Sunday, July 21, 2024

මාතලාගල 2

 නැවතුන ගෙදර අයියට කියල පාන්දරම බත් ගෙඩි ටික හදාගෙන අපි ගියෙ. ඒ වුනාට ඒ බත් කෑවෙ ආයෙම නවාතැනට ආහම. අපි උදේ හත හමාරට විතර නාරංගමුවෙන් පිටත් වුනා මාතලාගල මුදුනට යද්දි 10.30 වගෙ ඇති. කෑම්පින් කරන්න යන්නෙ නැත්තං ඒ හැටි වතුර අරන් යන්න ඕනන්නෙ නෑ. මොකද වතුර තියෙන දියදහරා කීපයක්ම අපි මගදි පහුකරගෙන ගියා. උඩට ගිහාම තේවතුර එකක් එහෙම තිබුන නම් හොඳයි කියල හිතුනා. ඒත් අපි අරං ගියෙ නෑනෙ. 

ගල උඩ කට්ටිය කෑම්ප් කරල තිබුනා. ඒ වුනාට ඒ හැටි හැඩිවෙල තිබුණෙ නෑ. මග වගෙම උඩත් සෑහෙන පිරිසිදුවට තිබුනා. ආපු උදවිය පොලිතින් ප්ලාස්ටික් ආදිය ආපිට අරගෙන යන්න ඇති.













2 comments:

  1. දැං ලියන්න හරි කම්මැලියි වගේ නේත... ඔබතුමා එක්ස් ජාලයේ සිටින විත්තියක් දැක්කා. හරි හැන්ඩ්ල් එක දාන්න

    ReplyDelete