාහක් තමයි වියදම් වුනේ ඔක්කම.මේ නාරංගමුවේ ඉදන් ඉක්මනින් බඩගාලා ලස්සන බලලා එන්න පුලුවන් ලොකේශන් කීපයක්ම තියෙනවා. ටවුන් එකේ රස්නෙන් මිදිලා කදුකර වතුර තියෙන පලාතක ගිහින් පොඩි විවේකයක් අරං එන්න හිතනවා නම් නාරංගමුව හොද තේරීමක් .


 

Sunday, July 21, 2024

මාතලාගල 2

 නැවතුන ගෙදර අයියට කියල පාන්දරම බත් ගෙඩි ටික හදාගෙන අපි ගියෙ. ඒ වුනාට ඒ බත් කෑවෙ ආයෙම නවාතැනට ආහම. අපි උදේ හත හමාරට විතර නාරංගමුවෙන් පිටත් වුනා මාතලාගල මුදුනට යද්දි 10.30 වගෙ ඇති. කෑම්පින් කරන්න යන්නෙ නැත්තං ඒ හැටි වතුර අරන් යන්න ඕනන්නෙ නෑ. මොකද වතුර තියෙන දියදහරා කීපයක්ම අපි මගදි පහුකරගෙන ගියා. උඩට ගිහාම තේවතුර එකක් එහෙම තිබුන නම් හොඳයි කියල හිතුනා. ඒත් අපි අරං ගියෙ නෑනෙ. 

ගල උඩ කට්ටිය කෑම්ප් කරල තිබුනා. ඒ වුනාට ඒ හැටි හැඩිවෙල තිබුණෙ නෑ. මග වගෙම උඩත් සෑහෙන පිරිසිදුවට තිබුනා. ආපු උදවිය පොලිතින් ප්ලාස්ටික් ආදිය ආපිට අරගෙන යන්න ඇති.













Saturday, July 20, 2024

ගල්ගෙඩි සහ මාතලාගල

  ගල්ගෙඩි උඩට නගින එක ආතල් වැඩක්. මේ ගල් උඩ නැග්ගම බොහෝ වෙලාවට සිරා බූමි දර්ශන සෙට් වෙනවා. මේ මාතලාගල ගල උඩටත් අංශක 270 ක විතර විසාල පදාසයක් පේනවා. වියලි කලාපීය ගල්ගෙඩි උඩට නැග්ගම වටේම තැන්න. සමහර තැන්වල වතුර, ගම්මාන ආදිය පේනවා. මාතලාගල උඩට නැග්ගම එක පැත්තකට තියෙන්නේ තනිකරම කඳු. 


මේ ලගම පේන තැනක තමයි කාලයක් පෞරාණික ගමක් වෙලා පහුගිය කාලෙ වීකෙන්ඩ් වලට දෙල්කඳ පොල වගෙ වුන මීමුරේ තියෙන්නේත්. මීමුරේට මහ මෙරක් වගෙ පේන ලකේගල මාතලාගල උඩට තවත් එක ගලක් විතරයි. මාතලාගල මතුපිට ලිස්සන්නෙ නෑ. ගල උඩට අපි ගිය වැහිකාලෙ නිසාද මන්ද වටේටම කොල පාටට පේනවා. ගල උඩට අලි බෙටි තිබුනා අලි හිටියෙ නෑ












Friday, July 19, 2024

මාතලාගල යන්නට කලියෙන් දවස

 

මාතලාගල ගමන අපි පටන් ගත්තේ සෙනසුරාදා හවස. සෙනසුරාදා හැන්දෑවේ මිතුරාගේ කාර් එකට රාගමින් සෙට් වුනා. අපිට යන්න තිබුනේ නාරංගමුවට. නාරංගමුව මීමුරේ කිට්ටුව ගමක්. අපි බැලුහාම පාරවල් කීපයක් තියෙනවා. ඒ අතරින් දඹුල්ල බකමූණ හරහා පාර හොද වගේ තේරුන නිසා ඒකේ ගමන තෝරාගත්තා. කදිම හෝටලයක් හමු වුනා මාර කැෆේ කියලා දඹුල්ලෙන්. අපි ඒකෙන් රෑට කෑවා. රෑට කාලා බකමූණ දිහාට යනකොට රෑ 11 විතර වෙලා. අපි යන එක ගැන බකමූණ පොලිස් පෝස්ට් එකේ පොලිස් මහත්තුරු කැමති වුනේ නැහැ. එයාල කිව්ව විදිහට ඒ පාරේ අලි ඉන්නවා. අලි නම් හම්බ වුනේ නැහැ. ඒත් නාරංගමුවට කිට්ටුව පාර සෞත්තුයි. ඒ පාරේ අදිනකොට අපි ගිය ප්‍රියස් එකේ අවුලක් වෙලා හිට්ටා. හොද වෙලාවට ඒ අමතර යුනිටත් අපේ සුරේෂ් මිතුරා අරගෙන ඇවිත් තිබුන හින්දා ඒ කාර්මික දෝශය හදාගෙන අපිට රෑ 12 විතර නාරංගමුවේ රෑ නවාතැනට ගොඩවෙන්න පුලුවන් වුනා. රාගමින් අපි ගමන පටන් ගත්තේ හවස 6ට වගේ නවතැනට යනකොට මහිතේ රෑ දොලහත් පහු වෙලා

 










 

Tuesday, July 16, 2024

නුවරගල කෑම්ප්

 හොද වෙලාවට අපි ස්ලීපින් බෑග් අරගෙන ගියා. රෑ ජාමෙදි සීතල ආවා. එතකොට අපි බැහැල නිදාගත්තා. එතනෝල් පානය කරල තිබුන යාලුවන්ට නම් නින්ද ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. එහෙම නැති සත්පුරුෂයින් නම් මදුරුවෝ තල තල රස්නෙයි කියල කම්පෙලෙන් කර කර ඉන්න ඇති. අපි රෑට කෑවේ පාන් හෝ නූඩ්ල්ස්. සැමන් එකකුත් අරගෙන ගියා. ඒකෙන් හොද්දක් හැදුවා. ඒක මහ විසාල ගල් ලෙනක්. ඒක අස්සෙ සිය ගානකට වුනත් ඉන්න පුලුවන් කියල ආයුවර්ධන අයිය කිව්වට එච්චර නම් ඉන්න බෑ වගේ. එදා වැස්සේ නෑ. වැස්ස වුනත් ඒ හැටි අවුලක් නෑ ඇතුලේ ඉන්න පුලුවන්. අපි එක්ක තව සෙට් එකක් උන්නා. නුවර මල්ලිලා වගයක්. එයාලත් බියර් බිව්වා වගේ මතකයි. අපි උදේම පහලට බැස්සා. බැහැලා ගමට සේන්දු වුනා දවල් දොලහ විතර වෙනකොට. ඒ කරලා අපි ගිහින් මහ ඔයෙන් එන ඇලකින් හොදට නාගත්තා. නාකියාගෙන කොළම එන්න පිටත් වුනා.