Tuesday, July 30, 2024

පිරිත් දුම්රිය සහ ටෙක්නො දුම්රිය හෑල්ල

 ලංකාවේ දම් රැජින , රෝස සමනලී, දුඹුරු ලමිස්සී වගේ විවිධ නම්වලින් බස් මොඩිෆයි වුනා. මේ බස් වල සීට්  සාමාන්‍ය විදිහම. ඒත් බස් එක ඇතුල අමු නයිට් ක්ලබ් එකක්. ලයිට්, ගෑස් ඒ වගේම හොද මියුසික් සිස්ටම් එක්ක ඇතුලෙ  තියෙනවා. ඒවගේ ට්‍රිප් යන කොල්ලො කෙල්ලො හොදට නටලා ආතල් එකක් ගත්තා. ටික දවසක් යනකොට අපේ පොලිසියට සමාජයට මේක දිරෙව්වේ නෑ. ඒ කල අය ඇත්තටම මගී ප්‍රවාහනයට බස් මොඩිෆයි කලේ නෑ. ස්පෙශල් ට්‍රිප් තමයි ගියේ. බස් එකේ පිටින් බැලුවම තොරණමය ගතියේ අවුලක් තියෙනවා. ඒ වගේම බස් එක පාර පුරා හෝන් ගගහ යනවා නම් ඒකෙත් අවුලක් තියෙනවා. ඒත් ඒ බස් එක ඇතුලේ පාර්ටි වයිබ් එක මැක්සා.. 


ඉතින් ජර්මනියේ මෙහෙම ඇතුලේ තනිකර පාර්ටි වයිබ් එක තියෙන කෝච්චි යනවා. ඒක ඇතුලේ ටෙක්නෝ මියුසික් ආදී පාර්ටි මියුසික් ප්ලේ වෙනවා. මේ කෝචචියේ ටිකට් ඔන්ලයින් දැම්ම විතරයි සුරුස් ගාල ඉවර වෙනවා කියල තමයි කියන්නේ.ඉතින් ඒවගේ ඇතුලේ තරුණ සෙට් පිටින් බැහැලා ෆුල් ආතල් එකක් ගන්නවා. 


අපෙත් අවුරුද්දකට කීප වතාවක් ආගමික කේස් වලට නම් කෝචචි යනවා. මේ තියෙන්නේ පිරිත් දුම්රිය. මේක මතක විදිහට බෙලිඅත්ත ඉදන් අනුරාධපුරයට, කන්කසන්තුරයට ගියා. ඒ වගේම මඩු පල්ලි උත්සවයට, අටමස්ථාන හිමි නමගේ ආදාහන පූජෝත්සවයට, පිච්ච මල් පූජාවට වගේ දේවලටත් අපේ අය අලුතින් කෝච්චි දානවා. හැබැයි අපේ රටේ තාමත් මෙහෙම විනෝදය මූලික කරගත් ආතල් වෙනුවෙන් කෝච්චි වෙන් වෙන්නේ හරි අඩුවෙන්. සීට් පේලි ටිකක් ගලෝල. හොදට මියුසික් සෙට් කරලා අපේ වියලි කලාපීය සෙට් එකක් කෝච්චියෙන් කොළඹ ඇවිත් ආතල් එකක් අරගෙන යනවා නම් ඒකේ කික් එකක් තියෙනවා. 







 

No comments:

Post a Comment