Tuesday, July 30, 2024

කුරුලුගල සහ මෙදේරිපිටිය

 

අපි ගැටබරුව වැදල ඉවර වෙලා දෙනියාය පැත්තට ආවා. මුලින්ම අදහස තිබුනේ පැට්නා යන්න. පැට්නා ගිහින් ලිස්සන එක ආතල් වෙන්න ඇති කියල හිතුනා. ඒ අදහස තියාගෙන මැප් එකේ දාගෙන දෙනියයාත් පහු කරලා අපි ජූස් එකක් බොන්න නැවැත්තුවා. රසම රස වැල්දොඩම් ජූස් එකක් ඒ ජූස් කඩේ ඇන්ටි අපිට හදා දුන්නා. ඒ අංකල් කිව්වා ඒ පැට්නා වීව් පොයින්ට් යන්න සාමාන්‍ය කාර් එකකට බැහැලු. වෙන වාහනයක් අරගන යන්න ඕනලු. අපි දෙන්නයි නේ. තව වාහනයක් ගන්නත් තව වියදමක් යනවා. ඉතින් ඒ නිසා කෙලින්ම කාර් එකෙන් ගිහින් බලන්න පුලුවන් තැනකට සෙට් වෙන්න ඕනි කියල අපි හිතුවා. ඒ ගමන අපි කුරුලුගල එන්ටරන්ස් එකෙන් සිංහරාජයට යමු කියලා කතාවෙලා මැප් එක අනුව ගමන කලා. ඉතින් ගිහින් එක හන්දියකදි හමුවුනා ඒ තැන නවත්වලා තියෙනවා මහේන්දුා ජිප්. ඒ ජිප් රියදුරුලා කිව්වා අපිට කාර් එකෙන් කුරුලුගල පිවිසුමටත් යන්න බැහැය කියලා. ඒ ගමනඅ ාෙය්ම හරවගෙන අපි ලංකාගම එන්ටරන්සමට මැප් එක දාගෙන ආවා. 

 

මේ දෙනියාය පැත්තේ ගූගල් මැප් නම් හරිම අජපල්. යන්න බැරි පාරවල් පෙන්වනවා. හොද පාරවල් මිස් කරනවා. සමහර විට ඒ පැතතේ ජිප් කාරයෝ හිතාමතා ගූගල් එකට වැරදි ඩේටා දීලද මන්දා. කොහොම හරි හරිහමන් එන්ටරන්ස් එකකට මැප් කරගන්න සෑහෙන දුකක් විදින්න ඕනා. ඉතින් අපි ලංකාගම යන්න ආවට ඒ පාර සෙට් වුනේ මෙදේරිපිටිය හරහා. මෙදේරිපිටියෙන් ලංකාගමට තියෙන අප්සට් පාරේ කාර් එක යන්න අමාරුයි නේ. ඒ පාර අපි රු පන්සියක් දීලා මෙදේරිපිටිය එන්ටරන්සමෙන් සිංහරාජයට පිවිසෙන්න තීරණය කලා. ඇත්තටම ඔය දෙනියාය පැත්තේ සිංහරාජයේ එහෙම යන්න ඉන්නවා නම් මගදිගට පාර අහගෙන යන එක වාසියි ගූගල් මැප් බලාගෙන යනවට වඩා. 

 



No comments:

Post a Comment