Sunday, July 28, 2024

Getabaru Wandanawa

 

අපි උදේම ගැටබරු දේවාලෙට ගියා. ඒක තියෙන්නේ මාතර දෙනියාය පාරේ මොරවක හරියේ. ඔතනින් එහා මෙහා දෙනියාය එහෙම ගිහින් තිබුනාට මම ගැටබරු දේවාලෙට ගිහින් තිබුනේ නෑ. ඒ නිසා ඒක බලාකියාගන්න ගියා. පාර දේවාලෙට එනකල් හොදට තියෙනවා. ඒත් උඩ ලොකුවට පාකින් ස්පේස් නැහැ. ඒ නිසා ොගඩක් මිනිස්සු ගැවසෙන දවසක නම් සමහර වි උඩට ගියාට පාක් කරගන්න තැනක් නැතිවෙන්න පුලුවන්. අපිත් ටික්ක පහලින් තමයි වාහනේ දාගත්තේ. 
 
සෙනසුරාදා දවසක් නිසා එතන සෙනග ොගඩක් හිටියා.ගොඩක් අය දේවාලෙට පූජවට්ටි තියන්න බාරහාර වෙන්න තමයි ගොඩක් උත්සාහ කලේ. දේවාල කපුවා ඒ ඒ නම් කියලා විබාග සමත් වෙන්න , ව්යාපාර සරුවෙන්න කියලා සද්දෙන් ආශිර්වාද කලා. අපි උඩට ඇවිදං ගියා. උඩම කොටසේ චෛත්ය වහන්සේ වැඩ ඉන්නවා. ඊට පාත බුදු පිලිම වහන්සේලා වැඩ ඉන්නවා. කුඩා බෝධීන් වහන්සේ නමකුත් ඒ ගැටබරු විහාර පරිශ්රයේ තියෙනවා. නිවාඩු දවස නිසා ටිකක් කට්ටිය හිටියා. උඩ තැන්වල අවිනීතිව හැසිරෙන්න එපාය කියල දැන්වීම් ගහල තිබුනා. මම හිතන්නේ සතියේ දවස්වල එහෙම පෙම් ජෝඩු අවිනීතිව හැසිරෙන්න මෙතන යොදාගන්නවා ඇති.





 
 

No comments:

Post a Comment