Friday, July 19, 2024

මාතලාගල යන්නට කලියෙන් දවස

 

මාතලාගල ගමන අපි පටන් ගත්තේ සෙනසුරාදා හවස. සෙනසුරාදා හැන්දෑවේ මිතුරාගේ කාර් එකට රාගමින් සෙට් වුනා. අපිට යන්න තිබුනේ නාරංගමුවට. නාරංගමුව මීමුරේ කිට්ටුව ගමක්. අපි බැලුහාම පාරවල් කීපයක් තියෙනවා. ඒ අතරින් දඹුල්ල බකමූණ හරහා පාර හොද වගේ තේරුන නිසා ඒකේ ගමන තෝරාගත්තා. කදිම හෝටලයක් හමු වුනා මාර කැෆේ කියලා දඹුල්ලෙන්. අපි ඒකෙන් රෑට කෑවා. රෑට කාලා බකමූණ දිහාට යනකොට රෑ 11 විතර වෙලා. අපි යන එක ගැන බකමූණ පොලිස් පෝස්ට් එකේ පොලිස් මහත්තුරු කැමති වුනේ නැහැ. එයාල කිව්ව විදිහට ඒ පාරේ අලි ඉන්නවා. අලි නම් හම්බ වුනේ නැහැ. ඒත් නාරංගමුවට කිට්ටුව පාර සෞත්තුයි. ඒ පාරේ අදිනකොට අපි ගිය ප්‍රියස් එකේ අවුලක් වෙලා හිට්ටා. හොද වෙලාවට ඒ අමතර යුනිටත් අපේ සුරේෂ් මිතුරා අරගෙන ඇවිත් තිබුන හින්දා ඒ කාර්මික දෝශය හදාගෙන අපිට රෑ 12 විතර නාරංගමුවේ රෑ නවාතැනට ගොඩවෙන්න පුලුවන් වුනා. රාගමින් අපි ගමන පටන් ගත්තේ හවස 6ට වගේ නවතැනට යනකොට මහිතේ රෑ දොලහත් පහු වෙලා

 










 

3 comments:

  1. ඔය "මාර කැෆේ" එක කිව්වේ මාර ගස් දෙකක් ගාව තියෙන, කුරුණෑගල ඉඳන් යනකොට දකුණේ තියෙන එක ද ? යකූ, ඒක තියෙන්නේ ගලේවෙලටත් කලින්..... දඹුල්ලට කිලෝමීටර් 25-30 කට විතර කලින්. මැල්සිරිපුර යි, ගලේවෙලයි මැද......
    එතන කෑම මරු නෙහ් ?

    ReplyDelete